සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

1/7/10

මග හරිම දුෂ්කරය...

මග හරිම දුෂ්කරය..
කටු පඳුරු වලින් ගහණය...
වැලි පොළොව උනුසුම්ය...
දුෂ්කරය කියා ආපසු යා යුතුද..
ඉදිරියටම යන්නෙමි.
නව පරපුරක සිනා පොදි දකින්නට..

මහා වෙළඳුන් අතර මම
කුඩා වෙළෙන්දෙකුව..
මහා උන් පොහොසත් කරන්නට..
දුප්පතුන්ගෙ දහදිය මතින්..

ගසක් සිටුවන්නෙමි මම
පිපි මලක් දකින්නට
එ ගසින් එන පල වලින්
සතුන්ගෙ බඩගිනි නිවන්නට..

මුදල් යැයි කියා මිරිගුව පසුපසින්
බසින්නද මා තරඟ බිම මත..
තිරණය මගෙ පොඩි හිස මත
ඔබෙ අදහසද මට වටිනු ඇත...

1/6/10

මලගෙදර හා නිදිමැරිම.....

පලවෙනිදා කොහුලොරිය නිමන්න අපිත් එක්ක ලා ඔට්ටු උන බුද්දියගෙ තාත්තා දෙවැනිදා නැතිඋනා. දෙවැනිදා උදෙ 9 නැගිට්ට මම ආපහු නිදා ගත්තෙ හතර වැනිදා පාන්දර 3ට එත් පැය 4 ක් විතර, හැම දෙටම ලගින් ඉන්න එකා හින්දා දාලා එන්න හිත දුන්නෙම නැහැ. 4 වැනිදා මිනියත් ඉස්සුවා. ඇවිල්ල තමයි රැ නිදා ගත්තෙ එත් රැ 2 කට විතර නැගිටලා මල ගෙදර ගියා. දැන් මගෙ ඔලුව කකියනවා ටිකක්. කොහු දුමයි , නිදි මැරිල්ලයි හින්දා. එත් කට්ටියත් එක්ක කතා කරන්න ගිය දෙ කරන්න ඔනා.

මල ගෙදරක නිදි මැරිම අපෙ සම්ප්‍රදාය, එකට ඔන්න බුරු කුට්ටමකුත් එකතු උනා මිට අවුරදු 50 කට 60 කට කලින් මම හිතන්නෙ.කස්ටිය ගොඩයි බුරු පොලෙ සල්ලි තියනකම්. ඉට පස්සෙ 3 විතර වෙද්දි එකෙක් ඔක්කම දිනලා කටිටියම යනවා. පාන්දර වෙදිදි අපෙ කොල්ලො ටික විතරයි. පුංචි මලගෙයක්. වැඩිය කස්ටිය ආවෙ නැහැ. එ උනත් මට සතුටුයි නිදිමරන්න කට්ටිය හිටියා. සම්ප්‍රදාය ගෙනියන්න කස්ටිය හිටියා. මිට කලින් මම ලොකු මන්දිර කිපයක සිදුඋන මල ගෙවල් කිපයකට ගියා. හැන්දැවෙ 8-9 විතර වෙනක්ම් වාහන පොලිමයි.. එසෙ මෙසෙ වහන නොවෙයි. ලක්ෂ 30 - 40 වටින වහන.. මුකුත් නැහැ අයිතිකාර මහත්වරු මිනිය ඉස්සරා ඉදගෙන හයියෙන් හිනා වෙනවා. කෑගසමින් කතාව. 11 - 11:30 වෙදිදි කස්ටිය ඔක්කොම අතුරුදහන්.නමුත් බුද්දිකයා ගමෙ මල ගෙයක් උනාම එතන මොනවහරි දෙයක් කරලා දෙන හින්දා එතන කට්ටියම ඉන්නවා උගෙ උදව්වට.

1/4/10

මට රස්සාවක් හොයලා අපෙ තාත්තා..............

මම මිට දවස් කිපයකට පෙර මාගෙ තාත්තා විසින් දෙන ලද ලියුමක් කඩා බැලුවෙමි. එහි තිබුනෙ මා රජ‍යෙ ඉහල මණ්ඩලයක ඉහල තනතුරක් සදහා පුහුණු විමට මා තොරාගෙන ඇති බවය. මා මගෙ අධ්‍යන වැඩකටයුතු නොකරන අතර තුර යම් සුලු සුලු කාර්යන් කර මගෙ යහලුවන් තිදෙනා සමග පසුගිය මාස තුනක් තුල රුපියල් 80 000 හරි හම්බ කරගත්තෙය. තිදෙනා අතර බෙදිමෙන් මට රුපියල් 30000 ක් පමණ ලැබුනි. මෙම මුදල් රැස් කිරිම තුල තිබුනෙ මාගෙ හා මගෙ මිතුරන්ගෙ දාහඩියයි. මෙම මුදල මගෙ ජිවන රටාව අනුව ඉහටත් උඩින්ය. වඩාත්ම සතුට ගසක් සිටුවා පොෂනය කර එහි පල නෙලා විකීනිමයි. සමාජය සාධාරන උනි නම් අප තුන් දෙනාගෙ අදායම 120 000 ක් පමන වෙන්නට තිබුනි.
මෙ අතරතුර මා ව්‍යාපාර කටයුත්තකටද අතගැසුවෙය. මෙහිදි ද මාගෙ මුලික අරමුන වුයෙ ලාබය ට වඩා වෙලදපොල හා සැපයුම් කරුවන් ඇතිකර ගැනිමයි. එය තුලිනුත් යම් ලාබයක් ලැබුනද වාගාවෙන් තරම් සතුටක් නොලැබුනෙය. මෙ සියලු කරුනු නිසා ඉතාම සතුටෙන් සිටි මට ඉහත සදහන් කල ලිපියද ලැබුනි.

යහලුවන් සමග කතා කිරිමෙදි ඔහුනට එවැනි ලිපියක් නොලැබුනු බවත් දැනගන්නට ලැබුනි.මා මෙ ගැන තවදුරටත් කරුනු සොයා බැලිමෙදි අනාවරණය වුනු කරුනු අනුව මා හට මෙම ලිපිය ලැබි ඇත්තෙ මගෙ පියානන් පළාතෙ ප්‍රසිධ්ද, ප්‍රබුද්ධ,සත්ගුණවත් කැබිනට් නොවන ඇමතිවරයෙකු ලාවා කෙරුනු ඉල්ලිමකට අනුවය. මෙම අවස්තාව මම මගහැර ගත්තෙමි. මක් නිසාද මා හට සල්ලි හම්බ කිරිමට අවශ්‍යනම් එ සදහා බොහො මාර්ග තිබුනත් මා හට දෙශපාලුවෙක් ගෙ පන්දමක් අවශ්‍ය නැත. මා ඉගෙනගත් විෂය ද එයට අදාල නොවෙ. තම තමුන්ගෙ ගොල බාලයන් සුදුසුකම් රහිත පෙන්දන් රජයෙ ඉහල තැන් වලට රිංගා උන් යටතෙ උගතුන්ට කටයුතු කිරිම මට නම් මහා ලැජ්ජාවකට කරුනකි. එවැනි සුදුසුකම් රහිත පන්දමෙකු යටතෙ කටයුතු කිරිමට වඩා දාහඩිය මහන්සියෙන් බයිසිකලයක් පැදගෙන ගොස් මාලූ ගෙනල්ලා විකුනන ඇලඩින් මාමා(මාලු මාමා) කරන වැඩෙ කිරිම මට හිතට නියම සතුටක් දනවයි.

දවස් ගනනක් තිස්සෙ අගොස්තු, සැපතැම්බර් මාස වල ගිනි අවුවෙ උදලූ තල රැගෙන කල දෙ බොහොමත් වටිනබවත් එවැනි දෙවල් තවදුරටත් සිදුනොකරන මෙන් මම තත්තා හට කියුවෙමි. ගොඩක් හරි හම්බ කරනවට වාඩා ටිකක් හම්බකර එය පුහු ආටොපයන්ට වියදම් නොකර හරියට වියදම් කිරිම මා ඉටා ඉගෙන ගත්තෙ 11 වසරෙ දරකපන්නා ඉංග්‍රිසි පාඩමෙදිය. අවශ්‍යතාවයන්, ආසාවන් සංකිර්ණ වෙත්ම තරගයට බැස දිවිම නුවනට හුරු ක්‍රියවක් නොවෙ. රජය විසින් නොමිලේ අධ්‍යාපනය දුන් පසු නැවතත් ඉට සරිලන වැටුප් සහිත රස්සාවක් ලාබා දෙන එක රජයෙත් යුතුකම නොවෙ. රටෙ උගත් පිරිස ප්‍රායොගික ලොකයෙ අත්දැකිම් එකතු කරගත් පසු රැකියා අවස්තා ඇතිකල යුතුය. එයට ප්‍රාග්ධනය ලබාදිමට බොහො ආයතන ඇත. මෙහිදි යම් අනතුරුදායක බවක් තමුන් කරමත පැටෙවෙනු ඇත. රැකියාවක් කිරිමෙදි ඇතිවන ස්ථාවර භාවයට වඩා මෙහිදි ලැබෙන තෘප්තිය වැඩිය. තමුන් ගන්නා තිරණ වල නිවැරදි භාවය තමුන්ගෙ පැවැත්ම රදා පවතිනු ඇත.

1/2/10

වසරෙ මුල්ම දවස......... අමතක නොවන සිදුවිමක්... අසාර්ථක උත්සහයක්

ඔන්න ඉතින් ජනවාරි පළවෙනිදා නැගිට්ට ගමන් පටන් ගත්තා මගෙ කුඩා පරිමාන ව්‍යපාරය. එකෙ වැඩ කරලා ඉවර වෙද්දි මගෙ යහලුවො දෙන්නගෙන්(හැමදෙටම උදවු වෙන දෙන්නා,සුරෙශ් ,බුද්දික) එක්කෙනෙක් අඩගැහැවුවා එයගෙ ගෙදර දවල් කැමකට එන්න කියලා. මම ගෙදර ගිහින් පරිගණකය ඉස්සරහ ඉදගෙන ඉද්දි ඔන්න තවත් තුන් දෙනෙක් සෙට් උනා(අක්කිල,නිරො,බිත්තරයා). අප්පා.. මොකද කරන්නෙ අරු මට විතරයි කතාකරෙ මුන් තුන්දෙනා හලන්නත් බැහැ. රයිට්...කස්ටිය කතා උනා වැවෙ නාන්න යමු කියලා. එගමන් සුරෙශ් ගෙ ගෙදර යද්දි බුද්දිකයා එහෙ.මගෙන් බයික් එක ඉල්ලගෙන බුද්දි ගෙදර ගියා ටක් ගාලා එන්නම් කියලා.

දැන් පස් දෙනා ටිකක් චැට් එක දා ගෙන ඉද්දි පාරෙ ගින්දර පුරොපු කැන්ටර් එකක් යනවා ලා වට වෙගෙ දැක්කා. එගමන්ම පාරෙ හිටපු අපෙ එකෙක් කෑගැහුවා " එයි වරෙල්ලා කොහු ලොරියක් ගිනි අරන්...". කවදාවත් දැකලා නැහැ එවගෙ දෙයක්. මමයි සුරෙයි ඉස්සරහට ගිහිල්ල බලද්දි ලොරිය පාරෙ මැද්දෙ නතර කරලා උඩ ඉදන් ගින්දර ඇවිලෙනවා. එ අස්සෙ කැන්ටර් එක එලවන් ආපු එකා පරන අපෙ එකෙක්. මට අනිත් උන්ව අමතක වෙලා දුවගෙන ගියා කැන්ටර් එක ලගට. බලද්දි සුරෙශ් මට ඉස්සරයින් දුවනවා. බලන් ඉන්න බැහැ දැන් මනුස්සයො කිපදෙනෙක් අමාරුවෙ වැටිලා. කමක් නැහැ ඔන මගුලක් කියලා සීන් එකට එන්ටර් උනා. ලගටම ගිහින් පටන් ගත්තා ගිනි නිවිමෙ සංග්‍රාමය. ස්‍ර්විස් ස්ටෙෂන් එක් ඉස්සරහා කැන්ටර් එක නතර කරලා කිපදෙනෙක් වතුර අල්ලනවා. බකට් වලින් වතුර ගෙනල්ලා ගහනවා. එකම සීන් එක...මම එන්ටර් වෙද්දි සුරෙශ් බටයක් වතුර බටයක් අල්ලගෙන එතන. මමත් වතුර බටයක් ගත්තා ඉතින් එ මෙ අත අල්ලනවා. එක්කෙනෙක් ගිනිගන්න කොහු කැන්ටර් එකෙන් පෙරලනවා. පලාතම දුම් ව්ලින් පිරිලා. ටික වෙලාවක් යනකොට වතුර බටෙ අල්ලන් ඉන්න බැරි තත්වයක් උදා උනා දුම්වලින් මට මිටර් 1.5 එහා පැත්තෙ හිටපු සුරෙශ්ව පෙන්නෙ නැතුවගියා. මම ඉක්මනින් වතුර බටෙන් මගෙ ඇදුම තෙමාගෙන අදුමෙන් නහය ආවරනය කරගත්තා. පස්සෙ සුරෙශ් මට කිව්වා එයා එවෙලාවෙ මාව හෙව්වාලු රෙද්දක් තෙමන් ඇවිත්. දුම අඩු උනාට පස්සෙ මිනිස්සු කිපදෙනෙක්( 10 දෙනෙක් විතර ) ගින්න නිවන්න උත්සහා කරද්දි 50, 60 ක් විතර ඇතට වෙලා බලන් ඉන්නවාත් දැක්කා. සමහරු ඈතට වෙලා " අරක කරන්න... මෙක කරන්න" කියලා කෑගහනවා. ලග හිටපු එවුන් ගින්දරයි, දුමයි උහුලගන්න බැරුව එ මෙ අත දුවනවා.

බලුම වැඩෙ කියන්නෙ හුළග. කොච්චර වතුර ඇල්ලු වත් වැඩක් නැහැ කොහු වලට ගිනි ගන්නවා. එච්චර මෙ වෙනකොට විනාඩි 20 ක් විතර ඉවරයි කොහුටික උඩ හරිය සමපුර්නයෙන්ම ඉවරයි. පහලට අවිලීගෙන එන ක නවත්තන්න කරන්න පුලුවන් දෙවල් ඔක්කොම කරා. කට්ටිය කොහුටික ලි වලින් පෙරලන්න ගත්තා. පෙරලෙන කොහු පිච්චෙනවා ඉන්නබැහැ ලග මමත් වතුර බටෙ අතහැරලා පාරාලයක් හොයාගෙන වැඩෙට බැස්සා. එ අස්සෙ ටයර් එකක් පිපුරුවා. "ඩිසල් ටැංකිය යට කොහු ටිකක් ගිනි ඇවිලෙනවා" එකෙක් කෑගැහුවා. මම එතනින් එ ටික අරන් දැම්මා. මෙ වෙද්දි ලොරිය ඇතුලට එකෙක් නැග්ගා. ලොරිය ගස්ස ගස්ස ඉස්සරහට ගන්නවා. ඔන්න එතකොට බුද්දිකයා ආවා. උ හෙල්මට් එක්ත් ඔලුවෙ දාගෙන සීන් එකට එන්ටර් උනා. එ අස්සෙ පොලිස් මහත්වරුත් ආවා. මම වතුර බටෙ ඉල්ලගෙන එලවන කෙනාට රස්නෙ නොදැනෙන්න කියලා වතුර ඈත ඉදන් ඇල්ලුවා.කොහුටික පාරෙ දෙපැත්තෙ ගිනි ගන්නවා. මොනවා කලත් වැඩක් නැහැ කොහු ගොඩක් පිච්චුනා වහනෙත් එක්ක. කැන්ටර් එක සම්පුර්නයෙන්ම ඉවරයි. දෙපැත්තට වැටුන කොහු නිසා ටයර් කිපයක් පිපුරුවා. අපි පුලුවන් දෙවල් ඔක්කොම කරා නමුත් බැරුව ගියා. ඔන්න අන්තිමට ගිනිනිවන හමුදාව කරත්තෙත් තල්ලු කරන් ආවා. එයාලා එනකොට අපි ආපහු ඇවිල්ලා.

වැදගත්ම සිද්දි කිපයක් උනා එ අතරතුර.
සිද්දියෙ මැද හරියක් වෙනකොට ගොඩක් සෙනග එකතුවෙලා බලන් හිටියා තිහක් විතර වෙහෙසුනා ගින්න නිමන්න. අර බලන් හිටපු මිනිස්සු වතුර බාල්දිය ගානෙ ගෙනාවනම් වෙනසක් වෙන්න තිබුනා....

එ ලොරියෙ අයිතිකාර මමා එ අතරතුරෙ දි කැගැහැවුවා " අනේ ... බලන් ඉන්න එපා. .මොනවහරි කරන්න මල්ලිලා. අනේ.... මොනවහරි කරන්න" කියලා එ වෙලාවෙ මගෙ ඇස් දෙකට කදුලු පිරුනා. මනුස්සයෙක් අසරන වෙලා උදවු ඉල්ලනවා මට බලන් ඉන්න බැහැ. එ කියද්දිත් ඈතට වෙලා සෙට් එක්ක් හිටියා.

මෙ අතරතුර ගිනිගන්න තැනට මිටර් 20 විතර ඇතින් තියන සාප්පුවක මනුස්සයෙක් විදුරු වහගෙන ඇතුලට වෙලා අපි දිහැ බලාගෙනෙ හිනා වෙනවා දැක්කා. මට මාර තරහක් ගියෙ. හරි පුතෙ තොගෙ කඩෙ ගිනිගත්තොත් අපි එකෙක්වත් එන්නෙත් නැහැ.. එකෙකුට වතුරගහන්න දෙන්නෙත් නැහැ.......

එ අස්සෙ ඉවර වෙද්දි ගැහැණු කෙනෙක් අවිල්ලා කුරු,,කුරු ගානවා එයාගෙ ප්ලාස්ටික් බාල්දිය කැඩුනා කියලා. මෙතන ලක්ෂ ගානක් වටිනා වාහනයක් තව ලක්ෂ 2 ක විතර කොහුත් එක්කලා ගිනිගත්තා ඇස් දෙකෙන්ම දැක්කා. එයා රුපියල් 300 බකට් එකට කුරු කුරු ගානවා. අපි අහැව්වා " ඇන්ටි කොයි ගමෙ ඉදලද මෙහාට අවෙ " කියලා. එයත් මෙහෙම තමයිලු.

ඔය ඔක්කොම සිද්දි ඉවර වෙලා තමයි මරුම සිද්දිය උනෙ....
ඇග පුරාම අගුරු, දුම් සුවද.. අපි නාන්න වැවට යන්න සෙට් උනා. බයික් දෙකයි අපි 5 දෙනයි. මමයි බුද්දිකයි, බිත්තරයයි එක බයික් එකක.අක්කිලයයි ,නිරොවයි එකක. සුරෙශ් යන්නෙ නැහැ. අරුන් දෙන්නටම හෙල්මට් තියනවා මට නැහැ. එතනින් ම යන්න යද්දි පොලිස් බාප්පා කෙනෙක් " නවත්තපිය බල්ලො ... බැහු තොපි තුන් දෙනා..." අපි නතර කරා. දැන් මට තමයි ෂොට් එක වදින්නෙ.. අරු ලගට එද්දිම මාව සීතල වෙලා ගියා.. එතකොටම බුද්දිකයා...." මොකද්ද අයියො මෙච්චර වෙලා ගින්න නිවන්න උදව් කරලා කරලා නාගන්න වැවට යන්නෙ" දගකාර ලෙස කියාපු ගමන් අතත් හදාගෙන ආපු මනුස්සයට මතක් උනා මාව. " යකො සර් ඉන්නවා තොපි තුන්දෙනා යනව දැක්කනම් තුන්දෙනාම ඉවරයි. අපිත් ඉවරයි. පයින් යමල්ලා කියලා ඇරියා. මම එතනින් පයින් යද්දි සර් මන් දිහැ හිනා වෙලා බැලුවා. එයා දැකලා. අපි තුන්දෙනා එනවා. අපි හොදවැඩකට අත්ගහලා තිබුන නිසා බෙරුනා..........

පලවෙනිදා හිතට දැනුනා යමක් කලා කියලා අවුරුදු කිපයකට පස්සෙ...

ඔයාලට මොකද හිතෙන්නෙ..අවුරුදෙ පලවෙනිදා මට සිද්ද් උන වැඩෙ ගැන....

1/1/10

සුභ නව වසරක් වෙවා..........

ඔන්න ඉතින් 2009 ත් ඉවරයි. තව ටික දවසකින් මගෙ 25 ත් පටන්ගන්නවා. හැමොටම මම හිතින් ප්‍රාර්ථනා කරනවා ඔයලගෙ හිත්වල තියන දෙවල්,අරමුණු මෙ අවුරුද්දෙදි සාර්ථක වෙන්න කියලා.

කස්ටිය