සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

12/15/09

නොමියෙන වසන්තය

හමන පවනෙ
                              මියුරු නාදය
 
ගඟන තලයෙ
                                 මැවු සිතුවම්
 
නිහඬ අරණෙ
                             තුරු ලතාවන්
 
සිහිකරවමින්
                               ඔබෙ සිනාවන්
 
යලිත් මතකෙට
                            නොමියෙන වසන්තය
 
කිසිදා ලංවිය
                                නොහැකි කුසුමකට
 
පෙම් බැන්ඳ හින්දා
                            සදාකල් මම
 
පෙම් කරන්නෙමි
                                මියෙන තුරාවට.....
..
 
හරිම මිහිරි දෙයක්. එ මතකයන් ,සොදුරු නිමෙශයන්. අතහැරලත් අවුරුදු දෙකක් වෙනවා. මෙ වේදනාව තුලින් එන සතුටට මම ඇබ්බැහිවෙලා. ආපහු ඉස්සරහට යන්න හිතෙන්නෙම නැහැ. මෙතනම ඉන්න හිතෙන්නෙ.
මිනිස්සු මට ගොඩක් දොස් කියනවා. " උබට පිස්සුද " කියලත් අහනවා. ගැහැනු කෙනෙකුට ද්‍රොහි වෙනක තරම් අපරාධයක් තවත් නැහැ කියලා මම හිතද්දි , මගෙ යහලුවා දුම්රියෙ එකයි, ගමෙ එකයි, කාර්යාලයෙ එකයි
ඔක්කොම තුනයි. උන් ඔක්කොටම මු ආදරෙයිලු. මුගෙ බාබාලා තුන්දෙනා දවසක මරාගන්නවා. උගෙ අදරය එහෙමයි. මනුස්සයෙ තවත් මනුස්සයෙගෙ හිතකට වද්දෙන එකෙ සීමාවක් තියනවා.
 
අන්තිමට මම තෙරුම් ගත්තු එකම දෙ
 
මට ආදරය කරන්න දන්නෙ නැහැ කියලා විතරයි...
 
හේතුව...
 
ආදරයක් ලැබිලා නැති නිසාද...........
 
නැත්තම් හිතෙ තියන කුහක කම නිසාද...
 

2 අදහස් දැක්වීම්:

නිශාන්ත අනුරුද්ධ said... [Reply to comment]

බම්බුව...
උඹට මසං ආදරය හම්බ වෙලා නෑ තාම. ඒක හොයපන් මසං.
ඔය ආදරය කියන එක එහෙම ලේසියෙන් අකුරු කරන්න බෑ.
උඹට ආදරය හම්බ උනාම ලියන්න බ්ලොග් එකේ ඉඩත් මදි වෙවි.

අනික වද දෙන ආදරත් තියෙනවා. හරියට මට වගේ.
ඒත් මසං ඒක හෙන ආතල්. හැමදාම මගේ ලඟ ඉන්නවා...
/නිශාන්ත

රවා said... [Reply to comment]

ස්තුති.. අයියෙ. මටත් තියන්නෙ වඳදෙන ආදරයක්. එයා මගෙද කියලා මටත් සමහර විටකදි ලොකු ප්‍රශ්නයක්.. හිතට වද දෙන එක ඉටත් වැඩිය කරදරයක්... නමුත් එයාව දකින්න ලැබෙන එක ඇස් දෙකට ලොකු සුවයක් නිසා මම නිශ්ශබ්දව ඉන්නවා.

කස්ටිය