සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

5/3/13

මොකද්ද මේ....

මම හැම තිස්සෙම කල්පනා කරන දෙයක් ..." මොකද්ද මේ ..."

    ජිවීතය..
    ආදරය..
    බැදීම..

කවදාවත් ලෙහා ගන්න බැරි නූල් බෝලයක කොනක් අල්ලන්  මම කොච්චර වෙහෙසෙනවද..මනසින්... මම කොච්චර හොඳ මනුස්සයෙක් වෙන්න හැදුවත් එහෙම වෙන්නෙ නැහැ.. එහෙම වෙන්න හොදත් නැහැ කියන යතාර්ථයත්  පුංචි මනසට දැනෙද්දි...  අපිට කොච්චර මිනිස්සු උදව් කරලා තියවද.. අපි එ උදව් කොච්චර අමතක කරනවද.. අපි කොච්චර එ දෙවිවරුන්ගෙ ගුණ අමතක කරලා , එ ගුණයන් මකලා අපිම වැජඹෙන්න උත්සහා කරනවද.... එ අස්සෙන්ම අපි කොච්චර  ඇදගෙන වැටෙනවද..කොච්චර මිනිස්සු සමාජයෙ අපිට මුණ ගැහෙනවාද.. එ මිනිස්සු අපි ජිවිතෙ ගමන් මගෙ සටහන් කරන සටහන්.. සමහර එවා කොච්චර සුන්දරද... සමහර එවා කොච්චර නපුරුද.. අපි එ සටහන් වල කොච්චර අතරමන් වෙනවද. අපි කොහෙද යන්නෙ .. කාත් එක්කද ගමන් කරන්නෙ අපි කවුරුවත් දන්නෙ නැහැ. අපි ලියන , කියන, ගයන ,වයන හැම වචනෙකම වැදගත්කමක් දැනෙන්නෙ ඉතාම සුළු මොහොතකට විතරයි, හැම තාලයකම සුන්දරත්වය සුළු කාලයකට විතරක් දැනෙන දෙයක්... සදාකාලික සුන්දරත්වය ගැන කතා කරෙ බුදුහාමුදුරුවො විතරයි.. එත් මට දැන් එකත් අමතකයි පන්සලෙන් ඈත් වුනාට පස්සෙ....

අම්මා තාත්තා.. සහොදර සහොදරියො... යහලු යෙහෙලියො.. ගුරුවර ගුරුවරියො, ඇසුරු කරපු පත පොත කවි ගී සින්දු... පුරුදු කරපු පුරුදු.. ක්‍රීඩා.... මම මෙ දෙවල් වලින් ඇතිවුන දෙයක් විතරයි... මෙ ශරිර කූඩුවෙ ඇතුලෙ ඉන්න ජිවියගෙ හරය ඔය හැමදෙයකම පරාවර්තනයක්... මෙක කියවන ඔබ උනත්  එහෙමම කෙනෙක් තමයි... අපි හිතුවට මෙ අපි හරි හම්බ කරපු දෙවල් කියලා එක තාවකාලිකව සිත සන්තොස කරගන්න හිත ඇතුලේ හදාගන්න මායාවක් විතරයි.. එ මායාව ඇතුලෙ සන්තොස වෙන්න තියන අයිතියට මම ගරු කරනවා... මට සන්තොස හේතු 1000 කි ඇති වෙද්දි මට දුක් වෙන්නත් හේතු 1000 ක් ඇති වෙනවා කියන දෙ මම තදින්ම විස්වාස කරනවා. ජිවිතය කියන්නෙ ඔය මොහොතවල් වල එකතුවක්. ඊට එහා දෙයක් නැහැ.. තරුණ වයසෙදි ඇති කරගත්තු පුරුදු.. බොහොම තදින්ම මනසට ගතට කාවැදුනු පුරුදු එවා එක සංකේත විතරයි අපේ ආවෙණිකත්වය නිරූපනය කරන ... අනිත් මිනිස්සු බොහොම අමාරුවෙන් ගත්තු දෙවල් වලට ගරහන්න හොඳ නැහැ.. එව්වට ගරු කරන්න ඔනා..  රේස් එකට බැස්සනම් දුවන්න ඔනා.. 

මමත් වැරදි කරන කෙනෙක්.. වැරැද්ද දැන දැනම කරන කෙනෙක්.. වැරදි නොකර ඉන්නම බැරි කෙනෙක්... එ වැරැද්ද නිවැරැද්ද කරන්න බුදු දහම ඇතුලෙ තියන සිදුරු සොයන කෙනෙක්...මම හරි.. බුදුහාමුදුරුවන්ට වැරදුනා එහෙම නෙද..... අපි හරි නෙද.. බුදුහාමුදුරුවන්ට නෙද වැරදුනෙ... ඔව් එක එහෙම තමයි... එතනින් මෙහාට එන්න එපා...එතනින් මෙහාට ඔයා එක අඩියක් තිබ්බොත් අපෙ හෘද සාක්ෂියම අපිට සාපයක් වෙයි..

මට දවසක් මගෙ වැඩිහිටි යහලුවෙක් සටහනක් දුන්නා.. " මල්ලි අපි තරුණ කාලෙ හරි කියලා හිතෙන දෙවල් කරන්න ගොඩක් අමාරුයි.... එවගෙම මහලු කාලයෙදි ... අපි තරුණ කාලෙ කරපු දෙවල් කියන්න ඊට වැඩිය අමාරුයි..... අදහස් හැගිම්, ප්‍රතිපත්තීන් එක්ක ජිවත් වෙන්න හරිම අමාරුයි..එවා බොහොම ලිහිල්ව අල්ලගන්න ගමන ලෙහෙසියි.... කරුමෙකට මට පුරුදු නැහැ හිමින් අල්ලගන්න.. බුදුහාමුදුරුවොත් දෙශනා කරෙ.. ලිහිල්ව අල්ලගන්න කියලා... හැබැයි මම සටහන් කරපු විදියට මම එහෙම කරන්නෙ නැහැ... මම බුදුහාමුදුරුවන්ට ගරු කරන්න එක හේතුවක් මෙ හේතුව..
එතුමා අවුරුදු දෙදහස් පන්සීයකට කලින් දෙශනා කරා අපිට වරදින විදිය ගැන..... එ වැරැද්ද පිළිගන්න. තමන්ට වැරදුනා කියන දෙ පිළිගන්නත් තමන්ගෙ හිතෙ ශක්තිය ඇති කරගන්න හැටිත් එතුමාම දෙශනා කරා..

මොකද්ද මෙ .. අපි කරන්නෙ...

11/24/12

මකුළු දැලක.......


 
උගත මනා සිල්පය මයි මතු රැකෙනා
කියමින් මකුළු දැල උපහැරනෙට ගන්නා
ඇඳුරුතුමන් ලොව සරු තතු සඟවන්නා
දෑසින් දකින තුර නුඹ එය පිළිගන්නා

මකුළු දැලකි විසිතුරු නෙක රටා මැවූ
මකුළු මවකි පැටවුන් පණ කෙන්ද පෙවූ
ඒ පැටවුන්ම බුදිමින් ලොව පසක් කෙරූ
පැටවුන් කෙරේ ලොව පිහිටක් වෙති කවුරු

මවගෙන් මිදී රැක ගනිමින් පණ කෙන්ද
දරුවන් ඇදී යයි ලොවකට ඝන අන්ද
වෛරය පිරි ඇති පපු කුහරය බින්ද
පැටවුන් වැඩී පසු කරගෙන දුක් කන්ද

මකුළු පරපුරෙහි එක් කෙලවරක ඉඳ
මකුළුව කල්පනා කරමින් මවගෙ රඟ
තමපැටවුන්ම රස මසවුළු වන දිනෙක
තමනුත් දැලක නූලක් විය බව දැනින...



පින්තුරය ඉස්සුවෙ - http://teachers.net/gazette/wordpress/wp-content/uploads/2012/07/spiders_web.png


11/18/12

උදෑසන...

********************************************

 

සිතෙහි ඇතිවුණ පහන් හැඟුමක් කෙළවරක හිඳි නුඹට පෙනෙද්දි..
ගතෙහි පිබිදුණු සසල හිරිගඩු නැවුම් කතාවක රහස කියද්දි..
මලෙහි පෙති මත රැස්වු පිණි බිඳු උදා හිරු වෙත ද්වේෂ කරද්දි...
නුඹෙහි වත මත වැතිරු මද නළ මගෙ ලොකය සුවඳ කරද්දි...




********************************************* 

පින්තුරෙ ඉස්සුවෙ.....
www.sodahead.com/living/ok-this-is-a-gross-one-do-you-kiss-your-partner-first-thing-in-the-morning/question-1759777/?link=ibaf&q=&imgurl=http://ih1.redbubble.net/work.3665165.3.flat,550x550,075,f.morning-kiss.jpg

1/23/12

ලිංගික කුහකත්වය හා ලිංගික ජිවිතය හා ජිවිතවීමෙ සතුට....

මෙ අභිත අයියායි, ප්‍රියායි, දිල්, රංග තුන්දෙනා මරාගෙන තිබුනා මෙ සාකච්චාව එලියට ඇදලා.. පොඩි එකා වුනත් මුකුත් නොකියා ඉන්න එක හරි මදි නිසාත් රත් වුණ වෙලාවෙ තැටියට පිටිගුලියක් දාගෙන රොටියක් පුච්ච ගන්න ඔනා නිසාත් සටහනක් දමන්න ඔනා කියලා හිතුනා මෙ සම්බන්දව. එතකොට අපි මෙ ගැන ලියන්න ලියන්න අපි මෙ ගැන නොදන්න බව ඉතාම ලස්සනට එලියට එනවා.. හැබැයි මෙ ඔක්කොම හිතෙ තියන අදහස් විතරයි. අභිතයියගෙ මාතෘකාවෙදි අභිත අයියා එක එල්ල කරලා තිබුනෙ ගැහැනු ඔක්කොම පත්තිනි අම්මලා, අපි තමයි වලත්තයො ... එ වගෙ  එක පටන්  ගත්තෙ ප්‍රියාගෙ බ්ලොග් එකෙදි ගැහැනු කෙනෙක් කියලා තිබුනා ආදරයක් නැතුව ගැහැනු කෙනෙකුට ලිංගිකව එකතුවෙන්න අමාරුයි පිරිමි කෙනෙක් එක්ක කියලා... පිරිමි අයට එහෙම නැහැ... ආදරයක් නැතුව පිරිමි අය එකතුවෙනවා කියලා. අපිට මිනිස්සුන්ගෙ හිත් දිගටම කියවන්න බැහැ.. ආදරයක් කියන වචනෙට වැඩිය ආකර්ෂනය කියන වචනෙ පාවිච්චි කරන එක හොදයි කියලා මට හිතුනා.. ගණිකාව තමන්ගෙ සේවාදායකයත් එක්ක එකතුවෙද්දි සේවා දායකයාගෙ ආකර්ශණාත්මක ලක්ෂනයක් හොයාගෙන එ කෙරෙන් සේවාදායකයාව තෘප්ත කරනවා වෙන්න පුලුවන්. එ වගෙ කෙනෙකුට තමයි සාර්ථක ගණිකා වෘත්තියක නියැලෙන්න පුලුවන්.  එක නිසා ගැහැණු අය මෙ ආදරය කියන දෙ ඉස්මතු කරාට එයාලගෙ සටහන් වලින් ඇත්තටම ආදරයට වැඩිය ආකර්ෂනය තමයි එතනදි මතුවෙන්නෙ. එ ආකර්ශයන පිරිමි කෙනෙක්ගෙ කඩවසම් බවම රදා පවතින දෙයක් නෙමෙ. එකට ගොඩක් සාධක තියනවා. කොහොම වුණත් ඔය ගැහැනු කෙනෙක් ගෙ ආදරය කියන දෙ මම විස්වාස කරන්නෙ ගොඩක් අඩුවෙන්. ගැහැනු කෙනෙක් ආරක්ෂාවයි පතන්නෙ. ආරක්ෂාව,ස්ථාවරත්වය,ශක්තිය,මෘදුබව වැඩි තැන ගැහැනු අය නතර වෙනවා. පිරිමි අය විස්වාසය,සතුට,ආකර්ශණය, ගතිකත්වය වැඩිව තියන තැන් වල නතර වෙනවා. කොහොම වුණත් මුලු සත්ව සංහතියෙම බුද්ධිමය පරිණාමණයේ සිදුවෙන වැදගත්ම කරුණ තමයි දිර්ඝ කාලීන සම්බන්දකම්. එ නිසා ඉතාම වැදගත් ලක්ෂනයක් තමයි සම්බන්දකම් අතර ඇති විස්වාසය. එක පවත්වාගෙන යන්න පුලුවන් ඉහල බුද්ධියකට විතරයි. ඉතින් මෙ විස්වාසය කියන දෙ එකිනෙකාගෙ මනස මත රදා පවතින් දෙයක්. මම කෙනෙක්ව විස්වාස කරද්දි මම කල්පනා කරන්නෙ නැහැ එ කෙනා එ විස්වාසය දිගටම රකිනවද කියලා. එයාගෙ බුද්ධියට, මානසෙ යම් හැකියාවන් කිපයකට අනුව පවතින දෙයක්. එක බිඳුනට පස්සෙත් මම ආයෙ එ කෙනාව විස්වාස කරනවා. '' හරි කෙල්ලෙ ප්‍රශ්නයක් නැහැ, එකට මොකක් හරි කරමු ''. ආයෙමත් '' මට උඹව විස්වාසයි ''...... මට ප්‍රශ්නයක් නැහැ අනිත් කෙනා විස්වාසය රකිනවද කියන එක.. එක මට වැඩක් නැහැ .. මට වැඩක් තියන්නෙ මම විස්වාසය රැක්කද කියන එක. මට එ විස්වාසය 100 % පරිපුර්ණව රකින්න බැරි බව මම දන්න හින්දා මම එක මගෙ විරුද්ද ලිංගිකයාගෙන් බලාපොරොත්තු වෙන එක වැරදි නිසාත් ඇයටත් අවස්ථාවක් දෙනවා. ඇගෙ මනසට වැට බඳින්න මම උත්සහා කරන්නෙ නැහැ. ඇයට එ නිදහස දිය යුතුයි.. මා තුල යම් ගතිගුණ තියනවා නම් ඇය මා කෙරෙහි දිගටම නැඹුරු වි සිටින්න එක මගෙ දක්ෂතාවයක් කියලා මම පිලිගන්නෙ. මම මෙ ලියන්න උත්සහා කරන්නෙ මම ලිංගික කුහකත්වයක් නැතිකෙනෙක් කියලා නෙමෙ. නමුත් මම හැමතිස්සෙම උත්සහා කරනවා එ කුහකත්වයෙන් මට දැනෙන අස්ථිර බව අඩු කරගන්න වෙන වෙන ගති ගුණ ඉස්මතු කරගන.
මෙ ලිංගික කුහකත්වය අල්ලගෙන අපි එකිනෙකාට වචන වලින් විදගන්නවට වැඩිය ඉතාම වැදගත් මාතෘකා කිපයක් තියනවා මෙ සම්බන්දව අදහස් තොරතුරු හුවමාරු කරගන්න. මෙ අනතුර අපි හැමොම අපෙ විරුද්ද ලිංගිකයත් එක්ක සමජයෙ ගත කරද්දි මුහුණ දෙන පොඩි අවදානම් හැගිමක්. එත් එක ගැන බයෙන් සැකෙන් අපෙ අපෙ ජිවිතය අපි ලගින් ඉන්න කෙනාට අපෙන් ලැබෙන්න ඔනා විස්වාසය, ගෞරවය, සෙනෙහස , දයාව අඩු කරනවා නම් එක ලොකයෙ බුද්ධිමත්ම සත්තු කියයි කියා ගන්නා අපි අපිට කරගන්න ලොකු නින්දාවක්.
ප්‍රියන්ත අයියා ලියලා තිබුනා ලිංගික තෘප්තිය ගතටද සිතටද.. මගෙ අදහස් නම් තමන් ලිංගික වශයෙන් තෘප්තිමත්, සක්‍රිය කෙනෙක් නම් එ පුද්ගලයාගෙ නිවැරදිතාවය, හැකියාව , ආත්ම විස්වාසය මෙ හැම දෙයක්ම ඉතාම ඉහල මට්ටමක පවතිනවා. එක අපිට එ පුදගලයාගෙ සැම ගතිගුණයකම සටහන් වෙලා තියන දෙයක්. අපිට පුද්ගයෙකු දිහැ බලලා, හොදින් නිරික්ෂනය කරලා, එයාගෙ ජිවිතෙ හැඩය ගැන හිතන්න පුළුවන්. මෙතනදි ප්‍රියන්ත අයියා විස්තර නොකරන දෙයක් දකිනවා මම. අනිත් පාර්ෂවය උදුරගන්න ලිංගික සතුටක් තියනවා, අනිත් පාර්ෂවය කැමැත්තෙන්ම තමන්ට දෙන සතුටක් තියනවා. දෙපැත්තෙම තෘප්තිය තියන්නෙ තමන්ගෙන් අනිත් පාර්ෂවයාට තිලිණ කරන සතුට මත. ගැහැණු කෙනෙකුට මොනදෙ නැති වුණත් තමන් වෙනුවෙන් තමන්ව රැකබලාගන්න, තමන්ට ආදරෙ කරන්න විස්වාසවන්ත කෙනෙක් ඉන්නවා කියන දෙ මුලු ජිවිතයම තෘප්තිමත්ව ගෙවන්න තියන ප්‍රදාන සාධකයක්.පිරිමි කෙනෙකුට මොන දෙ නැති වුණත් මම මගෙ ගැහැණිව මට පුලුවන් අයුරින් රැකගත්තා, සැලකුවා කියලා දැනෙන දෙ පිරිමි බොහොම අතලොස්සකට විඳින්න පුලුවන් සන්තොසයක්. බොහොම සියුම් සතුටක්. එක නිසා ලිංගික තෘප්තියත් ජිවිතෙ අපි ලබාගන්න ජිවත්වීමෙ තෘප්තියත් අතර ලොකු ලබැඳියාවක් තියනවා. අපි කොතරම් දෙවල් එකිනෙකින් වෙන් කරගෙන වෙන වෙනම අධ්‍යනය කරන්න හැදුවත්, අර්ථදැක්වීම් කරන්න හැදුවත් ලිංගික ජිවිතය, ගෘහ ජිවිතය, වෘත්තිමය ජිවිතය, ආධ්‍යාත්මික හරයන් මෙ හැම දෙයක්ම එකිනෙකට සම්බන්දයි, රසවින්ඳනය, සංවේදිතාවය, නිරවද්‍යතාවය මෙවා හැමදයක්ම එකම දෙකින් ව්‍යුත්පන්න වෙන දෙවල්.

මම මෙ ලිපිය ලිද්දි අරහෙ අරුන් මරාගන්නවා. එවා කියවපුවාහම මට තෙරුම් යන කිපයක් තියනවා. මෙ ලියන්නෙ මගෙ අදහස්. මට මුලු ලොකයම හදන්න බැහැ. අපි හැමොම අපෙ හදවත් යම් යම් තැන් වලදි හොදටම පලුදු කරගත්තු මිනිස්සු. එ හදවත් වල පලුදු වහගන්න අපි තව කෙනෙක්ගෙ හදවතක් තුවාල කරන එක වැරදියි. එක අපෙ අතෙන් නොකෙරෙන්න ඔනා දෙයක්. අපි හදවත් හිත් ඇතුලෙ තියන මෙ රිද්මය අපි ජිවිතෙදි අපෙ සහකරුවා හො සහකාරිය ඉදිරියෙ ඇයගෙ ඔහුගෙ සතුට තෘප්තිය කෙරෙහි විශාල ලෙස බලපාන දෙයක්.  පිරිමි කෙනෙකුයි ගැහැනු කෙනෙකුයි කාමරයක් ඇතුලට රිංගුවා, බස් එකක දි ආකර්ෂනය වෙලා බස් එකෙන් බැහැලා කාමරෙක රිංගුවා සංස්කෘතියක් නැහැ සදාචාරයක් නැහැ කියලා එ ගැහැණු කෙනාටයි පිරිමි කෙනාටයි දොෂාරොපණය එල්ල කරන එක වැරදියි. හැමොම තම තම නැණපමණින් හැසිරෙන්නෙ. එවගෙම උඹලා පත්තිණි අම්මලා, අපි වලත්තයො කියලා කියන එක මට අනුව තෙරුමක් නැති දෙයක්.. අපි සමාජය හදන්න යන එක හොඳ දෙයක් නෙමෙ. ලිංගික කුහකත්වය අපි හැමොගෙම තියනවා.. එක නැහැ.. එක වැරදියි.. එව්වා තෙරුමක් නැති කතා. පිළිගන්නෙ නැති කෙනෙකුට තෙරුම් කරලා දෙන්න එපා කියලා මට තිස්ස අයියා ලස්සනට තෙරුම් කරලා දුන්නා.
මචන් අයියලා, අක්කලානෙ.. මට අනුව , මගෙ අදහස් වලට අනුව උඹලගෙ ජිවිත වල තියන වටිනාකම තිරණය වෙන්නෙ උඹලගෙන් උඹලගෙ ඉදිරි පරම්පරාවට දෙන දායදය අනුව. උඹලගෙ තාත්තලා උබලගෙ අම්මලත් ලිංගිකව එකතුවෙලා ඉපදුනා. ඉස්කොලෙට දැම්මා. උඹල හැදුනා සමාජෙට ගියා, හම්බ කරා, උඹලා දැන් දරුවො හදනවා. උබලා උඹලගෙ යට ඉන්න උන්ට මොනවද දෙන්නෙ... කියන දෙ මට ලොකු ප්‍රශ්නයක්. මම තදින්ම විස්වාස කරනවා ලමයට කුණුහරප ඔක්කොම උගන්වන්නෙ උන්ගෙ අම්මයි තාත්තායි කියන දෙ.

දැන් මෙ බ්ලොග් අවකාශය ඇතුලෙ ඉන්න අක්කලා,නංගිලට ලිංගික කුහකත්වය තෙරුම් කරන ආකාරයට මම කැමති නැහැ. උඹලා එහෙම කරන්න යන්නෙ උඹලගෙ ගැහැණුගෙන් උබලා පරාදවෙලා හින්ද කියලයි මට වැටහෙන්නෙ. ලිංගික කුහකත්වය තමයි ලිංගික ජිවිතය ලස්සන කරන්නෙ.. එ ලිංගික ජිවිතය  මුළු ජිවිතයට ලොකු අර්ථයක් එකතු කරනවා.

බැදලා නැති උන්... ඉක්මනට කවුරුහරි හොයාගෙන බැදපල්ලා. මම මෙහෙමයි මගෙ ගැහැනිට, මගෙ දරුවට සලකන්නෙ කියලා.  ලොකෙට පෙන්නපල්ලා.
බැදල ඉන්න උන්... උඹලගෙ ජිවිතෙ ලස්සන ලොකෙට පෙන්නෙ උබලගෙ දරුවාගෙන්. එ දරුවො තමයි උඹලගෙ විශිෂ්ඨත්වය ලොකෙට පෙන්වන්නෙ.

ලිංගික කුහකත්වය මිනිස්සුන්ගෙ ජිවිත මෙ දෙකම බොහොම සියුම් හුයකින් බැදි ඇති ආකාරයක් තමයි මම දකින්නෙ. මෙක අපිට උපතෙ ඉදන්ම තියනවා. බස් වල ජැක් ගහන උන්, ගණිකාවොත් එක්ක නිදාගන්න උන්, තමන්ගෙ බිරිදව අමතක කරලා දාල හොර ගැහැණුත් එක්ක නිදාගන්න උන්,  තමන්ගෙ මිනිහව අමතක කරලා පිට පිරිමිත් එක්ක නිදාගන්න උන්. මෙවා ඔයාලා ගහමරාගන්න ඔනා ප්‍රශ්න නෙමෙ. මට දැනෙන විදියට ඔයාලගෙ ප්‍රශ්නෙ තියන්නෙ. ඔයාලට ඔයාලව විස්වාස කරන්න බැරිකම. මිනිස්සුන්ට ගෞරවය ආදරය විස්වාස කරන්න පුරුදු වෙමු. අපිට එක කරන්න බැහැ. හැබැයි උත්සහා කරමු.

12/12/11

සෝම හාමුදුරුවො සහා මගෙ රට.......

''ගංගොඩවිල සොම හාමුදුරුවොලු බණට එන්නෙ.. "

මම සත පහකට ගනන් ගත්තෙ නැහැ...කර කර හිටපු වැඩේම කරනවා.

''නියමෙට බන කියනවා බන් ඇඬෙන්න.. උඹ උගෙ බණක් අහලා නැහැනෙ''
මට හිනා ගියෙ නැත්තෙ.. අපේ ගැන්සියෙ හිටපු උන් සාමන්‍යෙන් කොච්චර පංසල් පල්ලි ගියත් ඔනා කෙනෙකුට කතා කරන්නෙ මෙහෙමයි. මම එදා එ බණට ගියෙ නැහැ. ඉට පසු කිපවතාවකදිත් අපේ නගරයට සෝම හාමුදුරුවෝ වැඩියත් මම එක බණක් ඇහැව්වෙ නැහැ. පාසලට වැඩියා  සීල ව්‍යාපාරයෙ යෙදි හිටපු අයට බණ දෙශනා කරන්න.. එ වේලාවෙත් මම කොහාට හරි මඟහැරියා. එ  2002 දි විතර. කැම්පස් එකෙ මුල් මාස දෙකෙදි තුනෙදී මට ගොඩක් ජිවිතෙ ගැන කල කිරිම් ඇති වුණා. මම ධර්මය හොයන්න ගත්තා. එක එක සයිට් වල. ඔන්න ඔය යන අතරතුරෙදි තමයි සෝම හාමුදුරුවන්ගෙ පළවැනි බණ මගෙ කණට වැටුණෙ. එ තමයි ''සතර අගති''

චන්දා දොසා බයා මොහා - යොධම්මං අතිවත්තති
නිහියති තස්ස යසො - කාල පක්ඛෙව චන්දිමාති...

ඔන්න ඔය ගාථාව තමයි එ දේශනාවට අරමුණු වෙන්නෙ. මම හරිම ආසවෙන් ඉට පස්සෙ බණ අහන්න ගත්තා.. සොම හාමුදුරුවන්ගෙ හඬ එකතුවක් හදාගත්තා.එ ඔක්කොම බණ ඇහැව්වත් කවදාවත් පල්ලියකට, පල්ලියේ දෙවියන් වහන්සෙව යදින පුදන කෙනෙක් කෙරෙහි වෛරයක් ඇතිවුණෙ නැහැ.. කතොලික , මුස්ලිම් යහලුවො වෙනදා මෙන් ඇසුරු කරා. මම ගොඩක් සන්තොස වුනා මම බෞද්ධ පවුලක ඉපදිලා තියන්නෙ ලොකුම වාසනාවකට වෙන්න ඇති කියලා. මම සංසාරෙ, සංසාර පුරුදු කියන දේ ගැන විස්වාස කරනවා.
සොම හාමුදුරුවො එයාගෙ අන්තිම දෙශනාවෙදි ප්‍රකාශ කරා මෙහෙම.

'' මෙ අවසන් ඉල්ලිම වශයෙන් අපි කීපදෙනෙක් අපවත් වෙමු. අපවත් කරන්න නම් ලැහැස්ති වෙන්නෙ.. සාසනෙ නාමයෙන් අපි කිපදෙනෙක් අපවත් වෙමු. අතීතයෙත් අපවත් වුණානේ.. එහෙමනෙ රැකගෙන ආවෙ... එහෙම නම් ඉතින් , එතකොට එකෙන් පාඩමක් ඉගෙනගෙන එක්කො පැනලා දුවයි ඔක්කොම.. නැත්තම් අපෙ මල මිණිවලට උඩින් එගොල්ලො ඉදිරියට එවි.. ඔය දෙකෙන් එකක් වේවී.. එ ටික හොදට සිහියෙ දරාගන්න..''

සෝම හාමුදුරුවො අපවත් උනා. අපවත් කරාද.. අපවත් වුණාද...  යන්න මට වැඩක් නැහැ.. දැන් උන්වහන්සෙගෙ හුස්ම ටික ගිහින් කය අළු වෙලා ඉවරයි. අපිට ආපහු මුකුත් නැහැ මෙ එකතුකරගත්තු හඬපටි ටික විතරයි තියන්නෙ.අවුරුදු 60 ගානක් මෙරට පාලනය කරපු පාලකයො, වරින් වර මතු වුණ විප්ලවවාදියො, කථිකයො, එයාලා කරපු කියපු දෙවල් ගැන මම ඉතාම සුළුවෙන් පොත පතින් කියවලා තියනවා. හාල් වලින් මිනිස්සුන්ව බය කරා, ඔන්න යුද්දෙ  කියලා මිනිස්සුන්ව බය කරා, ඔන්න ද්‍රොහියො කියලා මිනිස්සුන්ව බය කරා. හැමදාම  එකම දෙ කරෙ. අපි හැමදාම මේ නාඩගම දිහැ බලන් හිටියා. අදටත් .. නිල් පාට, කොල පාට, රතු පාට...
'' තට්ටයො පාර්ලිමෙන්තුවට එන්න අරගෙන.. ගණයි පංසල් වලට වෙලා දෙන දෙ කාලා බීලා ඉන්න බැරුව.. මගුල් අහනවා පාරවල් ගානෙ.. '' මෙ වචන මගෙ කන්දෙකට වැටිලා තියනවා 100 මොරටුව කොටුව බස් එක ඇතුලේ.
තමන්ගෙ ආගමට වැඩිය තමන්ගෙ පක්ෂෙ හැමතිස්සෙම අපෙ බෞද්ධයින්ට ලොකු උණා නෙද..
මම නම් නියම බෞද්ධයෙක් නෙමෙ. මට බැහැ මම නියම බෞද්ධයෙක් කියලා කියන්න.මම ගොඩක් උත්සහා කරනවා හොද මනුස්සයෙක් වත් වෙන්න.. අරක්කු ටිකත් බිව්වත් බලන්නෙ කාටවත් කරදරයක් නොවි පැත්තකට වෙලා ඉන්න. කුණුඇල ඇරියාවගෙ කට බස බස ගාලා පිටවෙන වචන... එ අස්සෙන් ප්‍රොසෙසර් එක වැඩ කරනවා .... අර වචනෙන් අරයාගෙ හිත රිදුනද... මෙ වචනෙන් මෙයාගෙ හිත රිදුනද....

සෝම හාමුදුරුවො ඉවරයි.. අපිට බැහැ .. බොරුවට සොම හාමුදුරුවන්ව උඩ දාගන නටන්න යන්න එපා.. ජිවත් වෙලා ඉන්න වීරයින්ට ගෞරව කරන්න.. විරයෙක් කියන්නෙ වීරයෙක්... වීරයා හැමතැනදිම වීරයා. දෙශපාලනය කියන්නෙ බෞද්ධයින්ගෙ විෂයක් නෙමෙ. බෞද්ධයො දෙශපාලනය ගැන කතා කරන්නෙ නැහැ..
''මහණනි මට කරන උතුම්ම පුජාව ප්‍රතිපත්ති පුජාවයි '' බුදුහාමුදුරුවන්ගෙ වදන්..


මිය ගිය මිනිස්සු වෙනුවෙන් කඳුලු තොරණ් බලුප්.. පුජා එපා.. උන් වහන්සෙ දේශනා කරපු අඩි පාරෙ යන්න.... පුළුවන් නම්.. මන්දා මට නම් යන්න බැහැ.. හැබැයි ට්‍රයි එක ෆුල් ට්‍රයි එකක් දෙනවා.. මනුස්සයෙකුගෙ කැඩිච්ච බිදිච්ච හිතක් අල්ලන් .. '' උඹ හරි වටින වැඩක්නෙ කරෙ, නියමයි මචන්.. උඹව දකින එක සතුටක් මට..''.. එ වගෙ වචෙනෙකින් සංග්‍රාහා කරන එක ඇරෙන්න වෙන දෙයක් කරන්න අමාරුයි.

රටයි ජාතියයි .. ආගමයි ගැන මට හිතන්න ඔනා නැහැ..එව්වා ගැන හිතන්න නායකයො ඉන්නවා.. හැමදාම ජාතික අයිටිඑන් නාලිකාවල අපි දකිනවා බෞද්ධ නායකයින්ව. බෞද්ධ සංගම් වල සභාපතිලා, ලේකම්ලා කුලල් කාගන්න හැටි.. එකිනෙකාව මරාගන්න හැටි පාර මැද්දෙ.. මිනි මරුවන්ව රට පැටෙවෙන හැටි...අපෙ ප්‍රතිපත්ති හදන තිඹිරිගෙය ඇතුලෙ අවජාතකයින් නටද්දි , උන් රටෙ වැදගත්ම පරමාදර්ශයන් වෙන නිතීය, ආගම මෙහෙම විනාස කරද්දිත් සද්ද නොකර කටවහාගෙන ඉන්න එක තවත් එක වැදගත් සාධකයක් මම බෞද්ධයෙක් කියලා ඔප්පුවෙන.
බෞද්ධ හදවතක තියන සරල, සංසුන්නිහඬ බව විඳින බෞද්ධ හදවත් ලංකාවේ හැම තැනම බොහොම දුකසේ උනත් ජිවත් වෙනවා ඇස් දෙකෙන් දකිද්දි හරිම සතුටක් හිතට. එ මිනිස්සු තමයි මෙ රට මෙහෙමවත් ලස්සනට ඇදගෙන යන්නෙ.. මෙ රට මෙහෙම පවතින්නෙ ජනාධිපතිලා, ආර්තික මාහාචාරියලා ගෙ තිරණ හින්දා නෙමෙ...අවංක මිනිස්සු ටිකක් හරි තමන්ගෙ රාජකාරිය අවංකව කරන හින්දා..
මෙ වගෙ නිවට නින්දිතයො රැගුම් රඟන රටක ඉදන් මම මගෙ හිත සංතොසයෙන් ගෙනියන්න පුළුවන් හැමදෙම කරන්වා.. චොදනා නැහැ.. ඔයාලට පුලුවන් තරමක් ඔයාලා අරන් යන්න.. මම මට පුලුවන් තරමක් එකතු කරගන්නවා.. මම බලන්නෙ ගෙනියන්න පුළුවන් දෙවල් එකතු කරගන්න..

10/7/11

පැරදුනත් කමක් නැහැ හැබැයි අතහරින්නෙ නැහැ......

පහුගිය ටිකෙ මම පුද්ගලික ඉස්පිරිතාල වල ටිකක් ඇවිද්දා. යහලුවො මිත්‍රයින්ගෙ අගය ගොඩාක්ම දැනෙන්නෙ මෙවෙලාවට. සල්ලි මුකුත් එකතුකරලා නැති වුනත් කොල් හතරකින් පහකින් අවශ්‍ය කරන සියලුම තොරතුරු එකතු කරගෙන රොහල ඇතුලෙ නටන්න පටන් ගත්තා. ගිය කාරිය අතරතුරෙදි මම ඉදගෙන හිටියා රොහලෙ පිලිගැනිම් කවුලුව අසල තිබුන පුටුවක. එක පාරම ඉදගෙන හිටපු ඔක්කොම නැගිටින්න පටන් ගත්තා. මම දැක්කෙ නැහැ මොකද්ද සිද්දිය කියලා හැබැයි හැමොම නැගිට්ටා නැගිටලා ප්‍රදාන දොරටුව දිහැ බලාගෙන. මම එ පැත්ත දකිද්දි පොලිස් නිලදාරින් වට කරගෙන රොහල ඇතුලට ආපු සරත් ෆොන්සෙකා මහත්තයා දැක්කෙ. මාවත් ඉබෙම නැගිටුනා. සරත් ෆොන්සෙකා මහත්තයා නිලධාරින් එක්ක ඇතුලට ගියාට පස්සෙ මම ලඟ හිටපු ගැහැනු කෙනා මගෙන්

'' කවුද පුතා එ දැන් ආපු ඇමති ''

'' සරත් ෆොන්සෙකා ''

මම වැඩිය වචන දෙන්න ගියෙ නැහැ. හිමිට ඉදගත්තා. ගුණය මකලා දැම්ම හැකියි, ප්‍රභාකරන් මැරුනත් ගොඩක් ඇත්ත කියන කෙනෙක් කියලා මට වැටහුනා.සරත් මහත්තයගෙ මුහුනෙ තිබුන හිනාව මට මතකයි එකෙත් තිබුනෙ පැරදුනත් අතහරින්නෙ නැහැ කියන හැගිම.

රොහලෙන් ඉද්දි බාර් එකෙන් දෙකක් විතර නමා ගෙන ගෙදර ආවෙ. ගෙදර එද්දි මාව හම්බවෙන්න මල්ලි කෙනෙකුයි එයාගෙ තාත්තායි ඇවිල්ලා තිබුනා. එයාලා මම එනකම් පැයක් විතර බලන් ඉදලා. අම්මත් විස්තර කියලා. එ මල්ලි කැම්පස් එකට යනවා හෙට කියලා මට කියලා යන්න ඇවිල්ලා තිබුනෙ. එ මල්ලි මගෙ කකුල් දෙක අල්ලා වඳිද්දි මගෙ කටින් පිටවුණෙ.. '' මල්ලි මට වඳින්න එපා '' .. එත් ඌ වැන්දා.

මගෙ අම්මත් බලන් හිටියෙ. ඌ මගෙන් උපදෙස් කිපයක් බලාපොරොත්තු උන හින්දාද කොහෙද මම කටට ආපු දෙවල් කියාගෙන ගියා.

'' මල්ලි බොහොම පරිස්සමෙන් ඉගෙන ගනින්, අම්මලා තාත්තලාගෙ බලාපොරොත්තුත් එක්ක සෙල්ලම් කරන්න එපා. උඹ දිහැ බලාගෙන ඉන්නෙ. ගුරුවරුන් එක්ක බොහොම පරිස්සමෙන් කතා බහ කරපන්. බොහොම සරලව හැසිරියන්.''

මෙව්වා මගෙ හිත ඇතුලෙ ඉස්කොලෙ යද්දි තිබුන හැගිම් වලින් කොටසක්. මෙ වගෙ හැගිම් මට කොහෙන් ඇතුල් උනාද දන්නෙ නැහැ එක පෙර කරපු පිනකට මගෙ ආත්මෙ ඇතුලට රිංග ගත්තෙ කියලා මට හිතුනෙ. එවගෙ හැගිම් තියන දරුවෙකුට ඉගෙනගන්න අමාරු නැහැ කියන දෙ මම හොදටම දන්නවා. මට දොස්තර කෙනෙක් වෙන්න ඔනා, මට ඉංජිනියර් කෙනෙක් වෙන්න ඔනා, හොද ගෙයක් දොරක් හදාගන්න ඔනා, සැප පහසු ජිවිතයක් ගෙවන්න ඔනා කියන දෙ අරමුණු කරගෙන ඉගෙනගන්නවාට වඩා මෙ මගෙ අම්මා තාත්තා මම වෙනුවෙන් මහන්සිවෙනවා, මම වෙනුවෙන් කැපවෙනවා උන්ගෙ බලාපොරොත්තු බිඳින්න හොද නැහැ කියන අරමුණෙන් දරුවෙක් වැඩ කරද්දි, හැසිරෙද්දි එ දරුවට ලොකු වෙස්වලාගත් ආශිර්වාදයක් තියනවා, එක දේවආශිර්වාදය වැඩිය ගොඩක් බලවත් දෙයක්. ඔය නැකත්, බොධිපුජා දේව පුජා හැමදෙකටම වැඩිය බලවත් දෙයක්.

''යන්නම් පුතා'' කියලා  එයාගෙ තාත්තයි එයයි යන්න ගියාට පස්සෙ මට මතක් වුනා. මගෙ අම්මා මම කැම්පස් එකට යන දවසෙ දි මට දිපු අවවාදය ''උඹ ජාතිය, ආගම , දෙශපාලනය ගැන මිනිස්සුත් එක්ක වාද කරන්න යන්න එපා '' .. ජිවිතෙ මෙ පොඩි කාලය ඇතුලෙ විවිධ මිනිස්සුන්ගෙන් මම එක එක දෙවල් වර්ණා, දොශාරොපන අහලා තියනවා. සමහර මිනිස්සු බනිනවා, සමහර මිනිස්සු හොඳ කියනවා. එත් මම විස්වාස කරන්නෙ අපි හැමොම කරන කියන දෙවල් එක තැනකදි එකතුවෙනවා. එ අපෙ හුස්ම ටික අතහරින මොහොත. මම මිනිස්සු කිපදෙනෙක් මැරෙනවා, මැරෙන්න පණ ඇද ඇද දුක් විදිනවා දැකලා තියනවා. පොඩි කාලෙ ඉදම්ම මම මගෙ වයසෙ මිනිස්සුන්ට වැඩිය වයසක අයව ඇසුරු කරෙ, පිලිගත්තෙ එයාලගෙ දෙවල්. මගෙ වයසෙ මිනිස්සු ආසාකරන දෙවල් වලට මම ගොඩක් අඩුවෙන් පැන්නුවෙ. මුදල් ටිකක් එකතු කරගෙන කෙල්ලෙක්ව තුරුල් කරන් ගෙයක් දොරක් හදාගන්නවාට වැඩිය එහාට ගිය දෙයක් තියනවා කියලා දැනුනත් මට වැටහෙන්නෙ නැහැ එ මොකද්ද කියලා. අර මම ඉස්සරහා පණ ඇදපු මිනිස්සු එවා ගොඩාක් හොඳින් කරපු මිනිස්සු. එ මිනිස්සුන්ගෙ මුහුනවල් වල ලියවිලා තිබුන දෙවල් අනුව මම දැක්කෙ '' මට එක මග හැරුනා නෙ '' කියන හැගිම. එ හැඟිම මට කවදාවත් ඇති නොවෙන විදියට මම හැසිරෙන්නෙ. එතනදි මම කල්පනා කරන්නෙ.. පරක්කු වුණාට කමක් නැහැ හැබැයි අතහරින්න එපා.. කිසි දෙයක්.. කිසිම දෙයක්.. එකයි ස්පිරිට් එක.. ක්‍රිඩාවකදි වුනත් අපි පැරදුනත් .. බලන් ඉන්න මිනිස්සු ''ශා එයාලා ලස්සනට සෙල්ලම් කරා නෙ'' කියන දෙ තමයි මට වැදගත් වුනෙ.. හැමදාම. එක තමයි මට දැනෙන විදියට අපෙ ආත්මය ඇතුලෙ හැමතිස්සෙම තියන්න ඔනා දෙ.. පැරදුනත් කමක් නැහැ හැබැයි අතහරින්නෙ නැහැ.............

8/31/11

උසස් පෙළ කඩ ඉම ගොඩ දාගත්තු හැටි

මෙක හරිම ලස්සන මතකයක්. එ මතකය පිහිටෙන් තමයි මම මෙච්චර ආත්මවිස්වාසයන් ජිවත් වෙන්න. මුලින්ම ගණිතය ඉගෙනගද්දි මට හිතුනෙ ගණන් ගුරුවරයෙක් වෙන්න ඔනා කියලා. උසස් පෙලට මම ගණිත අංශයෙන් ඉදිරිපත් වුණෙ.මම තවමත් ආසයි පොඩි උන්ට උගන්වන්න. මම කවුරු හරි පොඩි එකෙක් ලඟට ආවොත් උගන්වනවා. සල්ලි ගන්න හිතෙන්නෙ නැහැ. මොකද මට උගන්වපු මිනිස්සුත් මගෙන් කිසිදෙයක් බලාපොරොත්තු නොවි මට කන්න බොන්න දිලා උගන්වපු නිසා. උසස්පෙල කරද්දි මට තිබුන එකම ආසාව, එකම අරමුණ A තුනක් නම් නෙමෙ. මගෙ එකම ටාර්ගට් එක තිබුනෙ මට හම්බෙන ඔනැම ගණිත ගැටලුවක් විසඳිමෙ හැකියාව ඉතාම කෙටිකාලයක් තුලදි ලබා ගැනිම.

උසස්පෙල පටන්ගත්දිම මම කලෙ මට වැරදිමකින් අතට හම්බවුණ ඇස් නඩරාසර් සර් ගෙ ශුද්ධ ගණිතය පොතයි, වි ජොශප් -ඩි ධර්මදාස සර්ලගෙ ව්‍යවහාරික ගණිතය පොතයි කියවපු එක. මම එ පොත් දෙක ම රුපියල් 90 වට ගත්තෙ. මම මාස කිපයක් පුද්ගලික පන්තිවල උපකාරය ගත්තත් තාත්තාට ගොඩක් කරදර එද්දි මට තාත්තාගෙන් සල්ලි ඉල්ලන එක මගෙ හිතට ටිකක් අමාරු වුණා. දෙන දෙයක් අරන් ඉස්කොලෙ ගිහින් වෙන දෙයක් බලාගෙන අතට අහුවෙන ඔනැම දෙයක් කාලා පොත් කියව කියව , සෙල්ලම් කරපු එකම, ගණන් හදපු එක තමයි කලෙ. යහලු අයියලා ගෙන් ප්‍රශ්න පත්තර , එයාලා ගාව තිබුන පොත් පත් එකතුකරගත්තා. එවා කියවලා මොනවද මම දැනගන්න ඔනා කියලා පුංචි අවබොදයක් තිබුනා.
මම ගුරුවරයෙක් ලඟට ගිහින් ගොඩක් වෙලාවට එයා උගන්වන දෙ ඉගෙන ගන්නවට වැඩිය කරන්නෙ එයාගෙ ගතිගුණ ගැන කල්පනා කරන එක. මෙයා මොනවගෙ කෙනෙක්ද, කොහොමද හිතන්නෙ පතන්නෙ.මම දැකපු මම අනුකරණය කරපු නියම ගුරුවරයෙක් තමයි මැකොලි සර්. ගුරුවරුන්ගෙන් දැනුම ගන්න එක ලෙහෙසියි පොතකින් පතකින් දැනුම ගන්නවට වැඩිය.. නමුත් හොදම ක්‍රමය මට දැනෙන විදියට පොතකින් සංකල්පය හිත ඇතුලට දමාගෙන ගුරුවරුන් ගාවට යන එක. ගණිතය , භෞතික විද්‍යාව නම් මම ගුරුවරුන්ට දුන්නෙම නැහැ උගන්වන්න.. එවගෙ මම දැනගන්න ඔනා විෂය කරුනු ගොඩක්ම උඩ සටහන් කරපු පොත් පත් වලිනුයි, ඉස්කොලෙ පුස්තකාලෙ තිබුන ලොනි, රැම්සෙ , කේ ඩබ්ලිව් හේවගෙ සර්ගෙ පොත් සැට් එකයි ඇසුරෙන් තමයි ගොඩ දාගත්තෙ. රසායන විද්‍යාවට ඉතින් ජේ.කේ.පි ආරියරත්න සර් ගෙ පොත් ටිකයි, වාසනාවට හම්බ වුණ ඉස්කොලෙ ගුරුතුමියයි එයාගෙ මහත්තයයි හින්දා තමයි. ' ඔයා පන්ති එන්න සල්ලි එපා ' මමත් ඉතින් හිතුන හිතුන වෙලාවට හිතුන හිතුන දවස් වලට ගිහින් ඉදන් අහන් ඉදලා එනවා.

මෙ අතරෙදි මට ගැහැනු ලමයෙකුගෙන් යොජනාවක් ආවා ' රවා ඔයා භෞතික විද්‍යාවට පන්ති යන්නකො... මම අම්මගෙන් ඔයාටත් එක්ක සල්ලි ඉල්ලා දෙන්නම් ' .
'නැහැ නිමා මට එක අමාරුවක් නැහැ රත්නායක සර් ඔය කරන ටික හොදටම ඇති '

නිමා එක වසරෙ ඉදම්ම මගෙ පන්තියෙ හිටපු කෙල්ලෙක්.. දැන් එයා රාගම මෙඩිකල් ෆැකල්ටියෙන් එලියට ආපු දොස්තර පැටික්කියෙක්.

උසස් පෙළදි මට ගොඩක්ම උදව් කලෙ මගෙ යහලුවා, පන්ති ගිහින් අරන් එන ටියුට් වල තියන ගණන් අපි සෙට් වෙලා හදනවා. මිනිහා තමයි මට අලුත් ගැටලු අරන් එන්නෙ.. ඉතින් මමත් පොරත් එක්ක දැවටි දැවටි ගණන් හදනවා. උසස් පෙල කරන්න පටන් ගත්දි මගෙ ඔලුවෙ තිබුනෙ මට ඔනැම මගෙ වයසෙ කෙනෙක් ඉදිරිපත් කරන ගණිත ගැටලුවක් විසඳිමෙ හැකියාව ගැනිම. පළවැනි අවුරුද්ද ඉවර වෙද්දි මම එතන හිටියා. ඉට පස්සෙ ආසාවටත් එක්ක විෂය නිර්දෙශයෙන් පිට තිබෙන ගණිතය හොයාගෙන යන්න පටන් ගත්තා. මෙ හැම දෙයකින්ම සිද්ද වුනෙ විභාගයෙදි මම ඉන්න ඔනා තැනට වැඩිය ඉදිරියෙන් සිටිමයි.

උසස් පෙල කරන්න පටන් ගන්න මල්ලිලා නංගිලා මෙක කියවනවා නම් ඔයාලා ඉගෙන ගන්න ඔනා මෙච්චරයි.. විභාගෙදි ප්‍රශ්නවලින් අහන්නෙ ඔයා මෙක දන්නවද, ඔයාට මෙක නිවැරදිව විසඳගන්න පුලුවන්ද කියලා විතරයි.. ඔයා කාගාවද පන්ති ගියෙ, කවුද ඔයාට ඉගැන්නුවෙ,  කිදෙනෙක්ගෙන් ඉගෙනගත්තද.. කොච්චර මහන්සි වුණාද කියලා අහන්නෙ නැහැ. අපිට පුලුවන් වෙන්න ඔනා එ අහලා තියන ප්‍රශ්නවලට උත්තර ලියන්න තරම් හැකියාවක් ගන්න. ඉස්සලාම ප්‍රශ්න කියවන්න .. පස්සෙ පන්ති වලිනුයි, අතිරෙක දෙවල් වලිනුයි දැනුම පොඩ්ඩක් එකතු කරගෙන අභ්‍යාස කරන්න. ජ්‍යාමිතිය පිලිබද තියන දැනුම , හැකියාව හරිම වැදගත් එකක් උසස්පෙලදි... ඉගෙනිමෙදි ගුරුවරුන්ගෙ හිත් රිදවන එකත් එච්චර හොද දෙයක් නෙමෙ. නමුත් හැමොම ගුරුවරුත් නෙමෙ. අරයාගෙන් මෙයාගෙන් අහ අහා දුවන්නෙ නැතුව තමන්ගෙම ක්‍රමයක් හදාගන්න ප්‍රශ්න ටිකට උත්තර ලියන්න. දැනුම ගන්න මාර්ග වලට වැඩිය කල්පනා කරන විදි ඉගෙන ගන්න එක. එක එක වෙන වෙනම මතකය ඇතුලට ඔබා ගන්නවට වැඩිය සම්පුර්ණ පද්දතියම මොලෙ අලව ගන්න එක අමාරු වුණාට හොදයි.

තමන්ගෙම ක්‍රමයකට මෙ හැම දෙයක් ම හදාගන්න. හරියන්න හරි වැරදෙන්න හරි තමන්ගෙ ක්‍රමයකට කරන්න. හරි ගියොත් මිනිස්සු මුහුණට ප්‍රශංසා කරන්නෙ නැහැ හැබැයි වැරදුනොත් වටෙන්ම එක එක කතා කියන්න මිනිස්සු ගොඩක් ඉන්නවා. කිසිම දවසක දෙයක් අතහරින්න එපා. එක මට බැහැ කියලා. ගුරුවරයෙක්ගෙන් ගණිත ගැටලුවක් ' මෙක විසදන්නෙ කොහොමද ' කියලා අහන්න එපා.... ' සර් මෙක හරිද කියලා පොඩ්ඩක් බලලා දෙන්න '

සමහර දෙවල් ගුරුවරයෙකුගෙන් විනාඩි දහයෙන් ඉගෙන ගත්ත හැකි.. නමුත් ගොඩක් වෙහෙසිලා ගන්න පුංචි දෙවල් හරියට වටිනවා. මිනිස්සුත් එක්ක තරඟ කරන්න යනවාට වැඩිය හොදම දෙ ගණිතයෙ , භෞතික විද්‍යාවෙ, රසායන විද්‍යාවෙ තියන සංකල්පත් එක්ක ඔට්ටුවෙන එක. බය නැතුව ඔයාලගෙන් දෙයක් අහන මනුස්සයට දන්න දෙයක් කියලා දෙන්න, ප්‍රශ්න පත්තර දෙන්න. තවත් මනුස්සයෙක්ව එක ලකුණකින් දෙකකින් පාස් කරලා ගන්න සතුටට වැඩිය ගොඩක් ලොකු තෘප්තියක් තියනවා කල්පනා කරන්න අමාරු ගණිත, භෞතික විද්‍යා, රසායන විද්‍යා විෂයන් වල තියන ගැටලුවක් විසඳද්දි.. එක මම තනියම කරා කියන දෙ දැනෙද්දි ඉටත් වැඩිය ලොකු සතුටක්. අර සර් විභාගෙට එන ගනන් එයාගෙ ටියුට් එකෙක දිලා තියනවා. එ සර් ගාවට යන්න ලැහැස්ති වෙනවාට වැඩිය තමන් ගැන විස්වාසය තියාගන්න.
උසස් පෙල ගණිත අංශයෙන් විභාගෙ කරද්දි පාවිච්චි කරන්නම ඔනා දෙයක් තමයි නඩරාසර් සර්ගෙ පොත.. විෂය නිර්දෙශය පස්සෙ යන්න එපා. තමන්ගෙ බුද්ධිය, තමන්ගෙ හැකියාව ඉස්සරහාට ගෙනියන්න වැඩ කරන්න. වටෙ පිටෙ මිනිස්සු නොබලන් ඉන්නෙ කියලා හිතුවට එයාලා ඔයාලා දිහැ බලන් ඉන්නෙ.

උසස් පෙළ කාලෙදි මට කවදාවත් කාලයෙන් අඩුපාඩුවක් උණෙ නැහැ.. මම සෙල්ලම් කරා, පොත් පත් කියෙව්වා, ඉරිදා , සෙනසුරාද චිත්‍රපටි බැලුවා. හරිම පරිපුර්ණ කාලයක් එක. උසස් පෙල අමාරු නැහැ.. අමාරුම දෙ මම කරපු , කරමින් ඉන්න අනිත් මිනිස්සුන්ගෙ දරදඬු ගතිගුණ ඉස්සරහා තමන්ගෙ ඇතුලාන්තයෙ තියන ගතිගුණ රැක ගැනිම. එක තමයි අමාරුම දෙ.......

-----------------

ප.ලි.

පහු ගිය ටිකෙ මගෙ ඉන්බොක්ස් එක පිරිලා තිබුනා.. මෙල් වලින් කිපයක් මම පහත දානවා

ගාල්ලෙන් දිලිනි

ඔයා ලියන්නෙ නැතුව හිටියෙ ඇයි, ලියන්නකො අයියෙ...............ටැබුත් නැවැත්තුවා.. ඔයත් නැවැත්තුවොත් මෙකෙ බලන්න දෙයක් නැති වෙනවා.. ලියන්නකො අයියෙ..

මිමුරෙ පොඩිනොනා..
රවා පුතා මම යන්න ලඟයි.. අන්තිමකැමත්ත තව උඹෙ ලියුම් දෙකක් තුනක් කියවලා යන එක.. ලියපන්..මගෙ පුතා.

දොඩම්ගස්ලන්දෙ සාමා
 ඔයා මෙ බ්ලොග් එක නැවැත්තුවොත් මම මැරෙනවා..

පිළිතුරු සටහන :-
හරියට බිසි වුණා කිව්වොත් බොරු . ලියන්නෙ නැතුව හිටියෙ.. ඔය ගුගල් ප්ලස් දැම්මට පස්සෙ.. බ්ලොග්‍ර්ස් වලට බටන් එක අතුරුදහන් වුණා.. මෙකට යන්න ක්‍රමයක් දන්නෙ නැතුව හිටියෙ....අද යාන්තම් පොස්ට් කියන බටන් එක බ්‍රවුසර් එකෙ මතු වුණා...

5/19/11

දුටු නොදුටු මිත්‍රයින් ගේ සැගව යැම්...

'රවා අයියෙ ධර්මෙ අයියා ගැන අරංචි වුණාද ' දුරකථනයෙ එහා පැත්තෙන් කතා කලෙ කැම්පස් එකෙ මල්ලි කෙනෙක්.
'මල්ලි ධර්මෙ අයියගෙ කවුද නැති වෙලා තියන්නෙ '
'අයියෙ ධර්මෙ අයියා නැති වෙලා තියන්නෙ '
'මොනවා.... මල්ලි මක් වෙලාද ...'
' බයික් එකෙ වැඩට යද්දි නවත්තලා තියන කන්ටෙනර් එක හැප්පිලා..'

...........

ධර්මෙ මගෙ විශ්වවිද්‍යාල මිත්‍රයෙක්. එයා ගිය මාර්තු මාසෙ 8 වැනිදා අනතුරකට ලක් වුනා. ජිවිතය නතරවුණා ධර්මෙගෙ එ අනතුරින්. මම ස්කුටියත් පන්නගෙන මල ගෙදර යද්දි මට මතක් වුණෙ ධර්මෙයි මමයි එකතු වෙලා කරපු දෙයක්. අපෙ දෙවැනි වසර පළවැනි සෙමෙස්ටර් එකෙ විභාගයට දවසක් තියෙද්දි අපි ලඟින්ම හිටපු චතුරන්ගගෙ තාත්තා නැති වුනා. ධර්මෙ මට කතාකරලා
'රවො අපි වැන් එකක යනවා උඹත් එනවද....'
ගෙදර යැමෙ අවශ්‍යතාවය තදින්ම තිබුනත් මම ත් නැග්ග මල ගෙදර යන්න...කොට්ටාව..හොමාගම.. ඉංගිරිය කොහෙන් කොහෙන් හරි අස්සෙන් ගිහින් රබර් වත්තක් මැද්දෙ තිබුනු ගෙදරකට සෙන්දු වුණා. කුඩා ගෙයක් 15 දෙනෙක් වත් හිටියෙ නැහැ අපි යද්දි. ගම්මානයක නෙමෙ පිහිටලා තිබුනෙ ගමක් ටිකක් ඇතින් තිබුනෙ. නැදෑයෙක් කියලත් කියන්න කවුරුවත් හිටියෙ නැහැ. අපි ටිකක් වෙලා ඉද්දි රැ වුනා. යහලුවන්ට හෙට විභාගෙ නිසා එන්න ඔනා වුණා. පුංචි වාදයක් ගියා. අද අපි කස්ටියම මෙතන නතර වෙනවද නැත්තම් බොර්ඩින් වලට ගිහින් පාඩම් කරලා හෙට විභාගෙ ලියනවද..

මම කාගෙවත් පැත්ත ගත්තෙ නැහැ... උඹලා යනවනම් මාත් එනවා, උඹලා ඉන්නවා නම් මාත් ඉන්නවා...

ධර්මෙ මට කිට්ටු කරලා
'රවා මචන් මුව මෙතන තනියම දාලා යන්න හිතෙන්නෙ නැහැ, බලහන් මිනිය තිබ්බට මිනියට තනි රකින්න කවුරුත් නැහැ , එකා එකා යනවා. මෙ ගමෙ එහාපැත්තෙ වුණුත් යනවා .. මට මචන් යන්න හිත දෙන්නෙ නැහැ... මම ඉන්නවා '
ධර්මෙ තමයි බැච් එකෙ රෙප් , පරිපාලනය අපිව නියොජනය කරන්නෙ එයා.

' මචන් උබ දන්නවානෙ මම ලෙක්චර් හතරකටවත් ගිහින් නැහැ. මම පාඩම් කරෙත් පොඩ්ඩයි, මට ලියන්නත් බැහැ, උඹ මාව යන්තම් C එකකින් ගොඩයන්න මට කියලා දිපන් පාන්දර බස් එකෙ යද්දි , මෙතනින් මටත් යන්න හිතෙන්නෙ නැහැ..'

මමයි ධර්මෙයි නතරවුනා මලගෙදර , කැම්පස් එකෙම කොල්ලො පස්දෙනයි නතර වුනෙ. අපි පස් දෙනා කතාවෙවි , බුලත් විට කකා එලි වෙනකම් වටෙ පිටෙ ඇවිදලා, සුද්ද කරලා, චතුරංගයා ලඟ දැවටි දැවටි උන්නා. අදුරණ 6 යි නාදුනන 7 දෙනෙකුයි ඔහෙ කියව කියව ඉන්නවා.. ඉදලා පාන්දර 5 හෙ බස් එකෙ ඉංගිරියට ආවා. එනකම්ම ධර්මෙ මට කියලා දුන්නෙ එක එක කරුණු ගැන විභාගෙට එන්න තියනව..
කැම්පස් එකට එලිවෙද්දි ඇවිල්ලා.
'ධර්මෙ මම පොඩ්ඩක් නිදාගන්නවා.. හොස්ටල් එකෙ උබ පොඩ්ඩක් මට කතා කරපන් එක්සැම් එකට විනාඩි 40ක් විතර තියලා.'

8.30 ට ධර්මෙ මාව හොයන් ඇවිල්ල මාව කීද්දුව.
අපි දෙන්න විභාගෙ ලිව්වා, දෙන්නම පාස් වුණා.
චතුරංගගෙ අම්මත් ඊට මාස දෙක තුනකට පස්සෙ නැති වුණා. චතුරංග ගෙ විශ්වවිද්‍යාල ගමන එතනින් නතර වුණා.
.....................
ධර්මෙ අන්තිම වතාවට මාත් එක්ක කතා කරෙ අනතුර වෙන්න දවස් දෙක තුනකට කලින්.

' මචන් මිනිස්සු අපෙ හිත හොදයි කියලා දැනගත්තු ගමන් අරින්න එන්නෙ.. වැඩ කරන තැන ගැන කියලා වැඩක් නැහැ... වැඩක් කරන්නෙ නැතුව ලොක්කට අල්ලන් ඉන්න උන් අගෙට තරු ගහාගෙන අපිට කොකා පෙන්නවනවා '

...........

ධර්මෙගෙ මරනෙන් තුන් මසක් යන්නට කලියෙන් මිත්‍රයෙ මට කතා කරලා කිව්වා ' මචන් අහවලා මැරිලා '
මම මෙ අන්තර්ජාල මිත්‍රයින්ව කිප දෙනාව ඉතාමත් ලෙන්ගතුව ඇසුරු කරත් .. මෙ මොහොතකට කලින් ඈත් වුන මිත්‍රයත් එක්ක ලෙංගතු ඇසුරක් ගොඩ නගා ගත්තෙ නැහැ. ඔහුව හිනස්සන්න , ඔහුගෙ දුක සැප බෙදාගන්න මම ලඟට ගියෙ නැහැ. අවුරුදු උත්සවයෙදි හමුවුණත් ඔහු හා කුළුපගව කතා බහා කරන්න, එල්ලි එල්ලි ඉන්න ගියෙ නැහැ.. මොකද මගෙ කටින් පිට වන වචන ටිකක් සැරයි. දහ දෙනෙක් ව හිනස්සද්දි එක කෙනෙක් ගෙ හිත රිදෙනවා. එ රිදෙන කෙනා අද අපෙන් වෙන් වුණ කෙනා වුනොත්, එ මනුස්සයගෙ හිත රිදුනොත් එක මම මට කර ගන්න ලොකු අනර්ථයක් හින්දා. අපි විහිලුවෙන් තහලුවෙන් කොච්චර හිටියත් මම මගෙ ජිවිතෙ ඉගෙන ගත්තු වැදගත්ම පාඩමක් අද ඉගෙන ගත්තා. වෙසක් දවසෙ.

.....

' මචන් නොම්මරෙ මැරිලා'
කිතුල්ගල ට්‍රිප් එකෙදි මුලින්ම හමුවුණ මිත්‍රයා, ගල්බැම්ම උඩ විදුරු දෙක තියාගෙන පැය කාලක් විතර කතා කරපු මිත්‍රයා, උගෙ මුහුණ, උගෙ හිනාව, හපුතලෙ ට්‍රිප් එකෙදි ත්‍රිවිල් කිරිත් එක්ක හිනා වුණ එ මිත්‍රයා, ඌ මාත් එක්ක ගත කරපු හැම මොහොතක්ම , එක තප්පයක් යන්න කලියෙන් එ සියල්ල හිතට දැනෙද්දි මම තව පාරක් ඇහැව්වා.
'මචන් ආපහු කියපන් '
'මචන් .......... මැරිලා'
එක ඇහෙනවත් එක්කම මගෙ හිතට නැගුනු සතුට එ මොහොතෙදිම නැතිවුනා. මොකද නැති වෙලා තියෙන්න අපෙ මිත්‍රයෙක් නිසා. සතුටයි , දුකයි දෙකම එකට දැනෙද්දි හිතට දැනන හැගිම පැහැදිලි කරන්න අපහසුයි.. එක හැගීමක් විතරයි.. එක හැගීමක්ම විතරයි.. මුකුත් නැති..

3/28/11

මුහුද දෙබෑ කරපු සහොදරයාගෙ එක කුස උපන් සහොදරියට රජයෙ රොහලකදි.......

මුහුද දෙබෑ කරන..අහස පොළොව සිඹින..
රටට සෙනෙහෙ පුදන..ලෙයින් මසින් සැදුන..

සැබෑ පියෙකි දරු දහසකි..
මුලු රටේම ලේ නෑයෙකි..
අපේ එකෙකි සිය දහසකි..මේ දරු හට මව් දහසකි..

‍යව්වනයේ මේ සගයා..

අපේ එකෙකි මේ මිනිසා.. මේ මිනිසා..
දුරකථනය නාද වුණා.
"
මල්ලි මම ඉස්පිරිතාලෙ ඉන්නෙ. මගෙ ටිකට් කපනවා තව ටිකකින් ඔයාට පුළුවන් මාව එක්කන් එන්න එන්න "
"
හරි මම එන්නම් "උදෙ 11.45 විතර වෙද්දි මම ඉස්පිරිතාලෙ ළග. 12.10 විතර වෙනකම් බැලුවා. අක්කා එළියට ආවෙ නැහැ. මම ඇතුළට ගියා. අක්කා තනියම ඇඳෙ ඉදගෙන බලන් ඉන්නවා.
"
ඇයි අමාලි අක්කෙ ටිකට් කැපුවෙ නැද්ද "
"
මල්ලි මම 11.00 කිව්වෙ මට ටිකට් කපන් යන්න ඔනා කියලා, කියද්දි මට ගොඩක් ඩොක්ට බැන්නා. රජයෙ දෙපළ කන්න එනවා, එයාගෙ කාලෙ කැවා කියලා. මට ගොඩක් ලැජ්ජා හිතුණා මල්ලි. මිනිස්සු ඉස්සරහා හයියෙන්. මගෙ බඩෙ අමාරුව අඩුයි , මම උදෙ 6 ඇඩ්මිට් වුණෙ මට බෙහෙත් පෙති වගයක් දුන්නා මට ටිකට් කපාගන්න ඔනා කිව්වට පස්සෙ. දිප්ත අයියා ත්‍රිකුණාමලෙ ඉදන් එනවා හවස එයත් එක්ක මම VOG කෙනෙක්ට පෙන්නනවා. මෙ බඩෙ අමාරුව දවස් දෙක තුනක ඉදන් තියන එකක්. මම අද උදෙ පාන්දර ඇවිල්ලා දිප්ත අයියගෙ අම්මත් එක්ක ඇවිල්ල ඇඩ් මිට් වුණෙ. ඔයාලට කියන්නවත් වෙලාවක් තිබුණෙ නැහැ. මගෙ ෆයිල් එක උඩින්ම තිබුණෙ ඩොක්ටර් මාත් එක්ක තරහට මගෙ ෆයිල් එක යටටම දැම්මා. පොඩ්ඩක් ගිහින් ඩොක්ටට කියන්න මල්ලි. "
මට ටිකක් තරහා ගිහින් මම ගියා දොස්තර ළගට. දොස්තර අක්කා කෙනෙක් වයස 27,28 ක් විතර. හරිම ලස්සන දොස්තර නොනා කෙනෙක්.

" ඩොක්ටර් අර අක්කා ඩිස්චාර්ජ් කරන් මට යන්න ඔනා. ඩොක්ටර්ට පුළුවන් ඉක්මනට එක කරලා දෙන්න. "

"
කාටද අරයටද, මම ලියනවා පොඩ්ඩක් ඉන්න "
මම ටිකට් එක ලියලා දෙනකම් පස්වරු 1.00 වෙනකම් බලන් හිටියා. ලෙඩ්ඩු බලන වෙලාව ඉවර වුණා. මම ඇතුළෙ ඉන්නකම් අක්කට මුකුත් කිව්වෙ නැහැ. මම වාට්ටුවෙන් එළියට ආවා. වාට්ටුවෙන් එළියට ඇවිල්ලා මම 2.15 වෙනකම් බලන් හිටියා. මගෙ ඉවසිම ටිකක් අඩු වුණා. මම ගත්තා අදුරන මගෙ යහළුවෙකුට, යහළුවාගෙ අයියා හලාවත හොස්පිටල් එකෙ වැඩකරන වෛද්‍යවරයෙක් මගෙ වෙලාවටම දොස්තර අයියත් මගෙ යහළුවත් එක්ක.

"
මම මාරවිල හොස්පිටල් එකෙ 4 වැනි වාට්ටුවෙ ඉන්නෙ, අක්කාව ඩිස්චාර්ජ් කර ගන්න ඔනා. මෙතන ඉන්න ඩොක්ටර් කෙල්ලෙක් අක්කට ටිකක් බැනලා දැන් මම 11.45 ඉදන් මෙතන මොනාද මෙක ඉවර කරගෙන ඉක්මනට යන්න කොහොමද "
"
මල්ලි ටිකක් ඔතන වාතවෙයන් නිතරම ඩෙස්ක් එක ළඟ හිටපන්, නිතරම අහපන්, කරදරයක් වෙයන්.. එවා කරන්න බැරි නම් අක්කාව එක්කන් ගෙදර වරෙ.. .. එච්චර කෙස් එකක් නැහැ. රොහල් පොලිස්සියට නොට් එකක් යවනවා ලෙඩා අතුරුදහන් කියලා එච්චරයි "
තාම අමාලි අක්කා එළියට ආවෙ නැහැ. මම ඇතුළට ගිහින් ඩොක්ටර් ගෙන් ඇහැව්වා.
"
ඩොක්ටර් තව කොච්චර වෙලාවක් යයිද "
"
ටිකක් ඉන්න, මම ලියලා තියන්නෙ මෙ මිසි ලෙඩ්ඩුන්ට බෙහෙත් දිලා එක දෙවි "
මම බලන් හිටියා මිසි බෙහෙත් දෙන හැටි. වයසක දුර්වල අම්මා කෙනෙක් බඩ ගාගෙන ට්‍රොලිය ගාවට ඇවිත් එයාගෙ බෙහෙත් අරන් යනවා. ට්‍රොළියෙ රොදා හතර දැක්ක ගමන් මගෙ ඇස් දෙකට කඳුළු නාපු ටික විතරයි.
රොහලෙන් එළියට එන විට 2.35 යි මම අමාලි අක්කත් එක්ක.
මට ලියන්න ඔනා වුණෙ මෙච්චරයි. මගෙන් දොස්තර නොනාටවත්, මාරවිල රොහල් බලධාරින්ටවත්, රජයටවත් මගෙන් කිසි චොදනාවක් නැහැ. අක්කාගෙ එක කුස උපන් සහොදරයා රුවන් නාලක සුමෙධ , කොමන්ඩො රෙජිමෙන්තුවෙ කොප්‍රල් කෙනෙක් . එයා කොමාන්ඩො එකට බැඳුනෙ සල්ලි නැතිව නෙමෙ. මගෙ තාත්තා ගාව සුමෙධ අයියා වැඩ කරෙ. යුද්දෙ තිබුණ කාලෙදි හමුදාවට බැඳෙන්න ඔනා කියලා සුමෙධ අයියාගෙ අම්මටයි තාත්තටයි සුමෙධ අයියා කියපුවාහම අම්මයි තාත්තායි කැමති වුණෙ නැහැ. මගෙ තාත්තා තමයි එයාලට කියලා කැමති කරගත්තෙ. සුමෙධ අයියට කකුල කලවට එක පාරක් වෙඩි වැදුණා. අපි පොඩියි අපිව හමුදාරොහළට එක්කන් ගියෙ නැහැ බලන්න. නමුත් ඉට පස්සෙත් සුමෙධ අයියා හොධවෙලා ආපහු යුද්දෙට ගියා. කොටින්ම කියනවා නම් අම්මලා තාත්තලාත් එක්ක තරහාවෙලා ගියේ. 98 මැයි 28 වැනිදා උදෙ පොලිසියෙ මහත්වරු දෙන්නෙක් ඇවිල්ලා රුවන් නාලක සුමෙධ පරන්තන් වලදි වෙඩි වැදිලා මැරිලා කියන ලියුම තාත්තාට දෙද්දි උදෙ පාන්දර 6, මම ඉස්කොලෙ යන්න ඇදුම දාගත්තා විතරයි. සුමෙධ අයියාගෙ මළකද දාපු පෙට්ටියෙ පියන ඇරපු ගමන් මෙ අද ඉස්පිරිතාලෙට ඇඩ් මිට් වුණ අක්කා සුමෙධ අයියාගෙ මළකද බදාගත්තා ඔළුව පැත්තෙන්. මල කඳෙ පපුව හා උදරයෙ එක පැත්තක තිබුණු පුළුන් මෙ අක්කාගෙ අතට දැනුණ හම මෙ අක්කා කැගහලා සිහිය නැති වුණා. මෙ අක්කගෙ තාත්තාත් නැති වුණා ඉට අවුරුද්දකට පස්සෙ. තමන්ගෙ එකම සහොදරයා මැරුණට පස්සෙත් මෙ අක්කා තමන්ගෙ පෙම්වතා කර ගත්තෙ නාවික හමුදාවෙ වැඩ කරන අයියා කෙනෙක්. එයා දැන් ත්‍රිකුණාමලෙ වැඩ කරන්නෙ.දුප්පත් අසරණ ලෙඩ්ඩු රජයෙ රොහල් වලට එන්නෙ. එයාලා දොස්තරලා මිසිලා තරම් ඩිග්‍රි,ඩිප්ලොමා කරපු උගත් මිනිස්සු නෙමෙ. එයාලා ජිවිතෙම අන්ත දුක්ඛිතව ගෙවලා තමයි ඔය රොහළට එන්නෙ. එයාලා පුද්ගලික රොහලකට යන්න සල්ලි හම්බ කරලා නැහැයි කියන්නෙ එයාලා ජිවිත කාලෙම වායුසමිකරනය කරපු කාමර ඇතුළෙ නිකන් ඉදලා නෙමෙ. මුලු ජිවිතෙම කාලෙම මහන්සි වුණ මිනිස්සුන්ගෙ අසරණකම් වලින් නිච විදියට මුලු ජාතියම වැඩ ගත්තා. ගොවියන්ගෙ අසරණ කමින් අපෙ මිනිස්සු හොදට ප්‍රයොජන ගත්තා හැමදාම. එළවළු ගොවියා අසරණ හින්දා හැමදාම අතරමැදි මුදලාලි තට්ටු උසට ගෙ හදාගෙන ඡන්දෙ ඉල්ලලා මන්ත්‍රි වුණා. කර්මාන්ත සලාවෙ වැඩ කරන මනුස්සයා තුට්ටුවට නිමිභාණ්ඩෙ හදලා දෙද්දි මහත්තයා එක රට අරිද්දි යකඩ ගොඩට සල්ලි දාපු මනුස්සයා පොහොසත් වුණා...... වගෙ තුට්ටුවට ජිවිතෙම මහන්සි වුණ මිනිස්සු තමයි අද රජයෙ රොහල් වලට ගාටන්නෙ, බඩ ගන්නෙ...... මහන්සි වෙලා, මහන්සි වෙලා ලෙඩ වෙලා.. මෙ මිනිස්සු මහන්සි වුණ හින්දා තමයි අද අපි කැම්පස් වල දොස්තර විභාග, ඉංජිනෙරු විභාග කරන්නෙ. අපිට බැරිනම් මෙ අපෙ මිනිස්සුන්ගෙ දුක බර අඩු කරන්න උදව් කරන්න තෙරුමක් තියනවද අපෙ නමට පිටිපස්සෙන් තියන MBBS SL , BSc, MSc කියන අකුරු වලින් . එයාලා ලෙඩ වෙලා අසරණ වෙලා රොහළට එද්දි අත අල්ලලා " මොකද අම්මෙ .. මොකද වුණෙ...".. රොගෙ හොයාගන්න බැරිම නම් ටක් ගාලා ඉක්මනට මොනවා හරි පෙති ටිකක් දිලා එයාගෙ හිතට දැනෙන්න දෙන්න එයා ජිවිත කාලෙම මහන්සිවෙලා ලෙඩ වුණ එක, එයාගෙ මහන්සිය අපතෙ ගියෙ නැහැ කියලා....
හොරෙන් කිරි පැකට් එක තමන්ගෙ වියදමෙන් ලෙඩ්ඩුන්ට අරන්දෙන දොස්තරලාව ඇයි මගෙ ඇස් දෙකට පෙන්නෙ නැත්තෙ ඇයි

කස්ටිය