සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

4/30/10

සෙනෙහසේ මහල් නිවස...


පැළලී ගසා වසා ගනිමින්..
පැලැස්තර අලවා මසා ගනිමින්
මිනිස් දෑසට නොගට්ටවා
ගලෙන් ගල එකතු කර බඳිනා..
මහල් නිවසේදී...........
සැනසීම සොයන්නෙමී මම..

හද තුල කැකෑරෙන
එකිනෙකා පරයමින් දගලන
තරඟ බිම කුහක කම
සුන්දර දෑස් තුලින් මම
නොදුටුවෙමි මම පෙර දිනක..

නිවසක් තනන්නෙමි මම
සැනසීමට වනන්නෙමි අත
දෑස ගැටෙනා මයිමෙ ඉදන්
නුඹ වනන්නෙද මට අත..

මිනිසුන් වසා ගත්තද ඇස
නුඹෙ හද ඇසින් බලන කල
මෙ නැගෙන්නෙ බිත්ති සතරක් බව
වැටහෙවිද කෙදිනක හො නුඹට..

හද තුල තනාගත් පැලක
නුඹත් මමත් ජිවය ලදීමි පෙර දිනක...

එදා අප වටා සිටි අය
නොඅමතන්නෙය අද
එදා අප හට දුන් බත් පිඩ
මටද අමතක වීය මිතුරිය

සැනසුමෙන් හෙලු සුසුමන්
පිටාර ගැලු සන්තොෂයන්
නුඹට අමතක වුවාද
මටද අමතක වුයෙ කවදාද...........

4/27/10

සඳගලතැන්නෙ පාමුල සීතල වතුරෙ ......


ආ මග වැරදියි
යන මං නොපෙනෙයි
තනිවී දෙවිඳුන් නැති දෙවොලෙ..

කවුරු යදින්නද
කවුරු පතන්නද
හිරු සඳු වත් නැති
මිහි මඩලෙ ...

සඳගල තැන්නෙ පාමුල සීතල වතුරෙ
නුඹෙ සෙවනැළි පාවෙයි නිල් දිය රැලි අතරෙ...
දම් අඳුරෙන් මං කඩ ලඟ
ගොම්මන් අදුරෙ
දියඹුං  හඩ නැහැ දැන්
එය සිහිනෙකි මිහිරෙ...

හඩා දොඩා කිවත් දුක
කවුරුද ඇසුවෙ
ප්‍රාර්ථනා ගඟ උතුරා
කදුලැලි ගැලුවෙ..

මන්දාරම් අහස වැසු
මිහිදුම සලුවෙ ...

කින්ද සොදුරු ජිවන
මග හිරිකඩ හෙලූවෙ..

සදගල තැන්නෙ පාමුල සීතල වතුරෙ ..\\


ගායනය අමරසිරි පිරිස් මහතා සමග ශශිකා නිසංසලා මෙනවිය..

මෙතනින් බාගත කරගන්න

මෙම සින්දුව අන්තර්ජාලයට එකතුකරන ලද්දෙ  amila90210 නැමති අය විසින්ය. ඔහුට හො ඇයට ස්තුතිය පිළිගන්වමි.

4/21/10

සෙවීම, ලබා ගැනීම හා පරිසරය ......




අපි හැමදාම වෙහෙසෙමු. අපෙගෙ සැම සතුටක්, දුකක් පාසාම අප හඹා යැම, අයිතිකර ගැනිම් නැවත නැවතත් ඇති කරගන්නෙමු.. මිට වසර කිපයකට කලින් මා මෙම ඉහත එකතුකරන ලද චිත්‍රපටය නැරඹුවෙමි. මුළු චිත්‍රපටය පුරාම දිවෙනුයෙ අපුර්ව කතන්දරයකි.. පැවැත්ම, විනාශ විම, ඇති විම.. සැකිල්ල කොට ගත් මෙම අපුරු Apocalypto චිත්‍රපටය හොලිවුඩ් හි සුපිරි තරුවක් වන මෙල් ගිබ්සන් මහතාගෙ අපුරු නිර්මාණයකි. Braveheart, We were soldiers, Forever Young, The passion of the christ, ඔහු දායකත්වය දුන් නිර්මාණ අතර මා වඩාත් හිත ගත් නිර්මාණ කිපයකි. මෙම කොටසෙන් ඉතාම වැදගත් පාඩමක් ඔහු මිනිසුන් හට පෙන්වා දි ඇත.

සෙවිම, ලබා ගැනිම , එකතු කිරිම, ගොඩ ගැසිම අපි හැමදෙනා යම් යම් ප්‍රමාණයන්ගෙන් කරන්නෙමු. වඩාත් වැදගත් දෙ නම් එකතු කරගත් දෙ රැගෙන යනුවෙ කොහාටද යන්නයි. අද අපගෙ ලොකය දියුණුවෙ හිමිපෙත්තටම නැග ඇති බව බොහො දෙනා ප්‍රකාශ කරයි. ඉතාම ලස්සන වචන ටිකක් උපයොගි කර ගනිමින් මිනිසුන් පරිසරයට කරන විනාශය මහත්ය. අනාගතයෙදි විද්‍යාවෙන් , තාක්ෂනයෙන් බොහො ප්‍රශ්නවලට පිළිතුරු ලැබුනත් මිනිසුන්ගෙ පැවැත්මට අභියොග කරන ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනිමට ලොව උගත්තුන්ට නොහැකි වන බව මම විස්වාස කරන්නෙමි. මිනිසුන් විද්‍යාවෙන් සොයාගන්නා බොහො දැ ඔවුනටද අමතක වෙ.  සුර්යා ඇතිවිම, ග්‍රහ මණ්ඩල ඇති විම, ජිවය ඇතිවිම, විකසනය මෙ ආදි සියලු දැ මිනිසුන් විසින් ඇති කරගත් දැනුම් සම්බාරයට පසු ගිය වසර පන්සියතුල එකතු විය. ස්භාවධර්මයට මිනිසුන් විසින් කරන ලද ඇගිලි ගැසීම් නිසා ඇතිවි ඇති අනතුරුදායක තත්වය පිළිබද පුංචි හො වැටහිමක් කියවන ඔබට ඇතැයි මම සිතන්නෙමි.

 ඇමරිකානු ජනධිපති හට යැවු සංදෙශයෙ රතු ඉන්දියනූ ජාතික නායක සියැටල් විසින් මෙසෙ පවසා තිබෙ..

" පරිසරය යනු මිනිසා විසින් වියන ලද දැලක් නොව ඔහු එහි නූල් පොටක් පමණි." .

ඔහු විසින් කරන ලද කතාව මෙතනින් ශ්‍රවණය කල හැකිය.


මා නිතරම මෙනෙහි කරනා ඉතා වැදගත් සිතුවිල්ලක් අවසන් වශයෙන් සටහන් කර තබන්නෙමී.

" මම නෙමෙ මෙතනට ඉස්සල්ලාම ආවෙ..,
    මම නෙමෙ මෙතනින් අන්තිමට යන්නෙ..
මට ඉස්සලා මෙතනට අපු අය හිටියා..
    මට පස්සෙත් මෙතනින් යන අයත් ඉදිවි..."

මෙහිදි මම වැඩි යමක් ප්‍රකාශ නොකරමි. ඉහත මුල් රුප දසුනෙ ඇති දෙ පිළිබදව ඔබගෙ අදහස මා දැන ගැනිමට අපමණ කැමැත්තෙන් සිටින්නෙමි.

4/19/10

සදාකාලික ආදරයක් තියනවද.....


"ඔයාට පුළුවන්ද හැමදාම මෙ වගෙ ඉන්න..."

"මොනවගෙද ?"

"මෙ වගෙ..."

"මම එහෙම වෙන්න ඔනද ?"

"අපි දෙන්නා අහසයි පොලවයි වගෙ නෙද...?"

"එ කියන්නෙ"

"කවදාවත් එකට යන්නෙ නැති අදහස් අපි දෙන්නගෙම තියන්නෙ "
" එක හින්දද අහසයි පොළවයි කිව්වෙ "

"කොච්චර කරත් අපි දෙන්නා ව එකට ගලප ගන්න බැහැනෙ.."

" හරි ඔයා මට කියන්න අහසයි පොළවයි අතර මොනවද තියන්නෙ.."

"ගස් කොලන් , මෙ හැම දෙයක්ම අහසයි පොළවයි අතර තියන්නෙ.. අහසයි පොලවයි කවදාවත් එකතු කරන්න බැහැ නෙ.. "

" කෙල්ලෙ උඹ හොදට බැලුවොත් පෙනෙවි.. ඔය පොඩි පොඩි තැන් දෙක තුනකදි ඇරෙන්න, අනිත් හැම තැනදිම අහසයි පොළවයි එකතු වෙලා මෙ හැමදෙම ජිවත් කරනවා"

"සදාකාලික ආදරයක් තියනවද ..?"

" ඔයා එහෙම හිතන් ඉන්නවානම් ඉන්න. මම එක දන්නෙ නැහැ, නමුත් ඉතින් එ වගෙ දෙයක් ඔයා මගෙන් බලාපොරොත්තු වෙනවා නම් ඉතින් ඔයාට සොරි තමයි කියන්න වෙන්නෙ. හැබැයි මම එකක් කියන්නම්. මට අත දිග තියන මායිමෙ ඔයා ඉන්නකම් මගෙ හිත ඇතුලෙ ඔයා ගැන තියන හැගීම් එහෙමම තියයෙයි.. මගෙන් ඔයා ඇත් වෙලා ගියහම ත් එහෙම්මම තියෙයි..නමුත් ඔයගෙ ලස්සන නැතුව යනවා කවද හරි.. එ වෙද්දිත් ඔයගෙ වටෙ මාව බැඳලා තියාගන්න තරම් ඔයගෙ ලස්සනක් මම දැක්කොත් මම වෙනස් නැතුව ඉන්න උත්සහා කරන්නම්, කෙල්ලෙ උඹ ගැලපෙන දෙ හොයාගෙන ගියොත් උඹට හම්බ වෙන්නෙ  උඹට නොගැලපෙන දෙවල් විතරමයි. කිසි දෙයක් ගලප ගන්න උත්සහා කරන්න එපා, එ දෙවල් එහෙන් මම තිබිච්චි දෙන්, උඹට පුළුවන්නම් පොඩ්ඩක් වෙනස් වෙයන් එතකොට අනිත් මිනිස්සුත් වෙනස් වෙයි.. "

4/13/10

මේ අවුරුදු කාලෙ... සිනහා වෙයන්.. රාළෙ..

 ඔන්න අවුරුදු ඇවිල්ලා.. මෙන්න මෙ කාලෙදි මම ආසවෙන් අහන සින්දුව.
ලයනල් රන්වල මහතාගෙ අපුරු නිර්මාණයක්
රස විදින්න.



හැමොටම සුභ අලුත් අවුරුද්දක් වෙවා කියලා පතනවා...

ස්තුතිය
youtube එකෙ ඉන්න වරක මඳුල (WarakaMadula) ඉන්න කෙනාට. එයා ගෙ චැනල් එකෙන් මෙක අරගත්තෙ..

4/8/10

මිට අවුරුදු 6 කට කලින් අප්‍රියල් මාසයෙ වුන සිදුවිමක්..


මම හැන්දැවෙ ඉර බැස යාම නැරඹිමට පුරුදු වි සිටියෙමි.මම පුරුද්දකට මෙන් සතියක ට වතාවක් කිලොමිටර් 7 ක් පමණ බයිසිකලය පැදගොස් වෙරලෙ තිබු පොල් කොටයක් මත හේත්තු කොට එම පොල් කොටය මතම හිදගෙන බැස යන හිරු දෙස බලා  සිටින්නෙමි. මගෙ අපොස උසස්පෙළ විභග ගණිතය ප්‍රශ්න පත්‍රය නියමිත දිනට සති දෙකකට කලින් ඉරිදා දිනයකදි මම බයිසිකලය ගෙන වෙරළට ගියෙමි.. මා පොල් කොටය මත බලා හිදිනා විට කාරයක්  පැමින මා සිටි තැනට මදක් ඇතින් නතර කර ඉන් මුලු පවුලම බිමට බැස වෙරලට ඇවිදින්නට විය. අම්මා තාත්තා දුවලා දෙන්නාත් සමග වෙරළෙ ඇවිදින්නට විය. මම නැවතත් මුහුදෙ ගිලියන හිරු දෙස බලා කල්පනා ලොකයෙ අතරමං විය.  පසු ගිය සතියෙ අවසන් වරට පැමිණ ගිය පසු මගෙ ලොකයට හිරු කල කාර්යභාරය මෙනෙහි කරමින් සිතෙන් ස්තුති කරන්නට විමි.

වඳිමින් සවස නල  හැසිරෙන   දිගතු   වල
සොබමින් සුනිල මිණිනිල් නුඹ තුරු විපුල
පතසන් අවරගිරි නැටියෙන් වැටෙන  කල
විළිකුන්  සුරත්   පල   වැනිවෙ   රිවි මඩල..

සැලළිහිණි සංදේශය ලියු රාහුල හිමියන් බැස යන හිරු දෙස බැලුවෙ එසෙය. එම කවිය මා ඉගෙන ගත්තෙ සාමන්‍ය පෙළ සමයේ හිස් කාලච්ඡෙදයකදි පන්තියට පැමිනි උප විදුහල්පතිතුමාගෙන්ය. මා හට එම කවිය උගන්වපු කෙනාත් උගන්වපු විදියත් මා වෙරලෙ දි මතක් කල බව අදටත් මා හට මතකය. එදින හිරු තැඹිලි හො රතු පැහැයෙන් නොවිය. වලාකුලුත් මුහුදත් දෙකම එ මොහොතෙදි හිරුට කිසියම් අරියාදුවක් කර ඇති බවක් මා හට දැනිනි. මා මගෙ ලොකයෙ  එක කෙලවරක රැඳි මනසින් අතරමං වි හිරු රැස් රස විඳිමින් ඉන්නා අතරතුරෙ දි " පුතා..." යන හඩින් මා පියවි සිහියට රැගෙන ආවෙය.
ඔහුගෙ මුහුන මන්තර කාරයෙකුගෙ මෙන් රැවුලෙන් පිරිතිබිණි. ඝන ඇහිබැමි . ඇතුලට එබි තිබු කම්මුල, තැනින් තැන සුදු පැහැ ගැන් වුන රැවුල් කොට මෙ සියල්ල එකතු කර විට ඔහුගෙ වයස ට වඩා පරිනත පෙනුමක් ඔහු හට ලැබි තිබුන බව මට දැනුනි. ඔහුගෙ මුහුනෙ සියල්ල ම එක වර නිරික්ෂනය කොට තප්පර කිපයක් තුලදි මා ඔහු ගැන භාහිර කරුණු වලින් නිගමනය කර ඔහු දෙස බලා සිටින්නට විය...

"පුතා තනියම , බයිසිකලේ ද ආවෙ..?"
ඔහුගෙ කටහඬෙහි ගැඹුරක් සමග කිසියම් ශොකී ස්වරයක් මා හට දැනුණි

" ඔව් අංකල් "
" අංකල් පවුලෙ කට්ටියත් එක්ක වැල්ලට ආවද ...? "
" ඔව් පුතා "
" පුතා මොකද තනියම , බර කල්පනාවක වගෙ.. මොකක් හරි අවුලක්ද "

මම ඔහුගෙ පවුල දෙස හොදින් බැලීය. ඔහුගෙ ලොකු දියණිය.. මගෙ පාසලෙ ඉගෙන ගන්න නංගි කෙනෙක් බව වැටහිනි. මා ඇය දෙස හොඳින් බැලු විට ඇය මා සමග සිනාහා විය.

" එහෙම දෙයක් නැහැ අංකල් මම නිකන් මෙතනට සතියකට වතාවක් විතර එනවා.."
" ඔයා වයසින් බොහොම පොඩි කෙනෙක්, මට ඔයාව පෙන්නු වෙ මගෙ ලොකු දුව , දුව ඔයගෙ ඉස්කොලෙ ඉගෙන ගන්නෙ.. එයා මට කිව්වා ඔයා ගැන. ඔයා වගෙ කෙනෙක් මෙහෙම ඉන්නවා දැක්ක හම ඔයාට මුකුත් ප්‍රශ්නයක් නැහැ කියලා කියන්න ඔයාට බැහැ මොකද්ද අවුල පුතා.."

"මුකුත් නැහැ අංකල්"

" හරි පුතාට මම කතාවක් කියන්නම් . මම උසස් පෙල කාලෙ ගැහැණු ලමයෙක් එක්ක හාද වුනා. එයායි, මායි තමයි පන්තියෙන් හොදටම ලකුණු ගත්තෙ, එයා එක උනොත් මම දෙක, මම එක උනොත් එයා දෙක.. අපි දෙන්නා අතරෙ පොඩි කාලෙ ඉදන් තරගෙ.. එක හින්දා ලොකු වෙනකම් අපි දෙන්නා එක පන්තියෙ හිටියත් තරහයි. කොහොමෙන් කොහොම හරි ලොකු වෙද්දි එ ඔක්කොම නැති වෙලා අපි දෙන්නා අතර ආදරෙකට හැරුනා. මෙහෙම ඉන්න අතරෙදි මට වැඩි දුර ඉගෙන ගන්න යන්න සිද්දි වුනා. එයාත් විභාගෙ සමත් වුනත් වැඩි දුර ඉගෙන ගත්තෙ නැහැ. එයා ජොබ් එකකට ගියා. එයාගෙයි මගෙ අතර තිබුන බැඳිම ටික ටික අඩු වෙලා ගියා. මම ඉගෙන ගද්දි කැම්පස් එකෙ.. මෙයාව හම්බ උනා.. අපි දෙන්නා බැන්දා.. දෙන්නටම හොද රස්සා තියනවා.. අපි කට්ටියම සතුටින් දැන් ඉන්නෙ.. අපි පවුලෙ කට්ටිය අද මෙතනට ආවෙ ටිකක් කට්ටියම එක්කලා ඇවිදලා ටිකක් විනොද වෙලා යන්න.. පුතා මොකටද  ආවෙ.."

"මමත් ආවෙ ඔහෙ ටිකක් ඉදලා , කල්පනා කරලා ඉර බහිනවා බලලාම යන්න. මගෙත් හිතෙ ලොකු දුකක් තියනව එ ඔක්කොම මෙතනට ආපු හාම අමතක වෙනවා.."

"මම දන්නවා, හැබැයි පුතා හොදට විභාගෙ කරගන්න ඔනා , මම අහවල් බැංකුවෙ මැනෙජර්.. පුතාගෙ මුහුන දැක්කා හම මම හිතුවා ඔයාත් කරදරෙකින් ඉන්නෙ කියලා, ලොකු දුව මන් ලඟට ඇවිල්ලා කිව්වා. ඔයා ගැන. ඉස්කොලෙ ගොඩක් ගුරුවරු ඔයා දිහැ බලන් ඉන්නවා. විභාගෙ පටන්  ගත්තා නෙද..? ලිව්වද..?"

" නැහැ  අංකල් තව සති දෙකකින් .."

" පුතා මොනවා හරි කනවද..? "

" නැහැ අංකල් මම යනවා, මම ගොඩක් දුර බයිසිකලෙන් යන්න ඔනා"

" පුතා දුකෙන් ඉන්න වෙලාවට දුකෙන් ඉන්න.. හැබැයි සතුටෙන් ඉන්නෙ වෙලාවට සම්පුර්ණ සතුටෙන් ඉන්න, මගෙ ගෙවල් තියන්නෙ අහවල් පාරෙ අහවල් තැන, පුතාට උදව්වක් ඔනා නම් කියන්න.. බය වෙන්න එපා.. "

මම බයිසිකලයෙහි නැගි ආපසු එන්න පිටත් වුනෙමි.
එදින රාත්‍රියෙහි මා ඇඳෙහි එමෙ අත පෙරලි පෙරලි කල්පනා කලෙමි. නින්දක් පෙන තෙක් මානයක නොවිය.. ආගන්තුකයෙක් එකවර පැමිණ " ජිවිතය මෙහෙමත් විදපන් පුතා " කියා ඔහු අතුරුදහන් වි ගොසින්ය. ඉන් පසු අද වනතුරුත් මා හට ඔහු හමු නොවීය. ඔහුගෙ මුහුන, හඬ, පවුලෙ තිබුනු සමගිය, සතුට මෙ සියල්ල මා හට අදත් මතකය.. එ මිනිසා නොවන්න මම විභාගය නොලියනු ඇත.. මා ඔහුගෙ නම වත් නොදන්නා බව මම දනිමි..

මිනිසුන් බොහො තැන් වලදි තමුනගෙ හැම ජයකදිම තමුන් එයට වගකිව යුතු බවත්, තමුන් ගෙ හැම වැටිමකදිම එහි වගකිම අනුන් හට පටවන බව දකිමි. මා මගෙ කෙටි කාලයෙ දි ලබා ගත් දැ.. හා අත්හල දැ බොහොමයකි.. එවා ලබා ගැනිමට මා මහන්සි නොවිය.. එවා නැති කර ගැනිමට ද මා මහන්සි නොවීය. එවා නැති වන බව දැන දැනම එවා රැක ගැනිමට උත්සහයක්ද නොවීය. අතහැරිම මාගෙ හොදම මිතුරෙකි.... මාගෙ සියල්ල අන් අය නිසා ඇතිවු එවාය. මා මහන්සියෙන් ලබා ගත් දෙයක් නැත. මා කිසිවෙකට මහන්සි නොවන කෙනෙකි. මා මා හැර අන් සියල්ලටම ආදරය කරන්නෙ මෙ නිසාවෙනි.. වසර 6 කට පෙර සිදුවු සිදුවිමෙ මතකය මිහිරිය..

කස්ටිය