සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...
3/26/10
බැඳිම්......
බොහො මිනිසුන් සමාජයෙ ජිවත් විමෙදි ඇතිකරගන්න සම්බන්දතා. මෙය විවිධ ආකාරයෙන් අර්ථදක්වාගත හැක. මිනිසුන් සැමවිටකදිම, සැම දැනුමකදිම කරනුයෙ යම්කිසි අර්ථදැක්විමක් ඔස්සෙ ඉදිරියට යැමයි. සමාජයෙ, පරිසරයෙ ඇති සංකිර්ණත්වය නිසා එකිනෙක අතර ඇති සම්බන්දතාවයන් වෙන් කර ගලවා ගැනිමට අපහසු වුවත් මිනිසුන් මුල සිටම කරනුයෙ ගලවා වෙන්කොට විශ්ලෙෂනාත්මකව එ පිළිබද කරුණු කාරනා එක් රැස් කිරිමයි. මිනිසා බැඳිම් වලින් පිරි පුන් සත්වයෙකි. බැඳිම් වලින් නිදහස් විමට ඔහුට නොහැකිය. බැඳිම් වලින් ඇතිවන වෙදනාවන් විවිධාකාරය. විටෙක එය සුඛ වෙදනාවක් වන අතර සමහර විටෙක එය දුකකි. බැදිම් වලින් ඇතිවන දුක හෙතුකොටගෙන එයින් නිදහස් වන ආකාරය හා තමුන්ගෙ ආධ්‍යාත්මික දියුණුව සලසා ගන්නා ආකාරය බුදුදහමෙ මැනෙවින් විස්තර කරයි. බැදිම් පුළුල් විෂයක් උවද මා හැම විටම ප්‍රකාශ කරන ආකාරයට හැගිම් බැඳිම් සම්බන්දව කටයුතු කිරිමෙදි තර්කයෙන් පමණක් එය හැසිරවිම එතරම් යොග්‍ය නොවෙ.
මා මෙහිදි බැඳිම් ගැන වැඩියමක් සටහන් කරනවා ට වඩා එහි ප්‍රතිපල නිසා ඇතිවන දුක්ඛ දොමනස්සයන් ගැන කතා කිරිම යෙහෙකැයි මම සිතමි. අප ඇසුරු කරන සමාජයෙ මිනිසුන් අතර දෙවර්ගයක් මම දකිමි.
1. බැඳිම් වලට ආදරය කරන මිනිසුන්..
2. බැඳිම් වලට ආදරය නොකරන මිනිසුන්..
මෙම දෙවර්ගයෙම මිනිසුන් සැමවිටම බැඳිම් වලින් ජිවත් වන මිනිසුන් වන අතර කොටසක් ඉන් ලැබෙන වේදනාවන් දෙවර්ගයම විඳිමින් ජිවිතය ගෙවා දමයි. අනිත් කොටස සුඛ වේදනාවන් පමණක් ඇසුරු කර දුක් වෙදනාවන් ගෙන් පලා යැම සිදුකරයි.
1. බැඳිම් වලට ආදරෙ කරන මිනිසුන්.....
බැඳිම් බොහො විට සොය සොයා ඇවිදමින් කාලය ගත කරයි. විවිධ හෙතුන් නිසා බැඳිම් ඇතිකරගනි. ව්‍යාපාර, විනොදාශ්වාදය, ආධ්‍යාත්මික, රාජ්‍ය කටයුතු, රාජකාරි කටයුතු මෙ ආදි වශයෙන් බොහො කරුණු කාරනා හෙතු කොට ගෙන බැදිම් ඇතිකරගන්නා අතර එ වයෙන් ලැබෙන වෙදනාවන්ද පිළිගනි. සුවයක් ලැබුනු විට හදවතින්ම සතුටු වි ජිවත් වෙයි, දුකක්, අලාභයක් ලැබුණු විටදි එයත් හදවතින්ම වැලදෙගෙන දුක් වෙයි.
2. බැඳිම් වලට ආදරය නොකරන මිනිසුන්..
මෙ මිනිසුන් වුවත් බැදිම් වලට ආදරය කරන මිනිසුන් වර්ගයකි.. නමුත් මෙ අය ආදරය කරනුයෙ සුවයන් දෙන බැදිම් වලට පමණි. ගැටෙන ලැබෙන දෙ සුවයක් විනම් එම බැදිම් ආදරෙන් පිළිගනි. ලැබෙන දෙ දුකක් නම් ප්රතික්ෂප කර එයින් මිදෙයි. නමුත් මෙ අය බැඳිමකින් ලැබුණු දුකක් නිසා බැදිම් වලට බිය වෙ.
මගෙ අදහසට අනුව අපි බැඳිම් ඇතිකරගත යුතුය. ඉන් ලැබෙන වෙදනාව හො සතුට ගැන නොසිතා අපි එකිනෙකා අතර බැඳිම් ඇති කරගත යුතුය. අපි එකිනෙකා හට ලං විය යුතුය. අපි මනුසයෙක් විනොදයෙන් ඉන්න විට ඔහු ලඟට ගොස් කා බී ප්රිති වී නටා ගයා එන්නා සෙම ඔහුගෙ දුකකදි ඔහු ලඟට ගොස් අපිත් කඳුලු හෙලා අපෙ කඳුලු පිස දා ගන්නා ගමන් ඔහුගෙ කඳුලුද පිස දැමිය යුතුය. මෙය දුටු විගස කිසිවෙකුට සිනහා නැගෙනු ඇත.
ඔබ ඔබෙ මිතුරෙකුගෙ සාදයකදි ඔහු අසලට ගොස් " මිත්‍රයා මට අවංකවම සතුටුයි " කියා රැගෙන ගිය තැගි බොග දි හිස් අතින් නැවත පැමිනෙන්නෙ නැත. ඔබ අලුයම තෙක් ඔහු සමග නටයි. ගයයි ප්රිතිවෙයි.. එම මිතුරාගෙ මව හො පියා නැතිවි ඉලඟ දිනයෙදි නැවතත් ඔබ එම නිවසට යයි. " මචං මට හරි කණගාටුවක් දැනුනා අහපු ගමන් මචන් "... " මචං මට හෙට පාන්දර පහට යන්න ඔනා " යැයි කියා රාත්‍රි 9.30 ට පමණ ආපසු නිවස බලා පිටත් වෙයි. මෙයයි බොහො බැඳිම් වල සැබැ ස්වරුපය.
බැඳිම් ගැන කරුණු කාරනා පැහැදිලි කිරිමෙදි බොහොදෙනා බුදුන්ගෙ වචනද වෙනස් කරයි. බුදුන්වහන්සෙ බැඳිම් වලින් මිදෙන්න කරුණු කාරනා ප්‍රකාශ කල බව ඇත්තකි. බුදුන් වහන්සෙ කිවු කරුණු තමුන්ගෙ වාසියට හරව නොගන්න මෙන් ඉල්ලමි. ටිකක් ඉංග්‍රිසි හා ගණිතය ඉගෙනගත් පමණින් හැමදෙම තර්කයට යොද නොගන්නා ලෙසත් තමාව තබා කල්පනා කරන ලෙසත් ඔබගෙන් ඉල්ලමි. බැදිම් යනු සියල්ලයි.. කෙනෙකුගෙ දුකක් , කදුලක් සතුටක් දුටු විට යන මග ලඟට ගොස සනසා පියා තුටු කිරිමට ඔබ වැය කරන කාලය අපතෙ නොයන ලද්දක් බව වටහා ගන්න. තමුන්ගෙ එක කුසෙන් උපන් සහොදරයාට දක්වන ලබැදියාවත් ඔබ ගමන් කරන දුම්රියෙ අසුනට පොරකන කෙනාට ලබා දිමෙන් ගැටුම් වෙදනාවන් අඩු වෙන බව වටහා ගන්න.
තව දුරටත් ලිවිමෙදි බැඳිම් නිසා වෙදනාවන් ඇති නොවන බවත් වෙදනාව ඇති වෙන්නෙ හිතෙ තියන ආත්මාර්ථය නිසා බවමට වැටෙහෙයි. එම කුහක කම, ආත්මාර්ථය, ගර්වය මගෙ සිත්තුලත් එ ආකාරයෙන්ම තිබුනත් එය අනිත් අය ඉදිරියෙ ඉස්මතු නොකිරිමට මම උත්සහා කරමි, වෙර දරමි. දෙයක් ලැබිමෙදි සිතට දැනෙන සැනසිම එය නැතිවිමෙදි ඇතිවන සිතුවිලි මෙහෙයවිම් තුලින්ම ලබා ගැනිමට හැකිවිම බුදු දහමෙ හරයන් ගිහි ජිවිත වල අර්ථාන්විත බාවය ඉහල නැංවිමට යොදා ගැනිම බැඳිම් වල වටිනාකම හා සුන්දරබව වටහාගත හැකිය.
කෙනෙකුගෙ දුකක් කදුලක් ඉදිරියෙ උණු නොවන සිත් නිසා අද සමාජයෙ මිනිස්කමට නොවටිනා ගැටලු රැසක් පැණ නැගි ඇත. යන්ත්‍ර මෙන් නිතියට වැඩකරණ මිනිසුන් නිසා සමාජය සැමවිටම පහලට ගමන් කරයි. මෙ සියල්ලටම හේතුවකි බැඳිම් නියම ආකාරයෙන් වටහා නොගැනිමය.. වේදනාවත් අපේය..., සතුටත් අපේය.., මෙ සියල්ල අපේම දෙවල්ය...
Subscribe to:
Post Comments (Atom)
23 අදහස් දැක්වීම්:
ආයේ කියන්ඩ දෙයක් ඇත්තේම නෑ... උඹැහැ ඔක්කෝම කිව්වා... ඒ කිව් ඒවා ගැන මයේ කල්පනාවත් එසේමැයි... මගේ හිත ගලවා මටම පෙන්වූ උඹට තුති...
මම අසීමිතව බැඳීම් ඇතිකරගන්න පුද්ගලයෙක් නෙමෙයි. ඒත් තිබෙන බැඳීම් වලට අසීමිතව ඇලුම් කරන පුද්ගලයෙක්.
බැඳීම් වලට අකමැති පුද්ගලයො ගැන දීල තියන විග්රහයට මම කැමතියි.
එකම සිතිවිලි වලට
ලොබ බදින
ලුහු බඳින
අය සමග එක්වීම
සතුට රැදවූ අතර
සිනහ කැඳවයි තවම
බොහෝ දුර වූ නමුදු
අතැර ගිය බවක් නම්
නොමහැඟෙයි
මට තවම ...!!!!!
රේවන් කිව්ව වගේ අසීමිතව බෑදීම් ඈති කරගන්න මටත් උවමනා නෑ. ඒ මේ දැන් මගෙ ලග තියෙන බෑදීම මට හුගාක් වටිනවා. මම ඒව ලිහෙන්න දෙන්නෙ නැතුව රැකගන්න හුගාක් උත්සාහ කරනවා....හුගාක්
රවා මේක ලියන්න හේතුව උනෙත් මම වෙන්න ඇති මොකද එක එක්කෙනා මාත් එක්ක බෑඳීම් ගැන වාද කරන්න එනවා,එක දිගටම...
හුගාක් වටින වචන් සහ වටිනා පැහැදිලි කිරීමක් රවා
***
රවා...මොකෝ මේ බොස් කතිර ටිකක් දාලා ගිහින් තියෙන්නේ.... ;)
ඦන්දෙවත් ඉල්ලන්නද?
රවා...
අන්න ජාතික රූපවාහිනියේ ගග ගලා බහිනවා.
ටීවී එකට හෙන ගැහුවත් කමක් නැහැ කියලා දාලා බලන එකයි ඇත්තේ
බැඳීම් නැති නම් ඒක ජීවිතය නොවෙන තරම්ම බැඳීම්වලට මමත් ආදරෙයි රවා, මම ඔයාලට වුනත් දැන් තියෙන්නෙ බැඳීමක්.. ඇහින්වත් නොදැක්කට... ඒකයි ඉඩ ලැබුනු ගමන්ම ආවෙ... බැඳීම් හරිම පුදුමාකාරයි අනිත් අතින්, ළඟම ඉඳපු කෙනෙකුට නොදැනෙන දේවල් ඊට වඩා දුර ඉන්න අයට දැනිල ඒ අය දුක් වෙනව.. තමන් ආදරය කරන කෙනා වෙනුවෙන්.. මම මේ දවස්වල ඒ මිහිරිම සහ අමිහිරිම අත්දැකීම එක සැරේට වින්ද.. දැන් නම් ඒකෙන් මිහිරි කොටස හිතේ රඳවගෙන අමිහිරි කොටස අයින් කරල ඉවරයි..ඒකයි කමෙන්ට් එකක් දාල යන්න ආවෙත්...
හැමදේම ලියවිලා තියෙනවා
තිස්ස අයියට..
ඔයාලයි.. මට දකින්න මගෙ වටෙ ඉන්න අයයි... මම කියවපු නිර්මාණ ආදියයි වලින් ගත්තු දෙවල් තමයි මෙ ලියලා තියන්නෙ....
රෙවන් ට
රෙවන් ඔයා බැදිම් වලට ආදරෙ කරන කරන කෙනෙක්. මම බැදිම් අසිමිතව ඇති කරගන්න එක ගැන නෙමෙ හොය හොයා යනවා කියලා අදහස් කරෙ..ඔයා ලියන දෙවල් වලින් අපිට වැටෙහෙනවා.. ඔයා බැදිවලට ආදරෙ කරනවා, ගෞරව කරනවා කියලා..
නිමන්ති අක්කා...
බැඳිම් ඇති වුනාහම , අතහැරිමක් නැහැ , ඇත්විමකුත් නැහැ, ලැබෙන්නෙ වේදනාව කුමන ගණයෙ උනත් එය මගෙ මිනිසෙක්ගෙ යන්න මට නිතරම සිහිවෙනවා...
දිල්
ඔයත් එක්ක කතා කරද්දි ඇති වුන ගැටලු ටිකක් හින්දා තමයි මම එතන එ දෙම ඉලක්ක කරලා කතා කරෙ..නමුත් මෙතනදි බැඳිම් ගැන මම දන්න සුන්දරම, අපූරු කරුණු ගැබ් කරලා නැහැ.. කො කවුරුත් මාත් එක්ක කතා කරන්න එන්නෙ නැහැනෙ බැඳිම් ගැන...
මාරයියා...
තුං මන් හන්දිය මා ගාව තියනවා. කලින් ටිවි එකෙ යද්දි මම ටිවි කාර්ඩ් එකකින් රෙකොඩ් කරගත්තා. ඔයා දන්වන කොට මම නිදි..
ඇත්තට මොකද තරු...දාල .. දවසක් අපෙ අනිත් යහලුවත් තිත් වගයක් දාලා මගෙන් නියම කතාවක් අහගත්තා...
දිල්
ඔයත් එක්ක කතා කරද්දි ඇති වුන ගැටලු ටිකක් හින්දා තමයි මම එතන එ දෙම ඉලක්ක කරලා කතා කරෙ..නමුත් මෙතනදි බැඳිම් ගැන මම දන්න සුන්දරම, අපූරු කරුණු ගැබ් කරලා නැහැ.. කො කවුරුත් මාත් එක්ක කතා කරන්න එන්නෙ නැහැනෙ බැඳිම් ගැන...
මාරයියා...
තුං මන් හන්දිය මා ගාව තියනවා. කලින් ටිවි එකෙ යද්දි මම ටිවි කාර්ඩ් එකකින් රෙකොඩ් කරගත්තා. ඔයා දන්වන කොට මම නිදි..
ඇත්තට මොකද තරු...දාල .. දවසක් අපෙ අනිත් යහලුවත් තිත් වගයක් දාලා මගෙන් නියම කතාවක් අහගත්තා...
චෙදනා අක්කා
බැඳිම් ඔයගෙ ලඟින් ඉන්න කෙනාවට එදෙ දැනෙනවා.. නමුත් එයාගෙ හිතෙ තියන ගර්වයට එයා එක ඔයාට පෙන්නන්නෙ නැහැ..එහෙම තමයි ගොඩාක් වෙලාවට වෙන්නෙ..
මිස්සක
ගොඩාක් ලස්සන දෙවල් තියනවා මිස්සක මල්ලි මම නොලියපු .. ඔයා බලන්න කො ඉස්සරහාට...
මමනම් ඔය කාරණේදී වැඩ කලේ කවදත් වඳුරො ගෙවල් හදනව වගේ තමයි. බැඳීම් නිසා වේදනා විඳිද්දි ආයෙ දැඩි බැඳීම් ඇති කර ගන්නෙ නෑ කියල හිතනව. ඒත් ඊළඟ එක ළඟට එද්දි ඒක අමතක වෙලා.
රවා කියන සියල්ල මම පිළිගන්නව. ඒත් මේ බැඳීම් කියන එක හැමෝම සීමාවක් තුල පවත්වාගෙන යන එක තමයි ලෝකයේ හැම විනාශයකටම මුල කියල මම හිතාගෙන ඉන්නව. ගොඩක් මිනිස්සු පවුල තුලට බැදීම් සීමා කරල. වචනෙන් මොනා කිව්වත් වැඩක් නෑ. එයාලට තමාගෙ පවුලෙ කෙනෙක් සම්බන්ධයෙන් තරම් බැඳීමක් තව පවුලෙන් පිට අය ගැන නොදැනෙයි.
සෑම බැඳීමක්ම අසීමිත වුණොත් හදවතින්ම එය සියල්ලටම වඩා සතුට ගෙන එනු ඇත.
``` Outsider``` ට
සමහරු සිමාවන් තුල හැසිරෙනවා.. කෙනෙක් මගෙ පුද්ගලිකත්වය ආක්රමනය කරන්න සැරෙසෙන විට මම කැමතියි. ඔහු හො ඇය වෙනුවෙන් මම මගෙ පුද්ගලිකත්වය අමතක කරනවා..ලැජ්ජාව හා බිය මට මතුවන්නෙ මනුස්සකම අමතක කරන විටදි පමණයි. මම මගෙ ආරක්ෂාව නැතකරගනිමින් අලුත් අවදානම් සහිත තැන් ඇති කරගනිමින් එවා තුල හැසිරෙමින් ජිවත් වෙන්න උත්සහා දරනවා. බොහො භෞතික වස්තුන් එක්රැස් කරගන්නවාට වඩා මිනිස් සිතෙ ඇති අභ්‍යන්තර කරුණු ගවෙෂනයට මම කැමතියි.. එය සැමවිටම මම සිදු කරනවා..මගෙ මිතුරන්ගෙනුත් වටාපිටාවෙනුත්. සැමවිටම ජය ලබාගැනිමට උත්සහායක් නැහැ..
ගොඩක් ප්‍රමාද උනා ...මිත්‍රයා.
තරහා ගන්ට කාරි නෑ..ඕං.
වැඩ රාජනාරි..ගොඩ ගැහිලා..ඒකයි.
මමත් බැඳිම් වලට බොක්කෙන්ම,තමයි.
බැදිම් හොයාගෙන නොගියට, තියෙන බැඳිම...ඉහටත් උඩින්.
මේ බැඳිම් තමයි අපට ජිවත් වෙන්න කියා දෙන්නේ...ජීවිතය ජිවත් කරවන්නේ.
අඩෙ නිලා... උබ හිතන්න එපා මම තරහා වෙයි කියලා උබ කමෙන්ට් එකක් දැම්මෙ නැහැ කියලා. මමත් එහෙන් මෙහෙන් යද්දි එනවා උබෙ විස්තර හොයන් යන්න අර කිව්වා වගෙ පරිස්සම් වෙයයි කෙල්ලගෙ අයියගෙනුයි, තාත්තාගෙනුයි...
ජීවිතයකට වටිනාකමක් දැනෙන්න නම් බැඳීම් තියෙන්න ඕනෙ වගේම තියෙන බැඳීම් වලට ආදරේ කරන්න ඕනෙ ....... ඒත් බැඳීම් ඇති කරගන්න ඕනෙ සීමාවකට....... හොඳ ලිපියක් රවා
රවා මටත් කියන්න යමක් තියෙනවා මෙතන. ඔයා කතා කරලා තියෙන්නේ බැඳීම් හා ආදරය අතර සම්බන්ධතාවය විතරයි. නමුත් බැඳීම් හා වෛරය අතරත් මේ වගේම සම්බන්ධතාවයක් තියෙනවා. සමහරු වෛරය උදෙසා බැඳීම ඇති කර ගන්නවා. මේ කොට්ඨාශය අර කියන දෙවැනි කොටසට අයිති නෑ කියලායි මට හිතෙන්නේ.. ආදරය නොකල පලියට වෛර කලා කියලා කියැවෙන්නේ නෑනේද? ඒ හින්දා මම කියන්නේ බැඳීම ගැන සිතන කොට එය විවිධාකාර වෙන්න පුළුවන්. බැඳීමේ තියෙන ප්රබලතාඅවය අනුව එහි ප්‍රතිඵල වෙනස් වෙනවා. ඒකනේ අපිට ලඟම අය නැති වුනාම ගොඩාක් රිදෙන්නේ. ඒ වගේමයි සතුටු වෙන එකත්.
ඔය කොහම වුනත් අද සමාජයේ බැඳීම් වලට ආදරය කරන අය අඩුයි. මේක වෙලා තියෙන්නේ සමාජය විශ්වාස කරන්න බැරි වීම්යි. බැඳීමක් ඇති කර ගන්නේම ලාභ ප්‍රයෝජන තකාගෙන. පස්සේ තමා බැඳීමට ආදරය කරන්න ගන්නේ. නමුත් ආදරය වෙනුවෙනුත් බැඳීම් ඇති කර ගන්න අයත් මේ අස්සේ හොයා ගන්න අමාරු නෑ.
මේකයි මගේ අදහස.
/බිඟුවා...!
බිගු අයියා බැඳිම අතර සහා වෛරය අතර තියන සම්බන්දතාවයත් වැටෙන්නෙ අන්තිමට බලන් යද්දි සුක වෙදනාවන් පමණක් ලැබෙන බැඳිම් වලට නෙද අයියා.. කෙනෙක් වෛර කරද්දි ඇතිකරගන්නා බැදිම් බොහො වෙලාවට තෘප්තිමත් විම පිණිස ඇති කරගන්නා නමුත් සැමදාම අතෘප්තිමත්ව තිබෙන බැදිම් නෙද....
බැඳීම්...
හ්ම්ම්ම්...
ජීවිතය කියන්නේ බැඳීම් වලට තමයි.. රවා,
එහෙම නැත්නම් “ජීවිතය = බැඳීම්“ කිව්වත් වරදක් නෑ කියලයි මට හිතෙන්නෙ..
අපි මේ බැඳීම් වලට ආදරය කරන තරමට... මේ බැඳීම්වලට ගරු කරන තරමට අපිට ජීවිතේ ලස්සන කරගන්න ඉඩ ලැබෙනවා...
බිඟු අයිය කිව්වත් වගේ මේ බැඳීම්වලට ආදරය කරන අය අද අඩුයි...
ප්‍රශ්නෙ තියෙන්නෙ එතැනයි.. නැතුව බැඳීම්වල නෙමේ..
බැඳිම් වලට ආදරෙ කරන අය අඩුයි සනා.. එක ලොකෙ හැටි... එවා එ ආකාරයි ලොකෙ ගොලාකාරයි...
ඔව් ඔයා කියන එකේ පැහැදිලි කමක් තියෙනවා.
නමුත් මීට වඩා යමක් මට එදා පෙනුනා..
දැන් ඒක මතක නෑ..
මතක් වුනොත් ඇවිල්ලා සටස් ගාලා දාලා යන්නම්....
මොකද මම දැක්කා ඒ දෙකේ වෙනසක්..
/බිඟුවා...!
Post a Comment