සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

12/2/09

ජිවිතය ඇත්තටම සුන්දරද ?....

මම මෙ ලියන්න යන පුංචි කතාව මගෙ අත්දැකිමක් දැනුන සිතුවිලි වල බිංදුවක්. මෙ තුලින් මම යමක් ඉගෙනගත්තා. මෙ සිද්දිය මතක් වෙද්දි මට ලොකු සතුටක්, තරහවක් සමග පුංචි දුකක් හිතට එනවා. මගෙ නගරයෙ රේල් ගෙට්ටුව අසල ත්‍රිවිල් පාර්ක් එක. එ අසලම පොළත් පිහිටා තියනවා. මම ගිය බස් එක පිටිපස්සෙන් ආපු බස් එකත් එක්ක තරගෙට ආවෙ. රේල් ගෙට්ටුව වහලා තිබ්බ නිසා ටිකක් නතර වෙලා තිබුනා. පාරෙන් එහා පැත්තෙ පොළ.

මට පොළට යන්න හිතිලා මම බස් එකෙන් බැස්සා. බැහැලා ටිකක් ඉස්සරහට යද්දි මිනිස්සු කැගසනව ඇහුන. මම එතනට යද්දි දැක්කා

ගොඩක් වයසක අම්මා කෙනෙක් වැටිලා ඉන්නවා තරගෙට ආපු බස් දෙකම නතර වෙලා. මම ආපු බස් එකෙ රොදයකට එ අම්මගෙ කකුල යට වෙලා.

මිනිස්සු වට වෙලා බලන් ඉන්නව. කෙනෙක් ත්‍රිවිල් එකකට කතා කරනවා. තවත් කෙනෙක් බස් එකෙ රියදුරාට පහර දෙන්න. කට්ටිය කඩි ගුල ඇවිස්සිලා

වගෙ. නමුත් ත්‍රිවිල් පාර්ක් එකයි අම්මා වැටිල හිටිය තැනයි අතර දුර මිටර් 30 විතර. හොදට ඇඟ පත තියන උස මහත මිනිස්සු වටවෙලා බලන් ඉන්නවා. මම

ගිය ගමන් ගමෙ ලොක්කා වගෙ අම්මව අත්දෙකෙන් උස්සලා ත්‍රිවිල් එකක් ලගට අරන් ගිහිල්ලා ඇතුලට දාගෙන ඉස්පිරිතාලෙට අරන් ගියා. යනකන්ම එ

අම්මා කෙදිරි ගැවෙ අම්මෙ.. අම්මෙ කියලා. කකුලෙ ලේ ටිකයි. අමු පොල් බැවක් වගෙ. මස් මාලු දකිද්දි අහක බලා ගන්න මම කකුලෙ ඇඟිල්ලක් එක්කලා

ඉහිරිලා ගිය මස් වැදල්ලක් අතින් අල්ලලා අම්මගෙ කකුල උඩ තිබ්බා එක එල්ලෙදි එයට වේදනාවක් දැනෙයි කියලා.

ඉස්පිරිතාලෙදි හෙදියො කකුල සුද්ද කරනවා මම බලන් හිටිය. දොස්තර නොන ටිකක් තරුණ අලුත් කෙනෙක් . වයස 27 ක් විතර. ලස්සනයි. අම්මා

වේදනවෙන් එ මෙ අත පෙරලෙනවා. දොස්තර නොනට තරහා ගිහිල්ල එ අම්මට ටිකක් තදින් කතා කලා. අම්මගෙ ඇඟ ගොඩාක් වැහැරිලා ගිහිල්ල වයස

නිසා. අනතුරගැන ආරංචි වෙලා එතනට එයාගෙ නැ කෙනෙක් ආව. මම එන්න ආවා.

ඊට සති දෙකකට පස්සෙ මට ආරංචි උනා එ අම්මා මැරුන කියලා.බස් එකෙ රියදුරාටත් දෙකක් තුනක් ගහලා කට්ටිය. පොලිසියත් එතනට ඇවිල්ලා.

මට ගොඩාක් තරහා අම්මා වැටිල්ලා හිටපු වෙලාවේ කවුරුවත් එයාව අතට ගත්තු නැති එක හා දොස්තරගෙ ක්‍රියාව. හොදට ඇඟ පත තියන උස මහත මිනිස්සු

හා කායවර්ධන ව්‍යයාම් කරලා ඇඟ හදා ගත්තු අයියලා කිපදෙනෙකුත් හිටියා. බොඩිෆිට් ගහගෙන අතපය පුම්බගෙන. නමුත් අම්මව ඉස්සුනෙ මස් කලඳක්

නැති කෙසඟ ඇඟකින්.

සමහර දොස්තරල ලෙඩෙ අහද්දිම ගොඩක් සනීපයි. මෙ ලස්සන තරුණ දොස්තර එදා කරපු වැඩෙන් දොස්තර සංහතියම එපා උනා.

එ වයසක අම්මා පොළට බඩු වගෙයක් අරන් විකුනන්න එන ගමන්. මම මගෙ අම්මව එ වගෙ හරහට අත් දෙකෙන් උස්සලා තියනව. මම ආදරය කරන

ගැහැණු ලමයව උස්සලා තියනවා.මට එ අනතුරට පත් වුන අම්ම ලඟ අපු පිළුණු දහඩිය සුවද තමා මගෙ අම්මා ලඟත් ආවෙ. නමුත් ආදරය කරන ගැහැණු

ලමයගෙ සුවඳ...

එත් මම අම්මා උයද්දි අම්මා ගාවට ගිහිල්ල " අම්ම ගාව දහඩිය සුවඳයි " කියලා කියද්දි අම්ම මගෙන් අහනවා " කොහොමද පුතෙ දහඩිය සුවඳ වෙන්නෙ "

කියලා.අම්මට කියලා දෙන්න මම වත් දන්නෙ නැහැ. නමුත් ආදරය කරන ගැහැණු ලමයගෙ ෂැම්පු, සුවඳ විලවුන් වල ගඳ එද්දි දෙන්නා මරා ගන්න පොටක්

පාද ගන්නවා.ඉතින් කුණුහරප වලින් බැන ගන්නවා. බඳින්න කලින් මෙහෙම නම් බැන්දට පස්සෙ කොහොම වෙයිද කියලා කියන්න බැහැනෙ. එයත් ටටා

කියලා ගියා. ග්‍රික මිත්‍ය කතා වල එන ප්‍රොම්තියස් ගෙ කතාවෙ වගෙ මගෙ හදවතත් අර මතකයන්, සිහිනයන් විසින් කඩාගෙන කනවා. නමුත් එතන හදවත

ලියලනව. ආපහු අර මතකයන් ,සිහිනයන් කඩාගෙන කනවා. ආපහු ලියලනවා. ටික දවසක් මෙහෙම ගොඩාක් දුක් වින්දා. නමුත් එක කඳුළු බිංදුවක් නෙමෙ බිමට වැටුනෙ.

අපි හැමොටම නැතිවීම් තියනවා. දුකයි, ගොඩාක් තරහයි. වේදනාවයි. නමුත් එ තුලිනුත් ගොඩාක් සතුටු වෙන්න පුලුවන් හැකියාවක් තියනවා නෙද ?
වයසක් දුරුවල ගිලන්වු කෙනෙක්ගෙ මළ මුත්‍ර අස් පස් කරද්දි මගෙ හිතට දැනුනෙ පිලිකුලකට වඩා මෙ මනුස්සයා ගොඩාක් කාලයක් අපි වෙනුවෙන්

මහන්සිවෙලා, දහඩිය, ලේ කඳුලු වගුරවලා මෙතනට ඇවිල්ලා තියන්නෙ කියලයි. අම්ම කෙනෙකුට දරුවෙකුගෙ මළ මුත්‍රා කොහොමද දැනෙනවද කියලනම්

දන්නෙ නැහැ.

ගැහැණිය කියන මූර්තිය තුලින් පෙනෙන දේ හරිම පුදුමයි. දුවක්, සහොදරියක්, බිරිදක, අම්මා කෙනෙක්. මෙ උඩින් හරියට පැනලා යන්නෙ කියෙන් කී

දෙනා ද?. එකෙ අනිත් පැත්ත පිරිමින්ට වලංගුයි.බලන්න මොනදෙ උනත් මෙ ගලන ගඟෙ පෙන්න තියන අසිරිමත් බව. මහගම සේකර මහත්තයා තුංමං

හන්දියෙ ලිව්වා වගෙ.

පිපී බිදෙන දිය බුබුලේ
වලා රොදක දුර ආකාසේ
සොබා සොඳුරු සිරි මෙලොවෙ..
ඔබෙ ඇසිනි මා දුටුවෙ...

මෙහෙම හැගිම් වලින් බඩපුරො ගන්න මිනිස්සු අතර හරිම පුදුම මිනිස්සු තොගයක් ඉන්නව. එයාලා පුලුවන් හැටියට ගොඩ ගහගන්නවා.මමත් ගොඩ

ගහගන්නවා.හරිම නරක මිනිස්සු සියයක් මැද කිපදෙනෙක හොඳ අය.දුප්පත් මිනිස්සු සියක් මැද කිපදෙනෙක් පොහොසත් අය. හැබැයි මොනදෙ කලත් Visa

එක ආපු ගමන් කෙලින්ම බඩු උඩ. හැමොම කාලා බීලා ජොලි කරලා ඉන්නවා හැබැයි කිපදෙනෙක් ඇරෙන්න.හැබැයි හැමොටම ප්‍රශ්න. සමහර මිනිස්සු ගැහණු දෙන්නා තුන් දෙනා තියන් ඉන්නවා නමුත් රුපවාහිණියෙ බණ කියද්දි ඉස්සරහින්ම ඉදගෙන සාධු! සාධු! කියනවා. එවත් අපෙ කට්ටිය කට ඇරන් බලන් ඉන්නවා.

කොහොම උනත් අන්තිමට ජිවිතය සුන්දරද ?

6 අදහස් දැක්වීම්:

.::පිස්සා::. said... [Reply to comment]

හ්ම්.. උඩ කතාව හරිම සංවේදී...
ගොඩාක් මිනිස්සු 'අලි' වගේ හිටියට, අවශ්‍යය වෙලාවට ඒ කරන්න ඕනේ දේ කරන්නේ නෑ..

ඒ මිනිස්සු නොකලට, තැනට උචිත දේ ඔයා කරානේ.. ඒ අම්මා උඹට මරණ මංචකයේදිත් පිං දෙන්නැති.. උතුම් වැඩක් උඹ කරේ මල්ලී...

දසුන් මධුසංඛ වානගුරු said... [Reply to comment]

ඔන්න ඕක තමයි සහෝදරයා අපේ සමහරුන්ට වැරදුන තැන.

මනුස්සකම නැතුව වෙනමොනවා තිබ්බත් වැඩක් නැහැ.

wath said... [Reply to comment]

ඔව් රවී අන්තිමට නිස්කාංසුවේ හිතුවම ජීවිතේ සුන්දරයි.ගැහැණු සාධාරණව හා සුන්දරව හිතන්නේ අම්මා කෙනෙක් වුනාම තමයි. අනිත් හැම භූමිකාවකදිම ඇයි ටිකක් චපලයි .

uditha said... [Reply to comment]

උඹ නියම මිනිසෙකි

LG said... [Reply to comment]

හරිම සංවේදී සිද්දියක්..

ජීවිතය කියන්නේ ඕකට තමයි කියලා හිතෙනවා වෙලාවකට...දුක්, වේදනා ගොඩයි..ඒ අතර පතරින් ලැබෙන චුටි චුටි සතු‍ටුදායක මොහොතවල් තමයි, ජීවිතය ජීවත් කරවන්නේ.

Anonymous said... [Reply to comment]

ඇත්තටම අගය කරන්න ඔන වැඩක් මේක. සමාජයේ හොඳ වගේම නරක ම්නිස්සුත් ඉන්නවා

කස්ටිය