සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

11/18/09

දුක හා සතුට…..

සිනහව අතරින් මතු වු කදුළැලි...
තවමත් මගෙ හද තුල ය.
දුකක් නැත.. මට කිසි දුකක් නැත..
එ දුක් කඳ තුල සතුට පිරි ඇත….

හිස් අතින් අවෙමි…
හිස් අතින් යන්නෙමි…
අතරමග එකතු කල දෑ…
මම ඔබට දෙන්නෙමි….

අඳුර ඇත්නම්. එතන එළිය ද
අඳුර නැත්නම් එළියක් ද නැත…
ක්ෂිතිජයට ඉමක් ඇත…
හැගිම් ද නිමක් නැත…..

ගඟක් නම් එය…
පහළට ගලනු ඇත….
එ ගලන අතරමග…
ගල්පරයක ගැටෙනු ඇත..
සිනහා පොකුරු පිපෙමින්…
පරව යනු දැක
මා ගතෙ ඩා බිදු
ඔබ හා සිනසෙනු ඇත…
ඔබත් එවිට හිනැහෙනු දැක…
මා ද සතුටු වනු ඇත........................................................ නිවසෙදි . පෙරයම 2:45 18/11/2009

1 අදහස් දැක්වීම්:

dakshika said... [Reply to comment]

නියමයි... ජීවිතේ අපිට ඕන විදියටම ගලන්නෙ නෑ... ඒත් අපි නිකන් බලන් ඉදලා වැඩකුත් නෑ.. දිගටම ලියන්න...

කස්ටිය