සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

2/13/10

ඔබට මනසට වද දෙන ප්‍රශ්නයක්ද....?

මා මෙම ලිපිය ලිවිමට සිතුවෙ කිපදෙනෙකුට හො එය මහගු වටිනා කරුනු කිපයක් වනු පිනිසය.
මම උපත ලබන කාලයෙ මගෙ මව ඉතා දැඩි මානසික වැටිම් වලට ලක්වි මානසිකව රොගි කෙනෙකු විය. මා උපත ලද දිනයෙන් දවස් කිපයකට පසු මව දිවයිනෙ ප්‍රසිද්ධ මානසික රොහලකට ඇතුල් කර ඇත. ඉන් පසු අවුරුද්දක් පමන එහි නෙවාසිකව ප්‍රතිකාර ලැබ පියවි සිහියට ආ පසු නැවතත් නිවසට ගෙන ආ නමුත් වරින් වර කලින් කල මෙම රොගය ඉස්මතු විය. මම වැඩිහිටි වයසට ආපසු මෙම රොගයෙ අල ගිය වැලගිය තැන් ගැන සෙවිමෙදි මාහට වැටහුනෙ නිය පොත්තෙන් කැඩිමට තිබු දෙය පොරවකින් කැපිමට බැරි තරම් උඩු දුව ඇති බවයි.
මගෙ මව හිත ඇතුලෙ තිබු දුක කම් කටලු කිසිවෙකුට කියාගත නොහැකිව තනිව විඳ මාවද දරාගෙන බිහිකර පසුව ඇගෙ මොලයෙ සිදුවු සියුම් ආබාධ කිපයක් හෙතුකොටගෙන රොගි විය. මා හට වැටෙහෙන ආකාරයට මා සිමිතව යම යම් කරුනු කිපයක් පහල දක්වා ඇත.

1. තමන්ගෙ සහකරුවා හො සහකාරියගෙ හැසිරිමෙන් එල්ලවන බලපැම.
ස්භාවයෙන්ම මිනිසුන්ට ලිංගික ආශාව පවති. නමුත් මෙවා විවිද මට්ටම වලින් එක එකා තුල පැවතුනත් තමුන් විවහා වු පසුව තමුන් තුලින් හික්මිමක් ඇති කරගත යුතුය. එසෙත් නැතිනම් විනාශයකට මුල පුරනු ඇත. තමුන් කරනා කියනා සැම සියලු දෙයක්ම තමුන්ගෙ ඉදිරි පරම්පරාට බලපාන බව සිහියට ගත යුතුය. තමුන්ද සමාජයෙ පහළ තැනකට වැටෙනු ඇත.

තමන්ගෙ සහකරුවා හො සහාකාරිය වෙනත් සම්බන්දයකට යොමුවි ඇත්නම් එ පිළිබදව බුද්ධිමත්ව කල්පනා කිරිමෙන් බොහො ගැටලු උද්ගත වීම වලක් වා ගත හැක. නමුත් මෙය ලිවිමතරම් පහසු දෙයක් නොවන බව මා හොදාකාරවම දනිමි. තමුන්ගෙ මනසට ඇතිවන පිඩනය හා හින මානය මම අත්විද ඇත්තෙමි. ඔබ සංවේදි අයෙකු නම් ඔබට මෙම තත්වයට මුහුන දිමට බොහො අපහසු වනු ඇත. නමුත් කෙනෙකුගෙ යම් ක්‍රියාකලාපයක් නිසා තමුන්ගෙ මනසට දුකක් පිඩනයක් ඇතිවන ආකාරය මුලින්ම තෙරුම් ගත යුතුය. තමුන්ගෙ මනසෙහි ආරක්ශාව තමුන්ගෙ වගකිමක් බව වටහාගත යුතුය. කෙතරම් ලංව සිටියත් තවත් කෙනෙකුට තමුගෙ මනසට රිංගා එහි ඇති දැ වෙනස් කිරිමට ඉඩ නොදිමට ඇති හැකියාව වැදගත්ය. මෙය තමුන්ගෙ බුද්ධිමට්ටම හා භාෂාමය හැකියාව මත රදා පවතින්නකි. ඔබහට දරුවන් සිටිනම් ඔහුනගෙ අනාගතයද අභිවෘධියද සිහියෙන් සිටිනා ඔබ මත රදා පවතින දෙයකි. මෙ අවස්ථාවෙ තමුන්ගෙ අනිත් පාර්ශවය බොහො දුරට මෙවා ගැන කල්පනා කිරිමක් නොකරන අතර මනස අන්ධකාරයෙන් වසාගෙන අන්ධව ක්‍රියා කරනු ඇත. තමුනට දරාගැනිමට අසිරුම නම් නිතියෙන් මෙසදහා වෙන්විමට ඉඩකඩ තිබුනත් ප්‍රශ්න හමුවෙ පලා යැම බියගුලු ක්‍රියාවකි. තමුන්ගෙ ඉවසිම ඉතා වැදගත් දෙයක් වන අතර තමුන්ගෙ හිතට දැනෙන දරාගැනිමට අපහසු දැ පිට කිරිමටද කිසිවෙකු හො සිටිය යුතුය. තමන්ගෙ සහොදරයෙකු හො සහොදරියක් නම් වඩත් යොග්‍යය. එසෙ නොමැතිනම් තමුන්ගෙ බ්ලොග් එක වුවත් කම් නැත. මා මෙම කොටස තුලින් පැහැදිලි කලෙ අනිත් පාර්ශවයෙන් තමුන්ට ඇතිවන පීඩනය තමුන් පිට කල යුතු බවය. එය දරුවන් හො ඔහු/ඇය මතින් නොව කාටවත් කරදරයක් නොවන ආකරයටයි.


2. පරිසරය හා සමාජ සම්බන්දතා

තමුන්ගෙ පරිසරය හා සමාජය පිළිබද ඇති වැටහිම ඉතා වැදගත්ය. තමුන් ආශ්‍රය කරනා කිපදෙනා ගෙ සිතුවිලි ගලනා ආකාරය පිළිබද වැටහිම. තමුන් ව පිළිගන්නා මිතුරන් පිළිබද වැටහිම. තමුන්ට වචන වලින් එල්ල කරන ප්‍රහාරයන් ඉදිරියෙ මනසෙ සමබරතාවය රැක ගැනිම.  තමුන්ගෙ මනස හැසිරෙන ආකාරය පිළිබද ඇති වැටහිම වැදගත්ය. මිනිසුන්ගෙ ප්‍රහාර ඉදිරියෙ තමුන් දුර්වල වුවහොත් මානසිකව වැටිම ඉතා පහසුවෙන් සිදුවිය හැක. තමුනට දකින්න වන අප්‍රසන්න දර්ශනයන්ගෙන් ඇත්විම සුදුසුය. නමුත් වඩාත් සුදුසු එම දර්ශනයන් තුලින් තම මනස මෙහෙයවා එහි ඇති සැබැ ස්වරුපය වටහා ගැනිමයි. ගැටලුවක සැබැ රුපය දැකිමට එය තුල ජිවත් විමෙදි වඩා අපහසුය. නමුත් හදවතට ඉඩ නොදි අවංකව, මැදිහත්ව තර්කානුකුලව තමුන්ගෙ සිතුවිලි මෙහෙයවන ආකාරයත් තමුන් ඉදිරියෙ සිදුවන ක්‍රියාදාමයෙ යාන්ත්‍රනයත් දෙස බැලිමෙන් මෙය සියුම්ව තමුනට පැහැදිලි කරගත හැක. සමජ සංස්කෘතික ආකෘතිය පිළිබද ඇති වැටහිම ද වැදගත්ය. නමුත් අප රටෙ මෙය ඉතා ඛේදවාචකයකි.සමාජයෙ යම් යම් නියමයන් ,පිළිගැනිම තිබෙන්නෙ අසරනවු අයෙකු තවත් අසරන කිරිමටය.බොහො විට ගැහැනිය නින්දාවට ලක්වෙ. මිනිසුන් බොහොවිට සිදු කරන්නෙ වලෙ වැටුන විට සිනාසිමය. මා එය පුද්ගලිකව අත්විද ඇත්තෙමු. එවිට මා හිත මෙහෙයවන්නෙ ඔහු හො ඇය තුල ඇති මානසික අඩුපාඩුවක් නිසා ඔහු/ඇය තුලින් එය පිටවිණැයි සිතිමයි.

3. තමුන්ගෙ ධර්මය පිළිබද ඇති වැටහිම.
බුද්ධ ධර්මයෙ ඇති කරුනු කාරනා පිළිබද මා හට ඇති වැටහිම නිසා මා මෙයද මුලික කරුනක් වශයෙන් දකිමි. ත්‍රිපිටකයෙ බොහො කරුනු කාරනා ගිහියන් උදෙසා මානාව දෙශනා කර ඇති අතර බොහො ස්වාමින්වහන්සෙලා තුලින් කරුනු කිපයක් පමණක් ඉස්මතු වනු දක්නට ඇත. ධර්මයෙහි මනස පිළිබදවත් එහි හැසිරිම පිළිබදවත් මනාව දෙශනා කර ඇත. අභිධර්මය ඉගනිමෙහි වැදගත්කම මා මෙහිදි සදහන් කරනු කැමැත්තෙමි. මනස , ඉන්ද්‍රීයන් හා මුසුව වේදනවන් ගෙ හැසිරෙන ආකාරය පිළිබද වැටහිමක් ඇතිකර ගත යුතුය. ප්‍රශ්නවලින් හෙම්බත් වි සිටින මනසකට මෙවා ප්‍රායොගික නොවන විහිලු බව බොහොදෙනාගෙ මතය වුවත් දුෂ්කර කටයුත්තක නිරතවි ඉන් ලැබෙන ජයද එතුලින් ලැබෙන තෘප්තියද අතිමහත්ය. මා උසස්පෙළ ගණිත විෂය කරන අතරතුරෙදි මාගෙ නිවසද බැංකුව විසින් වෙන්දෙසි කර ඇත, පියාගෙන් මුදල් ඉල්ලිමට මාතුල ලැජ්ජාවක් හට ගැනින. මා කළෙ නඩරාසර් සර් ගෙ පොත හා අනෙකුත් පොත් පත් කිපයක් පරිහරනය කිරිම පමණි. මා වෙහෙසෙනු දැක ගුරුවරුන් මාහට උදවු කල හෙයින් මා ඉන් ජය ලැබීය. කෙතරම් ප්‍රශන් කරදර හිත්වෙදනා තිබුනත් එහි ජය මා හට ඉතා විශාල තෘප්තියක් ගෙන දෙන ලදි.

දෙමවුපියන් ගෙ ක්‍රියාකලාපය දරුවන් කෙරෙහි බලපාන ආකාරය ඉතා වැදගත්ය. තම දරුවන්ගෙ බුද්ධිය, පවුර්ෂතවය කෙරෙහි මාපියන්ගෙ හැසිරිම  කෙලින්ම බලපායි. තම දරුවාට සමාජයෙ ඔනැම තැනක හිස කෙලින් තබාගෙන සිටිමට හැකිවන ආකාරයට දෙමවුපියන් කටයුතු කලයුතුය. දෙමවුපියන් කෙතරම් මුදල් හරිහම්බ කරත් දරුවාගෙ ගුණ නැන කෙරෙහි දෙමවුපියන්ගෙ ක්‍රියාකලාපය බලපායි.

මෙම ලිපියෙහි අන්තිමට ලියනුයෙ. නිව්ටන්ගෙ තුන්වැනි නියමයයි. සැම ක්‍රියාවකටම එ හා සමාන වු ප්‍රතිවිරුද්ද ක්‍රියාවක් ඇත. ඔබ ලොකයට සලකන විදියට ලොකයද ඔබට සලකයි. නමුත් මෙයින් පිට පනින අවස්තා කිපයක් ඇත. ඔබ කෙනෙකුට හිනා වන්නෙ නම් එය ඔබට නැවත ලැබෙනු ඇත. කෙනෙකුගෙ දුකකදි  කරදරයකදි එය දැක ඉදිරිපත් වන්නෙ නම් එහි ප්‍රතිපල ද ලැබෙනු ඇත. මිනිසුන් තුල ඇති මානය නිසා කරදරයකදි බොහො විට ඔවුන් උදවු ඉල්ලන්නෙ නැත. නමුත් හැකිපමණ දායකතවය දිම ඔබ සතු හොද ගුණාංගයකි. කෙනෙකුට පැවසිය හැක " ඔවද යකො ප්‍රශ්න " , "ප්‍රශ්න ප්‍රශ්න කියලා වැදගත් දෙවල් මග හරින්න එපා" නමුත් එ තුල ජිවත් වන කෙනා දනි එහි ඇති කටුක බව. සංවෙදි නොවන මිනිසුන්හට මෙ කිසිවක් නැත. තම දෙපයින් මිටර් 500 ඇවිදා නැති මිනිසුන් ප්‍රශ්න ගැන කතා කරනු මම බොහො විට අසා ඇත්තෙමු. ඔබ ඉදිරියෙහි කිසියම් කෙනෙකු දුකකින්,කරදරයකින් සිටින්නෙනම් ඔහු හො ඇය ගැන අසංවේදි නොවි සංවෙදි මනසකින් ලංවි කරදරය ඇසීමට තරම් කරුණික වන්න. මාගෙ මව හට එදා ඇයගෙ හිතෙ තිබුන දුක කදුල පිටකර ගත හැකි උනි නම් ඇය එතරම් කනගාටුදායක ලෙස නොවැටෙනු ඇති බව මගෙ විශ්වාසයයි.

6 අදහස් දැක්වීම්:

Anonymous said... [Reply to comment]

අප්පා!! සීරියස් කේස් එකක් නේ මල්ලී..
ඒක ඇත්ත ඔයාලාගේ අම්මා, තමුන්ට ආපු ආවේගය පිට කර ගත්තා නම්, ඔහොම වෙන ප්‍රවනතාවය අඩුයි තමා... හ්ම් දැන් මක් කොරන්නද?

Anonymous said... [Reply to comment]

රවා මල්ලියේ
... අතිවිශිෂ්ඨයි....

ජීවිතේ මල් said... [Reply to comment]

සැකයක් නැහැ... අති විශිෂ්ට ලිපියක්...
හුඟාක් මිනිසුන් පීඩ විඳින සමාජ ප්‍රශ්නයක් ගැන මෙහෙම ලියුව එක ඉතාම වටිනා දෙයක්...
මේ තත්වය හුඟාක් ගැහැනු මිනිසුන් හිතේ හංගාගෙන විඳින දුක පිලිබඳ ඉතා හොඳ විවරනයක්...
රවා... තව තව මේ වගෙ සියුම් සමාජ ප්‍රශ්න ගැන ලියන්න... බොහෝ මුනිසුන් නොදකින, ඉතා සියුම්, බොහෝ මිනිසුන්ට නොවැටහෙන තරම් සියුම් මෙවැනි දේ තව තව ලියන්න... එය සමාජ සත්කාරයක්....

Anonymous said... [Reply to comment]

වටින ලිපියක්.....මනස ශක්තිමත්ව සහ සමබරව තබාගෙන අපි ජීවිතය ගොඩ නගා ගත යුතුයි...හිතන්නැති දේවල් හිතන් නැති වෙලාවල් වලට ආවහම අපි සමහරවිට මානසිකව හුගක් වැටෙනවා....හැමදේකටම හොදින් මුහුන දීමට හුරුවීම තමා හොද...

මාරයාගේ හෝරාව said... [Reply to comment]

ඇත්තටම සහෝදරයා ලිපිය හුගාක් හොදයි.
ඒ වගේම සමාජ ගැටළුවක් තමාට හෝ තමාට සමීප අයකුට බලපෑ විට තමයි අපි බොහෝමයකට ඒ පිළිබද නිවැරදි අවබෝධයක් ලබා ගැන්මට හැකිවන්නේ.ඒ අතින් ඔබ බොහොම උසස් අන්දමින් ගැටළුව හදුනාගෙන සහ ඒ පිළිබද හොද අධ්‍යයනයක් කර තිඛෙනවා. තව දුරටත් මෙවැනි දේ ලියන්න.
ඒ වගේම මෙ සම්බන්ධව විවෘතව කථා කිරිමට ඔබ තුල තිබූ ශක්තිය මා විශේෂයෙන්ම අගය කරනවා.

රවා said... [Reply to comment]

පිස්සා
හත්වලානෙ වෙච්චි දෙට මක් කොරන්නද.. මෙ අසහනයෙන් මිදෙන්න කියලා බොන්න ගත්තා වයස 19, 20 කලෙ. මට අත්ට සල්ලි එන ඔක්කොටම බිව්වා. නමුත් අන්තිමට සිහියෙන් මෙක දැක දැක ඉන්නවා කියලා තිරණය කළා.

ජිවිතෙ මල්
දකිනවා, ලියනවා අනිවා.. සංසාරෙ ඇවිදින මිනිස්සුනෙ අපි...

සොදුරු සිත...
පොඩි කාලෙ ඉදන් මිනිසුන්ගෙන් ඇසුනු දැකපු දෙවල් නිසා හිත ගොඩක් දරදඬු උනාට, බටර් වගෙ දිය වෙනවා. කෙනෙක් ගෙ දුකක්,කරදරයක් දැකපු හින්දයි මම මෙ ලිපිය ලිව්වෙ. එ කෙනා මෙක දැක්කද කියලා මට දැනගන්න ඔනා.

පන්හිද
ස්තුති යහලුවා

මාරයාගෙ හොරාව...
ස්තුති අයියා... මම නම් මෙවගෙ සිද්ධින් නිතරම දකිනවා. තමුන්ගෙ අඩුවක් කියලා කවදාවත් හිතන්නෙ නැහැ. මම මෙක ලිව්වෙ තවත් මෙ වගෙ දෙයකින් දුක් විදින කෙනෙක් වෙනුවෙන්, එයා මෙක දැක්කද නැද්ද කියලා මට දැන ගන්න ඔනා.

කස්ටිය