සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

1/4/10

මට රස්සාවක් හොයලා අපෙ තාත්තා..............

මම මිට දවස් කිපයකට පෙර මාගෙ තාත්තා විසින් දෙන ලද ලියුමක් කඩා බැලුවෙමි. එහි තිබුනෙ මා රජ‍යෙ ඉහල මණ්ඩලයක ඉහල තනතුරක් සදහා පුහුණු විමට මා තොරාගෙන ඇති බවය. මා මගෙ අධ්‍යන වැඩකටයුතු නොකරන අතර තුර යම් සුලු සුලු කාර්යන් කර මගෙ යහලුවන් තිදෙනා සමග පසුගිය මාස තුනක් තුල රුපියල් 80 000 හරි හම්බ කරගත්තෙය. තිදෙනා අතර බෙදිමෙන් මට රුපියල් 30000 ක් පමණ ලැබුනි. මෙම මුදල් රැස් කිරිම තුල තිබුනෙ මාගෙ හා මගෙ මිතුරන්ගෙ දාහඩියයි. මෙම මුදල මගෙ ජිවන රටාව අනුව ඉහටත් උඩින්ය. වඩාත්ම සතුට ගසක් සිටුවා පොෂනය කර එහි පල නෙලා විකීනිමයි. සමාජය සාධාරන උනි නම් අප තුන් දෙනාගෙ අදායම 120 000 ක් පමන වෙන්නට තිබුනි.
මෙ අතරතුර මා ව්‍යාපාර කටයුත්තකටද අතගැසුවෙය. මෙහිදි ද මාගෙ මුලික අරමුන වුයෙ ලාබය ට වඩා වෙලදපොල හා සැපයුම් කරුවන් ඇතිකර ගැනිමයි. එය තුලිනුත් යම් ලාබයක් ලැබුනද වාගාවෙන් තරම් සතුටක් නොලැබුනෙය. මෙ සියලු කරුනු නිසා ඉතාම සතුටෙන් සිටි මට ඉහත සදහන් කල ලිපියද ලැබුනි.

යහලුවන් සමග කතා කිරිමෙදි ඔහුනට එවැනි ලිපියක් නොලැබුනු බවත් දැනගන්නට ලැබුනි.මා මෙ ගැන තවදුරටත් කරුනු සොයා බැලිමෙදි අනාවරණය වුනු කරුනු අනුව මා හට මෙම ලිපිය ලැබි ඇත්තෙ මගෙ පියානන් පළාතෙ ප්‍රසිධ්ද, ප්‍රබුද්ධ,සත්ගුණවත් කැබිනට් නොවන ඇමතිවරයෙකු ලාවා කෙරුනු ඉල්ලිමකට අනුවය. මෙම අවස්තාව මම මගහැර ගත්තෙමි. මක් නිසාද මා හට සල්ලි හම්බ කිරිමට අවශ්‍යනම් එ සදහා බොහො මාර්ග තිබුනත් මා හට දෙශපාලුවෙක් ගෙ පන්දමක් අවශ්‍ය නැත. මා ඉගෙනගත් විෂය ද එයට අදාල නොවෙ. තම තමුන්ගෙ ගොල බාලයන් සුදුසුකම් රහිත පෙන්දන් රජයෙ ඉහල තැන් වලට රිංගා උන් යටතෙ උගතුන්ට කටයුතු කිරිම මට නම් මහා ලැජ්ජාවකට කරුනකි. එවැනි සුදුසුකම් රහිත පන්දමෙකු යටතෙ කටයුතු කිරිමට වඩා දාහඩිය මහන්සියෙන් බයිසිකලයක් පැදගෙන ගොස් මාලූ ගෙනල්ලා විකුනන ඇලඩින් මාමා(මාලු මාමා) කරන වැඩෙ කිරිම මට හිතට නියම සතුටක් දනවයි.

දවස් ගනනක් තිස්සෙ අගොස්තු, සැපතැම්බර් මාස වල ගිනි අවුවෙ උදලූ තල රැගෙන කල දෙ බොහොමත් වටිනබවත් එවැනි දෙවල් තවදුරටත් සිදුනොකරන මෙන් මම තත්තා හට කියුවෙමි. ගොඩක් හරි හම්බ කරනවට වාඩා ටිකක් හම්බකර එය පුහු ආටොපයන්ට වියදම් නොකර හරියට වියදම් කිරිම මා ඉටා ඉගෙන ගත්තෙ 11 වසරෙ දරකපන්නා ඉංග්‍රිසි පාඩමෙදිය. අවශ්‍යතාවයන්, ආසාවන් සංකිර්ණ වෙත්ම තරගයට බැස දිවිම නුවනට හුරු ක්‍රියවක් නොවෙ. රජය විසින් නොමිලේ අධ්‍යාපනය දුන් පසු නැවතත් ඉට සරිලන වැටුප් සහිත රස්සාවක් ලාබා දෙන එක රජයෙත් යුතුකම නොවෙ. රටෙ උගත් පිරිස ප්‍රායොගික ලොකයෙ අත්දැකිම් එකතු කරගත් පසු රැකියා අවස්තා ඇතිකල යුතුය. එයට ප්‍රාග්ධනය ලබාදිමට බොහො ආයතන ඇත. මෙහිදි යම් අනතුරුදායක බවක් තමුන් කරමත පැටෙවෙනු ඇත. රැකියාවක් කිරිමෙදි ඇතිවන ස්ථාවර භාවයට වඩා මෙහිදි ලැබෙන තෘප්තිය වැඩිය. තමුන් ගන්නා තිරණ වල නිවැරදි භාවය තමුන්ගෙ පැවැත්ම රදා පවතිනු ඇත.

5 අදහස් දැක්වීම්:

Anonymous said... [Reply to comment]

අනේ දරුවො ... මොනව කියන්නද කියල තෙරෙන්නේ නෑ.අමුතු විදිහට හිතන දුර්ලභ චරිතයක්. සමහරු ඔයාට " පිස්සෙක්" කියාවි ඒක නම් මට sure.
මට මතක් වුනේ අපේ කාර්යාලයේ මාත් සමග වැඩ කරපු අපූරු නිලධාරිනියක්. ඇය වගකිව යුතු ඉහල තනතුරක් දැරුව. විශ්‍රමයන වයසටත් කලින් ඇය ඉල්ලා ගෙනම විශ්‍රාම ගියා. ( ඇයගේ තනතුර අනුව වෙන කෙනෙක් නම් විශ්‍රාම යන්න කියටවත් කැමති වෙන්නෙ නෑ.පුළුවන් නම් මැරෙනකම් ඉදිවී)
ඔයා දන්නවද ඇය විශ්‍රාම ගියේ ඇයි කියල. වගා කරන්න.විනෝදාංශයක් විදියට වගා කරන්න පටන් ගත්ත ඇයට පූර්ණ කාලීනව ඒ සදහා යෙදෙන්න ඕනි ලු.... ඇය අපෙන් සමුගෙන ගියාට පස්සෙ අපේ කාර්ය මණ්ඩලයේ සමහරු ඇයට පිස්සු කියල හිනා වුනා.....
ජීවිතේ එහෙමයි......
ඔබට ජය....

malee_msg said... [Reply to comment]

හරිම සතුටුයි ඔයා ගැන...!

රවා said... [Reply to comment]

මගෙ යහලුවො දෙන්න දැනගත්තු ගමන් මට " තො නම් මහ පිස්සෙක්. අපි ඉස්කොලෙ ගිය නැති හින්දා මෙහෙම ඉන්නවා. තොට චාන්ස් තිබිලත් තො නාස්ති වෙන්න දගලනවා".
මම ලමයින්ට උගන්නනෙ නොමිලෙ හැබැයි එයලා අපෙ ගෙදරට එන්න ඔනා. එකටත් අරුන් දෙන්න කෙස් අදිනවා.
මට ගොඩක් ගුරුවරු ඉගැන්නුවෙ නොමිලෙ.

Anonymous said... [Reply to comment]

ඔයා වෙනස් කෙනෙක්.... හ්ම්..... අදුරගන්න ලැබීම සතුටක්....

Anonymous said... [Reply to comment]

මම හිතපු දේ හරියටම හරි..මෙහෙම අයත් ඉන්නවා.අදුනගන්න ලැබුනට බොහොමත්ම සතුටුයි..කවුරු හිනා උනත්..මේ ප්‍රතිපත්ති රැකගන්න එකයි වැදගත්..මොකද..මෙන්න මේ වගේ..පත්වීම් ලබපු අය..කරන හොදම හොද නාට්ටියක් මංවටා තියනවා.ඒ මිනිස්සු ලැජ්ජාවක් නැතුව හැසිරෙන හැටි දැක්කාම ජිවිතෙ එපා වෙන්නේ මටයි.
ඔයාගේ ඉගනීමේ කටයුතු ඉදිරියටත් කරගන යන්න..ඔයාට වැරදෙන්නේ නැහැ මල්ලි කවදාවත්

කස්ටිය