සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

12/23/09

මම අහපු ලස්සන සිංදුවක්...

මම පොඩිකාලෙ ඉදන් හින්දි චිත්‍රපට නරඹනවා. මෙ තියන්නෙ එ අතුරින් මම වඩාත් කැමති උන ගීතයක්. මෙකෙ එක කොටසක තියන තේරුම හරිම ලස්සනයි. සිංදුව එක පාරක් අහලා බැහැ කිපසැරයක් අහන්න ඔනා.




 මෙකෙ තියන ලස්සනම කොටස ගැහැනු කෙනාගෙ අන්තිම කොටස.

ඔයා මගෙ දෙවියන් බව මම පිළිගන්නවා.
ආදරය කිරිම ඔබට මා හට පිහිටකි.

ඔයා මගෙ ලොකයෙ උදසන ආලොකයයි.
ඔයා මගෙ ලොකයෙ නම්
හදවත මත්වෙවි හැන්දෑවෙන්..

ඔබෙ හදගැස්මයන්
තිබෙවි ජිවිතය පුරාම...

වෙන කිසිම පෙම්වතුන්ගෙන් මට කමක් නැහැ..

මගෙ ජිවිතය ඔබ මා සමගයි..
දැන් මට මෙ ලොකයන් පලක් නැහැ...


12/20/09

වියලි කතරකට.. වැටුන වැහි බිංදුවක්...

බලාපොරොත්තුව. අපිව හැමදාම ජිවත්කරවන දෙයක්. අපි හැමොම , අපි හැමොගෙම මොකක් හරි බලාපොරොත්තුවක් තියනවා. අටලො දහම මැද්දෙන ගලන මෙ ගඟෙ ජිවය මෙය තමයි. හැමොම, හැමවිටකදිම බලාපොරොත්තුත් එක්කලා පොර බදනවා. කැප කිරිම්, පරිත්‍යාගයන් වලින් බොහොම පිරුනු මිනිසුන්ගෙ ජිවිත කතා අහන්න ලැබුන අපෙ හිත් වලටත් ලොකු සැනසිමක් හම්බ වෙනවා. මම මෙ කරන්න යන්නෙ අසාර්ථක උත්සහයක් කියලා දැනුනත් මම උත්සහ කරනවා. පුදුම දහමකින් මම ඔබ හා අපි හැමොම බැදිලා. සමහරු එක වචෙනකින් බිදිලා යනවා. සමහර අය එක වචෙනෙකින් .. අම්මට නින්ද යන්නෙ නැහැ කියලා කතා කරනවා. මම යනවා

12/18/09

දැන් මුහුද දෙබැ කරන්නෙත් නැත, අහස පොළොව සිබින්නෙත් නැත.

දැන් මුහුද දෙබැ කරන්නෙත් නැත, අහස පොළොව සිබින්නෙත් නැත. කාර්ය සිදුකර හමාරය. අපි වෙනුවෙන් අපි කාලෙකින් ජනමාධ්‍ය තුලින් ඇසුනෙ නැත. ජිවත්ව සිටින කාලයෙ ප්‍රභාකර්න් විසින් ප්‍රකාශ කල " සිංහල මොඩයින්ට දෙයක් මතක හිටින්නෙ දවස් 15 විතරයි " තවත් දුරටත් කල්පිතයක් නොව නියමයක් වී හමාරය. ජනාධිපතිවරණය සදහා මුලික කටයුතු සියල්ල සිදුවී හමාරය. එක පසෙකින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. අනෙක් පසින් විශ්‍රාමික හමුදා මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් සරත් ෆොන්සෙකා මහතාය. මෙ අතර නන්නත්තාර වි එහාට මෙහාට පනින ගෙම්බන් පිරිසක් ද සිටිති. රටෙ සෑම ප්‍රදෙශයක්ම සුලුවෙන් හො සංවර්ධනය වි ඇත. විදුලි බලාගාර, ගුවන් තොටුපලවල් , වරායන්, ඉදිකිරිම් ද සිදුවෙමින් පවති. මෙවර ජනාධිපතිවරණයෙ අපෙක්ෂකයි දෙදෙනා තොරාගෙන ඇති ප්‍රධාන මාතෘකා පඨයන් වනුයෙ " රටෙ සංවර්ධනය" සහ " විධායක බලතල යන් අහොසි කිරිම හා දුෂනය පිටුදැකිමය".

ජනාධිපතිතුමා ගෙ අවුරුදු කිපයක පාලන කාලය අපි අත්වින්දෙමු. එහිදි ලබාගත් යුද ජයග්‍රහණ යන් ගෙන් උද්දාමයට පත්විය. රුපවාහිණි මාධ්‍යන් තුලින් විකාශය කල වැඩසටහන් බොහොමයක්ම නැරඹීය. එහෙදි එවකට යුදහමුදාපතිව සිටි මෙජර් ජෙනරල් සරත් ෆොන්සෙකා මහතා ඉටුකල මෙහෙය පිලිබද මනා අවබොධයක් අප හට ලැබිනි. ඔහුගෙ සෘජුභාවය, අවංකභාවය, දේශප්‍රෙමය අපි දුටුවෙමු. දැන් එම රුපවහිණී නාලිකා තුලින්ම අප හට දේශද්‍රොහියෙක් පිළිබඳ අසන්න දකින්න ලැබෙ. විදෙශ කුමන්ත්‍රන පිළිබඳ අසන්න දකින්න ලැබෙ. මෙහිදි ජෙනරල් සරත් ෆොන්සෙකා මහතා ඉලක්ක කර විශාල මඩ ප්‍රචාරයක් රාජ්‍ය මාධ්‍ය තුලින් ප්‍රචාරය කරවයි. පසුගිය මැතිවරණ වලදි යුද ජයග්‍රහන මුවාවෙන් මිනිසුන්ගෙ හැගිම් කුපිත කර ඦන්දය ලබාගත් පිරිස් දැන් කළබල වි ඇත. මෙ අතර ජනාධිපතිතුමාගෙ සිතු තුල තම ජය පිළිබඳ ඇති ආත්මවිශ්වාසය අපි දකින්නෙමු. ජෙනරල් ෆොන්සෙකා මහතාද එසෙමය. කෙසෙවෙතත් දෙදෙනගෙන් එක් අයෙකු බලයට පත්වෙනු ඇත.

මෙම ලිපිය කියවන ඔබ සමහර විටකදි මම එ.ජ.ප යට කඩෙ යන කෙනෙකු යැයි කිමට පුලුවන. නමුත් පසුගිය ජනාධිපතිවරණයෙදි මහින්ද මහතා වෙනුවෙන් මම ඦන්දය භාවිතා කලෙමි. එය සිදුකලෙ හමුදවෙ සොල්දාදුවන් හැල්ලුවට ලක් කරමින්, හමුදා බුද්ධි අංශය විනාශකරමින් සිංහලයින් නිවට ජාතියක් බව ලොකය පුරා ප්‍රචාරය කරමින් ත්‍රස්ත සංවිධානය විසින් එවකට රජය සමග අත්සන් කර තිබු සටන් විරාම ගිවිසුම ගැනත් එ ආකාරයෙන් රට ඉදිරියට ගියොත් සිදුවන විනාශය පිළිබඳ කල්පනා කරමින්ය. නමුත් බලය අතට ගත් පසු තමුන්ගෙ පිරිසට පමණක් බලය බෙදාහැර මිනිසුන්ගෙ හැගිම් වලට කතාකරමින් තම පවුලට රාජකීයත්වයක් ඔබ්බවා ගැනිමට ජනමාධ්‍ය තුලින් උත්සහාකරයි. ජනාධිපතිතුමා අවංකවම මෙයට විරුද්ධනම් බලය භාවිතාකර එය නතර කළ හැක. තවද කලක් යුද්ධය ගොඩබිමතුල හොදින් මෙහෙයවා ජය ලබා දුන් වීර සිංහල යුධ සෙන්පතියෙකු වු ජෙනරල් සරත් ෆොන්සෙකා මහතාගෙ ප්‍රතිරුපයට රාජ්‍ය මාධ්‍ය තුලින් එල්ල කරන ඉතාම නීහින මඩ ප්‍රහාරත් , තමුන්ගෙ පවුලෙ සාමාජිකයින්ගෙ රූපයන් ඔනාවටත් වඩා රුපවාහිණි නාලිකා තුලින් ප්‍රචාරයත් වැලැක්විය හැක. නමුත් එසෙ නැත ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනමුත් බලය භාවිතා කර මාධ්‍ය හා රටෙ මිනිසුන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයකට ගැනිමට සිදුකල දෙයක් නොමැත. මිනිසුන් තවත් පක්ෂග්‍රාහි කර , ජාත්‍යලායෙන් අන්ධකර තමුන්ගෙ පැත්තට නම්මා ගන්නා අතර , විපක්ෂයෙ ඉන්නා මුදලට , තනතුරුවලට ලොභී කුහකයන් ඇමතිකම් දී ඇතුලට ගනීමින් ප්‍රජාත්න්ත්‍රවාදය විනාශ කිරිමට කටයුතු කරයි. මෙම කූට උපක්‍රම යොදා කලින් සිටි නයකයින් මෙ දෙයම සිදු කලත් එම නායකයො මෙතරම් පිරිසක් ඇතුලට ගත්තෙද නැත. ලොව විශාලම ඇමති මණ්ඩලය තිබෙන්නෙ මෙ පුංචි ලංකාවෙය. එම මණ්ඩලය ඇතුලෙ ද සිටින්නෙ නොහැකියාවෙන් පිරි අයය. හැකියාවෙන් පිරි අය කීපදෙනෙක් ඇතත් එ අය දුෂීත බවෙන්ද ඉතාම ඉහලය. මෙ අතර තමුන්ගෙ පවුල දැන් යහමින් පොෂනය වි ඇතිබවද දනි. යුද්ධයට අත, පය පුජා කල දුප්පත් අසරණ අම්මා හා තාත්තා තවමත් එතනය. දුප්පත් පැලෙය. සංවර්ධනය මුවාවෙන් සිදුවු ගැහිල්ලද එමටය.

මා හට ඇමරිකා එක්සත් ජනපදය හිටපු ශ්‍රෙෂට නායකයෙකු ව එබ්‍රහම් ලින්කන් මහතා විසින් කරන ලද ප්‍රකාශයෙක සිංහල තෙරුමයි " යම් අයෙකුට පුලුවන් ගොඩාක් මිනිසුන්ව ටික කාලයක් මොඩයො කරන්න.කිපදෙනෙකුව හැමදාම මොඩයො කරන්න.නමුත් හැම දෙනාවම හැමදාම මොඩයො කරන්න බැහැ"

මා මෙහිදි අවසන් වසයෙන් ඉතිහසයෙන් බිඳක් මතක් කර දීමට කැමතිය.

එස්. ඩබ්ලිව්. අර්. ඩි බණ්ඩාරනායක මහතා ගමෙ ඉන්න උන් සිංහලෙන් කඹුරපියවු , මගෙ දුවයි , පුතයි ඉංග්‍රිසි යෙන් කියලා සිංහල රජ්‍ය භාෂාව කර තමුන්ගෙ දුවයි පුතයි කෙම්බ්‍රිජ් යවා ඉගැන්නුවෙය. සිංහල දෙමළ අරගලයෙ මුලයට පිඹ ගිනිපුපුරු මතු කලෙය.
සිරිමාවො බණ්ඩාරනායක මැතිණිය ද සුලු වෙන් හො සේවයක් කලද මිනිසුන් තුල තිබු කුහක කම ඉස්මතුවිම නිසා එය තවදුරටත් කරගෙන යැමට නොහැකි විය.
ජෙ. අර් ජයවර්ධන මහතා. රටම වෙනස්කරෙය. තමුනගෙ අතට සියලු බලතල තබා ගනිමින් රට නිරාවරනය කලෙය.මිනිස්සු භෞතිකමය සැප සම්පත් අතින් පොෂනය වුවද මිනිසුන්ගෙන් ආකල්ප, සදාචාරය, ආධ්‍යාත්මික සුවය කෙමෙන් පිරිහිය.
ප්‍රේමදාස මහතා. දුප්පත් මිනිසුන්හට ගම්මුදාව දී ත්‍රස්තයින් ව සාක්කුවෙ දමාගෙන හමුදාවෙ ඉහල වීර නිළධාරින්ව බිල්ලට දෙමින් රට කලද මිනිසුන්ගෙ ආකලපමය අතින් වෙනසක් සිදුනොකලෙය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය රැල්ලට අසුවි ආමුත් හමුදා ක්‍රියන්විත කිපයකින් ජය ගත්තද රටෙ අර්ඨිකය බිඳ වැටුනෙය. තමුන්ද ගොඩක් දෙ එකතු කරගත්තෙය.
මහින්ද රාජපක්ෂ මහතා බලයට පැමින සියල්ල තම සහොදරයින්ට බෙදා දී යුද්ධය ජයගත් නමුත් මිනිසුන් එසෙමය. පවුල පොහොසත් වී ඇත. ප්‍රජාතන්ත්‍රවාදය පිරිහි එකාධිපතිවාදය මාධ්‍ය තුලින් දියත් කරමින් සිටියි. හිට්ලර් කල දෙයට වඩා භයනක ලෙස විරුද්ධ වාදින්ව විනාශකර දමයි.

මෙතෙක් බලයට පත් වු සියල්ල ( ප්‍රේමදාස මහත හැර) වලව්වෙන් පැමිණ දුප්පත් මිනිසුන්ගෙ යහපත සදහා කල දෙයට වඩා අයහාපත සදහා කල දෑ වැඩිය. මෙ සැවොම කරන්නෙ තමුන්ගෙ දේශපාලන පැවැත්ම උදෙසා මිනිසුන්ගෙ හැගිම් භාවිතා කිරිමයි.

මා අවසන් වශයෙන් කිමට ඇත්තෙ. ශක්‍රදෙවිදුන් ඇවිත් රට බාරගත්තත් මෙ රට දියුණු කිරිමට නොහැකිය. මෙ රටෙ ජිවත්ව සිටිනා බහුතරයක් මිනිසුන් " අපි කැපුවත් නිල් තමයි, අපි කැපුවත් රතු තමයි, අපි අලි කණු නෙ" ලෙස වග විභාගයකින් තොරව තමුන්ගෙ පුහු ගෞරවය උදෙසා හා " අපෙ මැතිණිය , අපෙ රජතුමා " ලෙස කැකො ගසමින් අනාගත පරපුරක් ගැන තුට්ටුවකටවත් මයිම් නොකර තම ඡන්දය භාවිතා කර කිසියම් කෙනෙකු හා දුෂිතයන් පිරිසක් රටෙ ප්‍රතිපත්ති සැදිමට යවයි. ඉන්පසු " අපිට අරක දියල්ලා, මෙක හදලා දියල්ලා " කියමින් බකන්නෙලා ගෙන ඉන්නා අතර කිසිවක් නොකරයි. නිර්මාණයක් කර, ගොවිතැන් කර අලවි කරන්නෙ කිපදෙනෙකු පමණි. උපාධියක් කර ඉන් පසුව රස්සා තනන්නෙ කිපදෙනෙකු පමණි. ඉතිරි අය සියල්ල හැමදෙටම දෙශපාලුවන් පිටුපස්සෙ වැඳ වැටෙයි. මිනිසුන්ව රවටමින් තම පැවැත්ම උදෙසා කටයුතු කරයි. මෙ රට මෙ තරම් වත් රැකි තිබෙන්නෙ අතලොස්සක් වු අවංක, නිර්භීත නයකයින් මිනිසුන්ගෙ දහදිය මහන්සිය නිසාය.

12/15/09

නොමියෙන වසන්තය

හමන පවනෙ
                              මියුරු නාදය
 
ගඟන තලයෙ
                                 මැවු සිතුවම්
 
නිහඬ අරණෙ
                             තුරු ලතාවන්
 
සිහිකරවමින්
                               ඔබෙ සිනාවන්
 
යලිත් මතකෙට
                            නොමියෙන වසන්තය
 
කිසිදා ලංවිය
                                නොහැකි කුසුමකට
 
පෙම් බැන්ඳ හින්දා
                            සදාකල් මම
 
පෙම් කරන්නෙමි
                                මියෙන තුරාවට.....
..
 
හරිම මිහිරි දෙයක්. එ මතකයන් ,සොදුරු නිමෙශයන්. අතහැරලත් අවුරුදු දෙකක් වෙනවා. මෙ වේදනාව තුලින් එන සතුටට මම ඇබ්බැහිවෙලා. ආපහු ඉස්සරහට යන්න හිතෙන්නෙම නැහැ. මෙතනම ඉන්න හිතෙන්නෙ.
මිනිස්සු මට ගොඩක් දොස් කියනවා. " උබට පිස්සුද " කියලත් අහනවා. ගැහැනු කෙනෙකුට ද්‍රොහි වෙනක තරම් අපරාධයක් තවත් නැහැ කියලා මම හිතද්දි , මගෙ යහලුවා දුම්රියෙ එකයි, ගමෙ එකයි, කාර්යාලයෙ එකයි
ඔක්කොම තුනයි. උන් ඔක්කොටම මු ආදරෙයිලු. මුගෙ බාබාලා තුන්දෙනා දවසක මරාගන්නවා. උගෙ අදරය එහෙමයි. මනුස්සයෙ තවත් මනුස්සයෙගෙ හිතකට වද්දෙන එකෙ සීමාවක් තියනවා.
 
අන්තිමට මම තෙරුම් ගත්තු එකම දෙ
 
මට ආදරය කරන්න දන්නෙ නැහැ කියලා විතරයි...
 
හේතුව...
 
ආදරයක් ලැබිලා නැති නිසාද...........
 
නැත්තම් හිතෙ තියන කුහක කම නිසාද...
 

12/11/09

හදවත ද...?.... බුද්ධියද...?

අපිට හැමදාම ජිවිතයෙ අභියොග මුණ ගැසෙනවා. වඩාත්ම ලස්සන දෙ එ මුණ ගැසෙන අභියොග වලට මුණ දෙන ආකාරයයි. සමහර අභියොග හා තරඟ කරලා ජය ගන්නවා. සමහරකින් පැරදෙනව. කොහොම උනත් ජය පරාජය තිරණය කරන්නෙ අපෙ ප්‍රතිපත්ති හා අපි ගන්නා තිර්ණ මතයි. අපි තිරණ ගන්න ආකාරයත් විවිධාකාරයි. කෙනෙකුට සාපේක්ෂව තවත් කෙනෙකු ගන්නා තිරණ නිවැරදි හො වැරදි විමට පුලුවන්.සමහර මිනිසුන් හැමදාමත් අභියොග එක්ක පොර බදලා වෙහෙසිලා ජිවත් වෙනවා. මා මෙහිදි සදහන් කිරිමට බලාපොරොත්තු වන්නෙ තිරණ ගැනිම සම්භන්දවයි. මගෙ නොදුටු මිතුරෙකු ඉහත ලිපියකදි සදහන් කල ආකරයට මිනිසුන් වර්ග කිපයක් සිටිනව
 
1. ජීවිත කාලයම (බොහොවිට) බුද්ධියෙන් හිතන අය
2. ජීවිත කාලයම (බොහොවිට) හදවතින් හිතන අය
3. කාලයක් (මුලින්) හදවතින් හිතලා පසුව බුද්ධියෙන් හිතන අය
4. කාලයක් (මුලින්) බුද්ධියෙන් හිතලා පසුව හදවතින් හිතන අය
 
මෙ හැමකෙනෙක්ම සමාජය පැවැත්මට අවශ්‍යයි. මෙ වර්ග වලින් වටින්නෙ කවුරුද කියන එකත් ප්‍රශ්නයක් නොවෙයි.
 
ජීවිත කාලයම (බොහොවිට) බුද්ධියෙන් හිතන අය
 
මෙ වර්ගයට අයත් වන අය බොහො විට භෞතිකමය අතින් ඉතා සාර්ථක අය. මෙ අයට වැරදිම බොහොදුරට අඩුයි. වැරදිමක් සිදුවුනත් එය නිවැරදි බොහො ඉක්මනින් කරගැනිම සිදුකරගන්නවා.මෙ අයගෙ ජිවිත ඉතා සංකීර්ණ කොටස් බොහො ප්‍රමානයකින් එකතුවෙලා  හැදිලා තිබෙන්නෙ. මෙ අයට දුක, වෙදනාව දැනුනත් එය ටික වෙලාවකට පමණයි. එය මගහැර තමුන්ගෙ අරමුණ  කරා යැමට මෙ අය පසුභට වෙන්නෙ නැහැ. ආදරය, සෙනෙහස වගෙ දෙවලුත් එතරම් දේවල් නොවෙයි. මෙ අය හැමදාම  භෞතිකමය දෑ එකතුකරගන්නවා. මෙ අය තමුන්ගෙ වෘතිමය ජිවිතෙ ඉහලම තැනට ගොසින් තමයි පහල බලන්නෙ.  මෙ අය තමයි " දුකයි දුකයි කියල ඇනගෙන ඉන්න එපා බුරුවො. " කියන්නෙ. මෙ අයට තියන දුක් වෙදනා අතරෙ පොඩිම දුක තමයි කාර් එකක්, තට්ටු දෙකෙ ගෙයක් , වැටුප් 120 000 විතර රස්සාවක් නැති එක. ව්‍යපාරික කේෂ්ත්‍රයෙ ප්‍රභලයින් බොහොමයක් මෙ ගණයෙ අය. මොවුන්ව මිලදී ගන්න පුලුවන්. මෙ අය බොහොවිට තිර්ණ ගන්නෙ තර්කය යොදා ගනීමින්. තමුන්ට අවාසි වෙන කිසි දෙයක් කරන්නෙ නැහැ. තිරණවල භෞතිකමය නිවැරදිතාවය ඉතා ඉහලයි.
 
ජීවිත කාලයම (බොහොවිට) හදවතින් හිතන අය
 
මෙ අය බොහො විට අසාර්ථක මිනිසුන් ලෙස සාමාජයෙ අප්‍රසිද්ධ,ප්‍රසිද්ධ ජිවිත වල ජිවත්වෙනව. කාලා කරුවන් බොහො පිරිසක් මෙ ගණයට වැටෙන අතර මෙ මිනිසුන්ගෙ හිත් හරිම මෘදු මෙලෙකයි. බොහො ඉක්මනින් බිඳෙනවා, හැදෙනවා. වැරදිම් එමටයි. බොහොවිට සරල පුංචි දෙවල් වලින් මෙ අය පිරිලා ඉන්නෙ.මෙඅය වැරදිම් නිවැරදි කරගන්නවාට වඩා වැරදිම් තුල ජිවත් වෙමින් දුක, කදුලූ වෙදනා විඳගමින් අපුරු ජිවිතයක් ගෙවනව. මගහැරුනු දෙවල්, අහිමි වුනු දෙවල් තමයි මෙ අයගෙ තිබෙන එකම දෙපල. මුදල් පසුපස යනවට වඩා දුක් කරදර හොය හොය යනවා. මෙ අය ගෙ තිබෙන සියලුම දෙපල මෙ අයගෙ හිත තුල තිබෙන්නෙ. සුලු සුලු දෙවල් මෙ අයට ඉතා වටිනා දෙවල් වන අතර. බොහොවිට කලාව, සාහිත්‍ය ජිවිතය කරගන්නවා. නැත්නම් මත්පැන්. මොහුන්ව මීලදී ගන්න මොන ජගෙතෙකුට වත් බැහැ. මෙ අයගෙන් යමක් කරගන්න ඔනා නම් අල්ලස වන්නෙ හැගීම්.මෙ අය හදවතින් තිරණ ගන්න අතර තවඑකෙකුට අයහපතක් වෙන තීරණයක් කිසිවිටෙකත් ගන්නෙ නැහැ.
 
කාලයක් (මුලින්) හදවතින් හිතලා පසුව බුද්ධියෙන් හිතන අය
 
මෙ අය මුලින් බොහො දුර්වල අප්‍රසිද්ධ අය හටියට ඉදලා පසු කාලීනව සමජයෙ ඉදිරියට එන අය වෙනවා. මෙ අයට ලැබෙන කිර්ති ප්‍රශංසා තුල මෙ අය විශාල සතුටක් ලබනවා. මෙ අය වාඩත් වැදගත් ලෙස සලකන්නෙ ජිවත්වීමයි. වෙදනාවන් ,දුක් කදුලු , සතුට,  හැමදෙයකින්ම පිරුනු කොටසක්. එකතු කිරිම ජිවිතයෙ එක කොටසක් බව පිලිගන්න මොවුන් අධ්‍යත්මික සතුට කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වනවා. හැගීම් ,සල්ලි වලින් මෙ අයව හසුරවන්න අමාරුයි. මෙ අය තමුන්ගෙ සතුට, සුවය වෙනුවෙන් එකතු කරගන්න දෙවල් තමයි මෙයලගෙ දෙපල. තිරණ ගැනිමෙදි වැරදිම් තරමක් දුරට සිදුවෙනව.
 
කාලයක් (මුලින්) බුද්ධියෙන් හිතලා පසුව හදවතින් හිතන අය
මෙ අය බොහො වේගයෙන් ඉදිරියට ඇවිත් එකපාර නැවතිලා ආපසු බලන අය.මෙ අයව මිලදීගන්න කොහොමටත් බැහැ. කාලයක් තිස්සෙ එකතුකරගත්තු දෙවල් රැකගනිමින් අධ්‍යත්මික දෙවල් රැස් කරන්න පටන් ගන්නවා. වෙදනාවන්, රැවටිම්, රැවැට්ටවිම් වලින් ගහන මෙහුන් බොහොවිට පසුතැවිලි වෙන අය. දුකත්,සතුටත්  දෙකම සතුටක් ලෙස විදගන්න අතර සැනසීම, සරල බව තමුන්ගෙ ජිවිතයෙ ප්‍රදාන දෙ බවට පත් කරගන්නවා.
 
මෙ මම එකතු කරගත්තු අත්දැකීම් කිපයක් ඇසුරෙන් ලියපු දෙයක්. සමහර විට කරුණු වැරදී වෙන්න පුලුවන්,හරි වෙන්න පුලුවන්.මෙ අතර උප කොටස් වලට බෙදිමට හැකි අයත් ඉන්න පුලුවන්. මෙ අය හැමොම සමජයට වැදගත් වන අතර ඔබ මෙ ගැන හිතන ආකරයත් ඉතාම වැදගත්.  
මොනව හරි හිතට ආපු දෙයක් ලියලා යන්න අමතක කරන්න එපා
 

12/7/09

.ප්‍රශ්නද...? ෆන් එකද...?....අරක්කුද ..? .

ගොඩක් අය මත්වෙන්න විවිධ දෙවල් කරනවා. ඔක පටන් ගන්නෙ ඉස්කොලෙ යන කාලෙ.පොඩ්ඩ පොඩ්ඩ පටන් ගත්ට කට්ටිය තෙම්පරාදු වෙන්න වෙන්න බර දාලා ගහන්න පුරුදුවෙනවා. කට්ටිය මත් වෙන්න බොන්නෙ.. හැබැයි බිලා හැම එකෙක්ම දොඩවන්නෙ " මට වෙරි නැහැ මචං" කියලා.සමහර අය බොන්න හේතු හොයනවා. සමහරු කටුක අද්දැකිම් වලින් හෙම්බත්වෙලා එවයෙ මතකයන්ගෙන් මිදෙන්න බොනවා. මාත් අත්හදා බලලා තියනවා. නමුත් වැඩක් නැහැ. වෙරි මත හිඳුනු ගමන් ආපහු අර මතකයන් හදවතට කටුවලින් අයිනවා වගෙ. සමහර අය කට්ටිය සෙට් වෙලා පොඩි ෆන් එකක් දාමු කියල හේතුවක් හොයා ගන්නවා. කගෙ හරි උපන්දිනයක්. කවුරුහරි රට ගිහිල්ල ඇවිල්ල. නත්තල් , අවුරුදු එකී මෙකී නොකී සියලුම හේතු අල්ලගන්නවා. මමත් එවට සෙට් වෙලා තියනවා. මෙක කියවන ගොඩක් අයත් එහෙමම තමයි. අපි මත්වෙන්න කරන දෙවල් වර්ගීකරනය කරන්න පුලුවන්. මෙක ගොඩාක පුළුල් දෙයක් කෙටියෙන් කියන්න බැහැ.

නමුත් මම අද සතුටටයි,දුකටයි, ප්‍රශ්න අමතක කරන්න බොන අය ගැනයි, ටිකක් කතා කරන්නම්. ගොඩක් කලාකරුවන්, සංවේදි මිනිසුන් මෙ ගනයට වැටෙන්නෙ. මෙ අය තමුන්ගෙ දුක, හිතෙ තියන අසහනය මගහරව ගන්න බොන අය. මෙතනින් සමහරු අරක්කු බොතලයක් අරන් කාමරයට වෙලා සොඩා එක්ක තනියම බොනව.තවත් අය ලගම හිතවතත් එක්ක. බල්ලන්ට ගහන එක(ගල්) දෙවියන්ට ගහන එක(පොල්) මෙ ආදි වශයෙන් රුපියල් 800 න් පටන් අරන් නානාප්‍රකාර ජාති තියනව වෙළද පොලෙ. හොදට බොනවා. මත්වෙනවා. සමහර දවස් වලට වමනෙ යනකම් ම බොනවා. අවුරුදු 2 , 3 ක් විතර බීපු කෙනෙකුට අරක්කු බොතලයක් කියන්නෙ මහ ලොකු දෙයක් නෙමෙ. සල්ලි ටිකක් යහමින් තියන අයයි අරක්කු බොන්නෙ. සල්ලි නැති මිනිස්සු කසිප්පු වලට තමයි ගොඩාක් එලවන්නෙ " වැටෙ සුදා " තමයි එගොල්ලන්ගෙ බ්‍රැන්ඩ් එක. මෙහෙම ඉස්සරහට යද්දි දිනපතා වැඩෙට බහිනවා. ප්‍රශ්න අමතක කරන්න කියල දවස් දෙක තුනකට වතාවක් බිපු අය ඩෙලි ගහන්න ගන්නවා. ඉතින් තවත් දුරටත් දහවල් කූලී වැඩ කරලා හම්බ කරන තුට්ටු දෙක දුක අමතක කරන්න ඔන කියල. මෙ ගොල්ලන්ට හැමදාමත් ප්‍රශ්න. මෙ දුප්පත් අය අතර ඉන්නවා කට්ටියක් මෙ අයට ජිවත්වෙන්න ඔනාම නැහැ. එ අය පාවිච්චි කරන්නෙ " ඇති හිටියා" කියන බ්‍රැන්ඩ් එක. එය අයට visa එක බොහොම කෙටි කලෙකින් හම්බවෙනවා. මෙ ලගදිත් මම දන්න කෙනෙක් ගියා.

ඉතින් දුකට බොන මිනිස්සු හැමදාමත් තමුන්ගෙ ධනය ටිකෙන් ටික විනශ කරගන්නවා. සල්ලි ටිකක් යහමින් තියන මනුස්සයෙක් නම් එයාට තියන පිළිගැනිම, ගවුරවය විශ්වසය මෙ වගෙ දෙවල් නැතිකරගන්නව. මෙ දෙවල් අති වෙන්න ගොඩාක් කාලයක් වෙහෙස මහන්සිවෙන්න ඔනා. නමුත් බීලා කරන එක දෙකින් එ ඔක්කොම නැතිවෙනවා. එත් එක මොහොතකින්. මෙතනින් තාවකලික දෙයක්,සැනසීමක් හම්බවෙනවා මනුස්සයට නමුත් පැවැත්මක් නැහැ. මෙ මනුස්සයන්ට මැරෙන්න මොහොතක් තියලා තමයි කෙරුවාවල් සිහිවෙන්නෙ. නමුත් පරක්කුයි.

සතුටට බොන අය ගැනත් එහෙම්ම ම තමයි. එගොල්ලා සතුටෙන් පටන් අරගෙන දුකට බහින සෙට් එක. එගොල්ල ෆන් එක ගද්දි එ අයගෙ මුලු පරම්පරා දෙක තුනක්ම හිගන්නො වෙලා ඉවරයි. මෙහෙම හිගන්නො වෙන්නෙ හිත හොද කට්ටිය. මිටරෙන් බොන අය ගෙන් තමයි මෙ අය ගොඩාක් පරිස්සන් වෙන්න ඔනා.

ප්‍රශ්න කියන දේවල් හැමදාමත් ලොකෙ තියනව. හැමොටම තියනව. අනිත් එක සතුටට කියලා හිස් දෙවල් කරන්න යන්න ඔනා නැහැ. දුක ,සතුට දෙකම අපෙ දෙවල්. යහලුවො ටිකට සල්ලි වැඩිනම් බොරුවට සෙට් වෙලා සල්ලි නාස්තිකරන්නෙ නැතුව තමුන් ඉගෙන ගත්තු පාසලට යමක් කරන්න. අනිත් පැත්ත තමුන්ට ඔච්චරම හිතට දුකයි නම් කගෙ හරි දුකකට පිහිට වෙන්න. රැවටෙන්න එපා. පිරිමිකම පෙන්නන්න බොන්න එපා. බිලා වෙරිවෙලා ඉන්න හැම මොඩයම කියන්නෙ " මට වෙරිනැහැ මට වෙරි නැහැ මචං " කියලා. අනිත් එක බීලා ටිං ටිං ගෙ වීර ක්‍රියා කරන්න යන්න එපා. තමුන්ගෙ මොඩකම නිසා තමුන්ව විශ්වාස කරලා තමුන් එක්ක ජිවිතය ගෙවන්න ආපු ගැහැනියට දුක් දෙන්න එපා. තමුන් බීලා ගෙදර ගියහම තමුන්ගෙ දූදරුවන්ගෙ හිත් වලට දැනෙන දෙ ගැන පොඩි හරි වැටහිමක් ඇතිකරගන්න.



අරක්කු බොන එක පිරිමිකමට නින්දාවක්..සිංහල කමටත් නින්දාවක්..තමුනුත් විනශකරගෙන මුලු ජාතියක්ම විනශකරනවා.
ඔච්චරටම මත් වෙන්න ඔනනම්, ඔච්චරටම ප්‍රශ්න අමතක කරන්න ඔනානම් , තමුන්ගෙ අම්මගෙ සෙනෙහසින් මත්වෙන්න. තමුන්ගෙ බිරිදගෙ ආදරයෙන් මත්වෙන්න, එ දෙවල් නැත්තම් තමුන් කරපු හොද දේවල් මෙනෙහි කර කර මත්වෙන්න. ආශ්‍රයට සුදුසු කෙනෙක් නැත්තම් තනීව විසිම යහපත්ය. තමුන්ගෙ හිතෙ දුක අනිත් අය තෙරුම් ගනී කියල හිතන් බොන්න ඔනා නැහැ. අනිත් අයගෙ හිතෙ තියන දුකකට පිහිට වෙන්න.

අන්තිමටම වැදගත්ම දේ ලියන්න ඔනා. ජිවත්වෙන්න බැරිම තරන් දුකයි නම් යාල, විල්පත්තු, සිංහරාජ වගෙ කැලයකට ගිහින් ගහක් යටට වෙලා හාක්‍රොස් පටාස් එකක් ගහන්න. කාටවත් කරදරයක් නැහැනෙ...

ඉතින් මොකද කියන්නෙ... සෙනෙහසින් මත්වෙනවද..? අරක්කුවලින් මත් වෙනවද..?

12/6/09

ජිවිතය ලස්සන කරන සොඳුරු මතකයන් ...

අපි හැමොටම සුන්දර මතකයන් තිබෙනවා. සුන්දර නොවන මතකයනුත් එමටයි.මම මෙ මතකයට නගන්නෙ මගෙ සා/පෙ සමයෙ මට උගන්වපු ගුරුවරයෙක් ගැනයි. මම මුලින් ඉගනගන්න බොහොම දුරුවලයි. හැමදාම පන්තියෙ කැගසනවා. ගුරුවරුන් ගෙන් ගුටිකනව. ගණිතයට ලකුනු 30 ,35. මම ගැන ගුරුවරු වැඩිය උනන්දුවකුත් නැහැ. මගෙ උනන්දුවකුත් නැහැ ඉගෙනගන්න.දවසක් ගනන් සර් උගන්වන අතරතුරෙ ABCD චතුරශ්‍රයක් ඇන්ඳ. සර් කියවන ගමන් ඇන්ඳෙ. සර් ABCD කියල ඉවර වෙනවත් එක්ක මම ටිකක් හයියෙන් " කොස් ඇට සිබිඩි" කිව්වා. පන්තියෙ කට්ටියම හිනා උනා. සර් බැලුවා මං දිහැ. මේසය උඩින් හුණුකැල්ල තිබ්බා. මම හිතුවෙ අද නම් පුතෙ මදි නොකියන්න හම්බවෙනවා කියලා. සර් හොදට නෙළන කෙනෙක් කියලා දන්නව උනත් මමත් කන්න බය තියන කෙනෙක් නෙමෙ කියල සර්රුත් දන්නවා. සර් මම ඉස්සරහට අවා.මම හිතුවෙ දුන්නා තමයි කියලා. ඇවිත් " තුෂාර ඔයාට මම අද යමක් කියන්නම් එක හොදට මතක තියාගන්න. මෙ ටිකෙ සා/පෙ ප්‍රතිපල ඇවිල්ලා ඔය දැක්කනෙ ගොඩක් අය පාස් වෙලා හිනා වෙගන යනවා. ඔය අතර ඉන්නව කට්ටියක් ගණන් ෆෙල් වෙලා අපි ගාවට ඇවිත් අඬනව ' අනේ සර් මම ගණන් අපහු අරන් දෙන්නම් , මට උසස් පෙළ කරන්න දෙන්න කියලා ' පන්තියෙ උගන්නන වෙලාවෙ පිස්සු කරලා, ජොකර් කෙනෙක් වෙලා අන්තිමට ෆෙල් වෙලා එන්න එපා තමුසෙ මං ගාවට"
මට ගොඩක් ලැජ්ජා හිතුනා. දුකත් හිතට දැනුනා. මට ගොඩක්ම දුක හිතුනෙ සර් එක කියපු විදියට. එ සර් ටියුෂන් කරන සර් කෙනෙකුත් නෙමෙ. එ මොහොත මගෙ හිතෙ හොදින් වැදුනා. මම ගෙදර ගිහිල්ලා 10, 9 වසර පොත් හොයගෙන ගනන් හදන්න ගත්තා.

මෙහෙම ටික දවසක් යන කොට සර් " ලමයි ඔයලා ගනන් හදලා ප්‍රශ්න පත්තර හදලා ගෙනත් මට පෙන්නන. මම බලලා දෙන්නම්" අපි කට්ටියටමයි කිවුවෙ.මම ඉතින් පොඩි පොඩි ගනන් කිපයක් හදලා ගිහින් පෙන්නුවා. මම ඉස්සලම හැදුවෙ ලඝු ගනක ගානක්. මෙහෙම ටික දවසක් යනකොට වාර විභහගෙ. ගණිතය ලකුණු 40. නිවාඩු කාලෙ මම ගණන් ටිකක් හදාගෙනෙ සර් ගෙ ගෙදරට ගියා. සර් "එනවා ඇවිත් ඉදගන්නව" කියල ගණන් ටික බලලා. මෙ ටිකත් හදනව කියල තව ගනන් ටික් දුන්නා. මට දවල්ට කැම , හවසට තේ එක ඔක්කොම දිලා දවසම ගණන් හැදුවා. මෙහෙම නිවඩු කලේ සතියකට එක දවසක් සර්ගෙ ගෙදරට ගිහින් ගණන් ඉගෙන ගත්තා.

සාමන්‍ය පෙළ ලං වෙනකොට මට සර් ගණනක් දුන්නා හදන්න කියලා. මම එක හැදුවට පස්සෙ සර් ගෙ හිනාවෙන් පිරුනු මුහුන තවමත් මට මතකයි. මම සාමන්‍ය පෙළ ගණිතය හොදින් පාස් වෙලා තිබුනා.විද්‍යව ගණිතය විතරයි A තිබුනෙ. එ සර් ගෙන් ගත්තු පන්නරයෙන් මම උසස් පෙළත් ගණිතයම කලා. උසස් පෙළත් පාස් උනා. කැම්පස් යන දවසෙ සර් මට පුංචි තැග්ගක් දුන්නා.සල්ලිත් දුන්නා.

එදා සර් මට ගැහැව්වනම් සිද්ධිය හොදටම වෙනස් වෙන්න තිබුනා. ලමයෙක් ගෙ හිතකට කතාකරල කියන්න පුලුවන් ශක්තිය හැම ගුරුවරයෙකුටම නැහැ. එ ගුරුතුමා හින්දා අද මම උසස් අධ්‍යපනය ලබනව ලංකවෙ තියන හොදම විශවවිද‍යලයක.මම එ කාලෙ හැම සතිඅන්තයකම ගෙදර ගිහින් සර්ව බලන්න යනවා. මම දැන් ගොඩාක් කාලෙකින් සර්ව බලන්න යන්න ගියෙ නැහැ. මට යන්නත් බැහැ. සර් අද මාව දැක්කොත් සර්ට දුක හිතෙන බව මම දන්න හින්දයි මම නොයන්නෙ.මට උගන්වපු, මට කන්න බොන්න දුන්නු එ ගුරුවරයට මම හැමදාම ණය ගැතියි. මම ඉජිනේරුවෙක් වෙන්න ඉගෙන ගනිද්දි මට උගන්වපු ගුරුවරයා තවමත් පා පැදියෙන් පාසලට එනවා මම දකිනවා.




කඳූවල මෙවැනි උල්පත් පැන නගී.ඒ වටා අඩි පාරවල් ඇතිවේ. මිනිස්සු අඩි පාරවල් ඔස්සේ ගොස් උල්පත් වලින් ජලය ලබා ගනිති. එහෙත් පුළුල් මාර්ග ඇති වූ පසුව අර අඩි පාරවල් අමතක කර දමති. උල්පත් වටා කෙමෙන් කටුවැල් මැටි මුළු ගැනේ. අවට සිට බලන්නෙකුට ඒ උල්පත් නොපෙනේ. රස්නෙ ඇති දවසක කෙනෙක් සිය පිපාසය නිවා ගනු පිණිස මහමගින් ඉවත් වී අර උල්පත සොයා එති. මුළු ගැන්වී තිඛෙන උල්පත සොයා එමින් ඒ වටා ඇති වල් පැලෑටි සහ කටුවැල් උදුරා දමති. කිසිකෙනෙකු විසින් හෝ අපිරිසිදු නොකරන ලද ඒ උල්පතේ ප්‍රණීත සිසිල් ජලය නිසලව ගලා බසිම්න් නිල්වන් කැටපත සේ විනිවිද පෙනේ. එවිට උල්පත තුළින් තමාද හිරු සහ අහසද කඳූවැටිද පෙනෙන්නා සේය. එවැනි සුන්දර තැන් ගැන අන් අයට නොදන්වා සිටීම පාපයකයි සිතා අන්අයටද ඒ බව දැැන්වීමට ඉටා ගන්නා නමුදු පසුව එය අමතක කර දමයි.

එදිනෙදා ජීවිතයේ දී මෙලෙසම සිදුවේ. එහෙත් එය ජීවිතයයි......

උපුටාගැන්ම ගුරුගීතය...

ස්තුතියසොදුරු සිතට....

12/3/09

අම්මා හඬයි...

දිරියෙන් ඉදිරි පෙරමුන ගෙන යුද වැදුනේ

ඔබගෙයි පුතුනී මව්‍රට රැක ගත යුතුනේ

සොයුරන් ඉදිරි පෙළ එක පිට ඇද වැටුනේ

නැත මගෙ පුතුන් බිය ගෙන ආපසු හැරුනේ



ගෙන අත අවිය ඉදිරියටම දිව යන්නා

සැඟවු විටදි වන සිව්පා උන් මෙන්නා

දුරුවල තැනින් සතුරන් බල බිද ලන්නා

නිර්බය පුතුන් මගෙ සටනට උර දුන්නා



ජනපතිතුමා නොබියව අත්සන දුන්නේ

ගොටාභයයි නියමිත දෑ ගෙන දුන්නේ

සේන්පතිතුමා විරු පුතු හට අණ දුන්නේ

විරු පුතු තමයි වෙඩි උන්ඩෙට ළය දුන්නේ



ගුවනින් ගොසින් සතුරන් බල බිදලන්නා

මුහුදින් ගොසින් සතුරන් බල බිදලන්නා

පොළවෙන් ගොසින් සතුරන් බල බිදලන්නා

හමුදා පුතුනු වන් මෙ ජය ගෙන දුන්නා



යහලුවො එකතුවී මෙ ජය අර ගන්නෙ

ජයගත් පසුව ඇයි එ ජයෙ නම ගන්නෙ

බලයෙන් කාමයෙන් ඉදිමුනු මිනිසුන්නෙ

අම්මා හඬයි නුඹලා ගැන සිත මින්නෙ



නුඹලා තුන් දෙනා ලිප් ගල් තුනකි අද

ලිප උඩ තිබෙන දෙ ගල් හෙල උනොත් බිම

ඉතිරිව ඉන්න ජඩයින්ගෙ උගුල් මැද

ඇසෙනවා මටත් පරාජයෙ සිනහා හඬ.

12/2/09

ජිවිතය ඇත්තටම සුන්දරද ?....

මම මෙ ලියන්න යන පුංචි කතාව මගෙ අත්දැකිමක් දැනුන සිතුවිලි වල බිංදුවක්. මෙ තුලින් මම යමක් ඉගෙනගත්තා. මෙ සිද්දිය මතක් වෙද්දි මට ලොකු සතුටක්, තරහවක් සමග පුංචි දුකක් හිතට එනවා. මගෙ නගරයෙ රේල් ගෙට්ටුව අසල ත්‍රිවිල් පාර්ක් එක. එ අසලම පොළත් පිහිටා තියනවා. මම ගිය බස් එක පිටිපස්සෙන් ආපු බස් එකත් එක්ක තරගෙට ආවෙ. රේල් ගෙට්ටුව වහලා තිබ්බ නිසා ටිකක් නතර වෙලා තිබුනා. පාරෙන් එහා පැත්තෙ පොළ.

මට පොළට යන්න හිතිලා මම බස් එකෙන් බැස්සා. බැහැලා ටිකක් ඉස්සරහට යද්දි මිනිස්සු කැගසනව ඇහුන. මම එතනට යද්දි දැක්කා

ගොඩක් වයසක අම්මා කෙනෙක් වැටිලා ඉන්නවා තරගෙට ආපු බස් දෙකම නතර වෙලා. මම ආපු බස් එකෙ රොදයකට එ අම්මගෙ කකුල යට වෙලා.

මිනිස්සු වට වෙලා බලන් ඉන්නව. කෙනෙක් ත්‍රිවිල් එකකට කතා කරනවා. තවත් කෙනෙක් බස් එකෙ රියදුරාට පහර දෙන්න. කට්ටිය කඩි ගුල ඇවිස්සිලා

වගෙ. නමුත් ත්‍රිවිල් පාර්ක් එකයි අම්මා වැටිල හිටිය තැනයි අතර දුර මිටර් 30 විතර. හොදට ඇඟ පත තියන උස මහත මිනිස්සු වටවෙලා බලන් ඉන්නවා. මම

ගිය ගමන් ගමෙ ලොක්කා වගෙ අම්මව අත්දෙකෙන් උස්සලා ත්‍රිවිල් එකක් ලගට අරන් ගිහිල්ලා ඇතුලට දාගෙන ඉස්පිරිතාලෙට අරන් ගියා. යනකන්ම එ

අම්මා කෙදිරි ගැවෙ අම්මෙ.. අම්මෙ කියලා. කකුලෙ ලේ ටිකයි. අමු පොල් බැවක් වගෙ. මස් මාලු දකිද්දි අහක බලා ගන්න මම කකුලෙ ඇඟිල්ලක් එක්කලා

ඉහිරිලා ගිය මස් වැදල්ලක් අතින් අල්ලලා අම්මගෙ කකුල උඩ තිබ්බා එක එල්ලෙදි එයට වේදනාවක් දැනෙයි කියලා.

ඉස්පිරිතාලෙදි හෙදියො කකුල සුද්ද කරනවා මම බලන් හිටිය. දොස්තර නොන ටිකක් තරුණ අලුත් කෙනෙක් . වයස 27 ක් විතර. ලස්සනයි. අම්මා

වේදනවෙන් එ මෙ අත පෙරලෙනවා. දොස්තර නොනට තරහා ගිහිල්ල එ අම්මට ටිකක් තදින් කතා කලා. අම්මගෙ ඇඟ ගොඩාක් වැහැරිලා ගිහිල්ල වයස

නිසා. අනතුරගැන ආරංචි වෙලා එතනට එයාගෙ නැ කෙනෙක් ආව. මම එන්න ආවා.

ඊට සති දෙකකට පස්සෙ මට ආරංචි උනා එ අම්මා මැරුන කියලා.බස් එකෙ රියදුරාටත් දෙකක් තුනක් ගහලා කට්ටිය. පොලිසියත් එතනට ඇවිල්ලා.

මට ගොඩාක් තරහා අම්මා වැටිල්ලා හිටපු වෙලාවේ කවුරුවත් එයාව අතට ගත්තු නැති එක හා දොස්තරගෙ ක්‍රියාව. හොදට ඇඟ පත තියන උස මහත මිනිස්සු

හා කායවර්ධන ව්‍යයාම් කරලා ඇඟ හදා ගත්තු අයියලා කිපදෙනෙකුත් හිටියා. බොඩිෆිට් ගහගෙන අතපය පුම්බගෙන. නමුත් අම්මව ඉස්සුනෙ මස් කලඳක්

නැති කෙසඟ ඇඟකින්.

සමහර දොස්තරල ලෙඩෙ අහද්දිම ගොඩක් සනීපයි. මෙ ලස්සන තරුණ දොස්තර එදා කරපු වැඩෙන් දොස්තර සංහතියම එපා උනා.

එ වයසක අම්මා පොළට බඩු වගෙයක් අරන් විකුනන්න එන ගමන්. මම මගෙ අම්මව එ වගෙ හරහට අත් දෙකෙන් උස්සලා තියනව. මම ආදරය කරන

ගැහැණු ලමයව උස්සලා තියනවා.මට එ අනතුරට පත් වුන අම්ම ලඟ අපු පිළුණු දහඩිය සුවද තමා මගෙ අම්මා ලඟත් ආවෙ. නමුත් ආදරය කරන ගැහැණු

ලමයගෙ සුවඳ...

එත් මම අම්මා උයද්දි අම්මා ගාවට ගිහිල්ල " අම්ම ගාව දහඩිය සුවඳයි " කියලා කියද්දි අම්ම මගෙන් අහනවා " කොහොමද පුතෙ දහඩිය සුවඳ වෙන්නෙ "

කියලා.අම්මට කියලා දෙන්න මම වත් දන්නෙ නැහැ. නමුත් ආදරය කරන ගැහැණු ලමයගෙ ෂැම්පු, සුවඳ විලවුන් වල ගඳ එද්දි දෙන්නා මරා ගන්න පොටක්

පාද ගන්නවා.ඉතින් කුණුහරප වලින් බැන ගන්නවා. බඳින්න කලින් මෙහෙම නම් බැන්දට පස්සෙ කොහොම වෙයිද කියලා කියන්න බැහැනෙ. එයත් ටටා

කියලා ගියා. ග්‍රික මිත්‍ය කතා වල එන ප්‍රොම්තියස් ගෙ කතාවෙ වගෙ මගෙ හදවතත් අර මතකයන්, සිහිනයන් විසින් කඩාගෙන කනවා. නමුත් එතන හදවත

ලියලනව. ආපහු අර මතකයන් ,සිහිනයන් කඩාගෙන කනවා. ආපහු ලියලනවා. ටික දවසක් මෙහෙම ගොඩාක් දුක් වින්දා. නමුත් එක කඳුළු බිංදුවක් නෙමෙ බිමට වැටුනෙ.

අපි හැමොටම නැතිවීම් තියනවා. දුකයි, ගොඩාක් තරහයි. වේදනාවයි. නමුත් එ තුලිනුත් ගොඩාක් සතුටු වෙන්න පුලුවන් හැකියාවක් තියනවා නෙද ?
වයසක් දුරුවල ගිලන්වු කෙනෙක්ගෙ මළ මුත්‍ර අස් පස් කරද්දි මගෙ හිතට දැනුනෙ පිලිකුලකට වඩා මෙ මනුස්සයා ගොඩාක් කාලයක් අපි වෙනුවෙන්

මහන්සිවෙලා, දහඩිය, ලේ කඳුලු වගුරවලා මෙතනට ඇවිල්ලා තියන්නෙ කියලයි. අම්ම කෙනෙකුට දරුවෙකුගෙ මළ මුත්‍රා කොහොමද දැනෙනවද කියලනම්

දන්නෙ නැහැ.

ගැහැණිය කියන මූර්තිය තුලින් පෙනෙන දේ හරිම පුදුමයි. දුවක්, සහොදරියක්, බිරිදක, අම්මා කෙනෙක්. මෙ උඩින් හරියට පැනලා යන්නෙ කියෙන් කී

දෙනා ද?. එකෙ අනිත් පැත්ත පිරිමින්ට වලංගුයි.බලන්න මොනදෙ උනත් මෙ ගලන ගඟෙ පෙන්න තියන අසිරිමත් බව. මහගම සේකර මහත්තයා තුංමං

හන්දියෙ ලිව්වා වගෙ.

පිපී බිදෙන දිය බුබුලේ
වලා රොදක දුර ආකාසේ
සොබා සොඳුරු සිරි මෙලොවෙ..
ඔබෙ ඇසිනි මා දුටුවෙ...

මෙහෙම හැගිම් වලින් බඩපුරො ගන්න මිනිස්සු අතර හරිම පුදුම මිනිස්සු තොගයක් ඉන්නව. එයාලා පුලුවන් හැටියට ගොඩ ගහගන්නවා.මමත් ගොඩ

ගහගන්නවා.හරිම නරක මිනිස්සු සියයක් මැද කිපදෙනෙක හොඳ අය.දුප්පත් මිනිස්සු සියක් මැද කිපදෙනෙක් පොහොසත් අය. හැබැයි මොනදෙ කලත් Visa

එක ආපු ගමන් කෙලින්ම බඩු උඩ. හැමොම කාලා බීලා ජොලි කරලා ඉන්නවා හැබැයි කිපදෙනෙක් ඇරෙන්න.හැබැයි හැමොටම ප්‍රශ්න. සමහර මිනිස්සු ගැහණු දෙන්නා තුන් දෙනා තියන් ඉන්නවා නමුත් රුපවාහිණියෙ බණ කියද්දි ඉස්සරහින්ම ඉදගෙන සාධු! සාධු! කියනවා. එවත් අපෙ කට්ටිය කට ඇරන් බලන් ඉන්නවා.

කොහොම උනත් අන්තිමට ජිවිතය සුන්දරද ?

11/26/09

යහලුවෙක් තනිකමින්...

සිරකරුවෙක් වෙමි මා - මිහිතලය මත සිටිනා
අහස තුල තරු දිදුලනා - සදවතිය තනියට සිටිනා
දහස් ගනන් අතර මා - සිතුවිලිත් සමග තනිවෙනා...

මට පෙනෙන, මම දකින විදියට තනිකම, විරහව, වේදනාව, රැවටීම,
සොඳුරු අත්දැකීම් මිනිස්සුන් ව තවත් ලස්සන කරන.

වඩාත් ම ලස්සන දේ ගඟ පහලට ගලාගෙන යන එකයි.

ඉහත කවිය මම ලියුවෙ සොදුරු සිතගෙ කවි සංවදයක දී..

11/25/09

මල සහ මුල

පිපෙන්නට වෙරදරන
සුවද මල් කැකුලකට
පිපෙන්නට ඉඩදී
පොළව යට හිදිමි මම

මලත් පලත් ලොවට දී
මුලක් සෙ හිදිමි මම

මලත් නොදනී
කඳත් නොදනී
මුලක් සෙ හිදිමි මම

නිවසෙදි . පෙරයම 1:15 25/11/2009

මම නවතිමී

එක්ව ඇවිදින්නට
පෙරුම් පිරූ මට
තනිව ඇවිදින්නට
සිතට කිසි දුකක් නැත.

මා නැවතුනෙ - ඔබ නිසාවෙන් බව
ඔබ ඉගිලයන්නෙ - මා නිසාවෙන් බව

ඔබට නවතින්නට -කීම මට නොහැකිය
හැති වැටුනු විගසම - ඇවිද ආපසු එන්න.

නිමක් නැති ගමනක - එක මංසලකි අද
හෙටත් තව තැනකදී - අපිත් මුන ගැසෙනු ඇත

නිවසෙදි . පෙරයම 1:15 25/11/2009

11/20/09

වෙන්වීම........

ඔබ දුන් පොරොන්දුව මතකෙට නැගෙ අද
මා දුන් පොරොන්දුව අමතක නොවිය මට
ඔබ හා බැඳුනු එ මිහිරැති අතීතෙට
සමු නම් නොදෙමි මම දිවි ඇති තුරාවට

අල්ලා ගෙන දැත් නිල් වන් අහස යට
තෙපලු වදන් සිහිවෙයි තනී වු සිතට
ඇද මතකයෙන් ඔබෙ හසරැලි හදවතට
සිත හඬගසයි ආපසු එන තුරාවට

11/19/09

යෙහෙළිය....

නිහඬව ගලා බැස යන නදියක අසල
නිසලව බලා හිදිමින් මගෙ සිත සසල
පාලුව මකා දම මීන් හදවත ඇතුල
යෙහෙළිය සොය පීනමී සමුදුරු පතුල


නිවසෙදි . පෙරයම 1:20 19/11/2009

11/18/09

දුක හා සතුට…..

සිනහව අතරින් මතු වු කදුළැලි...
තවමත් මගෙ හද තුල ය.
දුකක් නැත.. මට කිසි දුකක් නැත..
එ දුක් කඳ තුල සතුට පිරි ඇත….

හිස් අතින් අවෙමි…
හිස් අතින් යන්නෙමි…
අතරමග එකතු කල දෑ…
මම ඔබට දෙන්නෙමි….

අඳුර ඇත්නම්. එතන එළිය ද
අඳුර නැත්නම් එළියක් ද නැත…
ක්ෂිතිජයට ඉමක් ඇත…
හැගිම් ද නිමක් නැත…..

ගඟක් නම් එය…
පහළට ගලනු ඇත….
එ ගලන අතරමග…
ගල්පරයක ගැටෙනු ඇත..
සිනහා පොකුරු පිපෙමින්…
පරව යනු දැක
මා ගතෙ ඩා බිදු
ඔබ හා සිනසෙනු ඇත…
ඔබත් එවිට හිනැහෙනු දැක…
මා ද සතුටු වනු ඇත........................................................ නිවසෙදි . පෙරයම 2:45 18/11/2009

11/17/09

අම්මා.......

මගෙ ලොවට
හිරුත් නුඹ්යි…
සදුත් නුඹ්යි…
තරුත් නුඹ්යි…

මතකයි මට අකුරූ කෙරූ හැටි
මතකයි මට සිහින පෙවු සැටි
නිදි මතයි මට.. නිදිමතයි…
කො නුඹෙ ලය….
නිදන්නට මට.. නිදන්නට…

උපන් දා සිට
ඇති දැඩි කර
බඩ දුක් ගිනි විද
මා හට කැවු පෙවු මගෙ අම්මා….
නුඹෙ ඇසින් බිමට
කදුළූ හෙලු දා….
මතකය තවම මට…

කිසිවක් අමතක වි නොමැත
නුඹෙ හද විදි දුක් කද
නිවිමට නොහැකිය මට
අසරණය මම අසරණය
නුඹ පෙවු දහම් කද
වළකවයි මගෙ සිත………………… නිවසෙදි . පෙරයම 2:18 17/11/2009

ඔබ හා මම.....

යන්නම් ඇතට …
නොපෙනෙනා දුරකට….
ඔබගෙන් වෙන්වි…

එය ඔබට සුවයක් නම්..
එයද මට සැපයකි…

බිඟු රැන් පෙළ..
ගුම්.. ගුම්.. නදින් ..
මල් වලට ලංවි...
රහස් කොදුරා…
රොන් ගන්නාසෙ..
මමද ඔබෙන් ගත්තෙමි..
ජිවිතය…

මා කිසිවක් රැගෙන ආ බව දනිමි.
එය කුමක්දයි යන්න නොදනිමි.

මතකයන් සිතට කොදුරා
රහසක් මුමුනයි.
ඔබ හා ගෙවුනු අතිතය..
හදවත සිතුවම් කරයි.
කියන්න නැවතත්..
අවසරද මට
ඔබෙන් සමුගන්න. ………………………………………………………. නිවසෙදි . පෙරයම 1:40 17/11/2009

කස්ටිය