සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

3/28/11

මුහුද දෙබෑ කරපු සහොදරයාගෙ එක කුස උපන් සහොදරියට රජයෙ රොහලකදි.......

මුහුද දෙබෑ කරන..අහස පොළොව සිඹින..
රටට සෙනෙහෙ පුදන..ලෙයින් මසින් සැදුන..

සැබෑ පියෙකි දරු දහසකි..
මුලු රටේම ලේ නෑයෙකි..
අපේ එකෙකි සිය දහසකි..මේ දරු හට මව් දහසකි..

‍යව්වනයේ මේ සගයා..

අපේ එකෙකි මේ මිනිසා.. මේ මිනිසා..
දුරකථනය නාද වුණා.
"
මල්ලි මම ඉස්පිරිතාලෙ ඉන්නෙ. මගෙ ටිකට් කපනවා තව ටිකකින් ඔයාට පුළුවන් මාව එක්කන් එන්න එන්න "
"
හරි මම එන්නම් "උදෙ 11.45 විතර වෙද්දි මම ඉස්පිරිතාලෙ ළග. 12.10 විතර වෙනකම් බැලුවා. අක්කා එළියට ආවෙ නැහැ. මම ඇතුළට ගියා. අක්කා තනියම ඇඳෙ ඉදගෙන බලන් ඉන්නවා.
"
ඇයි අමාලි අක්කෙ ටිකට් කැපුවෙ නැද්ද "
"
මල්ලි මම 11.00 කිව්වෙ මට ටිකට් කපන් යන්න ඔනා කියලා, කියද්දි මට ගොඩක් ඩොක්ට බැන්නා. රජයෙ දෙපළ කන්න එනවා, එයාගෙ කාලෙ කැවා කියලා. මට ගොඩක් ලැජ්ජා හිතුණා මල්ලි. මිනිස්සු ඉස්සරහා හයියෙන්. මගෙ බඩෙ අමාරුව අඩුයි , මම උදෙ 6 ඇඩ්මිට් වුණෙ මට බෙහෙත් පෙති වගයක් දුන්නා මට ටිකට් කපාගන්න ඔනා කිව්වට පස්සෙ. දිප්ත අයියා ත්‍රිකුණාමලෙ ඉදන් එනවා හවස එයත් එක්ක මම VOG කෙනෙක්ට පෙන්නනවා. මෙ බඩෙ අමාරුව දවස් දෙක තුනක ඉදන් තියන එකක්. මම අද උදෙ පාන්දර ඇවිල්ලා දිප්ත අයියගෙ අම්මත් එක්ක ඇවිල්ල ඇඩ් මිට් වුණෙ. ඔයාලට කියන්නවත් වෙලාවක් තිබුණෙ නැහැ. මගෙ ෆයිල් එක උඩින්ම තිබුණෙ ඩොක්ටර් මාත් එක්ක තරහට මගෙ ෆයිල් එක යටටම දැම්මා. පොඩ්ඩක් ගිහින් ඩොක්ටට කියන්න මල්ලි. "
මට ටිකක් තරහා ගිහින් මම ගියා දොස්තර ළගට. දොස්තර අක්කා කෙනෙක් වයස 27,28 ක් විතර. හරිම ලස්සන දොස්තර නොනා කෙනෙක්.

" ඩොක්ටර් අර අක්කා ඩිස්චාර්ජ් කරන් මට යන්න ඔනා. ඩොක්ටර්ට පුළුවන් ඉක්මනට එක කරලා දෙන්න. "

"
කාටද අරයටද, මම ලියනවා පොඩ්ඩක් ඉන්න "
මම ටිකට් එක ලියලා දෙනකම් පස්වරු 1.00 වෙනකම් බලන් හිටියා. ලෙඩ්ඩු බලන වෙලාව ඉවර වුණා. මම ඇතුළෙ ඉන්නකම් අක්කට මුකුත් කිව්වෙ නැහැ. මම වාට්ටුවෙන් එළියට ආවා. වාට්ටුවෙන් එළියට ඇවිල්ලා මම 2.15 වෙනකම් බලන් හිටියා. මගෙ ඉවසිම ටිකක් අඩු වුණා. මම ගත්තා අදුරන මගෙ යහළුවෙකුට, යහළුවාගෙ අයියා හලාවත හොස්පිටල් එකෙ වැඩකරන වෛද්‍යවරයෙක් මගෙ වෙලාවටම දොස්තර අයියත් මගෙ යහළුවත් එක්ක.

"
මම මාරවිල හොස්පිටල් එකෙ 4 වැනි වාට්ටුවෙ ඉන්නෙ, අක්කාව ඩිස්චාර්ජ් කර ගන්න ඔනා. මෙතන ඉන්න ඩොක්ටර් කෙල්ලෙක් අක්කට ටිකක් බැනලා දැන් මම 11.45 ඉදන් මෙතන මොනාද මෙක ඉවර කරගෙන ඉක්මනට යන්න කොහොමද "
"
මල්ලි ටිකක් ඔතන වාතවෙයන් නිතරම ඩෙස්ක් එක ළඟ හිටපන්, නිතරම අහපන්, කරදරයක් වෙයන්.. එවා කරන්න බැරි නම් අක්කාව එක්කන් ගෙදර වරෙ.. .. එච්චර කෙස් එකක් නැහැ. රොහල් පොලිස්සියට නොට් එකක් යවනවා ලෙඩා අතුරුදහන් කියලා එච්චරයි "
තාම අමාලි අක්කා එළියට ආවෙ නැහැ. මම ඇතුළට ගිහින් ඩොක්ටර් ගෙන් ඇහැව්වා.
"
ඩොක්ටර් තව කොච්චර වෙලාවක් යයිද "
"
ටිකක් ඉන්න, මම ලියලා තියන්නෙ මෙ මිසි ලෙඩ්ඩුන්ට බෙහෙත් දිලා එක දෙවි "
මම බලන් හිටියා මිසි බෙහෙත් දෙන හැටි. වයසක දුර්වල අම්මා කෙනෙක් බඩ ගාගෙන ට්‍රොලිය ගාවට ඇවිත් එයාගෙ බෙහෙත් අරන් යනවා. ට්‍රොළියෙ රොදා හතර දැක්ක ගමන් මගෙ ඇස් දෙකට කඳුළු නාපු ටික විතරයි.
රොහලෙන් එළියට එන විට 2.35 යි මම අමාලි අක්කත් එක්ක.
මට ලියන්න ඔනා වුණෙ මෙච්චරයි. මගෙන් දොස්තර නොනාටවත්, මාරවිල රොහල් බලධාරින්ටවත්, රජයටවත් මගෙන් කිසි චොදනාවක් නැහැ. අක්කාගෙ එක කුස උපන් සහොදරයා රුවන් නාලක සුමෙධ , කොමන්ඩො රෙජිමෙන්තුවෙ කොප්‍රල් කෙනෙක් . එයා කොමාන්ඩො එකට බැඳුනෙ සල්ලි නැතිව නෙමෙ. මගෙ තාත්තා ගාව සුමෙධ අයියා වැඩ කරෙ. යුද්දෙ තිබුණ කාලෙදි හමුදාවට බැඳෙන්න ඔනා කියලා සුමෙධ අයියාගෙ අම්මටයි තාත්තටයි සුමෙධ අයියා කියපුවාහම අම්මයි තාත්තායි කැමති වුණෙ නැහැ. මගෙ තාත්තා තමයි එයාලට කියලා කැමති කරගත්තෙ. සුමෙධ අයියට කකුල කලවට එක පාරක් වෙඩි වැදුණා. අපි පොඩියි අපිව හමුදාරොහළට එක්කන් ගියෙ නැහැ බලන්න. නමුත් ඉට පස්සෙත් සුමෙධ අයියා හොධවෙලා ආපහු යුද්දෙට ගියා. කොටින්ම කියනවා නම් අම්මලා තාත්තලාත් එක්ක තරහාවෙලා ගියේ. 98 මැයි 28 වැනිදා උදෙ පොලිසියෙ මහත්වරු දෙන්නෙක් ඇවිල්ලා රුවන් නාලක සුමෙධ පරන්තන් වලදි වෙඩි වැදිලා මැරිලා කියන ලියුම තාත්තාට දෙද්දි උදෙ පාන්දර 6, මම ඉස්කොලෙ යන්න ඇදුම දාගත්තා විතරයි. සුමෙධ අයියාගෙ මළකද දාපු පෙට්ටියෙ පියන ඇරපු ගමන් මෙ අද ඉස්පිරිතාලෙට ඇඩ් මිට් වුණ අක්කා සුමෙධ අයියාගෙ මළකද බදාගත්තා ඔළුව පැත්තෙන්. මල කඳෙ පපුව හා උදරයෙ එක පැත්තක තිබුණු පුළුන් මෙ අක්කාගෙ අතට දැනුණ හම මෙ අක්කා කැගහලා සිහිය නැති වුණා. මෙ අක්කගෙ තාත්තාත් නැති වුණා ඉට අවුරුද්දකට පස්සෙ. තමන්ගෙ එකම සහොදරයා මැරුණට පස්සෙත් මෙ අක්කා තමන්ගෙ පෙම්වතා කර ගත්තෙ නාවික හමුදාවෙ වැඩ කරන අයියා කෙනෙක්. එයා දැන් ත්‍රිකුණාමලෙ වැඩ කරන්නෙ.දුප්පත් අසරණ ලෙඩ්ඩු රජයෙ රොහල් වලට එන්නෙ. එයාලා දොස්තරලා මිසිලා තරම් ඩිග්‍රි,ඩිප්ලොමා කරපු උගත් මිනිස්සු නෙමෙ. එයාලා ජිවිතෙම අන්ත දුක්ඛිතව ගෙවලා තමයි ඔය රොහළට එන්නෙ. එයාලා පුද්ගලික රොහලකට යන්න සල්ලි හම්බ කරලා නැහැයි කියන්නෙ එයාලා ජිවිත කාලෙම වායුසමිකරනය කරපු කාමර ඇතුළෙ නිකන් ඉදලා නෙමෙ. මුලු ජිවිතෙම කාලෙම මහන්සි වුණ මිනිස්සුන්ගෙ අසරණකම් වලින් නිච විදියට මුලු ජාතියම වැඩ ගත්තා. ගොවියන්ගෙ අසරණ කමින් අපෙ මිනිස්සු හොදට ප්‍රයොජන ගත්තා හැමදාම. එළවළු ගොවියා අසරණ හින්දා හැමදාම අතරමැදි මුදලාලි තට්ටු උසට ගෙ හදාගෙන ඡන්දෙ ඉල්ලලා මන්ත්‍රි වුණා. කර්මාන්ත සලාවෙ වැඩ කරන මනුස්සයා තුට්ටුවට නිමිභාණ්ඩෙ හදලා දෙද්දි මහත්තයා එක රට අරිද්දි යකඩ ගොඩට සල්ලි දාපු මනුස්සයා පොහොසත් වුණා...... වගෙ තුට්ටුවට ජිවිතෙම මහන්සි වුණ මිනිස්සු තමයි අද රජයෙ රොහල් වලට ගාටන්නෙ, බඩ ගන්නෙ...... මහන්සි වෙලා, මහන්සි වෙලා ලෙඩ වෙලා.. මෙ මිනිස්සු මහන්සි වුණ හින්දා තමයි අද අපි කැම්පස් වල දොස්තර විභාග, ඉංජිනෙරු විභාග කරන්නෙ. අපිට බැරිනම් මෙ අපෙ මිනිස්සුන්ගෙ දුක බර අඩු කරන්න උදව් කරන්න තෙරුමක් තියනවද අපෙ නමට පිටිපස්සෙන් තියන MBBS SL , BSc, MSc කියන අකුරු වලින් . එයාලා ලෙඩ වෙලා අසරණ වෙලා රොහළට එද්දි අත අල්ලලා " මොකද අම්මෙ .. මොකද වුණෙ...".. රොගෙ හොයාගන්න බැරිම නම් ටක් ගාලා ඉක්මනට මොනවා හරි පෙති ටිකක් දිලා එයාගෙ හිතට දැනෙන්න දෙන්න එයා ජිවිත කාලෙම මහන්සිවෙලා ලෙඩ වුණ එක, එයාගෙ මහන්සිය අපතෙ ගියෙ නැහැ කියලා....
හොරෙන් කිරි පැකට් එක තමන්ගෙ වියදමෙන් ලෙඩ්ඩුන්ට අරන්දෙන දොස්තරලාව ඇයි මගෙ ඇස් දෙකට පෙන්නෙ නැත්තෙ ඇයි

කස්ටිය