සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

2/24/10

රවාගෙ ව්‍යාපාරය විනාශකරන කුමන්ත්‍රන......

ඔන්න නියම සිද්දියක්, ලංකාවටම එකයි. මම දැනට කරන්නෙ වාගාවකුයි, පොල් එකතු කරලා කොප්පරා කරලා විකුනන එකයි. ඔක ඔයිට වැඩිය වැදගත් විදියට කඩ්ඩෙන් වචන දෙකක් තුනක් ඔබලා කිව්වැ හැකි. නමුත් මොකටද බොරුවට අපි ගැමියොනෙ, එ අපෙ ගැම්ම. ගැමි කම.. හික්,, හික්.... ඔන්න මාස කිපයකට කලින් පටන් ගත්තු දෙ. ලස්සනට සැපයුම් කරුවො කිපදෙනෙක් වත් එකතු කරගෙන, වැඩ කරන්නත් අපෙ යහලුවො තුන්දෙනා එකතු කරගෙන , විකුනන තැන් කිපයකුත් හදාගෙන ලස්සනට ඇදීගෙන ආවා ව්‍යාපාරය. මිනිස්සුන්ට දෙන්න තියන කොටස එයාලට දිලා අවංක කමකින් මෙක කරගෙන ආවා. එතකොටම ඔන්න කන්දක් හමබවෙනවා මෙ ගලන ගඟට.

" ඔක නවත්තපන් "
"හේතුව "
" ඔක නවත්තපන් මගෙ නෙ තැන "
" හරි හරි මම මෙතන ඉද්දි ඔයාට ඔයාගෙ ගෙම ගහගෙන යන්න බැහැනෙ නෙද...?"

තාත්තාගෙන බකට් එකක්. හෙතුව ටිකක් හිතා ගන්න අමාරු ඇති කස්ටියට.. හෙතුව මට ලියන්න අමාරු නැහැ. මම එයා කරන වැරදි දැක නිහඩව ඉන්න එක නිසා එයාට මාව මුන ගැහෙද්දි ලැජ්ජාවක් දැනෙනවා ඇති. මම මෙ ව්‍යාපාරයට අත ගැහැව්වෙ, මගෙ අයියගෙ බලවත් ඉල්ලීම පිට නැත්තන්ම් එ පැත්තෙ පස් පාගන්නවත් නෙමෙ හිටියෙ. අද මම පහුගිය මාස ටිකෙ මම කරපුවාගෙ සාරංශයක් හදලා බැලුවා. මට ගොඩාක් සතුටු හිතුනා මෙච්චර පොඩි වයසෙදි, මෙච්චර ලොකු මුදලක් එක්ක , මෙච්චර නිවැරදිව ලස්සනට මෙක කරලනෙ කියලා, මම වැඩිය උනන්දුවෙකුත් නෙම, එ කියන්නෙ බත් බෙදලා දුන්නොත් කනවා, නැත්නම් ඔහෙ බඩිගින්නෙ ඉන්නවා. තාත්තා මෙහෙම කරද්දි මනසට ටිකක් දැනෙනවා. එකට බ්ලොග් එකෙ සෙට් එක මොනවා කියයිද කියලා බලන්න මම මෙ පොස්ට් එක දාන්නෙ. කොහොම උනත් වයසින් වැඩි කෙනෙක් එක්කලා හැප්පිලා දිනපු පොඩි එකෙක් නැහැ. දිනුවත් , පැරදුනත් පොඩි එකා පරාදයි. එක හින්දා පොල් ටික එතනින් අයින් කරගෙන ආවා. දැන් මොකද මාව විස්වාස කරගෙන ඉන්න මිනිස්සුන්ට කියන්නෙ.

" මල්ලි කොහොමද ඉලග සතියෙ සෙනසුරාදා අපෙ වත්තෙ පොල් ටික කඩනවා, දැන් කියද පොල්..? "

ඇත්ත කියලා අයින් උනාම මිනිස්සු හිතනවා.

" මුට කිසිවැඩක් හරියට කරන්න බැහැ" කියලා.
දැන් මන් කල්පනා ලොකෙ ක ඉන්නෙ. මගෙ යහලුවො දෙන්නත් ටිකක් ගැටගහ ගත්තෙ මෙකෙන්. මමත් රොල් ගැහැවුවෙ පොල් එකෙන්. වගාව ෆිට් එකටනෙ.

මම පොල් කරා කිව්වට ඔය මාලු පොල්, එ කියන්නෙ ඔයාල ඔය 30 ට, 40 ට ගන්න පොල්ම තමයි මම ත් 20 ත්, 24 ත් අතර මිලකට අරගෙන කොප්පර කරලා විකිනුවෙ. එකෙනුත් තිස්දාහක් තාත්තා අතරමැදියෙක් වෙලා ගැහැව්වා. මම මුකුත් නොකියා හිටියෙ එ පාඩුව මාස දෙක තුනකින් අල්ල ගත්ත හැකිනෙ කියලා. අනෙ මන්දා මෙ මනුස්සය ට මොනා වෙලාද කියලා, වෙන එවුන් තාත්තලගෙන් හොරකම් කරන්නෙ, මෙයා මගෙන්. මම තාත්තගෙන කවදාවත් හොරකම් කරලා නැහැ. අයියයි, මල්ලි දෙන්නම කරලා තියනවා. මට අවස්තා හම්බ උනත් ... අනෙ මන්දා මෙ මනුස්සයා මැරුනට පස්සෙ කොහෙ යන්න හිතෙ තියන් ඉන්නවද කියලා....

කවුරුත් කාගැනවත් වැරදි වැටහිමක් ගන්න ඔනා නැහැ. මෙ කතාවෙනුත් වැදගත් දෙයක් තියනවා ගන්න..
මෙ ලොකෙ සමහර මිනිස්සු ඉන්නවා එ මනුසයින්ට බාධක කම් කටොලු හම්බ උනාට ගනන් ගන්නෙ නැහැ,  කඩාගෙන බිදගෙන ඉස්සරහාට යනවා. තමුන්ගෙ මිනිසුන්වත් අමතක කරගෙන හො රැගෙන. වලි දාගෙන, බැනගෙන, හයියෙන් ඉස්සරහට දුවලා ගිහින් පස්ස බලපුවාහම තමුන් තනිවෙලා කියලා දැනෙනවා, නමුත් එ මනුස්සයෙගෙ හිතෙ තියන මානය හින්දා එක පිළිගන්නෙ නැහැ.
මම ඉතින් ගඟ ගලනවා වගෙ හිමිටනෙ වැඩ. එක හින්දා තිරණය කලා කන්ද මගහැරලා වටෙන් ගිහින් ගමන යන්න. මොකටද බොරුවට බොරු මිනිස්සුත් එක්ක පැටලිලා, ගහ මරාගෙන මටත් අයිතියක් තියනවා කියලා කැගහගෙන හිස් කෙනෙක් වෙන්නෙ. හිමිට වාගාවට වැඩිපුර අවධානයක් දක්වනවා, නමුත් එතනදිත් හිත් වෙදනාව විතරයි ඉතුරු වෙන්නෙ. අපෙන් 200 ට කිලො එකක් අරන් ගිහිල්ලා 400 ට විකුනනවා. අපි මාස දෙකක් ක් තුනක් මහන්සිවෙලා අව්වෙ කරවෙලා ගන්න ගෙඩි ටික, එකෙක් වරුවකින් විකුනලා අපි ගන්න 200 ම ගන්නවා. අපිම එක විකුනන්න ගියොත් ඌට මොකද වෙන්නෙ... කියලත් අපි හිතනවා.  මෙ අස්සෙ අපෙ දෙශපාලුවො රට දියුනු කරනවාලු.

හරි හරි කොහොම උනත් සිද්ධිය පුදගලිකයි, එ වුනාට ආකෘතිය පොදු එකක්.

තවත් මනුස්සෙයෙක් තමුන්ව තරහා ගස්සන්න කරන ක්‍රියාවලින් තමුන් වැටුනොත් එක තමුන්ගෙ දුර්වල කමක්. මිනිස්සු කොච්චර බැන්නත්,බලපැම් එල්ල කලත් කෙලින් ඉන්න පුළුවන්න නම එක වටිනවා. මෙ සිද්ධියට ටිකක් නෙමෙ හොදටම දුක හිතුවා.  මෙකෙ දුක ඩ්බල් උනෙ මාගෙ හදපු අම්මා කියපු කථාවක් හින්දා අද දවල්..." පුතා අපිට බැහැ උබත් එක්ක හැමදාම ඉන්න, අපිට වෙලාව ආපුහාම යන්න වෙනවා. උබ දැන් ඔයා කාගෙවත් දෙවල් පස්සෙන් යන්නෙ නැතුව උබෙ දෙයක් බලාගනින්, ආපහු කැම්පස් යමන් ගිහිල්ලා එ ටික කරගෙන රස්සාවක් හොයාගනින්.." 


කස්ටිය මොකද හිතන්නෙ සිද්දිය ගැන , ඔයාලා නිතිමය පැත්තට යනවාද..? නැත්තම් කලින් සිද්දියෙදි මම වගෙ බකන්නෙලා ගෙන ඉන්නවද...?

2/21/10

තවත් ගැහැනියකගෙ කථාවක්...


මම මෙ කතාව අහැව්වෙ දෙරණ රුපවාහිණියෙ යන සිත් මල්යාය කියන වැඩසටහනෙදි. එකට ආපු ඩොක්ටර් මනො වෛද්‍යවරයෙක් මිගොමුව ඉස්පිරිතාලෙ වැඩ කරන්නෙ. මෙ ඩොක්ටර් කියන ආකාරයට කතාව මෙහෙමයි.

එයා ලගට ආවලු කසාද බැදපු ජොඩුවක්. නොනයි මහත්තයයි. නොනා මොකක් හරි කියලා මහත්තයව එක්කන් ඇවිල්ලා තියන්නෙ. නොනගෙ මුහුනෙ අදුර ඩොක්ටර් ට තෙරිලා ඩොක්ටර් එයාගෙ කතාවට අහැවුන් කන් දුන්නලු. තමුන්ගෙ මහත්තයට අසිමිතව ආදරය කරන ගැහැනු කෙනෙක්, කසාද බැදලා අවුරුදු 15 ක් වයස 10 යක් ලමයෙකුත් ඉන්න ගැහැනු කෙනෙක්, තමුන්ගෙ සැමියගෙ අනියම් සම්භන්දතාවයක් ගැහැනු කෙනාගෙ ඇස්දෙකටම දැකලා. මෙක ඩොක්ටර්ට කියපු ගමන් ගැහැනු කෙනාට ඇඩුනලු. ඩොක්ටර් දෙන්නත් එක්කම කතා කරාලු . එ වෙලාවෙ පිරිමි කෙනා එක පිළිඅරන් නැහැ.එයාට තරහා ගිහිල්ලා. නමුත් දෙන්න අතර සිද්ද වුන බහින්බස් විමකදි ඩොක්ටර් ට තෙරිලා ගැහැනු කෙනා කියන්නෙ ඇත්තක් කියලා. ගැහැනු කෙනාත්, පිරිමි කෙනාත් රැකියාවල නිරත වෙන දෙන්නෙක්. ගැහැනු කෙනා තමුන්ගෙ කදුලු දොස්තර ඉස්සරහා තබද්දි පිරිමි කෙනාත් ටිකක් තමුන්ගෙ තරහා අඩු කරගෙන දොස්තර ඉස්සරා පිළිගත්තලු තමුන්ට අනියම් සම්භන්දයක් තියනවා කියලා. ටිකක් කතාබහ කරද්දි දොස්තර පැහැදිලි කරලා දුන්නලු මනුස්සයට මෙක හින්දා තමුන්ගෙ බිරිදට ඇතිවන මානසික පිඩනය, පිළිබදව එයින් ඇය මානසික රොගියෙකු වුවද විය හැකි බව. "  ඔයාල දෙන්නම කල්පනා කරන්න ඔනා දරුවා ගැන"  කියල. ඔයාලා දෙන්නාම කතා කරගන්න මෙක හොදින් විසදෙන විදියට කියලා පුංචි පුංචි උපදෙස් ටිකකුත් දුන්නලු දෙවැනි දවසෙදි හම්බ වෙන්න කියලා.

දෙවැනි දවසෙදි ගැහැනු කෙනා අඬ අඬ කියනවලු "ඩොක්ටර් එයා කියනවා එයාට එක නතර කරන්න බැහැ" කියලා. මටත් එයා නැතුව බැහැ ඩොක්ටර්. මගෙ දරු පැටියට වෙන්නෙ මොකද්ද. මෙ ආකාරය තමුගෙ තියන දුක දොස්තර ඉස්සරාහ කියලා අඬුවලු. එදා දොස්තර ගාවට මහත්තයා ඇවිල්ලා තිබුනෙ නැහැලු. "ඔයාත් එක්ක විතරක් කතාකරලා මෙ ප්‍රශ්නෙ විසදගන්න බැහැනෙ. මහත්තයාව ඉලග දවසෙ අනිවාර්යෙන්ම එක්කන් එන්න. බලන්න ඔයාගෙ මහත්තය ඔයාට දුකක් දෙන්නෙ නෙද,  ඔයා හිත හදාගෙන එ සම්බන්දෙ පිළිගන්න ඔනා, නැත්නම් එතනින් අයින් වෙන්න ඔනා නෙද ඔය දෙකෙන් එකක් නෙද වෙන්න ඔනා. එයා එ සම්භන්දෙ දිගටම කරනවානම් ඔයා මෙහෙම දුක් විදින එකෙ තෙරුමක් නැහැ නෙද, ඔයා මානසික රොගයක මුලික ලක්ෂන පෙන්නන කෙනෙක්. ඉතින් මෙ ආකාරයට තවත් දුක් වින්දොත් ඔයා මානසික ලෙඩෙක් වෙනවා. ඔයා තිරණය කරන්න ඔනා. එක්කො ඔයා එ සම්භන්දෙ පිළිගන්න ඔනා ඔයාගෙ හිතින්, නැත්නම් ඔයා එයාගෙන් අයින් වෙන්න ඔනා. ඔයාලගෙ ප්‍රශ්නෙ දරුවටත් ගොඩක් බලපායි. එවා ගැන ඔයාගෙ මහත්තයත් කල්පනා කරන්න ඔනා නෙද ඉලග දවසෙ එද්දි ඔයාගෙ මහත්තයව අනිවාර්යෙන්ම එක්කන් එන්න. ඔයා එයත් එක්ක දිගටම මෙ සම්බන්දෙ පිළිඅරන් ඉන්නවද නැත්නම් එයාගෙන් අයින් වෙනවද කියලා තිරණය කරලා එන්න ඔනා." කියලා ගැහැනු කෙනාගෙ හිත හැදුවලු.

තුන්වැනි දවසෙදි මහත්තයයි නොනයි දෙන්නම දොස්තර ඉස්සරහ ඉද්දි
ගැහැනු කෙනා කිව්වලු " ඩොක්ටර් මට බැහැ මෙයා නැතුව ජිවත් වෙන්න අපි ආදරෙ කරලා කසාද බැන්දෙ, මට බැහැ මෙයයි, අපෙ දරුවයි නැතුව ඉන්න"

දොස්තර මහත්තයගෙන් ඇහැව්වලු " ඔයාට එ සම්භන්දෙ අත්හරින්න බැරිද මෙ දරුවයි , මෙච්චර ආදරෙ කරන ගැහැනියයි වෙනුවෙන්". මනුස්සය "බැහැ ඩොක්ටර් එයාව අත්හරින්න බැහැ මට, මට එයත් ඔනා". එ ගැහැනු කෙනා ගෙ කදුලු වලින් උනුවෙලා නැහැ පිරිමිකෙනාගෙ හදවත.  ඉතින් එ ගැහැනු කෙනාගෙ හිත හදන්න දොස්තරට ටික දවසක් එයාලා දෙන්නත් එක්ක කතා කරන්න සිද්ද උනාලු.

ඉලග දවසෙදි ගැහැනු කෙනා ගෙ එක ඉල්ලිමක් තිබුනලු "  ඩොක්ටර් ඉස්සරහා මම මෙ ඔයාගෙන් ඉල්ලන්නෙ මටයි, මගෙ දරුවටයි සතියකට එක දවසක් ඔයත් එක්ක ඉන්න ඔනා, අපි කොහෙහරි ගෙදරින් පිට යන්න ඔනා, පුතාට මෙ දෙවල් දැනගන්න දෙන්න හොද නැහැ නෙද". පිරිමි කෙනා එකට එකග වුනාලු. මෙහෙම ගැහැනු කෙනාගෙ හිත ටිකක හැදෙද්දි එක දවසක් එ ගැහැනු කෙනාගෙ කටින් ප්‍රශ්නයක් පිටවුනලු දොස්තරයි, එයාගෙ මහත්තයයි දෙන්නම නිහඩ වෙන.

" ඩොක්ටර් මම මෙ දෙවල් ඉවසගෙන විද දරා ගත්තා මගෙ දරුවා වෙනුවෙන් නමුත් ඩොක්ටර් ඉස්සරහා මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා. ඔයා එකට උත්තරයක් මට දෙන්න ඔනා. මමත් වෙන පිරිමි කෙනෙක් එක්ක සම්බන්දයක් පටන්ගන්නවා. ඔයාට, ඔයාගෙ තත්වෙට ගැලපෙයිද එක ...? ඔයා කැමතිද එකට..?

මෙතනින් එ දොස්තර කතාව ඉවර කරා. එ වෙනකොට නිල්මිණී තෙන්නකොන් (වැඩසටහන මෙහෙයවුවෙ එයා) ඇස් දෙකෙන් කදුලු බින්දු කිපයක් කඩාගෙන වැටුනා.
මෙවා අහාල දැකලා අමතක කරන්න හොද නැහැ. අපිත් තව කල් තියනවා කියලා නිහඩව ඉන්න එපා. මෙක කියවන ඔයාලගෙ අදහස් මට වටිනවා. මම එකෙන් ඉගෙනගන්නවා. සමහර පිරිමි,ගැහැනු අය ඉන්නවා ජිවිතෙ කෙටියි ජොලියෙන් ඉන්න ඔනා කියලා හැමදෙම කරන, තවත් කෙනෙක්ගෙ හැගිම් අමතක කරලා ජිවත් වෙන එ අය තමුන්ගෙ රාමුවට කොටුවෙලා ඉන්න අය.මෙ අය වෙනුවෙන් අපිත් කතාකරන්න ඔනා. මොකද කවද හරි අපිත් එතනට එයිද..? නැද්ද..? කියලා කවුරුත් දන්නෙ නැහැනෙ...මම හරිද.

2/19/10

රවාගෙ පළමු එකපාර්ෂවික ආදරය...

ඔන්න ඉතින් මමත් මගෙ කථාවත් දිග හරිනවා. මිනිස්සු උනහම ලොකු පොඩි කියලා නැහැනෙ හැගිම් වලට.මම එතකොට තුන වසරෙ හිටියෙ. අපෙ පාසල මිශ්‍ර පාසලක්. කෙල්ලොත් එක්ක ගහ මරාගන්නවා, එකට කනවා බොනවා, එකට සෙල්ලම් කරනවා. ඩෙස් බංකු හදලා තිබුනෙ කොල්ලො දෙන්න ඉස්සරහා කෙල්ලො දෙන්න, එහෙම්. කොල්ලො කෙල්ලො කිව්වට මනුස්ස පැටවු. අපි කෙල්ලන්ගෙ පොත් හොරකම් කරනවා. ඉතින් වලි. මට ඉංග්‍රිසි බැරිවෙන්නත් එක හෙතුවක් තමයි මම තුනෙදි මගෙ යහලුවා උන කොසලාගෙ පොත හොරකම් කරලා, පිටකවරෙත් ගලොලා මගෙ නම් ගහ ගත්තා. අපි පාසල ඇරිලා යන්නෙ "ස්කුල් වැන්" එකෙ. අපි පොඩි හින්දා අපිව 1 අරින්නෙ. ලොකු පැත්ත 2 කට ඉතින් පැය භාගයක් අපි ඉස්කොලෙ ඉස්සරහා තියන වතුසුදු මල්පදුරක් ගාව බැග තියලා සෙල්ලම් කර කර ඉන්නවා. එයත් මම ගිය වැන් එකෙම තමයි යන්නෙ. මම ගිය දහම් පාසලට තමයි එන්නෙ. ඉතින් එයාටත් මටත් කතා බහ කරන්න තියන, ගැටෙන්න තියන වෙලාව වැඩියි. එයගෙ නම නදා කියලා කියමුකො.


දවසක් ඉස්කොලෙ ඇරිලා ඉද්දි නදා ඇවිත් මට කියනව " රවා මට අර නෙල්ලි ගෙඩි ටිකක් කඩලා දෙන්න" කියලා. එතකොට 93 දි නෙ ආමිර් කාන් ගෙ චිත්‍රපටි තමයි ආසම(ආමිර් කාන් කියලා කියගන්නත් බැහැ, ඇමරිකාන් කියලා කියන්නෙ). නෙල්ලි ගහ තිබුනෙ ලොකු පැත්තෙ. බයයි. එ වුනත් දැන් ඉතින් නළුවානෙ. මමත් පැන්න ලොකු පැත්තට නෙල්ලි ගහ දිගෙ බඩ ගැවා. ටිකක් වෙලා යනකොට නෙල්ලි ගෙඩි වලින් සාක්කු දෙක පුරොගෙන බහින්න හදද්දිම ලොකු අයියා කෙනෙක් ඇවිල්ල " අර සර් මල්ලිට එන්න කියනව " පපුව ඩිග් ඩිග්. මොනා කරන්නද දිව්වා මල් ගහ ලගට. එ ත් අර දුෂ්ට අයියා ඇවිල්ලා මාව අල්ලගෙන සර් ගාවට එක්කන් ගියා. නොන්ඩි 7 යි පොඩි උනාට ලොකු හැගිම් හිතෙ. දන ගහගෙන ටිකක් වෙලා ඉන්න උනාට මොකද කඩා ගත්තු නෙල්ලි ටික නදාට දෙන්න පුළුවන් උනා. එක තමයි පළවැනි මිෂන් එක. එ වැන් එකෙ අපෙ අයියත් යනව. අයියට ආරංචි උනා මම දනගහ ගෙන හිටියා කියලා. මම නෙල්ලි කන්නෙ නැහැ.නමුත් කරන්න දෙයක් නැහැ. දැනට ආදරෙනෙ කියලා කියමුකො.

දහම් පාසල, ළමා ලොවම සරු කරවන නවතොතැන්නක්. ගොඩක් මගෙ වැඩ තියන්නෙ දහම් පාසලෙ. නදාත් එක්ක තිබුනු ගනුදෙනු වැඩි හරියක් එතන. අපි කොල්ලො පොඩි උනාට ලොකු හිත්. මල් කඩන්නෙ නැහැ. ලැජ්ජයි. අයියත් මල් කඩන්නෙ නැහැ ලැජ්ජයිලු. ඉතින් මාත් එහෙමම තමයි. නදා කඩන් එන මල් ටික තමයි මගෙත්. කාටත් හොරෙන් මල් ටිකක් දෙනවා. මල් පෙන්නලා ලොකු සාදුගෙන් ලකුණු ගන්නවා. සමහර වෙලාවට එයාටත් වැඩිය මගෙ ලකුණු වැඩියි.එයා හරිම ලස්සන චාම් කෙනෙක්, එවගෙ චාම් කෙනෙක් තමයි ජිවිතයට ඉන්න ඔනා. හිමිට කතාකරන්නෙ හිමිට ඇවිදින්නෙ. දකිද්දිත් හිත නිවෙන තරම් රුපයක් එයාට තිබුනෙ.

මෙහෙම යනකොට අයියට තෙරුනා මම නදාට ටිකක් වැඩියි ලංවෙනවා කියලා. අයියා ඔච්චම් කරන්න ගත්තහම මට ගොඩක් දුක හිතුනා.  පොඩි කාලෙ අපි දකින්නෙ අපෙ අම්මායි තාත්තායි. දෙන්නා ඉන්න විදියට අපිත් ඉන්න ඔනා කියලා හිතුන. මම කැමති වුනෙ නැහැ එයාට කවුරුත් මුකුත් කියනවට. අයියා එහෙම කියනවා කියලා දැනගත්තොත් එයාට එක ලොකු ලැජ්ජාවක් නෙද කියන හැගිම මගෙ හිතට දැනුනා. මම හිමිට එයාව මග හරින්න ගත්තා.හිතෙ තිබුන සොදුරු සිතුවිල්ල ටිකෙන් ටික හංග ගත්තා. දහම් පාසෙලෙන් එයා අස්වෙලා වෙන දහම් පාසලකට ගියා. එයාට ගොඩක් දෙපල තියනවා. අනික එයා ඉගෙනගන්නත් දක්ෂයි. පොඩි උනාට හැමොගෙන්ම බැණුම් මට, මොකද පන්තියෙ 35 වැනිය , ඉගෙන ගන්නෙත් නැහැ.අපි පුංචි කාලෙ අපි හැමදෙම ඉගෙන ගන්නෙ අපෙ වටාපිටාවෙන්, ඉස්කොලො කියන්නෙ විකාරයක්. අම්මලා තාත්තලා බලෙන් අන්දලා ඉස්කොලෙ අරින්නෙ. මම ගොඩක් දෙවල් ඉගෙනගන්නෙ ලොකු එවුන්ගෙ කථාවලට ඇහුන්කන් දිලා. ගොඩක් වෙලාවට තාත්තගෙන් ගුටිකනව ලොකු අය කථාකරන දෙවල් හොරෙන් අහන් ඉදලා.
කොහොම උනත් එයාගෙයි මගෙයි අතර තිබුන සම්භන්දෙට ආදරයක් කියලා කියන්න බැහැ. නමුත් එක මට අදටත් තෙරෙන්නෙ නැහැ. කොහොම උනත් එයා අපෙ ඉස්කොලෙ එහා පන්තියෙ හිටියෙ. ඉස්කොලෙම ලකුණු වලින් , ඉගනිම අතින් එයා මට වැඩිය ගොඩක් ඉස්සරහින් හිටියෙ ශිෂත්වය සමත් ලකුනු ලිස්ට් එකෙ හිටපු උඩින්ම දෙවැනියට තිබුනු එයාගෙ නම්. මගෙ එක යටින්ම තිබුන නම. හැමොම පුදුම උනා මම පාස් කියපුවාහම. තාත්තා එක බලන්න ගියෙත් නැහැ. කවුද අදුරන කෙනෙක් තමයි කියලා තිබුනෙ තාත්තාගෙ නමත් තිබුනා කියලා. මගෙ නමෙ අන්තිමට තාත්තාගෙ නම තියන්නෙ. අයියට ලැජ්ජාවෙ බැහැ. අන්තිමට මගෙ නම තියන්නෙ කියලා .එයත් එදා මාත් එක්ක කතා කරා " ඔයත් පාස්නෙ " කියලා.එයත් එක්ක කතා කරන්න තිබුනු ආසාව ටිකෙන් ටික  යට ගහා ගත්තත් හිතෙ මෙ වෙනකොට එයත් එක්ක ගොඩක් දුර ගිහින්. මගෙ හිත හැමදාම මතක් කරන දෙයක් එයා.

මම හිතන් හිටියෙ ඉස්කොලෙ අන්තිම දවස විභාගෙ ලිව්වට පස්සෙ එයාට මම හිතෙ තියන දෙ කියනවා කියලා. එක මගෙ හිතට ආවෙ 9 වසරෙදි විතර.මම එයාගෙන් ගොඩක් ඇත් උනා. එයාව දැක්කත් වැඩිය කතාබහා කරන්න ගියෙ නැහැ. එයා ගොඩක් ඉගෙන ගන්න දක්ෂ කෙනෙක්නෙ. ඉතින් අපි කොහෙද. සාමාන්‍ය පෙළ මගෙ තිබුනෙ විද්‍යාව, ගණිතය, සමාජ අධ්‍යනය විතරක් හොදින් පාස් වෙලා තිබුනා. එයාල එහෙම නෙමෙයි. ඔක්කොම කුඩෙ කුඩු. එයා ජිව විද්‍යාව කරන්න ගියා. මම ගණිතය කරන්න ගියා. මෙ වෙනකොටත් මගෙ හිතෙ එයා ගැන සිහින තියනවා. නමුත් ලං වෙන්නෙ නැහැ. මොකද පොඩි කාලෙ තාත්තා අම්මා අයියට බනින්නෙ " ඉගෙන ගන්න කාලෙ ඔව්වා බැහැ, දෙකක් කරන්න බැහැ, පිස්සු විකාර වලින් ඔලුව පුරොගෙන එපා තොව මරනවා "කියලා. හරි ඔය අස්සෙදි එ නදා හිටපු පන්තියෙ කොල්ලෙක් හිටියා වු මගෙ දුෂ්ටයා උනා. නදා අදටත් වුත් එක්ක ඇවිදිනවා කරනවා මට පෙනෙනව. අවුරුදු 10 ක් 12 හිතෙ පැසව පැසව තිබුණු හැගිම් ඔක්කොම නැති වෙලා ගියා. වෙදනාවෙන් මිරිකුනෙත් නැහැ. මොකද එ වෙනකොට වෙන කෙනෙක් මට ලංවෙමින් හිටිය හින්දා.

අදටත් නදා දන්නෙ නැහැ මම එයා ගැන එච්චර සිහින මැවුවා කියලා. දෙවැනි ආදර කථාව නම් නපුරු හිනයක් එක ගැන පස්සෙ කියන්නම්. දැන් මෙ කථාවෙ සාරාංශය.

නදාත් එක්ක මගෙ තිබුනු බැදිමට නමක් දෙන්න මට බැහැ. නමුත් එයාගෙ පැත්තෙන් එකට යහලුවා කියන දෙ කියන්න පුලුවන්. නමුත් එක වැරදි හැගිමක් නෙමෙයි. මට ඔනා උනෙ එයාගෙ අත් දෙකෙන් අල්ලන් ඇවිදින්න, ඉන්න  විතරයි. එක තමයි මම එදා චිත්‍රපටි වලින් දැක්කෙ ආදරය කියලා එකයි. ස්භාවයෙන්ම තිබුන ආකර්ෂනයට චුටි තල්ලුවක් තමයි එ චිත්‍රපටි වලින් හම්බවුනෙ. ලොකු වෙද්දි කාමය ,රාගය වගෙ හැගිම් හිතට දැනුනත් එයත් එක්ක ටික වෙලාවක් තුරුල් කරගෙන ඉන්න විතරයි සිහින මැවුවෙ. හිතට ලොකු අමාරුවක් දැනුනෙ නැහැ, මොකද ගණිතය හා තවත් කෙනෙක් මෙ වෙනකොට හිතට ලං වුනා. අන්තිම අන්තිම වෙනකොට හිනාවෙන්ම එයාට සමුදුන්නා. මාස කිපයකට පෙර එයා මාව හම්බ උනා ස්ටෙෂන් එකෙදි මාත් එක්ක කතා කරා ටික වෙලාවක්. එයා දන්නෙත් නැහැ මගෙ හිතෙ එහෙම හැගිමක් තිබුනදවත් කියලා. එච්චරටම මාව අමතක වෙලා. එයාට අමතක වෙලත් ඇති නෙල්ලි කඩලා දුන්න හැටි. කමක් නැහැ. අපි මිනිස්සුනෙ අපිට වටෙ පෙන්න තියන්නෙ මොකද්ද එක මතකයි . අනිත් හැමදෙම අමතක වෙනවා. අන්තිමට මගෙ පේරාදෙණි කැම්පස් එකෙ හිටපු යහලුවෙක් කිව්ව කවියක් මතක් වෙනවා

ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය
මෙය කිවු එකාගෙ කට කෑවත් මදිය
ඉවසපු නැති එකා ලග බඩු හත අටය
ඉවසපු නිසා මම තවමත් තනිකඩයා
මට මෙ දෙවල් හොදට මතක... එක මම හැමදාම මතක් කර කර රසවිදින හින්දයි. එකයි මම මගෙ බ්ලොග් එක අතිතයෙන් ගඟ ගලා බසි කියලා නම තිබ්බෙ. මහගම සේකර මහත්තයටත් ගොඩක් ආදරෙයි, ලැදියි.

2/16/10

මළවුන්ගෙ දේශය.........

බොහො දෙනා ඇවිදින මළ කඳන් මෙනි. ඇත්ත දකිති. ඇත්ත පෙනෙති. නමුත් නිහඩය. මිනිසුන් කොල්ලකා බිහිවු පරපොෂිතයො වැජබෙති. අවංකව තම දිවිය රට වෙනුවෙන් කැප කළ මිනිසුන් දඟගෙයි ලා හිරකර ඇත. දෙවන ඊලාම් යුද්ධ යෙදි හමුදාවට, දේශයෙ දු පුතුන් දහස් ගණනක, දෙශයෙ විරුදරුවන් දහස් ගණනකට දිවි තොර කිරිමට අණ දුන් ත්‍රස්තවාදි නායකයා දවස් දෙකකවත් සිරදඩුවමකින් තොරව දේශපාලනයෙ වැදගත් චරිතය කර ඇත. ඔහු දෙශප්‍රෙමින් ලෙස ප්‍රසිද්ධ කිරිමට ස්වාධින රුපවාහිනිය හා ජාතික රුපවාහිනිය දැඩි වෙහෙසක් ගනි. දේශපාලනයෙ පරිනත මිනිසුන් එතරම් තමන් ඉන්න තැන ගද ගස්සවා ඇත. එ අතරම පසුගිය යුද්ධයෙදි යුධහමුදාව මෙහෙයවු, සැලසුම් සැකසු යුද සෙන්පතියා හතර වන ඊලම් යුද්ධයෙදි සිදුවු නොකටයුතුකම් පවසනවා කී පමණින් අත්අඩංගුවට ගෙන චොදනා වලට සාක්ෂි එකතුකරයි. මෙ අතර තම හිතවතුන්ද පැහැරගෙන විරුද්ධ සාක්ෂි දෙන මෙන් හිරහැර කරති. මෙ අතර පරිණත දෙශපාලන නායකයින් රටට විරුද්දව කරපු කුමන්ත්‍රනයක් ගැන කියා මිනිසුන් නොමග යවයි. සැබැවින්ම රටට විරුද්දව විදෙශ කුමන්ත්‍රනයක් දියත් වන අතර කුමන නායකයා බලයට පත්වුවත් එය ක්‍රියත්මක වෙමින් පවති.
රවාගෙ මොඩ මොළයට වැටෙහෙන ආකාරයට සිදුවු චිත්‍රපටි මෙසෙ දිග හරින්නෙමි
දෙශපාලකයින් සිදුවන හැම දෙයින්ම වාසි ගැනිමට කටයුතු කරන විට අවංකව මහන්සිවන පුද්ගලයින් කල කිරෙයි. යුද්ධය සදහා බොහො විරුවන් තම ලේ සම්  ඇට මස් නහර රට වෙනුවෙන් කැපකර නමුත් අන්තිමෙදි වෙනකෙනෙක් එහි සියලු දෙ ගෞරවය උරාගන්නෙ නම් එය වැරදිය. එවිට සියලු දිරිය දරුවන් කල කිරෙයි. දෙශපාලන නයකයින් රටෙ සැම තැනකටම ඇගිලි ගසන බව හැමදෙනාම දනිති. නමුත් හමුදා නායකයෙකු යම් කිසි විනයක්, හැදියාවක්, සංයමයක් නැත්නම් ඔහුට යුදහමුදා අණ දෙන නායකයා විමට කිසිත්ම නොහැක.  නමුත් අවංකව මහන්සිවි බොහො කැපකිරිම් කර ඉහල තනතුරුවලට ආ මිනිසුන්ගෙ මහන්සියට කිසියම් කෙනෙකු තම දෙශපාලන හිතවත් කම් මතින් වැජඹි යම් යම් තර්ජන එල්ල කරන්නෙ නම් එය තවත් නින්දිතය.

පසුගිය ජනාධිපතිවරණ සමයෙදි විරුද්ද පක්ෂයෙන් ඉදිරිපත්වු අපෙක්ෂකයාහට දුෂන චොදන, නොයෙකුත් චොදනා බුරුතු පිටින් ස්වාධින හා ජාතික මාධ්‍ය ඔස්සෙ ප්‍රචාරය විය. එයට සාක්ෂි කරුවන්ද බොහො සිටියෙය. ඔහුන් ප්‍රසිද්ධ මාධ්‍යවල ට ඉදිරිපත් වෙමින් සක්ෂි දුන්නෙය. නමුත් විරුද්ධ පාක්ෂිකයා නයකයා අත්අඩංගුවට ගත්තෙ එම චොදනාවලට නොව රටට විරුද්දව, පාලන තන්ත්‍රයට විරුද්දව කළ කුමන්ත්‍රන වලටය. යම් හෙයකින් පසුගිය යුද්ධයෙදි යුදහමුදාව අතින් මානව හිමිකම් කඩවුනෙ නම් ඉහලින්ම බෙලි කැපියන්නෙ ජනධිපතිතුමා හා එවකට බලයෙ සිටි යුද හමුදාපතිතුමාගෙය. අපි සැවොම දනි තමුන්ගෙ බෙල්ල කපා ගැනිමට තරම් විරුද්ද පාක්ෂික අපෙක්ෂක තුමා මොඩයෙක් නොවන බව. එසෙනම් එතුමා මෙ හෙළිකරන්නට ගියෙ කුමක්ද... ඇයි එ වෙනුවෙන් එතුමාට යුදාධිකරනයට පෙනි සිටින්නට සිදුවුයෙ යන්න ප්‍රශ්නයකි. ඇයි මෙ හදිස්සියෙම...?  විරුද්ද පාක්ෂික අපෙක්ෂකතුමා මෙ ප්‍රකාෂ කර, කුමන්ත්‍රන කර මෙතරම් දවසක් යනකම් මෙ බව අත්අඩංගුවට ගත් නිලධාරින් නොදැන සිටියාද.....

මගෙ පුංචි මොඩ මොළයට වැටහෙන ආකාරයට යමක් ප්‍රකාශ කරන්න කැමැත්තෙමු. ජානාධිපති තුමා හට කැබිතිගොල්ලැව සිද්ධියෙන් පසු මෙම කරදරය ඉවර කිරිමට අවශ්‍යතාවය ඇතිවිය. නමුත් හිතෙ යම් බියක් ද තිබිනු දක්නට ලැබුනි. කෙසෙවෙතත් සුදුසු තැනට සුදුස්සා පත් විමෙන් අනතුරුව යුද්ධය සාර්ථකව ගෙනගියහ. යුද්ධයෙ ලැබුනු ජයග්‍රහන දෙශපාලනිකව යොදා ගත් අතර යුද්ධයට දෙශපාලනික ඇගිලි ගැසිම්ද සිදු නොවින. යුදහමුදාපතිතුමා ඇතුලු නිළධාරින් එය මනා ලෙස කලමණාකරනය කළහ. අවශ්‍ය දෑ ආරක්ෂක ලේකම් විසින් මනාව සපයන ලදි. ත්‍රස්තවාදය අවසන් විමත් සමග සුපුරුදු ලෙස දෙශපාලන නායකත්වය යුදහමුදාවට ඇගිලි ගැසිමට පටන්ගත්තෙය. මෙය නොරිස්සු යම් යම් නිළධාරින් කළකිරි යුදහමුදාවෙන් අයින් විනි.දෙශපාලන නයකත්වය තමුන්ට පක්ෂ නිළධාරින් හට හමුදාප්‍රතිපත්තිවලින් ඔබ්බට ගොස් යම් යම් තනතුරුද ප්‍රදානය කලහ. දෙශපාලනය කරන මිනිසුන් රටෙ සුභසෙත සදහා ප්‍රතිපත්ති සකස් කල යුතුය. නමුත් දැන් සිදුවන්නෙ තමුන්ට හිතවත් සුදුසුකම් නොමැති මිනිසුන් රාජ්‍ය දෙපල වල හිමිකරුවන් විමයි. ඉතිහාසය නැවත සිදුවෙයි. විජය කුමාරතුන්ග නැමති චරිතයද මෙසෙ මිනිසුන් අතරින් නික්ම ගොස වැඩි කලක් යන්නට මත්තෙන් රටට තවත් යුගපුරුෂයෙකු නිහඩ කිරිමෙ වැයමක් දක්නට ලැබෙ. නින්දිත රාජ්‍ය මාධ්‍ය සංස්කෘතියක් යොදා ගනිමින් මිනිසුන් අතර වෛරය බෙදා මිනිසුන් අන්ධ කිරිමෙ ප්‍රතිපල වසර 30 ක් අත්වින්ද සිංහල, දෙමළ මිනිසුන් නැවතත් එම තත්වයට පත්කිරිම ඉතිරිව ඉන්නා ත්‍රස්තවාදින් අර අදිනු ඇත. මහින්දයන් මෙරටෙ කිසිවක් කර නොමැති බවට ප්‍රදාන සාධකය වනුයෙ රජ‍යෙ මාධ්‍යන් හි නින්දිත හැසිරිමයි. පවතින රජයට පක්ෂව ඔහුන් හැසිරෙති. රජයට පක්ෂව ඉන්න වුන් දෙශප්‍රෙමින් ලෙස නම් කර විරුද්ද අයවලුන් දෙශ ද්‍රොහින් ලෙස නම් කර ඔහුන් කෙරෙහි ජනතාව තුල වෛරයක් ඇතිකිරිම සිදුවීගෙන යන විදෙශ කුමන්ත්‍රනයක් ගැන නොකියමින්, කිසිදා සිදුනොවන කුමන්ත්‍රනයක් ගැන කියමින් ජනතාව නොමග යවමින් තමුන්ගෙ සුභසෙත සලකා ගනි.

අවසන් වශයෙන් මෙය දෙශපාලනික ලිපියක් ලෙස අර්ථ නොදක්වන මෙන් ඉල්ලමි. මා ගෙ පුංචි මොළගෙඩියට ඇසුනු දැනුන දෙ මෙසෙ ලියුවෙමි. අලින්ට පක්ෂ අය මෙයට හොද කියනු ඇත. බුලත් කොලයට පක්ෂ අය මෙයට නිග්‍රහා කරනු ඇත. මිනිසුන් තම තම හා ආදෙශ කරගැනිමෙන් යම් යම් තිරනවලට එලඹෙන මෙන් ඉල්ලමි.
යම් මිනිසෙකුට සුලු මිනිසුන් ප්‍රමාණයක් ගොඩකාලයක් රැවටිය හැක. ගොඩක් මිනිසුන් ප්‍රමානයක් කෙටි කලකට රැවටිය හැක. සැමදාම සැමදෙනාම රැවටිය නොහැක. සිදුවන දෙයට කළකිරිමකින් යුතුව බලාසිටිනු නොහැකිව මෙසෙ දෙශය ගැන, එහි වසන මිනිසුන්ගෙ ක්‍රියා කලාපය ගැන ලියුවෙමි.

2/14/10

කොහෙද ගියෙ අපෙ දුකා ......කො.... මෙයා......

ටික කලක සිට දුකා අයියා. සින්ඩියෙන් අතුරුදහන් වි ඇත....... කවුරුන් හො ඔහු ගැන දන්නෙ නම මෙහි සටහන් කරනු මැන.

කස්ටිය