උගත මනා සිල්පය මයි මතු රැකෙනා
කියමින් මකුළු දැල උපහැරනෙට ගන්නා
ඇඳුරුතුමන් ලොව සරු තතු සඟවන්නා
දෑසින් දකින තුර නුඹ එය පිළිගන්නා
මකුළු දැලකි විසිතුරු නෙක රටා මැවූ
මකුළු මවකි පැටවුන් පණ කෙන්ද පෙවූ
ඒ පැටවුන්ම බුදිමින් ලොව පසක් කෙරූ
පැටවුන් කෙරේ ලොව පිහිටක් වෙති කවුරු
මවගෙන් මිදී රැක ගනිමින් පණ කෙන්ද
දරුවන් ඇදී යයි ලොවකට ඝන අන්ද
වෛරය පිරි ඇති පපු කුහරය බින්ද
පැටවුන් වැඩී පසු කරගෙන දුක් කන්ද
මකුළු පරපුරෙහි එක් කෙලවරක ඉඳ
මකුළුව කල්පනා කරමින් මවගෙ රඟ
තමපැටවුන්ම රස මසවුළු වන දිනෙක
තමනුත් දැලක නූලක් විය බව දැනින...
පින්තුරය ඉස්සුවෙ - http://teachers.net/gazette/wordpress/wp-content/uploads/2012/07/spiders_web.png