"අනෙ දෙවියනෙ මෙකාව ඉලග බොලෙන් අවුට් කරන්න මම දෙවියන්ට ඉල්ලන දෙයක් දෙනවා "
බොරුවට ටෙනිස් බොලෙට කෙල ගාලා කලිසමෙ අතුල්ලගෙන ඉඹලා දැම්ම බොලෙ. මෙන්න මෙකා එකටත් ගහපි හයක්.
" මොකද්ද දෙවියනෙ කරන්නෙ.. වස ලැජ්ජාව මු බොල හයට ගැහැවුවොත්.. හැබැයි දෙයියනෙ මු මෙකටත් හයක් ගැහැවුවොත් අපහු නම් කවදාවත් වඳින්නෙ නැහැ.. අයෙ ඉතින් මම හිතුවොත් හිතුවාම තමයි "
මෙහෙම හිතින් හිතලා දැම්මා ඉලග බොලෙත්.. ගම කැවා මෙකටත් ගහපි හයක්..
දැන් මගෙ ඇස් දෙකෙන් කඳුලු පනින්න ඔන්න මෙන්න, අනිත් වුන් මගෙ අම්මට තාත්තට බනිනවා. මට කලින් දාපු එකා දමලා ගහන එකෙක් වු ලකුනු තුනයි දිලා තිබුනෙ.. බොලා හතරයි හයෙ එවා හතරයි.
"මෙකෙන් අරුව අවුට් වුණෙ නැත්තම් දෙවියෙක් කියලා එකෙක් නැහැ මෙ ලොකෙ.. අයෙ ඉතින් තොට බැරිනම් හදිස්සියකදි මට උදවු කරන්න තොගෙන් වැඩැක් නැහැ."
එ බොලෙටත් ගැහැවුවා ක්‍රිෂාන්තයා හයක්... එකෙක් හූ කියනවා තව එකෙක් උඩ පනිනවා, මගෙ ඇස් දෙකෙ කඳුලු පනින්න ඔන්න මෙන්න. මට තෙරුනා. වැඩෙ හරියන්නෙ නැහැ දෙවියො ගැන බලන් ඉදලා මම ම මොකක් හරි කරන්න ඔනා කියලා, හිතට හයිය ගත්තා
" කමක් නැහැ මෙකටත් හයක් ගැහැව්වට.. මම white දාන්නෙත් නැහැ no බොල් දාන්නෙත් නැහැ , අත කරකවලා වෙනදා විදියටම දාන්නවා කියලා. මම එ බොලෙත් දැම්මා එකටත් හයක් ගැහැව්වා..
නමුත් හිතට ටිකක් සතුටුයි මොකද මම බලාපොරොත්තු උන දෙ කරා. ගොඩක් අය හිතන් හිටියට හයෙ එවා 6ක් එක දිගට ගැහැව්වෙ යුවරාජ් , එංගලන්තෙ ෆ්ලිංටොෆ්ට කියලා මම දන්න විදියට ක්‍රිෂාන්තය රවාට ගැහැවුවෙ.. එදා මම හැප්පුනෙ මට වැඩිය ගොඩක් ශරිර ශක්තියෙන් වැඩි කෙනෙක් එක්ක. දෙවියන්ගෙන් එදයින් පස්සෙ මම කිසිම දෙයක් ඉල්ලුවෙ නැහැ,
" අනෙ දෙවියනෙ විභාගෙ පාස් කරලා දෙන්න "
" අනෙ දෙවියනෙ මට අර කෙල්ලව යලු කරලා දෙන්න, මට හොද ජොබ් එකක් දෙන්න, මගෙ රට යන වැඩෙ හරිගස්සලා දෙන්න " මෙවගෙ දෙවල් ඉල්ලලා වැද වැටෙනවා මම දැකලා තියනවා ඇස් දෙකෙන්ම.
පොඩි කාලෙ අම්මව දැක්කහම " අනෙ දෙවියනෙ අම්මාව සනිප කරලා දෙන්න"
මොන්ටිසොරි යද්දි " අනෙ දෙවියනෙ වැහැලා වෙලට උඩින් වතුර දාන්න මට මොන්ටිසොරි යන්න බැරි වෙන්න "
ඉස්කොලෙ යද්දි " අනෙ දෙවියනෙ මට උණ ගැනෙන්න ඉස්කොලෙ යන්න බැරි වෙන්න"
රොබින්හුඩ් ව වට කරලා මරද්දි " අනෙ දෙවියනෙ හර්න් ගෙනල්ලා මොකක් හරි බයිලයක් කරලා රොබින්ව බෙරලා මැරියන් ලඟට ගිහින් දාන්න "
කිසිම දෙයක් දෙවියො ඇහැව්වෙ නැහැ.
උසස් පෙළ කාලෙදි භෞතික විද්‍යාව කරන කාලෙනෙ, දෙයියො කිව්වාහම හිනා වෙන්නෙ කොතනින්ද කියලා දන්නවානෙ... වයසක අයත් එක්කලා තර්ක කරා
"ආ බාන්න අත්තෙ උබෙ දෙයියට කියපන් මෙච්චර විනාශයක් කරන ප්‍රභාකරන්ව මරන්න කියලා, අකුණක් ගහලා හරි කමක් නැහැ "
ආත්තව ඇඹරුවෙ එහෙමයි..
අයියලත් එක්ක කතරගම ගිහිල්ලා ඔහෙ එ මෙ අත බලන් හිටියා අනිත් වුන් දෙවියන්ගෙන් එව්වා මෙව්වා ඉල්ලද්දි.. එ මැතකදි.
නමුත් මම දැන් නම් පිළිගන්නවා අපිට හැමදෙම බුද්ධියෙන් තර්කයෙන් , ඉන්ද්‍රියන්ගෙන් අල්ලන්න බැරි දෙවල් ලොකෙ තියනවා කියලා,
මගෙ අම්මා හැමදාම මට කියන්නෙ
" දෙවියන්ට, බුදුන්ට බය වෙයන් ... උඹලා උගත් වැඩියි.. මම හොඩි පොතවත් නොකියවපු එකි.. මම දෙවියන්ට බයයි "
කෙනෙක් අද මට කිව්වා
" දෙවියන්ගෙන් ඉල්ලන හැමදෙම දෙවියො අපිට දෙන්නෙ නැහැ...මම එක තෙරුම්ගත්තා ... ඔයත් තෙරුම් ගන්න..."
මම දෙයියන්ගෙ අවුරුදු ගණනාවක්ම මුකුත් ඉල්ලපු නැති එක එයා දන්නෙ නැහැ.
දෙවියො ගොඩාක් කාලයක් මම ඉල්ලපු කිසි දෙයක් දුන්නෙ නැහැ. ඉතින් මම ඉල්ලන එක එදයින් පස්සෙ නතර කරා. මට මනුස්සයෙක් ගෙන් යමක් ඉල්ලන එක ඉට වැඩිය නම්බුයි කියලා මම අදටත් හිතන් ඉන්නෙ. මනුස්සයෙ අසරණ වෙනවා බලන් ඉද්දි මම මැද්දට පැනලා එයාලව බෙරගන්න උත්සහා කරනවා. එ වගෙම තමයි මාව අසරණ වුණ යම් යම් තැන්වලදි කකුල් දෙකෙ දෙවිවරු කිපදෙනෙක් ඉස්සරහට පැනලා මාව ගොඩට ඇදලා ගත්තු හැටි මතක් වෙද්දි හරිම සතුටුයි, මොකද අනිත් හැමොම දෙවියන්ව හොයද්දි මම දෙවියන්ව ඇස් දෙකෙන්ම දැක්කනෙ කියලා. අපි දෙයියොත් එක්ක සූදූ කෙලිද්දි දෙයියො අපිත් එක්ක සූදූ කෙලිනවා. හිනා යනවා එවා මතක් වෙද්දි.
මම එතනින් ඉගන ගත්ත වටිනාම දෙ තමයි
දෙනවා නම් දෙයක් මනුස්සයෙකුට, ඇස් දෙකට පෙන්න ඉන්න සතෙකුට මිසක් දෙවියන්ට මගෙන් මුකුත් නැහැ කියලා හිතාගෙන හිටියෙ.... එත් අමතක වුනා දෙන්න මුකුත් දෙයියො දිලත් නැහැ... හා.. හා...