මම අද චිත්‍රපටි ගිතයක් තමයි ලිපියට අරමුණු කරන්නෙ. මෙම චිත්‍රපටිය නයකන් 1987 දි තිරගත උනා. මම මෙක බැලුවෙ 2005 දි, ලස්සන චිත්‍රපටියක්. Tamil god father කියලත් කියනවා. කමල් හසන් ප්‍රධාන නළුවා.
දක්ෂින ප්‍රදෙශයෙ ඉදන්...
ථෙරොද රථයක නැගි ආ..
මුව පොව්වට..
කවුද ගැහැව්වෙ..
කවුද ගැහැව්වෙ..
පුරපස සඳ අවපසට නොයාවී....
ඉතින් අඬ අඬ ඇයි තැවෙන්නෙ...
ඔබ ඇඩුවොත් මනසට දරන්න නොහැකිවෙවි..
ඔබ ඇඩුවොත් මනසට දරන්න නොහැකිවෙවි..
මම අහපු ලස්සනම දුක්බර දමිළ ගීතයක්.. මෙහි තෙරුම මට මතක හැටියට මම ලිව්වෙ.. එක වැරදිනම් එය නිවැරදි කරන්න....
මෙම චිත්‍රපටිය මනිරත්නම් කියන විශිෂ්ට චිත්‍රපටි අධ්‍යක්ෂකතුමාගෙ අධ්‍යක්ෂනයක්. ලොකයෙ බිහිවු හොදම චිත්‍රපටි 100 ඇතුලෙ තිබෙන චිත්‍රපටියක ගිතයක්. ඉතාම දුක් බර ගිතයක්.....
දුඹුරු තික් ගැහැනියකගේ පාපොච්ඡාරණය
3 weeks ago
29 අදහස් දැක්වීම්:
උඹ අද උදේම මගේ ඔලුවට තෙල් දාලා මසාජ් එකක් දුන්න රවා... තැන්ක්යූ මල්ලියා... දැන් දැන් උඹලා හම්බ වෙන්න තියන ආසාව එන්න එන්න වැඩි වෙනවා බං මේවා දකිනකොට...
මරු ගීතය මචන්.
මමත් හුඟක් කැමතියි මේකට. නායගන් චිත්‍රපටයේ අන්තර්ගත මුලු කතාවස්තුවම මේ ගීතයේ පද පෙලින් සාරාංෂකොට දැක්වෙනවා කියනයි මම හිතන්නෙ. අන්තිම සාමාන්‍ය පුද්ගලයෙක් අපරාධ ලෝකයේ හිනි පෙත්තටම නැගීම සහ එයට බලපාපු සමාජමය කාරණා වගේ දේවල්.
මට මතක විදිහට මේ ගීතය ගයන්නෙත් කමල් හසන්මයි.
මම දමිළ චිත්‍රපට රසිකයෙක් නෙවේ.. ඒත් මගේ ප්‍රියතම චිත්‍රපටයක් මේක.. මම 3 පාරක් බැලුවා..
ඉලෙයිරාජාගේ සංගීතය ගීතයට බොහොම සාධාරණයක් කරලා තියෙනවා.
මම දමිල චිත්‍රපටි එතරම්ම බලන කෙනෙක් නෙමේ. ඒත් රවා එක්ක අනිත් අයත් මේක වර්ණනා කරන නිසාම බලන්න හිතුනා.අද අනිවර්යෙන්ම අරන් බලනවා....ස්තුතියි රවා
මම නම් සිංහල, ඉංග්‍රිසි, හින්දි වගේම දෙමළ films බලන්නත්..ආසයි. මට හිතෙනවා..අනිත් films සේරටම වඩා..හොඳම කතා වස්තුවක් තියෙන්නේ..දෙමළ ඒවයෙ කියලා. පුලුවන් හැම වෙලාවෙ,film එකක් බලන්න තමයි ට්‍රයි එක.
ඒත් මේක නම් බලන්න උනේ නෑ.
comments ටික දැක්කම නම්, බලන්න බැරි වුන එක ගැන..දුකයි..රවා.
මටත් හිතෙනවා..ලස්සන එකක් වෙන්න ඇති කියලා...
අර්ථය නම් අපූරුයි...
මම සින්දුව නම් ඇහුව . පස්සෙ වෙලාවක චිත්‍රපටයත් බලන්නම්කො
මණිරත්නම් කියලා තිබුන නිසයි බැලුවේ. ඇත්තටම ඒකෙ අමුතු දෙයක් දුටුවා..
මේ ලස්සන සින්දුව ඇහුවට පස්සෙ ෆිල්ම් එක බලන්නම හිතනවා. කොහෙන් හරි හොයාගෙන හෙට රෑටම බලනවා. ස්තුතියි මචං මේ ඔත්තුව දුන්නට.
රවා කෝ උඹ...? වත් අක්කව එක්ක එන්න කොලඹ ගියාද...? මොකෝ සද්දයක් නැත්තේ...
කරදරයක්ද මලේ...? කියපන්... අපිට පුලුවන් විදිහකට සපෝට් එකක් දෙන්නම්..
මල්ලියා, උඹ නම් මාර කොල්ලෙක් බං. හැමදේටම කලින් මට සමාව දීපන් උඹේ බ්ලොග් වලට කමෙන්ට් කරන්න බැරි වුනු එක ගැන. නිවාඩු ගිහින් ආපු දවසේ ඉඳන් බ්ලොග් පෝස්ට් එකක් ලියන්න වෙලාව හොයා ගන්නෙත් හරිම අමාරුවෙන් මලේ. වෙලාවකට මට හරිම සතුටුයි මගේ බ්ලොග් එක ගැන මොකද මට සුන්දර මිනිස්සු රැසක් අඳුනාගන්න ලැබුනා මේ බ්ලොග් අවකාශේ සැරිසරන. ඒ ගොඩට උඹවත් දා ගන්න මම හරිම ආසාවෙන් ඉන්නව මලේ. කැමති නම් මට ඊමේල් එකක් එවපන්.
අහ් මේ ෆිල්ම් එක මම බැලුවේ බොහෝම කාලෙකට පෙර. උඹලත් මේ වගේ දමිල චිත්‍රපටිවල රසිකයෝ කියලා දැක්කාම මට හෙන ආසයි බන්. ඒකයි මාම් කිව්වේ උබ මාර කොල්ලෙක් කියලා. කේලඩී කන්මනී ෆිල්ම් එකේ සින්දුවක් ගැන මම කාලෙක ඉඳන් හිතාගෙන ඉන්නව බින්කුට කියලා එක පර්වර්තනය කරලත් ගෙන්න ගත්තා. ඒත් තාම ලියන්න බැරි උනා. . .. .
ජය වේවා මලේ. . .
මට සාමාන්යෙන් චිත්‍රපටි බලන්න වෙනාව අඩුයි වෙලාවක් නැති නිසා..
ඒත් ඔයා මේක දාපු නිසා මම මේ සින්දුව රස වින්දා..
ලස්සන සින්දුවක්..
ඉතූතියි ඔයාට
- සොරො
"In the southern realm of the Pandiyas
In the streets where chariots race
He was skipping along like a fawn
Who could have hurt him?
O waxing moon, please don't wane
Don't sob your heart out
For your tears will break my heart
For your tears will break my heart"
හැමොටම බැලින්නම් අපි ඔක්කොම එක වල්ලෙ පොල් ගෙඩි ටිකක්නෙ... මම ආසම චිත්‍රපටියක්... අනික දුකා අයියා. කිව්වෙ කල්ලඩි කන්මනි එකෙ... මනිල් ඉන්ත කාදල් කියන සින්දුව ගැන නෙද...?
තිස්ස අයියා මගෙ පරිගණකය ක්‍රියා විරහිත උනා.... අවුරුද්දයි මාස 3 ක් විතර එකදිගට වැඩ කරලා අන්තිමට එක ක්‍රියා විරහිත උනා. මම හිතන්නෙ VGA එක තමයි ප්‍රශ්නෙ....
මට තේරුම නොතේරෙන සිංදු මට එච්චරම ආස හිතෙන්නෙ නෑ, ඒත් මේක නොතේරුනත් වචන ටික අහල රස විඳින්න පුලුවන් සින්දුවක්, මල්ලි
මනි රත්නම් මහත්තයාගේ චිත්‍රපට විශිෂ්ඨයි කියල විචාර කියවල හැඳිනගෙන තියෙනව. ඒත් කවදාවත් එකක්වත් බලන්න බැරිවුණා. ද්‍රවිඩ සිනමාව ගැනත් ඇස් යොමුකල යුතු බව මට තේරුණා දැන්.
චෙජනා අක්කට
තෙරෙන්නෙ නැහැ කියලා බලන් නැතුව ඉන්න එපා. හොය හොය බලන්න ඔනැ නැහැ, ඔය ටිවි චැනල් වල දැන් යන්නෙ පරන එව තමා....
පිටස්තරයා.....
භාෂාව ටිකක් රලු ගතියක් තිබුනට මම ආසම සින්දු ගොඩාක් තියන වා දෙමල.... ඔය ඉහත කෙමෙන්ට් එකකදි දුකා අයිය කියලා තියන කෙලඩි කන්මනී චිත්රපටියෙ තියනවා ලස්සන සින්දුවක්.
දෙන්නටම ඔයා ලා දෙන්නම බලන්න ගන්න මනිරත්නම්ගෙ තලපති කියන ෆිල්ම් එකෙන්
මේ ෆිල්ම් එක මම බලල තියෙනවා. ඔබ කිව්ව හරි. මේ ගීතය සිත සසල කරන වර්ගයේ ගීතයක්.
ලස්සන තනුවක්.
යාර දිතාරෝ...
යාර දිතාරෝ...
යාර දිතාරෝ...
/බිඟුවා...!
මරු ම තමා මල්ලී ඈ...! ආයි කියන්න වචන නැ සහෝ..!
මනුසත්...
ඔයා අදයි මෙ පැත්තෙ ආවෙ නෙද...රයිට රයිට් මම න්නම් ඔයගෙ කථා කිපයක් හම්බුන විදියට කියෙව්වා..
බිඟු මගෙ අම්මෙ දැක්ක කල.. දවස් 4 කින් විතර මම හිතන්නෙ...
LishWish...
සංගිතය... තාලය... වචන මුලින්ම ඔයගෙ බ්ලොග් එක පැත්තට යද්දි මට ටිකක් අමාරුයි තාලෙට ඔයගෙ කවි කියවන්න.. කොහොම උනත් පහු පහු වෙනකොට තාලෙය හදා ගත්තා...
උඹ online ඉන්නව නම් මට පොඩ්ඩක් mail එකක් දාපන්. අපි කතා කරමු.
lishwebber@gmail.com
කමල් හසන් මං කැමතිම නළුවෙක්..... ඒ වගේම මේ නායගන් චිත්‍රපටියත් එහි ඔහුගේ රඟපෑමත් අපූර්වයි.... ස්තුතියි රවා ගීතයට....
right lish ayya..
vishmi...
welcome ..
රවා ඇයි සමහර බ්ලොග් වලට comment දාන්න බැරි මම දැක්ක ඔයා ආදර කතාව ලියලා තිබුන බ්ලොග් එකට comment කරලා තියනවා ඒත් මට කරන්න බැරි ඇයි තරහ නැතුව කියලා දෙනවද
@හන්සනී,
ඒ ඔයා සමහන් බොන්නේ නැති හින්දා...
හික්ස්
/බිඟුවා...!
බිඟු මොනාද බන් කරන්නෙ ඇවිල්ලා හංසනිට එවා මෙවා කියන්න එන්න එපා.. හරිද...
ඔබේ ලිපිය ඔස්සේ මේ ගීතය ගැන දැනගත්තේ. මට තාමත් චිත්‍රපටිය බලන්න බැරිවුනා. නමුත් ගීතය, විසි තිස් වරක් අසන්නට ඇති.
පහල සිංහල අකුරු වලින් ගීතය ලිව්වා. දළ තේරම සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් ද ලිව්වා.
මේ පෝස්ට් එකට ගොඩාක් ස්තූතියි. :)
තෙන්පාන්ඩි චීම ඉලේ - තෙරෝඩුම් වීදි ඉලේ (පාණ්ඩවයන්ගේ දක්ෂිණ අඩවියෙහි - අශ්වරථ සරණ වීදි යන්හි) (In the southern realm of the Pandiyas - In the streets where chariots race)
මාන්බෝල වන්ද වනේ - යාරඩිතාරෝ (මුව පොව්වකු ලෙස ඔහු කෙලිදෙලෙන් සිටියා - කවුරැන්ද ඔහුට හිරිහැර කලේ) (He was skipping along like a fawn - Who could have hurt him?)
යාරඩිතාරෝ... යාරඩිතාරෝ...
යාරඩිතාරෝ... යාරඩිතාරෝ...
වලරුම් පිරයේ තේයාද - යිනියූ අඩද තේම්බාදේ (පිරෙන සඳේ, අනේ බැස යන්න එපා - ඔබේ හදවත සිදෙන තුරු හඩන්නට එපා) (O waxing moon, please don't wane - Don't sob your heart out)
අලදා මනස තාංගාදේ - අලදා මනස තාංගාදේ (ඔබේ කඳුළු මගේ හදවත බිද දමාවි - ඔබේ කඳුළු මගේ හදවත බිද දමාවි) (For your tears will break my heart - For your tears will break my heart)
තෙන්පාන්ඩි චීම ඉලේ - තෙරෝඩුම් වීදි ඉලේ
මාන්බෝල වන්ද වනේ - යාරඩිතාරෝ
යාරඩිතාරෝ... යාරඩිතාරෝ...
යාරඩිතාරෝ... යාරඩිතාරෝ...
තෙන්පාන්ඩි චීම ඉලේ - තෙරෝඩුම් වීදි ඉලේ
මාන්බෝල වන්ද වනේ - යාරඩිතාරෝ
යාරඩිතාරෝ... යාරඩිතාරෝ...
යාරඩිතාරෝ... යාරඩිතාරෝ...
වලරුම් පිරයේ තේයාද - යිනියූ අඩද තේම්බාදේ
අලදා මනස තාංගාදේ - අලදා මනස තාංගාදේ
තෙන්පාන්ඩි චීම ඉලේ - තෙරෝඩුම් වීදි ඉලේ
මාන්බෝල වන්ද වනේ - යාරඩිතාරෝ
යාරඩිතාරෝ... යාරඩිතාරෝ...
යාරඩිතාරෝ... යාරඩිතාරෝ...
ස්තුති නාලක යහලුවා.. ඔයාට ස්තුති .. මට නෙමෙ ඔයා ස්තුති කරන්න ඔනා.. මමයි ඔයාට ස්තුති කරන්න ඔනා..
Post a Comment