අපි හැමදාම වෙහෙසෙමු. අපෙගෙ සැම සතුටක්, දුකක් පාසාම අප හඹා යැම, අයිතිකර ගැනිම් නැවත නැවතත් ඇති කරගන්නෙමු.. මිට වසර කිපයකට කලින් මා මෙම ඉහත එකතුකරන ලද චිත්‍රපටය නැරඹුවෙමි. මුළු චිත්‍රපටය පුරාම දිවෙනුයෙ අපුර්ව කතන්දරයකි.. පැවැත්ම, විනාශ විම, ඇති විම.. සැකිල්ල කොට ගත් මෙම අපුරු Apocalypto චිත්‍රපටය හොලිවුඩ් හි සුපිරි තරුවක් වන මෙල් ගිබ්සන් මහතාගෙ අපුරු නිර්මාණයකි. Braveheart, We were soldiers, Forever Young, The passion of the christ, ඔහු දායකත්වය දුන් නිර්මාණ අතර මා වඩාත් හිත ගත් නිර්මාණ කිපයකි. මෙම කොටසෙන් ඉතාම වැදගත් පාඩමක් ඔහු මිනිසුන් හට පෙන්වා දි ඇත.
සෙවිම, ලබා ගැනිම , එකතු කිරිම, ගොඩ ගැසිම අපි හැමදෙනා යම් යම් ප්‍රමාණයන්ගෙන් කරන්නෙමු. වඩාත් වැදගත් දෙ නම් එකතු කරගත් දෙ රැගෙන යනුවෙ කොහාටද යන්නයි. අද අපගෙ ලොකය දියුණුවෙ හිමිපෙත්තටම නැග ඇති බව බොහො දෙනා ප්‍රකාශ කරයි. ඉතාම ලස්සන වචන ටිකක් උපයොගි කර ගනිමින් මිනිසුන් පරිසරයට කරන විනාශය මහත්ය. අනාගතයෙදි විද්‍යාවෙන් , තාක්ෂනයෙන් බොහො ප්‍රශ්නවලට පිළිතුරු ලැබුනත් මිනිසුන්ගෙ පැවැත්මට අභියොග කරන ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනිමට ලොව උගත්තුන්ට නොහැකි වන බව මම විස්වාස කරන්නෙමි. මිනිසුන් විද්‍යාවෙන් සොයාගන්නා බොහො දැ ඔවුනටද අමතක වෙ. සුර්යා ඇතිවිම, ග්‍රහ මණ්ඩල ඇති විම, ජිවය ඇතිවිම, විකසනය මෙ ආදි සියලු දැ මිනිසුන් විසින් ඇති කරගත් දැනුම් සම්බාරයට පසු ගිය වසර පන්සියතුල එකතු විය. ස්භාවධර්මයට මිනිසුන් විසින් කරන ලද ඇගිලි ගැසීම් නිසා ඇතිවි ඇති අනතුරුදායක තත්වය පිළිබද පුංචි හො වැටහිමක් කියවන ඔබට ඇතැයි මම සිතන්නෙමි.
ඇමරිකානු ජනධිපති හට යැවු සංදෙශයෙ රතු ඉන්දියනූ ජාතික නායක සියැටල් විසින් මෙසෙ පවසා තිබෙ..
" පරිසරය යනු මිනිසා විසින් වියන ලද දැලක් නොව ඔහු එහි නූල් පොටක් පමණි." .
ඔහු විසින් කරන ලද කතාව මෙතනින් ශ්‍රවණය කල හැකිය.
මා නිතරම මෙනෙහි කරනා ඉතා වැදගත් සිතුවිල්ලක් අවසන් වශයෙන් සටහන් කර තබන්නෙමී.
" මම නෙමෙ මෙතනට ඉස්සල්ලාම ආවෙ..,
මම නෙමෙ මෙතනින් අන්තිමට යන්නෙ..
මට ඉස්සලා මෙතනට අපු අය හිටියා..
මට පස්සෙත් මෙතනින් යන අයත් ඉදිවි..."
මෙහිදි මම වැඩි යමක් ප්‍රකාශ නොකරමි. ඉහත මුල් රුප දසුනෙ ඇති දෙ පිළිබදව ඔබගෙ අදහස මා දැන ගැනිමට අපමණ කැමැත්තෙන් සිටින්නෙමි.
29 අදහස් දැක්වීම්:
පුංචි දෝෂයක් නිසා පිංතූරය බලන්න බැරිවුණත් අදහස වැටහී යනව.
සෙවීම,එකතු කිරීම,රැස් කිරීම යන මේ මිනිස් ආශාවන් අද සීමාව ඉක්මවා ගිහින්. එහෙත් මිනිස් ආශාවන්ට විශ්වය සවන් නොදෙනු ඇත. යම් විටෙක මනුෂ්‍යත්වය සහමුළින්ම වැනසී යන්නේ මිනිසාගේම උන්නතිකාමය නිසාය.
ada network case. passe vid eka balama liyannam
හ්ම්ම්.... මොකද කියන්නේ.....ම්ම්ම්.... කොච්චර තර්ක කරත් මෙව වෙන්න ඕනි. බුදු දහම අනුව හැම දේටම හේතුවක් තියනවනෙ ඒකනෙ හේතුඵල දහමක් කියන්නෙ. ඉතින් ලොකෙ විනාශ වෙන්නත් හේතුවක් හදා ගෙන තමයි මිනිස්සු මේ දුවන්නෙ.
වීඩියෝ එක ගැන කියල වැඩක් නෑ. ඔය film එකත් ලස්සනයි. දාලා තියන කොටසෙ මාර තේරුමක් තියනව.
අපි අපි ගැනම කල්පනා කලොත් ඒක වටහා ගන්න එච්චර අමාරු නෑ....
ඒත් ඒක තේරුනත් තව ටික වෙලාවකින් ඒ හැමදේම අමතක කරලා පරණ පුරුදු විදියටමනේ ඉන්නේ....එහෙම නේද...?
මම අද දවසෙදි යමක් ජීවිතයට එකතු කර ගත්තා නම්..ඒ මේ විඩියේ ක්ලිප් එකට පිං සිද්ධ වෙන්නයි.
මොන තරම් ලස්සනට යථාර්තය වදහා දක්වලා තියෙනව ද...
U have done GREAT WORK....රවා.
``` Outsider``` ට
මිනිස්සුන්ට හැමදෙම දිලා තියනවා ස්භාවධර්මය.. නමුත් මෙ නොනවතින හෙවිල්ල.. මිනිස්සුන්ගෙම විනාශයට හෙතු වෙන කාරණයක් කියලා අපි දැනගත්තා 1945 දි ජපානයට දාපු බොම්බා දෙකෙන්. හරි ආශාව තමයි මිනිසාගෙ හදවතෙ තියන ලොකුම සිදුර..
බිඟුවා... හරි පස්සෙ මොනව හරි කියන්න
පසනා
හැමදෙම විනාශ වෙනවා. නමුත් මචන් මිනිස්සු අපි හරි උතුම් , අපි දුප්පත් රටවලට පිහිට වෙනවා, කිය කිය ලොකු සංවිධාන ගහගෙන කරන විකාරය හා අනිත් පැත්තෙන් කරන හානිය ගැන අපි කතා කරන්න ඔනා...
චමිදෙවා..අයියට
පොඩ්ඩක් හරි සංවෙදි වුනාම.. ඉබෙම මිනිස්සු මිනිස්සුන්ගෙ චර්යා ධර්ම වෙනස් කරගන්නවා.. එ වෙනස එක පාර කරන්න බැහැ..
-නිල් අහස-
ස්තුති යහලුවා.. මම දැකපු , ගත්තු හැමදෙම මම මෙතනට එකතු කරන්න උත්සහා කරනවා...
මේක බැලුවම මට මතක් වුනේ මම පුංචිකාලෙ මාව විවාදයකට සූදානම් කරන්න අම්ම ලියපු කතාවක්...
විද්‍යාවෙ දියුණුව ozone ස්තරය පවතින බව සොයා ගත්ත ට පලක් නෑ.... ඒක තියෙන බව නොදැන හිටි මිනිස්සු ඒක විනාශ කළේ නෑ... ඒත් ඒක පවතින බව සොයාගත් විද්‍යාවේ දියුණුව ඒක විනාශ කරන මාර්ගය බිහිකළා කියල....
මම එදා "විද්‍යාවෙ දියුණුව මිහිතලය විනාශ කරයි" කියල යෝජිත පිල වෙනුවෙන් ඔය තර්කයෙන් තර්ක කළා...
යතාර්තය .... තෙරුම් අරගෙන නොතේරුනා සේ සිටින්නෙමු අපි
මරු චිත්‍රපටය මේක. මම කාලෙකට ඉහතදී නැරඹුව.
ලැබීම්. ග්‍රහණය කරගැනීම්, වැළදගැනීම්..මේවගේ අලුත් බව සහ තියුණු බව අපි විසින්ම සිඳ ගන්නව. වටිනාකම් කියල හැගෙන දේවල් කාලයත් එක්ක සාමාන්‍යකරණය වෙලා යනව. තව දුරටත් අපිට ඒවගේ අගය දැනෙන්නේ නැහැ අහිමිවීමකදි මිසක. අපි යාන්ත්‍රිකයි, හිතනවා අඩුයි.
චේජනා අක්කට
හරි එකත් ඇත්ත.. දැන් ඔසොන් විනාශ වුන එකෙ පොඩි හරි බලපැමක් නැද්ද.. පහසුව තියන්න ඔනා නමුත් ඔනාවටවත් වඩා පහසු වුනාම කරදරයි..
වැපා
හරි බන් නමුත් දැනෙන දෙ.. ඇත්තටම ලංකාවෙ අපි නම් මෙකට දායකත්වයක් නැති තරම්.. එත් මිනිස්සු හැමොම උත්සහා කරනවා ජිවත් වෙන්න..
රෙවන්
හිතනවා මවනවා හරිම අඩුයි... අපි හැමොම කරන්නෙ පුරුදු කරපු එක ආපහු කරලා පස්සෙ එන පොඩි එකාටත් පුරුදු කරන එක විතරයි.. නිමක් නැති හෙවිල්ලක් හොයනවා
හම්බ වෙයිද කවදාවත් ඉමක්
අඩෝ....
පට්ටමනේ....
අර කියන මනුස්සය බක මූණාගෙන් මොනවත් ඉල්ලන්නේ නෑ නේද?
මං දකිනවා ඒ බකමූණා එතන විශේෂයක් කියලා රවා.
අනිත් අයට නොපෙනුන දෙයක් ඔහු දැක්කා...
ඒ කියන්නේ අපි අතරත් එහෙම අය ඉන්නවා.
හරි වැරැද්ද දකින නමුත් නිහඩ අය.
මම දැක්කේ ඒ කෝණයෙන් තම රවා...
/බිඟුවා...!
මල්ලියේ මෙවන් මාතෘකාවක් ගෙනා ඔබට මගේ තුතිය.
අද ලෝක මිහිතල දිනය ඒ නිසා තවත් විශේෂයි. උදෙන්ම දකින්න ලැබුනා "පිළිසඳර" පටන් ගත් මාතෘකාව (එහි මගේ සටහන විවේකයේ බලන්න.)
හරවත් අදහස් ගනනාවක් ඉදිරිපත් වී ඇති නිසා මා ටිකක් වෙනස් දෙයක් ලියන්නම්.
ලංකාව වගේ පුංචි රටක සුපර් මාකට් මොස්තරය එතරම් සුදුසු නැහැ.
පලමු හේතුව අපේ පුංචි වෙලෙඳුන්ට ඉන් වදින පහර. ඔවුන් ගමේ ගොඩේ වවන දෙයක් අරන් විකුනන අය. ඉන් ලද අවස්ස්ථාව නිසා ගෙවතු වගා/සත්ව පාලනය, කොරටු පැවතුනා ගම්වල. අපේ ගමේද මෙවැනි පුංචි දේවල් කරගෙන හිටි අය බොහෝමයි. ගම කීවත් මා සඳහන් කලේ ගාලු නගර මධ්‍යයේ සිට කිමි 3ක් අතුලත. ග්‍රාමීය සත්වපාලනයෙන් ලද කුණු කසල පොහොර සේ යොදාගෙන වවපු පලතුරු, එලවළු හා පලා වර්ග හරි ගුණ පිරි ඒවා. එත් මොස්තරයට ඇතිවන සුපර් මාකට් නිසා වියැකුන පුංචි වෙලෙන්දාගෙන් අඳුරු වන්නේ අර පොඩි ග්‍රාමීය කෘෂීකර්මාන්තය.
මෙ විනාශය ඊට වඩා මහා පරිමාණ කුමන්ත්‍රණයක්. දියුණුවන රටවල් ලබාදුන් පොහොර සහනාධාර මහ බලවතුන්ගේ උවමනා සපුරාලමින් කපා හරින්න ලෝක බැංකුව වැනි සංවිධාන බලලෝභී රජයන්ට කැරට් කැව්වා. පොඩි ගොවිපලවල් හා ග්‍රාමීය කෘෂීකර්මාන්තය ඉන් වැටුනා.
අදටත් සුපිරි රටවල් තම ගොවියන්ට සහනාධාර දී එරටවල නිශ්පාදන අඩු මිලකට ලෝක වෙලෙඳ පොලට ඉදිරිපත් කරනවා. ඒ නිසාම දුප්පත් රටවලට නිපදවීම වෙනෙවට මිලදී ගැනීම ලාභදායකයි. නිෂ්පාදනයේ යෙදිය යුතු ශ්‍රමය විරැකියාවෙන් පෙලෙනවා.
ඒ පලවිපාක තමයි ගම් වලින් ඉවත්ව ගිය අය තදාසනන පෙදෙස්වල පිරීමත් ඊට සාපෙක්ෂව දියුණු නොවූ මූලික යටිතල පහසුකම් නිසා උද්ගතව ඇති කෙලවරක් නැති ප්‍රශ්ණ. අනෙක අපේ තරුණ ශ්‍රමය ලන්සු වුනා නිදහස් වෙලඳ කලාපවල.
(ලෝක අධිකරණයට මුලින් ඇදගෙන යන්න ඕනේ ලෝක බැංකු වල ප්‍රධානත්වය දැරූ උන් හා උන්ගේ උපදේශකයින්ව).
අර ඔබ පෙන්වාදුන් රටාවට වියූ දැලේ නූල් බුරුල් විය, ලං කර නොහැකි සේ.
සමස්ථයක් ලෙස වත්මන් කාලයේ අහාර හිඟයට බලපෑ ප්‍රධාන කරුනක් මෙ අනුවන ක්‍රියාව.
දෙවැන්න, පිලිගත්/සම්මත සංඛ්‍යාලේඛන අනුව සුපර් මාකට් රාක්කයක රැඳෙන භාණ්ඩයක් කිමි 2500ක් ගමන් කරනවාලු ලෝතලයේ. එතකොට ඒ සඳහා දැවෙන ඉන්ධන ප්‍රමාණය, ඉන් පරිසරයට නික්මෙන කාබන් ප්‍රමාණය?
ලංකාවට සාපෙක්ෂව එතරම් දුරක් නොගියත්; ගොවිපලේ නිෂ්පාදන අරන් ගොස් විකුණන සුපර් මාකට් වලින් නගරයේ සේවය ඉවරකර "ගෙදර යන ගමන්" මිලදී ගෙන අපේම පරිසරය දූෂණයට අපේම අය සහබාගී නොවෙත්ද?
http://www.kalaya.org/forum/viewtopic.php?f=5&t=250
හොද ලිපියක් කියවලම බලන්න.....
වටිනා ලිපියක් රවා. ඇත්තටම අපි අතරත් එහෙම අය ඕනා තරම් ඉන්නවා. mdee අයියගෙ කොම්මෙන්ට් එකත් කියලා වැඩක් නෑ.
බොහෝම ස්තුතියි.
අලුත් ඇඳුමක් එහෙමත් අන්දලා වගේ. ලස්සනයි. ඒක මුලින්ම කියනවා..
මේ වගේ මාතෘකාවක් ගැන කථා කිරීම ගැන ස්තූතිවන්ත වෙනවා. අගය කරනවා..
බිඟුව... ඉතින් බකමුණා මෙතනින් කියපු දෙ හරිම වටිනවා.. ඌ මිනිස්සුන්ගෙ හදවත් ඇතුලෙ තියන ලොකුම දුර්වල තැනක් ගැන සටහන් කරන්නෙ.. අපි මමෙ කතාවෙන් තෙරුම් ගන්න ඔනා වැදගත් දෙයක් තියනවා..නෙද
mdeen අයියට
සමාජයෙ වෙළදපොල හසුරවන ස්භාවය තිරණය කරන්නෙ පාරිභොගිකයින් ගෙ අවශ්‍යතාවයන් මගින්.. අවශ්‍යතාවයට අනුව වෙළදපොල සැකසෙනවා. අපෙ මිනිස්සු හැමතිස්සෙම කරෙ සුදු ජාතිකයින් එයාලගෙ අවශ්‍යතාවයන්ට සාදපු දෙ එහෙම් පිටින්ම ලංකාවට ගෙනල්ලා අපෙ කිපදෙනෙකුගෙ ඇඟෙ ගහපු එක.. එවටත් ගැලපෙන විදියට සමහර මිනිස්සුන්ගෙ අදහස් උදහස් මෙහෙ සකසලා තියලා ගියෙ 48 යද්දි.. එ වුනත් හැමතැනම වෙළදපොළෙ දි අතරමැදියන් මහා පරිමාණ ගසා කැමක් සිදුකරනවා.. එක මම මගෙ ප්‍රායොගික අත්දැකිම් තුළින් දන්නවා.. මම පුංචි වගාවක හිමිකරුවෙක්.. මිරිස් අන්නාසි වගාවන් කරනවා.. මිරිස් වගාවෙන් මම මාස 80 000 එකතු කරා නමුත් මම හොදටම දන්නවා.. මගෙ මිරිස් විකුණපු වෙළෙන්දන් එහා සමාන මුදලක් එයාලත් එකතු කලා කියලා.. මගෙන් 200 ට අරන් ගිහිල්ලා 400 ට විකුණපු අයත් හිටියා. රජය මගින් ක්‍රමවත් වැඩ පිළිවලක් හදන්න ඔනා ගොවියව වෙලදපොළෙ දි රැකගන්න.. ගොවිතැන කරන අය හරිම අහිංසක මිනිස්සු.. එයාලා බලන්නෙ කොහොම හරි එ දෙය විකුණ ගන්න. වෙළන්දුන් කපටි නිසා බොහො වෙලාවට මහන්සි වුණ මනුස්සයා කලකිරෙනවා.. තාක්ෂනය පාවිච්චි කරලා ලොකු අස්වැනු ගන්න යන්නෙ නැහැ..අපෙ මිනිස්සු.. කොටින්ම කියනවානම් අපෙ ප්‍රදෙශයෙ අපි වගාකරපු මිරිස් ප්‍රභෙදය ඉහල අස්වැන්නක් ගන්න පුළුවන් මිරිස් ප්‍රභෙදයක්. එය වගා කරන්නෙ සුළු පිරිසක්.. එවගෙම වී ගොවිතැන උනත් කරන ගොවියො වගා කරන්නෙ තුන් මාසෙ වී.. අසවැන්නට රැකගන්න රටෙ නැති තෙල් ගහලා එක විකෘති කරගන්නවා.. මම දකින විදියට මිනිස්සු කෙටි ක්‍රම හොයලා තමුන්ව අසරණ කරගන්නවා..
ලොක සංවිධානවල ගොබ්බයො මොනවා කිව්වත් අපෙ රටෙ පාලනතන්ත්‍රය දැනගන්න ඔනා, රටක ඉස්සල්ලාම කන්න තියන්න ඔනා මිනිස්සුන්ට.. රටක වගාව ඉස්සරහට ගන්න මිනිස්සුව දිරිමත් කරන්න ඔනා.. දැන් එහෙම නෙමෙ වෙන්නෙ.. ගොවියගෙ පුතා කොළඹට එනවා සල්ලි හොයන්න.. මම මෙ ගැන විස්තරයක් වෙනම පොස්ට් එකක සටහන් කරන්නම්.. සුපිරි වෙළද සැල් සංකල්පය ගැනත් එ ආශ්‍රිත සියුම් කරුණු ගැනත්
ඉහත 4 වැනි පෙළියෙ
මාස තුනකදි 80000 පමණ
ලෙස නිවැරදි විය යුතුයි
මමත් ඔය ෆිල්ම් එක බලලා තියෙනවා...ෆිල්ම් එකත් මාරු කතාවත් මරු.....උපරිම ෆිල්ම් එකක්
බටහිර ස්මාජය අද ක්තා කරන sustainable development කියන ස0කල්පය පෙරදිගත්..ආදි වාසි ඇමරිකානුවනුත් අතර තිබ්බ දෙයක්..ඇත්තටම මානසික දියයුනුව , බහුතික (වචනෙ ට්යිප් කරන්නන් තේරෙන්නේ නැ) දියුනුවට වඩා උසස් බව අපටත්..ලෝකයටත් අනාගතයේදී තෙරුම් යයි...
මම නෙමෙ මෙතනට ඉස්සල්ලාම ආවෙ..,
මම නෙමෙ මෙතනින් අන්තිමට යන්නෙ..
මට ඉස්සලා මෙතනට අපු අය හිටියා..
මට පස්සෙත් මෙතනින් යන අයත් ඉදිවි
maaarai . . kollo . .. mata uba gana maara adambarai . . . !
ගීත් මෙල් ගිබ්සන් ගෙ ගොඩක් චිත්‍රපටි මාරම ලස්සන කතා වටා ගොඩනගන එවා.. මම හරිම කැමතියි..
යසෙල
මිනිස්සුන්ට මතක නැහැ මිනිස්සු කවුද කියලා..
දුකා මොනවද මෙ කතා...
ලොව සිව් කොණ
තුන් කල්හිම
සෑම සියළු දෑ පිරිසිඳ
අතැඹුල කොට
ලබනු නොහැක
දකිනු නොහැක
අසුරු සැණක්
වන් දිවි තුළ
කරන කියන
දේ සැම සත
සිත සමහන්
කරනට නම්
දුරු වෙයි ලෝ
ඇති උවදුරු
Post a Comment