සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

1/30/10

අපි හැමොම පරාදයි දො.......කියලත් හිතෙනවා

පහුගිය ටිකෙ මැතිවරණ පුවත්, මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා මෙ හැමොම දකින්න ඇති. නමුත් මෙ මැතිවරණ උනුසුමෙ සිදුවුන ඉතාම පහත්, නිහින ක්‍රියාවක් ගැන මම මෙ ලියන්න යන්නෙ. මේක දකින වැදගත් තැන්වල වැදගත් තනතුරු දරන අයෙකු සිටිනම් එ පිළිබදව වහාම පියවර ගන්න මෙන් ඉල්ලා සිටිනවා. කෙලින්ම කාරනාවට එන්නම්.

මෙ පිළිබඳව ස්වර්ණවාහිනියෙන් විතරයි පෙන්නලා තියන්නෙ කියලා මට කෙනෙකු පැවසුවා.

තමුන්ගෙ තාත්තා ව මැරිම අපගෙ දහම අනුව කෙතරම් විශාල පවක්ද කියන එක හැමොම දන්නවා. තමුන්ගෙ තාත්තාව මරපු කෙනෙක් ගැන මට අහන්න හම්බ උනා. එ වයඹ නාත්තන්ඩියට නුදුරු ගමකින්. පුතෙක්ව ඇතිදැඩි කරන්න තාත්තලා අම්මලා කොච්චර දුක් විඳිනවද. නමුත් එ පුතාම කවද හරි කඩුවකින් එ තාත්තාගෙ බෙල්ල කපලා දාලා මරනවා කියන්නෙ කොච්චර ලොකු පිරිහිමක්ද කියන එක මටනම් වටහා ගන්න ගොඩක් අමාරු දෙයක්. රවා මෙ ජිවිත කාලෙදිම ඇහැවුව දෙවල් අතුරින් වාඩාත්ම ... දෙ තමයි. මට වචන නැහැ එක ලියන්න.

මෙ පින්තුරෙ දිහැ බලන්න නමුත් දුර්වල හදවත් තියන අය බලන්න එපා.


වඩාත්ම වැදගත් දෙ තමයි මෙ දරුවා, තමුන්ගෙ තාත්තව මරපු දරුවා කලින් තමුන්ගෙ බිරිඳව, හමුදුරුනමක් මරලා දාලා තියනවා. නිතිය හරියට එ අවස්ථාවලදි ක්‍රියා කෙරෙ නම් අද අපිට මෙ දෙ අහන්න වෙන්නෙ නැහැ. දැන් එ දරුවා තාත්තව මරලා අම්මවත් මරන්න යනවලු. අම්මට කොල් කරලා තර්ජනය කරනවලු " අම්මෙ මම තොව මරනවා " කියලා. තාක්ෂණය කොච්චර දියුනු උනත් වැඩක් නැහැ. මෙ පිස්සු වැටුනු දරුවව අල්ලගන්න බැරි උනොත් අම්මව මරාදාන්න කලින්. බත් කාකා හිටපු තාත්තාට එකම කඩුපාහරකින් ගහලා මරා දාන්න හෙතු උන කරුන ඉඩමක්, හා මල්ලිට අම්මයි තාත්තයි පෙන්නපු ආදරය ලු. මම මෙ දෙවල් ඇස් දෙකෙන් දැකලා නෙමෙ ලියන්නෙ. නමුත් යමක් සිද්දවෙලා තියනවා. හාමුදුරුනමක්, තමුන්ගෙ බිරිඳ, තමුන්ගෙ තාත්තා. ලයිස්තුවෙ ඉලගට ඉන්නෙ අම්මා. දැන් තාත්තාව මරලා සතියක් දෙකක් වෙනවා. නමුත් පොලිසියෙන් තවම මිනිමරුවව අල්ලලා නැහැ. මෙ පිස්සු හැදුනු දරුවා තමුන්ගෙ අම්මව මරලා දැම්මොත් රවාට අනුව අපි හැමොම පරාදයි.
මෙච්චර දෙවල් රටෙ සිද්ද වෙද්දි රටෙ වැදගත් මාධ්‍ය මහින්ද මහත්තයගෙ ගුණ වයපු එක විතරයි කළෙ. නමුත් මෙ දරුවාව තමුන්ගෙ අම්මාව මරන තැනට පත්විම වැලැක්වුවොත් එ පොලිස් නිලදාරින්ට ලොකු පිනක් අත්වෙයි.
හරි අපි ටිකකට හිතමු පොලිස් නිලධාරින් මෙ මනුස්සයව අල්ලගත්තා කියල. ඉට පස්සෙ උසාවියෙ. ඉට පස්සෙ බන්ධනාගාරයෙ. පොඩි පොඩි අපරාධ කරලා අපු මිනිස්සු අතර මෙ මනුස්සයාට හම්බෙන්නෙ ලොකු තැනක්. මෙ මනුස්සයා කවද හරි එතනින් පිට වෙයි ලොකු අපරාධකරුවෙක් වෙලා, ජාලයකුත් හදාගෙන. හැබැයි මෙකෙ අනිත් පැත්තත් වෙන්න පුලුවන්. බන්ධනාගරෙ ඇතුලෙ එ තාත්තව මරපු දරුවව ගහලා මරන්නත් පුලුවන්.

රවා ගෙ අයියා කෙනෙකුත් ඉන්නවා බන්ධනාගාරෙ. එ අයියා තමුන්ගෙ බදින්න හිටපු ගැහැනු ලමයව දුෂනය කරපු තිරිසනාව මරලා හිරෙ ගියෙ. එ ගැහැණු ලමයව දුෂනය කරපු වෙලාවෙ අර තිරිසනාව අත්අඩංගුවට ගත්තා නම් එ අයියත් අද අපිත් එක්කලා ඉන්නවා. එ අයියා සිගරට්, අරක්කු තියා බුලත් විටක්වත් කාපු කෙනෙක් නෙමෙ. රවා ගෙ පුංචි මොලයට තෙරෙන විදියට නිතිය, අධිකරණය තියන්නෙ මිනිස්සුගෙ ආරක්ෂාව, පිහිට පතා. පොලිස්සිය තියන්නෙ නිති ආරක්ෂාකරන්න, නිති කඩන මිනිස්සුන්ව අධිකරනයට ඉදිරිපත් කරන්න.දඩුවම් දෙන්න. නමුත් මෙ දෙවල් ඔක්කොම සිද්දවෙන්නෙ නැහැ.

හැබැයි රුප පෙට්ටියෙ කොළඹ සිංගප්පුරුව වෙන රුප රාමු පෙළ දකිද්දි රවා ට රවාගෙ ඔලුව බිත්තියෙ ගහගෙන ගහගෙන යන්න හිතෙනවා, දුප්පත් අහිංසක මිනිස්සු කොච්චර රවට්ටනවද මුන්... කියලා. රවාගෙ පුංචි ඇස් දෙකට මෙ හැම දෙයක්ම පෙනෙද්දි කට පියාගෙන ඉන්න අමාරුයි.

මෙක දැකපු හැමොගෙන්ම රවා එක දෙයක් ඉල්ලන්න ඔනා. ඔයාලා හැමොම ජිවත්වෙන්න මොනවා හරි දෙයක් කරන මිනිස්සු. එ කරන දේවල් ඔයාල හිතුවෙ නැති උනාට තව ගොඩදෙනෙකුට බලපාන දෙවල්. එක හින්දා හරියට එක කරන්න.

සමහර වෙලාවට මම දුම්රියෙදි දැකලා තියනවා හිඟන දරුවන්ව පන්නන මිනිස්සුන්ව. මෙ ලමයි හැමදාම හිගාකන්නෙ නැහැ. හෙට කිණිස්සක් අරන් එන්නෙ. අනිද්දා එයගෙ අතට පිස්තොලෙකුත් හම්බ වෙයි.
එතනින් එහාට කල්පනා කරන්න රවාට අමාරුයි.

සමාජ විද්‍යා දන්න අය, ආර්ථික විද්‍යාව පිළිබද මාහාචාර්ය වරු ආචාර්ය වරු කොච්චර හිටියත් දුප්පත් මිනිස්සු එතනමයි, ගොඩක් දෙනා එතනින් පහලට වැටිලා. ඉංජිනෙරුවො, තාක්ෂනය පිළිබද දන්න කියන අය කොච්චර හිටියත් මුකුත් හදන්නෙ නැහැ. ඔක්කොම පිටින් ගෙනල්ලා සෙට් කරන එක විතරයි. හැබැයි එ මිනිස්සු හොද රැකියවක් කරන ගමන් හොද ජිවන මට්ටමක ඉන්නවා. එ මිනිස්සුන්ට උගන්නන බදු ගෙවපු මිනිස්සු තවමත් එතන.

තමුන්ගෙ තාත්තව මරපු දරුවා ගැන කල්පනා කරද්දි තමයි මට මෙවා ගොඩක් සිහි වුනෙ. අපි අපිටම කොච්චර බොරු කරගන්නවද කියලා වැටෙහෙයි ඔබට මෙ ඔස්සෙ ටිකක් කල්පනා කළොත්. අපි හැමොම පරාද වෙගෙන යනවා වගෙ හැගිමක් මට දැනෙනවා.  අපි ගොඩක් වෙලාවට කියවනවා ධනාත්මක චින්තනය ගැන. නමුත් මෙ දෙවල් අහලා දැකලා එවා නොවුනා වගෙ ඉන්න නම් බැහැ.

සුදුස්සන් සුදුසු තැන්වලට පත්වෙලා. නිතියෙහි, අධිකරණයෙ හි ඇති දුර්වල තැන් වලට නිති සංශොදනය වුනොත් ඔන්න තව අවුරුදු කිපයකින් රටට හොද කාලයක් උදාවෙවි කියලා මම ප්‍රර්ථනා කරනවා අන්තිමට.

1/22/10

මා දුටු අපුරු චරිතයක්.....

අප වටා විවිධ තරාතිරම් වල පුද්ගලයින් ගැවසෙ. ඔහුන් විවිධ කාර්යන්වල නිරත වෙමින් තම ජිවන ගමන ඉදිරියට දියත් කරති. මෙ අතරින් මා දුටු චරිතයක් ගැන මා මෙහි සටහන් කරමි. ඔහු නමින් වේනුර වෙ. ඉතාම විනොදකාමි කට හැකර චරිතයකි. කිවයුතු දෙ කිවයුතු තැනදි කෙලින්ම කියන අතර නොකිවයුතු දෙද එලෙසම පවසයි. වටාපිටාවෙ ඉන්නවුන් විනොද කිරිමට ඔහු එසෙ වචන ගලපා කතා කරයි. අන් අයගෙ සිනාවක් දැකිම ඔහුට සතුට දනවන අතර එ සදහා ඔහු තමුන්ව පවා පහතට හෙලමින් කතා කරයි. ඔහුගෙ බිරිද මැද පෙරදිග රැකියාවකට ගොසින් මාස 5 ක් පමණය. මා මැතකදි ඔහුගෙ නිවසට ගියෙමි. කුඩා දියණියන් දෙදෙනෙකු තනිව බලා කියා ගනිමින් කූලි රැකියාවක නිරත වෙන ඔහු සතියට නොබොන දවසක් දෙකක්ද ඇත. මා එහිදි ඔහු හා කතා කරමින් සිටින විටදි ඔහුගෙ බාල දියණිය එතනට පැමිනියාය. ඇය පළතුරක් ගිලදමමින් පියාගෙ ඇගෙ දැවටිනි.

"පෙනවානෙ මෙ මැෂින් මෙක ඔෆ් කරන්න බැහැ. නැගිට්ට වෙලා වෙ ඉදන් ස්ටාර්ඩ් එකෙ, කුරුබැට්ටියක් තරම් උස නැති උනාට මෙකි දවසකට ඔය අල්ලපු කැලැවෙ තියන ඔක්කොම ගෙනල්ලා පාඩම් කරන මෙසෙ උඩ තියන් කනවා"
එසෙ කියමින් ඇයව තුරුල් කරගත් ඔහු දැරියගෙ ඉණෙහි තිබු තුවාලයකට බෙහෙත් දැම්මෙය. ඔහුගෙ නිවසට ඇත්තෙ කාමර දෙකකි. මෙ කතාව යන අතරතුරෙදි ඔහුගෙ කටින් තම බිරිද කෙරෙහි තිබෙන ආදරය සෙනෙහසද පිටවිය.
කොච්චර ගහ බැන ගත්තත් මල්ලි හැන්දැවට ඉන්න බැහැ. අපෙ එක්කෙනාව මතක් වෙද්දි. මෙච්චර වඳ දෙන මාත් එක්ක මෙකි හිටියනෙ.
 මොහු හා සම්බන්ද සුවිශෙෂ කතා රැසක් ද ඇත. මා මෙහි එකක් දෙකක් සටහන් තබමි. දිනක් වැඩ අවසන් වු පසු යන්තම් පදම් වි මොහු මොටර් බයිසිකලයෙ නිවසට පැමිනෙමින් තිබුනි. මෙ අතර තුර ගමෙ පිටර් මාමා ද තම පාපැදියෙන් හන්දියට ගමන් කරමින් තිබුනි. පරිසරය ඝන අන්දකාර අතර වැහිබින්දු කිපයකින්ද පොලව වැටිනි. කන්දෙ පහලට වෙනුර පැමිනෙමින් තිබුනු අතර පිටර් මාමා බයිසිකලයෙන් කන්ද ඉහලට පැමිනෙමින් තිබුනෙය. සයිකලය හා මොටර් සයිකලය ගැටිනි. පිටර් මාමා උඩින් විසිවි වැටි අමාරුවෙන් කෙදිරි ගාමින් සිටියෙය. පැතිර ගිය අන්දකාරය නිසා පිටර් මාමා හට කිසිවකු හැදිනිමට නොහැකි විනි. නමුත් මෙම අපුරු මිනිසා

" පිටර් මම වේනුර "

ලෙස පවසා දුවගොස් තිබුනි. පිටර් මාමා හට තුවාල කිසිවක් නොතිබුනු අතර සති කිපයක් තෙල් බැන්දෙය. එ සියලු වියදම් දැරුවෙ වෙනුර විසිනි. ඔහු එම අවස්ථාවෙදි ඔහුගෙ නම නොකියා දිව ගියෙ නම් ඔහු හට කිසි වියදමක් නැත.



තවත් දවසක ඔහු බිරිද සමග අමනාපයෙන් මත් පැන් බී වහලෙ තිබු සියලුම උලු ඉවත්කර ඔහුගෙ අක්කගෙ නිවසට පැමින
අක්කෙ මම නියම වැඩක් කළා. අරකිට කිව්වා කිව්වා රට යන්න එපා කියලා අහන්නෙ නැහැ. මම වහලේ තිබුනු උලු ඔක්කොම අයින් කරා.
 එම අවස්ථාවෙදි ඔහුගෙ අක්කාත් සමග ඔහු නිවසට ගිය පසුව ඔහුට අක්කාගෙන් ලැබුනු කම්මුල් පාරවල් කිපයකට පසුව නැවත වාහලයට උලුටික ගියෙ ඉබෙමය.

ඉතා දුප්පත් ජිවිතයක් මෙතරම් සතුටෙන් ඉන්නෙ කෙසෙද යන්න මා හට නිතරම නැගුනු පැනයකි. මොහුගෙ කාර්යන් නිසා ගමෙ බොහො දෙනෙකු සිනා වෙයි. එවා මතක් කරනවිට මෙ මිනිසා තුලද නැගෙන සිනාහව විස්තර කල නොහැකිය. මොහු හට ලිවිමට කියවිමට බැරි බව මා දැනගත් පසු මා හට යම් දුකක්ද ඇතිවිනි. නමුත් මොහු ලග සිටිනා විට අනිත් මිනිසුන් සතුටෙන් ඉපිලයයි. එ මිනිසුන්ගෙ මුව සිනාහ වෙන් පිරි ඉතිරියයි. දවසක් මගෙ මිතුරෙකු ඔහු හට " උබට කියවන්න , ලියන්න බැහැ නෙ" කියා කියන විටදි ඔහුගෙ මුහුනෙ තිබු අඳුර මා නැති කළෙ " වෙනුරයියෙ උබට කියන්න ලියන්න බැරි ඉස්කොලයක් දැකලවත් නැති හින්දනෙ. මෙච්චර ඉගෙන ගත්තු මට සිංහල ලියන්නම බැහැනෙ." (මාගෙ අත් අකුරු කිසිවෙකුටත් සෙවිමට නොහැකිය. මටද නොහැකිය). එවිට ඔහු " ඇයි බං එතකොට උබ ඔච්චර විභාග පාස් උනෙ පොල් ගාලද " යනුවෙන් අසද්දිත් අප හැමගෙ මුව සිනාවෙන් පිරි ඉතිරි ගියෙය. සමහරෙකුට අනුව ඔහු කට හැකරයෙකි, සමහරෙකුට ඔහු වාචාලයෙකු. නමුත් ඔහු නිසා සියලුම දෙනා සිනාවෙති.  ලියන්න, කියන්න නොදත් මිනිසා තම වචන හසුරවන ආකාරය යොදා ගනිමින් මිනිසුන්ව සිනාහා ගස්වා ඔහුද සිනාහා වෙ.මත්පැන් බිවද, කුණුහරප කිවද තම දරුවන් තමන්ට හැකි පමන බලාකියා ගන්නා ඔහු අඬනවා මම කිසිදිනෙක දැක නැත.

1/16/10

මහගම සේකර කලාකරුවානන්............

මෙම ගිතය මගෙ හිත තුලට තදින්ම කාවැදුනු ගිතයක්. මා හට මහගම සෙකරයන් මුන ගැසුනෙ 11 වසර සාහිත්‍ය පාඩමෙදි " ගම අමතකයි " පද්‍ය පන්තිය තුලිනි. එතනින් නොනැවතුන මම ඔහුගෙ බොහො කලා නිර්මාණයන් රස වින්දෙමි. තුං මං හන්දිය, මනො මන්දිර, ව්‍යංග්‍යා, සක්වාලිහිනි,හෙට ඉරක් පායයි,මක් නිසාද යත්, මුදු පුත්තු,නොමියෙමි, ප්‍රබුද්ධ,නොපළ ගීත,හංස ගිතය... මෙ ආදි ලියු , නොලියු කලා කෘතින් රැසක් දැයට දායද කරමින් මහා ප්‍රතිභාවක් පෙන් වු එ සංවේදි හදවතානන් අපෙන් සමුගෙන වසර 34 ක් ඉක්ම ගොසින්ය. නමුත් කල කි දැ තවමත් අප අතර, අප හදවත් තුල තවම උනුසුම්ය..




තවත් විටෙඑක මහගම සේකරයින් මෙසෙ ලිවා.
උපන් දිනෙ සිට නැත අත් හරින්නේ
හෙමින් හෙමින් පස්සෙන් ලුහුබඳින්නේ
හොරෙන් ඇවිත් මොකටද ඉගි කරන්නේ
වරෙන් උබතමයි මම මෙ හොයන්නේ

වළේ වැටුන කළ නැත ගොඩ අදින්නේ
කුලේ සැවොම වළ වටකර නටන්නේ
වලේ දමා පස් තදකර අඬන්නේ
මලේ එවිට හිනැහෙන්නට වරෙන්නේ

නොකා නොබි වස්තුව සරි කරන්නේ
සදාකල්ම ලොව ඉන්නයි බලන්නේ
හොරා වගෙ උඹ විත් අත වනන්නේ
එදා තමයි කාගෙත් ඇස් ඇරෙන්නේ
මරණය පද්‍ය පන්තිය.. ව්‍යංග්‍යා

එ මහගම සේකරයන් මරණය දුටු ආකාරයයි. සැබැවින්ම ගැමි සුවඳ තම නිර්මාණයන්ට මුසුකල මෙම කලා කරුවානන් සමාජයෙ සිටි මිනිසුන් හා ඔව්නගෙ සිතුවිලි තුලට කිදා බැස එකල සිදුවු සමාජ පරිවර්තනය හා ගැටිම් මැනවින් විස්තර කලේය. තුං මං හන්දිය, මනොමන්දිර, ගම අමතකයි තුලින් මෙ බව අපහට වටහාගත හැකිය.
සිදාදියෙන් ආපහු මගෙ
ගමට යන්න ආසයි මට
එත් ගමට යන්නට දැන්
පාර මතක නැත්තෙ
ඉතිරිව ඇති සුලු වස්තුව
රැකගෙන ආපහු එන්නට
ඈත ඉදන් අත වනලා
අම්මෙ මට ගමට එන්න
පාර කියාපන්නෙ..
ගම අමතකයි... සක්වාළිහිණි

සමාජය තුල සිදුවු විපරියාසය තුලින් ගම ගිලිවු ආකාරය ව්‍යංගයෙන් පවසන කවියා ඉහත පද්‍ය පන්තිය තුලින් තම හදවත තුල තිබු පසුතැවිමක් රසිකයාහට රසවිදිමට සලසයි.

මා යන මග කටු පඳුරින්
දෙපය බිඳී ගලන ලෙයින්
කටු මඟහැර නිසිමඟ දැන
ඔබෙ ගමන නිම කොට ඔබ
අප සොයනා පහන් තරුව
මට පළමුව දැකගත හොත්
එ වෙනුවෙන් ඔබෙ පයට
ආසිරි මල් පිබිදෙනු ඇත්.

එ මල් තුල මා දකින්න.....
මගෙ කවියෙන් ඔබ දකින්න... සක්වාළිහිණි

මහගම සෙකරයානන් තුල තිබු සියුම හැකියාවන් , ප්‍රතිභාවන් එතුමාගෙ කවි, ගිත, කෙටිකතා, නවකතා තුලින් අප හට දැකියහැක.

එසෙ වුව සොහොයුරෙනි!
ඔබ ගැන ම මා ලියන එ කවිය
ඔබගෙන් බොහො දෙනෙකුට
අද දින නො වැටෙහෙන බව දනිමි

ලොකය මීට වඩා යහපත් වන
අනාගතෙ යම් දවසක
ඔබ එය මීට වඩා ආදරෙයෙන්
කියවන බව ද දනිමි.....

මහගම සේකර නැමති සරල, සුන්දර කලා කරුවානන් අප අතරින් නික්ම ගියෙ 1976 ජනවාරි මස 14 වන දිනයෙදිය. එතුමා අවසන් වශයෙන් රසිකයාට තිලින කල " ප්‍රබුද්ධ " මිනිස්සමාජයෙ එවකට තිබු පුහු ආටොපයන් හා  නිරර්ථක විෂමචාර වලට පහරදි කලාකරුවෙකු තුල තිබෙනා සැබැ අව්‍යාජ හැගිම් බුදු දහම තුලින් දක්නට සලස්වයි..

පාසලෙ නිරර්ථක ලෙස ඇවිදමින් සිටි මට මහගම සෙකරයන් පෙන්වු දැ අමිලය. එතුමා ගෙ නිර්මාණ තුලින් ජිවිතය දකින්නවුන් හට ඉතිරිවෙන අවංක, අව්‍යාජ බව නිසා ඇතිවෙන හිතෙ සතුටද රැගෙන මම එසේ එ කලාකරුවානන් පිළිබද මතකය අවදි කෙලෙමි........








1/13/10

දිය වෙන්නට පෙර හෙට උදයෙ හිම ජිවිතේ...



මෙ තියන්නෙ මම ආසම කරන සින්දුවක්. රුසියන් සින්දුවක් වගෙ.. හරිම ලස්සනයි. මම ජාතික රුපවාහිනියෙ විතරයි දැක්කෙ. youtube එකෙ තිබුනෙ.. සමහර කස්ටිය කලින් බලල, අහලා ඇති

1/12/10

පාසල් සමයේ ලස්සන සිදුවිමක්....

පාසල තුල සිදුවු සිදුවිම අතර මෙය මාගෙ මතකයෙන් කිසිදා ගිලිහි නොයන අතර මෙම සිදුවිම හා සම්බන්ද චරිතය අදත් මා අසලින්ම ගැවසෙ.



මගෙ මිතුරෙකු වු නිමල්( අන්වර්ථ නාමයකි) උසස් පෙල හදාරන සමයෙදි 11 වසර ඉගෙනුම ලැබු සිසුවියකට පෙම් බඳින්නට විය. එය සිසුවියට දැනගැනිමට සැලසුවෙ පෙම් පතකිනි. මගෙ මිතුරා නිමල්ගෙ ග්‍රහයින් නිච වී තිබුනු නිසා වෙන්දො එම සිසුවියගෙ හොදම මිතුරිය වුයෙ අප පාසලෙ උප විදුහල්පතිතුමාගෙ බාල දියණියයි. දියණිය තම මිතුරියහට දුන් උපදෙස වනුයෙ එම ලිපිය ගුරුවරියකට බාර දෙන ලෙසය. දවස් කිපයක් තමා ලග තබා ගැනිමෙන් අනතුරුව සිසුවිය එය ගුණවති ගුරුතුමිය හට බාර දුන්නෙ සම්පුර්ණ විස්තරයද සමගිනි.

ගුණවති ගුරුතුමිය එම සිසුවිය හා මිතුරියද කැටුව එම මොහොතෙම විද්‍යාගරයට පැමින අංශ ප්‍රධාන පද්මිණි ගුරුතුමියට හසුන සමගින් විස්තරය කෙටියෙන් ලබා දුනි. මෙ වන විටත් අප අතර මෙම ආරංචිය පැතිර ගොස් තිබු අතර අපෙ සගයා ද තරමක් නොසන්සුන්ව සිටියෙය. අප පන්ති තිබු විද්‍යාගාරය තෙමහල් ගොඩනැගිල්ලකි. එහි පළමු මහල රසායන විද්‍යගාරය හා ජිව විද්‍යාගරයයි. දෙවන මහළ භෞතික විද්‍යාගරයයි. තෙවන මහළ ගණිත පන්ති තිබු අතර ගොඩ නැගිල්ලෙ මැදින් තරප්පු පෙලිය විය. අප පන්තියෙ එලියට අවුත් පහල බැලිමෙන් ගොඩනැගිල්ල තුල සිදුවන දැ ගැන යම්තම් අවභොදයක් ගත හැක. තෙමහල් ගොඩනැගිල්ලට අසලින් තිබුනෙ දෙමහල් ගොඩනැගිල්ලකි එහි ජිව විද්‍යා පන්ති කිපයකි. ඉහල මාලයෙ පන්ති තුලින් බැලු විට එක එල්ලෙම භෞතික විද්‍යාගරය පෙනෙ. මෙ වන විටත් තරමක් උණුසුම් මුහුනුවරක් ගත් අතර විද්‍යාගුරුමණ්ඩලයෙ ගුරුවරියන් කිපදෙනෙකු ගුණවති ගුරුතුමියද සමගින් භෞතික විද්‍යාගරය ඇතුලට ගොසින් සාකච්චා කරයි. මෙ අතර අප ගැන්සියෙ එකා බැගින් පහලට ගමන් කරනුයෙ වතුර බොන මුවාවෙන් පහල සිදුවෙන විස්තර දැනගැනිම පිනිසය.

පලමු වෙඩි මුරය පත්තු විය.
වතුර බිමට ගිය මිතුරෙක් පැමිණ
" නිමල් අන්න උබට පද්මිණි මිස් එන්න කිව්වා physics lab එකට"
නිමල් ඔලුවෙ අත තියාගත් අතර අප කිපදෙනෙක් ඔහු වට කරගෙන
" අපිත් එනවා යන්.. බයවෙන්න එපා යකො අපි ඉන්නවා..."

මා තව කිපදෙනෙකුත්, ඔහුත් සමග පහල භෞතික විද්‍යාගාරයට ගියත් නිමල් ව පමණක් ඇතුලට ගන්නා ලදි. එහිදි නිමල් හට ගුණවති ගුරුතුමිය ඉදිරියෙ බනින ලද්දෙ පද්මිනි ගුරුතුමිය විසිනි. මෙය අර සිසුවියන් දෙදෙනාම දැක තිබුනි. එ අතර දෙමහල් ගොඩනැගිල්ලෙ සිටි ජිව විද්‍යා සිසුන් ද දැක තිබුනි. විද්‍යාගරය තුල පැයක පමණ නඩුවිභගයකින් අනතුරු විද්‍යාගරයෙ දොර විවෘත විය.  එම දොරෙ හිල් වලින් බලා, දොරට කන තබා සිටි සියල්ල ක්ෂනයකින් අතුරුදහන් වි පන්තිවල ඉදගෙන පොත පත කියවමින් සිටියෙය.පසුව අප නිමල්ගෙන් සිදුවු සියල්ල දැනගතිමු.

නිමල්ට මුලින්ම බැන්නත් නිමල් දුන් පෙම් හසුන කඩා කියවිමෙන් අනතුරුව ගුරුවරුන්ගෙ සිත් නිමල් කෙරෙහි දැක්වු හැසිරිම වෙනස් විය. එක් සංවෙදි ගුරුතුමියකගෙ ඇසින් කදුලු පිටවු බව ජිව විද්‍යා පන්තිවලින් ආරංචි විය. සියල්ල හමාර වු පසු පද්මිණි ගුරුතුමිය අනිත් ජුරියද කැටුව අප පන්තියට පැමින අප සියල්ලන් හා කතා කරන්නට විය. එහිදි නිමල්ට චොදනාවක් හො සිතරිදෙන යමක් නොවිය.
" නිමල් හොදට ඉගෙන ගන්න. ඔයා බැරි කෙනෙක් නෙමෙනෙ. අනිත් එක ඔයගෙ වාසනාවකට ගුණවති මිස්ට හම්බ උනෙ. එක වෙන කෙනෙකුගෙ අතට ගියනම් ප්‍රින්සිපල් ලග නතර වෙන්නෙ. කෙල්ල ලස්සන නම් කමක් නැහැ. මොකද්ද ඔයි ලැජ්ජා නැති වැඩෙ. හොදට ඉගෙන ගෙන ඉංජිනෙරුවෙක් වෙලා ගෙයක් දොරක් හදාගෙන වාහනයක් එහෙම අරගෙන එහාට මෙහට පද්දනකොට කුරටයක් අරන් එක එක අමුනගෙන ආවැහැකි.  තමුසෙ නරක ලමයෙකුත් නෙමෙ."

නිමල්ගෙ පෙම්හසුන කියවිමෙන් අනතුරුව නිමල් හොද ලමයෙකු ලෙස ගුරුවරු පිලිගන්න ලදි. එදා නිමල්ගෙ පෙම්හසුන තුල තිබු අන්තර්ගතය දන්නෙ එදා ජුරිමණ්ඩලයෙ සිටි ගුරුවරියන් කිපදෙනා සහ නිමල් පමනි.

මා මෙහිදි සදහන් කල යුතු කරුණු කිපයක් ඇත.
ළමයෙකුගෙ වැරැද්දක් දැක නිවැරදි කර ඇත. එය කල ආකරයද පුදුමය. අද සමාජයෙ මෙවැනි දේවල යම් ප්‍රමානයක් කෙලවර වන්නෙ සියදිවි නසාගැනිමෙනි. ගැහැණු ලමයාටත්, පිරිමි ලමයටත් බැන, පාසලෙන් අස්කර ජිවිතයම විනාශවන අවස්තාද නැතුව නොවෙ. මෙම ගුරුවරුන් කිපදෙනා හැසුරුනු ආකාරය නිසා නිමල්ගෙ ජිවිතයද වෙනස් විය. නිමල් ඉහලින් සමත් නොවුනද ප්‍රතිපල ඉදිරියෙන් තිබුනෙය. මෙම සිදුවිම විද්‍යා අංශය තුල පමනක් ප්‍රසිද්ධ රහසක් විය. දරුවෙකුට දැනෙන්න කතා කිරිමට පුදුමාකාර හැකියාවක් අප පාසලෙ එවකට සිටි ගුරුමණ්ඩලයට තිබුනි.
" තොපිට ඕනානම් ඉගෙන ගනිල්ලා මෙන්න" කියා ඔක්කොටම එකම පොල්ලෙන් දමා ගසා විෂය නිර්දෙශය ඉක්මනින් ඉවර කරෙද නැත. කෙසෙ වුවත් එම ගුරුවරියන්ගෙ ගතිපැවතුම මා හට විස්තර කළ නොහැක.


අප පුද්ගලික පන්ති නොගිය හෙයින් අන්තිම දවස දක්වා පාසල යැමෙ භාග්‍ය ලැබිනි. නිමල්ද අන්තිම දවසෙ පැමිණියෙය. එදා නිමල්ට පෙම්හසුන ලැබිණි. අප එය දැක්කෙමු.

" නංගි ඔයා ඉගෙන ගෙන ඉවර වෙනකම් මම ඔයා ගැන බලන් ඉන්නවා " 

සුදු කඩදාසි කොලයක එපමණය. නිමල් විභාගය ඉහලින් සමත් නොවුයෙ මන්ද යැයි මම නොදනිමි......


......අන්වර්ථ නාමයන් භවිතා කර ඇත්තෙය........

කස්ටිය