සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

1/6/10

මලගෙදර හා නිදිමැරිම.....

පලවෙනිදා කොහුලොරිය නිමන්න අපිත් එක්ක ලා ඔට්ටු උන බුද්දියගෙ තාත්තා දෙවැනිදා නැතිඋනා. දෙවැනිදා උදෙ 9 නැගිට්ට මම ආපහු නිදා ගත්තෙ හතර වැනිදා පාන්දර 3ට එත් පැය 4 ක් විතර, හැම දෙටම ලගින් ඉන්න එකා හින්දා දාලා එන්න හිත දුන්නෙම නැහැ. 4 වැනිදා මිනියත් ඉස්සුවා. ඇවිල්ල තමයි රැ නිදා ගත්තෙ එත් රැ 2 කට විතර නැගිටලා මල ගෙදර ගියා. දැන් මගෙ ඔලුව කකියනවා ටිකක්. කොහු දුමයි , නිදි මැරිල්ලයි හින්දා. එත් කට්ටියත් එක්ක කතා කරන්න ගිය දෙ කරන්න ඔනා.

මල ගෙදරක නිදි මැරිම අපෙ සම්ප්‍රදාය, එකට ඔන්න බුරු කුට්ටමකුත් එකතු උනා මිට අවුරදු 50 කට 60 කට කලින් මම හිතන්නෙ.කස්ටිය ගොඩයි බුරු පොලෙ සල්ලි තියනකම්. ඉට පස්සෙ 3 විතර වෙද්දි එකෙක් ඔක්කම දිනලා කටිටියම යනවා. පාන්දර වෙදිදි අපෙ කොල්ලො ටික විතරයි. පුංචි මලගෙයක්. වැඩිය කස්ටිය ආවෙ නැහැ. එ උනත් මට සතුටුයි නිදිමරන්න කට්ටිය හිටියා. සම්ප්‍රදාය ගෙනියන්න කස්ටිය හිටියා. මිට කලින් මම ලොකු මන්දිර කිපයක සිදුඋන මල ගෙවල් කිපයකට ගියා. හැන්දැවෙ 8-9 විතර වෙනක්ම් වාහන පොලිමයි.. එසෙ මෙසෙ වහන නොවෙයි. ලක්ෂ 30 - 40 වටින වහන.. මුකුත් නැහැ අයිතිකාර මහත්වරු මිනිය ඉස්සරා ඉදගෙන හයියෙන් හිනා වෙනවා. කෑගසමින් කතාව. 11 - 11:30 වෙදිදි කස්ටිය ඔක්කොම අතුරුදහන්.නමුත් බුද්දිකයා ගමෙ මල ගෙයක් උනාම එතන මොනවහරි දෙයක් කරලා දෙන හින්දා එතන කට්ටියම ඉන්නවා උගෙ උදව්වට.

3 අදහස් දැක්වීම්:

බිඟූ said... [Reply to comment]

රවා, මේක නිදි වැරීම කියලා වෙනස් වෙන්න ඔනේද මන්දා.
එ මොක උනත් උඹ බූරු ගහලා දිනුවානම් හොඳයි
:)

/බිඟුවා...!

malee_msg said... [Reply to comment]

ඇත්ත ඇත්ත.. දැන් දැන් නම් මළ ගෙවල් වල මිනිස්සු රෑ වෙනකම් නිදි මරන්න ඉන්නවා අඩුයි තමයි.. දැන් මිනිස්සු හරි කාර්ය බහුලයි.

රවා said... [Reply to comment]

@ malee_msg

මිනිස්සු කාර්ය බහුල බවනම් ඇත්ත නමුත් තමුන්ගෙ මලගෙදරක රැට නිදිමරන්න කිපදෙනෙක් නැතිඑක තමුන්ගෙ ලොකු වැටිමක් මට අනුවනම්...

@ බිඟුවා...!
ඔව් නිදි වැරිම ලෙස වෙනස් වෙන්න ඔනැ. මම කියන බාසාවෙන් ලිවුව හින්දායි එහෙම දැම්මෙ...

කස්ටිය