සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

11/24/12

මකුළු දැලක.......


 
උගත මනා සිල්පය මයි මතු රැකෙනා
කියමින් මකුළු දැල උපහැරනෙට ගන්නා
ඇඳුරුතුමන් ලොව සරු තතු සඟවන්නා
දෑසින් දකින තුර නුඹ එය පිළිගන්නා

මකුළු දැලකි විසිතුරු නෙක රටා මැවූ
මකුළු මවකි පැටවුන් පණ කෙන්ද පෙවූ
ඒ පැටවුන්ම බුදිමින් ලොව පසක් කෙරූ
පැටවුන් කෙරේ ලොව පිහිටක් වෙති කවුරු

මවගෙන් මිදී රැක ගනිමින් පණ කෙන්ද
දරුවන් ඇදී යයි ලොවකට ඝන අන්ද
වෛරය පිරි ඇති පපු කුහරය බින්ද
පැටවුන් වැඩී පසු කරගෙන දුක් කන්ද

මකුළු පරපුරෙහි එක් කෙලවරක ඉඳ
මකුළුව කල්පනා කරමින් මවගෙ රඟ
තමපැටවුන්ම රස මසවුළු වන දිනෙක
තමනුත් දැලක නූලක් විය බව දැනින...



පින්තුරය ඉස්සුවෙ - http://teachers.net/gazette/wordpress/wp-content/uploads/2012/07/spiders_web.png


11/18/12

උදෑසන...

********************************************

 

සිතෙහි ඇතිවුණ පහන් හැඟුමක් කෙළවරක හිඳි නුඹට පෙනෙද්දි..
ගතෙහි පිබිදුණු සසල හිරිගඩු නැවුම් කතාවක රහස කියද්දි..
මලෙහි පෙති මත රැස්වු පිණි බිඳු උදා හිරු වෙත ද්වේෂ කරද්දි...
නුඹෙහි වත මත වැතිරු මද නළ මගෙ ලොකය සුවඳ කරද්දි...




********************************************* 

පින්තුරෙ ඉස්සුවෙ.....
www.sodahead.com/living/ok-this-is-a-gross-one-do-you-kiss-your-partner-first-thing-in-the-morning/question-1759777/?link=ibaf&q=&imgurl=http://ih1.redbubble.net/work.3665165.3.flat,550x550,075,f.morning-kiss.jpg

1/23/12

ලිංගික කුහකත්වය හා ලිංගික ජිවිතය හා ජිවිතවීමෙ සතුට....

මෙ අභිත අයියායි, ප්‍රියායි, දිල්, රංග තුන්දෙනා මරාගෙන තිබුනා මෙ සාකච්චාව එලියට ඇදලා.. පොඩි එකා වුනත් මුකුත් නොකියා ඉන්න එක හරි මදි නිසාත් රත් වුණ වෙලාවෙ තැටියට පිටිගුලියක් දාගෙන රොටියක් පුච්ච ගන්න ඔනා නිසාත් සටහනක් දමන්න ඔනා කියලා හිතුනා මෙ සම්බන්දව. එතකොට අපි මෙ ගැන ලියන්න ලියන්න අපි මෙ ගැන නොදන්න බව ඉතාම ලස්සනට එලියට එනවා.. හැබැයි මෙ ඔක්කොම හිතෙ තියන අදහස් විතරයි. අභිතයියගෙ මාතෘකාවෙදි අභිත අයියා එක එල්ල කරලා තිබුනෙ ගැහැනු ඔක්කොම පත්තිනි අම්මලා, අපි තමයි වලත්තයො ... එ වගෙ  එක පටන්  ගත්තෙ ප්‍රියාගෙ බ්ලොග් එකෙදි ගැහැනු කෙනෙක් කියලා තිබුනා ආදරයක් නැතුව ගැහැනු කෙනෙකුට ලිංගිකව එකතුවෙන්න අමාරුයි පිරිමි කෙනෙක් එක්ක කියලා... පිරිමි අයට එහෙම නැහැ... ආදරයක් නැතුව පිරිමි අය එකතුවෙනවා කියලා. අපිට මිනිස්සුන්ගෙ හිත් දිගටම කියවන්න බැහැ.. ආදරයක් කියන වචනෙට වැඩිය ආකර්ෂනය කියන වචනෙ පාවිච්චි කරන එක හොදයි කියලා මට හිතුනා.. ගණිකාව තමන්ගෙ සේවාදායකයත් එක්ක එකතුවෙද්දි සේවා දායකයාගෙ ආකර්ශණාත්මක ලක්ෂනයක් හොයාගෙන එ කෙරෙන් සේවාදායකයාව තෘප්ත කරනවා වෙන්න පුලුවන්. එ වගෙ කෙනෙකුට තමයි සාර්ථක ගණිකා වෘත්තියක නියැලෙන්න පුලුවන්.  එක නිසා ගැහැණු අය මෙ ආදරය කියන දෙ ඉස්මතු කරාට එයාලගෙ සටහන් වලින් ඇත්තටම ආදරයට වැඩිය ආකර්ෂනය තමයි එතනදි මතුවෙන්නෙ. එ ආකර්ශයන පිරිමි කෙනෙක්ගෙ කඩවසම් බවම රදා පවතින දෙයක් නෙමෙ. එකට ගොඩක් සාධක තියනවා. කොහොම වුණත් ඔය ගැහැනු කෙනෙක් ගෙ ආදරය කියන දෙ මම විස්වාස කරන්නෙ ගොඩක් අඩුවෙන්. ගැහැනු කෙනෙක් ආරක්ෂාවයි පතන්නෙ. ආරක්ෂාව,ස්ථාවරත්වය,ශක්තිය,මෘදුබව වැඩි තැන ගැහැනු අය නතර වෙනවා. පිරිමි අය විස්වාසය,සතුට,ආකර්ශණය, ගතිකත්වය වැඩිව තියන තැන් වල නතර වෙනවා. කොහොම වුණත් මුලු සත්ව සංහතියෙම බුද්ධිමය පරිණාමණයේ සිදුවෙන වැදගත්ම කරුණ තමයි දිර්ඝ කාලීන සම්බන්දකම්. එ නිසා ඉතාම වැදගත් ලක්ෂනයක් තමයි සම්බන්දකම් අතර ඇති විස්වාසය. එක පවත්වාගෙන යන්න පුලුවන් ඉහල බුද්ධියකට විතරයි. ඉතින් මෙ විස්වාසය කියන දෙ එකිනෙකාගෙ මනස මත රදා පවතින් දෙයක්. මම කෙනෙක්ව විස්වාස කරද්දි මම කල්පනා කරන්නෙ නැහැ එ කෙනා එ විස්වාසය දිගටම රකිනවද කියලා. එයාගෙ බුද්ධියට, මානසෙ යම් හැකියාවන් කිපයකට අනුව පවතින දෙයක්. එක බිඳුනට පස්සෙත් මම ආයෙ එ කෙනාව විස්වාස කරනවා. '' හරි කෙල්ලෙ ප්‍රශ්නයක් නැහැ, එකට මොකක් හරි කරමු ''. ආයෙමත් '' මට උඹව විස්වාසයි ''...... මට ප්‍රශ්නයක් නැහැ අනිත් කෙනා විස්වාසය රකිනවද කියන එක.. එක මට වැඩක් නැහැ .. මට වැඩක් තියන්නෙ මම විස්වාසය රැක්කද කියන එක. මට එ විස්වාසය 100 % පරිපුර්ණව රකින්න බැරි බව මම දන්න හින්දා මම එක මගෙ විරුද්ද ලිංගිකයාගෙන් බලාපොරොත්තු වෙන එක වැරදි නිසාත් ඇයටත් අවස්ථාවක් දෙනවා. ඇගෙ මනසට වැට බඳින්න මම උත්සහා කරන්නෙ නැහැ. ඇයට එ නිදහස දිය යුතුයි.. මා තුල යම් ගතිගුණ තියනවා නම් ඇය මා කෙරෙහි දිගටම නැඹුරු වි සිටින්න එක මගෙ දක්ෂතාවයක් කියලා මම පිලිගන්නෙ. මම මෙ ලියන්න උත්සහා කරන්නෙ මම ලිංගික කුහකත්වයක් නැතිකෙනෙක් කියලා නෙමෙ. නමුත් මම හැමතිස්සෙම උත්සහා කරනවා එ කුහකත්වයෙන් මට දැනෙන අස්ථිර බව අඩු කරගන්න වෙන වෙන ගති ගුණ ඉස්මතු කරගන.
මෙ ලිංගික කුහකත්වය අල්ලගෙන අපි එකිනෙකාට වචන වලින් විදගන්නවට වැඩිය ඉතාම වැදගත් මාතෘකා කිපයක් තියනවා මෙ සම්බන්දව අදහස් තොරතුරු හුවමාරු කරගන්න. මෙ අනතුර අපි හැමොම අපෙ විරුද්ද ලිංගිකයත් එක්ක සමජයෙ ගත කරද්දි මුහුණ දෙන පොඩි අවදානම් හැගිමක්. එත් එක ගැන බයෙන් සැකෙන් අපෙ අපෙ ජිවිතය අපි ලගින් ඉන්න කෙනාට අපෙන් ලැබෙන්න ඔනා විස්වාසය, ගෞරවය, සෙනෙහස , දයාව අඩු කරනවා නම් එක ලොකයෙ බුද්ධිමත්ම සත්තු කියයි කියා ගන්නා අපි අපිට කරගන්න ලොකු නින්දාවක්.
ප්‍රියන්ත අයියා ලියලා තිබුනා ලිංගික තෘප්තිය ගතටද සිතටද.. මගෙ අදහස් නම් තමන් ලිංගික වශයෙන් තෘප්තිමත්, සක්‍රිය කෙනෙක් නම් එ පුද්ගලයාගෙ නිවැරදිතාවය, හැකියාව , ආත්ම විස්වාසය මෙ හැම දෙයක්ම ඉතාම ඉහල මට්ටමක පවතිනවා. එක අපිට එ පුදගලයාගෙ සැම ගතිගුණයකම සටහන් වෙලා තියන දෙයක්. අපිට පුද්ගයෙකු දිහැ බලලා, හොදින් නිරික්ෂනය කරලා, එයාගෙ ජිවිතෙ හැඩය ගැන හිතන්න පුළුවන්. මෙතනදි ප්‍රියන්ත අයියා විස්තර නොකරන දෙයක් දකිනවා මම. අනිත් පාර්ෂවය උදුරගන්න ලිංගික සතුටක් තියනවා, අනිත් පාර්ෂවය කැමැත්තෙන්ම තමන්ට දෙන සතුටක් තියනවා. දෙපැත්තෙම තෘප්තිය තියන්නෙ තමන්ගෙන් අනිත් පාර්ෂවයාට තිලිණ කරන සතුට මත. ගැහැණු කෙනෙකුට මොනදෙ නැති වුණත් තමන් වෙනුවෙන් තමන්ව රැකබලාගන්න, තමන්ට ආදරෙ කරන්න විස්වාසවන්ත කෙනෙක් ඉන්නවා කියන දෙ මුලු ජිවිතයම තෘප්තිමත්ව ගෙවන්න තියන ප්‍රදාන සාධකයක්.පිරිමි කෙනෙකුට මොන දෙ නැති වුණත් මම මගෙ ගැහැණිව මට පුලුවන් අයුරින් රැකගත්තා, සැලකුවා කියලා දැනෙන දෙ පිරිමි බොහොම අතලොස්සකට විඳින්න පුලුවන් සන්තොසයක්. බොහොම සියුම් සතුටක්. එක නිසා ලිංගික තෘප්තියත් ජිවිතෙ අපි ලබාගන්න ජිවත්වීමෙ තෘප්තියත් අතර ලොකු ලබැඳියාවක් තියනවා. අපි කොතරම් දෙවල් එකිනෙකින් වෙන් කරගෙන වෙන වෙනම අධ්‍යනය කරන්න හැදුවත්, අර්ථදැක්වීම් කරන්න හැදුවත් ලිංගික ජිවිතය, ගෘහ ජිවිතය, වෘත්තිමය ජිවිතය, ආධ්‍යාත්මික හරයන් මෙ හැම දෙයක්ම එකිනෙකට සම්බන්දයි, රසවින්ඳනය, සංවේදිතාවය, නිරවද්‍යතාවය මෙවා හැමදයක්ම එකම දෙකින් ව්‍යුත්පන්න වෙන දෙවල්.

මම මෙ ලිපිය ලිද්දි අරහෙ අරුන් මරාගන්නවා. එවා කියවපුවාහම මට තෙරුම් යන කිපයක් තියනවා. මෙ ලියන්නෙ මගෙ අදහස්. මට මුලු ලොකයම හදන්න බැහැ. අපි හැමොම අපෙ හදවත් යම් යම් තැන් වලදි හොදටම පලුදු කරගත්තු මිනිස්සු. එ හදවත් වල පලුදු වහගන්න අපි තව කෙනෙක්ගෙ හදවතක් තුවාල කරන එක වැරදියි. එක අපෙ අතෙන් නොකෙරෙන්න ඔනා දෙයක්. අපි හදවත් හිත් ඇතුලෙ තියන මෙ රිද්මය අපි ජිවිතෙදි අපෙ සහකරුවා හො සහකාරිය ඉදිරියෙ ඇයගෙ ඔහුගෙ සතුට තෘප්තිය කෙරෙහි විශාල ලෙස බලපාන දෙයක්.  පිරිමි කෙනෙකුයි ගැහැනු කෙනෙකුයි කාමරයක් ඇතුලට රිංගුවා, බස් එකක දි ආකර්ෂනය වෙලා බස් එකෙන් බැහැලා කාමරෙක රිංගුවා සංස්කෘතියක් නැහැ සදාචාරයක් නැහැ කියලා එ ගැහැණු කෙනාටයි පිරිමි කෙනාටයි දොෂාරොපණය එල්ල කරන එක වැරදියි. හැමොම තම තම නැණපමණින් හැසිරෙන්නෙ. එවගෙම උඹලා පත්තිණි අම්මලා, අපි වලත්තයො කියලා කියන එක මට අනුව තෙරුමක් නැති දෙයක්.. අපි සමාජය හදන්න යන එක හොඳ දෙයක් නෙමෙ. ලිංගික කුහකත්වය අපි හැමොගෙම තියනවා.. එක නැහැ.. එක වැරදියි.. එව්වා තෙරුමක් නැති කතා. පිළිගන්නෙ නැති කෙනෙකුට තෙරුම් කරලා දෙන්න එපා කියලා මට තිස්ස අයියා ලස්සනට තෙරුම් කරලා දුන්නා.
මචන් අයියලා, අක්කලානෙ.. මට අනුව , මගෙ අදහස් වලට අනුව උඹලගෙ ජිවිත වල තියන වටිනාකම තිරණය වෙන්නෙ උඹලගෙන් උඹලගෙ ඉදිරි පරම්පරාවට දෙන දායදය අනුව. උඹලගෙ තාත්තලා උබලගෙ අම්මලත් ලිංගිකව එකතුවෙලා ඉපදුනා. ඉස්කොලෙට දැම්මා. උඹල හැදුනා සමාජෙට ගියා, හම්බ කරා, උඹලා දැන් දරුවො හදනවා. උබලා උඹලගෙ යට ඉන්න උන්ට මොනවද දෙන්නෙ... කියන දෙ මට ලොකු ප්‍රශ්නයක්. මම තදින්ම විස්වාස කරනවා ලමයට කුණුහරප ඔක්කොම උගන්වන්නෙ උන්ගෙ අම්මයි තාත්තායි කියන දෙ.

දැන් මෙ බ්ලොග් අවකාශය ඇතුලෙ ඉන්න අක්කලා,නංගිලට ලිංගික කුහකත්වය තෙරුම් කරන ආකාරයට මම කැමති නැහැ. උඹලා එහෙම කරන්න යන්නෙ උඹලගෙ ගැහැණුගෙන් උබලා පරාදවෙලා හින්ද කියලයි මට වැටහෙන්නෙ. ලිංගික කුහකත්වය තමයි ලිංගික ජිවිතය ලස්සන කරන්නෙ.. එ ලිංගික ජිවිතය  මුළු ජිවිතයට ලොකු අර්ථයක් එකතු කරනවා.

බැදලා නැති උන්... ඉක්මනට කවුරුහරි හොයාගෙන බැදපල්ලා. මම මෙහෙමයි මගෙ ගැහැනිට, මගෙ දරුවට සලකන්නෙ කියලා.  ලොකෙට පෙන්නපල්ලා.
බැදල ඉන්න උන්... උඹලගෙ ජිවිතෙ ලස්සන ලොකෙට පෙන්නෙ උබලගෙ දරුවාගෙන්. එ දරුවො තමයි උඹලගෙ විශිෂ්ඨත්වය ලොකෙට පෙන්වන්නෙ.

ලිංගික කුහකත්වය මිනිස්සුන්ගෙ ජිවිත මෙ දෙකම බොහොම සියුම් හුයකින් බැදි ඇති ආකාරයක් තමයි මම දකින්නෙ. මෙක අපිට උපතෙ ඉදන්ම තියනවා. බස් වල ජැක් ගහන උන්, ගණිකාවොත් එක්ක නිදාගන්න උන්, තමන්ගෙ බිරිදව අමතක කරලා දාල හොර ගැහැණුත් එක්ක නිදාගන්න උන්,  තමන්ගෙ මිනිහව අමතක කරලා පිට පිරිමිත් එක්ක නිදාගන්න උන්. මෙවා ඔයාලා ගහමරාගන්න ඔනා ප්‍රශ්න නෙමෙ. මට දැනෙන විදියට ඔයාලගෙ ප්‍රශ්නෙ තියන්නෙ. ඔයාලට ඔයාලව විස්වාස කරන්න බැරිකම. මිනිස්සුන්ට ගෞරවය ආදරය විස්වාස කරන්න පුරුදු වෙමු. අපිට එක කරන්න බැහැ. හැබැයි උත්සහා කරමු.

කස්ටිය