සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

5/3/13

මොකද්ද මේ....

මම හැම තිස්සෙම කල්පනා කරන දෙයක් ..." මොකද්ද මේ ..."

    ජිවීතය..
    ආදරය..
    බැදීම..

කවදාවත් ලෙහා ගන්න බැරි නූල් බෝලයක කොනක් අල්ලන්  මම කොච්චර වෙහෙසෙනවද..මනසින්... මම කොච්චර හොඳ මනුස්සයෙක් වෙන්න හැදුවත් එහෙම වෙන්නෙ නැහැ.. එහෙම වෙන්න හොදත් නැහැ කියන යතාර්ථයත්  පුංචි මනසට දැනෙද්දි...  අපිට කොච්චර මිනිස්සු උදව් කරලා තියවද.. අපි එ උදව් කොච්චර අමතක කරනවද.. අපි කොච්චර එ දෙවිවරුන්ගෙ ගුණ අමතක කරලා , එ ගුණයන් මකලා අපිම වැජඹෙන්න උත්සහා කරනවද.... එ අස්සෙන්ම අපි කොච්චර  ඇදගෙන වැටෙනවද..කොච්චර මිනිස්සු සමාජයෙ අපිට මුණ ගැහෙනවාද.. එ මිනිස්සු අපි ජිවිතෙ ගමන් මගෙ සටහන් කරන සටහන්.. සමහර එවා කොච්චර සුන්දරද... සමහර එවා කොච්චර නපුරුද.. අපි එ සටහන් වල කොච්චර අතරමන් වෙනවද. අපි කොහෙද යන්නෙ .. කාත් එක්කද ගමන් කරන්නෙ අපි කවුරුවත් දන්නෙ නැහැ. අපි ලියන , කියන, ගයන ,වයන හැම වචනෙකම වැදගත්කමක් දැනෙන්නෙ ඉතාම සුළු මොහොතකට විතරයි, හැම තාලයකම සුන්දරත්වය සුළු කාලයකට විතරක් දැනෙන දෙයක්... සදාකාලික සුන්දරත්වය ගැන කතා කරෙ බුදුහාමුදුරුවො විතරයි.. එත් මට දැන් එකත් අමතකයි පන්සලෙන් ඈත් වුනාට පස්සෙ....

අම්මා තාත්තා.. සහොදර සහොදරියො... යහලු යෙහෙලියො.. ගුරුවර ගුරුවරියො, ඇසුරු කරපු පත පොත කවි ගී සින්දු... පුරුදු කරපු පුරුදු.. ක්‍රීඩා.... මම මෙ දෙවල් වලින් ඇතිවුන දෙයක් විතරයි... මෙ ශරිර කූඩුවෙ ඇතුලෙ ඉන්න ජිවියගෙ හරය ඔය හැමදෙයකම පරාවර්තනයක්... මෙක කියවන ඔබ උනත්  එහෙමම කෙනෙක් තමයි... අපි හිතුවට මෙ අපි හරි හම්බ කරපු දෙවල් කියලා එක තාවකාලිකව සිත සන්තොස කරගන්න හිත ඇතුලේ හදාගන්න මායාවක් විතරයි.. එ මායාව ඇතුලෙ සන්තොස වෙන්න තියන අයිතියට මම ගරු කරනවා... මට සන්තොස හේතු 1000 කි ඇති වෙද්දි මට දුක් වෙන්නත් හේතු 1000 ක් ඇති වෙනවා කියන දෙ මම තදින්ම විස්වාස කරනවා. ජිවිතය කියන්නෙ ඔය මොහොතවල් වල එකතුවක්. ඊට එහා දෙයක් නැහැ.. තරුණ වයසෙදි ඇති කරගත්තු පුරුදු.. බොහොම තදින්ම මනසට ගතට කාවැදුනු පුරුදු එවා එක සංකේත විතරයි අපේ ආවෙණිකත්වය නිරූපනය කරන ... අනිත් මිනිස්සු බොහොම අමාරුවෙන් ගත්තු දෙවල් වලට ගරහන්න හොඳ නැහැ.. එව්වට ගරු කරන්න ඔනා..  රේස් එකට බැස්සනම් දුවන්න ඔනා.. 

මමත් වැරදි කරන කෙනෙක්.. වැරැද්ද දැන දැනම කරන කෙනෙක්.. වැරදි නොකර ඉන්නම බැරි කෙනෙක්... එ වැරැද්ද නිවැරැද්ද කරන්න බුදු දහම ඇතුලෙ තියන සිදුරු සොයන කෙනෙක්...මම හරි.. බුදුහාමුදුරුවන්ට වැරදුනා එහෙම නෙද..... අපි හරි නෙද.. බුදුහාමුදුරුවන්ට නෙද වැරදුනෙ... ඔව් එක එහෙම තමයි... එතනින් මෙහාට එන්න එපා...එතනින් මෙහාට ඔයා එක අඩියක් තිබ්බොත් අපෙ හෘද සාක්ෂියම අපිට සාපයක් වෙයි..

මට දවසක් මගෙ වැඩිහිටි යහලුවෙක් සටහනක් දුන්නා.. " මල්ලි අපි තරුණ කාලෙ හරි කියලා හිතෙන දෙවල් කරන්න ගොඩක් අමාරුයි.... එවගෙම මහලු කාලයෙදි ... අපි තරුණ කාලෙ කරපු දෙවල් කියන්න ඊට වැඩිය අමාරුයි..... අදහස් හැගිම්, ප්‍රතිපත්තීන් එක්ක ජිවත් වෙන්න හරිම අමාරුයි..එවා බොහොම ලිහිල්ව අල්ලගන්න ගමන ලෙහෙසියි.... කරුමෙකට මට පුරුදු නැහැ හිමින් අල්ලගන්න.. බුදුහාමුදුරුවොත් දෙශනා කරෙ.. ලිහිල්ව අල්ලගන්න කියලා... හැබැයි මම සටහන් කරපු විදියට මම එහෙම කරන්නෙ නැහැ... මම බුදුහාමුදුරුවන්ට ගරු කරන්න එක හේතුවක් මෙ හේතුව..
එතුමා අවුරුදු දෙදහස් පන්සීයකට කලින් දෙශනා කරා අපිට වරදින විදිය ගැන..... එ වැරැද්ද පිළිගන්න. තමන්ට වැරදුනා කියන දෙ පිළිගන්නත් තමන්ගෙ හිතෙ ශක්තිය ඇති කරගන්න හැටිත් එතුමාම දෙශනා කරා..

මොකද්ද මෙ .. අපි කරන්නෙ...

කස්ටිය