සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

2/16/10

මළවුන්ගෙ දේශය.........

බොහො දෙනා ඇවිදින මළ කඳන් මෙනි. ඇත්ත දකිති. ඇත්ත පෙනෙති. නමුත් නිහඩය. මිනිසුන් කොල්ලකා බිහිවු පරපොෂිතයො වැජබෙති. අවංකව තම දිවිය රට වෙනුවෙන් කැප කළ මිනිසුන් දඟගෙයි ලා හිරකර ඇත. දෙවන ඊලාම් යුද්ධ යෙදි හමුදාවට, දේශයෙ දු පුතුන් දහස් ගණනක, දෙශයෙ විරුදරුවන් දහස් ගණනකට දිවි තොර කිරිමට අණ දුන් ත්‍රස්තවාදි නායකයා දවස් දෙකකවත් සිරදඩුවමකින් තොරව දේශපාලනයෙ වැදගත් චරිතය කර ඇත. ඔහු දෙශප්‍රෙමින් ලෙස ප්‍රසිද්ධ කිරිමට ස්වාධින රුපවාහිනිය හා ජාතික රුපවාහිනිය දැඩි වෙහෙසක් ගනි. දේශපාලනයෙ පරිනත මිනිසුන් එතරම් තමන් ඉන්න තැන ගද ගස්සවා ඇත. එ අතරම පසුගිය යුද්ධයෙදි යුධහමුදාව මෙහෙයවු, සැලසුම් සැකසු යුද සෙන්පතියා හතර වන ඊලම් යුද්ධයෙදි සිදුවු නොකටයුතුකම් පවසනවා කී පමණින් අත්අඩංගුවට ගෙන චොදනා වලට සාක්ෂි එකතුකරයි. මෙ අතර තම හිතවතුන්ද පැහැරගෙන විරුද්ධ සාක්ෂි දෙන මෙන් හිරහැර කරති. මෙ අතර පරිණත දෙශපාලන නායකයින් රටට විරුද්දව කරපු කුමන්ත්‍රනයක් ගැන කියා මිනිසුන් නොමග යවයි. සැබැවින්ම රටට විරුද්දව විදෙශ කුමන්ත්‍රනයක් දියත් වන අතර කුමන නායකයා බලයට පත්වුවත් එය ක්‍රියත්මක වෙමින් පවති.
රවාගෙ මොඩ මොළයට වැටෙහෙන ආකාරයට සිදුවු චිත්‍රපටි මෙසෙ දිග හරින්නෙමි
දෙශපාලකයින් සිදුවන හැම දෙයින්ම වාසි ගැනිමට කටයුතු කරන විට අවංකව මහන්සිවන පුද්ගලයින් කල කිරෙයි. යුද්ධය සදහා බොහො විරුවන් තම ලේ සම්  ඇට මස් නහර රට වෙනුවෙන් කැපකර නමුත් අන්තිමෙදි වෙනකෙනෙක් එහි සියලු දෙ ගෞරවය උරාගන්නෙ නම් එය වැරදිය. එවිට සියලු දිරිය දරුවන් කල කිරෙයි. දෙශපාලන නයකයින් රටෙ සැම තැනකටම ඇගිලි ගසන බව හැමදෙනාම දනිති. නමුත් හමුදා නායකයෙකු යම් කිසි විනයක්, හැදියාවක්, සංයමයක් නැත්නම් ඔහුට යුදහමුදා අණ දෙන නායකයා විමට කිසිත්ම නොහැක.  නමුත් අවංකව මහන්සිවි බොහො කැපකිරිම් කර ඉහල තනතුරුවලට ආ මිනිසුන්ගෙ මහන්සියට කිසියම් කෙනෙකු තම දෙශපාලන හිතවත් කම් මතින් වැජඹි යම් යම් තර්ජන එල්ල කරන්නෙ නම් එය තවත් නින්දිතය.

පසුගිය ජනාධිපතිවරණ සමයෙදි විරුද්ද පක්ෂයෙන් ඉදිරිපත්වු අපෙක්ෂකයාහට දුෂන චොදන, නොයෙකුත් චොදනා බුරුතු පිටින් ස්වාධින හා ජාතික මාධ්‍ය ඔස්සෙ ප්‍රචාරය විය. එයට සාක්ෂි කරුවන්ද බොහො සිටියෙය. ඔහුන් ප්‍රසිද්ධ මාධ්‍යවල ට ඉදිරිපත් වෙමින් සක්ෂි දුන්නෙය. නමුත් විරුද්ධ පාක්ෂිකයා නයකයා අත්අඩංගුවට ගත්තෙ එම චොදනාවලට නොව රටට විරුද්දව, පාලන තන්ත්‍රයට විරුද්දව කළ කුමන්ත්‍රන වලටය. යම් හෙයකින් පසුගිය යුද්ධයෙදි යුදහමුදාව අතින් මානව හිමිකම් කඩවුනෙ නම් ඉහලින්ම බෙලි කැපියන්නෙ ජනධිපතිතුමා හා එවකට බලයෙ සිටි යුද හමුදාපතිතුමාගෙය. අපි සැවොම දනි තමුන්ගෙ බෙල්ල කපා ගැනිමට තරම් විරුද්ද පාක්ෂික අපෙක්ෂක තුමා මොඩයෙක් නොවන බව. එසෙනම් එතුමා මෙ හෙළිකරන්නට ගියෙ කුමක්ද... ඇයි එ වෙනුවෙන් එතුමාට යුදාධිකරනයට පෙනි සිටින්නට සිදුවුයෙ යන්න ප්‍රශ්නයකි. ඇයි මෙ හදිස්සියෙම...?  විරුද්ද පාක්ෂික අපෙක්ෂකතුමා මෙ ප්‍රකාෂ කර, කුමන්ත්‍රන කර මෙතරම් දවසක් යනකම් මෙ බව අත්අඩංගුවට ගත් නිලධාරින් නොදැන සිටියාද.....

මගෙ පුංචි මොඩ මොළයට වැටහෙන ආකාරයට යමක් ප්‍රකාශ කරන්න කැමැත්තෙමු. ජානාධිපති තුමා හට කැබිතිගොල්ලැව සිද්ධියෙන් පසු මෙම කරදරය ඉවර කිරිමට අවශ්‍යතාවය ඇතිවිය. නමුත් හිතෙ යම් බියක් ද තිබිනු දක්නට ලැබුනි. කෙසෙවෙතත් සුදුසු තැනට සුදුස්සා පත් විමෙන් අනතුරුව යුද්ධය සාර්ථකව ගෙනගියහ. යුද්ධයෙ ලැබුනු ජයග්‍රහන දෙශපාලනිකව යොදා ගත් අතර යුද්ධයට දෙශපාලනික ඇගිලි ගැසිම්ද සිදු නොවින. යුදහමුදාපතිතුමා ඇතුලු නිළධාරින් එය මනා ලෙස කලමණාකරනය කළහ. අවශ්‍ය දෑ ආරක්ෂක ලේකම් විසින් මනාව සපයන ලදි. ත්‍රස්තවාදය අවසන් විමත් සමග සුපුරුදු ලෙස දෙශපාලන නායකත්වය යුදහමුදාවට ඇගිලි ගැසිමට පටන්ගත්තෙය. මෙය නොරිස්සු යම් යම් නිළධාරින් කළකිරි යුදහමුදාවෙන් අයින් විනි.දෙශපාලන නයකත්වය තමුන්ට පක්ෂ නිළධාරින් හට හමුදාප්‍රතිපත්තිවලින් ඔබ්බට ගොස් යම් යම් තනතුරුද ප්‍රදානය කලහ. දෙශපාලනය කරන මිනිසුන් රටෙ සුභසෙත සදහා ප්‍රතිපත්ති සකස් කල යුතුය. නමුත් දැන් සිදුවන්නෙ තමුන්ට හිතවත් සුදුසුකම් නොමැති මිනිසුන් රාජ්‍ය දෙපල වල හිමිකරුවන් විමයි. ඉතිහාසය නැවත සිදුවෙයි. විජය කුමාරතුන්ග නැමති චරිතයද මෙසෙ මිනිසුන් අතරින් නික්ම ගොස වැඩි කලක් යන්නට මත්තෙන් රටට තවත් යුගපුරුෂයෙකු නිහඩ කිරිමෙ වැයමක් දක්නට ලැබෙ. නින්දිත රාජ්‍ය මාධ්‍ය සංස්කෘතියක් යොදා ගනිමින් මිනිසුන් අතර වෛරය බෙදා මිනිසුන් අන්ධ කිරිමෙ ප්‍රතිපල වසර 30 ක් අත්වින්ද සිංහල, දෙමළ මිනිසුන් නැවතත් එම තත්වයට පත්කිරිම ඉතිරිව ඉන්නා ත්‍රස්තවාදින් අර අදිනු ඇත. මහින්දයන් මෙරටෙ කිසිවක් කර නොමැති බවට ප්‍රදාන සාධකය වනුයෙ රජ‍යෙ මාධ්‍යන් හි නින්දිත හැසිරිමයි. පවතින රජයට පක්ෂව ඔහුන් හැසිරෙති. රජයට පක්ෂව ඉන්න වුන් දෙශප්‍රෙමින් ලෙස නම් කර විරුද්ද අයවලුන් දෙශ ද්‍රොහින් ලෙස නම් කර ඔහුන් කෙරෙහි ජනතාව තුල වෛරයක් ඇතිකිරිම සිදුවීගෙන යන විදෙශ කුමන්ත්‍රනයක් ගැන නොකියමින්, කිසිදා සිදුනොවන කුමන්ත්‍රනයක් ගැන කියමින් ජනතාව නොමග යවමින් තමුන්ගෙ සුභසෙත සලකා ගනි.

අවසන් වශයෙන් මෙය දෙශපාලනික ලිපියක් ලෙස අර්ථ නොදක්වන මෙන් ඉල්ලමි. මා ගෙ පුංචි මොළගෙඩියට ඇසුනු දැනුන දෙ මෙසෙ ලියුවෙමි. අලින්ට පක්ෂ අය මෙයට හොද කියනු ඇත. බුලත් කොලයට පක්ෂ අය මෙයට නිග්‍රහා කරනු ඇත. මිනිසුන් තම තම හා ආදෙශ කරගැනිමෙන් යම් යම් තිරනවලට එලඹෙන මෙන් ඉල්ලමි.
යම් මිනිසෙකුට සුලු මිනිසුන් ප්‍රමාණයක් ගොඩකාලයක් රැවටිය හැක. ගොඩක් මිනිසුන් ප්‍රමානයක් කෙටි කලකට රැවටිය හැක. සැමදාම සැමදෙනාම රැවටිය නොහැක. සිදුවන දෙයට කළකිරිමකින් යුතුව බලාසිටිනු නොහැකිව මෙසෙ දෙශය ගැන, එහි වසන මිනිසුන්ගෙ ක්‍රියා කලාපය ගැන ලියුවෙමි.

2/14/10

කොහෙද ගියෙ අපෙ දුකා ......කො.... මෙයා......

ටික කලක සිට දුකා අයියා. සින්ඩියෙන් අතුරුදහන් වි ඇත....... කවුරුන් හො ඔහු ගැන දන්නෙ නම මෙහි සටහන් කරනු මැන.

2/13/10

ඔබට මනසට වද දෙන ප්‍රශ්නයක්ද....?

මා මෙම ලිපිය ලිවිමට සිතුවෙ කිපදෙනෙකුට හො එය මහගු වටිනා කරුනු කිපයක් වනු පිනිසය.
මම උපත ලබන කාලයෙ මගෙ මව ඉතා දැඩි මානසික වැටිම් වලට ලක්වි මානසිකව රොගි කෙනෙකු විය. මා උපත ලද දිනයෙන් දවස් කිපයකට පසු මව දිවයිනෙ ප්‍රසිද්ධ මානසික රොහලකට ඇතුල් කර ඇත. ඉන් පසු අවුරුද්දක් පමන එහි නෙවාසිකව ප්‍රතිකාර ලැබ පියවි සිහියට ආ පසු නැවතත් නිවසට ගෙන ආ නමුත් වරින් වර කලින් කල මෙම රොගය ඉස්මතු විය. මම වැඩිහිටි වයසට ආපසු මෙම රොගයෙ අල ගිය වැලගිය තැන් ගැන සෙවිමෙදි මාහට වැටහුනෙ නිය පොත්තෙන් කැඩිමට තිබු දෙය පොරවකින් කැපිමට බැරි තරම් උඩු දුව ඇති බවයි.
මගෙ මව හිත ඇතුලෙ තිබු දුක කම් කටලු කිසිවෙකුට කියාගත නොහැකිව තනිව විඳ මාවද දරාගෙන බිහිකර පසුව ඇගෙ මොලයෙ සිදුවු සියුම් ආබාධ කිපයක් හෙතුකොටගෙන රොගි විය. මා හට වැටෙහෙන ආකාරයට මා සිමිතව යම යම් කරුනු කිපයක් පහල දක්වා ඇත.

1. තමන්ගෙ සහකරුවා හො සහකාරියගෙ හැසිරිමෙන් එල්ලවන බලපැම.
ස්භාවයෙන්ම මිනිසුන්ට ලිංගික ආශාව පවති. නමුත් මෙවා විවිද මට්ටම වලින් එක එකා තුල පැවතුනත් තමුන් විවහා වු පසුව තමුන් තුලින් හික්මිමක් ඇති කරගත යුතුය. එසෙත් නැතිනම් විනාශයකට මුල පුරනු ඇත. තමුන් කරනා කියනා සැම සියලු දෙයක්ම තමුන්ගෙ ඉදිරි පරම්පරාට බලපාන බව සිහියට ගත යුතුය. තමුන්ද සමාජයෙ පහළ තැනකට වැටෙනු ඇත.

තමන්ගෙ සහකරුවා හො සහාකාරිය වෙනත් සම්බන්දයකට යොමුවි ඇත්නම් එ පිළිබදව බුද්ධිමත්ව කල්පනා කිරිමෙන් බොහො ගැටලු උද්ගත වීම වලක් වා ගත හැක. නමුත් මෙය ලිවිමතරම් පහසු දෙයක් නොවන බව මා හොදාකාරවම දනිමි. තමුන්ගෙ මනසට ඇතිවන පිඩනය හා හින මානය මම අත්විද ඇත්තෙමි. ඔබ සංවේදි අයෙකු නම් ඔබට මෙම තත්වයට මුහුන දිමට බොහො අපහසු වනු ඇත. නමුත් කෙනෙකුගෙ යම් ක්‍රියාකලාපයක් නිසා තමුන්ගෙ මනසට දුකක් පිඩනයක් ඇතිවන ආකාරය මුලින්ම තෙරුම් ගත යුතුය. තමුන්ගෙ මනසෙහි ආරක්ශාව තමුන්ගෙ වගකිමක් බව වටහාගත යුතුය. කෙතරම් ලංව සිටියත් තවත් කෙනෙකුට තමුගෙ මනසට රිංගා එහි ඇති දැ වෙනස් කිරිමට ඉඩ නොදිමට ඇති හැකියාව වැදගත්ය. මෙය තමුන්ගෙ බුද්ධිමට්ටම හා භාෂාමය හැකියාව මත රදා පවතින්නකි. ඔබහට දරුවන් සිටිනම් ඔහුනගෙ අනාගතයද අභිවෘධියද සිහියෙන් සිටිනා ඔබ මත රදා පවතින දෙයකි. මෙ අවස්ථාවෙ තමුන්ගෙ අනිත් පාර්ශවය බොහො දුරට මෙවා ගැන කල්පනා කිරිමක් නොකරන අතර මනස අන්ධකාරයෙන් වසාගෙන අන්ධව ක්‍රියා කරනු ඇත. තමුනට දරාගැනිමට අසිරුම නම් නිතියෙන් මෙසදහා වෙන්විමට ඉඩකඩ තිබුනත් ප්‍රශ්න හමුවෙ පලා යැම බියගුලු ක්‍රියාවකි. තමුන්ගෙ ඉවසිම ඉතා වැදගත් දෙයක් වන අතර තමුන්ගෙ හිතට දැනෙන දරාගැනිමට අපහසු දැ පිට කිරිමටද කිසිවෙකු හො සිටිය යුතුය. තමන්ගෙ සහොදරයෙකු හො සහොදරියක් නම් වඩත් යොග්‍යය. එසෙ නොමැතිනම් තමුන්ගෙ බ්ලොග් එක වුවත් කම් නැත. මා මෙම කොටස තුලින් පැහැදිලි කලෙ අනිත් පාර්ශවයෙන් තමුන්ට ඇතිවන පීඩනය තමුන් පිට කල යුතු බවය. එය දරුවන් හො ඔහු/ඇය මතින් නොව කාටවත් කරදරයක් නොවන ආකරයටයි.


2. පරිසරය හා සමාජ සම්බන්දතා

තමුන්ගෙ පරිසරය හා සමාජය පිළිබද ඇති වැටහිම ඉතා වැදගත්ය. තමුන් ආශ්‍රය කරනා කිපදෙනා ගෙ සිතුවිලි ගලනා ආකාරය පිළිබද වැටහිම. තමුන් ව පිළිගන්නා මිතුරන් පිළිබද වැටහිම. තමුන්ට වචන වලින් එල්ල කරන ප්‍රහාරයන් ඉදිරියෙ මනසෙ සමබරතාවය රැක ගැනිම.  තමුන්ගෙ මනස හැසිරෙන ආකාරය පිළිබද ඇති වැටහිම වැදගත්ය. මිනිසුන්ගෙ ප්‍රහාර ඉදිරියෙ තමුන් දුර්වල වුවහොත් මානසිකව වැටිම ඉතා පහසුවෙන් සිදුවිය හැක. තමුනට දකින්න වන අප්‍රසන්න දර්ශනයන්ගෙන් ඇත්විම සුදුසුය. නමුත් වඩාත් සුදුසු එම දර්ශනයන් තුලින් තම මනස මෙහෙයවා එහි ඇති සැබැ ස්වරුපය වටහා ගැනිමයි. ගැටලුවක සැබැ රුපය දැකිමට එය තුල ජිවත් විමෙදි වඩා අපහසුය. නමුත් හදවතට ඉඩ නොදි අවංකව, මැදිහත්ව තර්කානුකුලව තමුන්ගෙ සිතුවිලි මෙහෙයවන ආකාරයත් තමුන් ඉදිරියෙ සිදුවන ක්‍රියාදාමයෙ යාන්ත්‍රනයත් දෙස බැලිමෙන් මෙය සියුම්ව තමුනට පැහැදිලි කරගත හැක. සමජ සංස්කෘතික ආකෘතිය පිළිබද ඇති වැටහිම ද වැදගත්ය. නමුත් අප රටෙ මෙය ඉතා ඛේදවාචකයකි.සමාජයෙ යම් යම් නියමයන් ,පිළිගැනිම තිබෙන්නෙ අසරනවු අයෙකු තවත් අසරන කිරිමටය.බොහො විට ගැහැනිය නින්දාවට ලක්වෙ. මිනිසුන් බොහොවිට සිදු කරන්නෙ වලෙ වැටුන විට සිනාසිමය. මා එය පුද්ගලිකව අත්විද ඇත්තෙමු. එවිට මා හිත මෙහෙයවන්නෙ ඔහු හො ඇය තුල ඇති මානසික අඩුපාඩුවක් නිසා ඔහු/ඇය තුලින් එය පිටවිණැයි සිතිමයි.

3. තමුන්ගෙ ධර්මය පිළිබද ඇති වැටහිම.
බුද්ධ ධර්මයෙ ඇති කරුනු කාරනා පිළිබද මා හට ඇති වැටහිම නිසා මා මෙයද මුලික කරුනක් වශයෙන් දකිමි. ත්‍රිපිටකයෙ බොහො කරුනු කාරනා ගිහියන් උදෙසා මානාව දෙශනා කර ඇති අතර බොහො ස්වාමින්වහන්සෙලා තුලින් කරුනු කිපයක් පමණක් ඉස්මතු වනු දක්නට ඇත. ධර්මයෙහි මනස පිළිබදවත් එහි හැසිරිම පිළිබදවත් මනාව දෙශනා කර ඇත. අභිධර්මය ඉගනිමෙහි වැදගත්කම මා මෙහිදි සදහන් කරනු කැමැත්තෙමි. මනස , ඉන්ද්‍රීයන් හා මුසුව වේදනවන් ගෙ හැසිරෙන ආකාරය පිළිබද වැටහිමක් ඇතිකර ගත යුතුය. ප්‍රශ්නවලින් හෙම්බත් වි සිටින මනසකට මෙවා ප්‍රායොගික නොවන විහිලු බව බොහොදෙනාගෙ මතය වුවත් දුෂ්කර කටයුත්තක නිරතවි ඉන් ලැබෙන ජයද එතුලින් ලැබෙන තෘප්තියද අතිමහත්ය. මා උසස්පෙළ ගණිත විෂය කරන අතරතුරෙදි මාගෙ නිවසද බැංකුව විසින් වෙන්දෙසි කර ඇත, පියාගෙන් මුදල් ඉල්ලිමට මාතුල ලැජ්ජාවක් හට ගැනින. මා කළෙ නඩරාසර් සර් ගෙ පොත හා අනෙකුත් පොත් පත් කිපයක් පරිහරනය කිරිම පමණි. මා වෙහෙසෙනු දැක ගුරුවරුන් මාහට උදවු කල හෙයින් මා ඉන් ජය ලැබීය. කෙතරම් ප්‍රශන් කරදර හිත්වෙදනා තිබුනත් එහි ජය මා හට ඉතා විශාල තෘප්තියක් ගෙන දෙන ලදි.

දෙමවුපියන් ගෙ ක්‍රියාකලාපය දරුවන් කෙරෙහි බලපාන ආකාරය ඉතා වැදගත්ය. තම දරුවන්ගෙ බුද්ධිය, පවුර්ෂතවය කෙරෙහි මාපියන්ගෙ හැසිරිම  කෙලින්ම බලපායි. තම දරුවාට සමාජයෙ ඔනැම තැනක හිස කෙලින් තබාගෙන සිටිමට හැකිවන ආකාරයට දෙමවුපියන් කටයුතු කලයුතුය. දෙමවුපියන් කෙතරම් මුදල් හරිහම්බ කරත් දරුවාගෙ ගුණ නැන කෙරෙහි දෙමවුපියන්ගෙ ක්‍රියාකලාපය බලපායි.

මෙම ලිපියෙහි අන්තිමට ලියනුයෙ. නිව්ටන්ගෙ තුන්වැනි නියමයයි. සැම ක්‍රියාවකටම එ හා සමාන වු ප්‍රතිවිරුද්ද ක්‍රියාවක් ඇත. ඔබ ලොකයට සලකන විදියට ලොකයද ඔබට සලකයි. නමුත් මෙයින් පිට පනින අවස්තා කිපයක් ඇත. ඔබ කෙනෙකුට හිනා වන්නෙ නම් එය ඔබට නැවත ලැබෙනු ඇත. කෙනෙකුගෙ දුකකදි  කරදරයකදි එය දැක ඉදිරිපත් වන්නෙ නම් එහි ප්‍රතිපල ද ලැබෙනු ඇත. මිනිසුන් තුල ඇති මානය නිසා කරදරයකදි බොහො විට ඔවුන් උදවු ඉල්ලන්නෙ නැත. නමුත් හැකිපමණ දායකතවය දිම ඔබ සතු හොද ගුණාංගයකි. කෙනෙකුට පැවසිය හැක " ඔවද යකො ප්‍රශ්න " , "ප්‍රශ්න ප්‍රශ්න කියලා වැදගත් දෙවල් මග හරින්න එපා" නමුත් එ තුල ජිවත් වන කෙනා දනි එහි ඇති කටුක බව. සංවෙදි නොවන මිනිසුන්හට මෙ කිසිවක් නැත. තම දෙපයින් මිටර් 500 ඇවිදා නැති මිනිසුන් ප්‍රශ්න ගැන කතා කරනු මම බොහො විට අසා ඇත්තෙමු. ඔබ ඉදිරියෙහි කිසියම් කෙනෙකු දුකකින්,කරදරයකින් සිටින්නෙනම් ඔහු හො ඇය ගැන අසංවේදි නොවි සංවෙදි මනසකින් ලංවි කරදරය ඇසීමට තරම් කරුණික වන්න. මාගෙ මව හට එදා ඇයගෙ හිතෙ තිබුන දුක කදුල පිටකර ගත හැකි උනි නම් ඇය එතරම් කනගාටුදායක ලෙස නොවැටෙනු ඇති බව මගෙ විශ්වාසයයි.

2/9/10

ජෙනරල්ට මෙහෙම වෙන්න ඔනා.......

මට ආරංචි උනා ජෙනරල්ව ඊයෙ අත්අඩංගුවට ගත්තා කියලා. ජෙනරල් ඉතා පහත් විදියට කතා කරෙ ගොටාබයට සිරසෙදි " අවුරුදු පහලවක් කොම්පියුටර් ගහපු එකෙක් මට එනවා යුද්ධය උගන්නන්න. අපි යුධ බිමෙ හැම තනතුරකම ඉදලා මෙතනට ආවෙ " මෙතන විතරක් නෙමෙ හැම තැනම ජනාධිපතිට වඩා පහර ගැහැවුවෙ ආරක්ෂක ලේකම් තනතුරට ජෙනරල් .ආරක්ෂක ලෙකම්ව විහිලුවකට ලක් කල වරදකට ජෙනරල් සිරගත කර ඇත.

ලක්ෂමන් හුලුගල්ල මහතාට අනුව හේතු
1.ජනපතිට විරැද්ධව කුමන්තුණය
2.රාජකාරි සමය තුල දේශපාලණය
3.යුධ හමුදාව තුල බෙදිම් ඇති කිරීම

මෙව විහිලු බව අපි දන්නවා. ජෙනරල් මහින්දට මුකුත් කිව්වට  මහින්ද එක ගනන් ගන්නෙ නැහැ. එකත් පැහැදිළි . දැන් යන්නෙ ගොටාබය තිර රචනයක්. මහින්ද මෙක කැමති වෙන එකක් නැහැ. එක එයාට ඉලග චන්දෙට අවාසියි. නමුත් ගොටාබය බි.බි.සි එකට දුන්න සම්මුඛ සාකච්චාවෙදි ඔනා බුරුවෙකුට තෙරෙනවා මෙ මනුස්සයා තමුන්ගෙ බුද්ධිමත්භාවය තරහවෙන් වහාගෙන කටයුතු කරන කෙනෙක් කියලා. තරහාව පාලනය කරගන්න බැරි උනොත් ඔයවගෙ තනතුරක ඉන්න කෙනෙක් මුලු රටම අනාතයි. ලේකම්ටයි, එයාගෙ පවුලටයි දුෂන චොදනා එල්ල කිරිමෙ වරදට ජෙනරල් හිරබත් කනවා. එක පැහැදිලියි. හැබයි ජෙනරල්ගෙ කතා අනුව

1.රාජකාරි සමය තුල දේශපාලණය
2.යුධ හමුදාව තුල බෙදිම් ඇති කිරීම
3.මිනිමැරිම්

කරපු අය දැන් ආරක්ෂක ලේකම් තනතුරෙ. රහස් පොලිසිය නිහඩයි. රහස් පොලිසියෙ මහත්වරු එවගැන හොයන්නෙ යන්නෙ නැහැ. හෙවුවොත් ඉවරයි.

මට හම්බ උනා මනුස්සයො කිපදෙනෙක්ව ජෙනරල්ට මහා අසික්කිත විදියට බනින. " ඔය අවජාතකයට හොද වැඩෙ... ඔකව මරන්න ඔනා, රජ කාලෙ දඩුවම් දෙන්න ඔනා" මෙ ආකාරයෙන්. ඉතින් මමත් රජතුමාගෙ පලු ටිකක් අරින්න ගත්තහම මෙන්න මෙකා මාත් එක්ක පයිට් එකකට ආවා. මම හිනාවෙලා කිව්වා " ජෙනරල් ට බනිද්දි මම කටවහගෙන අහන් හිටියා නෙද.. උබට එහෙම අහන් ඉන්න බැරි " කියලා. මෙකිව්ව කෙනාම ටික දවසකට කලින් ජෙනරල්ගෙ ගුන වයලා තියනවා එයගෙ කටින් මම අහල තියනවා. ඔන්න ඔහොමයි ලංකාවෙ මිනිස්සු.

හැබැයි දැන්නම් ටිකක් නහයට උඩින වතුර යනවා වගෙ දැනෙනවා. එස්. බි ප්‍රසිද්ධියෙ කිව්වා 1999 චන්දෙ අපි හොර චන්දෙ දැම්මා, දුෂන කරා කියලා. මර්වින්ගෙ පුතා එකෙකුට ලේ පනිනකන් ගහලා දැන් යහතින් ඉන්නවා. එ අස්සෙ මිල්රොයි ගෙ බිරිද මිනිමරලා ජනාධීපතිගෙන් නිදහස ලබලා. දළදා හමුදුරුවන්ට, තවත් සිංහල සොල්දාදුවන් දහස් ගනනක් මරපු මිනිස්සුත් දේශප්‍රෙමින්ගෙ ගොඩෙ. ප්‍රගිත් තාමත් නැහැ. තිස්සමහරාමය දුෂන චොදනා දාලා වහලා.

බලන්න අපි කොච්චර නින්දිත මිනිස්සු පිරිසක් වෙලාද කියලා. මගෙත් කොන්ද පණ නැහැ මොකද මමත් මෙ අවජාතක සිංහල ජාතියෙ බින්දුවක්. මම දන්න සිංහල ජාතිකයින් මෙහෙම නෙමෙ. මෙ සුද්දට පස්ස හොදලා දිපු මිනිස්සුන්ගෙ ගතිගුන බව මගෙ හැගිම. අර ජාතියෙ උප්පත්තිය වෙනස්කරපු එකා අග්‍රමහා පණ්ඩිත ජක්සන් මම දැක්කා නිදහස් උළලෙ ඉස්සරහම පුටුවක ඉදන් හෙවනෙ අව්කණ්නාඩි දෙකකුත් දාගෙන බමුනෙක් වගෙ ඉන්නවා. අන්න දෙශ්ප්‍රෙමියො.....

උස් තැන් දැක හැකිළෙන්නෙ
මිටි තැන් දැක පුප්පන්නෙ
නිවටුන් බව සිතමින්නෙ
මගෙ පුතා ලොකු වෙන්නෙ

ටිබෙට් ජාතික එස් මහින්ද හිමි.

ජෙනරල් උස් තැන් දැකලා හැකිලුන් නැහැ. හැකිලුනු අය අද ඇමතිවරු, දෙශ්ප්‍රමියො.
 
සිංහල ජාතිය අද මෙ වගෙ පහල තැනකට දමන්න රටෙ ජාතික මාධ්‍ය ප්‍රදාන වගකිම ගන්න ඔනා. මිනිස්සුන්ගෙ හිත්වල වෛරය වැපුරුවෙ ජාතික මාධ්‍ය. හැමදාම. 83 කලා ලු...., 2005 කලා, 2010 කලා.

මාධ්‍ය අයතනක ප්‍රදානින් වෙන්න ඔනා සුදුසුකම් තියන මිනිස්සු මිසක් දෙශපාලුවන්ගෙ අතකොලු නෙමෙ. දෙශපාලුවො තමුන්ගෙ යහපත පැවැත්ම සදහා ජාතික මාධ්‍ය හසුරවන්න ගියහම මෙ වගෙ දෙවල් වෙනවා. කොටින්ම කියනවනම් රටෙ මිනිස්සුන්ට තෙරිලාවත් නැහැ ජෙනරල්ව අත්අඩංගුවට අරන් කියලා. රටෙ වැටිම ඉතා ඇතක තියන්නෙ ලගක නෙමෙ. එ නිසා එක අදුනගන්න අමරුයි. හැබයි වැටෙන එක වැටෙනවා මොකද දෙශපාලනයට එන්නෙ පරිනත දැනුම කිව්වට, මිනිස්සුගෙ යහපත් හැගිම් එකතුකරගෙන රට දියුනු කරන්න නෙමෙ. මිනිස්සුන්ගෙ හදවත් වල තියන දුර්වල කම් දැනගෙන එවා භාවිතාකරමින් තමුන්ගෙ ප්‍රතිවාදියව තමුන්සතු සියලුම ශක්තිය යොදවා පරදකර විනාශකර දමා තමුන්ගෙ පැවැත්ම තහවුරු කරගන්නයි. ධනය,බලය ඉස්සරහා නැමුනු කොන්ද පන නැති අවජාතකයින් ටික නිකම්ම දෙශප්‍රෙමි, සුජාත ලෙබල් අලව ගත්තා. මොඩ මිනිස්සුන්ගෙ හැගිම් මාධ්‍යන්ගෙන් පාවිච්චි කරලා රට දියුනු කරන්න අමාරු බව තව ටික දවසකින් හො වැටහෙයි. එක මිනිසෙකුට බලය ගියහම රටම විනාසයි. පෙනවානෙ. මහින්ද උනත්, රනිල් උනත්, ජෙනරල් උනත්.

මහින්ද ගෙන දැන් මම ඉල්ලන්නෙ. කොහොම හරි කරලා ජෙනරල් වයි, එයගෙ හෙංච්යියො ටිකවයි නැතිකරලා දාන්න ඔනා, ටිවි එකෙ, අර රවි කරුනානයක ගෙයි, ලක්ෂමන් ගෙයි, රනිල් ගෙයි කථා ටික නිතර නිතර දාමා වෛරයක් ඇතිකරන්න ඔනා. විමල් වෛරවංශව ඇමතිකෙනෙක් කරලා එයට මාධ්‍ය අංශය දුන්නනම් වැඩෙ ගොඩ. තවත් ඉන්නවනම් දුෂන චොදනා තියන මන්ත්‍රිවරු බය කරලා තමුන්ගෙ පැත්තට අරගෙන එයාලා ලව්වා ජාතික මාධ්‍යට කියවන්න ඔනා. " රජතුමා ගෙ යහපලනය දැකලා අපි මෙ සත්ක්‍රියාවට අත ගැහැවුවා " කියලා. හැබැයි තමුන්ගෙ මල්ලිට කියන්න ඔනා " මලෙ බි.බි.සි යට  වගෙ කතා කරද්දි තරහ අරන් කතා කරන්න එපා. හැබැයි බොරුවට දෙකට තුනට නැමිලා කතා කරන්නත් එපා"

ජෙනරල්ට හොද වැඩෙ. මෙ භුතයො වෙනුවෙන් කඩෙ යන්න ගියාට. තමුන්ගෙ ග්‍රින්කාඩ් එකෙන් ඇමෙරිකාවට ගිහිල්ලා රස්සාවක් හොයාගත්තනම් දෙයියනෙ...... මොන තැනක්ද.. පෙන්ටගනයට අයදුම් කලානම් කෙලින්ම ගන්නෙ. එහෙම කරෙ නැත්තෙ මෙ මනුස්සයට බලය පිළිබද භුතය වැහිලලු ජාතික මාධ්‍යට අනුව....
මම අන්තිමට අයි.ටි.එන් එකෙ ජෙනරල් කිව්ව කතාවක් දමන්නම්.

" ඔයාලා හැම කෙනෙක්ම දන්නවා ලංකාවෙ විභාග සමත් වෙන්න ඉහල බුද්ධිමට්ටමක් තියන්න ඔනා, ගොඩක් අමාරුයි. මගෙ දරුවො දෙන්නා ලංකාවෙ උසස් පෙල විභාගෙ පාස්වෙන්න තරම් දක්ෂ උනෙ නැහැ. මම මගෙ ග්‍රින් කාඩ් එක පාවිච්චි කරලා එ දෙන්නව ඇමරිකාවට යවලා ඉගැන්නුවා. "

මෙවැනි මිනිසෙකුට ගරහන මිනිස්සු ඉන්න රට කට කුමන අනාගතයක්ද...?

2/6/10

විවාහයට පෙර... සහ පසු....

සුදු .... බත් කැවද... ක්ලාස් එනවද... ඔන්න ඔහොම තමයි කසාද බඳින්න ඉස්සර. ඉතාම සුමිහිරි වචන වලින් දෙපැත්තට විඳ ගන්නවා.
පුදුම ආකර්ශනයක්, ස්භාවධර්මයා විසින් මවන ලද අපුරු දෙයක්. නාගෙන සෙන්ට් ,පවුඩර් උලාගෙන ඉතින් මගුල් ගෙදරක් යනවා වගෙ දෙන්නා ලැස්තිවෙන්නෙ, දෙන්නව හම්බෙන්න යන්න.
කොහොම උනත් කෙල්ල ලස්සන නම් කොල්ලා බලන්නෙ කොහොම හරි එල්ලිලා ඉදලා කසාඳ බදින්න. කොල්ලා බුද්ධිමත් නම් නම් කෙල්ලත් එහෙම්ම මයි. සමහරු සල්ලි දැකලා.
සමහරු දුෂ්ටයො මැද්දෙන් දුවලා ගිහින් සටන් කරලා දිනා ගන්න දෙවල්, සමහරු හැමොගෙම ආශිර්වාදය මැද්දෙන්. කොහොම හරි තම අරමුනට යනවා.
තවත් සමහරු අරමුන කරදර වැඩියි කියලා හිතුන ගමන් වෙන බස් එකක් එනකන් ඉන්නවා.

ඉතින් එහෙම එල්ලිලා ඉන්න කොල්ලා නොකරන දෙයක් නැහැ. සමහරු තමුන්ගෙ දෙමවුපියන් පවා පහතට දාලා වැඩ කරනවා. එයාලා හින්දි චිත්‍රපටි වලින් තමයි
එ කැලි ටික කොපි කරන්නෙ. හැම තිස්සෙම වචන පාවිච්චි කරන්නෙ පරිස්සමෙන් සුදුගෙ හිත රිදෙයි කියලා. ඔය අතරෙදි ලුණුයි බතුයි කමුකො රත්තරන් කියලත් කියනවා.
සමහරු නම් ඔය එවා මෙවා මුකුත් ගනන් ගන්නෙ නැතුව වා නම් වා පො නම් පො තියරියෙනුත් තමුන්ගෙ ආදර කතාව ගෙනියනවා.

ආදරය කරන කාලෙ මුනගැහෙන්නෙ ටික වෙලාවකට විතරයි. එ වෙලාවෙත් එ දෙන්න කෘතිමව හදා ගත්තු දෙන්නෙක්. මුකුත් නැහැ බලලා තියන චිත්‍රපටි කැලි ඔක්කොම එකතැන
දිග හැරලා,නන්නත්තාර වෙලා කොල්ල ගෙදර යන්නෙ. දෙමවුපියො දාඩිය මහන්සියෙන් හම්බකරලා දෙන තුට්ටු දෙක වියදම් කරන්නෙ තමුන්ගෙ ආදරය වෙනුවෙන්.
තමුන්ව අවුරුදු 18 ක් 20 ක් රැක බලාගත්තු දෙමවුපියන්ගෙ විස්වාසය බිදිනවා මෙ දවස් 18 හිනස්සපු කොල්ලා නිසා. මෙ අතර සමහරු මෙ දෙයට දෙමවුපිය ආශිර්වාදයත් ලබාගන්නවා.
කොහොම හරි සුවද විලවුන් මැද්දෙන්, පවුඩර් ටින් වලින්, චිත්‍රපටි කැලි වලින් විවහයට ගෙනියනවා ආදර කතාව.

ඔන්න කසඳ බැන්දා... දැන් තමයි වැඩෙ..... මධූසමය .. මෙතනදි තමයි දෙන්න දෙන්නව අදුන ගන්නෙ. මෙ පුසා වගෙ හිටපු එකා සිංහයෙක්ද නරියෙක්ද නැත්තම් ඇත්තටම පුසෙක්ද කියලා කියලා කෙල්ලට දැනගන්න හම්බ වෙන්නෙ . එ වගෙම තමයි අනිත්
පැත්තත්. මම කතා බහා කරපු සමහර අයියලා අක්කලා අවුරුදු 8 ක් 9 ක් ආශ්‍රය කරලා කසද බැදලා තියන්නෙ. එ අය වහෙන් ඔරො කියන දෙවල් ආහපු හාම එයාල ගැන පුදුමත් හිතෙනවා.
බැන්දට පස්සෙ ඉතින් දෙන්න එකට. හැම තිස්සෙම ගැටෙනවා. කසාදෙට කලින් හංගන් හිටපු රුපෙ හිමිටම දිග හැරෙනවා. දෙන්නගෙම. මෙ අතර සමහරු එකිනෙකා අතර හොද සම්බන්දතාවයක්
ගෙනියන්න සාකච්චා කරනවා, තමුන්ගෙ රැචි අරුචි කම් ගැන. ආදරය කරන කාලෙ මුලික කෙනා රුචි දෙවල් තමයි දෙන්නගෙම රුචි දෙවල්. නමුත් දැන් එහෙම නෙමෙයි. ටිකක් නිදහස හොයන්න ඔනා.
මම ආස දෙවලුත් තියන්වා. ලිංගික ජිවිතෙත් එතනමයි. වෙනසක් නැහැ. මිනිස්සු කියන සත්තු ජාතිය හැම තිස්සෙම වෙනස් වෙන්න කැමතියි. අදහස් ගැටිම් මෙ හැම දෙයක්ම එලියට එනවා. මෙ කාලෙ
වෙද්දි. දරුවො ඉන්නව නම් එ දිහැ බලලා හිත හදාගෙන එ දෙවල් ඔක්කොම හිතින් යටපත් කරගෙන ඉන්න ගොඩක් ගැහැනු අය දිරි ගන්නවා. ගොඩක් පිරිමි අය එහෙම නෙම. මෙ අතර සමහරු තමුන්ගෙ
සහකරු හො සහකාරියගෙ අදහස් නිතර නිතර අසා දැනගනිමින් ලස්සනට මෙ දෙ ගෙනියනවා. හැබැයි එ  ඉතාම සුලු පිරිසක්. බොහො දෙනා ට විවහා ජිවිතය කියන්නෙ ලොකු බරක්. නමුත් එ ගොඩක් දෙනා
කතා කරන්නෙ යාන්ත්‍රිකව. මෙ හැම දෙකට ම හැමදෙනාම මුහුන දෙනවා. හැබැයි සමහරු කතා බහ කරලා එක අරමුනක් දෙන්නා තුලම ඇති කරගන්නවා ඇතිවන ගැටුම් මග හරින්න. සමහර අය එකිනකා කෙරෙහි
ස්භාවයෙන්ම ඇලිලා.

කොහොම කොහොම හරි ගැටුම් මැද්දෙන්, සොදුරු සිදුවිම් අතරින්, කටුක අත්දැකිම් මැද්දෙන් ගඟ ගලා බසිනවා. මම අහලා තියනවා
විවාහයට පෙර ඇතිවන ආදරය මලක් වගෙ එක පිපිලා පර වෙන දෙයක්
නමුත් විවාහට පස්සෙ ඇතිවන ආදරය හරියට ගහක මුලක් වගෙ, එකෙන් තමයි පවුල කියන ගස පොෂනය, දරා ගැනිම සිද්දවෙන්නෙ"
කියලා.මෙක මම මුලින් දැක්කෙ දෙමළ චිත්‍රපටියක.

අපි කොච්චර උඩට ඉගෙන ගත්තත් , මොන උපාධිය කලත් ලොකයෙ ස්භාවය, ලොකයෙ පැවත්ම සිදුවන යාන්ත්‍රනයට විරුද්දව යන්න ගියොත් අපිව වැටෙනවා.
ස්භාවධර්මය විසින් ගැහැනු, පිරිමි වෙනසක් ඇත්කරලා, අපුර්ව ආකර්ෂනයක් ඇති කරලා ලස්සනට ජිවත් වෙන්න ඔනා සියලුම දෙවල් ඇතිකරලා දිලා තියනවා.
සරලව ස්භාවධර්මයට එකගව ජිවත් වෙන හැම මිනිසෙකුම සුන්දරව ජිවිතය ගෙවනවා. ගොඩක් පවුල් සංකිර්ණ ජිවිත රටාවන් හට හුරු වෙලා තමුන්ගෙ ජිවිතය තමුන්ගෙ
දරුවන්ගෙ ජිවිතත් සංකිර්න කරලා.  කෙනෙක් එක පැත්තකට යද්දි තවත් කෙනෙක් අනිත් පැත්තට යන්න උත්සාහ කරද්දි ගැටුම් ගොඩයි. බුද්ධිය තියන නම්‍යශිලි දෙන්නෙක් නම් මෙදෙ කතා
කරලා හදා ගන්නවා. නමුත් බොහො දෙනෙක් තමුන්ගෙ මතය හරියි කියන තැන ඉදගෙන දැඩි තිර්ණ ගන්නවා.

අපි පටන් ගන්නෙ ඉතාම සොදුරු මිහිරි දෙයක් මෙ කරන්න යන්නෙ කියලා. නමුත් බොහොම වැදගත්ව, ගෞරවය, ආදරය, ඉවසිම පෙරටු කොටගෙන යථාර්තවදිව තමුන්ගෙ ආදර වන්තිය දිහැ බලලා, එකිනෙකා අතර මානා අවබොධයෙන්, සංයමයෙන්, දෙමාපියන්වත් එකතු කරගෙන, ඔහුන්ගෙත් ආශිර්වාදය, ගුරුහරු කම් ලබාගෙන විවහා දිවියට පිවිසෙන මිනිසුන් හට කවදත් වරදින්නෙ නැහැ.
එක මම දැකපු වටිනාම සත්‍යයක්. මෙ දෙවල් කියන මම තවම විවහා වෙන්න හිතලවත් නැහැ. අවුරුදු 24 ක් උනාට තවම අම්මත් එක්ක අම්මගෙ උනුහුමට තුරුල් වෙලා නිදාගන්නෙ. සමාජයෙ ඇවිදලා,
කතා කරලා, කතා අහලා, හොරෙන් අහන් ඉදලා, ඇත ඉදන් බලන් ඉදලා ගත්තු දෙවල් මෙ ලියලා තියන්නෙ.

ඉතින් මොකද කියන්නෙ. ඇත්ත කතා කරලා, ඇත්තට මුණ දිලා ගැටුම්, ජිවිතය සුන්දර කරගන්නවද.....? 

කස්ටිය