සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

4/8/10

මිට අවුරුදු 6 කට කලින් අප්‍රියල් මාසයෙ වුන සිදුවිමක්..


මම හැන්දැවෙ ඉර බැස යාම නැරඹිමට පුරුදු වි සිටියෙමි.මම පුරුද්දකට මෙන් සතියක ට වතාවක් කිලොමිටර් 7 ක් පමණ බයිසිකලය පැදගොස් වෙරලෙ තිබු පොල් කොටයක් මත හේත්තු කොට එම පොල් කොටය මතම හිදගෙන බැස යන හිරු දෙස බලා  සිටින්නෙමි. මගෙ අපොස උසස්පෙළ විභග ගණිතය ප්‍රශ්න පත්‍රය නියමිත දිනට සති දෙකකට කලින් ඉරිදා දිනයකදි මම බයිසිකලය ගෙන වෙරළට ගියෙමි.. මා පොල් කොටය මත බලා හිදිනා විට කාරයක්  පැමින මා සිටි තැනට මදක් ඇතින් නතර කර ඉන් මුලු පවුලම බිමට බැස වෙරලට ඇවිදින්නට විය. අම්මා තාත්තා දුවලා දෙන්නාත් සමග වෙරළෙ ඇවිදින්නට විය. මම නැවතත් මුහුදෙ ගිලියන හිරු දෙස බලා කල්පනා ලොකයෙ අතරමං විය.  පසු ගිය සතියෙ අවසන් වරට පැමිණ ගිය පසු මගෙ ලොකයට හිරු කල කාර්යභාරය මෙනෙහි කරමින් සිතෙන් ස්තුති කරන්නට විමි.

වඳිමින් සවස නල  හැසිරෙන   දිගතු   වල
සොබමින් සුනිල මිණිනිල් නුඹ තුරු විපුල
පතසන් අවරගිරි නැටියෙන් වැටෙන  කල
විළිකුන්  සුරත්   පල   වැනිවෙ   රිවි මඩල..

සැලළිහිණි සංදේශය ලියු රාහුල හිමියන් බැස යන හිරු දෙස බැලුවෙ එසෙය. එම කවිය මා ඉගෙන ගත්තෙ සාමන්‍ය පෙළ සමයේ හිස් කාලච්ඡෙදයකදි පන්තියට පැමිනි උප විදුහල්පතිතුමාගෙන්ය. මා හට එම කවිය උගන්වපු කෙනාත් උගන්වපු විදියත් මා වෙරලෙ දි මතක් කල බව අදටත් මා හට මතකය. එදින හිරු තැඹිලි හො රතු පැහැයෙන් නොවිය. වලාකුලුත් මුහුදත් දෙකම එ මොහොතෙදි හිරුට කිසියම් අරියාදුවක් කර ඇති බවක් මා හට දැනිනි. මා මගෙ ලොකයෙ  එක කෙලවරක රැඳි මනසින් අතරමං වි හිරු රැස් රස විඳිමින් ඉන්නා අතරතුරෙ දි " පුතා..." යන හඩින් මා පියවි සිහියට රැගෙන ආවෙය.
ඔහුගෙ මුහුන මන්තර කාරයෙකුගෙ මෙන් රැවුලෙන් පිරිතිබිණි. ඝන ඇහිබැමි . ඇතුලට එබි තිබු කම්මුල, තැනින් තැන සුදු පැහැ ගැන් වුන රැවුල් කොට මෙ සියල්ල එකතු කර විට ඔහුගෙ වයස ට වඩා පරිනත පෙනුමක් ඔහු හට ලැබි තිබුන බව මට දැනුනි. ඔහුගෙ මුහුනෙ සියල්ල ම එක වර නිරික්ෂනය කොට තප්පර කිපයක් තුලදි මා ඔහු ගැන භාහිර කරුණු වලින් නිගමනය කර ඔහු දෙස බලා සිටින්නට විය...

"පුතා තනියම , බයිසිකලේ ද ආවෙ..?"
ඔහුගෙ කටහඬෙහි ගැඹුරක් සමග කිසියම් ශොකී ස්වරයක් මා හට දැනුණි

" ඔව් අංකල් "
" අංකල් පවුලෙ කට්ටියත් එක්ක වැල්ලට ආවද ...? "
" ඔව් පුතා "
" පුතා මොකද තනියම , බර කල්පනාවක වගෙ.. මොකක් හරි අවුලක්ද "

මම ඔහුගෙ පවුල දෙස හොදින් බැලීය. ඔහුගෙ ලොකු දියණිය.. මගෙ පාසලෙ ඉගෙන ගන්න නංගි කෙනෙක් බව වැටහිනි. මා ඇය දෙස හොඳින් බැලු විට ඇය මා සමග සිනාහා විය.

" එහෙම දෙයක් නැහැ අංකල් මම නිකන් මෙතනට සතියකට වතාවක් විතර එනවා.."
" ඔයා වයසින් බොහොම පොඩි කෙනෙක්, මට ඔයාව පෙන්නු වෙ මගෙ ලොකු දුව , දුව ඔයගෙ ඉස්කොලෙ ඉගෙන ගන්නෙ.. එයා මට කිව්වා ඔයා ගැන. ඔයා වගෙ කෙනෙක් මෙහෙම ඉන්නවා දැක්ක හම ඔයාට මුකුත් ප්‍රශ්නයක් නැහැ කියලා කියන්න ඔයාට බැහැ මොකද්ද අවුල පුතා.."

"මුකුත් නැහැ අංකල්"

" හරි පුතාට මම කතාවක් කියන්නම් . මම උසස් පෙල කාලෙ ගැහැණු ලමයෙක් එක්ක හාද වුනා. එයායි, මායි තමයි පන්තියෙන් හොදටම ලකුණු ගත්තෙ, එයා එක උනොත් මම දෙක, මම එක උනොත් එයා දෙක.. අපි දෙන්නා අතරෙ පොඩි කාලෙ ඉදන් තරගෙ.. එක හින්දා ලොකු වෙනකම් අපි දෙන්නා එක පන්තියෙ හිටියත් තරහයි. කොහොමෙන් කොහොම හරි ලොකු වෙද්දි එ ඔක්කොම නැති වෙලා අපි දෙන්නා අතර ආදරෙකට හැරුනා. මෙහෙම ඉන්න අතරෙදි මට වැඩි දුර ඉගෙන ගන්න යන්න සිද්දි වුනා. එයාත් විභාගෙ සමත් වුනත් වැඩි දුර ඉගෙන ගත්තෙ නැහැ. එයා ජොබ් එකකට ගියා. එයාගෙයි මගෙ අතර තිබුන බැඳිම ටික ටික අඩු වෙලා ගියා. මම ඉගෙන ගද්දි කැම්පස් එකෙ.. මෙයාව හම්බ උනා.. අපි දෙන්නා බැන්දා.. දෙන්නටම හොද රස්සා තියනවා.. අපි කට්ටියම සතුටින් දැන් ඉන්නෙ.. අපි පවුලෙ කට්ටිය අද මෙතනට ආවෙ ටිකක් කට්ටියම එක්කලා ඇවිදලා ටිකක් විනොද වෙලා යන්න.. පුතා මොකටද  ආවෙ.."

"මමත් ආවෙ ඔහෙ ටිකක් ඉදලා , කල්පනා කරලා ඉර බහිනවා බලලාම යන්න. මගෙත් හිතෙ ලොකු දුකක් තියනව එ ඔක්කොම මෙතනට ආපු හාම අමතක වෙනවා.."

"මම දන්නවා, හැබැයි පුතා හොදට විභාගෙ කරගන්න ඔනා , මම අහවල් බැංකුවෙ මැනෙජර්.. පුතාගෙ මුහුන දැක්කා හම මම හිතුවා ඔයාත් කරදරෙකින් ඉන්නෙ කියලා, ලොකු දුව මන් ලඟට ඇවිල්ලා කිව්වා. ඔයා ගැන. ඉස්කොලෙ ගොඩක් ගුරුවරු ඔයා දිහැ බලන් ඉන්නවා. විභාගෙ පටන්  ගත්තා නෙද..? ලිව්වද..?"

" නැහැ  අංකල් තව සති දෙකකින් .."

" පුතා මොනවා හරි කනවද..? "

" නැහැ අංකල් මම යනවා, මම ගොඩක් දුර බයිසිකලෙන් යන්න ඔනා"

" පුතා දුකෙන් ඉන්න වෙලාවට දුකෙන් ඉන්න.. හැබැයි සතුටෙන් ඉන්නෙ වෙලාවට සම්පුර්ණ සතුටෙන් ඉන්න, මගෙ ගෙවල් තියන්නෙ අහවල් පාරෙ අහවල් තැන, පුතාට උදව්වක් ඔනා නම් කියන්න.. බය වෙන්න එපා.. "

මම බයිසිකලයෙහි නැගි ආපසු එන්න පිටත් වුනෙමි.
එදින රාත්‍රියෙහි මා ඇඳෙහි එමෙ අත පෙරලි පෙරලි කල්පනා කලෙමි. නින්දක් පෙන තෙක් මානයක නොවිය.. ආගන්තුකයෙක් එකවර පැමිණ " ජිවිතය මෙහෙමත් විදපන් පුතා " කියා ඔහු අතුරුදහන් වි ගොසින්ය. ඉන් පසු අද වනතුරුත් මා හට ඔහු හමු නොවීය. ඔහුගෙ මුහුන, හඬ, පවුලෙ තිබුනු සමගිය, සතුට මෙ සියල්ල මා හට අදත් මතකය.. එ මිනිසා නොවන්න මම විභාගය නොලියනු ඇත.. මා ඔහුගෙ නම වත් නොදන්නා බව මම දනිමි..

මිනිසුන් බොහො තැන් වලදි තමුනගෙ හැම ජයකදිම තමුන් එයට වගකිව යුතු බවත්, තමුන් ගෙ හැම වැටිමකදිම එහි වගකිම අනුන් හට පටවන බව දකිමි. මා මගෙ කෙටි කාලයෙ දි ලබා ගත් දැ.. හා අත්හල දැ බොහොමයකි.. එවා ලබා ගැනිමට මා මහන්සි නොවිය.. එවා නැති කර ගැනිමට ද මා මහන්සි නොවීය. එවා නැති වන බව දැන දැනම එවා රැක ගැනිමට උත්සහයක්ද නොවීය. අතහැරිම මාගෙ හොදම මිතුරෙකි.... මාගෙ සියල්ල අන් අය නිසා ඇතිවු එවාය. මා මහන්සියෙන් ලබා ගත් දෙයක් නැත. මා කිසිවෙකට මහන්සි නොවන කෙනෙකි. මා මා හැර අන් සියල්ලටම ආදරය කරන්නෙ මෙ නිසාවෙනි.. වසර 6 කට පෙර සිදුවු සිදුවිමෙ මතකය මිහිරිය..

42 අදහස් දැක්වීම්:

චේජනා said... [Reply to comment]

මල්ලි, හීනෙන් ගෑ සුවඳක් වගේ ඇවිත් ගියත්
ඒ කෙනා ඔයාගෙ ජීවිතේට අමිල මතකයක් දීල ගිහින්...
ඒ කරුණාවන්ත පියා කිසිදිනක මුණ ගැහී නැතත් ඔහු මගේ හිතෙත්
ලොකු ගෞරවයක් ඇති කළා..
අනුන්ගේ දරුවෙකුත් තමාගේ සේම දැකීමේ උතුම් ගුණය නිසා.

මිස්සක said... [Reply to comment]

" මිනිසුන් බොහො තැන් වලදි තමුනගෙ හැම ජයකදිම තමුන් එයට වගකිව යුතු බවත්, තමුන් ගෙ හැම වැටිමකදිම එහි වගකිම අනුන් හට පටවන බව දකිමි. "

200% ක් එකඟයි. ඒක එහෙම නොවිය යුතු බවයි මගේ හැඟීම.
තමන්ගේ ඔරැවේ හබල තමන්ට භාරයි. ඔරැව යන දිසාව තීරණය තමන් අතේ.

" මා මගෙ කෙටි කාලයෙ දි ලබා ගත් දැ.. හා අත්හල දැ බොහොමයකි.. එවා ලබා ගැනිමට මා මහන්සි නොවිය.. එවා නැති කර ගැනිමට ද මා මහන්සි නොවීය. එවා නැති වන බව දැන දැනම එවා රැක ගැනිමට උත්සහයක්ද නොවීය. අතහැරිම මාගෙ හොදම මිතුරෙකි.... මාගෙ සියල්ල අන් අය නිසා ඇතිවු එවාය. මා මහන්සියෙන් ලබා ගත් දෙයක් නැත. මා කිසිවෙකට මහන්සි නොවන කෙනෙකි. මා මා හැර අන් සියල්ලටම ආදරය කරන්නෙ මෙ නිසාවෙනි."

එකඟ වෙන්න බෑ.එහෙම ජීවිතයක් අතහරින්න සාධාරණ හේතුවක් ?
මම පෞද්ගලිකව ඒ අදහසට විරැද්ධයි.

මාරයාගේ හෝරාව said... [Reply to comment]

කතාව පැත්තකින් තිබියාවෙ..
අද මොකද ගෙදර..?

රවා said... [Reply to comment]

මාරයා තව ටිකකින් මම කුඩු.. හා හා.. කස්ටිය එනවා 11. 30 ට විතර චන්දෙ අහන්න එක්කන් යන්න... තනියමද ඉන්නෙ...

මාරයාගේ හෝරාව said... [Reply to comment]

නැතුව ඉතින් අපිට කොහෙන්ද මලේ බූල් බල්ලෝ...
තනියම තමා..
ඉස්සර නම් ඉතින් අද වගේ දවසක් කියන්නේ නිකං මගුල් ගෙයක් වගේ තමයි..
දැන් නම් ඉතින් තවත් එක දවසක් විතරයි..

දිල් said... [Reply to comment]

අර බැංකු මල්ලිට වගේ හොද අවවාදයක් තියලා යන්න හිගින්. ඉවිත කාලයටම පාඩම්ක් කියලා දීලා......

මගේ ජීවිතයේ වැඩිපුරම තියෙන්නේ මම මහන්සිවෙලා ලබාගත්ත දේවල් මට නම් ඒවා හුගාක් වටිනවා....

වැප් said... [Reply to comment]

"දුකෙන් ඉන්න.. හැබැයි සතුටෙන් ඉන්නෙ වෙලාවට සම්පුර්ණ සතුටෙන් ඉන්න"

මෙන්න මේක වැදගත් කතාවක් ....

රවා said... [Reply to comment]

චෙජනා අක්කට
ඔව් මම ඔයගෙ බ්ලොග් එකෙදි කලිනුත් කිව්වනෙ.. අපි අතරෙ බොහොදෙනෙක් ඉන්නවා මනුස්සකම්, ගුණධර්ම ,සමානාත්මතාවය කියන දෙවල් හොදට ප්‍රගුණ කරපු .. බලන්න එ මනුස්සයා මගෙ ලඟට ඇවිල්ලා.. මාත් එක්ක කතා කරලා, එ මනුස්සයගෙ පුද්ගලික දෙවලුත් මාත් එක්ක කියලා මට කන්න දෙන්නත් හැදුවා..

රවා said... [Reply to comment]

මිස්සක මල්ලිට
ජිවිතය අත හැරිමක් ගැන නෙමෙයි මල්ලි මම එතනදි කිව්වෙ. මම වැඩ කරන්නෙ මගෙම ක්‍රමයකට, මම දැඩිව මහන්සි වෙන්නෙ නැහැ.. මොකද මම කරන දෙයක් ආසාවෙන් කරද්දි මට මහන්සියක් දැනෙන්නෙ නැහැ.. සමහර දවස් තියනවා මල්ලි එක දිගට පැය 52 ක් විතර ඇහැරන් හිටපු .. එකත් එක ගණිත ගැටලුවක් හින්දා, වැරදි වැරදි මම එක තනියම හැදුවා. පොත් පත් වලින් තියරි කොටස් හොයාගෙන.. නමුත් අන්තිමට මම නිදාගත්තෙ මුලු ලොකෙම දිනාගත්තු සතුටකින්.. එක ගණිත ගැටලුවක්.. මම එ ගැන දවසක බ්ලොග් එකෙ කියන්නම්..

රවා said... [Reply to comment]

මාරයො
වැඩ කාගෙන නෙ.. එකනෙ කිව්වෙ.. මොකක් හරි සංඥාවක් දිපන් කියලා.. අපි කස්ටිය එක තැනකට එකතුවෙමු කියලා.. උඹ බයයිනෙ අයියා..

wath said... [Reply to comment]

අනේ මන්ද මල්ලි උඹ නම් මට මහාම මහ අපභ්‍රන්සයක්...

isimbuwa said... [Reply to comment]

ඒ මනුස්සය කවුරු උනත් මුලු ලෝකෙම දරුවන් තමන්ගෙ දරුවන් වගේ දකින්න පුලුවන් උතුම් හදවතක් තියෙන කෙනෙක්.ජිවිතේ හැල හැප්පීම් වලට ලක් වෙන එක කාටත් පොදුයි. පසුබට වෙන්න එපා.

රවා said... [Reply to comment]

දිල් අක්කට
ඔයා හා සමානව ඔයාගෙ වටෙ හිටපු අයත් මහන්සි වුනෙ නැත්නම් ඔයාට එ දෙවල් ගන්න හම්බවෙන්නෙ නැහැ. අපි ඔක්කොම තමයි මෙ පුංචි පොකුනෙ ජිවත් වෙන්නෙ..අපිම තමයි පොකුනත් ලස්සන කරන්න ඔනා...

වැපා
ඔකත් එක තියරියක් තමයි රවා පිළිපදින..වැපා

වත් අක්කා..
අපබ්‍රංසයක්.. මමද.. උඹත් අපබ්‍රංසයක් තමයි..මට..

ඉසිඹුව ට
එ මනුස්සයා එහෙම කෙනෙක් තමයි.. මම මොකටද පසුබට වෙන්නෙ.. මම එ වෙලාවෙ ජොබ් එකකට යන්ද නොයන්ද , විභාගෙට යන්ද නොයන්ද කියලා තිර්ණය කරෙ එතනින් හම්බුන දෙයත් එක්ක..

RoshanHerath said... [Reply to comment]

මිනිසුන් අතර අනික් අයට කන්දෙන්න සූදානම්, උදව් කරන්න සූදානම් මනුස්සකම පිරුණු මිනිසුන් තවමත් ජීවත් වෙන බවට හොඳ උදාහරණයක්....

මිත්‍රයා said... [Reply to comment]

සමහර මිනිස්සු තමන්ට මුණගැහෙන්නෙ ජීවිතේටම එක්වරයි. නමුත් ඔවුන් ඇතිකරන මතකය හා අපට දෙන පණිවිඩය ජීවිත කාලෙටම වැදගත්...

Hasitha said... [Reply to comment]

ජීවිතේදී එක වෙලාවකට අපිටම පාඩම ඉගෙන ගන්න වෙනවා. ඒ නැත්නම ඊට කලින් ඇවිත් අපිට පාඩම කියාදීලා යනවා...

බැංකුවේ මහත්තයත් එහෙම එක්ක වගේ කරලා තියෙන්නේ...........

Raven said... [Reply to comment]

"දුකෙන් ඉන්න වෙලාවට දුකෙන් ඉන්න.. හැබැයි සතුටෙන් ඉන්නෙ වෙලාවට සම්පුර්ණ සතුටෙන් ඉන්න"

ඒ ටිකම කියල ගියත් ඇති. මිනිස්සු දුක අබිබවා සතුටම පැතුවත් සමහර සතුටවල් ළගා කරගන්න නම් මුලින්ම දුක විඳලා අදුනගෙන ඉන්න ඕනෙ.

ජීවිතේමල් said... [Reply to comment]

සංවේදී කතාවක්.. මුහුදු වෙරල කියන්නේ මාත් දකින අන්දමට හිත ගොඩාක් නිවන, අපිට අපි දිහාම ආපහු බලා ඉන්න විවේකයක් දෙන ගුප්ත තැනක්... මාත් ඒ ගුප්ත මුහුදු වෙරලට බොහෝ සේ පෙමින් වෙලුන කෙනෙක්.
මේ කතාව තුල ඉන්න ඒ අපූරු මහත්මයා ඔබට දීල ගිහින් තියන පණිවිඩය අපූරුයි. එය අදටත් ඔබේ මතකයේ තැන්පත්ව තියෙනව කියන්නේ එය ඔබ තුල වෙනසක් ඇති කොට තිබෙන බවට සාක්ෂියක්.ජීවිතය විඳින, විඳින ජීවිතය කවියක් වගේ වචන වලින් නැවත යාවත්කාල කරන, ඉන් තවත් හදවතක් තිගස්වන චරිත බොහෝම හිඟයි මේ කාලයේ... බහුතරයක් මිනිසුන් ජීවිතය විඳීමට දී තිබෙන්නේ අවම තැනක්. ඒ වෙනුවට දිවීමයි කරන්නේ.. වටින මිනිසෙක්...

රවා said... [Reply to comment]

RoshanHerath ට
අපො අපිට එළියට බැහැලා පොඩ්ඩක් වටපිට බැලුවොත් , හොදින් බැලුවොත් ඔනා තරම් මිනිස්සු ඉන්නවා මිනිස්කම , ගුණධර්ම වලින් පිරුන අදටත්... වැඩෙ කියන්නෙ මෙ කාලකණ්නි, අමනුස්සයොනෙ පැණ ගෙන මෙ දඟලන්නෙ..

මිත්‍රයා
එහෙම අවස්තාවලිනුත් ජිවිතය රසවෙනවා.. අපි දන්නෙම නැතුව...

හසිත
පාඩම් තමයි හැමදාම ත් ඉගෙන ගන්නෙ... පුදුම විදියට එවා අපිට කියලා දෙනවා..

රවා said... [Reply to comment]

රෙවන් ට
එ මනුස්සයා හිතුවෙ මොකක් හරි කෙල්ලෙක්ගෙ හුටපටයකට මම දුකෙන් ඉන්නවා කියලා... ඉතින් එ හින්දයි එ මනුස්සයා එයාගෙ ඇතුලෙ තිබ්බ දෙයක් එලියට දැම්මෙ.. එ මගෙ හිතෙ තියන දුක, කරදරය මමත් එලියට දායි කියලා...

රවා said... [Reply to comment]

ජිවිතෙ මල් ට
අපි හිතුවට ගොඩක් මිනිස්සු ජිවිතය විඳවනවා කියලා , එයාලත් එයාලගෙම ක්‍රමෙකට.. ජිවිතය විඳිනවා.. ක්‍රමෙදි ඉතින් අනිත් මිනිස්සුන්ගෙ භූමිකාව තමයි වැඩගත්ම දෙ කියලයි මම හිතන්නෙ..මිනිස්සු හැමදාම අපිට උගන්වනවා.. අපි ඉගෙන ගන්නෙ නැති උනත්...

ගල්මල්-Coral said... [Reply to comment]

සොයුර, මෙ කතාව හිතට ගොඩාක් දැනුනා. එවන් උසස් මිනිසුන් කිහිප දෙනෙකු මගේ පෞද්ගලික ජීවිතයේ ඉහල තැනක් දරනවා. ඔවුන් ගැන සටහනක් තබන්න අවැසියක් මහිතේ ඇත. ඒ අන් කිසිවක් නිසා නොව වටාපිටාවේ ඇති නිරස දේ ගැනම දකින්න, කියවන්න, අහන්න වෙන ලොවක රැස් විදුවන මුතුකැට නැතුවා නෙවේ යන්න ඒත්තුගන්වන්න. ඒ කාන්තියෙන් අඳුරේ යන නෙතු වලට මගපෙන්වන, ඒ කිරණින් දිරි මල් පුබුදුවාලන, සුවඳින් පැතුම් පල ගන්වන ඒ අනුපමේය උත්තමයින් හිටියා, අදද ඉන්නවා වගේම හෙටත් ඉඳීවි කියා මා සිතනවා.

ඔබට හමුවු ඒ උත්තම පුරුෂයා ට මගේ ආචාරය. ඔහු ගෙන් ලද ඒ සුවඳ ඔබෙන් අදත් දැනේ ‍යැයි හැඟේ, ඔබට ජය මල්ලියේ.

විශ්මි said... [Reply to comment]

සමහර අවස්ථාවල මුණගැහෙන අමුත්තො ජීවිතේටම මතකයක් ඉතුරු කරල මොහොතකින් වියකෙනවා....

තිස්ස දොඩන්ගොඩ said... [Reply to comment]

උඹ හැබෑටම course එක complete කලේ නැද්ද...?
ජූනි මාසේ මාත් එක්ක ෆැකල්ටියට යන්නත් සූජානමෙනුත් හිටපන් එහෙනම්....

රවා said... [Reply to comment]

තිස්ස අයියා..
මට මතක් වුනෙ මම ඉස්සලාම ඉස්කොලෙට ගිය දවස.. මහප්පා මාව බයිසිකලෙ එක්කන් ගිහිල්ලා ගෙට්ටුව ඉස්සරාහින් බස්සලා... මහප්පගෙ කමිසෙ උඩ සාක්කුවෙ දාලා තිබුන ලිපිය ගත්තු හැටි මතක් වෙද්දිත් මාව අතරමන් වෙනවා.. මම අප්‍රියල් මාසෙ 26 වෙනිදා කැම්පස් එකට යනවා.. එක ඉක්මනට ඉවරයක් කරගෙන ජොබ් එකකට පැනගන්න ඔනා.. මට පුළුවන් ඔයා ඉන්න පැත්තෙ එන්න..
මම වත් අක්කාගෙන ඔයාගෙ මෙල් එක ඉල්ලගන්නම්..

රවා said... [Reply to comment]

විශ්මීට
එහෙම තමයි විශ්මි.. හුලඟ වගෙ එනවා.. ඇවිල්ලා ඇඟවටෙ දැවිටිලා. කියලා දිලා යනවා...

ගල්මල් ට
මිනිස්සු හැමදාම අපිට උගන්වනවා..හැමදෙම අපිට උගන්වනවා.. මම හරිම ආදරෙයි පණ ඇති දෙටත්, පණ නැති දෙටත් එවා මට හැමදාම උදව්කරන, උගන්වන, මාව රැකගන්න එන හින්දා..

තිස්ස දොඩන්ගොඩ said... [Reply to comment]

මොනවද බං මේ නිදිමරන්නේ මේ හැටි...
උඹ මට එක සැරයක් ලිව්වානේ ඇයි මතක නැද්ද...
ඕං එහෙනං...tissa1969@yahoo.com.....

හුටපටයා said... [Reply to comment]

ජීවිතේ හැම දේටම මූන දීමයි වටින්නේ. තවකෙකුට උදව් කරන මිනිසෙක් . . . සංවෙදී කතාවක්

රවා said... [Reply to comment]

තිස්ස අයියා..
චන්දෙ අහලා ගෙදර ආවෙ.. 9 වැනිදා උදෙ 8 ට, ඉට පස්සෙ 9.00 වෙනකම් නිදාගත්ත ඔන්න එතකොටම එකෙක් එනවා "කෙස් එකක්" කියාගෙන. නැගිටලා එතනට ගිහිල්ලා, ඇවිල්ලා හවස 6 .00 ට විතර නිදාගත්තා 10.00 විතර වෙනකම්.. ඇහැරුනා .. කැවා.. දැන් නින්ද යන්නෙ නැහැ කියලා දැනුන හින්දා ඔයාගෙයි, විශ්මිගෙයි සින්දු දෙක ගාත්තා .. මම ෆිල්ම් එකක් බැලුවා.. තව බ්ලොග් සාමාජිකයෙක් එක්ක චැට් එකක් දාගැනිමෙන් අනතුරුව.. නිදාගත්ත පාන්දර 4 ට විතර..

Ravin Caldera said... [Reply to comment]

මෙවැන් සංවේදී මිනිසුන් අද සොයා ගන්නටත් අමාරුයි. සමාජය ක්‍රමයෙන් පෞද්ගලිකත්වයට, ආත්මාර්ථයට මුල් තැන දෙන තැනට ක්‍රමයෙන් ප්‍රවිශ්ට වෙනවා. අසල මිනිසුන් නැත්තම් වේඳනාවෙන් සිටින අය පිළිබඳ අවධානයක් නැහැ. අනෙක් අතට, ගෙයකට තබා, ගෑහැණු ළමුන් ඉන්න ගෙයකට පිරිමියෙකුට ආරධනා කරන්න තරම් පරාර්ථයෙන් යුක්ත අයෙක් සොයා ගන්න අමාරු යි. මගේ හිතේ ඒ ආගතන්තුකයාට ඔබ ස්තූති කළොත් තමා හොඳ! ඔවැන් අය මේ සර්වපිත්තල සමාජයේ, ගෙන්දගං පොළවෙහි ඉතාම විරල යි. මා බොහෝ විට අවට පුද්ගලයන් දෙස අවධානයෙන් සහ සැලකිල්ලෙන් සිටින්නේ. . . පසුගිය දවස්වල කාර්යය බහුලතාව, අවට මිනිසුන් ජීවත් වෙනවාද නැද්ද කියා සොයා බලන්න්‍වත් වේලාක් තැබුවේ නැහැ. එ කියන්නේ දැන් මා ද, මේ සමාජය යන අතට, ආත්මාර්ථයේ මයාවට හසු වී, සමාජයෙන් ඈත්වී බවුන් වඩන්නෙකු බවට පත් වී ඇත. ඔබගේ අත්දැකීම, නැවතත් මා වැටි හුන් නින්දෙන් අවදි කළා ස්තූති යි!

මධු වීරකෝන් said... [Reply to comment]

අහන්න සතුටුයි මේලෝකෙ තාමත් හොඳ මිනිස්සු ඉතුරුවෙලා ඉන්නවා

කරුමක්කාරයා said... [Reply to comment]

අපිට ජීවත්වෙන්න ජීවය දෙන්නෙ අපි අතරම ඉන්න මිනිස්සු බන්.. එක වෙලාවකට ඒක හරි හයියක් වෙලාවකට මල ඇනයක්..කොහොම උනත් ලෝකෙ හොද මිනිස්සු නැති වෙන්නෙ නෑ බන්

රවා said... [Reply to comment]

රවින් අයියා.. මධු.. කරුමක්කාරයා
එහෙම තමයි මෙ ලොකෙ තවමත් එහෙම මිනිස්සු ගොඩාක් ඉන්නවා.. එ මිනිස්සු ලොකෙ පුරාම පැතිරිලා ඉන්නෙ.. ඉදලා හිටලා එ වගෙ මනුස්සයෙක් අපිට ලං වුනාම අපිට එ වෙනස දැනෙන්න ගන්නවා..

දුකා said... [Reply to comment]

මල්ලී උඹ මම ඇතුලු ගොඩාක් අයට ලස්සන පාඩමක් ඉගැන්නුවා වගේ මේ කතාවතුලින් . . .

චන්දික said... [Reply to comment]

මං හිතන්නෙ දේස දූතයෙක් වෙන්න ඇති අයියෙ... පාර වැරදෙන්න යද්දි හරි පාර පෙන්නන්න හොද අයගෙ පස්සෙන් දේව දූතයො එනවා කියලා මං පොඩි කාලෙ අහල තියෙනවා.... කොහොම උනත් ඔයාට තිබුණෙ ඒ කෙනාව හොයාගෙන ගිහිල්ලා ස්තුති කරලහරි එන්න.....

රවා said... [Reply to comment]

දුකා අයියා..
දුකා අයියා ඔයගෙ තැනදි අපි ඉගෙන ගන්නවා. එකටත් ස්තුති..

චන්දික
ඔව් එහෙම අය ලොකෙ හැමතැනම ඉන්නවා. වාසනාවන්තයින්ට තමයි එහෙම මිනිස්සුන් ව හමුවෙන්නෙ.. මමත් වාසනාවන්තයි....

හසිත ජයසූරිය said... [Reply to comment]

අයියෙ ඔයාගෙ කතාව කියෙව්වහම ඒ වගේ මහත්මා ගති ඇති මහත්මයෙක්ව අපිට හම්බුනා වගේ...ඒකෙන් ගන්න ගොඩාක් දේවල් තියෙනවා.ඒ වගේම හොද මිනිසුන් අදටත් ඉන්නවා අයියෙ....ඒ වගේ කට්ටිය අපිට ජීවිතේ ඉදිරියට යන්න ලොකූ ශක්තියක්....මට නම් ඒ වගේ කට්ටිය ගොඩ දෙනෙක් මේ බොලොග් කෙරුවාව හින්දම හම්බුවෙලා තියනවා....අයියෙ ඔයා අර කියපු ඔයාගෙ ජීවිතේ හොඩාක් දේවල් වෙනත් අයගෙ මහන්සිය නිසා උනා කියපු එකට මාත් එකගයි.මොකද සමහර දේවල් අපි ජය ගත්තට ඒ සදහා අපි කරන්නෙ පොඩි දෙයක් විතරයි.අපිත් එක්ක ඉන්න අය අපිට වැඩිය ඒකට මහන්සි වෙනවා....ඒ අයට පින් සිදුවෙන්න අපේ ජීවිත ගොඩක් දුරට සාර්ථක වෙලා තියෙනව.

රවා said... [Reply to comment]

අපි ගොඩක් එකට ඉන්නෙ.. ඉතින් මගෙ වටෙ ඉන්න එකා හෙල්ලුනොත් මාත් හෙල්ලෙයි...නැද්ද...?

- නිල් අහස - said... [Reply to comment]

වෙස්වලා ගෙන එන ආශිර්වාද තියෙනවානේ .. රවා.ආගන්තුක ස්වරුපයෙන් ඇවිත්, එකපාරටම අතුරුදහන් වෙනවා...ඕන දේවල් අපට දීලා.

මම නම් හැම දේම ලබා ගත්තේ මහන්සි වෙලා.
ඒ හන්දා ලේසියෙන් අතහරින්නේ නෑ.

රවා said... [Reply to comment]

එකත් මම පිළිගන්නවා.. ඔයා කොච්චර මහන්සි උනත් වැඩක් නැහැ.. ඔයාගෙ වටෙ හිටපු මිනිස්සු ටික නිකන් හිටියනම්.. එවගෙ දෙයක් ගැන මම කිව්වෙ..

LishWish said... [Reply to comment]

රවා මේක මාරයි නේ බං...! නිකං ලාදුරු තිබ්බ නිර්වින්දනය වුනු ඔලුවකට රං තැඹිලි තෙල් දැම්මා වගේ නේ..? මම මේක ඇඳට වෙලත් කල්පනා කලා.., වින්දනය කලයුතු දේ කුමක් උනත් ඒ දේ ඒ වෙලාවේම නියමිත් විදියට වින්දනය කරන්න තියෙන උවමනාව මම මේකෙන් ඉගෙන ගත්තා..!
උඹට තුති...!!!!

probodha said... [Reply to comment]

marai ayye matath me wage 1k hambawela thiyenwa aya math ekka godak kal idala mage dewaluth ayage karagena ynna giya mn ath aganthukayanta kamathi a mokada kiyala hitha ganna bh samaharawita

කස්ටිය