සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

6/8/10

දර කපන්නා හා මම

11 වසරෙදි අපිට ඉංග්‍රිසි පාඩමක් තිබුනා දර කපන්නා. මේ කථාව මෙහෙමයි දිග හැරෙන්නෙ.  දර කපන්නෙක් ඉන්නවා මේ මනුස්සය හැමදාම උදේට කැලයට ගිහිල්ලා පැය කිපයක් දර ටිකක් කපලා එක අරන් ගිහිල්ලා විකුණලා සල්ලි ටිකක් එකතුකරගෙන ඇවිල්ලා හවස් වරුවම විවේකයෙන් ගත කරනවා. මේක දකිනවා ගමට එන ජර්මන් ජාතික සුද්දෙක්. එයා දර කපන්නගෙ ලඟට ගිහින් අහනවා. " ඇයි ඔයා මෙහෙම චුට්ටක් වැඩ කරන්නෙ. ඔයාට පුලුවන්නෙ දවසම දර කපන්න "

"ඇයි මහත්තයො දවසම දර කපන්නෙ .."

" ඔයාට එතකොට සල්ලි ටිකක් වැඩිපුර එකතු කරගන්නනෙ. "

"සල්ලි ටිකක් වැඩිපුර එකතු කරගෙන....."

" ඔයාට පුලුවන් තමුන්ගෙම කියලා වාහනයක් අරගෙන එකෙ දර ගොඩාක් අරන් ගිහින් විකුනලා සල්ලි එකතු කරගන්න " ජර්මන් ජාතිකයා පිළිතුර දුන්නා.

"ඔයාට පුළුවන්නෙ ඉතින් සල්ලි හොදට එකතු කරගෙනම හොදට සතුටෙන් , විවේකයෙන් ලස්සනට ජිවත් වෙන්න.."

" මහත්තයො මම දැන් සතුටෙන් සුවෙන් ඉන්නෙ, මගෙ හිතෙ ලොකු සතුටක්, නිදහසක් තියනවා. මම මගෙම රටාවකට ජිවත් වෙන්නෙ. මට මගෙ තරමට ඇති වෙන්න සල්ලි තියනවා. මම හැමදාම එතරමට තමයි සල්ලි එකතු කර ගන්නෙ. මහත්තයා කියන විදියට ගියොත් මගෙ මේ තියනදෙත් නැතිවෙනවා. මීට වඩා දෙයක් ඇති කරගන්න මේ තියන සතුට , සැනසීම නැති කරගන්න මම කැමති නැහැ මහත්තයො. වැදගත්ම දෙ ලද දෙයින් සතුටු විම."
පාඩම මෙතනින් ඉවරයි.

මේ පාඩම කියලා දුන්නට පස්සෙ ඉංග්‍රිසි ගුරුතුමිය පන්තියෙන් ප්‍රශ්නයක් ඇහැව්වා.
" දර කපන්නත් එක්ක එකඟ වෙන අය අතඋස්සන්න "
මම අත ඉස්සුවා. මම හිතුවෙ තව කිපදෙනෙක් අත උස්සයි කියලා.වටේට බලලා මම පිටි පස්සත් බැලුවා. එකෙක් වත් නැහැ. මටත් මාර අප්සට් එක..

" එතකොට ජර්මන් ජාතිකයත් එක්ක එකඟ වෙන අය...? "
මෙන්න යකො පන්තියෙ ගොඩාක් උන් අත ඉස්සුවා. මට කැගැස්සුනා. පපුවේ ඩිග් ඩිග් සද්දේ මටම ඇහෙන්න ගත්තා. හරි රවා උඹ ඇදගෙනනේ නෑවේ. දැන් පටන්ගනින් පැනලා නාන්න.

"ඇයි ඔයාලා ජර්මන් ජාතිකයත් එක්ක එකඟවෙන්නෙ.."

එතකොට පොලිමට උත්තර එනවා.. පන්තියෙ හිටපු ස්ප්‍රිත්තුවත් එකම එක පැත්තක මම තව පැත්තක.
"දරුවා ට උගන්වන්න ඔනා, ලෙඩක් දුකක් හැදෙද්දි වියදම් කරන්න ඔනා, වාහනයක් තියෙද්දි පහසුයිනෙ, ගෙයක් දොරක් හොදට හදාගන්න ඔනා

" රවා ඇයි ඔයා දර කපන්නත් එක්කලා එකඟවෙන්නෙ.. "
"මිස්.. ඔය යන රටාවට ගියොත් මැරිලා ගියහැකි සැනසිමෙන්... මෙ මනුස්සයා මහන්සිවෙන කෙනෙක්, මෙ මනුස්සයට ලොකු ලෙඩ හැද්දෙන්න විදියක් නැහැ. හැබැයි මිස් තණ්හාව ඇති කරගෙන දුවන්න ගියොත් මෙ මනුස්සයා ලෙඩක් හදාගන්න පුළුවන්. මෙ වගෙ ජිවිතයක් ගත කරන කෙනෙක් දරුණු ලෙඩ දුකකට පත් වෙනවා කියන දෙ හිතන්න අමාරුයි. මම නම් දැනුත් කියන්නෙ. මෙ මනුස්සයා හරි කියලා "

එතකොටම මෙන්න ඔබ්ජෙක්ෂන්කාරයෝ කෑගහනවා. මම ගණන් ගත්තෙ නැහැ. මගෙ හේතු ටික කියලා මම ඉදගත්තා. මම එක කියලා ඉවර වෙද්දිම මිස්ගෙ මුහුණෙ ගිය හිනාව මතකයි මට තාමත්. මිස් එතනින් එහාට මෙගැන කතා කරන්න ගියෙ නැහැ.

එදා හිටපු තැන හරි කියලා, අදත් දැනෙනවා. මම දැකලා තියනවා මිනිස්සු රැ 10.00 ට ඇවිල්ලා ආපහු පාන්දර 3 ට නැගිටලා 4 බස් එකෙ වැඩට යනවා. මමත් එහෙම කාලයක් කට්ටක් කැවා. දැන් නම් ලක්ෂයක් දුන්නත් එහෙම කට්ටක් කන්නෙ නැහැ.

" පුතා  මෙහෙමයි අපි ජිවත්වෙන්න ඕනා, තාත්තගෙ පඩිය මේච්චරයි, අපි දෙන්නා අම්මට උදව් කරන්න ඕනා, ඔයා හොදට පොත පත කියවන්න ඕනා, දැනුම , බුද්ධිය ගතිගුණ පිහිටන්නෙ එතකොට" තමුන්ගෙ දරුවව ලගට අරන් එයාව මෙහෙයවන අම්මලා තාත්තලා කියෙන් කීදෙනාද ඉන්නෙ.

දරුවන්ව,  රටේ සභ්‍යයත්වය, සංස්කෘතිය නැතිකරනවා කියලා ටිවි චැනල් වලටයි, අරවටයි මෙවටයි බනින මිනිස්සුන්ව මම දැකලා තියනවා. එයාලා ජිවත්වෙන හැටිත් දැකලා තියනවා. නමුත් අම්මයි තාත්තායි තමයි දරුවගෙ සියල්ලම තිරණය කරන්නෙ. තමුන්ට තියන දෙයින් සතුටු වෙන්නෙ නැතිව තණ්හාව ආශාව ඔස්සෙ දුවලා හැති වැටෙද්දි දරුවත් තමුන්ගෙන් ඈතට දුවලා ඉවරයි. මම හොදට දැකලා තියන දෙයක් තමයි " මා ගාව තියන දෙට වැඩිය අර දෙ හොදයි කියලා හිතලා එ දෙ පස්සෙන් දුවපු කෙනෙකුට  කවදාවත් හොද දෙයක් හම්බ වෙලා නැහැ. "

27 අදහස් දැක්වීම්:

චමිදේවා said... [Reply to comment]

ඇත්ත රවා...මමත් හිතන්නේ ඔය විදියටම තමා...
දැන් ලැබෙන දෙයින් සතුටුවෙන්න පුළුවන්නම්,නිදහසේ නම් ඉන්නේ මොකටද අපි තවත් මහන්සි වෙන්නේ...
මිනිස්සු කොච්ච්රනම් සල්ලි පස්සේ දුවනවද...?

දිල් said... [Reply to comment]

ලද දෙයින් සැනසීමක් ලබන එක තරම් සතුටක් තවත් නෑ කියලා දන්නේ ලද දෙයින් සෑහීමකට පත් වෙන අය විතරමයි.

තව එකෙක්ව පෙරළගෙන රේස් දුවන ලෝකයක....මිනිස්සු සෑහීමකට පත් වෙයිද ?

Pasan said... [Reply to comment]

සහතික ඇත්ත කථාවක් මචෝ. සතුටින් ඉන්න පුලුවන් තරමට සල්ලි තිබ්බනන් හොදටම ඇති හොද ලිපියක් සහෝ....

isimbuwa said... [Reply to comment]

ඔයා කියන කතාව ඇත්ත මල්ලී . ඒත් අපි කීයෙන් කී දෙනාද ඔය සතුට බුක්ති විඳින්නෙ.

වැප් said... [Reply to comment]

ලද දෙයින් සතුටු වීම ....

වෙලාවකට කරන්න පුලුවන් තව වෙලාවකට බැහැ ....

chaminda said... [Reply to comment]

ඇත්ත රවා

Hasitha said... [Reply to comment]

දැන් කාලේ මිනිස්සු සල්ලි පස්සේ දුවන මිනිස්සු වෙලා ලද දෙයින් සෑහීම්කට පත්වෙන්න පුරුදුවෙලා නැහැ.

උදාහරණයක් විදිහට වතුර වීදුරුවක භාගයක් පිරිලා තියෙනවා දකින ලද දෙයින් සෑහීමකට පත්වෙන කෙනා "විදුරුවේ භාගයක් පිරෙන්න වතුර තියෙනවා" කියලා හිතද්දී ලද දෙයින් සෑහීමකට පත් නොවෙන කෙනා හිතන්නේ "වීදුරුවේ වතුර භාගයක් අඩුයිනේ" කියලා :)

priyantha.ඒබී said... [Reply to comment]
This comment has been removed by the author.
priyantha.ඒබී said... [Reply to comment]

ඔය පංතියේ මම හිටියනම් මමත් රවා එක්ක අත උස්සනවා. ලෝකෙම අල්ලන්න යනවට වඩා පුලුවන් දේ හරියට කරල ඒකට හරියන යමක් ගන්න එක මහා සම්පක්ම තමා. නිදහ‍සේ වටිනාකම දැනෙන්නේ ඒක විඳින අයට විතරයි. ආයේ එන්නම්.

``` Outsider``` said... [Reply to comment]

මට පේන‍්නෙ සැබෑ අවශ්‍යතා නොවන දේවලුයි ගොඩක් මිනිස්සු අවශ්‍යතා කරගෙන ඉන්නෙ. මේ ලෝකෙ වෙළෙන්දො නැති අවශ්‍යතා නිශ්පාදනය කරනව. මිනිස්සු ඒව මිළදී ගන්න නැහෙනව.

මාතලන් said... [Reply to comment]

හරියට හරි.. පිස්සො වගේ දුවන්නන් වාලේ දුවන්න නෙමෙයි. හැමදේම ප්‍රශ්න කරණ අමුතු විදියට හිතන අය තමයි බිහිවෙන්න ඕන.

චේජනා said... [Reply to comment]

මටත් හිතෙන්නෙ රවා ඔයා හරියි කියල,
ඒත් ඉතින් අපිටවත් පාලනය කරන්න බැරි කලබල කාල
ප්‍රශ්න ජීවිතේට එනව.....
සරල වෙන තරමට ජීවිතේ සුන්දරයි කියල නම් මමත් අත්දැකීමෙන් ම දන්නව..

චේජනා said... [Reply to comment]

මටත් හිතෙන්නෙ රවා ඔයා හරියි කියල,
ඒත් ඉතින් අපිටවත් පාලනය කරන්න බැරි කලබල කාල
ප්‍රශ්න ජීවිතේට එනව.....
සරල වෙන තරමට ජීවිතේ සුන්දරයි කියල නම් මමත් අත්දැකීමෙන් ම දන්නව..

ගල්මල්-Coral said... [Reply to comment]

හරවත් පොස්ට් එකක් මල්ලී, අගේය.

සෝරෝ said... [Reply to comment]

මචං රවා උඹ හැමදාවත් වගේ අදත් කියල තියෙන්නේ අපි කාටත් ආදර්ශයක් ගන්න පුළුවන් කතාවක්..
මේ වගේ ආදර්ශමත් කථා වලින් අපිව පොෂණය කරන ඔයාට ගොඩාක් පිං..

කවුරුත් වගේ මමත් ඉතිං දරකපන්නගේ පැත්තේ තමයි..[හැබැයි කවි මඩුවෙදි එකෙම වාදයකට එනව නම් මම අනිත් පැත්තටත් ඔට්ටුයි..] හික්ස්...:Z

Ansh Lucky Sri Jay said... [Reply to comment]

සහතික ඇත්ත කථාවක්

thariya said... [Reply to comment]

මටත් ඔය කතාව තාම මතකයි. එදා මමත් අත උස්සල මෙහෙම කිව්වා.
"What i think is that contentment is bliss, but also we must save something for the future"...

කතන්දරකාරයා said... [Reply to comment]

පවුල් පන්සල් වෙලා ළමයි ෙෑම ලොකු වුනු කාලෙක මං ඊ-මේල් එකක් එවන්නං කෝ!

sampathjt said... [Reply to comment]

මරු ලිපිය...හිතන්නට ගොඩක් දේවල් ඒ කථාව ඇතුලෙ තියෙනෝ..අද ගොඩක් මිනිස්සු සතුට අඳුරගෙන නෑ...හැම තිස්සෙම බලන්නේ අනෙක් එකා ට වඩා ඉස්සරහට යන්න..ඌට තියෙන දේවල්, සැප සැම්මපත් හැම දෙයක් ම මට ත් තියෙන්න ඕන කියලා හිතනවා. හැමෝම හැල්මෙ දුවනවා.අන්තිමට හතිවැටිලා දුක් වෙවී ඉන්නවා.අපි සතුටුවෙන්න පුරුදුවෙලා තියෙන්නෙ හැමදේම ගොඩගහගෙන,තමන් සතු කරගෙන..දෙයක් අත් හැරීමෙන් සතුටුවෙන්න පුරුදුවෙලා නෑ.අනෙකාගෙ සතුට දැකලා සතුටුවෙන්න පුරුදුවෙලා නෑ...
ලස්සන ලිපිය...
ජයවේවා!!!!

ජේ.ඩී said... [Reply to comment]

සංතුට්ටී පරමන් ධනන් ( මට ඇහිල තියෙන විදිය හරිද දන්නෙ නෑ ). සිරාවටම නිකන් බොරු සෝබන පස්සෙ දුවලනම් ඵලක් වෙන්නෙ නෑ. එළ පෝස්ට් එක මචෝ.

අද කාලෙ අම්මල තාතල උනත් හිතන්නෙ අර ජර්මන් කාරය වගේතමා. ( දිව්වම හතිවැටෙනව කියල අමතක වෙලාද කොහෙද හික්ස්.... ) කාටවත් කරදරයක් නොවී තමන් ලද දෙයින් සතුටුවෙලා ඉන්න එකතමා නුවණටහුරු එකමවැඩේ.

අර ජර්මන් කාරයගෙ ආකල්පෙ ඉන්න මිනිස්සුම තමා තරඟ නිර්මාණය කරන්නෙ. ඒක කතාවෙන්ම පේනවනේ..... :)

ස්වප්නා said... [Reply to comment]

මේ.. මමත් අර දර කපන්නාගේ පැත්තෙ...මොනා කරන්නද ඔයයි මමයි ගියෙ එක ඉස්කොලෙට නෙවෙයිනෙ. අනික එක පංතියට වැටෙන්න විදිහකුත් නෑනෙ... හැබැයි බ්ලොග් එකේදි සපෝට් එකක් දෙන්න පුලුවන් ;)

nimanthi said... [Reply to comment]

ඇත්තටම ඔව් රවා, මේක නම් හරියටම හරි..ඊට වඩා මොනාත්ම මම කියන්න ඕනෙ නැහැ නේද??
මේ කමෙන්ට්ස් ටික දැක්කාම මට ඇත්තටම ලොකු සතුටක් දැනුනා..
ඒත් සමහරුන්ට මේක පෙන්නලා දුන්නාමත් පිලිගන්න අකමැතියි..ඇත්තටම ඒ ඇයි..කියලා මට හිතා ගන්න බැහැ :-(

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය said... [Reply to comment]

රවා කොහොමද? හුග කාලෙකින් ආවේ වැඩ ටිකක් වැඩියි මට.
හොද ලිපියක් කියෙව්වා

අරවින්ද said... [Reply to comment]

සහතික ඇත්ත මචං .ජීවිතය කියන්නෙ විඳින්න ඕනෙ දෙයක් මිසක් විඳවන්න ඕන දෙයක් නෙවේ.

චන්දික said... [Reply to comment]

මේ සම්බන්ධ හොදම අත් දැකීමක් මට තියනවා. මම දන්න කෙනෙක් ඉන්නවා සල්ලි හම්බ කරන්න ගියාම කෑමක් බීමක් ගැනවත් සිහියක් නෑ. වෙලාවට කෑමත් බීමක්වත් නැතිව ඔහොම හම්බ කරලා ඒ සල්ලි වලින් මොනව කරන්නද කියලා මටනම් හිතාගන්න බෑ. කොච්චර සල්ලි තිබුණත් හිතේ සතුට නැත්තම් එ සල්ලි වලින් පලක් නෑ. වැඩි දෙනෙක් හිතාගෙන ඉන්නව සල්ලි වලට කරන්න බැරිදෙයක් නෑ කියලා. ඒත් ඕනවට වඩා සල්ලි තිබීමම කරදරයක් විදිහට තමයි මමනම් දකින්නෙ. නිතරම බයෙන් තමයි ජීවත් වෙන්න වෙන්නෙත්. කාලීන වශයෙන් ගොඩක් වැදගත් ලිපියක් රවා..

රවා said... [Reply to comment]

@චමිදේවා
මෙතන ඉද්දි හිතට ලොකු සැනසිමක් තියනවා නෙද චමින්ද අයියෙ

රවා said... [Reply to comment]

මම මෙතන කිව්වෙ.. ලද දෙයින් සතුටු වෙන තැන ගැන

කස්ටිය