සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

4/19/10

සදාකාලික ආදරයක් තියනවද.....


"ඔයාට පුළුවන්ද හැමදාම මෙ වගෙ ඉන්න..."

"මොනවගෙද ?"

"මෙ වගෙ..."

"මම එහෙම වෙන්න ඔනද ?"

"අපි දෙන්නා අහසයි පොලවයි වගෙ නෙද...?"

"එ කියන්නෙ"

"කවදාවත් එකට යන්නෙ නැති අදහස් අපි දෙන්නගෙම තියන්නෙ "
" එක හින්දද අහසයි පොළවයි කිව්වෙ "

"කොච්චර කරත් අපි දෙන්නා ව එකට ගලප ගන්න බැහැනෙ.."

" හරි ඔයා මට කියන්න අහසයි පොළවයි අතර මොනවද තියන්නෙ.."

"ගස් කොලන් , මෙ හැම දෙයක්ම අහසයි පොළවයි අතර තියන්නෙ.. අහසයි පොලවයි කවදාවත් එකතු කරන්න බැහැ නෙ.. "

" කෙල්ලෙ උඹ හොදට බැලුවොත් පෙනෙවි.. ඔය පොඩි පොඩි තැන් දෙක තුනකදි ඇරෙන්න, අනිත් හැම තැනදිම අහසයි පොළවයි එකතු වෙලා මෙ හැමදෙම ජිවත් කරනවා"

"සදාකාලික ආදරයක් තියනවද ..?"

" ඔයා එහෙම හිතන් ඉන්නවානම් ඉන්න. මම එක දන්නෙ නැහැ, නමුත් ඉතින් එ වගෙ දෙයක් ඔයා මගෙන් බලාපොරොත්තු වෙනවා නම් ඉතින් ඔයාට සොරි තමයි කියන්න වෙන්නෙ. හැබැයි මම එකක් කියන්නම්. මට අත දිග තියන මායිමෙ ඔයා ඉන්නකම් මගෙ හිත ඇතුලෙ ඔයා ගැන තියන හැගීම් එහෙමම තියයෙයි.. මගෙන් ඔයා ඇත් වෙලා ගියහම ත් එහෙම්මම තියෙයි..නමුත් ඔයගෙ ලස්සන නැතුව යනවා කවද හරි.. එ වෙද්දිත් ඔයගෙ වටෙ මාව බැඳලා තියාගන්න තරම් ඔයගෙ ලස්සනක් මම දැක්කොත් මම වෙනස් නැතුව ඉන්න උත්සහා කරන්නම්, කෙල්ලෙ උඹ ගැලපෙන දෙ හොයාගෙන ගියොත් උඹට හම්බ වෙන්නෙ  උඹට නොගැලපෙන දෙවල් විතරමයි. කිසි දෙයක් ගලප ගන්න උත්සහා කරන්න එපා, එ දෙවල් එහෙන් මම තිබිච්චි දෙන්, උඹට පුළුවන්නම් පොඩ්ඩක් වෙනස් වෙයන් එතකොට අනිත් මිනිස්සුත් වෙනස් වෙයි.. "

31 අදහස් දැක්වීම්:

මිත්‍රයා said... [Reply to comment]

"සදාකාලික ආදරයක් තියනවද ..?"
මම හිතන්නෙ නම් තියෙනවා. මොකද දෙන්නා එකතු නොවුනත් ආදරය පවතින්න පුලුවනි..

චේජනා said... [Reply to comment]

මල්ලි, අදත් මේ දාර්ශනික ව හිතන්න පුළුවන් වෙලාවක් නෙවෙයි.. පස්සෙ ආයෙ කියවල මට හිතෙන දේ කියන්නම්.. ඉතින් දැනට මේ ලිව්වෙ හැම දුකක් ම කියල අඬද්දි කී සැරයක් හරි ඇවිත් හිත හදන ඔයාව කියවන්න මම ආව බව විතරයි..

දිල් said... [Reply to comment]

කවුරු කොහොම කොයි විදියට තර්ක විතර්ක ඉදිරිපත් කලත් සදාකාලික ආදරයක් තියෙනවා රවා. මම හදවතින්ම ඒක විශ්වාස කරනවා.

හැබැයි මම තවත් විශ්වාස කරන දෙයක් තමා දෙදෙනෙක් අතර කවමදාවත් හුගාක් සමානකම් තියෙන්නේ නෑ.නමුත් හුගාක් නොගැලපීම් තියෙනවා. ඒ නොගැලපීම් උඩ රදවගන්න ආදරය කවදාවත් බිදෙන්නේ නෑ. අමාරුම දේ රදවා ගන්න එකයි...

සදාකාලික ආදරය හිමිවෙන්නේ එය විශ්වාස කරන අයට විතරමයි. හැමදේම සැකයෙන් බලන කෙනෙක්ට සදාකාලික ආදරය කියන එකත් විහිළුවක් වෙන්න පුළුවන්නේත් ඒක එහෙම නෙමේ.....

ජීවිතේ මල් said... [Reply to comment]

ආදරය හැඟීමක්,,, බැඳීමක්.. ඒත් බැඳීම් විරහිතව ආදරය කරන අයත් ඉන්නවා...ගැලපීම් හෙවීම .. අනේ මන්දා..කොහෙද මොනවද ගැලපීම් ? එකෙකු තවෙකෙකුට ගැලපෙනවා යන්නෙහි අරුත මම අදටත් සොයනවා...

Raven said... [Reply to comment]

ආදරය කියන්නෙ ගැලපීමක්ම හෝ ගලපගැනීමට උත්සාහ කිරීමක් නෙමෙයි මම හිතන්නෙ. වෙනස්වෙමින් පවතින දේවල් ඒ අයුරින් විඳින්න හැකි වීමක්.

ආදරයක සදාකාලිකත්වයක් ගැන නම් මම දන්නේ හෝ මෙතුවක් හිතල නැහැ.

වැප් said... [Reply to comment]

හම්

Missaka said... [Reply to comment]

කිසිම දෙයක් සදාකාලික නැති ලෝකෙක " ආදරය " විතරක් සදාකාලික වෙන්න බෑ කියලයි මට හිතෙන්නේ

මින්දද said... [Reply to comment]

මචන්.. ලස්සන කතාවක් කියලා තියෙන්නෙ. අපි වෙනස් වීමට ආදරය කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒ කියන්නෙ වෙනස් වෙන්න පුළුවන්නම් අනිවාර්‍යන්ම ආදරයත් සදාතනිකයි...

විශ්මි said... [Reply to comment]

ආදරේ සදාකාලිකද මන්දා...... ඒත් ආදරේදි ගැලපීම් හොයනවට වඩා එකිනෙකාගේ පැවැත්මට ආදරේ කරන එක වඩා සාර්ථකයි මම දකින සහ අත්විඳින විදියට..... ගැලපීම් නොගැලපීම් කා අතරත් තියෙන දෙයක්..... ඒත් කෙනෙක්ගෙ ස්වභාවයට ආදරේ කරන එකයි අමාරුම.... ඒකයි වටින්නෙ...

ගීත් (සහෘදයා) said... [Reply to comment]

සැබෑ ආදරය සදාතනිකයි රවා. කෙල්ල වෙන කොල්ලෙක් එක්ක ගියා කියලවත් කොල්ල වෙන කෙල්ලෙක් එක්ක ගිය කියලවත් දෙන්නගෙන් සැබැවටම ආදරය කල කෙනගෙ ආදරය වෙනස් වෙන්නෙ නැහැ. ඒක සදතනිකයි. සිතින් සදාතනිකව අදාරෙයි.

බිඟූ said... [Reply to comment]

උත්තරය ඔව්.

/බිඟුවා...!

Hipo said... [Reply to comment]

රවා ට;

හ්ම්ම්... ආදරය සදාකාලික වෙන්න පුලුවන් මම හිතන්නෙ.. එහෙම වෙන්නේ දෙන්නක්ගේ ආදරය ඒ දෙන්නා නැති කාලෙත් අනිත් අයගේ හිත් තුල රැඳි තියෙන කොට කියලයි මම හිතන්නේ. හරියට Shah jahan රජු හා රැජින මුම්ටාස් ගේ වගේ...
හැබයි ගැලපිම-නොගැලපිම ගැන නම් මම හිතන්නේ, අනිවර්යයෙන් අදහස් ගොඩාක් දුරට සමාන් වෙන්න ඕනා. නැත්නම් එච්චර ලෙසි නෑ.

``` Outsider``` said... [Reply to comment]

ආදරය සදාකාලික වෙන්න පුඵවන් ඒත් දෙදෙනෙක් අතර ඇතිවන බැඳීම නෙවෙයි. ඒක ආදරය වෙන්නෙ එකිනෙකාට සතුටක් වෙනතාක් විතරයි. හේතුව එකිනෙකාගෙන් යමක් බලාපොරොත්තු වීමක් ඒ තුළ තියෙනව.

මාරයාගේ හෝරාව said... [Reply to comment]

ආදරෙ නම් සදාකාලිකයි
ඒත් ඒ සදාකාලික ආදරෙ තම සිතේ හැමදාම තිබුනත් ඒ ආදරෙට උරුමකම් කියන කෙනා තමා ළග සදාකාලිකවම නොසිටින එක තමයි දුක..

සෝරෝ said... [Reply to comment]

ආදරය නම් සදා කලිකයි කියල තමයි මටත් කියන්න තියෙන්නේ...
ඒත් ඉතිං බැඳීම නම් සදාකලිකයි කියල හිතන්න බැ..
මම හරිද මන්දා..

-සෝරෝ

හසී said... [Reply to comment]

මමත් විශ්වාස කරනවා ආදරේ සදාකාලිකයි කියලා....

LishWish said... [Reply to comment]

මට හිතෙනවා මෙහෙම.., ඔය කියන නොගැල්පීම ම තමා දෙදෙනා අතර තියෙන ගැලපීමත්..! කවදවත් අපි වගේ අය අපිට හොයාගන්න උත්සහ කරන්න හොඳ නැහැ.., එහෙම උනාම අපි ඉක්මනට ම හති වැටෙනවා..! සදාකාලික ආදරයකට ඔය නොගැලපීම් බාධාවල් නොවෙයි..! ඔබ යමකට ආදරය කරනවා නම් ඒ ආදරය ඔබට බැඳ තබා ගන්න අවැසි නැතිනම් අන්න ඒතන තමා මම අදහන ආදරය කියන සංකල්පය තියෙන්නේ..!
මේක මම දරණ අදහස..!

චේජනා said... [Reply to comment]

මල්ලි, මිනිස්සු අතරෙ නොගැලපීම් තියෙනව..ඒත් ඒ වගෙම ගැලපීම් තියෙනව...
ගොඩක් වෙලාවට තමන්ට අයිතියි කියන ආත්මාර්තය සදාකාලික ආදරය කියන සංකල්පය විනාස කරල දානව..
එහෙම දුර හිතාගෙන යද්දි මම කියන ඇතුලෙත් පරස්පර විරෝදී අදහස් ඇති වෙනව...
එතකොට මට ආයෙම ඔයාගෙන් අහන්න වෙන්නෙත්....

"සදාකාලික ආදරයක් තියනවද ..?"

- නිල් අහස - said... [Reply to comment]

ආදරය සදාකාලික වෙන්න පුලුවන්.
ඒත්..ඒක අඩු වැඩි විම් වලට ලක්වෙන්නත් පුලුවන්.
හැමදාටම එකම විදිහට ආදරය කරන්න අමාරුයි කියලයි මට නම් හිතෙන්නේ.
මොකද ... අපි ආදරය කරන හැද දෙයක්ම නිරතුරුවම වෙනස් වෙන හින්දා....

Anonymous said... [Reply to comment]

"කෙල්ලෙ උඹ ගැලපෙන දෙ හොයාගෙන ගියොත් උඹට හම්බ වෙන්නෙ උඹට නොගැලපෙන දෙවල් විතරමයි. කිසි දෙයක් ගලප ගන්න උත්සහා කරන්න එපා, " අන්න ඒක නම් හිතට වැදුන. ඇත්ත. ගලාගෙන යන්න ඉඩ දෙන තරමට ගොඩක් ලස්සනයි.

කෙනෙක් ගැන ආදරයක් ඇති වෙන්නෙ මෙන්න මේ හේතුව නිසා කියල කියන්න අමාරුයි.ඒත් ඇති වෙන ලෙංගතුකම නිසාම තියෙන පොඩි පොඩි නොගැලපීම් මහ ලොකු දෙවල් කර නොගෙන ජීවත් වෙන්න ඕනෙ.

Ravin Caldera said... [Reply to comment]

ලොකයේ සියලු ම දෑ වෙනස් වෙනවා! කිසිවක් සදාකාලික නැහැ. ආදරය නම් අමුතු ම බැදීමක්. එය අභෟතිකයි; එය හැඟීම ද, නැද්ද යන්නත්, යම් කිසි හොමොනීය හෝ ශාරීරික ස්‍රවයන්ගේ වෙනස් වීමක් ද යන්න නිශ්චය වශයෙන් පවසන්නට බැහැ. මා වරක් මේ පිළිබඳ රසෝඝයට ලිපියක් ලීවා. මා දකින්නේ ආදරය යනු එක්තරා ආකාරයට සිතේහි බැදීමක්, නමුත් පසුව එය කැපවීමක් බවට පත්වෙනවා. එවිටයි එය සැබෑ ාදරයක් බවට මුහුකුරා යන්නේ. හැමදාම මුලීන් හට ගත් සිත් ඇඳබැඳ ගැනීම අඩුවන්න පුළුවන්. එහෙත් දැන් කැපවීම මත ජීවත් වන නිසා ඉබේ ම ඒ ආදරය පරිනත වෙනවා. කලින් සිතන්නේ "මම" ආශ්‍රිතව ආත්මාර්ථයෙන්, එනම් මට ලබා ගන්න පුළුවන් ආස්වාදව කුමක් ද, මට තෘප්තිමත් ලෙස දෙනන පුළුවන් ප්‍රමාණය කුමක් ද යන ප්‍රශ්නයි. එහෙත් මුහුකුරා ගිය ආදරක් පරාථකාමී, එය ආදරය නිසා කරන්නා වූ ත්‍යාගශීලි ප්‍රතිචාරයක්. . . එයට ආදරයෙන් වෙලී, එක් ව ජීවිත් වීමකට කැපවීමක් සමඟ ඇතිවන්නක් විණා, මා හට ඇසුරකින් බලා ගන්න දෙයට වඩා ගැඹුරු, පුළුල් දෙයක්. ආදරය සාදාකාලීක ද යන්න, (මා සදාකාල ජීවිතය විශ්වාස කරන අයෙකු වුවත්)මා දන්නේ නැහැ; සමහරවිට එය එසේ විය හැකි යී. එහෙත් , මා දන්නා කරුණ නම් ගැපවීමක් අඅතිව කරන "ආදරය" ජීවිතාන්තය දක්වා පවතීවී.

රවා said... [Reply to comment]

මිත්‍රයා ,දිල් ,මින්දද ,ගීත් ,බිඟුවා, Hipo ,
මාරයා,සෝරෝ ,Hasi

ආදරය සදාකාලිකයි කියලා ඔයාල එක හෙලාම කියලා තියනවා හරි මම කියන්නෙ නැහැ එක එහෙම නොමෙයි කියලා මොකද සමාජයෙ බොහොම අතලොස්සක් මම දැකලා තියනවා එයාලගෙ ජිවිත ගෙවන හැටි, හරි අපි ඉදිරියටත් කතා කරමු මෙ දෙදෙනෙකු අතර ඇතිවන ආදරයෙ පැවැත්ම ගැන..

රවා said... [Reply to comment]

විහඟිගෙ සිතුවිලි ,- නිල් අහස - LishWish ,``` Outsider``` ,මිස්සක

ඔයාලා ගොඩක් විසිරුනු පරාසයක ඉන්න අය. ස්තුති ඔයාලා වචනෙකින් හරි පොඩි ප්‍රතිචාරයක් දක්වපු එක ගැන.අපි හිමිට කතා කරමු ඇයි ඔයාල එහෙම කියන්නෙ කියන එක ගැන.

රවා said... [Reply to comment]

Ravin අයියා, චේජනා අක්ක,LishWish ,රෙවන්, විශ්මි,ජිවිතෙ මල්, වැප්

මම ආසයි ඔයාල කියපු දෙවල් වලට.. මොකද මට තෙරුන විදියට එතන වෙදනාව, අනතුරුදායක බව අඩුයි.. සැනසීම වැඩියි..

රවා said... [Reply to comment]

මම ඔයාලා හැමොගෙම බ්ලොග් වල ඉදලා තියනවා, ඔයාල ලියන දෙ කියවලා තියනවා. ගොඩක් අයගෙ හිත්වල ඇතුලෙ තියන දෙවල් මගෙ හිතෙ මවා ගන්න උත්සහා කරලා තියනවා.. හැමොගෙම නිර්මාණවල මම දකින දෙ වලින් මම ගත්තු දෙවල් ටිකක් තහවුරු කරගන්න තමයි මම මෙහෙම ලිව්වෙ..ඔයාලා හැමොම මට ටික ටික ඉගෙනගන්න උදවු කරන අය ඔයාලා හැමොටම ස්තුති..

ගල්මල්-Coral said... [Reply to comment]

මල්ලී මගේ පිලිතුර කෙතරම් දුරට මෙතැනට ගැලපේද දන්නේ නැහැ (generation gap).

මේ ලෝකයේ වෙන්ස් නොවන එකම දෙය වෙනස, වෙනස දෝතින් වැලඳ ගන්න පුලුවන් නම් හැමදෙයම පුද්ගලයාට ආදරය කරනවා. එවිට ඔහු/ඇය පරාජය වෙන්නේ නැහැ.

ඔබේ තර්කාත්මක ඉදිරිපත් කිරීම වඩාත් හිත් ගත්තා.

රවා said... [Reply to comment]

මම ආදරෙ කරන්නෙ වෙනස් වෙනවා කියන දෙට.. තමුන් වෙනස් වෙන්න ඔනා... අනිත් මිනිස්සුන්ගෙ යහපත තකා...

මයියා said... [Reply to comment]

මට තේරේන විදිහට නම් ආදරය කියන්නෙ පරිත්‍රයාගයක්. ප‍රිත්‍රයගයක් කරලා , එකෙන් යමක් බලාපොරොත‍්රතු නොවෙන අය ගොඩක් අඩුයි...හබෑයි එහෙම අය අතරේ නම් හොද ආදරයක් තියෙනවා....එත් එකත් සදාකාලික නම් නැ...මොකද අස්ථිර ලොකේ...සදාකලික වෙන්නෙ , වෙනස් වීම පමනක් නිසා...ඈත්ත එක උනාට..අද‍්අරය කරද්දි ඔවා ඔලුවේ නැ...සබැ අද්‍අරය අත් විදීමට ලැබීම වාසනාවක්....

බිඟූ said... [Reply to comment]

hari...
api next post eken eka adala ganimu meka meeka kataa karanna. kastiya niwadune hitiye...

dakshika said... [Reply to comment]

"සදාකාලික ආදරයක් තියනවද ..?"

කෙලින්ම කිව්වොත් ඇත. එත් බොහොවිට වෙන්නෙ අපිට ආදරෙ අය අපි නොසලකා හැරීමත්, අපිට ආදරෙ නැති අය පසු පස අපි යෑමත්..

" we love the ones who ignore us and ignore the ones who love us "

නෙලාන් said... [Reply to comment]

මචං උබේ මාර අදහස්නෙ තියෙන්නෙ. අද තමයි මම දැක්කෙ. කියල වැඩක් නෑ නියමම නියමයි. හැමදාම ඉන්නව පිටිපස්සෙන්. දිගටම ලියන්න.

කස්ටිය