සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...
4/30/10
සෙනෙහසේ මහල් නිවස...
පැළලී ගසා වසා ගනිමින්..
පැලැස්තර අලවා මසා ගනිමින්
මිනිස් දෑසට නොගට්ටවා
ගලෙන් ගල එකතු කර බඳිනා..
මහල් නිවසේදී...........
සැනසීම සොයන්නෙමී මම..
හද තුල කැකෑරෙන
එකිනෙකා පරයමින් දගලන
තරඟ බිම කුහක කම
සුන්දර දෑස් තුලින් මම
නොදුටුවෙමි මම පෙර දිනක..
නිවසක් තනන්නෙමි මම
සැනසීමට වනන්නෙමි අත
දෑස ගැටෙනා මයිමෙ ඉදන්
නුඹ වනන්නෙද මට අත..
මිනිසුන් වසා ගත්තද ඇස
නුඹෙ හද ඇසින් බලන කල
මෙ නැගෙන්නෙ බිත්ති සතරක් බව
වැටහෙවිද කෙදිනක හො නුඹට..
හද තුල තනාගත් පැලක
නුඹත් මමත් ජිවය ලදීමි පෙර දිනක...
එදා අප වටා සිටි අය
නොඅමතන්නෙය අද
එදා අප හට දුන් බත් පිඩ
මටද අමතක වීය මිතුරිය
සැනසුමෙන් හෙලු සුසුමන්
පිටාර ගැලු සන්තොෂයන්
නුඹට අමතක වුවාද
මටද අමතක වුයෙ කවදාද...........
4/27/10
සඳගලතැන්නෙ පාමුල සීතල වතුරෙ ......
ආ මග වැරදියි
යන මං නොපෙනෙයි
තනිවී දෙවිඳුන් නැති දෙවොලෙ..
කවුරු යදින්නද
කවුරු පතන්නද
හිරු සඳු වත් නැති
මිහි මඩලෙ ...
සඳගල තැන්නෙ පාමුල සීතල වතුරෙ
නුඹෙ සෙවනැළි පාවෙයි නිල් දිය රැලි අතරෙ...
දම් අඳුරෙන් මං කඩ ලඟ
ගොම්මන් අදුරෙ
දියඹුං හඩ නැහැ දැන්
එය සිහිනෙකි මිහිරෙ...
හඩා දොඩා කිවත් දුක
කවුරුද ඇසුවෙ
ප්‍රාර්ථනා ගඟ උතුරා
කදුලැලි ගැලුවෙ..
මන්දාරම් අහස වැසු
මිහිදුම සලුවෙ ...
කින්ද සොදුරු ජිවන
මග හිරිකඩ හෙලූවෙ..
සදගල තැන්නෙ පාමුල සීතල වතුරෙ ..\\
ගායනය අමරසිරි පිරිස් මහතා සමග ශශිකා නිසංසලා මෙනවිය..
මෙතනින් බාගත කරගන්න
මෙම සින්දුව අන්තර්ජාලයට එකතුකරන ලද්දෙ amila90210 නැමති අය විසින්ය. ඔහුට හො ඇයට ස්තුතිය පිළිගන්වමි.
4/21/10
සෙවීම, ලබා ගැනීම හා පරිසරය ......
අපි හැමදාම වෙහෙසෙමු. අපෙගෙ සැම සතුටක්, දුකක් පාසාම අප හඹා යැම, අයිතිකර ගැනිම් නැවත නැවතත් ඇති කරගන්නෙමු.. මිට වසර කිපයකට කලින් මා මෙම ඉහත එකතුකරන ලද චිත්‍රපටය නැරඹුවෙමි. මුළු චිත්‍රපටය පුරාම දිවෙනුයෙ අපුර්ව කතන්දරයකි.. පැවැත්ම, විනාශ විම, ඇති විම.. සැකිල්ල කොට ගත් මෙම අපුරු Apocalypto චිත්‍රපටය හොලිවුඩ් හි සුපිරි තරුවක් වන මෙල් ගිබ්සන් මහතාගෙ අපුරු නිර්මාණයකි. Braveheart, We were soldiers, Forever Young, The passion of the christ, ඔහු දායකත්වය දුන් නිර්මාණ අතර මා වඩාත් හිත ගත් නිර්මාණ කිපයකි. මෙම කොටසෙන් ඉතාම වැදගත් පාඩමක් ඔහු මිනිසුන් හට පෙන්වා දි ඇත.
සෙවිම, ලබා ගැනිම , එකතු කිරිම, ගොඩ ගැසිම අපි හැමදෙනා යම් යම් ප්‍රමාණයන්ගෙන් කරන්නෙමු. වඩාත් වැදගත් දෙ නම් එකතු කරගත් දෙ රැගෙන යනුවෙ කොහාටද යන්නයි. අද අපගෙ ලොකය දියුණුවෙ හිමිපෙත්තටම නැග ඇති බව බොහො දෙනා ප්‍රකාශ කරයි. ඉතාම ලස්සන වචන ටිකක් උපයොගි කර ගනිමින් මිනිසුන් පරිසරයට කරන විනාශය මහත්ය. අනාගතයෙදි විද්‍යාවෙන් , තාක්ෂනයෙන් බොහො ප්‍රශ්නවලට පිළිතුරු ලැබුනත් මිනිසුන්ගෙ පැවැත්මට අභියොග කරන ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනිමට ලොව උගත්තුන්ට නොහැකි වන බව මම විස්වාස කරන්නෙමි. මිනිසුන් විද්‍යාවෙන් සොයාගන්නා බොහො දැ ඔවුනටද අමතක වෙ. සුර්යා ඇතිවිම, ග්‍රහ මණ්ඩල ඇති විම, ජිවය ඇතිවිම, විකසනය මෙ ආදි සියලු දැ මිනිසුන් විසින් ඇති කරගත් දැනුම් සම්බාරයට පසු ගිය වසර පන්සියතුල එකතු විය. ස්භාවධර්මයට මිනිසුන් විසින් කරන ලද ඇගිලි ගැසීම් නිසා ඇතිවි ඇති අනතුරුදායක තත්වය පිළිබද පුංචි හො වැටහිමක් කියවන ඔබට ඇතැයි මම සිතන්නෙමි.
ඇමරිකානු ජනධිපති හට යැවු සංදෙශයෙ රතු ඉන්දියනූ ජාතික නායක සියැටල් විසින් මෙසෙ පවසා තිබෙ..
" පරිසරය යනු මිනිසා විසින් වියන ලද දැලක් නොව ඔහු එහි නූල් පොටක් පමණි." .
ඔහු විසින් කරන ලද කතාව මෙතනින් ශ්‍රවණය කල හැකිය.
මා නිතරම මෙනෙහි කරනා ඉතා වැදගත් සිතුවිල්ලක් අවසන් වශයෙන් සටහන් කර තබන්නෙමී.
" මම නෙමෙ මෙතනට ඉස්සල්ලාම ආවෙ..,
මම නෙමෙ මෙතනින් අන්තිමට යන්නෙ..
මට ඉස්සලා මෙතනට අපු අය හිටියා..
මට පස්සෙත් මෙතනින් යන අයත් ඉදිවි..."
මෙහිදි මම වැඩි යමක් ප්‍රකාශ නොකරමි. ඉහත මුල් රුප දසුනෙ ඇති දෙ පිළිබදව ඔබගෙ අදහස මා දැන ගැනිමට අපමණ කැමැත්තෙන් සිටින්නෙමි.
4/19/10
සදාකාලික ආදරයක් තියනවද.....
"ඔයාට පුළුවන්ද හැමදාම මෙ වගෙ ඉන්න..."
"මොනවගෙද ?"
"මෙ වගෙ..."
"මම එහෙම වෙන්න ඔනද ?"
"අපි දෙන්නා අහසයි පොලවයි වගෙ නෙද...?"
"එ කියන්නෙ"
"කවදාවත් එකට යන්නෙ නැති අදහස් අපි දෙන්නගෙම තියන්නෙ "
" එක හින්දද අහසයි පොළවයි කිව්වෙ "
"කොච්චර කරත් අපි දෙන්නා ව එකට ගලප ගන්න බැහැනෙ.."
" හරි ඔයා මට කියන්න අහසයි පොළවයි අතර මොනවද තියන්නෙ.."
"ගස් කොලන් , මෙ හැම දෙයක්ම අහසයි පොළවයි අතර තියන්නෙ.. අහසයි පොලවයි කවදාවත් එකතු කරන්න බැහැ නෙ.. "
" කෙල්ලෙ උඹ හොදට බැලුවොත් පෙනෙවි.. ඔය පොඩි පොඩි තැන් දෙක තුනකදි ඇරෙන්න, අනිත් හැම තැනදිම අහසයි පොළවයි එකතු වෙලා මෙ හැමදෙම ජිවත් කරනවා"
"සදාකාලික ආදරයක් තියනවද ..?"
" ඔයා එහෙම හිතන් ඉන්නවානම් ඉන්න. මම එක දන්නෙ නැහැ, නමුත් ඉතින් එ වගෙ දෙයක් ඔයා මගෙන් බලාපොරොත්තු වෙනවා නම් ඉතින් ඔයාට සොරි තමයි කියන්න වෙන්නෙ. හැබැයි මම එකක් කියන්නම්. මට අත දිග තියන මායිමෙ ඔයා ඉන්නකම් මගෙ හිත ඇතුලෙ ඔයා ගැන තියන හැගීම් එහෙමම තියයෙයි.. මගෙන් ඔයා ඇත් වෙලා ගියහම ත් එහෙම්මම තියෙයි..නමුත් ඔයගෙ ලස්සන නැතුව යනවා කවද හරි.. එ වෙද්දිත් ඔයගෙ වටෙ මාව බැඳලා තියාගන්න තරම් ඔයගෙ ලස්සනක් මම දැක්කොත් මම වෙනස් නැතුව ඉන්න උත්සහා කරන්නම්, කෙල්ලෙ උඹ ගැලපෙන දෙ හොයාගෙන ගියොත් උඹට හම්බ වෙන්නෙ උඹට නොගැලපෙන දෙවල් විතරමයි. කිසි දෙයක් ගලප ගන්න උත්සහා කරන්න එපා, එ දෙවල් එහෙන් මම තිබිච්චි දෙන්, උඹට පුළුවන්නම් පොඩ්ඩක් වෙනස් වෙයන් එතකොට අනිත් මිනිස්සුත් වෙනස් වෙයි.. "
4/13/10
මේ අවුරුදු කාලෙ... සිනහා වෙයන්.. රාළෙ..
ඔන්න අවුරුදු ඇවිල්ලා.. මෙන්න මෙ කාලෙදි මම ආසවෙන් අහන සින්දුව.
ලයනල් රන්වල මහතාගෙ අපුරු නිර්මාණයක්
රස විදින්න.
හැමොටම සුභ අලුත් අවුරුද්දක් වෙවා කියලා පතනවා...
ස්තුතිය
youtube එකෙ ඉන්න වරක මඳුල (WarakaMadula) ඉන්න කෙනාට. එයා ගෙ චැනල් එකෙන් මෙක අරගත්තෙ..
ලයනල් රන්වල මහතාගෙ අපුරු නිර්මාණයක්
රස විදින්න.
හැමොටම සුභ අලුත් අවුරුද්දක් වෙවා කියලා පතනවා...
ස්තුතිය
youtube එකෙ ඉන්න වරක මඳුල (WarakaMadula) ඉන්න කෙනාට. එයා ගෙ චැනල් එකෙන් මෙක අරගත්තෙ..
Subscribe to:
Posts (Atom)

