සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

8/7/10

මෙ ජිවිතෙත් අපි බලන එක ෆිල්ම් එකක් තමයි බන්..


කලකින් හමුවු මිතුරා සමඟ මා පන්සල පැත්තට ඇවිදගෙන ගියෙමු. ඔහු බොහොම විනොදකාමී පුද්ගලයෙක් වුවත් අද දින උදාසීන වි සිටියෙය. අපි දෙදෙනා සාකච්චා කලෙ පසුගිය අවුරුදු කිපය තුල අපගෙ ජිවීත වල සිදුවුණ වෙනස්කම් පිලිබදවයි. පංසල ඉදිරියෙ තිබෙන වෙල්යාය මැද්දෙන වැටුණු පාර කෙරවල ඇති බොක්කුව කෙනෙකු හා සංවාදයෙ යෙදි සිටිමට ඉතා අගනා තැනකි. අපි දෙදෙනා එතනට සේන්දු වුණෙමු. බොක්කුව මත ඉදගත් විගසම

" ඉතින් කියපන් විස්තර කොහොමද ජිවිතෙ ?  "

"වැඩැක් නැහැ බන් කතා කරලා පිස්සු හැදෙන වැඩ වෙන්නෙ "

"ඇයි එහෙම කියන්නෙ, මොකද වුණෙ,  මට තෙරුනා උඹ මොනවහරි හිතෙ හංගන්න ඉන්නෙ කියලා එකයි මම උඹව ගෙදරින් තල්ලු කරගෙන මෙතනට අරන් ආවෙ කියපන් කියපන්, මොකද වුනෙ, ගෙදර මුකුත් කතා කරන්න බැහැනෙ බන්, අම්මා කන බිත්තියෙ තියන් ඉන්නෙ, එදා සිද්ධියෙන් පස්සෙ "

"මචන් බලපන් අපි එක පන්තියෙ හැමදාම හිටියෙ, මම මෙ ටිකෙ පට්ටා සික් එකකින් ඉන්නෙ. එත් මෙ කෙල්ලෙක් හින්දා. එක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙ මම නිකන් මෙ ටිකෙ උදාසින වෙලා වගෙ."

"ඇයි මොකද වුණෙ ?"

"මම ඉස්කොලෙ දි ටොක් කරපු කෙල්ලව උඹට මතකද.."

ඔහු පාසල් කාලයෙදි මගෙ පන්තියෙහි වු මිතුරියකට කැමැත්තෙන් සිටියෙය. අපි සැවොම එය දැනගතිමු. ඔහු අධ්‍යාපනය සාර්ථකව ගෙන ගිය කෙනෙකු වු බැවින් පාසල් වියෙදි ප්‍රේම සම්භන්දතා තහනම් වු නිසා ඔහු ඇයගෙන් ඇත්විය.

"ඔව් නදිශානෙ.. රුවනා නෙ මැද්දෙන් පැනලා කැවෙ, අනික උඹ එකිගෙන් ඇහැව්වෙත් නැහැනෙ. ඔහෙ පිස්සා වගෙ හිටියෙ
එ කෙල්ල උඹ අහානකන්නෙ හිටියෙ, එකි උඹට කැමති කියලා කිපදෙනෙක්ම දන්නවා
ඇයි දැන් මොකද වුණෙ "

" එකි බැන්දා බන්, බැන්දෙත් වයස 35 ක් විතර එකෙක්, එකිගෙ සල්ලි වලට තමයි ඌ එකිව බැන්දෙ, මගෙ අතින් ලොකු වැරැද්දක් වුණා වගෙ දැනෙනවා බන්"

"නැහැ.. ඉතින් ඉස්කොලෙන් පස්සෙ එකිව හම්බ වුණෙ නැද්ද.. උඹ මෙහෙ තාපසයා වගෙ හිටියනෙ , අපරාදෙ "

"ඔව් බන් කරුමෙ කියන්නෙ, ඔච්චර සෙනග වෙඩින් එකට ඇවිල්ලා ඉද්දි එකිගෙ වෙඩින් එකෙ තැන්කින් කාර්ඩ් ටික ගෙන්න ගියෙත් මගෙ කාර් එකෙන් "

"නැහැ, පිස්සු හැදෙනවා බන් උඹ කියන කතා අහපු හාම "

"මට හැමතිස්සෙම දැනෙනවා, එකිගෙන් මම ඇහැවුවානම් මෙහෙම වෙන්නෙ නැහැ කියලා. එක දැනෙද්දි මට ටිකක් හිතට අමාරුයි "

" දැන් උඹට එක වෙනස් කරන්න බැහැනෙ, දැන් කරන්න දෙයක් නැහැ "

" කොහොමද රවා , එකි දන්නවා මම එකිට කැමැත්තෙන් හිටියා කියලා. අපි ඉස්කොලෙත් එකට හිටියෙ . ඉස්කොලෙන් පස්සෙ හම්බ වුනෙ නැහැ. මමත් එහෙම්මම හිටියා ලගදි කොච්චියෙදි හම්බ වුණා. ඉට පස්සෙ වෙඩින් එක කිව්වා. මම වෙඩින් එකට ගියා. එතනදි එකිට උදව් කරන්න උනෙත් මට .මෙක චිත්‍රපටියක එහෙම උනා නම් අපි මොන බැනිල්ලක් බැනිනවද, බැන බැන හිනා වෙනවද..?  මෙ මොනවද බන් මෙ මොඩ ආතල් නෙ , එහෙම වෙනවද කවදාවත් කිය කිය අපි හින්දි චිත්‍රපටි බලද්දි කොච්චර හිනා වෙනවද.. එත් බන් මෙ වගෙ කරුමයක්.."

"එහෙම තමයි බන් ජිවිතෙ කියන්නෙත් එක චිත්‍රපටියක් අපි හැමදාම බලන.. උඹ දන්නවානෙ මගෙ ජිවිත කතාව, මම මෙහෙම ඉන්නෙ ඇයි , ඇයි මම මෙහෙම මට කර ගන්නෙ කියලා, එක තමයි බන් ජිවිතෙ, ඇණ ගත්තහම තමයි ධර්මය මතක් වෙන්නෙ. කොහොම වුණත් හැමදෙම හොදින් විසදෙනවා, එක නියතයි. මම දන්න විදියට උඹ කාටවත් අපරාධයක් කරලා නැහැ. උඹ එහෙම කරන්නෙත් නැති බව විස්වාසයි. ඉතින් උඹට වරදින්නෙත් නැහැ බන් "

මගෙ මිතුරාගෙ මුහුණෙහිවු හැගිම දෙස බලද්දි මට වැටහි ගියෙ ඔහු එ නිසා දුකකින් ඉන්නා බවක් නොවෙ. කිසියම් රහසක් ඇත ඔහු නොකියන. මා එය හාරා ඇවිස්සිමට නොගියෙමි.

7/15/10

මුල අමතක කර මැද යොදා ගැනිම.....

මම කුඩා කල සිටිම ඕනෑම දෙයක් පිළිබදව බොහො දුර සිතමින් එය ගැන වෙහෙසෙයි. එය එතරම් හොද දෙයක් නොවුවද සමහර විෂය කරුණු බොහොම හොදින් අවබොධකර ගැන්මට මා සතු මෙ ගුණාංගය මට බොහො සෙයින් ඉවහල් වුණු බව මම දනිමි. මා ජිවත්ව සිටිනා ප්‍රදෙශයෙ බොහො දෙනෙකු ඉතාලි රැකියාවන් කරයි. අදත් අපෙ කතා නායකයා ඉතාලි රැකියාවක නිරත වන්නෙකි, ඔහුත් සැබැවින්ම ප්‍රේමවතයෙකි, සාර්ථක වු අසාර්ථක ප්‍රේමවන්තයෙකි. ඔහු උසස් පෙළ නිමවන විට පියාගෙන් ඉතා වටිනා ව්‍යාපාරයක් හා ධනයක් හිමි කරගත්තෙකි. නමුත් ඔහු එවා වැඩිදියුණු කර ගැන්මට කැපවුයෙ නැත. ඔහු තමාගෙ දවසෙ වැඩිම කාලයක් ගත කළෙ තමාගෙ පෙම්වතිය සමගය. ඇයගෙ අධ්‍යාපනය, ඇයගෙ සිතුම් පැතුම් සැබැ කිරිමට ඔහු ඉතා අඥාන ලෙස තමා සතුවු ධනස්කන්ධය වැය කළේය. ඔහුට අපි නිමල් යැයි කියමු.

මෙසෙ උපතින් ලැබුණ ධනය හා ව්‍යාපාරයන් ටිකෙන් ටික අභාවයට යන විට ඔහු දුක් නොවුනද ඔහු සැමදා එක ලෙසම ඇයට ආදරය කළේය. ඔහු ඇය සමඟ අතිනත ගෙන එක වහලක් යට ටික කාලයක් ජිවත් විය. තාමාට තිබු ධනස්කන්ධය ටිකෙන් ටික විනාශ වුයෙ ඔහුගෙ නොසැලකිලිමත් කමින් බව ඔහු තෙරුම් ගනිද්දි කාලය වෙගයෙන් ගොසින් හමාරය. ඔහු නැත්තටම නැති විය. අන්තිමට ඔහු කඩයක් කුලියට ගෙන එය පවත්වා ගනිමින් ජිවිතය ගැට ගහා ගැනිමට හුරු විණි.

" නිමල් අයියා කොහොමද මෙ ටිකෙ ජිවිතෙ, හවසට සෙට් වෙමුද.. මගෙ යහළුවො කිපදෙනෙක් ඇවිල්ලා ඉන්නවා.. "

" හරි මල්ලි කඩෙට එක්කන් වරෙන් 9 ට විතර අක්කට හොරෙන් ආ මම ගෙදර ගිහිල්ලා වොෂ් එකක් දාගෙන එන්නම්."
මත් පැන්ද එ ආකාරය, කොතරම් ආර්ථිකය හිඟවුණත් ඔහු මෙවැනි අවස්ථාවල වියදම් කිරිමට මැලි නොවිණි. ඔහු දක්ෂ ගිටාර් වාදකයෙක්ද විය. ඔහුගෙ නය බර තවදුරටත් ඉහළ ගියෙය. ඔහුව හොදටම එරිණි.

මෙසෙ කාලය ගත විමෙදි ඔහුගෙ බිරිදගෙ ඤාතියෙකුගෙ උදව්වකින් බිරිද හට ඉතාලි රැකියාවක නිරත විමට හැකිවිණි. ඔහුද ටික දිනකින් ඉතාලියට ගියෙය. දෙදෙනාම අද වන විට ආර්ථික අතින් ඉතා හොද තත්වයක සිටිති. ඔහුන් දෙදෙනාගෙ නොගැලපීම මතු වුයෙ ඉතා මැතකදිය. නිමල් අයියා ඉතා විනොදකාමී, සැහැල්ලු ජිවිතයක ගත කල කෙනෙකි. ඔහු මසකට උඩදි මා හට ඔහුගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි.

"නිමල් අයියා, ඉතින් කොහොමද ජිවිතෙ...."
" වැඩක් නැහැ මල්ලි කතා කරලා ... මෙහෙ සල්ලි විතරයි වෙන මුකුත් නැහැ ... හම්බ කරනවා හම්බ කරනවා.. කිසිම සැනසිමක් නැහැ... මම එනවා තව දවස් 15 කින් ආපු හාම සෙට් වෙමු හරි. "

පැවසු පරිදි අපගෙ යොදාගත් සාදයෙ දවස පැමිණියෙය. මැදියම් වන විට බොහො මිතුරන් පිරිසක් අතුරුදන් වුයෙ " හෙට වැඩ මචන් " යන තියරිය යොදා ගනිමින්ය. සාදය තවදුරටත් ඉදිරියට ගියෙ අප දෙදෙනාගෙනි. හොදටම පදම් වි සිටි නිමල් අයියා මෙ වනවිට තමාගෙ හදවතෙහි තිබු බොහො දුක් කරදර මා ඉදිරියෙහි හෙළි කිරිමට පටන් ගත්තෙයෙ.

" මල්ලි ලොකයෙ ඉන්න විසම සතා කවුද කියලා දන්නවද..? "
" නැහැ අයියා"
" ගැහැනිය තමයි බන්, විෂඝෝර සර්පයින් ට බෙහෙත් තියනවා, සමහර සත්තු කාපුවාම විසවෙලා ටික වෙලාවක් විඳවලා මැරෙනවා, එත් එහෙම නෙමෙයි මෙ ගැහැනිය කාපු හාම ටිකෙන් ටික මැරෙන්නෙ, හැමදාම අපායක ඉන්නෙ, අපෙ සෙට් එක කුල් එකෙ ඉන්න උන් ටිකක්නෙ බන්, මුන්ට පුදුම තණ්හාවක් තියන්නෙ, එවට අපිවත් ඇදලා අරන් අපිත් හැමදාම දුක් විදිනවා. එකි හදන්නෙ මාව පාලනය කරන්න. මම එකිට වැදන් ඉන්න ඔනා. "

"අයියා මට මුල ඉදලා විස්තරෙ කියන්න මම බලන්නම් උදව්වක් කරන්න පුළුවන්ද කියලා "

"මචන් මල්ලි උඹ මෙ ගමෙ නෙ හිටියෙ, අපිට ඉස්සර සල්ලි කොච්චර තිබුණත් අපෙ ලොකුකම් නැහැනෙ. මම එකිට කරපු දෙවල් එකිට දැන් අමතක වෙලා. එකිගෙ හැම දෙයක්ම බැලුවෙ මම. එකිගෙ අම්මයි තාත්තායි එකි ගැන බැලුවෙ නැහැ. ඔන්න දැන් උන් තමයි ලොකු වෙලා තියන්නෙ එකිට. මෙ ළඟදි මෙකි මගෙ යහළුවො ඉස්සරහා මගෙ ගිටාර් එක පොළෙ ගහලා මට කියනවා, " උඹ ඉතාලි ආවෙ මං හින්දා , උඹ මම කියන විදියට හිටපන් කියලා ". මගෙ එහෙ හිටපු යහළුවො ඉස්සරහා. උඹ අයියත් හිටියා. එයා උඹට කියන්න ඇති සිද්දිය. මට මල්ලි ජිවිතෙම එපා වුණා. මම එකිට කවදාවත් අතක් උස්සලා නැහැ.මම මෙ කෙල්ලව බලාගත්තු හැටි මෙ කෙල්ලට අමතක වෙලා."

"නැහැ.. අයියා මට කිව්වෙ නැහැ. මට විජිත අයියා කිව්වා විස්තරෙ. උඹලා දෙන්න කරදරෙන් ඉන්නෙ කියලා. අනින්න එපැයි දෙකක් හොම්බට. ගැහැනුන්ට ගහන එක නිවට වැඩක් හැබැයි ගැහැනි දැන ගන්න ඔනා හැසිරෙන විධිය. ඔය අක්කා හොදට හිටියනෙ ලංකාවෙ ඉද්දි. කොහොමද එච්චර වෙනස් වුණෙ එහෙට ගිහිල්ලා ? "

" නැහැ බං මලෙ උන්ගෙ අම්මලා තාත්තලා හැමදාම කතා කර කර එක දෙක කර කර කියනවා. එකිගෙ මොළේ කනවා. එකි හම්බ කරන එකනෙ කොටසක් එවන්නෙ උන් දෙන්නට උන් දෙන්නා එකෙන් කරන්නෙ එහෙට කොල් දදා මෙහෙ තියන අඩු පාඩු කියන එක"

" මට තෙරෙන විදියට අක්කට මතක නැහැ උඹ කරපු දෙවල්, උඹට තිබුණු දෙවල්, සල්ලි තියද්දි උඹට බොන්න කොච්චර යහළුවො හිටියද, උඹ කොච්චර අනවශ්‍ය වියදම් කරාද..? උඹ මුල වරද්ද ගත්තා, දැන් ඉතින් එවා ගැන පසුතැවිලි වෙලා පලක් නැහැ, මම උඹට එ දවස් වලම කිව්වනෙ. රට යන එක හැම ප්‍රශ්නෙකටම විසදුම නෙමෙ කියලා. දැන් චතු අක්කා එන්නෙ නැද්ද..?"

" එකි එන්නෙ නැහැ.. මම තව ටිකදවසකින් යන්නත් හිතෙනවා, කොච්චර කරත් පොඩි කාලෙ ඉදන් දන්න ගැනි නෙ බන් "

"මම බැඳලා නැහැ උඹ දන්නවා නෙ. හැබැයි මම උඹ ඉන්න තැන හිටියා නම් මම කරන දෙ මම කියන්නම්. මම එකිට හැමතිස්සෙම මතක් කරලා දෙනවා අපි දෙන්නා ඉස්සර හිටපු හැටි, ඉස්සර වුණු දෙවල්, ආදරෙන්. කරලා දෙයක් කියනවා වගෙ නෙමෙ. එහෙම තමයි මිනිස්සුන්ට අමතක වෙනවා, මොකද වුණෙ මොකද කරෙ, කොහෙන්ද ආවෙ, කොහාට යන්නද ගියෙ, කොහෙද අපි දැන් ඉන්නෙ කියලා. "

සංවාදය ඉවර වුයෙ පාන්දර 3 ට පමණය. මිනිසුන් ගැහැනුන් හා බැඳී ගෙවන පවුල් ජිවිතවල ප්‍රශ්නයක් තිබුණෙ නැත්නම් එය හැඳි නොගා හැදු කිරි හොද්දක් මෙන් බව මගෙ අම්මා මට පවසා ඇත. නමුත් තමා කෙසෙද ජිවත්වුයෙ, කවුද මා ලගින් සිටියෙ යන්න මතක තබා ගත යුතුය. චතු අක්කාත් නිමල් අයියවත් මම කුඩා කාලයෙ සිටම දැන සිටියෙමි. ආශාවන් සිහිනයන් සමහර මිනිසුන් හට ජිවිතය නිසි මඟ රදවා ගැනිමට උදව් වුණත් සමහර මිනිසුන්හට ජිවිතය ගතකිරිම අපහසු කිරිමද කරයි.

මා සැමවිටම පරිපුර්ණත්වය හඹා යැමට පුරුදු වී සිටියෙමි. මා මට ලැබුණා වු වටිනාම දෑ තවත් පරිපුරන කිරිමට ගොස් යම් යම් දැ නැති කරගන්නා ලදි. මා වටෙ ජිවත් වන වැඩිහිටි මිනිසුන්ගෙන් මා ඉගන ගන්නා දැ අපමණය.

7/10/10

අහන් ඉන්න - අහගෙන ඉන්න


හසිත මල්ලිගෙ බ්ලොග් එක පැත්තෙ යද්දි එකෙ තිබුන සින්දුවක් දැකලා, එක අහලා මගෙ ඇස් දෙකෙන් කඳුළු බිංදු කිපයක් වැටුනා. එතකොට තමයි වැටහුනෙ කාලෙකින් ඇස් දෙකක් තියනවා කියලා. කදුළු බිංදු කිපයත් පිහදාගෙන මෙ සටහන ලියන්න ගත්ත. හරිම ලස්සන සිංදුවක් කියන එක වටහාගන්න මට එච්චර වෙලාවක් ගත වුනෙ නැහැ. කෙනෙක් කියනවා අහන් ඉන්න  එයාගෙ හිතට මොනවද කියන්න උත්සහා කරනවාලු, බලන්න මෙ ගැහැණු කෙනා කියන්න උත්සහා කරනදෙ ඔබට වැටහෙනවද කියලා.


අහන් ඉන්න - අහගෙන ඉන්න
මගෙ හිත..මොනවද..මුමුණනවා....//

යාය පුරා නෙ‍ක නෙක පාටින්
මුදු මල් පෙති ඇහැරෙනවා...
පොද වැස්සක සීතල ඇවිදින්
සිතට එබෙනවා...
කෝඩුකාර මල් රේණු අගින්
සුවද බෙදනවා...
ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා...

අහන් ඉන්න - අහගෙන ඉන්න
මගෙ හිත..මොනවද..මුමුණනවා....//



සිලි සිලියේ හමන සුලග
කොදුරන්නෙ අපටමයි...
සතුට මිසක දුක මොකටද
සෙනෙහස මහමෙරයි...
අමාවකේ දුක දුරලන
දහසක් තරුකැට නුඹටයි...
ඒ එලියෙන් දැල්වෙන ලෝකය
මගෙමයි මටමයි...

අහන් ඉන්න - අහගෙන ඉන්න
මගෙ හිත..මොනවද..මුමුණනවා....//



පැල්පත් කියන බ්ලොග් එක කරන කෙනාත් මෙ සම්බන්දව සටහනක් දමා තිබුනා, එතන තියනවා සිංදුවෙ mp3 එකක්... එතනට ගිහින් ගන්න.


වෙලාවකට හරිම පුදුමත් හිතෙනවා. පොල් පිති පාරවල් හතරකට පහකට වට්ටන්න බැරිවුණ ඇහෙ කදුලු, වචන හතරකට පහකට වැටෙනවා.. පුදුම ලොකයක් තමයි...

6/22/10

කවුරුත් කාවවත් රවට්ටන්නෙ නැහැ රවට්ටන්නත් බැහැ.




මම අදුරන ලොකු අයියා කෙනෙකුට වුණු වැඩක්. මෙ අයියට අපි කියමු චමිත් කියලා. මෙයා සා/පෙ දවස්වල ඉදන් කෙල්ලෙකුට ආදරෙ කරා, කෙල්ල වෙනුවෙන් මෙ අයියා ලොකු කැපවීමක් කරා, වියදම් කරා ගැහැණු ලමයගෙ අධ්‍යාපනය වෙනුවෙන්. මෙ අක්කාත් ගොඩාක් ලස්සනයි. මෙ අක්කට අපි කියමු තරු කියලා. චමිත් අයියා අයියගෙ යහලුවන්ට පෙන්නුවෙ ජොලියට කරන වැඩක් මිසක් සිරා ලව් එකක් නෙමෙ මෙක කියලා. එත් මෙ අයියගෙ හැමදෙයක්ම තිබුනෙ මෙ අක්කා වෙනුවෙන්. මෙ අක්කගෙ එක කුසෙ උපන් අක්කා ටිකක් නෙමෙ හොදටම සල්ලි තණ්හාවෙන් හිටියෙ. මෙ අයියා රියදුරු රැකියාවක් කරෙ. එත් අක්කාට ගොඩාක් ආදරෙ කරා. මමත් මෙ අයියත් එක්ක ගිහින් තියනවා එ අක්කව හම්බවෙන්න.

කොහොමෙන් කොහොම හරි තරු අක්කට ගෙදරින් යොජනාවක් ගෙනාල්ලා තියනවා. එ කොල්ලා ඉතාලියෙ රැකියාවක් කරන කෙනෙක්. අපෙ පැතිවල ඉතාලියට යනවා කියන්නෙ ඉතින් ඇලඩින්ගෙ පහන හම්බවුණා වගෙ වැඩක්. එක නිසා මෙ පැත්තෙ තරුණ වයසෙ ඉන්න අයගෙ සිහිනයක් ඉතාලිය. " මිල්ල සොයා " කියන චිත්‍රපටියත් එක්තරා විදියකට මා වටා තිබෙන ජිවිතවලට සම්බන්දයි, එහි ප්‍රධාන චරිත පදනම් වුණ සැබැ ලොකයෙ චරිතත්, එහි නිර්මාතෘවරයාත් පවුලෙ හිතවතුන්. මට නම් ඉතාලි සිහිනයක් නැහැ. ඉතින් තරු අක්කා එ ඉතාලි අයියත් එක්ක කසාඳ බැදලා. බැන්දට පස්සෙ එ අයියා ඉතාලි ගිහින් අක්කවත් එ රටට ඉක්මනින් ගන්නම් කියන පොරොන්දුව පිට. නමුත් මෙ අක්කා එක අපෙ චමිත් අයියට කියලා නැහැ. එයත් එක්කත් දිගටම ආදර සම්බන්දකම පවත්වගෙන ඇවිල්ලා අවුරුදු දෙකක් විතර. චමිත් අයියට යහලුවො කීපදෙනෙක් කියලා තියනවා " ඔය කෙල්ල බැඳලා ඉන්නෙ, ඉතාලි කොල්ලෙක්ව අයින්වෙයන් ඔතනින් " කියලා. මු ඇහැව්වෙ නැහැ. එ දවස්වල මාත් එක්ක මෙ අයියා එහාට මෙහාට යන්නෙ. මම තමයි මුගෙ යහලුවා වුණෙ. එ අයියා දවසක් තනියම දඹුල්ලට යනවා කියලා මට අඩගැහුවා. මමත් ගියා. දඹුල්ලට ගිහින් එලවලු අරන් එද්දි පාන්දර 2, 3 ට විතර. අපි දෙන්නා ඉස්සරාහා ගොලයො එලවලු උඩ.. පිටිපස්සෙ. එද්දි මට සම්පූර්ණ විස්තරය කියනවා.

"මචන් මෙහෙම හැමොම මට කියනවා මෙ කෙල්ල බැදලා ඉන්නෙ කියලා ඇහැව්ව හම කෙල්ල නැහැම කියනවා, කෙල්ල කියනවා නම් මාව කසඳ බදින්න කියලා , මම අද වුණත් ලැහැස්ති මෙ කෙල්ලව ගෙදර ගෙන්න, අම්මා කෙස් එක ඇද්දත් පස්සෙ එයා කැමති කරගන්න මට පුළුවන්, මෙ කෙල්ල වචනයක් දෙන්නෙ නැහැනෙ බන්. ලං වුන වෙලාවෙ පොඩි එකියක් වගෙ පපුවට තුරුල් වෙලා ඉන්නවා මිසක්. "

" චමිත් අයියා, බලාගෙන අපිට වැඩිය ලොකු උගෙ ජිවිත දිහැ බලහන්, ගමෙ කොච්චර ඉන්නවාද, ලව් කරලා, වහබිලා, චාටර් වෙලා, අනාත නාත වෙලා, නන්නත්තාර වෙලා.කෙල්ලන් ව විස්වාස කරලා තිර්ණ ගන්න ගියොත් අපිට වරදින්නෙ අපි දන්නෙම නැතිව "

එදා චමිත් අයියාට කියපු දෙ පස්සෙ කාලෙක මටත් අමතක වුණා.

ඉට ටික දවසකට පස්සෙ චමිත් අයියා ගමෙන් අතුරුදහන් වුණා. මට ආරංචි වුණෙ චමිත් අයියා ඉතාලි ගියා කියලා. නමුත් කාටවත් නොකියා එහෙම යන කෙනෙක් නෙමෙ. නමුත් එහෙම ගිහින් තිබුනා. මම ඉට පස්සෙ යහලුවා ගැන හොයන එක නතර කරා. නමුත් ඉට ගොඩාක් දවසකට පස්සෙ සිදුවුන සිදුවිම දැන ගත්තා.

මේ අයියත් එක්ක සම්බන්දකම පවත්වගෙන ඉන්න කාලෙදිත් තරු අක්කා බැඳලා ඉදලා තියන්නෙ. බැඳලා රට ගිහිල්ලා. පවුලෙ අඟහිගකම් නිසා බැන්දයි කියලා හිතන්න බැහැ. මෙ අයියාගෙන් ඉල්ලුවා නම් මෙ අයියා ඔන තරම් සල්ලි හොයලා ගෙනත් දෙනවා.

 මම දැක්කා එ අක්කා එදා චමිත් අයියාගෙ පපුවට හේත්තු වෙලා හිටපු හැටි. අක්කාගෙ මුහුනෙ බියක් තිබුනත් මම හිතුවෙ අඳුනන කෙනෙක් දැක්කොත් කියන හේතුව නිස ඇතිවු බියක් කියලා.
චමිත් අයියා සියලුම විස්තර හොයලා කසාඳ සහතිකයත් හොයාගෙන එ දෙන්නගෙ. එකෙ කොපියකුත් අරගෙන. චමිත් අයියා ගමෙන් අතුරුදහන් වෙලා කරලා තිබුනෙ ඉතාලි යන්න ක්‍රමයක් හොයන එක, විවිධ තැන්වල මාස කිපයක් නැවතිලා ඉදලා, එයාගෙ තාත්තගෙනුත් සල්ලි ඉල්ලගෙන ඉතාලි යන්න වීසා, ඔක්කොම හදලා යන්න දවසකට කලින් එ අක්කට එයාලා හම්බ වෙන තැනට එන්න කියලා. චමිත් අයියා එදා එ අක්කාගෙ කසාද සහතිකෙ පිටපත සාක්කුවෙ දාගෙන ගිහින් තියන්නෙ.

එතනදි අයියා එයාගෙන් ඇහැව්වලු.. එයත් එක්ක ටිකක් ආදරෙන් තුරුල් කරන් ඉඳලා අන්තිමට යන්න එද්දි ඇහැව්වලු.

" මට ඇත්ත කියන්න සුදු .. ඔයා බැඳලද ඉන්නෙ..?.."
" නැහැ..."

මෙ අයියා දෙතුන් පාරක් ඇහැව්වලු. එ හැම සැරෙම නැහැ කියලා තියන්නෙ.

අන්තිමට චමිත් අයියා සාක්කුවෙන් අරන් කසාද සහතිකය පෙන්නද්දි එක්කා මුහුණ වහගෙන ඇඬුවලු.

"මම හෙට ඉතාලි යනවා, ඔයාට ස්තුති.. මෙහෙම මගෙ ජිවිතෙ හැදුවට.. ඔයා මෙහෙම නොකරන්න මම කවදාවත් ඉතාලිය යන්නෙ දඟලන්නෙ නැහැ. ඔයත් ඉතාලියට එයිනෙ කවදා හරි එහෙදි හම්බවෙමු.. හැබැයි මෙහෙම නෙමෙ. "

මෙ සිද්දිය වෙන තැන මට ඉන්න බැරි වුණා. නමුත් මම ඔහුගෙ සම වයසෙ යහලුවෙක් නොවන හින්දා ගොඩාක් ඔහුගෙ හිතෙ සම වයසෙ යහලුවන් හට නොපෙන්වු තැන් මම දැක්කා. එක හින්දා මම හිතනවා එතනදි එයාගෙ ඇස් දෙකෙන් කඳුලු බින්දුවක් දෙකක් ආවත්, එයාගෙ මුහුනෙ හිර කරගෙන ඉන්න ඇති.

චමිත් අයියා මට එදා දඹුල්ල ගිහින් එද්දි මට කිව්වා
"මල්ලි මට ඔනා තරන් අවස්ථා හම්බවෙලා තියන එ කෙල්ලත් එක්ක එකට ඉන්න, නමුත් මම කවදාවත් එහෙම එ කෙල්ලගෙ ගෞරවයට කැලලක් වෙන විදියට හැසිරුනෙ නැහැ. මටත් නංගිකෙනෙක් ඉන්නවානෙ බන්. අපිටත් කොතනක හරි සැනසීමක් තියෙයි නෙ බන්.. "

එ දෙන්නම අද ඉතාලියෙ ඉන්නවා. ගවු ගානක් දුරින්. මගෙ යහලුවා මගෙන් ඈත් වුන ගමන් මම  ඌ ගැන හොයන එක නතර කරා. නමුත් සිද්දියෙ සුල මුල දැනගත්තු ගමන් මම යහලුවට සමාව දුන්නා අපිට නොකියා ගියාට.

සමහර ගැහැණු පුදුමාකාරයි. මෙතනදි තරු අක්කා කරපු වැඩෙ හරිද වැරදිද කියලා කියන්න මම දන්නෙ නැහැ. හැබැයි එ අක්කා බයවෙන්න ඇති, චමිත් අයියාවද, තමුන්ගෙ පවුලෙ මූල්‍යමය ආරක්ෂාවද, කියන දෙයින්,  තමුන්ගෙ පවුල මූල්‍යමය  ආරක්ෂාව කියන දෙ තොර ගන්න ඇති. චමිත් අයියගෙන් හම්බවුණු ආදරෙ නැති කරගන්නට බය වෙන්න ඇති. එක හින්දා තරු අක්කා මෙහෙම රැවටීමක් කරෙ. කොහොම හරි මෙ අයියා හරි ධෛර්යවන්තයි. මිනිස්සු හරිම පුදුම මිනිස්සු..

කවුරුත් කාවවත් රවට්ටන්නෙ නැහැ රවට්ටන්නත් බැහැ...

මම දැකලා තියනවා facebook එකෙ කරන රැවටිම් ගැන. මිනිස්සු හිතන්නෙ තවකෙනෙක් රැවටුනා කියලා.. නමුත් ඇත්තටම රැවටිම කියන දෙත් රැවටිමක්. හිත.

6/8/10

දර කපන්නා හා මම

11 වසරෙදි අපිට ඉංග්‍රිසි පාඩමක් තිබුනා දර කපන්නා. මේ කථාව මෙහෙමයි දිග හැරෙන්නෙ.  දර කපන්නෙක් ඉන්නවා මේ මනුස්සය හැමදාම උදේට කැලයට ගිහිල්ලා පැය කිපයක් දර ටිකක් කපලා එක අරන් ගිහිල්ලා විකුණලා සල්ලි ටිකක් එකතුකරගෙන ඇවිල්ලා හවස් වරුවම විවේකයෙන් ගත කරනවා. මේක දකිනවා ගමට එන ජර්මන් ජාතික සුද්දෙක්. එයා දර කපන්නගෙ ලඟට ගිහින් අහනවා. " ඇයි ඔයා මෙහෙම චුට්ටක් වැඩ කරන්නෙ. ඔයාට පුලුවන්නෙ දවසම දර කපන්න "

"ඇයි මහත්තයො දවසම දර කපන්නෙ .."

" ඔයාට එතකොට සල්ලි ටිකක් වැඩිපුර එකතු කරගන්නනෙ. "

"සල්ලි ටිකක් වැඩිපුර එකතු කරගෙන....."

" ඔයාට පුලුවන් තමුන්ගෙම කියලා වාහනයක් අරගෙන එකෙ දර ගොඩාක් අරන් ගිහින් විකුනලා සල්ලි එකතු කරගන්න " ජර්මන් ජාතිකයා පිළිතුර දුන්නා.

"ඔයාට පුළුවන්නෙ ඉතින් සල්ලි හොදට එකතු කරගෙනම හොදට සතුටෙන් , විවේකයෙන් ලස්සනට ජිවත් වෙන්න.."

" මහත්තයො මම දැන් සතුටෙන් සුවෙන් ඉන්නෙ, මගෙ හිතෙ ලොකු සතුටක්, නිදහසක් තියනවා. මම මගෙම රටාවකට ජිවත් වෙන්නෙ. මට මගෙ තරමට ඇති වෙන්න සල්ලි තියනවා. මම හැමදාම එතරමට තමයි සල්ලි එකතු කර ගන්නෙ. මහත්තයා කියන විදියට ගියොත් මගෙ මේ තියනදෙත් නැතිවෙනවා. මීට වඩා දෙයක් ඇති කරගන්න මේ තියන සතුට , සැනසීම නැති කරගන්න මම කැමති නැහැ මහත්තයො. වැදගත්ම දෙ ලද දෙයින් සතුටු විම."
පාඩම මෙතනින් ඉවරයි.

මේ පාඩම කියලා දුන්නට පස්සෙ ඉංග්‍රිසි ගුරුතුමිය පන්තියෙන් ප්‍රශ්නයක් ඇහැව්වා.
" දර කපන්නත් එක්ක එකඟ වෙන අය අතඋස්සන්න "
මම අත ඉස්සුවා. මම හිතුවෙ තව කිපදෙනෙක් අත උස්සයි කියලා.වටේට බලලා මම පිටි පස්සත් බැලුවා. එකෙක් වත් නැහැ. මටත් මාර අප්සට් එක..

" එතකොට ජර්මන් ජාතිකයත් එක්ක එකඟ වෙන අය...? "
මෙන්න යකො පන්තියෙ ගොඩාක් උන් අත ඉස්සුවා. මට කැගැස්සුනා. පපුවේ ඩිග් ඩිග් සද්දේ මටම ඇහෙන්න ගත්තා. හරි රවා උඹ ඇදගෙනනේ නෑවේ. දැන් පටන්ගනින් පැනලා නාන්න.

"ඇයි ඔයාලා ජර්මන් ජාතිකයත් එක්ක එකඟවෙන්නෙ.."

එතකොට පොලිමට උත්තර එනවා.. පන්තියෙ හිටපු ස්ප්‍රිත්තුවත් එකම එක පැත්තක මම තව පැත්තක.
"දරුවා ට උගන්වන්න ඔනා, ලෙඩක් දුකක් හැදෙද්දි වියදම් කරන්න ඔනා, වාහනයක් තියෙද්දි පහසුයිනෙ, ගෙයක් දොරක් හොදට හදාගන්න ඔනා

" රවා ඇයි ඔයා දර කපන්නත් එක්කලා එකඟවෙන්නෙ.. "
"මිස්.. ඔය යන රටාවට ගියොත් මැරිලා ගියහැකි සැනසිමෙන්... මෙ මනුස්සයා මහන්සිවෙන කෙනෙක්, මෙ මනුස්සයට ලොකු ලෙඩ හැද්දෙන්න විදියක් නැහැ. හැබැයි මිස් තණ්හාව ඇති කරගෙන දුවන්න ගියොත් මෙ මනුස්සයා ලෙඩක් හදාගන්න පුළුවන්. මෙ වගෙ ජිවිතයක් ගත කරන කෙනෙක් දරුණු ලෙඩ දුකකට පත් වෙනවා කියන දෙ හිතන්න අමාරුයි. මම නම් දැනුත් කියන්නෙ. මෙ මනුස්සයා හරි කියලා "

එතකොටම මෙන්න ඔබ්ජෙක්ෂන්කාරයෝ කෑගහනවා. මම ගණන් ගත්තෙ නැහැ. මගෙ හේතු ටික කියලා මම ඉදගත්තා. මම එක කියලා ඉවර වෙද්දිම මිස්ගෙ මුහුණෙ ගිය හිනාව මතකයි මට තාමත්. මිස් එතනින් එහාට මෙගැන කතා කරන්න ගියෙ නැහැ.

එදා හිටපු තැන හරි කියලා, අදත් දැනෙනවා. මම දැකලා තියනවා මිනිස්සු රැ 10.00 ට ඇවිල්ලා ආපහු පාන්දර 3 ට නැගිටලා 4 බස් එකෙ වැඩට යනවා. මමත් එහෙම කාලයක් කට්ටක් කැවා. දැන් නම් ලක්ෂයක් දුන්නත් එහෙම කට්ටක් කන්නෙ නැහැ.

" පුතා  මෙහෙමයි අපි ජිවත්වෙන්න ඕනා, තාත්තගෙ පඩිය මේච්චරයි, අපි දෙන්නා අම්මට උදව් කරන්න ඕනා, ඔයා හොදට පොත පත කියවන්න ඕනා, දැනුම , බුද්ධිය ගතිගුණ පිහිටන්නෙ එතකොට" තමුන්ගෙ දරුවව ලගට අරන් එයාව මෙහෙයවන අම්මලා තාත්තලා කියෙන් කීදෙනාද ඉන්නෙ.

දරුවන්ව,  රටේ සභ්‍යයත්වය, සංස්කෘතිය නැතිකරනවා කියලා ටිවි චැනල් වලටයි, අරවටයි මෙවටයි බනින මිනිස්සුන්ව මම දැකලා තියනවා. එයාලා ජිවත්වෙන හැටිත් දැකලා තියනවා. නමුත් අම්මයි තාත්තායි තමයි දරුවගෙ සියල්ලම තිරණය කරන්නෙ. තමුන්ට තියන දෙයින් සතුටු වෙන්නෙ නැතිව තණ්හාව ආශාව ඔස්සෙ දුවලා හැති වැටෙද්දි දරුවත් තමුන්ගෙන් ඈතට දුවලා ඉවරයි. මම හොදට දැකලා තියන දෙයක් තමයි " මා ගාව තියන දෙට වැඩිය අර දෙ හොදයි කියලා හිතලා එ දෙ පස්සෙන් දුවපු කෙනෙකුට  කවදාවත් හොද දෙයක් හම්බ වෙලා නැහැ. "

කස්ටිය