සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

4/27/10

සඳගලතැන්නෙ පාමුල සීතල වතුරෙ ......


ආ මග වැරදියි
යන මං නොපෙනෙයි
තනිවී දෙවිඳුන් නැති දෙවොලෙ..

කවුරු යදින්නද
කවුරු පතන්නද
හිරු සඳු වත් නැති
මිහි මඩලෙ ...

සඳගල තැන්නෙ පාමුල සීතල වතුරෙ
නුඹෙ සෙවනැළි පාවෙයි නිල් දිය රැලි අතරෙ...
දම් අඳුරෙන් මං කඩ ලඟ
ගොම්මන් අදුරෙ
දියඹුං  හඩ නැහැ දැන්
එය සිහිනෙකි මිහිරෙ...

හඩා දොඩා කිවත් දුක
කවුරුද ඇසුවෙ
ප්‍රාර්ථනා ගඟ උතුරා
කදුලැලි ගැලුවෙ..

මන්දාරම් අහස වැසු
මිහිදුම සලුවෙ ...

කින්ද සොදුරු ජිවන
මග හිරිකඩ හෙලූවෙ..

සදගල තැන්නෙ පාමුල සීතල වතුරෙ ..\\


ගායනය අමරසිරි පිරිස් මහතා සමග ශශිකා නිසංසලා මෙනවිය..

මෙතනින් බාගත කරගන්න

මෙම සින්දුව අන්තර්ජාලයට එකතුකරන ලද්දෙ  amila90210 නැමති අය විසින්ය. ඔහුට හො ඇයට ස්තුතිය පිළිගන්වමි.

24 අදහස් දැක්වීම්:

SL Tech Express said... [Reply to comment]
This comment has been removed by the author.
SL Tech Express said... [Reply to comment]

දෙන්නටම ගොඩක් ස්තූතියි...

Hipo said... [Reply to comment]

I liked this teledrama alot and also the song. Thanks for sharing. :)

දිල් said... [Reply to comment]

amila90210 කියන්නේ නම් මම දන්න මල්ලි කෙනෙක්. EK එකේ ඉන්න කෙනෙක්.

මේ සින්දුව හරිම ලස්සනයි. කලින් මම බාගෙන තියෙන නිසා ගත්තෙ නෑ.ඒත් ඔයා මතක් කලාම ආයේ අහන්න හිතුනා රවා...

ස්තුතියි අමිල...ස්තුතියි රවා

වැප් said... [Reply to comment]

දැන් මේවගේ නාට්‍යත් නැහැ සින්දුත් නැහැ
[නැතුවමත් නොවෙයි ]

ඔක්කොම මහපොළවෙන් අඩි දෙක තුනක් උඩින් තියෙන්නේ ... හිකිස්

Anonymous said... [Reply to comment]

මම මෙක හොයහොයා හිටියෙ.
Thanks verymuch

මම said... [Reply to comment]

ඇත්තටම හරිම ලස්සන සින්දුවක් අයියේ.මං මේක අහලා තියෙනවා.මේක සදගල තැන්න කියලා රූපවාහිනියේ ගිය කාතාවක තේමා ගීතය.අර්ථ රසයද,ශබ්ද රසයද මනාව ගැබ් වු සොදුරු නිර්මාණයක් නේ.

දිමුතු said... [Reply to comment]

ඇත්තටම සඳගලතැන්න ඉතාම හොඳ කතාවක් මම කාලයක් ඕකෙ ඔය සින්දුව පන දාගෙන දවස් 3 විතර එකදිගට හෙව්වා අනේ මන්ද දැන් දඩුබස්නාමානය සඳගලතැන්න වගේ කතා නැත්තෙ ඇයි කියලා ඕකෙ DVD එකත් ගන්න ඕනෙ නුවර ගන්න තැනක් ගැන ඔයගොල්ලො දන්නවද?

Raven said... [Reply to comment]

මමත් කැමති ගීතයක් සහ ටෙලිනාට්‍යයක්. ස්තූතියි මචන්.

මින්දද said... [Reply to comment]

ලඟකදි බලපු ලස්සන, සාර්ථක ටෙලි නාට්‍යයක්... මේ සින්දුවටත් මම හරි කැමතියි. ඒ මතකය අලුත් කලාට ස්තූතියි..

Anonymous said... [Reply to comment]

නියමයි රවා අයියෙ......

රවා said... [Reply to comment]

සුළග ට..
ආව ගත්තා ගියා. එහම තමයි.. අමිලව අමතක කරපු නැති එක හොදයි...

හිපො අක්කා
යහලුවන්ට ස්තුතියි කියන්න එපා.. එක මට සතුටක්..

දිල් අක්කට..
ඔව් google එකෙ හොයද්දි එලකිරි.කොම් එකෙ තියනව ලින්ක් එක හම්බ උනා එතනින් ගිහිල්ලා තමයි සින්දුව ගත්තෙ..

වැපා මචන් අකුරු තුනෙ නාට්‍ය වගෙ නෙමෙ නෙද මෙවා.. අපරාධෙ මචං මෙවා යන කාලෙ අපෙ ගෙදර තිබුනෙ UHF ඇන්ටනාවක් විතරයි.. හරිම ලස්සන නාට්‍යයක් ලු නෙද...

රවා said... [Reply to comment]

ගැමුණු
ගැමුණු මම හිතුවා මැරතන් එකෙ දි හම්බ උනු දුටුගැමුණු කියලා..

දිමුතු මම නම් දන්නෙ නැහැ . හැබැයි දිල් අක්කා නම් දන්නවා ඇති.. හැබැයි පිටරටක ඉන්න කෙනෙකුට ඔවා හොයාගන්න ලෙසියි...

රවෙන්,මින්දද , හසිත ජයසූරිය
එක මට සතුටක් මචන් තියන දෙ බෙදාගන්න එක..

රවා said... [Reply to comment]

මම ට
මම ත් හරිම ආස සින්දුවක්.

චේජනා said... [Reply to comment]

රවා, මල්ලි, සින්දුව ඇහුව..ගොඩක් ලස්සන සින්දුවක් ඒක..

(ඒත් මම ආවෙ ඒක කියන්න නෙවෙයි.. ඔයා ආයෙ campus යනව කියල තිබ්බ නෙ.. ගියාද අහන්න..අද නම් ඒ ප්‍රශ්නෙට උත්තරේ ඕනෙ මල්ලි)

Naya said... [Reply to comment]

හරිම ලස්සන සිංදුව..මේවගේ ගීත මතකයේ දිගු කාලයක් රැඳිලා හියනවා.ස්තූතියි අපි එක්ක බෙදා හදා ගත්තට...

දුකා said... [Reply to comment]

සඳගල තැන්න නාට්‍ය බලද්දී මේ ගීතය අහලා තිබුනාට අහලා "ෂාහ් . . හරි ලස්සන සිංදුව " කියලා කියලා තිබුනාට . . .

මේ ගීතයේ පද මේ තරම් ලස්සනයි කියලා හිතුනේ මෙහෙම කියෙව්වාම යි . . සිරාවට

Unknown said... [Reply to comment]

වැප් සහ දුකා මගේ හිත කියු දේ ලියා ඈත.
බුද්ධි - සයිබර් යාය

Unknown said... [Reply to comment]
This comment has been removed by the author.
ස්වප්නා said... [Reply to comment]

මම ආසම ආසම ආසම කරන නාට්‍යක ආසම ආසම කරන ගීතයක් . තැන්කූ

අනුරාධ said... [Reply to comment]

මටත් ඔය නාට්‍යය හරියට බලන්න ලැබිලා නෑ. ඉඳල හිටල කොටසක්ද දෙකක්ද කොහෙද බලල තියෙනවා. හැබැයි අපෙ නංගිනම් ඔය සින්දුව නිතරම මුමුණ මුමුණ ඉන්නවනම් ඇහිල තියෙනවා.

සෝරෝ said... [Reply to comment]

මම නම් නාට්ටි බලන්නෙ නෑ සාමාන්‍යයෙන්.. කිසිම හරයක් නැති එවනේ දැන් තියෙන්නේ.. ඉඳල හිටල ඉතියෙනව ඉතින් හොඳ ඒවයින් එකක් දෙකක්.. ඒත් ඉතිං ඒව බලන්නත් කම්මැලියි අර රවා කිවුව වගේ අකුරු තුනේ නාට්ටි වල ඇඩ් කෑලි දැකල දැකලම..

මොනව උනත් ලස්සන සින්දුවක් මචං රවා.. උඹටත් අමිලටත් දෙන්නටම ස්තූතියි..

-සෝරෝ

Jay said... [Reply to comment]

ලස්සන සින්දුවක්..

පුතා said... [Reply to comment]

පට්ට සින්දුව මචං ඕක... අන්තිමටම බලපු ටෙලියද මංදා..
සීන් එක ඒක නෙවෙයි...
මේ පොස්ට් එක දැක්ක ගමන් කෑ ගැහුන් නැති එක විතරයි...උඹ ඔය දාල තියෙන පින්තූරේ තමා මටත් ඔය සින්දුව ඇහෙනකොට ඇඳෙන්නේ.. (නිකන්ම නෙවෙයි.. හේතුවක් තියෙනවා... )

කස්ටිය