උගත මනා සිල්පය මයි මතු රැකෙනා
කියමින් මකුළු දැල උපහැරනෙට ගන්නා
ඇඳුරුතුමන් ලොව සරු තතු සඟවන්නා
දෑසින් දකින තුර නුඹ එය පිළිගන්නා
මකුළු දැලකි විසිතුරු නෙක රටා මැවූ
මකුළු මවකි පැටවුන් පණ කෙන්ද පෙවූ
ඒ පැටවුන්ම බුදිමින් ලොව පසක් කෙරූ
පැටවුන් කෙරේ ලොව පිහිටක් වෙති කවුරු
මවගෙන් මිදී රැක ගනිමින් පණ කෙන්ද
දරුවන් ඇදී යයි ලොවකට ඝන අන්ද
වෛරය පිරි ඇති පපු කුහරය බින්ද
පැටවුන් වැඩී පසු කරගෙන දුක් කන්ද
මකුළු පරපුරෙහි එක් කෙලවරක ඉඳ
මකුළුව කල්පනා කරමින් මවගෙ රඟ
තමපැටවුන්ම රස මසවුළු වන දිනෙක
තමනුත් දැලක නූලක් විය බව දැනින...
පින්තුරය ඉස්සුවෙ - http://teachers.net/gazette/wordpress/wp-content/uploads/2012/07/spiders_web.png
8 අදහස් දැක්වීම්:
මකුළු.... හැබෑටම මකුළුවගෙ ගෑණු සතා කවුද? එයා කන්නෙ හස්බන්ඩ් නේද? පැටව් කන්නෙ නෑ මං දන්න තරමට.
ඕනවට වඩා වහල දිහා බලං ඉන්න එපා බං...
මකුළු දැලෙන් සිරි සිරියේ වියන් බඳින රෑ.... යට ලීයෙන් නාරි ලතා මල් පීදෙන්නේ....
ඒ උනාට වලගම්බා රජ්ජුරැවොත් මකුලුවගේනුල පාඩම් ගත්තේ ඕං..
නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
ජය ම වේවා!
http://manasindiviyata.blogspot.com/
ඈහ්.... රවා තවම ලියනවද?
රවාගෙ වියත් වදන් නැතිව අඳුරු වෙලා තිබ්බ සයිබරය ආයෙත් පණ ගහල නැගිටියි වගේ...
තිත් දෙකයි ඩී දැම්මොත් රවා හිතයි මම බොරුවට කියනවා කියලා
දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
මසුරන් වගේ ප්රතිචාරත් හිමිවේවා
ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!
Sira!! Keep Writing...
col3neg
Post a Comment