සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

6/22/10

කවුරුත් කාවවත් රවට්ටන්නෙ නැහැ රවට්ටන්නත් බැහැ.




මම අදුරන ලොකු අයියා කෙනෙකුට වුණු වැඩක්. මෙ අයියට අපි කියමු චමිත් කියලා. මෙයා සා/පෙ දවස්වල ඉදන් කෙල්ලෙකුට ආදරෙ කරා, කෙල්ල වෙනුවෙන් මෙ අයියා ලොකු කැපවීමක් කරා, වියදම් කරා ගැහැණු ලමයගෙ අධ්‍යාපනය වෙනුවෙන්. මෙ අක්කාත් ගොඩාක් ලස්සනයි. මෙ අක්කට අපි කියමු තරු කියලා. චමිත් අයියා අයියගෙ යහලුවන්ට පෙන්නුවෙ ජොලියට කරන වැඩක් මිසක් සිරා ලව් එකක් නෙමෙ මෙක කියලා. එත් මෙ අයියගෙ හැමදෙයක්ම තිබුනෙ මෙ අක්කා වෙනුවෙන්. මෙ අක්කගෙ එක කුසෙ උපන් අක්කා ටිකක් නෙමෙ හොදටම සල්ලි තණ්හාවෙන් හිටියෙ. මෙ අයියා රියදුරු රැකියාවක් කරෙ. එත් අක්කාට ගොඩාක් ආදරෙ කරා. මමත් මෙ අයියත් එක්ක ගිහින් තියනවා එ අක්කව හම්බවෙන්න.

කොහොමෙන් කොහොම හරි තරු අක්කට ගෙදරින් යොජනාවක් ගෙනාල්ලා තියනවා. එ කොල්ලා ඉතාලියෙ රැකියාවක් කරන කෙනෙක්. අපෙ පැතිවල ඉතාලියට යනවා කියන්නෙ ඉතින් ඇලඩින්ගෙ පහන හම්බවුණා වගෙ වැඩක්. එක නිසා මෙ පැත්තෙ තරුණ වයසෙ ඉන්න අයගෙ සිහිනයක් ඉතාලිය. " මිල්ල සොයා " කියන චිත්‍රපටියත් එක්තරා විදියකට මා වටා තිබෙන ජිවිතවලට සම්බන්දයි, එහි ප්‍රධාන චරිත පදනම් වුණ සැබැ ලොකයෙ චරිතත්, එහි නිර්මාතෘවරයාත් පවුලෙ හිතවතුන්. මට නම් ඉතාලි සිහිනයක් නැහැ. ඉතින් තරු අක්කා එ ඉතාලි අයියත් එක්ක කසාඳ බැදලා. බැන්දට පස්සෙ එ අයියා ඉතාලි ගිහින් අක්කවත් එ රටට ඉක්මනින් ගන්නම් කියන පොරොන්දුව පිට. නමුත් මෙ අක්කා එක අපෙ චමිත් අයියට කියලා නැහැ. එයත් එක්කත් දිගටම ආදර සම්බන්දකම පවත්වගෙන ඇවිල්ලා අවුරුදු දෙකක් විතර. චමිත් අයියට යහලුවො කීපදෙනෙක් කියලා තියනවා " ඔය කෙල්ල බැඳලා ඉන්නෙ, ඉතාලි කොල්ලෙක්ව අයින්වෙයන් ඔතනින් " කියලා. මු ඇහැව්වෙ නැහැ. එ දවස්වල මාත් එක්ක මෙ අයියා එහාට මෙහාට යන්නෙ. මම තමයි මුගෙ යහලුවා වුණෙ. එ අයියා දවසක් තනියම දඹුල්ලට යනවා කියලා මට අඩගැහුවා. මමත් ගියා. දඹුල්ලට ගිහින් එලවලු අරන් එද්දි පාන්දර 2, 3 ට විතර. අපි දෙන්නා ඉස්සරාහා ගොලයො එලවලු උඩ.. පිටිපස්සෙ. එද්දි මට සම්පූර්ණ විස්තරය කියනවා.

"මචන් මෙහෙම හැමොම මට කියනවා මෙ කෙල්ල බැදලා ඉන්නෙ කියලා ඇහැව්ව හම කෙල්ල නැහැම කියනවා, කෙල්ල කියනවා නම් මාව කසඳ බදින්න කියලා , මම අද වුණත් ලැහැස්ති මෙ කෙල්ලව ගෙදර ගෙන්න, අම්මා කෙස් එක ඇද්දත් පස්සෙ එයා කැමති කරගන්න මට පුළුවන්, මෙ කෙල්ල වචනයක් දෙන්නෙ නැහැනෙ බන්. ලං වුන වෙලාවෙ පොඩි එකියක් වගෙ පපුවට තුරුල් වෙලා ඉන්නවා මිසක්. "

" චමිත් අයියා, බලාගෙන අපිට වැඩිය ලොකු උගෙ ජිවිත දිහැ බලහන්, ගමෙ කොච්චර ඉන්නවාද, ලව් කරලා, වහබිලා, චාටර් වෙලා, අනාත නාත වෙලා, නන්නත්තාර වෙලා.කෙල්ලන් ව විස්වාස කරලා තිර්ණ ගන්න ගියොත් අපිට වරදින්නෙ අපි දන්නෙම නැතිව "

එදා චමිත් අයියාට කියපු දෙ පස්සෙ කාලෙක මටත් අමතක වුණා.

ඉට ටික දවසකට පස්සෙ චමිත් අයියා ගමෙන් අතුරුදහන් වුණා. මට ආරංචි වුණෙ චමිත් අයියා ඉතාලි ගියා කියලා. නමුත් කාටවත් නොකියා එහෙම යන කෙනෙක් නෙමෙ. නමුත් එහෙම ගිහින් තිබුනා. මම ඉට පස්සෙ යහලුවා ගැන හොයන එක නතර කරා. නමුත් ඉට ගොඩාක් දවසකට පස්සෙ සිදුවුන සිදුවිම දැන ගත්තා.

මේ අයියත් එක්ක සම්බන්දකම පවත්වගෙන ඉන්න කාලෙදිත් තරු අක්කා බැඳලා ඉදලා තියන්නෙ. බැඳලා රට ගිහිල්ලා. පවුලෙ අඟහිගකම් නිසා බැන්දයි කියලා හිතන්න බැහැ. මෙ අයියාගෙන් ඉල්ලුවා නම් මෙ අයියා ඔන තරම් සල්ලි හොයලා ගෙනත් දෙනවා.

 මම දැක්කා එ අක්කා එදා චමිත් අයියාගෙ පපුවට හේත්තු වෙලා හිටපු හැටි. අක්කාගෙ මුහුනෙ බියක් තිබුනත් මම හිතුවෙ අඳුනන කෙනෙක් දැක්කොත් කියන හේතුව නිස ඇතිවු බියක් කියලා.
චමිත් අයියා සියලුම විස්තර හොයලා කසාඳ සහතිකයත් හොයාගෙන එ දෙන්නගෙ. එකෙ කොපියකුත් අරගෙන. චමිත් අයියා ගමෙන් අතුරුදහන් වෙලා කරලා තිබුනෙ ඉතාලි යන්න ක්‍රමයක් හොයන එක, විවිධ තැන්වල මාස කිපයක් නැවතිලා ඉදලා, එයාගෙ තාත්තගෙනුත් සල්ලි ඉල්ලගෙන ඉතාලි යන්න වීසා, ඔක්කොම හදලා යන්න දවසකට කලින් එ අක්කට එයාලා හම්බ වෙන තැනට එන්න කියලා. චමිත් අයියා එදා එ අක්කාගෙ කසාද සහතිකෙ පිටපත සාක්කුවෙ දාගෙන ගිහින් තියන්නෙ.

එතනදි අයියා එයාගෙන් ඇහැව්වලු.. එයත් එක්ක ටිකක් ආදරෙන් තුරුල් කරන් ඉඳලා අන්තිමට යන්න එද්දි ඇහැව්වලු.

" මට ඇත්ත කියන්න සුදු .. ඔයා බැඳලද ඉන්නෙ..?.."
" නැහැ..."

මෙ අයියා දෙතුන් පාරක් ඇහැව්වලු. එ හැම සැරෙම නැහැ කියලා තියන්නෙ.

අන්තිමට චමිත් අයියා සාක්කුවෙන් අරන් කසාද සහතිකය පෙන්නද්දි එක්කා මුහුණ වහගෙන ඇඬුවලු.

"මම හෙට ඉතාලි යනවා, ඔයාට ස්තුති.. මෙහෙම මගෙ ජිවිතෙ හැදුවට.. ඔයා මෙහෙම නොකරන්න මම කවදාවත් ඉතාලිය යන්නෙ දඟලන්නෙ නැහැ. ඔයත් ඉතාලියට එයිනෙ කවදා හරි එහෙදි හම්බවෙමු.. හැබැයි මෙහෙම නෙමෙ. "

මෙ සිද්දිය වෙන තැන මට ඉන්න බැරි වුණා. නමුත් මම ඔහුගෙ සම වයසෙ යහලුවෙක් නොවන හින්දා ගොඩාක් ඔහුගෙ හිතෙ සම වයසෙ යහලුවන් හට නොපෙන්වු තැන් මම දැක්කා. එක හින්දා මම හිතනවා එතනදි එයාගෙ ඇස් දෙකෙන් කඳුලු බින්දුවක් දෙකක් ආවත්, එයාගෙ මුහුනෙ හිර කරගෙන ඉන්න ඇති.

චමිත් අයියා මට එදා දඹුල්ල ගිහින් එද්දි මට කිව්වා
"මල්ලි මට ඔනා තරන් අවස්ථා හම්බවෙලා තියන එ කෙල්ලත් එක්ක එකට ඉන්න, නමුත් මම කවදාවත් එහෙම එ කෙල්ලගෙ ගෞරවයට කැලලක් වෙන විදියට හැසිරුනෙ නැහැ. මටත් නංගිකෙනෙක් ඉන්නවානෙ බන්. අපිටත් කොතනක හරි සැනසීමක් තියෙයි නෙ බන්.. "

එ දෙන්නම අද ඉතාලියෙ ඉන්නවා. ගවු ගානක් දුරින්. මගෙ යහලුවා මගෙන් ඈත් වුන ගමන් මම  ඌ ගැන හොයන එක නතර කරා. නමුත් සිද්දියෙ සුල මුල දැනගත්තු ගමන් මම යහලුවට සමාව දුන්නා අපිට නොකියා ගියාට.

සමහර ගැහැණු පුදුමාකාරයි. මෙතනදි තරු අක්කා කරපු වැඩෙ හරිද වැරදිද කියලා කියන්න මම දන්නෙ නැහැ. හැබැයි එ අක්කා බයවෙන්න ඇති, චමිත් අයියාවද, තමුන්ගෙ පවුලෙ මූල්‍යමය ආරක්ෂාවද, කියන දෙයින්,  තමුන්ගෙ පවුල මූල්‍යමය  ආරක්ෂාව කියන දෙ තොර ගන්න ඇති. චමිත් අයියගෙන් හම්බවුණු ආදරෙ නැති කරගන්නට බය වෙන්න ඇති. එක හින්දා තරු අක්කා මෙහෙම රැවටීමක් කරෙ. කොහොම හරි මෙ අයියා හරි ධෛර්යවන්තයි. මිනිස්සු හරිම පුදුම මිනිස්සු..

කවුරුත් කාවවත් රවට්ටන්නෙ නැහැ රවට්ටන්නත් බැහැ...

මම දැකලා තියනවා facebook එකෙ කරන රැවටිම් ගැන. මිනිස්සු හිතන්නෙ තවකෙනෙක් රැවටුනා කියලා.. නමුත් ඇත්තටම රැවටිම කියන දෙත් රැවටිමක්. හිත.

6/8/10

දර කපන්නා හා මම

11 වසරෙදි අපිට ඉංග්‍රිසි පාඩමක් තිබුනා දර කපන්නා. මේ කථාව මෙහෙමයි දිග හැරෙන්නෙ.  දර කපන්නෙක් ඉන්නවා මේ මනුස්සය හැමදාම උදේට කැලයට ගිහිල්ලා පැය කිපයක් දර ටිකක් කපලා එක අරන් ගිහිල්ලා විකුණලා සල්ලි ටිකක් එකතුකරගෙන ඇවිල්ලා හවස් වරුවම විවේකයෙන් ගත කරනවා. මේක දකිනවා ගමට එන ජර්මන් ජාතික සුද්දෙක්. එයා දර කපන්නගෙ ලඟට ගිහින් අහනවා. " ඇයි ඔයා මෙහෙම චුට්ටක් වැඩ කරන්නෙ. ඔයාට පුලුවන්නෙ දවසම දර කපන්න "

"ඇයි මහත්තයො දවසම දර කපන්නෙ .."

" ඔයාට එතකොට සල්ලි ටිකක් වැඩිපුර එකතු කරගන්නනෙ. "

"සල්ලි ටිකක් වැඩිපුර එකතු කරගෙන....."

" ඔයාට පුලුවන් තමුන්ගෙම කියලා වාහනයක් අරගෙන එකෙ දර ගොඩාක් අරන් ගිහින් විකුනලා සල්ලි එකතු කරගන්න " ජර්මන් ජාතිකයා පිළිතුර දුන්නා.

"ඔයාට පුළුවන්නෙ ඉතින් සල්ලි හොදට එකතු කරගෙනම හොදට සතුටෙන් , විවේකයෙන් ලස්සනට ජිවත් වෙන්න.."

" මහත්තයො මම දැන් සතුටෙන් සුවෙන් ඉන්නෙ, මගෙ හිතෙ ලොකු සතුටක්, නිදහසක් තියනවා. මම මගෙම රටාවකට ජිවත් වෙන්නෙ. මට මගෙ තරමට ඇති වෙන්න සල්ලි තියනවා. මම හැමදාම එතරමට තමයි සල්ලි එකතු කර ගන්නෙ. මහත්තයා කියන විදියට ගියොත් මගෙ මේ තියනදෙත් නැතිවෙනවා. මීට වඩා දෙයක් ඇති කරගන්න මේ තියන සතුට , සැනසීම නැති කරගන්න මම කැමති නැහැ මහත්තයො. වැදගත්ම දෙ ලද දෙයින් සතුටු විම."
පාඩම මෙතනින් ඉවරයි.

මේ පාඩම කියලා දුන්නට පස්සෙ ඉංග්‍රිසි ගුරුතුමිය පන්තියෙන් ප්‍රශ්නයක් ඇහැව්වා.
" දර කපන්නත් එක්ක එකඟ වෙන අය අතඋස්සන්න "
මම අත ඉස්සුවා. මම හිතුවෙ තව කිපදෙනෙක් අත උස්සයි කියලා.වටේට බලලා මම පිටි පස්සත් බැලුවා. එකෙක් වත් නැහැ. මටත් මාර අප්සට් එක..

" එතකොට ජර්මන් ජාතිකයත් එක්ක එකඟ වෙන අය...? "
මෙන්න යකො පන්තියෙ ගොඩාක් උන් අත ඉස්සුවා. මට කැගැස්සුනා. පපුවේ ඩිග් ඩිග් සද්දේ මටම ඇහෙන්න ගත්තා. හරි රවා උඹ ඇදගෙනනේ නෑවේ. දැන් පටන්ගනින් පැනලා නාන්න.

"ඇයි ඔයාලා ජර්මන් ජාතිකයත් එක්ක එකඟවෙන්නෙ.."

එතකොට පොලිමට උත්තර එනවා.. පන්තියෙ හිටපු ස්ප්‍රිත්තුවත් එකම එක පැත්තක මම තව පැත්තක.
"දරුවා ට උගන්වන්න ඔනා, ලෙඩක් දුකක් හැදෙද්දි වියදම් කරන්න ඔනා, වාහනයක් තියෙද්දි පහසුයිනෙ, ගෙයක් දොරක් හොදට හදාගන්න ඔනා

" රවා ඇයි ඔයා දර කපන්නත් එක්කලා එකඟවෙන්නෙ.. "
"මිස්.. ඔය යන රටාවට ගියොත් මැරිලා ගියහැකි සැනසිමෙන්... මෙ මනුස්සයා මහන්සිවෙන කෙනෙක්, මෙ මනුස්සයට ලොකු ලෙඩ හැද්දෙන්න විදියක් නැහැ. හැබැයි මිස් තණ්හාව ඇති කරගෙන දුවන්න ගියොත් මෙ මනුස්සයා ලෙඩක් හදාගන්න පුළුවන්. මෙ වගෙ ජිවිතයක් ගත කරන කෙනෙක් දරුණු ලෙඩ දුකකට පත් වෙනවා කියන දෙ හිතන්න අමාරුයි. මම නම් දැනුත් කියන්නෙ. මෙ මනුස්සයා හරි කියලා "

එතකොටම මෙන්න ඔබ්ජෙක්ෂන්කාරයෝ කෑගහනවා. මම ගණන් ගත්තෙ නැහැ. මගෙ හේතු ටික කියලා මම ඉදගත්තා. මම එක කියලා ඉවර වෙද්දිම මිස්ගෙ මුහුණෙ ගිය හිනාව මතකයි මට තාමත්. මිස් එතනින් එහාට මෙගැන කතා කරන්න ගියෙ නැහැ.

එදා හිටපු තැන හරි කියලා, අදත් දැනෙනවා. මම දැකලා තියනවා මිනිස්සු රැ 10.00 ට ඇවිල්ලා ආපහු පාන්දර 3 ට නැගිටලා 4 බස් එකෙ වැඩට යනවා. මමත් එහෙම කාලයක් කට්ටක් කැවා. දැන් නම් ලක්ෂයක් දුන්නත් එහෙම කට්ටක් කන්නෙ නැහැ.

" පුතා  මෙහෙමයි අපි ජිවත්වෙන්න ඕනා, තාත්තගෙ පඩිය මේච්චරයි, අපි දෙන්නා අම්මට උදව් කරන්න ඕනා, ඔයා හොදට පොත පත කියවන්න ඕනා, දැනුම , බුද්ධිය ගතිගුණ පිහිටන්නෙ එතකොට" තමුන්ගෙ දරුවව ලගට අරන් එයාව මෙහෙයවන අම්මලා තාත්තලා කියෙන් කීදෙනාද ඉන්නෙ.

දරුවන්ව,  රටේ සභ්‍යයත්වය, සංස්කෘතිය නැතිකරනවා කියලා ටිවි චැනල් වලටයි, අරවටයි මෙවටයි බනින මිනිස්සුන්ව මම දැකලා තියනවා. එයාලා ජිවත්වෙන හැටිත් දැකලා තියනවා. නමුත් අම්මයි තාත්තායි තමයි දරුවගෙ සියල්ලම තිරණය කරන්නෙ. තමුන්ට තියන දෙයින් සතුටු වෙන්නෙ නැතිව තණ්හාව ආශාව ඔස්සෙ දුවලා හැති වැටෙද්දි දරුවත් තමුන්ගෙන් ඈතට දුවලා ඉවරයි. මම හොදට දැකලා තියන දෙයක් තමයි " මා ගාව තියන දෙට වැඩිය අර දෙ හොදයි කියලා හිතලා එ දෙ පස්සෙන් දුවපු කෙනෙකුට  කවදාවත් හොද දෙයක් හම්බ වෙලා නැහැ. "

කස්ටිය