සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

8/29/10

දුම්රියට ගොඩ වු මහල්ලා...


මා පලවේනි වෙදිකාවෙ තිබෙන දුම්රිය දෙසට වෙගයෙන් දිව ගියෙමි. දුම්රියට ගොඩවි අසුනක වාඩි ගත් නමුත් බොහො වෙලාවක් යන තුරු දුම්රිය තම ගමනාන්තය කරා පිටත් වුයෙ නැත. දුම්රිය අසුන් දුම්රිය මැදිරිය දිගෙ දෙපස බිත්තිවලට සවිකර ඇති හෙයින් මුලු මැදිරියෙම සිදුවෙන දැ ඉතා හොදින් නිරික්ෂනය කල හැක. මා මැදිරියෙ මැද්දෙහි වු දොරක් අසල හිද ගත්තෙය. ඉතා රුමත් තරුණ කතක් හා ඇවිත් මා වාඩිගෙන සිටි අසුනෙ කෙලවර වාඩිවුවාය. මා ඉදිරියෙන් වු ජනෙලය දෙසට දැස් යොමුකරද්දි මා දුටුවෙ සැරයටියක් අතින් ගත් ඉතාම දුර්වල  මහල්ලෙක් දුම්රිය දෙසට වෙදිකාව ඔස්සෙ අවිදගෙන එන ආකාරයයි. මහල්ලා ඇද සිටි සරම, කමිසය ඉතාම අපිරිසිදුය. ඔහුට දුම්රියට ගොඩ වීමට අවශ්‍යතාවය තිබුනත් එයට ගොඩ විමට  අවශ්‍ය ශක්තිය නැතිබව මට වැටහිණි. අපගෙ මැදිරියෙහි වු සියල්ලන්ගෙම දැස් ඔහු වෙත යොමුවි තිබිණි. කිපදෙනෙක් පිළිකුලෙන් යුතුවද, තවත් කිපදෙනෙක් අනුකම්පාවෙන්ද ඔහු දෙස බලා සිටිනු දක්නට ලැබිණි. මා ඉදිරියට ගොස් ඔහු හට මැදිරියට ගොඩ විමට උදව් කරුවෙමි. මා නැවත සිටි තැනම ඉදගත් නමුත් ඔහු දෙස අවධානයෙන් බැලුවෙමි. ඔහුගෙ කමිසයෙ බොත්තම් කිපයක් නැත. කමිසය තුලට යමක් ඔබාගෙන සිටියි. ඔහුගෙ වයස හැත්තැවක් පමණය. දරුවෙක් මල්ලෙක් නොමැතිව ගමනක් බිමනක් යන මහල්ලා දෙස බැලු බොහො අය සිතුවෙ මොහු සිඟන්නෙ කියා නමුත් ඔහු සිඟා කැවෙත් නැත. ඔහු අසුනක් වෙත ගමන් කරද්දි අසුනෙහි සිටි අය සියල්ල ඇත් මැත් වි ඔහු හට ඉඳගැනිමට ඉඩ සලසා දුනි. අසුනෙ සිටි අය දැන් තෙරපි තෙරපි ඔහු දෙස පිළිකුලෙන් යුතුව බලා සිටියි, මහල්ලා සුවසෙ ඉදගෙන සිටියි. ඔහු කටින් පෙරි කමිසයට වැක්කෙරෙන ඔජස තම කමිසයෙ කෙලවරෙන්ම පිස දමා නැවත හිස ඔසවයි. කකුලෙහි තිබු තුවාලය දෙසද බලයි.

" සියා කොහෙද යන්නෙ "
" හුණුපිටියට "

තවත් බොහො ප්‍රශ්න මා තුල තිබුණත් අසන්නට මා ඇසුවෙ නැත. දිනක් මා මෙවැනිම වයසක කෙනෙකු බසයක මුණ ගැසි " දරුමුණුබුරන් නැද්ද ආච්චි මෙවගෙ ගමනක් තනියම ආවෙ " යන්න අසද්දි එ වයසක අම්මාගෙ ඇසින් කදුලු ගැලු ආකාරය මට මෙ මොහොතෙ සිහිවිය. මා එසෙ ඇසුවෙ ඇය ව දුටුවිට මට අධික ලෙස කෙන්ති ගිය හෙයිනි. ඔහුගෙ කමිසයෙහි උඩ සාක්කුවෙ තිබු මුදල් අතට ගෙන ගණන් කර නැවත සාකුවටම දම ගෙන ඔහු වට පිට බලයි. ඔහුගෙ ගමනාන්තය තෙක්ම ඔහු කලෙ වටපිට බැලිම සහ මුවෙන් පෙරෙනා ඔජස් පිහ දැමිම පමණි. දුම්රිය මැදිරියෙහි සිටි මිනිසුන් මහල්ලා දෙස වරින් වර ඉතා ඔනැ කමකින් බලනු දක්නට ලැබිනි. දුම්රියෙන් බැසිම සදහා ඔහුට පදික වෙදිකාව මත සිටි තරුණ කෙනෙකු උදව් කරන ලදි.

මා නැවතත් කල්පනා ලොකයෙ තුල කිදා බැස්සෙමි. මගෙ සිතට නැගුණ පැණයන් කිපයකි.

දරුවෙක් මල්ලෙක් නැද්ද
දරුවන්ව නිවැරදිව හදා වඩා පොෂනය කර නැද්ද
මොහු මෙතරම් මහලු වන තුරු කුමන ආකාරයෙ දිවි පෙවතක් ගත කලාද

මෙවැනි දැ ගැන කල්පනා කිරිම අවශය නැත. මාගෙ මැහැල්ලිය මා ගෙදර එන තුරු බලා සිටි, ඇය සුරක්ෂිතය. ඉතින් මා තවදුරටත් භාහිර දැ ගැන වද විය යුතු නැත.

දුම්රියෙහි වු මිනිසුන් ඉතාම විනොදයෙන් කාලය ගත කරනවා මම දුටුවෙමි. මිනිසුන් වෙදනාවෙන් මිරිකි අසහනය , අතෘප්තිය මුහුනෙහි සිරකරගෙන තමන්ගෙ නිවස වෙත ඇදෙනවා මා දුටුවෙමි. අපි සැවොම නිවෙස් බලා ගමන් කරන්නෙමු. නිවස තුල නිවන තිබෙනා බව සැවොම දන්නා හෙයින් ගමනාන්තය ලඟාවෙත්ම බොහො දෙනෙකුගෙ මුහුනෙහි  මද සිනහවක් නැගෙයි.

තරුණ වයසෙදි කල හැකි සියල්ලු දැ කර වයසට ගිය පසු පන්සල්, පල්ලි වල පදිංචි වනවාද,
නැතිනම් තරුණ වයස බොහොම සිමාවන් තුල නිදහසෙ ගත කරමින් වයසට ගිය පසු දුක් වෙනවාද
යන්න මා මගෙ ගමනාන්තය තෙක්ම මාගෙන්ම විමසන ලදි. දුම්රිය ගමනාන්තයට ලඟාවෙන විට රාත්‍රි දහයත් පසුවිය. නිවස දෙස පිය මැන්නෙමි. කාමරය තුල තිබු ඇඳ දකින විට, නොනවත්වා දවස් එකහමාරක් වෙහෙසු දැස්වලට නිවනක් අවශය බව මට දැනුනි.

8/7/10

මෙ ජිවිතෙත් අපි බලන එක ෆිල්ම් එකක් තමයි බන්..


කලකින් හමුවු මිතුරා සමඟ මා පන්සල පැත්තට ඇවිදගෙන ගියෙමු. ඔහු බොහොම විනොදකාමී පුද්ගලයෙක් වුවත් අද දින උදාසීන වි සිටියෙය. අපි දෙදෙනා සාකච්චා කලෙ පසුගිය අවුරුදු කිපය තුල අපගෙ ජිවීත වල සිදුවුණ වෙනස්කම් පිලිබදවයි. පංසල ඉදිරියෙ තිබෙන වෙල්යාය මැද්දෙන වැටුණු පාර කෙරවල ඇති බොක්කුව කෙනෙකු හා සංවාදයෙ යෙදි සිටිමට ඉතා අගනා තැනකි. අපි දෙදෙනා එතනට සේන්දු වුණෙමු. බොක්කුව මත ඉදගත් විගසම

" ඉතින් කියපන් විස්තර කොහොමද ජිවිතෙ ?  "

"වැඩැක් නැහැ බන් කතා කරලා පිස්සු හැදෙන වැඩ වෙන්නෙ "

"ඇයි එහෙම කියන්නෙ, මොකද වුණෙ,  මට තෙරුනා උඹ මොනවහරි හිතෙ හංගන්න ඉන්නෙ කියලා එකයි මම උඹව ගෙදරින් තල්ලු කරගෙන මෙතනට අරන් ආවෙ කියපන් කියපන්, මොකද වුනෙ, ගෙදර මුකුත් කතා කරන්න බැහැනෙ බන්, අම්මා කන බිත්තියෙ තියන් ඉන්නෙ, එදා සිද්ධියෙන් පස්සෙ "

"මචන් බලපන් අපි එක පන්තියෙ හැමදාම හිටියෙ, මම මෙ ටිකෙ පට්ටා සික් එකකින් ඉන්නෙ. එත් මෙ කෙල්ලෙක් හින්දා. එක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙ මම නිකන් මෙ ටිකෙ උදාසින වෙලා වගෙ."

"ඇයි මොකද වුණෙ ?"

"මම ඉස්කොලෙ දි ටොක් කරපු කෙල්ලව උඹට මතකද.."

ඔහු පාසල් කාලයෙදි මගෙ පන්තියෙහි වු මිතුරියකට කැමැත්තෙන් සිටියෙය. අපි සැවොම එය දැනගතිමු. ඔහු අධ්‍යාපනය සාර්ථකව ගෙන ගිය කෙනෙකු වු බැවින් පාසල් වියෙදි ප්‍රේම සම්භන්දතා තහනම් වු නිසා ඔහු ඇයගෙන් ඇත්විය.

"ඔව් නදිශානෙ.. රුවනා නෙ මැද්දෙන් පැනලා කැවෙ, අනික උඹ එකිගෙන් ඇහැව්වෙත් නැහැනෙ. ඔහෙ පිස්සා වගෙ හිටියෙ
එ කෙල්ල උඹ අහානකන්නෙ හිටියෙ, එකි උඹට කැමති කියලා කිපදෙනෙක්ම දන්නවා
ඇයි දැන් මොකද වුණෙ "

" එකි බැන්දා බන්, බැන්දෙත් වයස 35 ක් විතර එකෙක්, එකිගෙ සල්ලි වලට තමයි ඌ එකිව බැන්දෙ, මගෙ අතින් ලොකු වැරැද්දක් වුණා වගෙ දැනෙනවා බන්"

"නැහැ.. ඉතින් ඉස්කොලෙන් පස්සෙ එකිව හම්බ වුණෙ නැද්ද.. උඹ මෙහෙ තාපසයා වගෙ හිටියනෙ , අපරාදෙ "

"ඔව් බන් කරුමෙ කියන්නෙ, ඔච්චර සෙනග වෙඩින් එකට ඇවිල්ලා ඉද්දි එකිගෙ වෙඩින් එකෙ තැන්කින් කාර්ඩ් ටික ගෙන්න ගියෙත් මගෙ කාර් එකෙන් "

"නැහැ, පිස්සු හැදෙනවා බන් උඹ කියන කතා අහපු හාම "

"මට හැමතිස්සෙම දැනෙනවා, එකිගෙන් මම ඇහැවුවානම් මෙහෙම වෙන්නෙ නැහැ කියලා. එක දැනෙද්දි මට ටිකක් හිතට අමාරුයි "

" දැන් උඹට එක වෙනස් කරන්න බැහැනෙ, දැන් කරන්න දෙයක් නැහැ "

" කොහොමද රවා , එකි දන්නවා මම එකිට කැමැත්තෙන් හිටියා කියලා. අපි ඉස්කොලෙත් එකට හිටියෙ . ඉස්කොලෙන් පස්සෙ හම්බ වුනෙ නැහැ. මමත් එහෙම්මම හිටියා ලගදි කොච්චියෙදි හම්බ වුණා. ඉට පස්සෙ වෙඩින් එක කිව්වා. මම වෙඩින් එකට ගියා. එතනදි එකිට උදව් කරන්න උනෙත් මට .මෙක චිත්‍රපටියක එහෙම උනා නම් අපි මොන බැනිල්ලක් බැනිනවද, බැන බැන හිනා වෙනවද..?  මෙ මොනවද බන් මෙ මොඩ ආතල් නෙ , එහෙම වෙනවද කවදාවත් කිය කිය අපි හින්දි චිත්‍රපටි බලද්දි කොච්චර හිනා වෙනවද.. එත් බන් මෙ වගෙ කරුමයක්.."

"එහෙම තමයි බන් ජිවිතෙ කියන්නෙත් එක චිත්‍රපටියක් අපි හැමදාම බලන.. උඹ දන්නවානෙ මගෙ ජිවිත කතාව, මම මෙහෙම ඉන්නෙ ඇයි , ඇයි මම මෙහෙම මට කර ගන්නෙ කියලා, එක තමයි බන් ජිවිතෙ, ඇණ ගත්තහම තමයි ධර්මය මතක් වෙන්නෙ. කොහොම වුණත් හැමදෙම හොදින් විසදෙනවා, එක නියතයි. මම දන්න විදියට උඹ කාටවත් අපරාධයක් කරලා නැහැ. උඹ එහෙම කරන්නෙත් නැති බව විස්වාසයි. ඉතින් උඹට වරදින්නෙත් නැහැ බන් "

මගෙ මිතුරාගෙ මුහුණෙහිවු හැගිම දෙස බලද්දි මට වැටහි ගියෙ ඔහු එ නිසා දුකකින් ඉන්නා බවක් නොවෙ. කිසියම් රහසක් ඇත ඔහු නොකියන. මා එය හාරා ඇවිස්සිමට නොගියෙමි.

කස්ටිය