මම හැන්දැවෙ ඉර බැස යාම නැරඹිමට පුරුදු වි සිටියෙමි.මම පුරුද්දකට මෙන් සතියක ට වතාවක් කිලොමිටර් 7 ක් පමණ බයිසිකලය පැදගොස් වෙරලෙ තිබු පොල් කොටයක් මත හේත්තු කොට එම පොල් කොටය මතම හිදගෙන බැස යන හිරු දෙස බලා සිටින්නෙමි. මගෙ අපොස උසස්පෙළ විභග ගණිතය ප්‍රශ්න පත්‍රය නියමිත දිනට සති දෙකකට කලින් ඉරිදා දිනයකදි මම බයිසිකලය ගෙන වෙරළට ගියෙමි.. මා පොල් කොටය මත බලා හිදිනා විට කාරයක් පැමින මා සිටි තැනට මදක් ඇතින් නතර කර ඉන් මුලු පවුලම බිමට බැස වෙරලට ඇවිදින්නට විය. අම්මා තාත්තා දුවලා දෙන්නාත් සමග වෙරළෙ ඇවිදින්නට විය. මම නැවතත් මුහුදෙ ගිලියන හිරු දෙස බලා කල්පනා ලොකයෙ අතරමං විය. පසු ගිය සතියෙ අවසන් වරට පැමිණ ගිය පසු මගෙ ලොකයට හිරු කල කාර්යභාරය මෙනෙහි කරමින් සිතෙන් ස්තුති කරන්නට විමි.
වඳිමින් සවස නල හැසිරෙන දිගතු වල
සොබමින් සුනිල මිණිනිල් නුඹ තුරු විපුල
පතසන් අවරගිරි නැටියෙන් වැටෙන කල
විළිකුන් සුරත් පල වැනිවෙ රිවි මඩල..
සැලළිහිණි සංදේශය ලියු රාහුල හිමියන් බැස යන හිරු දෙස බැලුවෙ එසෙය. එම කවිය මා ඉගෙන ගත්තෙ සාමන්‍ය පෙළ සමයේ හිස් කාලච්ඡෙදයකදි පන්තියට පැමිනි උප විදුහල්පතිතුමාගෙන්ය. මා හට එම කවිය උගන්වපු කෙනාත් උගන්වපු විදියත් මා වෙරලෙ දි මතක් කල බව අදටත් මා හට මතකය. එදින හිරු තැඹිලි හො රතු පැහැයෙන් නොවිය. වලාකුලුත් මුහුදත් දෙකම එ මොහොතෙදි හිරුට කිසියම් අරියාදුවක් කර ඇති බවක් මා හට දැනිනි. මා මගෙ ලොකයෙ එක කෙලවරක රැඳි මනසින් අතරමං වි හිරු රැස් රස විඳිමින් ඉන්නා අතරතුරෙ දි " පුතා..." යන හඩින් මා පියවි සිහියට රැගෙන ආවෙය.
ඔහුගෙ මුහුන මන්තර කාරයෙකුගෙ මෙන් රැවුලෙන් පිරිතිබිණි. ඝන ඇහිබැමි . ඇතුලට එබි තිබු කම්මුල, තැනින් තැන සුදු පැහැ ගැන් වුන රැවුල් කොට මෙ සියල්ල එකතු කර විට ඔහුගෙ වයස ට වඩා පරිනත පෙනුමක් ඔහු හට ලැබි තිබුන බව මට දැනුනි. ඔහුගෙ මුහුනෙ සියල්ල ම එක වර නිරික්ෂනය කොට තප්පර කිපයක් තුලදි මා ඔහු ගැන භාහිර කරුණු වලින් නිගමනය කර ඔහු දෙස බලා සිටින්නට විය...
"පුතා තනියම , බයිසිකලේ ද ආවෙ..?"
ඔහුගෙ කටහඬෙහි ගැඹුරක් සමග කිසියම් ශොකී ස්වරයක් මා හට දැනුණි
" ඔව් අංකල් "
" අංකල් පවුලෙ කට්ටියත් එක්ක වැල්ලට ආවද ...? "
" ඔව් පුතා "
" පුතා මොකද තනියම , බර කල්පනාවක වගෙ.. මොකක් හරි අවුලක්ද "
මම ඔහුගෙ පවුල දෙස හොදින් බැලීය. ඔහුගෙ ලොකු දියණිය.. මගෙ පාසලෙ ඉගෙන ගන්න නංගි කෙනෙක් බව වැටහිනි. මා ඇය දෙස හොඳින් බැලු විට ඇය මා සමග සිනාහා විය.
" එහෙම දෙයක් නැහැ අංකල් මම නිකන් මෙතනට සතියකට වතාවක් විතර එනවා.."
" ඔයා වයසින් බොහොම පොඩි කෙනෙක්, මට ඔයාව පෙන්නු වෙ මගෙ ලොකු දුව , දුව ඔයගෙ ඉස්කොලෙ ඉගෙන ගන්නෙ.. එයා මට කිව්වා ඔයා ගැන. ඔයා වගෙ කෙනෙක් මෙහෙම ඉන්නවා දැක්ක හම ඔයාට මුකුත් ප්‍රශ්නයක් නැහැ කියලා කියන්න ඔයාට බැහැ මොකද්ද අවුල පුතා.."
"මුකුත් නැහැ අංකල්"
" හරි පුතාට මම කතාවක් කියන්නම් . මම උසස් පෙල කාලෙ ගැහැණු ලමයෙක් එක්ක හාද වුනා. එයායි, මායි තමයි පන්තියෙන් හොදටම ලකුණු ගත්තෙ, එයා එක උනොත් මම දෙක, මම එක උනොත් එයා දෙක.. අපි දෙන්නා අතරෙ පොඩි කාලෙ ඉදන් තරගෙ.. එක හින්දා ලොකු වෙනකම් අපි දෙන්නා එක පන්තියෙ හිටියත් තරහයි. කොහොමෙන් කොහොම හරි ලොකු වෙද්දි එ ඔක්කොම නැති වෙලා අපි දෙන්නා අතර ආදරෙකට හැරුනා. මෙහෙම ඉන්න අතරෙදි මට වැඩි දුර ඉගෙන ගන්න යන්න සිද්දි වුනා. එයාත් විභාගෙ සමත් වුනත් වැඩි දුර ඉගෙන ගත්තෙ නැහැ. එයා ජොබ් එකකට ගියා. එයාගෙයි මගෙ අතර තිබුන බැඳිම ටික ටික අඩු වෙලා ගියා. මම ඉගෙන ගද්දි කැම්පස් එකෙ.. මෙයාව හම්බ උනා.. අපි දෙන්නා බැන්දා.. දෙන්නටම හොද රස්සා තියනවා.. අපි කට්ටියම සතුටින් දැන් ඉන්නෙ.. අපි පවුලෙ කට්ටිය අද මෙතනට ආවෙ ටිකක් කට්ටියම එක්කලා ඇවිදලා ටිකක් විනොද වෙලා යන්න.. පුතා මොකටද ආවෙ.."
"මමත් ආවෙ ඔහෙ ටිකක් ඉදලා , කල්පනා කරලා ඉර බහිනවා බලලාම යන්න. මගෙත් හිතෙ ලොකු දුකක් තියනව එ ඔක්කොම මෙතනට ආපු හාම අමතක වෙනවා.."
"මම දන්නවා, හැබැයි පුතා හොදට විභාගෙ කරගන්න ඔනා , මම අහවල් බැංකුවෙ මැනෙජර්.. පුතාගෙ මුහුන දැක්කා හම මම හිතුවා ඔයාත් කරදරෙකින් ඉන්නෙ කියලා, ලොකු දුව මන් ලඟට ඇවිල්ලා කිව්වා. ඔයා ගැන. ඉස්කොලෙ ගොඩක් ගුරුවරු ඔයා දිහැ බලන් ඉන්නවා. විභාගෙ පටන් ගත්තා නෙද..? ලිව්වද..?"
" නැහැ අංකල් තව සති දෙකකින් .."
" පුතා මොනවා හරි කනවද..? "
" නැහැ අංකල් මම යනවා, මම ගොඩක් දුර බයිසිකලෙන් යන්න ඔනා"
" පුතා දුකෙන් ඉන්න වෙලාවට දුකෙන් ඉන්න.. හැබැයි සතුටෙන් ඉන්නෙ වෙලාවට සම්පුර්ණ සතුටෙන් ඉන්න, මගෙ ගෙවල් තියන්නෙ අහවල් පාරෙ අහවල් තැන, පුතාට උදව්වක් ඔනා නම් කියන්න.. බය වෙන්න එපා.. "
මම බයිසිකලයෙහි නැගි ආපසු එන්න පිටත් වුනෙමි.
එදින රාත්‍රියෙහි මා ඇඳෙහි එමෙ අත පෙරලි පෙරලි කල්පනා කලෙමි. නින්දක් පෙන තෙක් මානයක නොවිය.. ආගන්තුකයෙක් එකවර පැමිණ " ජිවිතය මෙහෙමත් විදපන් පුතා " කියා ඔහු අතුරුදහන් වි ගොසින්ය. ඉන් පසු අද වනතුරුත් මා හට ඔහු හමු නොවීය. ඔහුගෙ මුහුන, හඬ, පවුලෙ තිබුනු සමගිය, සතුට මෙ සියල්ල මා හට අදත් මතකය.. එ මිනිසා නොවන්න මම විභාගය නොලියනු ඇත.. මා ඔහුගෙ නම වත් නොදන්නා බව මම දනිමි..
මිනිසුන් බොහො තැන් වලදි තමුනගෙ හැම ජයකදිම තමුන් එයට වගකිව යුතු බවත්, තමුන් ගෙ හැම වැටිමකදිම එහි වගකිම අනුන් හට පටවන බව දකිමි. මා මගෙ කෙටි කාලයෙ දි ලබා ගත් දැ.. හා අත්හල දැ බොහොමයකි.. එවා ලබා ගැනිමට මා මහන්සි නොවිය.. එවා නැති කර ගැනිමට ද මා මහන්සි නොවීය. එවා නැති වන බව දැන දැනම එවා රැක ගැනිමට උත්සහයක්ද නොවීය. අතහැරිම මාගෙ හොදම මිතුරෙකි.... මාගෙ සියල්ල අන් අය නිසා ඇතිවු එවාය. මා මහන්සියෙන් ලබා ගත් දෙයක් නැත. මා කිසිවෙකට මහන්සි නොවන කෙනෙකි. මා මා හැර අන් සියල්ලටම ආදරය කරන්නෙ මෙ නිසාවෙනි.. වසර 6 කට පෙර සිදුවු සිදුවිමෙ මතකය මිහිරිය..