පහුගිය ටිකෙ මම පුද්ගලික ඉස්පිරිතාල වල ටිකක් ඇවිද්දා. යහලුවො මිත්‍රයින්ගෙ අගය ගොඩාක්ම දැනෙන්නෙ මෙවෙලාවට. සල්ලි මුකුත් එකතුකරලා නැති වුනත් කොල් හතරකින් පහකින් අවශ්‍ය කරන සියලුම තොරතුරු එකතු කරගෙන රොහල ඇතුලෙ නටන්න පටන් ගත්තා. ගිය කාරිය අතරතුරෙදි මම ඉදගෙන හිටියා රොහලෙ පිලිගැනිම් කවුලුව අසල තිබුන පුටුවක. එක පාරම ඉදගෙන හිටපු ඔක්කොම නැගිටින්න පටන් ගත්තා. මම දැක්කෙ නැහැ මොකද්ද සිද්දිය කියලා හැබැයි හැමොම නැගිට්ටා නැගිටලා ප්‍රදාන දොරටුව දිහැ බලාගෙන. මම එ පැත්ත දකිද්දි පොලිස් නිලදාරින් වට කරගෙන රොහල ඇතුලට ආපු සරත් ෆොන්සෙකා මහත්තයා දැක්කෙ. මාවත් ඉබෙම නැගිටුනා. සරත් ෆොන්සෙකා මහත්තයා නිලධාරින් එක්ක ඇතුලට ගියාට පස්සෙ මම ලඟ හිටපු ගැහැනු කෙනා මගෙන්
'' කවුද පුතා එ දැන් ආපු ඇමති ''
'' සරත් ෆොන්සෙකා ''
මම වැඩිය වචන දෙන්න ගියෙ නැහැ. හිමිට ඉදගත්තා. ගුණය මකලා දැම්ම හැකියි, ප්‍රභාකරන් මැරුනත් ගොඩක් ඇත්ත කියන කෙනෙක් කියලා මට වැටහුනා.සරත් මහත්තයගෙ මුහුනෙ තිබුන හිනාව මට මතකයි එකෙත් තිබුනෙ පැරදුනත් අතහරින්නෙ නැහැ කියන හැගිම.
රොහලෙන් ඉද්දි බාර් එකෙන් දෙකක් විතර නමා ගෙන ගෙදර ආවෙ. ගෙදර එද්දි මාව හම්බවෙන්න මල්ලි කෙනෙකුයි එයාගෙ තාත්තායි ඇවිල්ලා තිබුනා. එයාලා මම එනකම් පැයක් විතර බලන් ඉදලා. අම්මත් විස්තර කියලා. එ මල්ලි කැම්පස් එකට යනවා හෙට කියලා මට කියලා යන්න ඇවිල්ලා තිබුනෙ. එ මල්ලි මගෙ කකුල් දෙක අල්ලා වඳිද්දි මගෙ කටින් පිටවුණෙ.. '' මල්ලි මට වඳින්න එපා '' .. එත් ඌ වැන්දා.
මගෙ අම්මත් බලන් හිටියෙ. ඌ මගෙන් උපදෙස් කිපයක් බලාපොරොත්තු උන හින්දාද කොහෙද මම කටට ආපු දෙවල් කියාගෙන ගියා.
'' මල්ලි බොහොම පරිස්සමෙන් ඉගෙන ගනින්, අම්මලා තාත්තලාගෙ බලාපොරොත්තුත් එක්ක සෙල්ලම් කරන්න එපා. උඹ දිහැ බලාගෙන ඉන්නෙ. ගුරුවරුන් එක්ක බොහොම පරිස්සමෙන් කතා බහ කරපන්. බොහොම සරලව හැසිරියන්.''
මෙව්වා මගෙ හිත ඇතුලෙ ඉස්කොලෙ යද්දි තිබුන හැගිම් වලින් කොටසක්. මෙ වගෙ හැගිම් මට කොහෙන් ඇතුල් උනාද දන්නෙ නැහැ එක පෙර කරපු පිනකට මගෙ ආත්මෙ ඇතුලට රිංග ගත්තෙ කියලා මට හිතුනෙ. එවගෙ හැගිම් තියන දරුවෙකුට ඉගෙනගන්න අමාරු නැහැ කියන දෙ මම හොදටම දන්නවා. මට දොස්තර කෙනෙක් වෙන්න ඔනා, මට ඉංජිනියර් කෙනෙක් වෙන්න ඔනා, හොද ගෙයක් දොරක් හදාගන්න ඔනා, සැප පහසු ජිවිතයක් ගෙවන්න ඔනා කියන දෙ අරමුණු කරගෙන ඉගෙනගන්නවාට වඩා මෙ මගෙ අම්මා තාත්තා මම වෙනුවෙන් මහන්සිවෙනවා, මම වෙනුවෙන් කැපවෙනවා උන්ගෙ බලාපොරොත්තු බිඳින්න හොද නැහැ කියන අරමුණෙන් දරුවෙක් වැඩ කරද්දි, හැසිරෙද්දි එ දරුවට ලොකු වෙස්වලාගත් ආශිර්වාදයක් තියනවා, එක දේවආශිර්වාදය වැඩිය ගොඩක් බලවත් දෙයක්. ඔය නැකත්, බොධිපුජා දේව පුජා හැමදෙකටම වැඩිය බලවත් දෙයක්.
''යන්නම් පුතා'' කියලා එයාගෙ තාත්තයි එයයි යන්න ගියාට පස්සෙ මට මතක් වුනා. මගෙ අම්මා මම කැම්පස් එකට යන දවසෙ දි මට දිපු අවවාදය ''උඹ ජාතිය, ආගම , දෙශපාලනය ගැන මිනිස්සුත් එක්ක වාද කරන්න යන්න එපා '' .. ජිවිතෙ මෙ පොඩි කාලය ඇතුලෙ විවිධ මිනිස්සුන්ගෙන් මම එක එක දෙවල් වර්ණා, දොශාරොපන අහලා තියනවා. සමහර මිනිස්සු බනිනවා, සමහර මිනිස්සු හොඳ කියනවා. එත් මම විස්වාස කරන්නෙ අපි හැමොම කරන කියන දෙවල් එක තැනකදි එකතුවෙනවා. එ අපෙ හුස්ම ටික අතහරින මොහොත. මම මිනිස්සු කිපදෙනෙක් මැරෙනවා, මැරෙන්න පණ ඇද ඇද දුක් විදිනවා දැකලා තියනවා. පොඩි කාලෙ ඉදම්ම මම මගෙ වයසෙ මිනිස්සුන්ට වැඩිය වයසක අයව ඇසුරු කරෙ, පිලිගත්තෙ එයාලගෙ දෙවල්. මගෙ වයසෙ මිනිස්සු ආසාකරන දෙවල් වලට මම ගොඩක් අඩුවෙන් පැන්නුවෙ. මුදල් ටිකක් එකතු කරගෙන කෙල්ලෙක්ව තුරුල් කරන් ගෙයක් දොරක් හදාගන්නවාට වැඩිය එහාට ගිය දෙයක් තියනවා කියලා දැනුනත් මට වැටහෙන්නෙ නැහැ එ මොකද්ද කියලා. අර මම ඉස්සරහා පණ ඇදපු මිනිස්සු එවා ගොඩාක් හොඳින් කරපු මිනිස්සු. එ මිනිස්සුන්ගෙ මුහුනවල් වල ලියවිලා තිබුන දෙවල් අනුව මම දැක්කෙ '' මට එක මග හැරුනා නෙ '' කියන හැගිම. එ හැඟිම මට කවදාවත් ඇති නොවෙන විදියට මම හැසිරෙන්නෙ. එතනදි මම කල්පනා කරන්නෙ.. පරක්කු වුණාට කමක් නැහැ හැබැයි අතහරින්න එපා.. කිසි දෙයක්.. කිසිම දෙයක්.. එකයි ස්පිරිට් එක.. ක්‍රිඩාවකදි වුනත් අපි පැරදුනත් .. බලන් ඉන්න මිනිස්සු ''ශා එයාලා ලස්සනට සෙල්ලම් කරා නෙ'' කියන දෙ තමයි මට වැදගත් වුනෙ.. හැමදාම. එක තමයි මට දැනෙන විදියට අපෙ ආත්මය ඇතුලෙ හැමතිස්සෙම තියන්න ඔනා දෙ.. පැරදුනත් කමක් නැහැ හැබැයි අතහරින්නෙ නැහැ.............