සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

6/22/10

කවුරුත් කාවවත් රවට්ටන්නෙ නැහැ රවට්ටන්නත් බැහැ.




මම අදුරන ලොකු අයියා කෙනෙකුට වුණු වැඩක්. මෙ අයියට අපි කියමු චමිත් කියලා. මෙයා සා/පෙ දවස්වල ඉදන් කෙල්ලෙකුට ආදරෙ කරා, කෙල්ල වෙනුවෙන් මෙ අයියා ලොකු කැපවීමක් කරා, වියදම් කරා ගැහැණු ලමයගෙ අධ්‍යාපනය වෙනුවෙන්. මෙ අක්කාත් ගොඩාක් ලස්සනයි. මෙ අක්කට අපි කියමු තරු කියලා. චමිත් අයියා අයියගෙ යහලුවන්ට පෙන්නුවෙ ජොලියට කරන වැඩක් මිසක් සිරා ලව් එකක් නෙමෙ මෙක කියලා. එත් මෙ අයියගෙ හැමදෙයක්ම තිබුනෙ මෙ අක්කා වෙනුවෙන්. මෙ අක්කගෙ එක කුසෙ උපන් අක්කා ටිකක් නෙමෙ හොදටම සල්ලි තණ්හාවෙන් හිටියෙ. මෙ අයියා රියදුරු රැකියාවක් කරෙ. එත් අක්කාට ගොඩාක් ආදරෙ කරා. මමත් මෙ අයියත් එක්ක ගිහින් තියනවා එ අක්කව හම්බවෙන්න.

කොහොමෙන් කොහොම හරි තරු අක්කට ගෙදරින් යොජනාවක් ගෙනාල්ලා තියනවා. එ කොල්ලා ඉතාලියෙ රැකියාවක් කරන කෙනෙක්. අපෙ පැතිවල ඉතාලියට යනවා කියන්නෙ ඉතින් ඇලඩින්ගෙ පහන හම්බවුණා වගෙ වැඩක්. එක නිසා මෙ පැත්තෙ තරුණ වයසෙ ඉන්න අයගෙ සිහිනයක් ඉතාලිය. " මිල්ල සොයා " කියන චිත්‍රපටියත් එක්තරා විදියකට මා වටා තිබෙන ජිවිතවලට සම්බන්දයි, එහි ප්‍රධාන චරිත පදනම් වුණ සැබැ ලොකයෙ චරිතත්, එහි නිර්මාතෘවරයාත් පවුලෙ හිතවතුන්. මට නම් ඉතාලි සිහිනයක් නැහැ. ඉතින් තරු අක්කා එ ඉතාලි අයියත් එක්ක කසාඳ බැදලා. බැන්දට පස්සෙ එ අයියා ඉතාලි ගිහින් අක්කවත් එ රටට ඉක්මනින් ගන්නම් කියන පොරොන්දුව පිට. නමුත් මෙ අක්කා එක අපෙ චමිත් අයියට කියලා නැහැ. එයත් එක්කත් දිගටම ආදර සම්බන්දකම පවත්වගෙන ඇවිල්ලා අවුරුදු දෙකක් විතර. චමිත් අයියට යහලුවො කීපදෙනෙක් කියලා තියනවා " ඔය කෙල්ල බැඳලා ඉන්නෙ, ඉතාලි කොල්ලෙක්ව අයින්වෙයන් ඔතනින් " කියලා. මු ඇහැව්වෙ නැහැ. එ දවස්වල මාත් එක්ක මෙ අයියා එහාට මෙහාට යන්නෙ. මම තමයි මුගෙ යහලුවා වුණෙ. එ අයියා දවසක් තනියම දඹුල්ලට යනවා කියලා මට අඩගැහුවා. මමත් ගියා. දඹුල්ලට ගිහින් එලවලු අරන් එද්දි පාන්දර 2, 3 ට විතර. අපි දෙන්නා ඉස්සරාහා ගොලයො එලවලු උඩ.. පිටිපස්සෙ. එද්දි මට සම්පූර්ණ විස්තරය කියනවා.

"මචන් මෙහෙම හැමොම මට කියනවා මෙ කෙල්ල බැදලා ඉන්නෙ කියලා ඇහැව්ව හම කෙල්ල නැහැම කියනවා, කෙල්ල කියනවා නම් මාව කසඳ බදින්න කියලා , මම අද වුණත් ලැහැස්ති මෙ කෙල්ලව ගෙදර ගෙන්න, අම්මා කෙස් එක ඇද්දත් පස්සෙ එයා කැමති කරගන්න මට පුළුවන්, මෙ කෙල්ල වචනයක් දෙන්නෙ නැහැනෙ බන්. ලං වුන වෙලාවෙ පොඩි එකියක් වගෙ පපුවට තුරුල් වෙලා ඉන්නවා මිසක්. "

" චමිත් අයියා, බලාගෙන අපිට වැඩිය ලොකු උගෙ ජිවිත දිහැ බලහන්, ගමෙ කොච්චර ඉන්නවාද, ලව් කරලා, වහබිලා, චාටර් වෙලා, අනාත නාත වෙලා, නන්නත්තාර වෙලා.කෙල්ලන් ව විස්වාස කරලා තිර්ණ ගන්න ගියොත් අපිට වරදින්නෙ අපි දන්නෙම නැතිව "

එදා චමිත් අයියාට කියපු දෙ පස්සෙ කාලෙක මටත් අමතක වුණා.

ඉට ටික දවසකට පස්සෙ චමිත් අයියා ගමෙන් අතුරුදහන් වුණා. මට ආරංචි වුණෙ චමිත් අයියා ඉතාලි ගියා කියලා. නමුත් කාටවත් නොකියා එහෙම යන කෙනෙක් නෙමෙ. නමුත් එහෙම ගිහින් තිබුනා. මම ඉට පස්සෙ යහලුවා ගැන හොයන එක නතර කරා. නමුත් ඉට ගොඩාක් දවසකට පස්සෙ සිදුවුන සිදුවිම දැන ගත්තා.

මේ අයියත් එක්ක සම්බන්දකම පවත්වගෙන ඉන්න කාලෙදිත් තරු අක්කා බැඳලා ඉදලා තියන්නෙ. බැඳලා රට ගිහිල්ලා. පවුලෙ අඟහිගකම් නිසා බැන්දයි කියලා හිතන්න බැහැ. මෙ අයියාගෙන් ඉල්ලුවා නම් මෙ අයියා ඔන තරම් සල්ලි හොයලා ගෙනත් දෙනවා.

 මම දැක්කා එ අක්කා එදා චමිත් අයියාගෙ පපුවට හේත්තු වෙලා හිටපු හැටි. අක්කාගෙ මුහුනෙ බියක් තිබුනත් මම හිතුවෙ අඳුනන කෙනෙක් දැක්කොත් කියන හේතුව නිස ඇතිවු බියක් කියලා.
චමිත් අයියා සියලුම විස්තර හොයලා කසාඳ සහතිකයත් හොයාගෙන එ දෙන්නගෙ. එකෙ කොපියකුත් අරගෙන. චමිත් අයියා ගමෙන් අතුරුදහන් වෙලා කරලා තිබුනෙ ඉතාලි යන්න ක්‍රමයක් හොයන එක, විවිධ තැන්වල මාස කිපයක් නැවතිලා ඉදලා, එයාගෙ තාත්තගෙනුත් සල්ලි ඉල්ලගෙන ඉතාලි යන්න වීසා, ඔක්කොම හදලා යන්න දවසකට කලින් එ අක්කට එයාලා හම්බ වෙන තැනට එන්න කියලා. චමිත් අයියා එදා එ අක්කාගෙ කසාද සහතිකෙ පිටපත සාක්කුවෙ දාගෙන ගිහින් තියන්නෙ.

එතනදි අයියා එයාගෙන් ඇහැව්වලු.. එයත් එක්ක ටිකක් ආදරෙන් තුරුල් කරන් ඉඳලා අන්තිමට යන්න එද්දි ඇහැව්වලු.

" මට ඇත්ත කියන්න සුදු .. ඔයා බැඳලද ඉන්නෙ..?.."
" නැහැ..."

මෙ අයියා දෙතුන් පාරක් ඇහැව්වලු. එ හැම සැරෙම නැහැ කියලා තියන්නෙ.

අන්තිමට චමිත් අයියා සාක්කුවෙන් අරන් කසාද සහතිකය පෙන්නද්දි එක්කා මුහුණ වහගෙන ඇඬුවලු.

"මම හෙට ඉතාලි යනවා, ඔයාට ස්තුති.. මෙහෙම මගෙ ජිවිතෙ හැදුවට.. ඔයා මෙහෙම නොකරන්න මම කවදාවත් ඉතාලිය යන්නෙ දඟලන්නෙ නැහැ. ඔයත් ඉතාලියට එයිනෙ කවදා හරි එහෙදි හම්බවෙමු.. හැබැයි මෙහෙම නෙමෙ. "

මෙ සිද්දිය වෙන තැන මට ඉන්න බැරි වුණා. නමුත් මම ඔහුගෙ සම වයසෙ යහලුවෙක් නොවන හින්දා ගොඩාක් ඔහුගෙ හිතෙ සම වයසෙ යහලුවන් හට නොපෙන්වු තැන් මම දැක්කා. එක හින්දා මම හිතනවා එතනදි එයාගෙ ඇස් දෙකෙන් කඳුලු බින්දුවක් දෙකක් ආවත්, එයාගෙ මුහුනෙ හිර කරගෙන ඉන්න ඇති.

චමිත් අයියා මට එදා දඹුල්ල ගිහින් එද්දි මට කිව්වා
"මල්ලි මට ඔනා තරන් අවස්ථා හම්බවෙලා තියන එ කෙල්ලත් එක්ක එකට ඉන්න, නමුත් මම කවදාවත් එහෙම එ කෙල්ලගෙ ගෞරවයට කැලලක් වෙන විදියට හැසිරුනෙ නැහැ. මටත් නංගිකෙනෙක් ඉන්නවානෙ බන්. අපිටත් කොතනක හරි සැනසීමක් තියෙයි නෙ බන්.. "

එ දෙන්නම අද ඉතාලියෙ ඉන්නවා. ගවු ගානක් දුරින්. මගෙ යහලුවා මගෙන් ඈත් වුන ගමන් මම  ඌ ගැන හොයන එක නතර කරා. නමුත් සිද්දියෙ සුල මුල දැනගත්තු ගමන් මම යහලුවට සමාව දුන්නා අපිට නොකියා ගියාට.

සමහර ගැහැණු පුදුමාකාරයි. මෙතනදි තරු අක්කා කරපු වැඩෙ හරිද වැරදිද කියලා කියන්න මම දන්නෙ නැහැ. හැබැයි එ අක්කා බයවෙන්න ඇති, චමිත් අයියාවද, තමුන්ගෙ පවුලෙ මූල්‍යමය ආරක්ෂාවද, කියන දෙයින්,  තමුන්ගෙ පවුල මූල්‍යමය  ආරක්ෂාව කියන දෙ තොර ගන්න ඇති. චමිත් අයියගෙන් හම්බවුණු ආදරෙ නැති කරගන්නට බය වෙන්න ඇති. එක හින්දා තරු අක්කා මෙහෙම රැවටීමක් කරෙ. කොහොම හරි මෙ අයියා හරි ධෛර්යවන්තයි. මිනිස්සු හරිම පුදුම මිනිස්සු..

කවුරුත් කාවවත් රවට්ටන්නෙ නැහැ රවට්ටන්නත් බැහැ...

මම දැකලා තියනවා facebook එකෙ කරන රැවටිම් ගැන. මිනිස්සු හිතන්නෙ තවකෙනෙක් රැවටුනා කියලා.. නමුත් ඇත්තටම රැවටිම කියන දෙත් රැවටිමක්. හිත.

6/8/10

දර කපන්නා හා මම

11 වසරෙදි අපිට ඉංග්‍රිසි පාඩමක් තිබුනා දර කපන්නා. මේ කථාව මෙහෙමයි දිග හැරෙන්නෙ.  දර කපන්නෙක් ඉන්නවා මේ මනුස්සය හැමදාම උදේට කැලයට ගිහිල්ලා පැය කිපයක් දර ටිකක් කපලා එක අරන් ගිහිල්ලා විකුණලා සල්ලි ටිකක් එකතුකරගෙන ඇවිල්ලා හවස් වරුවම විවේකයෙන් ගත කරනවා. මේක දකිනවා ගමට එන ජර්මන් ජාතික සුද්දෙක්. එයා දර කපන්නගෙ ලඟට ගිහින් අහනවා. " ඇයි ඔයා මෙහෙම චුට්ටක් වැඩ කරන්නෙ. ඔයාට පුලුවන්නෙ දවසම දර කපන්න "

"ඇයි මහත්තයො දවසම දර කපන්නෙ .."

" ඔයාට එතකොට සල්ලි ටිකක් වැඩිපුර එකතු කරගන්නනෙ. "

"සල්ලි ටිකක් වැඩිපුර එකතු කරගෙන....."

" ඔයාට පුලුවන් තමුන්ගෙම කියලා වාහනයක් අරගෙන එකෙ දර ගොඩාක් අරන් ගිහින් විකුනලා සල්ලි එකතු කරගන්න " ජර්මන් ජාතිකයා පිළිතුර දුන්නා.

"ඔයාට පුළුවන්නෙ ඉතින් සල්ලි හොදට එකතු කරගෙනම හොදට සතුටෙන් , විවේකයෙන් ලස්සනට ජිවත් වෙන්න.."

" මහත්තයො මම දැන් සතුටෙන් සුවෙන් ඉන්නෙ, මගෙ හිතෙ ලොකු සතුටක්, නිදහසක් තියනවා. මම මගෙම රටාවකට ජිවත් වෙන්නෙ. මට මගෙ තරමට ඇති වෙන්න සල්ලි තියනවා. මම හැමදාම එතරමට තමයි සල්ලි එකතු කර ගන්නෙ. මහත්තයා කියන විදියට ගියොත් මගෙ මේ තියනදෙත් නැතිවෙනවා. මීට වඩා දෙයක් ඇති කරගන්න මේ තියන සතුට , සැනසීම නැති කරගන්න මම කැමති නැහැ මහත්තයො. වැදගත්ම දෙ ලද දෙයින් සතුටු විම."
පාඩම මෙතනින් ඉවරයි.

මේ පාඩම කියලා දුන්නට පස්සෙ ඉංග්‍රිසි ගුරුතුමිය පන්තියෙන් ප්‍රශ්නයක් ඇහැව්වා.
" දර කපන්නත් එක්ක එකඟ වෙන අය අතඋස්සන්න "
මම අත ඉස්සුවා. මම හිතුවෙ තව කිපදෙනෙක් අත උස්සයි කියලා.වටේට බලලා මම පිටි පස්සත් බැලුවා. එකෙක් වත් නැහැ. මටත් මාර අප්සට් එක..

" එතකොට ජර්මන් ජාතිකයත් එක්ක එකඟ වෙන අය...? "
මෙන්න යකො පන්තියෙ ගොඩාක් උන් අත ඉස්සුවා. මට කැගැස්සුනා. පපුවේ ඩිග් ඩිග් සද්දේ මටම ඇහෙන්න ගත්තා. හරි රවා උඹ ඇදගෙනනේ නෑවේ. දැන් පටන්ගනින් පැනලා නාන්න.

"ඇයි ඔයාලා ජර්මන් ජාතිකයත් එක්ක එකඟවෙන්නෙ.."

එතකොට පොලිමට උත්තර එනවා.. පන්තියෙ හිටපු ස්ප්‍රිත්තුවත් එකම එක පැත්තක මම තව පැත්තක.
"දරුවා ට උගන්වන්න ඔනා, ලෙඩක් දුකක් හැදෙද්දි වියදම් කරන්න ඔනා, වාහනයක් තියෙද්දි පහසුයිනෙ, ගෙයක් දොරක් හොදට හදාගන්න ඔනා

" රවා ඇයි ඔයා දර කපන්නත් එක්කලා එකඟවෙන්නෙ.. "
"මිස්.. ඔය යන රටාවට ගියොත් මැරිලා ගියහැකි සැනසිමෙන්... මෙ මනුස්සයා මහන්සිවෙන කෙනෙක්, මෙ මනුස්සයට ලොකු ලෙඩ හැද්දෙන්න විදියක් නැහැ. හැබැයි මිස් තණ්හාව ඇති කරගෙන දුවන්න ගියොත් මෙ මනුස්සයා ලෙඩක් හදාගන්න පුළුවන්. මෙ වගෙ ජිවිතයක් ගත කරන කෙනෙක් දරුණු ලෙඩ දුකකට පත් වෙනවා කියන දෙ හිතන්න අමාරුයි. මම නම් දැනුත් කියන්නෙ. මෙ මනුස්සයා හරි කියලා "

එතකොටම මෙන්න ඔබ්ජෙක්ෂන්කාරයෝ කෑගහනවා. මම ගණන් ගත්තෙ නැහැ. මගෙ හේතු ටික කියලා මම ඉදගත්තා. මම එක කියලා ඉවර වෙද්දිම මිස්ගෙ මුහුණෙ ගිය හිනාව මතකයි මට තාමත්. මිස් එතනින් එහාට මෙගැන කතා කරන්න ගියෙ නැහැ.

එදා හිටපු තැන හරි කියලා, අදත් දැනෙනවා. මම දැකලා තියනවා මිනිස්සු රැ 10.00 ට ඇවිල්ලා ආපහු පාන්දර 3 ට නැගිටලා 4 බස් එකෙ වැඩට යනවා. මමත් එහෙම කාලයක් කට්ටක් කැවා. දැන් නම් ලක්ෂයක් දුන්නත් එහෙම කට්ටක් කන්නෙ නැහැ.

" පුතා  මෙහෙමයි අපි ජිවත්වෙන්න ඕනා, තාත්තගෙ පඩිය මේච්චරයි, අපි දෙන්නා අම්මට උදව් කරන්න ඕනා, ඔයා හොදට පොත පත කියවන්න ඕනා, දැනුම , බුද්ධිය ගතිගුණ පිහිටන්නෙ එතකොට" තමුන්ගෙ දරුවව ලගට අරන් එයාව මෙහෙයවන අම්මලා තාත්තලා කියෙන් කීදෙනාද ඉන්නෙ.

දරුවන්ව,  රටේ සභ්‍යයත්වය, සංස්කෘතිය නැතිකරනවා කියලා ටිවි චැනල් වලටයි, අරවටයි මෙවටයි බනින මිනිස්සුන්ව මම දැකලා තියනවා. එයාලා ජිවත්වෙන හැටිත් දැකලා තියනවා. නමුත් අම්මයි තාත්තායි තමයි දරුවගෙ සියල්ලම තිරණය කරන්නෙ. තමුන්ට තියන දෙයින් සතුටු වෙන්නෙ නැතිව තණ්හාව ආශාව ඔස්සෙ දුවලා හැති වැටෙද්දි දරුවත් තමුන්ගෙන් ඈතට දුවලා ඉවරයි. මම හොදට දැකලා තියන දෙයක් තමයි " මා ගාව තියන දෙට වැඩිය අර දෙ හොදයි කියලා හිතලා එ දෙ පස්සෙන් දුවපු කෙනෙකුට  කවදාවත් හොද දෙයක් හම්බ වෙලා නැහැ. "

5/21/10

දෙවියන්ගෙන් ඉල්ලන හැමදෙම දෙවියො අපිට දෙන්නෙ නැහැ....

ඉස්සර පොඩි කාලෙ අපි ක්‍රිකට් ගහනවා. ගමෙ සෙට් එකෙන් උසෙන්, ශරිර ශක්තියෙන්, වයසෙන් අඩුම එකා තමයි මම. හැබැයි ශක්තියෙන් අඩු උනාට අත කරකවලා බොලා දාන්න පුළුවන්. අනිත් වුන් දමලා ගහන සෙට් එක. එහෙම බොලා දාන්න පුළුවන් අය එක අතක ඇගිලි තරම් වත් හිටියෙ නැහැ ගමෙ. වයස 12, 13 වෙද්දි මටත් ඔන්න හම්බ වෙනවා පන්දු වාරයක් දෙකක් දමන්න. හැබැයි ඉතින් මෙ වෙලාව පිතිකරුවන්ගෙ පැත්තෙ කස්ටියට ඉතින් රජ මගුල්. අපෙ පැත්තෙ උන් අකමැත්තෙන් මට දෙන්නෙ. මොකද අත කරකවලා බොලා දාන්න පුළුවන් කිපදෙනාගෙන් කෙනෙක් නෙ.. එක හින්දා අනිවා උන්ට මට බොලා දාන්න දෙන්න වෙනවා. ඔන්න පලවෙනි පන්දුව දැම්මා. උඩින් ගිහින් වැටට එහා පැත්තෙ 6 ක්. අපෙ උන්ගෙ මුනවල් රතු වෙද්දි, මට හරි සන්තොශයි. බොලයක් දැම්මනෙ..ක්‍රිෂාන්තය ඌ මට වැඩිය දෙගුණයක් විතර උස එකෙක් වැරදි නැකතක ඉපදිලා අලියෙක් වගෙ ඉන්න එකෙක්, ඌ තමයි බැටා මෙ වෙලාවෙ. දෙවැනි බොලෙටත් මෙකා 6 ගැහැව්වා. දැන් නම් මාවත් රතු වුනා. තුන් වැනි බොලෙටත් මෙකා ගහපි හයක්, අනිත් වුන් මට බනිනවා, ලැජ්ජාව ඔන්න දැන් දෙවියන්ව සිහිවෙනවා



"අනෙ දෙවියනෙ මෙකාව ඉලග බොලෙන් අවුට් කරන්න මම දෙවියන්ට ඉල්ලන දෙයක් දෙනවා "


බොරුවට ටෙනිස් බොලෙට කෙල ගාලා කලිසමෙ අතුල්ලගෙන ඉඹලා දැම්ම බොලෙ. මෙන්න මෙකා එකටත් ගහපි හයක්.

" මොකද්ද දෙවියනෙ කරන්නෙ.. වස ලැජ්ජාව මු බොල හයට ගැහැවුවොත්.. හැබැයි දෙයියනෙ මු මෙකටත් හයක් ගැහැවුවොත් අපහු නම් කවදාවත් වඳින්නෙ නැහැ.. අයෙ ඉතින් මම හිතුවොත් හිතුවාම තමයි "

මෙහෙම හිතින් හිතලා දැම්මා ඉලග බොලෙත්.. ගම කැවා මෙකටත් ගහපි හයක්..
දැන් මගෙ ඇස් දෙකෙන් කඳුලු පනින්න ඔන්න මෙන්න, අනිත් වුන් මගෙ අම්මට තාත්තට බනිනවා. මට කලින් දාපු එකා දමලා ගහන එකෙක් වු ලකුනු තුනයි දිලා තිබුනෙ.. බොලා හතරයි හයෙ එවා හතරයි.

"මෙකෙන් අරුව අවුට් වුණෙ නැත්තම් දෙවියෙක් කියලා එකෙක් නැහැ මෙ ලොකෙ.. අයෙ ඉතින් තොට බැරිනම් හදිස්සියකදි මට උදවු කරන්න තොගෙන් වැඩැක් නැහැ."

එ බොලෙටත් ගැහැවුවා ක්‍රිෂාන්තයා හයක්... එකෙක් හූ කියනවා තව එකෙක් උඩ පනිනවා, මගෙ ඇස් දෙකෙ කඳුලු පනින්න ඔන්න මෙන්න. මට තෙරුනා. වැඩෙ හරියන්නෙ නැහැ දෙවියො ගැන බලන් ඉදලා මම ම මොකක් හරි කරන්න ඔනා කියලා, හිතට හයිය ගත්තා

 " කමක් නැහැ මෙකටත් හයක් ගැහැව්වට.. මම white දාන්නෙත් නැහැ no බොල් දාන්නෙත් නැහැ , අත කරකවලා වෙනදා විදියටම දාන්නවා කියලා. මම එ බොලෙත් දැම්මා එකටත් හයක් ගැහැව්වා.. 

නමුත් හිතට ටිකක් සතුටුයි මොකද මම බලාපොරොත්තු උන දෙ කරා. ගොඩක් අය හිතන් හිටියට හයෙ එවා 6ක් එක දිගට ගැහැව්වෙ යුවරාජ් , එංගලන්තෙ ෆ්ලිංටොෆ්ට කියලා මම දන්න විදියට ක්‍රිෂාන්තය රවාට ගැහැවුවෙ.. එදා මම හැප්පුනෙ මට වැඩිය ගොඩක් ශරිර ශක්තියෙන් වැඩි කෙනෙක් එක්ක. දෙවියන්ගෙන් එදයින් පස්සෙ මම කිසිම දෙයක් ඉල්ලුවෙ නැහැ,

 " අනෙ දෙවියනෙ විභාගෙ පාස් කරලා දෙන්න "
" අනෙ දෙවියනෙ මට අර කෙල්ලව යලු කරලා දෙන්න, මට හොද ජොබ් එකක් දෙන්න, මගෙ රට යන වැඩෙ හරිගස්සලා දෙන්න "  මෙවගෙ දෙවල් ඉල්ලලා වැද වැටෙනවා මම දැකලා තියනවා ඇස් දෙකෙන්ම.

පොඩි කාලෙ අම්මව දැක්කහම " අනෙ දෙවියනෙ අම්මාව සනිප කරලා දෙන්න"
මොන්ටිසොරි යද්දි " අනෙ දෙවියනෙ වැහැලා වෙලට උඩින් වතුර දාන්න මට මොන්ටිසොරි යන්න බැරි වෙන්න "
ඉස්කොලෙ යද්දි " අනෙ දෙවියනෙ මට උණ ගැනෙන්න ඉස්කොලෙ යන්න බැරි වෙන්න"
රොබින්හුඩ් ව වට කරලා මරද්දි  " අනෙ දෙවියනෙ හර්න් ගෙනල්ලා මොකක් හරි බයිලයක් කරලා රොබින්ව බෙරලා මැරියන් ලඟට ගිහින් දාන්න "
කිසිම දෙයක් දෙවියො ඇහැව්වෙ නැහැ.

 උසස් පෙළ කාලෙදි භෞතික විද්‍යාව කරන කාලෙනෙ, දෙයියො කිව්වාහම හිනා වෙන්නෙ කොතනින්ද කියලා දන්නවානෙ... වයසක අයත් එක්කලා තර්ක කරා 

"ආ බාන්න අත්තෙ උබෙ දෙයියට කියපන් මෙච්චර විනාශයක් කරන ප්‍රභාකරන්ව මරන්න කියලා, අකුණක් ගහලා හරි කමක් නැහැ "

ආත්තව ඇඹරුවෙ එහෙමයි..



අයියලත් එක්ක කතරගම ගිහිල්ලා ඔහෙ එ මෙ අත බලන් හිටියා අනිත් වුන් දෙවියන්ගෙන් එව්වා මෙව්වා ඉල්ලද්දි.. එ මැතකදි.
නමුත් මම දැන් නම් පිළිගන්නවා අපිට හැමදෙම බුද්ධියෙන් තර්කයෙන් , ඉන්ද්‍රියන්ගෙන් අල්ලන්න බැරි දෙවල් ලොකෙ තියනවා කියලා,

මගෙ අම්මා හැමදාම මට කියන්නෙ

 " දෙවියන්ට, බුදුන්ට  බය වෙයන් ... උඹලා උගත් වැඩියි.. මම හොඩි පොතවත් නොකියවපු එකි.. මම දෙවියන්ට බයයි "

කෙනෙක් අද මට කිව්වා

 " දෙවියන්ගෙන් ඉල්ලන හැමදෙම දෙවියො අපිට දෙන්නෙ නැහැ...මම එක තෙරුම්ගත්තා ... ඔයත් තෙරුම් ගන්න..."

මම දෙයියන්ගෙ අවුරුදු ගණනාවක්ම මුකුත් ඉල්ලපු නැති එක එයා දන්නෙ නැහැ.
දෙවියො ගොඩාක් කාලයක් මම ඉල්ලපු කිසි දෙයක් දුන්නෙ නැහැ. ඉතින් මම ඉල්ලන එක එදයින් පස්සෙ නතර කරා. මට මනුස්සයෙක් ගෙන් යමක් ඉල්ලන එක ඉට වැඩිය නම්බුයි කියලා මම අදටත් හිතන් ඉන්නෙ. මනුස්සයෙ අසරණ වෙනවා බලන් ඉද්දි මම මැද්දට පැනලා එයාලව බෙරගන්න උත්සහා කරනවා. එ වගෙම තමයි මාව අසරණ වුණ යම් යම් තැන්වලදි  කකුල් දෙකෙ දෙවිවරු කිපදෙනෙක් ඉස්සරහට පැනලා මාව ගොඩට ඇදලා ගත්තු හැටි මතක් වෙද්දි හරිම සතුටුයි, මොකද අනිත් හැමොම දෙවියන්ව හොයද්දි මම දෙවියන්ව ඇස් දෙකෙන්ම දැක්කනෙ කියලා. අපි දෙයියොත් එක්ක සූදූ කෙලිද්දි දෙයියො අපිත් එක්ක සූදූ කෙලිනවා. හිනා යනවා එවා මතක් වෙද්දි.

මම එතනින් ඉගන ගත්ත වටිනාම දෙ තමයි

දෙනවා නම් දෙයක් මනුස්සයෙකුට, ඇස් දෙකට පෙන්න ඉන්න සතෙකුට මිසක්  දෙවියන්ට මගෙන් මුකුත් නැහැ කියලා හිතාගෙන හිටියෙ.... එත් අමතක වුනා දෙන්න මුකුත් දෙයියො දිලත් නැහැ... හා.. හා...

5/18/10

අත්දැකීම් ඇසුරෙන් ශක්තිමත් වීම..

අප ජිවත්විමෙදි අපට හසුවන දැනෙන දැ අප විවිධාකරයෙන් විග්‍රහා කිරිමට කුඩා කල සිටම පුරුදු වි සිටිමු. අප වටා ගොඩ නැගෙන සිද්ධින් අනුව අපගෙ සිත කය වචනයහි හැසිරිම තිරණය කරයි. බොහො මිනිසුන් තමුන් ඇසුරු කරන පරිසරය මත රදා පවතින අතර මින් ස්වායත්තව හැසිරෙන මිනිසුන්ද ඉතාම කලාතුරකින් අප හට හමුවෙ. මෙලෙස පරිසරයෙන් ස්වායත්තව හැසිරිමෙදි ඔහු හො ඇය මගින් සමාජයට ලැබෙන දායකත්වයද අපුරු ගති ලක්ෂන වලින් සමන්විතවෙ. මිනිසුන් අතර ව්‍යවහාරයෙ පවතින " රෑ වැටුනු වලෙ දවල් වැටෙන්න එපා " යන්නද බොහො මිනිසුන් තමන්ගෙ මාර්ගය හසුරවීමට යොදා ගනී. තමුන්ගෙ සැම සියලු දෑ තමුන්ගෙ අත්දැකිම්, පරිසරය මගින් ව්‍යුත්පන්න වන දෑ බව බොහො මිනිසුන්හට සමාජයත් සමග ගැටිමෙදි අමතක වි යයි. මිනිසෙක් තවත් මිනිසෙක් දෙස බලනා ආකරය ඔහුව විග්‍රහා කරනා ආකාරය ද එකිනෙකා කෙරෙහි බලපවත්වන බැඳිමද මත පදනම් වෙ.




බොහොම අතලොස්සක් අධ්‍යාපනය ඔස්සෙ තම මග මෙහෙයවා ඉන් යම් ස්ථාවරත්වයක් ලඟා කර ගනී. බොහොමයක් තම මග අස්ථාවර පවත්වා ගනි. මෙයට " රොලෙ තමයි මෙ ටිකෙ යන්නෙ" ඔහුන් අතර භාවිතාවන ප්‍රසිද්ධ කියමනකි. කෙසෙ වෙතත් මින් තවත් කොටසක් , ඉතාම අතලොස්සක් ලැබෙන අත්දැකිම් සමග ගැටීමෙදි ඇතිවන තත්වයන් ඔස්සෙ තම මග මෙහෙයවනුයෙ සමාජයෙ නිති විරොධි ක්‍රියවන් උදෙසාය. අප කිසියම් කෙනෙකුගෙ ආරක්ෂක වළල්ල තවත් කෙනෙකු අක්‍රමණය කිරිමට සැරෙසෙන විට ඇතිවන තත්වය දෙස මදකට සිත යොමුකරමු. මෙහිද එක රාමුවකදි ප්‍රචන්ඩත්වය ඉස්මතු වනු ඇත, තවත් රමුවකදි පසු බැසිම දක්නට ලැබෙනු ඇත, තවත් රාමුවකදි යටත් වීම ද දකින්න පුළුවන්. ඉහත අවස්ථ කිපයෙදි තමුන් ගන්නා ක්‍රියාමර්ගය බොහො විට රදා පවතිනුයෙ තමාගෙ මනසෙ ඇති බුද්ධිමත් භාවය මතය. මිනිසාගෙ පෞර්ෂත්වය ද බුද්ධිය මත රදා පවතින සාධකයකි. මෙවා සියුම් ව එකිනෙක මත රදා පවතින බැවින් වෙන් කර විග්‍රහා කිරිම අපහසුය. කෙනෙකුට ලැබෙන ඉහත සදහන් අවස්තාවට නැවතත් ඇතිවුවහොත් ඔහු ගන්න ක්‍රියාමර්ගය බොහොවිට කලින් ගන්නා ක්‍රියාමාර්ගයට වඩා ප්‍රචන්ඩත්වය දෙසට යොමු වු එකක් වනු ඇත. මිනිස් මනස ස්භාවයෙන්ම අගතිය කෙරෙහි නැඹුරු වීමෙ ප්‍රවනතාවයක් දක්නට ලැබෙයි.  තමගෙ ගමන් මග සැකෙසෙන ආකාරය තිර්ණය කිමෙදි මෙය ඉතාම වැදගත් සංසිද්ධියකි. 


 අප සැවොම ජිවත් විමෙදි ගන්නා තිරණ , ක්‍රියා පිළිවෙත් තුල දක්නට ලැබෙනා සැකිල්ල මෙතුල දක්නට ලැබෙ. ඔබට , ඔබගෙ පවුලට, ඔබගෙ රැකියාවට යම් තර්ජනයක් එල්ලවිමෙදි ඔබ තුල ඉහත සදහන් ආකාරවලින් එකකින් ඔබව හසුරවනු ඇත. ඔබ එසෙ හැසිරිමෙදි ඔබ තුල පිටින් ඇතිවන ප්‍රවාහය කෙරෙහි ඇතිකරන ප්‍රතිරොධය බොහොවිට ඔබගෙ ශක්තිමත් විම ලෙස කෙනෙකුට අර්ථ දැක්විය හැක. හොදින් හො නරකින් තම අරමුණකෙරෙහි යැමට ඔබ වෙහෙසෙනු ඇත. අත්දැකිම් තුලින් ශක්තිමත් විම යනු සිතෙ දැඩි බවට ලඟා කරවිම යැයි කිසිවෙකු හට වැටහිමට පුළුවන. නමුත් එබ්‍රහම් ලින්කන් චරිතය ගැන සැලකු විට එය නිවැරදි නොවන දෙයකි. නමුත් කඩුවෙල වසන්ත, මොරටු සමන් සැලකූ විට එය නිවැරදිය. ලින්කන් යනු ලැබෙන සියලු දෑ තුලින් බුද්ධිය තියුණු කරගෙන හදවතෙ හැඩය එසෙම පවත්වාගත්තෙකි. කඩුවෙල වසන්ත යනු ලැබෙන දැ මගින් තම හදවතෙ හැඩය වෙනස් කරගෙන එතුල තම හැකියාවන් දියුණු කරගත් කෙනෙකි. තමුනට ලැබෙන අත්දැකිම්වල කටුක ස්භාවය නිසා තම හදවතෙ ඇති තෙතමනය නැතිකර ගැනිම මා බොහො මුල්‍යමය අතින් සාර්ථක ජිවිත වලින් දකින්නෙමි. නමුත් පසුව ඔහුන් නැවත තමාගෙ මුලය සොයනු නියතය.  අද සමාජයෙ මා දකිනා බොහො තැන් වලදි මිනිසුන් අනවශ්‍ය සිද්ධින් උදෙසා එකිනෙකාට විරුද්ධව ප්‍රචන්ඩත්වය මුදාහැර ඇත. බොහො මිනිසුන් ශක්තිය බලය පෙන්විමට ප්‍රචන්ඩත්වය යොදාගනි. අත්දැකිම් ඇසුරෙන්  තමන්ගෙ මාර්ගය සදාගන්නා ආකරය වැදගත්ය. මුදල් සොයනා මිනිසුන් හට මුදල් ලබාගැනිමට සමාජයෙ ඔනැ තරම් ක්‍රම ඇත. ආගම ධර්මය , හෘදසාක්ෂිය මෙවා යම් යම් සීමාවන් තුල තබා ගෙන කටයුතු කිරිමෙන් බොහො තැන් හිදි රැවුලත් කැදත් දෙකම බෙරාගත හැකිය. නමුත් සියල්ලම රැකගත නොහැක. වඩාත්ම සුදුසු දෙ නම් සැම විටම " මගෙ මනස හැසිරෙන්නෙ කොහොමද " යන්න සැම විටම විමසීමයි. කටුක අත්දැකිම් ඇති තැන හදවත් කලුගලක් කර ගැනිම ගඟ දිගෙ පහලට පිහිනීමකි... නමුත් අපට අවශ්‍ය ගඟ හරහා පිහිනීමයි හො එගොඩ විමයි. 

4/30/10

සෙනෙහසේ මහල් නිවස...


පැළලී ගසා වසා ගනිමින්..
පැලැස්තර අලවා මසා ගනිමින්
මිනිස් දෑසට නොගට්ටවා
ගලෙන් ගල එකතු කර බඳිනා..
මහල් නිවසේදී...........
සැනසීම සොයන්නෙමී මම..

හද තුල කැකෑරෙන
එකිනෙකා පරයමින් දගලන
තරඟ බිම කුහක කම
සුන්දර දෑස් තුලින් මම
නොදුටුවෙමි මම පෙර දිනක..

නිවසක් තනන්නෙමි මම
සැනසීමට වනන්නෙමි අත
දෑස ගැටෙනා මයිමෙ ඉදන්
නුඹ වනන්නෙද මට අත..

මිනිසුන් වසා ගත්තද ඇස
නුඹෙ හද ඇසින් බලන කල
මෙ නැගෙන්නෙ බිත්ති සතරක් බව
වැටහෙවිද කෙදිනක හො නුඹට..

හද තුල තනාගත් පැලක
නුඹත් මමත් ජිවය ලදීමි පෙර දිනක...

එදා අප වටා සිටි අය
නොඅමතන්නෙය අද
එදා අප හට දුන් බත් පිඩ
මටද අමතක වීය මිතුරිය

සැනසුමෙන් හෙලු සුසුමන්
පිටාර ගැලු සන්තොෂයන්
නුඹට අමතක වුවාද
මටද අමතක වුයෙ කවදාද...........

කස්ටිය