සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

12/6/09

ජිවිතය ලස්සන කරන සොඳුරු මතකයන් ...

අපි හැමොටම සුන්දර මතකයන් තිබෙනවා. සුන්දර නොවන මතකයනුත් එමටයි.මම මෙ මතකයට නගන්නෙ මගෙ සා/පෙ සමයෙ මට උගන්වපු ගුරුවරයෙක් ගැනයි. මම මුලින් ඉගනගන්න බොහොම දුරුවලයි. හැමදාම පන්තියෙ කැගසනවා. ගුරුවරුන් ගෙන් ගුටිකනව. ගණිතයට ලකුනු 30 ,35. මම ගැන ගුරුවරු වැඩිය උනන්දුවකුත් නැහැ. මගෙ උනන්දුවකුත් නැහැ ඉගෙනගන්න.දවසක් ගනන් සර් උගන්වන අතරතුරෙ ABCD චතුරශ්‍රයක් ඇන්ඳ. සර් කියවන ගමන් ඇන්ඳෙ. සර් ABCD කියල ඉවර වෙනවත් එක්ක මම ටිකක් හයියෙන් " කොස් ඇට සිබිඩි" කිව්වා. පන්තියෙ කට්ටියම හිනා උනා. සර් බැලුවා මං දිහැ. මේසය උඩින් හුණුකැල්ල තිබ්බා. මම හිතුවෙ අද නම් පුතෙ මදි නොකියන්න හම්බවෙනවා කියලා. සර් හොදට නෙළන කෙනෙක් කියලා දන්නව උනත් මමත් කන්න බය තියන කෙනෙක් නෙමෙ කියල සර්රුත් දන්නවා. සර් මම ඉස්සරහට අවා.මම හිතුවෙ දුන්නා තමයි කියලා. ඇවිත් " තුෂාර ඔයාට මම අද යමක් කියන්නම් එක හොදට මතක තියාගන්න. මෙ ටිකෙ සා/පෙ ප්‍රතිපල ඇවිල්ලා ඔය දැක්කනෙ ගොඩක් අය පාස් වෙලා හිනා වෙගන යනවා. ඔය අතර ඉන්නව කට්ටියක් ගණන් ෆෙල් වෙලා අපි ගාවට ඇවිත් අඬනව ' අනේ සර් මම ගණන් අපහු අරන් දෙන්නම් , මට උසස් පෙළ කරන්න දෙන්න කියලා ' පන්තියෙ උගන්නන වෙලාවෙ පිස්සු කරලා, ජොකර් කෙනෙක් වෙලා අන්තිමට ෆෙල් වෙලා එන්න එපා තමුසෙ මං ගාවට"
මට ගොඩක් ලැජ්ජා හිතුනා. දුකත් හිතට දැනුනා. මට ගොඩක්ම දුක හිතුනෙ සර් එක කියපු විදියට. එ සර් ටියුෂන් කරන සර් කෙනෙකුත් නෙමෙ. එ මොහොත මගෙ හිතෙ හොදින් වැදුනා. මම ගෙදර ගිහිල්ලා 10, 9 වසර පොත් හොයගෙන ගනන් හදන්න ගත්තා.

මෙහෙම ටික දවසක් යන කොට සර් " ලමයි ඔයලා ගනන් හදලා ප්‍රශ්න පත්තර හදලා ගෙනත් මට පෙන්නන. මම බලලා දෙන්නම්" අපි කට්ටියටමයි කිවුවෙ.මම ඉතින් පොඩි පොඩි ගනන් කිපයක් හදලා ගිහින් පෙන්නුවා. මම ඉස්සලම හැදුවෙ ලඝු ගනක ගානක්. මෙහෙම ටික දවසක් යනකොට වාර විභහගෙ. ගණිතය ලකුණු 40. නිවාඩු කාලෙ මම ගණන් ටිකක් හදාගෙනෙ සර් ගෙ ගෙදරට ගියා. සර් "එනවා ඇවිත් ඉදගන්නව" කියල ගණන් ටික බලලා. මෙ ටිකත් හදනව කියල තව ගනන් ටික් දුන්නා. මට දවල්ට කැම , හවසට තේ එක ඔක්කොම දිලා දවසම ගණන් හැදුවා. මෙහෙම නිවඩු කලේ සතියකට එක දවසක් සර්ගෙ ගෙදරට ගිහින් ගණන් ඉගෙන ගත්තා.

සාමන්‍ය පෙළ ලං වෙනකොට මට සර් ගණනක් දුන්නා හදන්න කියලා. මම එක හැදුවට පස්සෙ සර් ගෙ හිනාවෙන් පිරුනු මුහුන තවමත් මට මතකයි. මම සාමන්‍ය පෙළ ගණිතය හොදින් පාස් වෙලා තිබුනා.විද්‍යව ගණිතය විතරයි A තිබුනෙ. එ සර් ගෙන් ගත්තු පන්නරයෙන් මම උසස් පෙළත් ගණිතයම කලා. උසස් පෙළත් පාස් උනා. කැම්පස් යන දවසෙ සර් මට පුංචි තැග්ගක් දුන්නා.සල්ලිත් දුන්නා.

එදා සර් මට ගැහැව්වනම් සිද්ධිය හොදටම වෙනස් වෙන්න තිබුනා. ලමයෙක් ගෙ හිතකට කතාකරල කියන්න පුලුවන් ශක්තිය හැම ගුරුවරයෙකුටම නැහැ. එ ගුරුතුමා හින්දා අද මම උසස් අධ්‍යපනය ලබනව ලංකවෙ තියන හොදම විශවවිද‍යලයක.මම එ කාලෙ හැම සතිඅන්තයකම ගෙදර ගිහින් සර්ව බලන්න යනවා. මම දැන් ගොඩාක් කාලෙකින් සර්ව බලන්න යන්න ගියෙ නැහැ. මට යන්නත් බැහැ. සර් අද මාව දැක්කොත් සර්ට දුක හිතෙන බව මම දන්න හින්දයි මම නොයන්නෙ.මට උගන්වපු, මට කන්න බොන්න දුන්නු එ ගුරුවරයට මම හැමදාම ණය ගැතියි. මම ඉජිනේරුවෙක් වෙන්න ඉගෙන ගනිද්දි මට උගන්වපු ගුරුවරයා තවමත් පා පැදියෙන් පාසලට එනවා මම දකිනවා.




කඳූවල මෙවැනි උල්පත් පැන නගී.ඒ වටා අඩි පාරවල් ඇතිවේ. මිනිස්සු අඩි පාරවල් ඔස්සේ ගොස් උල්පත් වලින් ජලය ලබා ගනිති. එහෙත් පුළුල් මාර්ග ඇති වූ පසුව අර අඩි පාරවල් අමතක කර දමති. උල්පත් වටා කෙමෙන් කටුවැල් මැටි මුළු ගැනේ. අවට සිට බලන්නෙකුට ඒ උල්පත් නොපෙනේ. රස්නෙ ඇති දවසක කෙනෙක් සිය පිපාසය නිවා ගනු පිණිස මහමගින් ඉවත් වී අර උල්පත සොයා එති. මුළු ගැන්වී තිඛෙන උල්පත සොයා එමින් ඒ වටා ඇති වල් පැලෑටි සහ කටුවැල් උදුරා දමති. කිසිකෙනෙකු විසින් හෝ අපිරිසිදු නොකරන ලද ඒ උල්පතේ ප්‍රණීත සිසිල් ජලය නිසලව ගලා බසිම්න් නිල්වන් කැටපත සේ විනිවිද පෙනේ. එවිට උල්පත තුළින් තමාද හිරු සහ අහසද කඳූවැටිද පෙනෙන්නා සේය. එවැනි සුන්දර තැන් ගැන අන් අයට නොදන්වා සිටීම පාපයකයි සිතා අන්අයටද ඒ බව දැැන්වීමට ඉටා ගන්නා නමුදු පසුව එය අමතක කර දමයි.

එදිනෙදා ජීවිතයේ දී මෙලෙසම සිදුවේ. එහෙත් එය ජීවිතයයි......

උපුටාගැන්ම ගුරුගීතය...

ස්තුතියසොදුරු සිතට....

13 අදහස් දැක්වීම්:

දසුන් මධුසංඛ වානගුරු said... [Reply to comment]

sundarai saho....
kocchara kagala,gahala,banala karanna bari deewal eka wachanekata karanna puluwan...
jaya!

Supun Budhajeewa said... [Reply to comment]

මෙන්න සිරා ගුරුවරු...

Hasitha Madushanka said... [Reply to comment]

mama 5 wasare inna kaale mage pnathi bara guruthumaa une sarathchandra kiyala sir kenek. mama ae dawas wala "bright case" ekak nemei. harima dagailu. kohoma hari sir mata panthiye nayaka kamath diila mawa 5 wasara shishsathweta sahabagi kala. wishwaasa karanana mama panthiye hodama lamayata wada lakunu aran wibaage samath unaa. mama daga nisa sir mata daduwam kalanam mama no1 mattek wenawa.

malee_msg said... [Reply to comment]

‍ළමයෙකුගේ ඉගනීමට ගුරුවරයා අතිශය වැදගත් සාධකය කියන එක මම අදටත් පිළිගන්නවා.!

.::පිස්සා::. said... [Reply to comment]

Nice story...

Anonymous said... [Reply to comment]

"සර් අද මාව දැක්කොත් සර්ට දුක හිතෙන බව මම දන්න හින්දයි "
Dan kothanada waradda?

Babes said... [Reply to comment]

ඒකට මම උත්තරයක් දෙන්නම්.
ඒකට හේතු කීපයක් බල පෑව.
ආදරය අහිමි වීම, පවුලෙ වගකීම් කර මතට ගෑනිම (හේතු ඈතුව)... සහ තවත් දෙවල් නිසා විභග ඈන ගත්ත. මමත් ඈන ගත්තා...

රවා said... [Reply to comment]

මම හැමතිස්සෙම සතුටින් ඉන්නෙ දුක ගොඩක් හංගගන.පොඩි කාලෙ හොදට දුක් විදලා. ඉගෙනගන්න එක මහ ලොකු වැඩක් නෙමෙ මට. සමහර දෙවල් අනිත් අය ගොඩාක් මහන්සිවෙල තෙරුම් ගන්නෙ. මට එ දෙවල් පහසුවෙන් තෙරුම් යනවා. කවදාවත් අසමත් වීමට බය වෙලා පාඩම් කරලා නැහැ. මට පාස් වෙන්න ඔනාම විභහග සියල්ල පාස් වෙලා තියනවා . මම සතුටෙන් ඉන්නවා දකින යහලුවො හිතන්නෙ මම පිස්සු කෙලිනව කියලා. දවසක් එයි සර්ට මාව දැක්කහම සතුට හිතෙන. එක අනිවාර්යයි. කිසි ප්‍රශ්නයක් එගැන නැහැ. අසමත් වෙන්න බය අය හැමදාම මහන්සි වෙනවා. මිනිස්සු දොස් කියයි කියලා.

Anonymous said... [Reply to comment]

Jeewithe hamadeyakma prashna pita dala, mama duk windinawa mama duk windala thiyenawa kiyala wadak ne.

Hama deyakma bohoma ikmanin therum ganna puluwan kenek nam jeewithe prashnath wenasak ne hondata therum ganna, ewata wisadum hoyanna puluwan wenna ona.

Prashnaya prashnayak karagen inna one ne.

Hugak minissu hithanne thamanta thamai okkoma karadara kiyala duk wewi a maththema nahenna hadanawa.
Ona welawata ona de karanne nathuwa lathawenawa. oyageth wadi wenasak ne.

Me loke kohomath thamange context eka thaman witharamai. Wena kawuruwath a boundary eken athule neha buddhagamata anuwa.

රවා said... [Reply to comment]

හරි මචං මම දන්නවා උබ කව්ද කියලා උබත් හොදටම දන්නවානෙ මම කව්ද කියලා. මගෙ සිතුවිලි , උබෙ සිතුවිල හැසිරෙන දෙවිදියක්. විභාග, රස්සා, අවස්තා ලොකයෙ ඔනතරම් තියනව. විභාග ඉලග අවුරුද්දෙත් තියනවා. නමුත් එ සොදුරු මොහොත එ වෙලාවෙ විතරයි. එක මිස් කරගෙන Phd ගැහැවුවත් මට අනුව නම් වැඩක් නැහැ. හැමොම දුකෙන් ඉන්නෙ කියලත් මම දන්නවා. උබත් හොදටම දන්නවනෙ මම එ දෙවල් මිස් කර ගත්තෙ ඇයි කියලා. උබෙයි මගෙයි වෙනස නම් උබ දුක් වෙන්නෙ උබට නොලැබුණු දෙවල් වලට. නමුත් මම දුක් වෙන්නෙ මට ලැබිලා තියන දෙවල් වලට. උබ ජිවත් වෙන්නෙ සත්තුන්ගෙ කැලි කාලනෙ. මම ජිවත්වෙන්නෙ මගෙ දුක විකුනගෙන කාලා.

මම දුකයි කියලා මුකුත් නොකර ඉදලා නැහැ. අනික අත්සනක් දාලා 30, 40 අරන් මන්දිර ගහන්න යන්නෙත් නැහැ.

මම උබව අදුනගත්තෙ.. උබෙ එක වචනෙක අකුරුවලින්. සෙනසුරාදට සෙට් වෙමු.

Anonymous said... [Reply to comment]

Ha ha.. Yaaluwa umbata waradila

රවා said... [Reply to comment]

වැරදෙනවා බන් වැරදෙනවා. මොනවා කරන්නද.. මනුස්සයෙක්නෙ. වැරදෙන එක හොදයි. හැමදාම හරියනවට වැඩිය.

RanDil said... [Reply to comment]

මේ ලිපිය දැක්කහම මටත් මගේ ගුරුතුමියක් සිහිවුනා.

කස්ටිය