මාසෙකට එක පොස්ට් එක ගාණෙ ලියන්න හිතන් ඉද්දි තමයි .. මෙ බස් එකෙ ඉන්න සගයො ටික බ්ලොග් සතිය කියලා එකක් තිබ්බෙ.. ඉතින් අනිත් වුන්ගෙ නම් බොර්ඩ් එකෙ තියද්දි අපිටත් බැහැ පැත්ත ගහන්න. අපෙ නමුත් ඔය බොර්ඩ් වල තියන්න ඔනා. මුලින්ම මම බ්ලොග් එක ලියන්න ගද්දි ගොඩාක් ලොකු දුකකින්, ලැජ්ජාවකින් ජිවත් වුණෙ. ගොඩාක්ම සමාජයෙන් හැංගිලා. මිනිස්සු අතරට ආවෙම නැහැ. ජිවත් වන එකත් ටිකක් නෙමෙ හොදටම අමාරු වෙලා තිබුනෙ. හිත් වෙදනාවන්ට හේතු වුණ කාරණා එහෙන්මම තියද්දි මට මෙ යහලුවන්ව දකිද්දි , යහලුවොත් එක්ක කතා කරද්දි මට දැනුන දෙ තමයි. අපි කොච්චර වුණත් දෙයක් ඉතා දැඩි විරියකින් අල්ලන් ඉද්දි අපිට ගොඩක් අමාරු වෙන විත්තිය. එක නිසාදො මම හයියෙන් අල්ලන් හිටපු අදහස්, මගෙ හිත ඇතුලෙන්ම වෙනස් වෙන්න වැඩි කාලයක් ගියෙ නැහැ. මිනිස්සුන්ගෙ ජිවිත හිත් වෙදනාවන්ගෙන්, මානසික වැටිම්, ගැටිම් වලින් පිරිලා. එත් එ මිනිස්සු එවා කිසිවක් නැති වුන් මෙන් ජිවත් වෙනවා දකිද්දි මම තෙරුම් ගත්තු ලොකුම දෙ තමයි බොරුව
බොරුවට හිනාවෙන්න
බොරුවට ආවඩන්න
බොරුව අහන් ඉන්න
බොරු කියන්න
මෙවා කුඩා කාලයෙ ඉදන්ම මම ගොඩාක් ප්‍රගුණ කරපු දෙවල්. 1996 දි ලොක කුසලානය කාලෙ මම බොරුවෙන් මයි ජිවත් වුණෙ. ඉස්කොලෙ ගිය කාලයක් මතක නැහැ එ දවස් වල. ඔය ලොක කුසලානය ලංකාවට ගෙන්න මම කරපු තරම් කැප කිරිමක් කවුරුවාත් කරලා නැහැ ලංකාවෙ එක ශුවර්. දවසක් ඉස්කොලෙ යන්නෙ නැතුව පිට්ටනියෙ ඉද්දි තාත්තා හිමිට පිටිපස්සෙන් ඇවිල්ලා මාව අල්ලගන්න දැම්ම ට්‍රයි එක ගැස්සිලා මම බෙරිලා දුවද්දි, තාත්තා ක්‍රිකට් කුරෙන් දමලා ගැහැව්වෙ. හැමදාම, හැමතැනම වගෙ පාව දෙන උන් ඉන්නවා අපෙ ගමෙ. උන් ගෙන් එකෙක් තමයි මාව එදා පාව දුන්නෙ තාත්තට.. මාව අල්ලලාම දුන්නා. මම එදා හොදට ගුටි කැවා.
ඔය ගුටි කන වැඩෙ මතක් වෙද්දි තමයි මාගෙම සොයා ගැනිමක් මම ඉදිරිපත් කරන්නෙ. මෙක මගෙම සොයා ගැනිමක් මගෙ ලොකයට. හැබැයි අත්දුටු ප්‍රත්‍යක්ශ ක්‍රමයක් දඩුවම් වලින් බෙරෙන්න.
දැන් ඔයාලා පොඩි කාලෙ ගුටි කන සින් එකක් මතක් කරගන්න. කොහොමද මතක් වෙන්නෙ. තාත්තා ඔයාලගෙ පුංචි අත් දෙක එයාගෙ වමතින් අල්ලගෙන දකුනතින් හොද පොල් පිත්තකින් තඩි බානවා නෙද, මෙහෙම ගහද්දි ගොඩක් ලමයි විලාප තියනවා
" බුදු අම්මෙ, මගෙ අම්මො, මාව බෙර ගන්න කවුරුත් නැද්දො, අම්මෙ.... " එහෙම .. ගොඩාක් ලමයි මෙතනදි ඇඩුවත් අපි ඇඩුවෙ වෙදනාවට වත් බයටවත් නෙමෙ , පොඩ්ඩක් හරි අනුකම්පාව අරගෙන ගුටි කන ප්‍රමාණයෙ සංඛ්‍යාතය අඩු කර ගන්න. මම ඉහතදි කිව්ව ක්‍රමය තමයි ලංකාවෙ ගොඩක් පවුල් වල වෙන්නෙ. තාත්තා මුලින්ම දරුවාව ග්‍රහනය කර ගන්නවා. මෙතනින් අපි බෙරෙන්න අපි දෙන්නම.. මමයි මගෙ මල්ලියි දෙන්නම භාවිතා කරපු උපක්‍රමයක් තියනවා. මම දැකලා නැහැ වෙන උන් එක භාවිතා කරනවා.
අපි දෙන්නම එකටනෙ ඉන්නෙ ගුටි කද්දි මට තමයි ඉස්සලාම සබ්බුව හම්බෙන්නෙ. මම එක දන්න හින්දා තාත්තා ලඟට එද්දි එකම රන් එකයි. තාත්තාගෙ තිබුනා ලොකු බඩක් මට හිතුනෙ මුලින්ම අම්මගෙ බඩ ඇතුලෙන්නෙ මමයි ,මල්ලි ආවෙ.. තාත්තාගෙ බඩෙන් අක්කෙකුයි, නංගියෙකුයි එයි කියලා. එ බඩ උස්සන් තාත්තාට ඉබ්බෙක් එක්කවත් දුවන්න බැහැ එක ශුවර්. එකනිසා මම දුවනවා. එත් පාවා දෙන උන් තමයි මාව අල්ලලා දෙන්නෙ. සමහර වෙලවට එකට සෙල්ලම් කරපු උන්ම බල ඇනි සෙනා සංවිධාන වෙලා මාව හොයන්න කැලෙට එනවා.
දැන් තමයි මගෙ උපක්‍රමය මම ඉදිරිපත් කරන්නෙ.. මෙක ඔබෙ දරුවාගෙ අතට පත් වෙන්න දෙන්න එපා.. ඌව හදාගන්න බැරි වෙයි.
අරුන් මාව තාත්තට බාර දුන්නු ගමන්ම තාත්තා මගෙ දකුනු අත එයාගෙ වමතින් හයියෙන් ග්‍රහනය කරගන්නවා. මම එතනදි සද්ද නැතුව පුසා වගෙ ඉන්නෙ හරි. ගෙදරට එක්කන් එන්නෙ ගම මැදින් දැන් ගමෙ මිනිස්සු බලාගෙන ඉන්නවා පුජාවට මරන්න දේවාලෙට එක්කන් යන එළුවා දිහැ බලන් ඉන්නවා වගෙ. ගෙදරට ලං වෙද්දි තමයි තාත්තා වැටකින් කොටුවක් කඩා ගන්නෙ. හදගැස්ම වැඩි උනත් ක්‍රමය හොයාගත්තට පස්සෙ මම බය වුනෙ නැහැ. කොටුව කඩාගෙන අතට ගත්දිම මම මගෙ තාත්තාගෙ ඉස්සරහට ගිහින් ඉතුරු වෙලා තියන වම් අත තාත්තාගෙ ඉණ වටෙ යවලා.. තාත්තා ඇදන් ඉන්න සරම බුරුල් වෙන විදියට අල්ල ගන්නවා. කලිසමක් ඇදන් හිටියත් මම කරන්නෙ ඉන වටෙ අත යවන එක.. බොරුවට තාත්තාව බදාගන්න වගෙ.. අපෙ තාත්තා කපටියා එවගෙන් නමන්න බැහැ කියලා අපි දන්නවා. නමුත් මගෙ අරමුන තමයි... පුලුවන් තරම් මගෙ බර තාත්තාගෙ ඉනට දෙන එක. බර ඉනට දිලා මගෙ කකුල් දෙක තාත්තාගෙ කකුල් දෙක අස්සෙන් දාලා තාත්තාගෙ ඉනෙ එල්ලෙන එක.
වර්ල් කප් එක ඉවර වුනා, තාත්තා කොන්දට පිශියො තෙරාපි කියලා මොකද්දො ඉංග්‍රිසි බෙහෙතක් තාම කරනවා.
ඊයෙ තුං මං හංදිය රුපවාහිණියෙ විකාශය වෙද්දි මට හිතින් හිනා. මහගම සේකරව මිනිස්සුන්ට මතක් වෙන්නෙ ජනවාරි මාසයෙදි විතරයි. මට නම් සේකර මහත්තයාව මතක් වෙන්නෙම නැති සයිස් එකක් තියන්නෙ. අපරාදෙ මහගම සෙකර වගෙ මනුස්සයෙක් ලංකාවෙ ඉපදුනෙ.
ඔන්න එ අස්සෙ රංග කියලා අයියා කෙනෙක් මට කියනවා. එයාට දවසින් දවස ලියන්න බොරු තියනවලු බ්ලොග් එකෙ.
"ඉහල අවධානය, ඉහල පරිකල්පන හැකියාව තමයි ඔනැම විෂයක් ඉගෙන ගන්න ඔනා කරන ප්‍රධානම දෙ "
සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...
1/28/11
1/12/11
තවත් අපුරු තැනක නැවතිලා ගිමන් හැර ගමන් කරමුද
අන්තර්ජාලයෙ ඇවිදිද්දි අපිට විවිධ දෙවල් හම්බ වෙනවා. බොහොම කැමති දෙවල් අපි එකිනෙකා සමග බෙදා හදා ගන්නවා. මෙ සින්දුවත් අහම්බෙන් මුණු ගැසුන එකක් නොවෙයි.. රුසියානු මිනිසුන්ගෙ කයි කතන්දර කුඩා කාලෙ ඉදන් කියවලා තිබුන නිසා එ අයට, එ අයගෙ ජිවන රිද්මටය මම ගොඩාක් ආස කරා. මම ඉස්සලාම කියෙව්වෙ කේ. ජී කරුණාතිලක මහත්මයා පරිවර්තනය කරපු " බිම්ගෙයි සිරකරුවා" කියන කෙටිකතා සංග්‍රහය. මෙ පිළිබදව හොයන්න ඔනා තරම් මුලාශ්‍ර තියනවා අන්තර්ජාලය තුල. රුසියන් මිනිස්සු මොකද කරෙ කියලා ඔයාලා අන්තර්ජාලයෙ ඇවිදින ගමන් පොඩ්ඩක් හොයලා බලන්න. එයාලගෙ ඉතිහාසය කියවන්න. මම විස්වාස කරනවා ලොකයෙ කිසිම ජාතියක් තවත් ජාතියකට වැඩිය උතුම් නැති විත්තිය. හැබැයි හැමොම සමානත් නැහැ. එක එකා තුල ඇත්තෙ උනුන්ටම ආවෙනික ලස්සනක්. ඉතිහාසය පුරාවටම හැමොම හැම ජාතියක්ම තමන්ට තිබුන දෙත් එක්ක ගොඩක් දෙ කරලා තියනවා. මෙ සින්දුව මගෙ හිත ගත්තු සින්දුවක්.. ආදරනිය ආයචනයක් ගැන වෙන්න ඇති තියන්නෙ. අහන්න.
Do not forget Remember me. You're not alone - Forever together. Do not forget Flame, Where we are with you Gray himself.
I will fly in itself, I will fly to you.
On the sky for a star High. Quiet Flight - This is easily
On the sky for a star High. Quiet Flight - This is easily
Do not forget In my heart My songs Forever with you. Do not forget Sleepless nights, Where we are with you - I'm not alone.
I will fly in itself, I will fly to you.
On the sky for a star High. Quiet Flight - This is easily
On the sky for a star High. Quiet Flight - This is easily
Do not forget
පරිවර්තනය google වලින් ගත්තෙ.. මෙතන ඉන්නවා නම් කවුරු හරි මෙ ගැන දන්න කමෙන්ට් එකකට ලස්සන පරිවර්තනයක් ඉදිරිපත් කරන්න පැකිලෙන්න එපා.

12/26/10
වතුරටද මෙ දෙවල් හේදුනෙ........
එදා මම ටිවි එකෙ මිනිස්සු අඬනවා දකිද්දි මට මෙහෙට වෙලා ඉන්න බැරුව ගියා. තාත්තායි මමයි අස්සෙන් අස්සෙන් දාගෙන අපි අපෙ ගාල්ලෙ හිටපු හිතවතෙකුගෙ ගෙදරට යන්න ගියෙ. නමුත් අපිට ගාල්ලට යන්න බැරුව ගියා. ඉට පස්සෙ කහව අදුනන කෙනෙක්ව හොයාගෙන ගියෙ. එ මනුස්සයා කහව ජිවත් වුණෙ. එ මනුස්සයගෙ පවුලටම කිසිම කරදරයක් වෙලා තිබුනෙ නැහැ. ගෙවල් දොරවල් නැහැ. මනුස්සයො අසරණ වෙලා එ මිනිස්සුන්ගෙ ඇස් වලල කඳුලූ තිබුනෙත් නැහැ අපිව දකිද්දි එ මනුස්සයා ඇවිල්ලා තාත්තාව බදාගත්තා. මටත් බදාගන්න කවුරු හරි එකෙක් ඉන්නවද කියලා මම වටපිට බැලුවා. කවුරුවත් නැහැ. මට තාම මතකයි පාලම් යටින් මිනි ගහගෙන යනවා. වතුරට කිසිම වෙනසක් තිබුනෙ නැහැ
අපි එද්දි මම දැක්කා සුදු මිනිහෙක් මගෙ මිනිහෙක්ව බදාගෙන.. මගෙ මිනිහගෙ ඇස් වල කදුලු.නටබුන් ගෙය, කඩන් වැටුනු තාප්ප, මගෙ මිනිහා ඇදන් හිටපු අපිරිසිඳු සරම් කොටය.. සුදු මිනිහාගෙ සුදු ඇදුම , තොප්පිය, හැමදෙටම දුක් වෙන මම එදා දුක් වුණෙ මගෙ මිනිහව මට බදාගන්න බැරුව ගියා කියලා. ඌ ගෙ හිත හැදෙන්න වචනයක් දෙන්න බැරුව ගියා කියලා. කොහෙදො හිටපු සුද්දෙක් ඇවිල්ලා මගෙ එකාව බදාගෙන උගෙ හිත හදනවා. . එ දවස් කිපය පුදුම දවස් කිපයක්. මිනිස්සුන්ට කරදර කරන්න බැරි හින්දා අපි එදාම ආපහු ආවා.මිනිස්සු තමන් එක් රැස්කරගත්තු දෙ ගැන හිතාගෙන කොච්චර උඩ ගියත් එයාලට ආපහු පොළවට එන්න ක්ෂනයකින්. ස්භාවධර්මයට අද මිනිස්සු අභියොග කරනවා. අපි මිනිස්සු පුදුම ආත්ම විස්වාසයකින් ජිවත් වෙන්නෙ. නමුත් පුංචි වතුර පාරකට අපි හරි ලොකුයි කියලා හිතන් ඉන්න මිනිස්සුන්ට එදා කරන්න පුළුවන් උන දෙ.
එදා මිනිස්සු අනිත් මිනිස්සුන්ගෙ දරුවන්ව හොරකම් කරා. වස්තුව හොරකම් කරා. මරලා අනිත් මිනිස්සුන්ගෙ දෙවලුත් ගන්න ඇති. වතුර පහර එච්චර ලොකු දෙයක් කරෙ නැහැ නෙද.
මට මතකයි මීට අවුරුදු දෙකකට විතර කලින් සිරස විමර්ෂන එකෙ සුනාමි දවසෙ අතුරුදහන් වුණු දරුවෙකුගෙ තාත්තා කෙනෙක් කතා කරලා " මට මගෙ දරුවා ජිවත් වෙන බව විස්වාසයි, මට මගෙ දරුවාව හොයලා දෙන්න කියලා ඇඬුවා. මගෙ මනුස්සයෙක් මගෙ ඉස්සරහා අඬනවා මගෙ දරුවාව හොයලා දෙන්න කියලා. මම එ අඬන එක බලාගෙන ඉදගෙන බත් කනවා.
අපි මොන බයිලෙ ගැහැව්වත් අපි දන්නවා අපි අතර ඉන්න කිපදෙනෙක් එ සල්ලි වලිනුත් කොටසක් හොරකම් කරා කියලා. එ අයට සුනාමිය වෙස් වලාගත් ආශිර්වාදයක් වුණා. අපිමයි හොරුන්ට මහත්තයා කියලා කතා කරන්නෙ. අපි උන්ගෙන් මොකක් හරි දෙයක් බලාගෙන එහෙම කතා කරන්නෙ.
සමහර අයට මිට හාත්පසින්ම වෙනස් විදියකට ජිවිතයට ආශිර්වාදයක් ගෙනාවා සුනාමිය. තනිකඩව සිටි නාවික සෙබලෙකු සුනාමියට හසුවු තරුණියක්ගෙ ජිවිතය බෙරාගෙන පසුව තරුණියට තමන්ගෙ ජිවිතය බිලි දිලා :D කියලා මම පත්තර කැල්ලක දැක්කා. කොහොම උනත් දහස් ගණනක් වෙන්වෙන තැනකදි හදවත් දෙකක් එකතු විම පුදුම දෙයක්.
සමහර බස් ඩ්‍රයිවර්ලා දෙවිවරු වුනා. රුපියල් 10 හොරකම් කරද්දි තමන්ට කැගගහා බනින මිනිස්සුන්ගෙ ජිවිත පාන්දර 3.30 හෙ ඉදන් බස් එක එලවන ඩ්‍රයිවර් බෙරගත්තා. කොටි ගනන් හොරකම් කරන අසික්කිත හොරුන්ට ' සර් සර් ' කිය කියා කත් අදින මිනිස්සු රුපියල් 3 හොරකම් කරන කොන්දොස්තරට මොන මොන දෙවල් කියලා බනිනවද.
සමහර මිනිස්සු තමන්ගෙ ජිවිතය ගැන නොහිතා අනිත් මිනිස්සුන්ගෙ ජිවිත බෙරගන්න යන්න ඇති. පත්තරවල ගිය කතාවලට වැඩිය ගොඩක් කතා තියෙන්න ඇති. හොද මිනිස්සු ගොඩාක් හැමතැනම ඉන්නවා. එයාලා බොහොම නිශ්ශබ්දව ජිවත් වෙනවා.. කරදරයකදි යක්කු ටික පැනලා නටද්දි එ මිනිස්සු බොහොම රහසින් එකිනෙකාට උදව්කරගන්නවා.
සමහරුන්ගෙ ජිවිතය වතුරෙන් විනාස වුණා...
වතුරෙන් ජිවිතය බෙරාගත් මිනිස්සුන්ගෙ ජිවිත මිනිස්සුන්ගෙන් විනාස වුණා.
ලක්ෂයක් ඉන්න තැන එකෙක් දෙන්නෙක් පිස්සු කෙලිද්දි බොහොම තර්කානුකුලව , විශ්ලේෂනය කරන ආචාරියලා මහාචාරියලා ටොක්ස් දෙනවා එහෙම තමයි සමාජ ව්‍යාප්තිය අරක මෙක කියලා. ඉස්සරාහ ඉන්න ගෙදර ගැනි එකිගෙ දරුවව ගඟට විසික්කරනකම් බලන් ඉදලා පස්සෙ දරු කැක්කුම ගැන කතා කරනවා. තමන්ගෙ ඉස්සරහා ඉන්න මනුස්සයගෙ පපුවෙ ගැස්ම ගැන අදුන ගන්න බැරි මිනිස්සුන්ගෙ ගොඩාක් දෙවල් වතුරට හෙදුනා දො මන්දා.
සුනාමි අවා ගියා. හැමදෙම ගෙනාව, හැම දෙම ගෙනිච්චා. සුනාමි දවස මුලු ලංකාවටම අපුරු දවසක්. එදා හැමදෙම තිබුනා. හැමදෙම හෙදුනා. වතුර පාර ඇවිල්ලා ගියා. මිනිස්සු නියමෙට රැඟුවා, නැටුවා. සමහරු hero ලා වුණා. සමහරු zero ලා වුණා.
විශ්ලේෂකයන්, ඇමතියලා, මහත්වරුන් මොන මොන ඉලක්කම් අරන් පෙන්නුවත්, මොන මොන නිති රිති ආවත් හැමදාම සිදුවන දෙ වුනා.
පසුව ලියමි
සුනාමි හිතෙ අමාරුව :D
අපි එද්දි මම දැක්කා සුදු මිනිහෙක් මගෙ මිනිහෙක්ව බදාගෙන.. මගෙ මිනිහගෙ ඇස් වල කදුලු.නටබුන් ගෙය, කඩන් වැටුනු තාප්ප, මගෙ මිනිහා ඇදන් හිටපු අපිරිසිඳු සරම් කොටය.. සුදු මිනිහාගෙ සුදු ඇදුම , තොප්පිය, හැමදෙටම දුක් වෙන මම එදා දුක් වුණෙ මගෙ මිනිහව මට බදාගන්න බැරුව ගියා කියලා. ඌ ගෙ හිත හැදෙන්න වචනයක් දෙන්න බැරුව ගියා කියලා. කොහෙදො හිටපු සුද්දෙක් ඇවිල්ලා මගෙ එකාව බදාගෙන උගෙ හිත හදනවා. . එ දවස් කිපය පුදුම දවස් කිපයක්. මිනිස්සුන්ට කරදර කරන්න බැරි හින්දා අපි එදාම ආපහු ආවා.මිනිස්සු තමන් එක් රැස්කරගත්තු දෙ ගැන හිතාගෙන කොච්චර උඩ ගියත් එයාලට ආපහු පොළවට එන්න ක්ෂනයකින්. ස්භාවධර්මයට අද මිනිස්සු අභියොග කරනවා. අපි මිනිස්සු පුදුම ආත්ම විස්වාසයකින් ජිවත් වෙන්නෙ. නමුත් පුංචි වතුර පාරකට අපි හරි ලොකුයි කියලා හිතන් ඉන්න මිනිස්සුන්ට එදා කරන්න පුළුවන් උන දෙ.
එදා මිනිස්සු අනිත් මිනිස්සුන්ගෙ දරුවන්ව හොරකම් කරා. වස්තුව හොරකම් කරා. මරලා අනිත් මිනිස්සුන්ගෙ දෙවලුත් ගන්න ඇති. වතුර පහර එච්චර ලොකු දෙයක් කරෙ නැහැ නෙද.
මට මතකයි මීට අවුරුදු දෙකකට විතර කලින් සිරස විමර්ෂන එකෙ සුනාමි දවසෙ අතුරුදහන් වුණු දරුවෙකුගෙ තාත්තා කෙනෙක් කතා කරලා " මට මගෙ දරුවා ජිවත් වෙන බව විස්වාසයි, මට මගෙ දරුවාව හොයලා දෙන්න කියලා ඇඬුවා. මගෙ මනුස්සයෙක් මගෙ ඉස්සරහා අඬනවා මගෙ දරුවාව හොයලා දෙන්න කියලා. මම එ අඬන එක බලාගෙන ඉදගෙන බත් කනවා.
අපි මොන බයිලෙ ගැහැව්වත් අපි දන්නවා අපි අතර ඉන්න කිපදෙනෙක් එ සල්ලි වලිනුත් කොටසක් හොරකම් කරා කියලා. එ අයට සුනාමිය වෙස් වලාගත් ආශිර්වාදයක් වුණා. අපිමයි හොරුන්ට මහත්තයා කියලා කතා කරන්නෙ. අපි උන්ගෙන් මොකක් හරි දෙයක් බලාගෙන එහෙම කතා කරන්නෙ.
සමහර බස් ඩ්‍රයිවර්ලා දෙවිවරු වුනා. රුපියල් 10 හොරකම් කරද්දි තමන්ට කැගගහා බනින මිනිස්සුන්ගෙ ජිවිත පාන්දර 3.30 හෙ ඉදන් බස් එක එලවන ඩ්‍රයිවර් බෙරගත්තා. කොටි ගනන් හොරකම් කරන අසික්කිත හොරුන්ට ' සර් සර් ' කිය කියා කත් අදින මිනිස්සු රුපියල් 3 හොරකම් කරන කොන්දොස්තරට මොන මොන දෙවල් කියලා බනිනවද.
සමහර මිනිස්සු තමන්ගෙ ජිවිතය ගැන නොහිතා අනිත් මිනිස්සුන්ගෙ ජිවිත බෙරගන්න යන්න ඇති. පත්තරවල ගිය කතාවලට වැඩිය ගොඩක් කතා තියෙන්න ඇති. හොද මිනිස්සු ගොඩාක් හැමතැනම ඉන්නවා. එයාලා බොහොම නිශ්ශබ්දව ජිවත් වෙනවා.. කරදරයකදි යක්කු ටික පැනලා නටද්දි එ මිනිස්සු බොහොම රහසින් එකිනෙකාට උදව්කරගන්නවා.
සමහරුන්ගෙ ජිවිතය වතුරෙන් විනාස වුණා...
වතුරෙන් ජිවිතය බෙරාගත් මිනිස්සුන්ගෙ ජිවිත මිනිස්සුන්ගෙන් විනාස වුණා.
ලක්ෂයක් ඉන්න තැන එකෙක් දෙන්නෙක් පිස්සු කෙලිද්දි බොහොම තර්කානුකුලව , විශ්ලේෂනය කරන ආචාරියලා මහාචාරියලා ටොක්ස් දෙනවා එහෙම තමයි සමාජ ව්‍යාප්තිය අරක මෙක කියලා. ඉස්සරාහ ඉන්න ගෙදර ගැනි එකිගෙ දරුවව ගඟට විසික්කරනකම් බලන් ඉදලා පස්සෙ දරු කැක්කුම ගැන කතා කරනවා. තමන්ගෙ ඉස්සරහා ඉන්න මනුස්සයගෙ පපුවෙ ගැස්ම ගැන අදුන ගන්න බැරි මිනිස්සුන්ගෙ ගොඩාක් දෙවල් වතුරට හෙදුනා දො මන්දා.
සුනාමි අවා ගියා. හැමදෙම ගෙනාව, හැම දෙම ගෙනිච්චා. සුනාමි දවස මුලු ලංකාවටම අපුරු දවසක්. එදා හැමදෙම තිබුනා. හැමදෙම හෙදුනා. වතුර පාර ඇවිල්ලා ගියා. මිනිස්සු නියමෙට රැඟුවා, නැටුවා. සමහරු hero ලා වුණා. සමහරු zero ලා වුණා.
විශ්ලේෂකයන්, ඇමතියලා, මහත්වරුන් මොන මොන ඉලක්කම් අරන් පෙන්නුවත්, මොන මොන නිති රිති ආවත් හැමදාම සිදුවන දෙ වුනා.
පසුව ලියමි
සුනාමි හිතෙ අමාරුව :D
10/18/10
කොහාටද... කවදාද... කොහොමද...
හදිස්සියෙම දුටු වියුණු ලිපියක් හේතුවෙන් මගෙ සිත තුල ගලා ආ අදහස් රැසකි. එවා සියල්ල මෙහි කෙටිය නොහැක. නමුත් එවායි කිපයක් හො මෙහි කැටි කල යුතු බව මා සිතමි. වෛද්‍යවරු රජයෙන් තම වැටුප් වැඩි කරන්න යැයි ඉල්ලයි. පවතින ආර්ථික රටාවත් නාගරික ප්‍රදේශ අවට ඉන්නා ජනයාගෙ ගැටිම් හැල හැප්පිම් මැද්දෙහි සමාජ ස්ථරයන් හි පවතින විවිධ කණ්ඩායම් තම කණ්ඩායමේ ජිවන තත්වය උසස් කර ගැනිම පිණිස වෙර දරයි. සංගම්, සමාගම් නානාප්‍රකාර එකතුවිම් මෙ සැවොම රජයෙන් ඉල්ලයි. රජය ජනතාවගෙ බදු එකතුකරත් එවා ලුහු බැවින් විදෙශ රටවල් වලින්ද ණය ගෙන ජනතා ඉල්ලිම් ඉටු කරදිමට උත්සහා කරයි. දොස්තර, ඉංජිනේරු , ගණකාධිවරු, නානාප්‍රකාර අයවලුන් වෙහෙසෙමින් තම කණ්ඩායමේ ආධිපත්‍ය රැක ගැනිමට උත්සහාකරයි. අනිත් රටවල් අතර මාගෙ රටද මෙ ලොකය තුල ගිලි පවති. නානාප්‍රකාර මිනුම් දඬු උපයයොගි කර ගනිමින් මාගෙ රට තුන්වන ලොකයේ රටක් කර ඇත. ඉතිහාසය තුල මගෙ රට අන් රටවල් හා සසඳන කල ඉතාමත් සශ්‍රිකව පැවති කාලයක් තිබුනි. කෙසේ වෙතත් මෙකල එ සශ්‍රිකත්වය අපෙන් ඇත් වී ගොසිනි. අන් රටවල් කෙරෙහි ඇස් යොමා බැලීමෙදි අපි අපෙ දියුණුව යම්තාක් දුරට හො අටවාගෙන තිබේ. අපගෙ දියුණුව කිනම් ආකාරයක එකක් විය යුතුදැයි නිතරම මා කල්පනා කරයි. එනිසා මා දකින ආකාරයට දියුණුව ගැන යමක් ප්‍රකාශ කල යුතුයැයි මට හැඟුනෙමි.රටක දියුණුව කෙරෙහි එහි ජිවත් වෙන මිනිසුන්ගෙ අදහස් හැසිරෙන ආකාරය ඉතා වැදගත් වේ. ඉතිහාසය තුල මුල් යුගයෙදි මෙය ආගම මගින් සිදුකලද ලොකය තුල වෙනත් විෂයන් ඇතිවිමෙදි , එවා මිනිසුන් අතර පැතිරිමෙදි මිනිසුන්ගෙ ආකල්ප වල හැඩයන් මෙවා සියල්ලෙහි ආනුභාවයෙන් හැඩ ගැසිනි. මිනිසුන් බොහො වෙහෙසී ගවේෂනය කර ස්භාවධර්මය තුල සැඟවුණු රහස් රැසක් එලි කර ගත්තෙ තම ආත්මාර්ථය නිසාම පමණක් කිම වැරදි සහගත බව මට හැගෙයි. මෑතදි ඇතිවුණ ජාතින් හි දියුණුව දෙස බැලිමෙදි ඔහුන්ගෙ සමාජ කණ්ඩායම්හි කැප කිරිම් ගැන මා විශ්මය පත්විනි. ලොවතුල පවතින සියල්ල ණයට ගත් එවා නොවෙයි. එසෙත් නැතිනම් වෙනත් ග්‍රහාලොකයකින් පැමිණ අටවා ගිය එවාද නොවෙයි. සියල්ල මෙහිම ඇතිවු එවායි. ඔහුන්ගෙ රටවල් වල ජිවත් වු උගත් ප්‍රබුද්ධ සමාජ කණ්ඩායම්වල එකමුතුවක ප්‍රතිපලයක් අද එ රටවල් වල මිනිසුන් විද ගනි. මුලු ආර්ථිකයම පවතින්නෙ නිෂ්පාදනය තුලයි. යමක් නිශ්පාදනය වේනම් එතුල බලවත්වෙමින් පවතින ආර්ථිකයක් ගොඩ නැගිමට හැකිය. යමක් නිෂ්පාදනය කිරිම යන්න විවිධ සමාජ කණ්ඩායම් වලට පැවරෙන රාජකාරියකි. මා දකිනා ආකාරයට අපගෙ ප්‍රබුද්ධයින් වෙන වෙනම තම රට තුල තමන් වෙනුවෙන් යමක් ගොඩ නගා ගැනිමට උත්සහා කරයි. රට ඉදිරියට ගෙනයැමට රට තුල වෙසෙන්නා වු අනිකුත් කණ්ඩායම් වල ජිවන තත්වය උසස් කරලිම පසෙකට තබා තම තම පසුම්බි සකසා ගැනිම සිදුකරයි.
' තනි තනිව දියුණු වුවහොත් අන්තිමට අපෙ සමාජයම දියුණු වෙවි නෙද '
මෙය මා අසා තිබෙන දෙයකි. මිනිසුන් සියල්ලම එක හා සමානව තැනි නොමැත. සැමටම එක හා සමානව මුදල් ඉපයිමට නොහැක. දුර්වල , ශක්තිමත් මෙ සැවොම එකිනෙකා කෙරෙහි කැපවෙයි. තනි තනිව යාහැකි දුරක් ඇත. මෙරට දුප්පත් මිනිසුන් ඉතා දුකසේ ජිවත් වේ. ඔහුන්ගෙ දුක්ඛීත ජිවිතය නිසා අදහස් හැසිරෙන ආකාරයත් භාෂා විලාසයේ කටුකභාවයත් ඔබට එවැනි මිනිසුන් අතරට ගොස් සිටින විටදි දැනගත හැකිය. සියල්ලටම තනි තනිව නොහැක. නමුත් කිපදෙනෙකුට තම තමුන්ගෙ රැස් විවිධාකාරයෙන් පෙන්විය හැක. ඔබගෙ වාහනය, ඔබගෙ නිවස, එහි ප්‍රමාණය නානාප්‍රකාර මිනුම් දඩු ඔබ රැදෙන සමාජය තුල ඔබගෙ තත්වය තිරණය කරනු ඇත. තවත් කෙනෙකු අභිබවා යැමෙ ආසාව විවිධාකාරයෙන් අපි තුල තිබිම නිසා අපගෙ ක්‍රියාකාරකම් හැසිරෙන ආකාරයත් නිසා සියල්ලටම තනි තනිව ඉදිරියට ආ නොහැක. නමුත් මෙ පවතින ක්‍රමය තුල කිසිවෙක් කිසිවෙකුටත් පසු කර යැමටද නොහැකිය. ප්‍රකොටිපතියන් නොවිදිනා සැනසුමක් දුප්පතා විදියි. 'ඔය තියන දෙයක් කාලා ඉදහන් ' කියා සැනෙසෙන දුප්පතා සමගම ' මම කොහොම හරි අර ෆර්ම් එක ඔවර් ටෙක් කරන්න ඔනා ' හැගිමෙන් දුවනා පොහොසතුන් සිටියි. දුප්පතා නොවිදිනා සැපයක් ප්‍රකොටිපතියා විදියි. සැපදුක සියල්ල මිනිසුන් අතර බෙදි ගොසිනි. තනි තනිව වෙහෙසීමෙදි කිපදෙනෙකුට මන්දිර තනා ගැනිම කල හැකියි, නමුත් ඔහුනට මන්දිර තනා ගැනිමට උදව් කල මිනිසුන් මුඩුක්කුවල, දුප්පත් පැල්පත්වල අසරණව ජිවත් විම වැලැක්විය නොහැක. එක මන්දිරයක් අහස උසට ගොඩ නැගෙද්දි එ අවට පැල්පත් දාහක් තවත් අසරණ වන බව මා හොදින් දැක ඇත.
ඉතිහාසයෙන් බොහො පාඩම් ඉගෙනගත හැක. මෙහිදි අප බටහිරයන්ගෙ දියුණුව ගැන සැලකිය යුතුයි. මා හට ඉතිහාසය ඉගැන්වු ගුරුවරුන් කිපදෙනෙකු ඇමරිකන්කාරයා ආයුද විකුණා පොහොසත් වු බවත්, බ්‍රිතාන්‍යන් හොරකම් කර පොහොසත් වුණු බවත් ඉගැන්විය. නමුත් කරුණු කාරණා තවත් හොදින් අධ්‍යනය කිරීමේදි ඔහුන්ගෙ දියුණුව එ මතම පදනම් වු දෙයක් නොවන බව මට වැටහිණි. ඔහුනගෙ ගණිතය දන්නා මිනිසුන්, ඔහුනගෙ විද්‍යාව දන්නා මිනිසුන් විසින් කරන ලද අපුර්ව කැපකිරිම් වල ප්‍රතිපල අද අප ඇස් පනා පිටම දකින්නෙමු. NASA ආයතනයේ සාදන රොකට්ටුවන් සැමදා ඉහලට ගියෙ නැත. ඔහුන් සෑදු සෑම නැවක්ම මුහුද මත පා නොවිය. සැදු සමහර පාලම් බිමට කඩා පාත් විණි. රොගයන් පැතිර ගොසින් දහස් ගණන් තම ජාතියෙ මිනිසුන් මියැ දෙනවා බලා සිටියේය. නවීන විද්‍යාව ගණිතය ඉගෙනගත් මිනිසුන් විසින් අපුර්ව මෙහෙයක් ඔවුනගෙ ජාතියට ලබා දුන්නෙය. එය කදිම පාඩමකි. අද අපට සැම දෙයක්ම වෙන රටකින් නයට හො මුදල් ගෙවා ලබාගත යුතුයි. එයට අවශ්‍ය මුදල් තේ, පොල්, රබර් හා අනිකුත් ද්‍රවය විකුණා ලබාගත යුතුයි. එසෙත් නැතිනම් ඇදුම් මසා විකුණා හො ලබාගත යුතුයි. මා දන්නා ආකාරයට චින රජයේ අනුග්‍රහය ඇතිව ක්‍රියත්මක වන ව්‍යාපෘති වලට අපගෙ මිනිසෙකුට ගෙවනා මුදල මෙන් තුන්ගුණයක මුදලක් චිනයෙ සිටන් මෙහි පැමිනි කෙනෙකුට ගෙවයි. ලොකයෙ වෙනත් රටක හො තැනක ඇතිවු තාක්ෂණයක් මෙ රටෙදි මුදලට හො ණයට ගෙන ස්ථාපනය කර මිනිසුන්ව සශ්‍රිකත්වයෙන් පිනවිමට යැමට වඩා රටෙ මිනිසුන්ව අරමුණක් කෙරෙහි පෙළ ගැස්විම යහපත්ය. බෙදා වෙන්වි තම තම අරමුණු කරා යන්නා වු මෙ ජන ගඟ රටෙ එකම අරමුණකට හැකි නායකත්වයක් තවමත් ඇතිවි නොමැත. යුද්ධය අවසන් වු විගස නායකයින්ගෙ පෞර්ෂත්වයන් අපි දුටුවෙමු. රටෙ තැනින් තැන සිදුවන්නා වු සුලු සුලු සිද්දින්ගෙන් ජනතාව පිනවනවාට වඩා ලොකය තුල ලංකාවට අද ඇති තත්වයත් එදා තිබුනු තැනත් ගැන වටහා දිම එමගින් මුළු ජනතාවටම තම ජාතියත්, මෙ භුමියත් ගැන ඇල්මක් ඇතිකිරීම යහපත් වේ. රටක් මුදල් වලින් පමණක් දියුණු කල නොහැක. පැල්පතෙ ජිවත්වෙන මිනිසා තවදුරටත් අසරණ වි තිරිසනෙකු වි දිවිය ගැට ගහා ගැනිමට උත්සහා කරද්දි මන්දිර තනා ගන්නා මිනිසා සුපිරි දිවියක් ගත කරන දෙවියෙකු විම අප සැවොම දැසින් දැක වෙනතක බලන්නෙමු.
9/16/10
ජිවිතේ අපහසුම කාලය...
කිසියම් කෙනෙකුගෙන් ඇසුවහොත් ඔබ මේ ආ මගත් එහි ඔබ මුහුණ දුන් අපහසුම කාල පරිච්ඡේදය කුමක් දැයි කියා විවිධ මිනිසුන් විවිධ පිළිතුරු ලබා දෙනු ඇත. බොහො අයවළුන් හට එය වර්තමානය වන අතර කිප දෙනෙකුට එය අතිතයට අයිති කාල කොටසක් වනු නොඅනුමානය. ජිවිතේ සුන්දරම අවදිය තාරුණ්‍ය වන අතර අපුරු චමත්කාරයක් එ තුල ගැබ්වී ඇත. එක්විම්, වෙන්වීම්, සෙනෙහස බෙදා හදා ගනිමින් මේ යන මග අපුරුය. මේ ලොව වසනා මිලියන තිහක් වු එකිනෙකට වෙනස් ජිවි වර්ගයන් අතුරින් මිනිසා අපුරු ලස්සනක් උපතින්ම හිමිකරගෙන ඇත. සෝබාවත්, එහි වසන්නාවු අනිත් සතුන් සමග අපව සසඳන විට ඇති වන හැගීම අපුරු චමත්කාරජනක හැගිමකි. පරිණාමයත් සමග ඉදිරියට එන විට මෙ අපුර්වත්වය ඔබටද විඳගැනිමට හැකිවෙවි ඔබ එ විෂයන් ඉගෙන ගන්නා කෙනෙකු නම්. නමුත් ඔබ එය ඔබගෙ පාසල් අධ්‍යාපනයේ කොටසක් ලෙස කළේ නම් එහි ඇති අපුර්වත්වය වෙනුවට ඔබ වින්දනය කරනුයේ වෙනස් ආකාරයකටයි. මා පාසලේදි ඉගෙනගත් විෂයන් සියල්ල ඉගෙන ගත්තෙ විභාගයක් වෙනුවෙන් බව සිහිවෙන විට මගෙ සිත කිසියම් ලෙසකින් සියුම් දුකකින් පිරීයයි. එ ගත් දැනුමින් බොහො ප්‍රමාණයක් අමතක වි ගොසින් බවත් මගෙ මහන්සිය අපතේ නොගිය බවත් මා හට දැනෙන්නෙ මා ලෝකය දෙස බලන ආකාරයත්, එ තුල ගමන් කරන ආකාරයත්, එහි සුන්දරත්වය විඳින ආකාරය අනුවය. ඔබ කරන්නා වු රැකියාවට ඔබ ඉගෙනගත් දැ අතුරින් ඉතාම කුඩා දැනුමක් අවශ්‍ය වන බවත්, ඔබ බොහො කාලයක් තුල මහන්සි වී ලගා කරගත් දැනුම් පද්ධතින් බොහොමයක් ඔබෙන් ඇත් වෙන බව දැනෙන විටදි ඔබගෙ සිතෙ ඇතිවන්නා වු හැගිම ගැන මදකට කල්පනා කර බලන්න. සියුම්ව කල්පනා කිරිමෙදි ඔබ ඉගෙනගත් සියල්ල එකිනෙකට යා කල හැකි බවත් එවා සියල්ල අද ඔබ වෙනුවෙන් වෙහෙසෙන බවත් පෙනෙවී.
ලොකයේ බුද්ධිමය අතින් ඉදිරියට ආ සතුන් තමන්ගෙ ඉදිරි පරම්පරාවට තමන් සතු දැනුම හිමිකර දි තම සතුන්ගෙ පැවැත්ම තහවුරු කරයි. මෙ සතුන් මුහුනදෙන අපහසුම කාලය තම දෙමව්පියන්ගෙන්, උන්ගෙ රැකවරනයෙන් වෙන් වී තනිව ගමන් අරඹන්නා වු කාලයයි. මෙ කාලය තුල විශාල කැපකිරීම්, විශාල ඝට්ටනයන් හට ජිවින් මුහුන දෙති. මිනිස් පැටියාගෙ තත්වයත් එසේමය. සමාජයේ ඔහුගෙ අනන්‍යතාව රදා පවතින්නෙ ඔහුටම ආවේණික ගති ලක්ෂන නිසාවෙනි. මෙ ගතිගුණ ඔහු හො ඇය එකතුකරගනු ලබන්නෙ ඔහුගෙ වැඩිමෙදි ඔහු දකින්නාවු, අසන්නාවු සංසිද්ධින් සමගින්ය. මා පාසලෙදි ඉගෙනගත් බොහො දැ අද සමාජයේ මිනිසුන් තුල හො නොදකියි. නිවැරදි දෙ ඉගෙන ගත්තත් වැරදි දෙ කලයුතුයි. නොමැතිනම් සමාජයෙ පැවැත්මක් නැති වන බව පසක් කරගත යුතුයි. නැතිනම් ඔහේ පාවිගෙන ගඟ දිගෙ පහලට ඇදි ඇදී යා යුතුයි. විශාල සතුන් කුඩා සතුන්ව ආහරයට ගනි. විශාල මිනිසුන් පොඩි මිනිසුන්ගෙන් මුදල් රැස් කර ගනි. ලෝකය පවතින්නෙ එසේය. මෙයින් මිදිමට කිසිවේකුට හැකියාවක් නොමැත. මෙය වැරදි බව දැනුනත් මෙය මා හට වෙනස් නොකල හැකි සේ දැනුනත් මෙයට ඇතුල් වීමට කිසිමය ප්‍රතිරොධයක් මාගෙ අභ්‍යන්තරය තුලින්ම මතුවේ. මෙය වැරදි බව දැනෙන්නෙ මා කුඩා කල පංසලේදි ඉගෙනගත් දැනුමකිනි. කෙසේ වෙතත් ඉදිරියෙහි ඇති ගමන් මග තමන්ගෙ ප්‍රතිපත්තිවලට, තමන්ගෙ හදවතෙහි හැඩයට නොගැලපෙන බව දැනුන විට බුද්ධිය මෙහෙයවමින් කල්පනා කල යුතුයි. තමන් කුඩා කල සිට ඇති කරගත් දේ අතහරිනවාද, නැතිනම් සමාජය පිලිගන්නා වු ප්‍රතිපත්තින් මගහැර ගමන් කරනවාද යන්න තිරණය කල යුතුයි. දුප්පත් මිනිසා තමන්ට තිබෙන්නා වු වටිනාකම නොදැන පොහොසත් විමට ගොසින් තමන්ගෙ වටිනාම ධනය නැති කරගන්නා ආකාරය දකිමි. මුදල් යහමින් එක් රැස් කරගන්නා පුද්ගලයින් විවිධ ක්‍රම වලින් මුදල් එකතු කරගන්නා ආකාරය දකිමි. තමන්ගෙ නිදහස, ආධ්‍යාත්මය, ගැන අවබෝදයක් නොමැතිව ජිවිතේ සියුම් සුන්දරත්වයන් අතහැර එකතු කරන්නා වු දේවල් වලින් ඇති කරන පසුතැවිලි විමට වඩා මනසට දැනෙන සුවය, සැනසීම වටී. මා එකතු කරන්නා වු දැ මා ගෙනියන බව සිහිවෙන විට අපුරුය. ජිවිතෙ අපහසුම කාලය තනිව හදවතත් සමග පොර බඳනා කාලයයි. හදවත් නොමැති මිනිසුන්ද ඇත. වෙනස් වුයෙ නම් කිසිම වේදනාවක් නොමැත. නමුත් වෙනස් වුයෙ නම් කිසිම සුන්දරත්වයක්ද නොමැත. අසා හො කියවා ඇති දෙ සිහිකර ගින්න දැක ගින්නට නොපැනිම බුද්ධිමත්ය, ගින්න දැක දැක ගින්නට පැනිම අනුවණය, ගින්න දැක ගින්නට පැන එහි වේදනාව විද එලියට පැනිම.....
Subscribe to:
Posts (Atom)