සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

12/26/10

වතුරටද මෙ දෙවල් හේදුනෙ........

එදා මම ටිවි එකෙ මිනිස්සු අඬනවා දකිද්දි මට මෙහෙට වෙලා ඉන්න බැරුව ගියා.  තාත්තායි මමයි අස්සෙන් අස්සෙන් දාගෙන අපි අපෙ ගාල්ලෙ හිටපු හිතවතෙකුගෙ ගෙදරට යන්න ගියෙ. නමුත් අපිට ගාල්ලට යන්න බැරුව ගියා. ඉට පස්සෙ කහව අදුනන කෙනෙක්ව හොයාගෙන ගියෙ. එ මනුස්සයා කහව ජිවත් වුණෙ. එ මනුස්සයගෙ පවුලටම කිසිම කරදරයක් වෙලා තිබුනෙ නැහැ. ගෙවල් දොරවල් නැහැ. මනුස්සයො අසරණ වෙලා එ මිනිස්සුන්ගෙ ඇස් වලල කඳුලූ තිබුනෙත් නැහැ අපිව දකිද්දි එ මනුස්සයා ඇවිල්ලා තාත්තාව බදාගත්තා. මටත් බදාගන්න කවුරු හරි එකෙක් ඉන්නවද කියලා මම වටපිට බැලුවා. කවුරුවත් නැහැ. මට තාම මතකයි පාලම් යටින් මිනි ගහගෙන යනවා. වතුරට කිසිම වෙනසක් තිබුනෙ නැහැ

අපි එද්දි මම දැක්කා සුදු මිනිහෙක් මගෙ මිනිහෙක්ව බදාගෙන.. මගෙ මිනිහගෙ ඇස් වල කදුලු.නටබුන් ගෙය, කඩන් වැටුනු තාප්ප, මගෙ මිනිහා ඇදන් හිටපු අපිරිසිඳු සරම් කොටය.. සුදු මිනිහාගෙ සුදු ඇදුම , තොප්පිය, හැමදෙටම දුක් වෙන මම එදා දුක් වුණෙ මගෙ මිනිහව මට බදාගන්න බැරුව ගියා කියලා. ඌ ගෙ හිත හැදෙන්න වචනයක් දෙන්න බැරුව ගියා කියලා. කොහෙදො හිටපු සුද්දෙක් ඇවිල්ලා මගෙ එකාව බදාගෙන උගෙ හිත හදනවා. . එ දවස් කිපය පුදුම දවස් කිපයක්. මිනිස්සුන්ට කරදර කරන්න බැරි හින්දා අපි එදාම ආපහු ආවා.මිනිස්සු තමන් එක් රැස්කරගත්තු දෙ ගැන හිතාගෙන කොච්චර උඩ ගියත් එයාලට ආපහු පොළවට එන්න ක්ෂනයකින්. ස්භාවධර්මයට අද මිනිස්සු අභියොග කරනවා. අපි මිනිස්සු පුදුම ආත්ම විස්වාසයකින් ජිවත් වෙන්නෙ. නමුත් පුංචි වතුර පාරකට අපි හරි ලොකුයි කියලා හිතන් ඉන්න මිනිස්සුන්ට එදා කරන්න පුළුවන් උන දෙ.

එදා මිනිස්සු අනිත් මිනිස්සුන්ගෙ දරුවන්ව හොරකම් කරා. වස්තුව හොරකම් කරා. මරලා අනිත් මිනිස්සුන්ගෙ දෙවලුත් ගන්න ඇති. වතුර පහර එච්චර ලොකු දෙයක් කරෙ නැහැ නෙද.
මට මතකයි මීට අවුරුදු දෙකකට විතර කලින් සිරස විමර්ෂන එකෙ සුනාමි දවසෙ අතුරුදහන් වුණු දරුවෙකුගෙ තාත්තා කෙනෙක් කතා කරලා " මට මගෙ දරුවා ජිවත් වෙන බව විස්වාසයි, මට මගෙ දරුවාව හොයලා දෙන්න කියලා ඇඬුවා. මගෙ මනුස්සයෙක් මගෙ ඉස්සරහා අඬනවා මගෙ දරුවාව හොයලා දෙන්න කියලා. මම එ අඬන එක බලාගෙන ඉදගෙන බත් කනවා.

අපි මොන බයිලෙ ගැහැව්වත් අපි දන්නවා අපි අතර ඉන්න කිපදෙනෙක් එ සල්ලි වලිනුත් කොටසක් හොරකම් කරා කියලා. එ අයට සුනාමිය වෙස් වලාගත් ආශිර්වාදයක් වුණා. අපිමයි හොරුන්ට මහත්තයා කියලා කතා කරන්නෙ. අපි උන්ගෙන් මොකක් හරි දෙයක් බලාගෙන එහෙම කතා කරන්නෙ.

සමහර අයට මිට හාත්පසින්ම වෙනස් විදියකට ජිවිතයට ආශිර්වාදයක් ගෙනාවා සුනාමිය. තනිකඩව සිටි නාවික සෙබලෙකු සුනාමියට හසුවු තරුණියක්ගෙ ජිවිතය බෙරාගෙන පසුව තරුණියට තමන්ගෙ ජිවිතය බිලි දිලා :D කියලා මම පත්තර කැල්ලක දැක්කා. කොහොම උනත් දහස් ගණනක් වෙන්වෙන තැනකදි හදවත් දෙකක් එකතු විම පුදුම දෙයක්.

සමහර බස් ඩ්‍රයිවර්ලා දෙවිවරු වුනා. රුපියල් 10 හොරකම් කරද්දි තමන්ට කැගගහා බනින මිනිස්සුන්ගෙ ජිවිත පාන්දර 3.30 හෙ ඉදන් බස් එක එලවන ඩ්‍රයිවර් බෙරගත්තා. කොටි ගනන් හොරකම් කරන අසික්කිත හොරුන්ට ' සර් සර් ' කිය කියා කත් අදින මිනිස්සු රුපියල් 3 හොරකම් කරන කොන්දොස්තරට මොන මොන දෙවල් කියලා බනිනවද.

සමහර මිනිස්සු තමන්ගෙ ජිවිතය ගැන නොහිතා අනිත් මිනිස්සුන්ගෙ ජිවිත බෙරගන්න යන්න ඇති. පත්තරවල ගිය කතාවලට වැඩිය ගොඩක් කතා තියෙන්න ඇති. හොද මිනිස්සු ගොඩාක් හැමතැනම ඉන්නවා. එයාලා බොහොම නිශ්ශබ්දව ජිවත් වෙනවා.. කරදරයකදි යක්කු ටික පැනලා නටද්දි එ මිනිස්සු බොහොම රහසින් එකිනෙකාට උදව්කරගන්නවා.

සමහරුන්ගෙ ජිවිතය වතුරෙන් විනාස වුණා...
වතුරෙන් ජිවිතය බෙරාගත් මිනිස්සුන්ගෙ ජිවිත මිනිස්සුන්ගෙන් විනාස වුණා.

ලක්ෂයක් ඉන්න තැන එකෙක් දෙන්නෙක් පිස්සු කෙලිද්දි බොහොම තර්කානුකුලව , විශ්ලේෂනය කරන ආචාරියලා මහාචාරියලා ටොක්ස් දෙනවා එහෙම තමයි සමාජ ව්‍යාප්තිය අරක මෙක කියලා. ඉස්සරාහ ඉන්න ගෙදර ගැනි එකිගෙ දරුවව ගඟට විසික්කරනකම් බලන් ඉදලා පස්සෙ දරු කැක්කුම ගැන කතා කරනවා. තමන්ගෙ ඉස්සරහා ඉන්න මනුස්සයගෙ පපුවෙ ගැස්ම ගැන අදුන ගන්න බැරි මිනිස්සුන්ගෙ ගොඩාක් දෙවල් වතුරට හෙදුනා දො මන්දා.

සුනාමි අවා ගියා. හැමදෙම ගෙනාව, හැම දෙම ගෙනිච්චා. සුනාමි දවස මුලු ලංකාවටම අපුරු දවසක්. එදා හැමදෙම තිබුනා. හැමදෙම හෙදුනා. වතුර පාර ඇවිල්ලා ගියා. මිනිස්සු නියමෙට රැඟුවා, නැටුවා. සමහරු hero ලා වුණා.  සමහරු  zero ලා වුණා.
විශ්ලේෂකයන්, ඇමතියලා, මහත්වරුන් මොන මොන ඉලක්කම් අරන් පෙන්නුවත්, මොන මොන නිති රිති ආවත් හැමදාම සිදුවන දෙ වුනා.

පසුව ලියමි
සුනාමි හිතෙ අමාරුව :D

10/18/10

කොහාටද... කවදාද... කොහොමද...

හදිස්සියෙම දුටු වියුණු ලිපියක් හේතුවෙන් මගෙ සිත තුල ගලා ආ අදහස් රැසකි. එවා සියල්ල මෙහි කෙටිය නොහැක. නමුත් එවායි කිපයක් හො මෙහි කැටි කල යුතු බව මා සිතමි. වෛද්‍යවරු රජයෙන් තම වැටුප් වැඩි කරන්න යැයි ඉල්ලයි. පවතින ආර්ථික රටාවත් නාගරික ප්‍රදේශ අවට ඉන්නා ජනයාගෙ ගැටිම් හැල හැප්පිම් මැද්දෙහි සමාජ ස්ථරයන් හි පවතින විවිධ කණ්ඩායම් තම කණ්ඩායමේ ජිවන තත්වය උසස් කර ගැනිම පිණිස වෙර දරයි. සංගම්, සමාගම් නානාප්‍රකාර එකතුවිම් මෙ සැවොම රජයෙන් ඉල්ලයි. රජය ජනතාවගෙ බදු එකතුකරත් එවා ලුහු බැවින් විදෙශ රටවල් වලින්ද ණය ගෙන ජනතා ඉල්ලිම් ඉටු කරදිමට උත්සහා කරයි. දොස්තර, ඉංජිනේරු , ගණකාධිවරු, නානාප්‍රකාර අයවලුන් වෙහෙසෙමින් තම කණ්ඩායමේ ආධිපත්‍ය රැක ගැනිමට උත්සහාකරයි. අනිත් රටවල් අතර මාගෙ රටද මෙ ලොකය තුල ගිලි පවති. නානාප්‍රකාර මිනුම් දඬු උපයයොගි කර ගනිමින් මාගෙ රට තුන්වන ලොකයේ රටක් කර ඇත. ඉතිහාසය තුල මගෙ රට අන් රටවල් හා සසඳන කල ඉතාමත් සශ්‍රිකව පැවති කාලයක් තිබුනි. කෙසේ වෙතත් මෙකල එ සශ්‍රිකත්වය අපෙන් ඇත් වී ගොසිනි. අන් රටවල් කෙරෙහි ඇස් යොමා බැලීමෙදි අපි අපෙ දියුණුව යම්තාක් දුරට හො අටවාගෙන තිබේ. අපගෙ දියුණුව කිනම් ආකාරයක එකක් විය යුතුදැයි නිතරම මා කල්පනා කරයි. එනිසා මා දකින ආකාරයට දියුණුව ගැන යමක් ප්‍රකාශ කල යුතුයැයි මට හැඟුනෙමි.

රටක දියුණුව කෙරෙහි එහි ජිවත් වෙන මිනිසුන්ගෙ අදහස් හැසිරෙන ආකාරය ඉතා වැදගත් වේ. ඉතිහාසය තුල මුල් යුගයෙදි මෙය ආගම මගින් සිදුකලද ලොකය තුල වෙනත් විෂයන් ඇතිවිමෙදි , එවා මිනිසුන් අතර පැතිරිමෙදි මිනිසුන්ගෙ ආකල්ප වල හැඩයන් මෙවා සියල්ලෙහි ආනුභාවයෙන් හැඩ ගැසිනි. මිනිසුන් බොහො වෙහෙසී ගවේෂනය කර ස්භාවධර්මය තුල සැඟවුණු රහස් රැසක් එලි කර ගත්තෙ තම ආත්මාර්ථය නිසාම පමණක් කිම වැරදි සහගත බව මට හැගෙයි. මෑතදි ඇතිවුණ ජාතින් හි දියුණුව දෙස බැලිමෙදි ඔහුන්ගෙ සමාජ කණ්ඩායම්හි කැප කිරිම් ගැන මා විශ්මය පත්විනි. ලොවතුල පවතින සියල්ල ණයට ගත් එවා නොවෙයි. එසෙත් නැතිනම් වෙනත් ග්‍රහාලොකයකින් පැමිණ අටවා ගිය එවාද නොවෙයි. සියල්ල මෙහිම ඇතිවු එවායි. ඔහුන්ගෙ රටවල් වල ජිවත් වු උගත් ප්‍රබුද්ධ සමාජ කණ්ඩායම්වල එකමුතුවක ප්‍රතිපලයක් අද එ රටවල් වල මිනිසුන් විද ගනි. මුලු ආර්ථිකයම පවතින්නෙ නිෂ්පාදනය තුලයි. යමක් නිශ්පාදනය වේනම් එතුල බලවත්වෙමින් පවතින ආර්ථිකයක් ගොඩ නැගිමට හැකිය. යමක් නිෂ්පාදනය කිරිම යන්න විවිධ සමාජ කණ්ඩායම් වලට පැවරෙන රාජකාරියකි. මා දකිනා ආකාරයට අපගෙ ප්‍රබුද්ධයින් වෙන වෙනම තම රට තුල තමන් වෙනුවෙන් යමක් ගොඩ නගා ගැනිමට උත්සහා කරයි. රට ඉදිරියට ගෙනයැමට රට තුල වෙසෙන්නා වු අනිකුත් කණ්ඩායම් වල ජිවන තත්වය උසස් කරලිම පසෙකට තබා තම තම පසුම්බි සකසා ගැනිම සිදුකරයි.

' තනි තනිව දියුණු වුවහොත් අන්තිමට අපෙ සමාජයම දියුණු වෙවි නෙද '

මෙය මා අසා තිබෙන දෙයකි. මිනිසුන් සියල්ලම එක හා සමානව තැනි නොමැත. සැමටම එක හා සමානව මුදල් ඉපයිමට නොහැක. දුර්වල , ශක්තිමත් මෙ සැවොම එකිනෙකා කෙරෙහි කැපවෙයි. තනි තනිව යාහැකි දුරක් ඇත. මෙරට දුප්පත් මිනිසුන් ඉතා දුකසේ ජිවත් වේ. ඔහුන්ගෙ දුක්ඛීත ජිවිතය නිසා  අදහස් හැසිරෙන ආකාරයත් භාෂා විලාසයේ කටුකභාවයත් ඔබට එවැනි මිනිසුන් අතරට ගොස් සිටින විටදි දැනගත හැකිය. සියල්ලටම තනි තනිව නොහැක. නමුත් කිපදෙනෙකුට තම තමුන්ගෙ රැස් විවිධාකාරයෙන් පෙන්විය හැක. ඔබගෙ වාහනය, ඔබගෙ නිවස, එහි ප්‍රමාණය නානාප්‍රකාර මිනුම් දඩු ඔබ රැදෙන සමාජය තුල ඔබගෙ තත්වය තිරණය කරනු ඇත. තවත් කෙනෙකු අභිබවා යැමෙ ආසාව විවිධාකාරයෙන් අපි තුල තිබිම නිසා අපගෙ ක්‍රියාකාරකම් හැසිරෙන ආකාරයත් නිසා සියල්ලටම තනි තනිව ඉදිරියට ආ නොහැක. නමුත් මෙ පවතින ක්‍රමය තුල කිසිවෙක් කිසිවෙකුටත් පසු කර යැමටද නොහැකිය. ප්‍රකොටිපතියන් නොවිදිනා සැනසුමක් දුප්පතා විදියි. 'ඔය තියන දෙයක් කාලා ඉදහන් ' කියා සැනෙසෙන දුප්පතා සමගම ' මම කොහොම හරි අර ෆර්ම් එක ඔවර් ටෙක්  කරන්න ඔනා ' හැගිමෙන් දුවනා පොහොසතුන් සිටියි. දුප්පතා නොවිදිනා සැපයක් ප්‍රකොටිපතියා විදියි. සැපදුක සියල්ල මිනිසුන් අතර බෙදි ගොසිනි. තනි තනිව වෙහෙසීමෙදි කිපදෙනෙකුට මන්දිර තනා ගැනිම කල හැකියි, නමුත් ඔහුනට මන්දිර තනා ගැනිමට උදව් කල මිනිසුන් මුඩුක්කුවල, දුප්පත් පැල්පත්වල අසරණව ජිවත් විම වැලැක්විය නොහැක. එක මන්දිරයක් අහස උසට ගොඩ නැගෙද්දි එ අවට පැල්පත් දාහක් තවත් අසරණ වන බව මා හොදින් දැක ඇත.

ඉතිහාසයෙන් බොහො පාඩම් ඉගෙනගත හැක. මෙහිදි අප බටහිරයන්ගෙ දියුණුව ගැන සැලකිය යුතුයි. මා හට ඉතිහාසය ඉගැන්වු ගුරුවරුන් කිපදෙනෙකු ඇමරිකන්කාරයා ආයුද විකුණා පොහොසත් වු බවත්, බ්‍රිතාන්‍යන් හොරකම් කර පොහොසත් වුණු බවත් ඉගැන්විය. නමුත් කරුණු කාරණා තවත් හොදින් අධ්‍යනය කිරීමේදි ඔහුන්ගෙ දියුණුව එ මතම පදනම් වු දෙයක් නොවන බව මට වැටහිණි. ඔහුනගෙ ගණිතය දන්නා මිනිසුන්, ඔහුනගෙ විද්‍යාව දන්නා මිනිසුන් විසින් කරන ලද අපුර්ව කැපකිරිම් වල ප්‍රතිපල අද අප ඇස් පනා පිටම දකින්නෙමු. NASA ආයතනයේ සාදන රොකට්ටුවන් සැමදා ඉහලට ගියෙ නැත. ඔහුන් සෑදු සෑම නැවක්ම මුහුද මත පා නොවිය. සැදු සමහර පාලම් බිමට කඩා පාත් විණි. රොගයන් පැතිර ගොසින් දහස් ගණන් තම ජාතියෙ මිනිසුන් මියැ දෙනවා බලා සිටියේය.  නවීන විද්‍යාව ගණිතය ඉගෙනගත් මිනිසුන් විසින් අපුර්ව මෙහෙයක් ඔවුනගෙ ජාතියට ලබා දුන්නෙය. එය කදිම පාඩමකි.  අද අපට සැම දෙයක්ම වෙන රටකින් නයට හො මුදල් ගෙවා ලබාගත යුතුයි. එයට අවශ්‍ය මුදල් තේ, පොල්, රබර් හා අනිකුත් ද්‍රව‍ය විකුණා ලබාගත යුතුයි. එසෙත් නැතිනම් ඇදුම් මසා විකුණා හො ලබාගත යුතුයි. මා දන්නා ආකාරයට චින රජයේ අනුග්‍රහය ඇතිව ක්‍රියත්මක වන ව්‍යාපෘති වලට අපගෙ මිනිසෙකුට ගෙවනා මුදල මෙන් තුන්ගුණයක මුදලක් චිනයෙ සිටන් මෙහි පැමිනි කෙනෙකුට ගෙවයි. ලොකයෙ වෙනත් රටක හො තැනක ඇතිවු තාක්ෂණයක් මෙ රටෙදි මුදලට හො ණයට ගෙන ස්ථාපනය කර මිනිසුන්ව සශ්‍රිකත්වයෙන් පිනවිමට යැමට වඩා රටෙ මිනිසුන්ව අරමුණක් කෙරෙහි පෙළ ගැස්විම යහපත්ය. බෙදා වෙන්වි තම තම අරමුණු කරා යන්නා වු මෙ ජන ගඟ රටෙ එකම අරමුණකට හැකි නායකත්වයක් තවමත් ඇතිවි නොමැත. යුද්ධය අවසන් වු විගස නායකයින්ගෙ පෞර්ෂත්වයන් අපි දුටුවෙමු. රටෙ තැනින් තැන සිදුවන්නා වු සුලු සුලු සිද්දින්ගෙන් ජනතාව පිනවනවාට වඩා ලොකය තුල ලංකාවට අද ඇති තත්වයත් එදා තිබුනු තැනත් ගැන වටහා දිම එමගින් මුළු ජනතාවටම තම ජාතියත්, මෙ භුමියත් ගැන ඇල්මක් ඇතිකිරීම යහපත් වේ. රටක් මුදල් වලින් පමණක් දියුණු කල නොහැක. පැල්පතෙ ජිවත්වෙන මිනිසා තවදුරටත් අසරණ වි තිරිසනෙකු වි දිවිය ගැට ගහා ගැනිමට උත්සහා කරද්දි මන්දිර තනා ගන්නා මිනිසා සුපිරි දිවියක් ගත කරන දෙවියෙකු විම අප සැවොම දැසින් දැක වෙනතක බලන්නෙමු.

9/16/10

ජිවිතේ අපහසුම කාලය...

කිසියම් කෙනෙකුගෙන් ඇසුවහොත් ඔබ මේ ආ මගත් එහි ඔබ මුහුණ දුන් අපහසුම කාල පරිච්ඡේදය කුමක් දැයි කියා විවිධ මිනිසුන් විවිධ පිළිතුරු ලබා දෙනු ඇත. බොහො අයවළුන් හට එය වර්තමානය වන අතර කිප දෙනෙකුට එය අතිතයට අයිති කාල කොටසක් වනු නොඅනුමානය. ජිවිතේ සුන්දරම අවදිය තාරුණ්‍ය වන අතර අපුරු චමත්කාරයක් එ තුල ගැබ්වී ඇත. එක්විම්, වෙන්වීම්, සෙනෙහස බෙදා හදා ගනිමින් මේ යන මග අපුරුය.

මේ ලොව වසනා මිලියන තිහක් වු එකිනෙකට වෙනස් ජිවි වර්ගයන් අතුරින් මිනිසා අපුරු ලස්සනක් උපතින්ම හිමිකරගෙන ඇත. සෝබාවත්, එහි වසන්නාවු අනිත් සතුන් සමග අපව සසඳන විට ඇති වන හැගීම අපුරු චමත්කාරජනක හැගිමකි. පරිණාමයත් සමග ඉදිරියට එන විට මෙ අපුර්වත්වය ඔබටද විඳගැනිමට හැකිවෙවි ඔබ එ විෂයන් ඉගෙන ගන්නා කෙනෙකු නම්. නමුත් ඔබ එය ඔබගෙ පාසල් අධ්‍යාපනයේ කොටසක් ලෙස කළේ නම් එහි ඇති අපුර්වත්වය වෙනුවට ඔබ වින්දනය කරනුයේ වෙනස් ආකාරයකටයි. මා පාසලේදි ඉගෙනගත් විෂයන් සියල්ල ඉගෙන ගත්තෙ විභාගයක් වෙනුවෙන් බව සිහිවෙන විට මගෙ සිත කිසියම් ලෙසකින් සියුම් දුකකින් පිරීයයි. එ ගත් දැනුමින් බොහො ප්‍රමාණයක් අමතක වි ගොසින් බවත් මගෙ මහන්සිය අපතේ නොගිය බවත් මා හට දැනෙන්නෙ මා ලෝකය දෙස බලන ආකාරයත්, එ තුල ගමන් කරන ආකාරයත්, එහි සුන්දරත්වය විඳින ආකාරය අනුවය. ඔබ කරන්නා වු රැකියාවට ඔබ ඉගෙනගත් දැ අතුරින් ඉතාම කුඩා දැනුමක් අවශ්‍ය වන බවත්, ඔබ බොහො කාලයක් තුල මහන්සි වී ලගා කරගත් දැනුම් පද්ධතින් බොහොමයක් ඔබෙන් ඇත් වෙන බව දැනෙන විටදි ඔබගෙ සිතෙ ඇතිවන්නා වු හැගිම ගැන මදකට කල්පනා කර බලන්න. සියුම්ව කල්පනා කිරිමෙදි ඔබ ඉගෙනගත් සියල්ල එකිනෙකට යා කල හැකි බවත් එවා සියල්ල අද ඔබ වෙනුවෙන් වෙහෙසෙන බවත් පෙනෙවී.


ලොකයේ බුද්ධිමය අතින් ඉදිරියට ආ සතුන් තමන්ගෙ ඉදිරි පරම්පරාවට තමන් සතු දැනුම හිමිකර දි තම සතුන්ගෙ පැවැත්ම තහවුරු කරයි. මෙ සතුන් මුහුනදෙන අපහසුම කාලය තම දෙමව්පියන්ගෙන්, උන්ගෙ රැකවරනයෙන් වෙන් වී තනිව ගමන් අරඹන්නා වු කාලයයි. මෙ කාලය තුල විශාල කැපකිරීම්, විශාල ඝට්ටනයන් හට ජිවින් මුහුන දෙති. මිනිස් පැටියාගෙ තත්වයත් එසේමය. සමාජයේ ඔහුගෙ අනන්‍යතාව රදා පවතින්නෙ ඔහුටම ආවේණික ගති ලක්ෂන නිසාවෙනි. මෙ ගතිගුණ ඔහු හො ඇය එකතුකරගනු ලබන්නෙ ඔහුගෙ වැඩිමෙදි ඔහු දකින්නාවු, අසන්නාවු සංසිද්ධින් සමගින්ය. මා පාසලෙදි ඉගෙනගත් බොහො දැ අද සමාජයේ මිනිසුන් තුල හො නොදකියි. නිවැරදි දෙ ඉගෙන ගත්තත් වැරදි දෙ කලයුතුයි. නොමැතිනම් සමාජයෙ පැවැත්මක් නැති වන බව පසක් කරගත යුතුයි. නැතිනම් ඔහේ පාවිගෙන ගඟ දිගෙ පහලට ඇදි ඇදී යා යුතුයි. විශාල සතුන් කුඩා සතුන්ව ආහරයට ගනි. විශාල මිනිසුන් පොඩි මිනිසුන්ගෙන් මුදල් රැස් කර ගනි. ලෝකය පවතින්නෙ එසේය. මෙයින් මිදිමට කිසිවේකුට හැකියාවක් නොමැත. මෙය වැරදි බව දැනුනත් මෙය මා හට වෙනස් නොකල හැකි සේ දැනුනත් මෙයට ඇතුල් වීමට කිසිමය ප්‍රතිරොධයක් මාගෙ අභ්‍යන්තරය තුලින්ම මතුවේ. මෙය වැරදි බව දැනෙන්නෙ මා කුඩා කල පංසලේදි ඉගෙනගත් දැනුමකිනි. කෙසේ වෙතත් ඉදිරියෙහි ඇති ගමන් මග තමන්ගෙ ප්‍රතිපත්තිවලට, තමන්ගෙ හදවතෙහි හැඩයට නොගැලපෙන බව දැනුන විට බුද්ධිය මෙහෙයවමින් කල්පනා කල යුතුයි. තමන් කුඩා කල සිට ඇති කරගත් දේ අතහරිනවාද, නැතිනම් සමාජය පිලිගන්නා වු ප්‍රතිපත්තින්  මගහැර ගමන් කරනවාද යන්න තිරණය කල යුතුයි. දුප්පත් මිනිසා තමන්ට තිබෙන්නා වු වටිනාකම නොදැන පොහොසත් විමට ගොසින් තමන්ගෙ වටිනාම ධනය නැති කරගන්නා ආකාරය දකිමි. මුදල් යහමින් එක් රැස් කරගන්නා පුද්ගලයින් විවිධ ක්‍රම වලින් මුදල් එකතු කරගන්නා ආකාරය දකිමි. තමන්ගෙ නිදහස, ආධ්‍යාත්මය, ගැන අවබෝදයක් නොමැතිව ජිවිතේ සියුම් සුන්දරත්වයන් අතහැර එකතු කරන්නා වු දේවල් වලින් ඇති කරන පසුතැවිලි විමට වඩා මනසට දැනෙන සුවය, සැනසීම වටී. මා එකතු කරන්නා වු දැ මා ගෙනියන බව සිහිවෙන විට අපුරුය. ජිවිතෙ අපහසුම කාලය තනිව හදවතත් සමග පොර බඳනා කාලයයි. හදවත් නොමැති මිනිසුන්ද ඇත. වෙනස් වුයෙ නම් කිසිම වේදනාවක් නොමැත. නමුත් වෙනස් වුයෙ නම් කිසිම සුන්දරත්වයක්ද නොමැත. අසා හො කියවා ඇති දෙ සිහිකර ගින්න දැක ගින්නට නොපැනිම බුද්ධිමත්ය, ගින්න දැක දැක ගින්නට පැනිම අනුවණය, ගින්න දැක  ගින්නට පැන එහි වේදනාව විද එලියට පැනිම.....

8/29/10

දුම්රියට ගොඩ වු මහල්ලා...


මා පලවේනි වෙදිකාවෙ තිබෙන දුම්රිය දෙසට වෙගයෙන් දිව ගියෙමි. දුම්රියට ගොඩවි අසුනක වාඩි ගත් නමුත් බොහො වෙලාවක් යන තුරු දුම්රිය තම ගමනාන්තය කරා පිටත් වුයෙ නැත. දුම්රිය අසුන් දුම්රිය මැදිරිය දිගෙ දෙපස බිත්තිවලට සවිකර ඇති හෙයින් මුලු මැදිරියෙම සිදුවෙන දැ ඉතා හොදින් නිරික්ෂනය කල හැක. මා මැදිරියෙ මැද්දෙහි වු දොරක් අසල හිද ගත්තෙය. ඉතා රුමත් තරුණ කතක් හා ඇවිත් මා වාඩිගෙන සිටි අසුනෙ කෙලවර වාඩිවුවාය. මා ඉදිරියෙන් වු ජනෙලය දෙසට දැස් යොමුකරද්දි මා දුටුවෙ සැරයටියක් අතින් ගත් ඉතාම දුර්වල  මහල්ලෙක් දුම්රිය දෙසට වෙදිකාව ඔස්සෙ අවිදගෙන එන ආකාරයයි. මහල්ලා ඇද සිටි සරම, කමිසය ඉතාම අපිරිසිදුය. ඔහුට දුම්රියට ගොඩ වීමට අවශ්‍යතාවය තිබුනත් එයට ගොඩ විමට  අවශ්‍ය ශක්තිය නැතිබව මට වැටහිණි. අපගෙ මැදිරියෙහි වු සියල්ලන්ගෙම දැස් ඔහු වෙත යොමුවි තිබිණි. කිපදෙනෙක් පිළිකුලෙන් යුතුවද, තවත් කිපදෙනෙක් අනුකම්පාවෙන්ද ඔහු දෙස බලා සිටිනු දක්නට ලැබිණි. මා ඉදිරියට ගොස් ඔහු හට මැදිරියට ගොඩ විමට උදව් කරුවෙමි. මා නැවත සිටි තැනම ඉදගත් නමුත් ඔහු දෙස අවධානයෙන් බැලුවෙමි. ඔහුගෙ කමිසයෙ බොත්තම් කිපයක් නැත. කමිසය තුලට යමක් ඔබාගෙන සිටියි. ඔහුගෙ වයස හැත්තැවක් පමණය. දරුවෙක් මල්ලෙක් නොමැතිව ගමනක් බිමනක් යන මහල්ලා දෙස බැලු බොහො අය සිතුවෙ මොහු සිඟන්නෙ කියා නමුත් ඔහු සිඟා කැවෙත් නැත. ඔහු අසුනක් වෙත ගමන් කරද්දි අසුනෙහි සිටි අය සියල්ල ඇත් මැත් වි ඔහු හට ඉඳගැනිමට ඉඩ සලසා දුනි. අසුනෙ සිටි අය දැන් තෙරපි තෙරපි ඔහු දෙස පිළිකුලෙන් යුතුව බලා සිටියි, මහල්ලා සුවසෙ ඉදගෙන සිටියි. ඔහු කටින් පෙරි කමිසයට වැක්කෙරෙන ඔජස තම කමිසයෙ කෙලවරෙන්ම පිස දමා නැවත හිස ඔසවයි. කකුලෙහි තිබු තුවාලය දෙසද බලයි.

" සියා කොහෙද යන්නෙ "
" හුණුපිටියට "

තවත් බොහො ප්‍රශ්න මා තුල තිබුණත් අසන්නට මා ඇසුවෙ නැත. දිනක් මා මෙවැනිම වයසක කෙනෙකු බසයක මුණ ගැසි " දරුමුණුබුරන් නැද්ද ආච්චි මෙවගෙ ගමනක් තනියම ආවෙ " යන්න අසද්දි එ වයසක අම්මාගෙ ඇසින් කදුලු ගැලු ආකාරය මට මෙ මොහොතෙ සිහිවිය. මා එසෙ ඇසුවෙ ඇය ව දුටුවිට මට අධික ලෙස කෙන්ති ගිය හෙයිනි. ඔහුගෙ කමිසයෙහි උඩ සාක්කුවෙ තිබු මුදල් අතට ගෙන ගණන් කර නැවත සාකුවටම දම ගෙන ඔහු වට පිට බලයි. ඔහුගෙ ගමනාන්තය තෙක්ම ඔහු කලෙ වටපිට බැලිම සහ මුවෙන් පෙරෙනා ඔජස් පිහ දැමිම පමණි. දුම්රිය මැදිරියෙහි සිටි මිනිසුන් මහල්ලා දෙස වරින් වර ඉතා ඔනැ කමකින් බලනු දක්නට ලැබිනි. දුම්රියෙන් බැසිම සදහා ඔහුට පදික වෙදිකාව මත සිටි තරුණ කෙනෙකු උදව් කරන ලදි.

මා නැවතත් කල්පනා ලොකයෙ තුල කිදා බැස්සෙමි. මගෙ සිතට නැගුණ පැණයන් කිපයකි.

දරුවෙක් මල්ලෙක් නැද්ද
දරුවන්ව නිවැරදිව හදා වඩා පොෂනය කර නැද්ද
මොහු මෙතරම් මහලු වන තුරු කුමන ආකාරයෙ දිවි පෙවතක් ගත කලාද

මෙවැනි දැ ගැන කල්පනා කිරිම අවශය නැත. මාගෙ මැහැල්ලිය මා ගෙදර එන තුරු බලා සිටි, ඇය සුරක්ෂිතය. ඉතින් මා තවදුරටත් භාහිර දැ ගැන වද විය යුතු නැත.

දුම්රියෙහි වු මිනිසුන් ඉතාම විනොදයෙන් කාලය ගත කරනවා මම දුටුවෙමි. මිනිසුන් වෙදනාවෙන් මිරිකි අසහනය , අතෘප්තිය මුහුනෙහි සිරකරගෙන තමන්ගෙ නිවස වෙත ඇදෙනවා මා දුටුවෙමි. අපි සැවොම නිවෙස් බලා ගමන් කරන්නෙමු. නිවස තුල නිවන තිබෙනා බව සැවොම දන්නා හෙයින් ගමනාන්තය ලඟාවෙත්ම බොහො දෙනෙකුගෙ මුහුනෙහි  මද සිනහවක් නැගෙයි.

තරුණ වයසෙදි කල හැකි සියල්ලු දැ කර වයසට ගිය පසු පන්සල්, පල්ලි වල පදිංචි වනවාද,
නැතිනම් තරුණ වයස බොහොම සිමාවන් තුල නිදහසෙ ගත කරමින් වයසට ගිය පසු දුක් වෙනවාද
යන්න මා මගෙ ගමනාන්තය තෙක්ම මාගෙන්ම විමසන ලදි. දුම්රිය ගමනාන්තයට ලඟාවෙන විට රාත්‍රි දහයත් පසුවිය. නිවස දෙස පිය මැන්නෙමි. කාමරය තුල තිබු ඇඳ දකින විට, නොනවත්වා දවස් එකහමාරක් වෙහෙසු දැස්වලට නිවනක් අවශය බව මට දැනුනි.

8/7/10

මෙ ජිවිතෙත් අපි බලන එක ෆිල්ම් එකක් තමයි බන්..


කලකින් හමුවු මිතුරා සමඟ මා පන්සල පැත්තට ඇවිදගෙන ගියෙමු. ඔහු බොහොම විනොදකාමී පුද්ගලයෙක් වුවත් අද දින උදාසීන වි සිටියෙය. අපි දෙදෙනා සාකච්චා කලෙ පසුගිය අවුරුදු කිපය තුල අපගෙ ජිවීත වල සිදුවුණ වෙනස්කම් පිලිබදවයි. පංසල ඉදිරියෙ තිබෙන වෙල්යාය මැද්දෙන වැටුණු පාර කෙරවල ඇති බොක්කුව කෙනෙකු හා සංවාදයෙ යෙදි සිටිමට ඉතා අගනා තැනකි. අපි දෙදෙනා එතනට සේන්දු වුණෙමු. බොක්කුව මත ඉදගත් විගසම

" ඉතින් කියපන් විස්තර කොහොමද ජිවිතෙ ?  "

"වැඩැක් නැහැ බන් කතා කරලා පිස්සු හැදෙන වැඩ වෙන්නෙ "

"ඇයි එහෙම කියන්නෙ, මොකද වුණෙ,  මට තෙරුනා උඹ මොනවහරි හිතෙ හංගන්න ඉන්නෙ කියලා එකයි මම උඹව ගෙදරින් තල්ලු කරගෙන මෙතනට අරන් ආවෙ කියපන් කියපන්, මොකද වුනෙ, ගෙදර මුකුත් කතා කරන්න බැහැනෙ බන්, අම්මා කන බිත්තියෙ තියන් ඉන්නෙ, එදා සිද්ධියෙන් පස්සෙ "

"මචන් බලපන් අපි එක පන්තියෙ හැමදාම හිටියෙ, මම මෙ ටිකෙ පට්ටා සික් එකකින් ඉන්නෙ. එත් මෙ කෙල්ලෙක් හින්දා. එක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙ මම නිකන් මෙ ටිකෙ උදාසින වෙලා වගෙ."

"ඇයි මොකද වුණෙ ?"

"මම ඉස්කොලෙ දි ටොක් කරපු කෙල්ලව උඹට මතකද.."

ඔහු පාසල් කාලයෙදි මගෙ පන්තියෙහි වු මිතුරියකට කැමැත්තෙන් සිටියෙය. අපි සැවොම එය දැනගතිමු. ඔහු අධ්‍යාපනය සාර්ථකව ගෙන ගිය කෙනෙකු වු බැවින් පාසල් වියෙදි ප්‍රේම සම්භන්දතා තහනම් වු නිසා ඔහු ඇයගෙන් ඇත්විය.

"ඔව් නදිශානෙ.. රුවනා නෙ මැද්දෙන් පැනලා කැවෙ, අනික උඹ එකිගෙන් ඇහැව්වෙත් නැහැනෙ. ඔහෙ පිස්සා වගෙ හිටියෙ
එ කෙල්ල උඹ අහානකන්නෙ හිටියෙ, එකි උඹට කැමති කියලා කිපදෙනෙක්ම දන්නවා
ඇයි දැන් මොකද වුණෙ "

" එකි බැන්දා බන්, බැන්දෙත් වයස 35 ක් විතර එකෙක්, එකිගෙ සල්ලි වලට තමයි ඌ එකිව බැන්දෙ, මගෙ අතින් ලොකු වැරැද්දක් වුණා වගෙ දැනෙනවා බන්"

"නැහැ.. ඉතින් ඉස්කොලෙන් පස්සෙ එකිව හම්බ වුණෙ නැද්ද.. උඹ මෙහෙ තාපසයා වගෙ හිටියනෙ , අපරාදෙ "

"ඔව් බන් කරුමෙ කියන්නෙ, ඔච්චර සෙනග වෙඩින් එකට ඇවිල්ලා ඉද්දි එකිගෙ වෙඩින් එකෙ තැන්කින් කාර්ඩ් ටික ගෙන්න ගියෙත් මගෙ කාර් එකෙන් "

"නැහැ, පිස්සු හැදෙනවා බන් උඹ කියන කතා අහපු හාම "

"මට හැමතිස්සෙම දැනෙනවා, එකිගෙන් මම ඇහැවුවානම් මෙහෙම වෙන්නෙ නැහැ කියලා. එක දැනෙද්දි මට ටිකක් හිතට අමාරුයි "

" දැන් උඹට එක වෙනස් කරන්න බැහැනෙ, දැන් කරන්න දෙයක් නැහැ "

" කොහොමද රවා , එකි දන්නවා මම එකිට කැමැත්තෙන් හිටියා කියලා. අපි ඉස්කොලෙත් එකට හිටියෙ . ඉස්කොලෙන් පස්සෙ හම්බ වුනෙ නැහැ. මමත් එහෙම්මම හිටියා ලගදි කොච්චියෙදි හම්බ වුණා. ඉට පස්සෙ වෙඩින් එක කිව්වා. මම වෙඩින් එකට ගියා. එතනදි එකිට උදව් කරන්න උනෙත් මට .මෙක චිත්‍රපටියක එහෙම උනා නම් අපි මොන බැනිල්ලක් බැනිනවද, බැන බැන හිනා වෙනවද..?  මෙ මොනවද බන් මෙ මොඩ ආතල් නෙ , එහෙම වෙනවද කවදාවත් කිය කිය අපි හින්දි චිත්‍රපටි බලද්දි කොච්චර හිනා වෙනවද.. එත් බන් මෙ වගෙ කරුමයක්.."

"එහෙම තමයි බන් ජිවිතෙ කියන්නෙත් එක චිත්‍රපටියක් අපි හැමදාම බලන.. උඹ දන්නවානෙ මගෙ ජිවිත කතාව, මම මෙහෙම ඉන්නෙ ඇයි , ඇයි මම මෙහෙම මට කර ගන්නෙ කියලා, එක තමයි බන් ජිවිතෙ, ඇණ ගත්තහම තමයි ධර්මය මතක් වෙන්නෙ. කොහොම වුණත් හැමදෙම හොදින් විසදෙනවා, එක නියතයි. මම දන්න විදියට උඹ කාටවත් අපරාධයක් කරලා නැහැ. උඹ එහෙම කරන්නෙත් නැති බව විස්වාසයි. ඉතින් උඹට වරදින්නෙත් නැහැ බන් "

මගෙ මිතුරාගෙ මුහුණෙහිවු හැගිම දෙස බලද්දි මට වැටහි ගියෙ ඔහු එ නිසා දුකකින් ඉන්නා බවක් නොවෙ. කිසියම් රහසක් ඇත ඔහු නොකියන. මා එය හාරා ඇවිස්සිමට නොගියෙමි.

7/15/10

මුල අමතක කර මැද යොදා ගැනිම.....

මම කුඩා කල සිටිම ඕනෑම දෙයක් පිළිබදව බොහො දුර සිතමින් එය ගැන වෙහෙසෙයි. එය එතරම් හොද දෙයක් නොවුවද සමහර විෂය කරුණු බොහොම හොදින් අවබොධකර ගැන්මට මා සතු මෙ ගුණාංගය මට බොහො සෙයින් ඉවහල් වුණු බව මම දනිමි. මා ජිවත්ව සිටිනා ප්‍රදෙශයෙ බොහො දෙනෙකු ඉතාලි රැකියාවන් කරයි. අදත් අපෙ කතා නායකයා ඉතාලි රැකියාවක නිරත වන්නෙකි, ඔහුත් සැබැවින්ම ප්‍රේමවතයෙකි, සාර්ථක වු අසාර්ථක ප්‍රේමවන්තයෙකි. ඔහු උසස් පෙළ නිමවන විට පියාගෙන් ඉතා වටිනා ව්‍යාපාරයක් හා ධනයක් හිමි කරගත්තෙකි. නමුත් ඔහු එවා වැඩිදියුණු කර ගැන්මට කැපවුයෙ නැත. ඔහු තමාගෙ දවසෙ වැඩිම කාලයක් ගත කළෙ තමාගෙ පෙම්වතිය සමගය. ඇයගෙ අධ්‍යාපනය, ඇයගෙ සිතුම් පැතුම් සැබැ කිරිමට ඔහු ඉතා අඥාන ලෙස තමා සතුවු ධනස්කන්ධය වැය කළේය. ඔහුට අපි නිමල් යැයි කියමු.

මෙසෙ උපතින් ලැබුණ ධනය හා ව්‍යාපාරයන් ටිකෙන් ටික අභාවයට යන විට ඔහු දුක් නොවුනද ඔහු සැමදා එක ලෙසම ඇයට ආදරය කළේය. ඔහු ඇය සමඟ අතිනත ගෙන එක වහලක් යට ටික කාලයක් ජිවත් විය. තාමාට තිබු ධනස්කන්ධය ටිකෙන් ටික විනාශ වුයෙ ඔහුගෙ නොසැලකිලිමත් කමින් බව ඔහු තෙරුම් ගනිද්දි කාලය වෙගයෙන් ගොසින් හමාරය. ඔහු නැත්තටම නැති විය. අන්තිමට ඔහු කඩයක් කුලියට ගෙන එය පවත්වා ගනිමින් ජිවිතය ගැට ගහා ගැනිමට හුරු විණි.

" නිමල් අයියා කොහොමද මෙ ටිකෙ ජිවිතෙ, හවසට සෙට් වෙමුද.. මගෙ යහළුවො කිපදෙනෙක් ඇවිල්ලා ඉන්නවා.. "

" හරි මල්ලි කඩෙට එක්කන් වරෙන් 9 ට විතර අක්කට හොරෙන් ආ මම ගෙදර ගිහිල්ලා වොෂ් එකක් දාගෙන එන්නම්."
මත් පැන්ද එ ආකාරය, කොතරම් ආර්ථිකය හිඟවුණත් ඔහු මෙවැනි අවස්ථාවල වියදම් කිරිමට මැලි නොවිණි. ඔහු දක්ෂ ගිටාර් වාදකයෙක්ද විය. ඔහුගෙ නය බර තවදුරටත් ඉහළ ගියෙය. ඔහුව හොදටම එරිණි.

මෙසෙ කාලය ගත විමෙදි ඔහුගෙ බිරිදගෙ ඤාතියෙකුගෙ උදව්වකින් බිරිද හට ඉතාලි රැකියාවක නිරත විමට හැකිවිණි. ඔහුද ටික දිනකින් ඉතාලියට ගියෙය. දෙදෙනාම අද වන විට ආර්ථික අතින් ඉතා හොද තත්වයක සිටිති. ඔහුන් දෙදෙනාගෙ නොගැලපීම මතු වුයෙ ඉතා මැතකදිය. නිමල් අයියා ඉතා විනොදකාමී, සැහැල්ලු ජිවිතයක ගත කල කෙනෙකි. ඔහු මසකට උඩදි මා හට ඔහුගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි.

"නිමල් අයියා, ඉතින් කොහොමද ජිවිතෙ...."
" වැඩක් නැහැ මල්ලි කතා කරලා ... මෙහෙ සල්ලි විතරයි වෙන මුකුත් නැහැ ... හම්බ කරනවා හම්බ කරනවා.. කිසිම සැනසිමක් නැහැ... මම එනවා තව දවස් 15 කින් ආපු හාම සෙට් වෙමු හරි. "

පැවසු පරිදි අපගෙ යොදාගත් සාදයෙ දවස පැමිණියෙය. මැදියම් වන විට බොහො මිතුරන් පිරිසක් අතුරුදන් වුයෙ " හෙට වැඩ මචන් " යන තියරිය යොදා ගනිමින්ය. සාදය තවදුරටත් ඉදිරියට ගියෙ අප දෙදෙනාගෙනි. හොදටම පදම් වි සිටි නිමල් අයියා මෙ වනවිට තමාගෙ හදවතෙහි තිබු බොහො දුක් කරදර මා ඉදිරියෙහි හෙළි කිරිමට පටන් ගත්තෙයෙ.

" මල්ලි ලොකයෙ ඉන්න විසම සතා කවුද කියලා දන්නවද..? "
" නැහැ අයියා"
" ගැහැනිය තමයි බන්, විෂඝෝර සර්පයින් ට බෙහෙත් තියනවා, සමහර සත්තු කාපුවාම විසවෙලා ටික වෙලාවක් විඳවලා මැරෙනවා, එත් එහෙම නෙමෙයි මෙ ගැහැනිය කාපු හාම ටිකෙන් ටික මැරෙන්නෙ, හැමදාම අපායක ඉන්නෙ, අපෙ සෙට් එක කුල් එකෙ ඉන්න උන් ටිකක්නෙ බන්, මුන්ට පුදුම තණ්හාවක් තියන්නෙ, එවට අපිවත් ඇදලා අරන් අපිත් හැමදාම දුක් විදිනවා. එකි හදන්නෙ මාව පාලනය කරන්න. මම එකිට වැදන් ඉන්න ඔනා. "

"අයියා මට මුල ඉදලා විස්තරෙ කියන්න මම බලන්නම් උදව්වක් කරන්න පුළුවන්ද කියලා "

"මචන් මල්ලි උඹ මෙ ගමෙ නෙ හිටියෙ, අපිට ඉස්සර සල්ලි කොච්චර තිබුණත් අපෙ ලොකුකම් නැහැනෙ. මම එකිට කරපු දෙවල් එකිට දැන් අමතක වෙලා. එකිගෙ හැම දෙයක්ම බැලුවෙ මම. එකිගෙ අම්මයි තාත්තායි එකි ගැන බැලුවෙ නැහැ. ඔන්න දැන් උන් තමයි ලොකු වෙලා තියන්නෙ එකිට. මෙ ළඟදි මෙකි මගෙ යහළුවො ඉස්සරහා මගෙ ගිටාර් එක පොළෙ ගහලා මට කියනවා, " උඹ ඉතාලි ආවෙ මං හින්දා , උඹ මම කියන විදියට හිටපන් කියලා ". මගෙ එහෙ හිටපු යහළුවො ඉස්සරහා. උඹ අයියත් හිටියා. එයා උඹට කියන්න ඇති සිද්දිය. මට මල්ලි ජිවිතෙම එපා වුණා. මම එකිට කවදාවත් අතක් උස්සලා නැහැ.මම මෙ කෙල්ලව බලාගත්තු හැටි මෙ කෙල්ලට අමතක වෙලා."

"නැහැ.. අයියා මට කිව්වෙ නැහැ. මට විජිත අයියා කිව්වා විස්තරෙ. උඹලා දෙන්න කරදරෙන් ඉන්නෙ කියලා. අනින්න එපැයි දෙකක් හොම්බට. ගැහැනුන්ට ගහන එක නිවට වැඩක් හැබැයි ගැහැනි දැන ගන්න ඔනා හැසිරෙන විධිය. ඔය අක්කා හොදට හිටියනෙ ලංකාවෙ ඉද්දි. කොහොමද එච්චර වෙනස් වුණෙ එහෙට ගිහිල්ලා ? "

" නැහැ බං මලෙ උන්ගෙ අම්මලා තාත්තලා හැමදාම කතා කර කර එක දෙක කර කර කියනවා. එකිගෙ මොළේ කනවා. එකි හම්බ කරන එකනෙ කොටසක් එවන්නෙ උන් දෙන්නට උන් දෙන්නා එකෙන් කරන්නෙ එහෙට කොල් දදා මෙහෙ තියන අඩු පාඩු කියන එක"

" මට තෙරෙන විදියට අක්කට මතක නැහැ උඹ කරපු දෙවල්, උඹට තිබුණු දෙවල්, සල්ලි තියද්දි උඹට බොන්න කොච්චර යහළුවො හිටියද, උඹ කොච්චර අනවශ්‍ය වියදම් කරාද..? උඹ මුල වරද්ද ගත්තා, දැන් ඉතින් එවා ගැන පසුතැවිලි වෙලා පලක් නැහැ, මම උඹට එ දවස් වලම කිව්වනෙ. රට යන එක හැම ප්‍රශ්නෙකටම විසදුම නෙමෙ කියලා. දැන් චතු අක්කා එන්නෙ නැද්ද..?"

" එකි එන්නෙ නැහැ.. මම තව ටිකදවසකින් යන්නත් හිතෙනවා, කොච්චර කරත් පොඩි කාලෙ ඉදන් දන්න ගැනි නෙ බන් "

"මම බැඳලා නැහැ උඹ දන්නවා නෙ. හැබැයි මම උඹ ඉන්න තැන හිටියා නම් මම කරන දෙ මම කියන්නම්. මම එකිට හැමතිස්සෙම මතක් කරලා දෙනවා අපි දෙන්නා ඉස්සර හිටපු හැටි, ඉස්සර වුණු දෙවල්, ආදරෙන්. කරලා දෙයක් කියනවා වගෙ නෙමෙ. එහෙම තමයි මිනිස්සුන්ට අමතක වෙනවා, මොකද වුණෙ මොකද කරෙ, කොහෙන්ද ආවෙ, කොහාට යන්නද ගියෙ, කොහෙද අපි දැන් ඉන්නෙ කියලා. "

සංවාදය ඉවර වුයෙ පාන්දර 3 ට පමණය. මිනිසුන් ගැහැනුන් හා බැඳී ගෙවන පවුල් ජිවිතවල ප්‍රශ්නයක් තිබුණෙ නැත්නම් එය හැඳි නොගා හැදු කිරි හොද්දක් මෙන් බව මගෙ අම්මා මට පවසා ඇත. නමුත් තමා කෙසෙද ජිවත්වුයෙ, කවුද මා ලගින් සිටියෙ යන්න මතක තබා ගත යුතුය. චතු අක්කාත් නිමල් අයියවත් මම කුඩා කාලයෙ සිටම දැන සිටියෙමි. ආශාවන් සිහිනයන් සමහර මිනිසුන් හට ජිවිතය නිසි මඟ රදවා ගැනිමට උදව් වුණත් සමහර මිනිසුන්හට ජිවිතය ගතකිරිම අපහසු කිරිමද කරයි.

මා සැමවිටම පරිපුර්ණත්වය හඹා යැමට පුරුදු වී සිටියෙමි. මා මට ලැබුණා වු වටිනාම දෑ තවත් පරිපුරන කිරිමට ගොස් යම් යම් දැ නැති කරගන්නා ලදි. මා වටෙ ජිවත් වන වැඩිහිටි මිනිසුන්ගෙන් මා ඉගන ගන්නා දැ අපමණය.

7/10/10

අහන් ඉන්න - අහගෙන ඉන්න


හසිත මල්ලිගෙ බ්ලොග් එක පැත්තෙ යද්දි එකෙ තිබුන සින්දුවක් දැකලා, එක අහලා මගෙ ඇස් දෙකෙන් කඳුළු බිංදු කිපයක් වැටුනා. එතකොට තමයි වැටහුනෙ කාලෙකින් ඇස් දෙකක් තියනවා කියලා. කදුළු බිංදු කිපයත් පිහදාගෙන මෙ සටහන ලියන්න ගත්ත. හරිම ලස්සන සිංදුවක් කියන එක වටහාගන්න මට එච්චර වෙලාවක් ගත වුනෙ නැහැ. කෙනෙක් කියනවා අහන් ඉන්න  එයාගෙ හිතට මොනවද කියන්න උත්සහා කරනවාලු, බලන්න මෙ ගැහැණු කෙනා කියන්න උත්සහා කරනදෙ ඔබට වැටහෙනවද කියලා.


අහන් ඉන්න - අහගෙන ඉන්න
මගෙ හිත..මොනවද..මුමුණනවා....//

යාය පුරා නෙ‍ක නෙක පාටින්
මුදු මල් පෙති ඇහැරෙනවා...
පොද වැස්සක සීතල ඇවිදින්
සිතට එබෙනවා...
කෝඩුකාර මල් රේණු අගින්
සුවද බෙදනවා...
ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා...

අහන් ඉන්න - අහගෙන ඉන්න
මගෙ හිත..මොනවද..මුමුණනවා....//



සිලි සිලියේ හමන සුලග
කොදුරන්නෙ අපටමයි...
සතුට මිසක දුක මොකටද
සෙනෙහස මහමෙරයි...
අමාවකේ දුක දුරලන
දහසක් තරුකැට නුඹටයි...
ඒ එලියෙන් දැල්වෙන ලෝකය
මගෙමයි මටමයි...

අහන් ඉන්න - අහගෙන ඉන්න
මගෙ හිත..මොනවද..මුමුණනවා....//



පැල්පත් කියන බ්ලොග් එක කරන කෙනාත් මෙ සම්බන්දව සටහනක් දමා තිබුනා, එතන තියනවා සිංදුවෙ mp3 එකක්... එතනට ගිහින් ගන්න.


වෙලාවකට හරිම පුදුමත් හිතෙනවා. පොල් පිති පාරවල් හතරකට පහකට වට්ටන්න බැරිවුණ ඇහෙ කදුලු, වචන හතරකට පහකට වැටෙනවා.. පුදුම ලොකයක් තමයි...

6/22/10

කවුරුත් කාවවත් රවට්ටන්නෙ නැහැ රවට්ටන්නත් බැහැ.




මම අදුරන ලොකු අයියා කෙනෙකුට වුණු වැඩක්. මෙ අයියට අපි කියමු චමිත් කියලා. මෙයා සා/පෙ දවස්වල ඉදන් කෙල්ලෙකුට ආදරෙ කරා, කෙල්ල වෙනුවෙන් මෙ අයියා ලොකු කැපවීමක් කරා, වියදම් කරා ගැහැණු ලමයගෙ අධ්‍යාපනය වෙනුවෙන්. මෙ අක්කාත් ගොඩාක් ලස්සනයි. මෙ අක්කට අපි කියමු තරු කියලා. චමිත් අයියා අයියගෙ යහලුවන්ට පෙන්නුවෙ ජොලියට කරන වැඩක් මිසක් සිරා ලව් එකක් නෙමෙ මෙක කියලා. එත් මෙ අයියගෙ හැමදෙයක්ම තිබුනෙ මෙ අක්කා වෙනුවෙන්. මෙ අක්කගෙ එක කුසෙ උපන් අක්කා ටිකක් නෙමෙ හොදටම සල්ලි තණ්හාවෙන් හිටියෙ. මෙ අයියා රියදුරු රැකියාවක් කරෙ. එත් අක්කාට ගොඩාක් ආදරෙ කරා. මමත් මෙ අයියත් එක්ක ගිහින් තියනවා එ අක්කව හම්බවෙන්න.

කොහොමෙන් කොහොම හරි තරු අක්කට ගෙදරින් යොජනාවක් ගෙනාල්ලා තියනවා. එ කොල්ලා ඉතාලියෙ රැකියාවක් කරන කෙනෙක්. අපෙ පැතිවල ඉතාලියට යනවා කියන්නෙ ඉතින් ඇලඩින්ගෙ පහන හම්බවුණා වගෙ වැඩක්. එක නිසා මෙ පැත්තෙ තරුණ වයසෙ ඉන්න අයගෙ සිහිනයක් ඉතාලිය. " මිල්ල සොයා " කියන චිත්‍රපටියත් එක්තරා විදියකට මා වටා තිබෙන ජිවිතවලට සම්බන්දයි, එහි ප්‍රධාන චරිත පදනම් වුණ සැබැ ලොකයෙ චරිතත්, එහි නිර්මාතෘවරයාත් පවුලෙ හිතවතුන්. මට නම් ඉතාලි සිහිනයක් නැහැ. ඉතින් තරු අක්කා එ ඉතාලි අයියත් එක්ක කසාඳ බැදලා. බැන්දට පස්සෙ එ අයියා ඉතාලි ගිහින් අක්කවත් එ රටට ඉක්මනින් ගන්නම් කියන පොරොන්දුව පිට. නමුත් මෙ අක්කා එක අපෙ චමිත් අයියට කියලා නැහැ. එයත් එක්කත් දිගටම ආදර සම්බන්දකම පවත්වගෙන ඇවිල්ලා අවුරුදු දෙකක් විතර. චමිත් අයියට යහලුවො කීපදෙනෙක් කියලා තියනවා " ඔය කෙල්ල බැඳලා ඉන්නෙ, ඉතාලි කොල්ලෙක්ව අයින්වෙයන් ඔතනින් " කියලා. මු ඇහැව්වෙ නැහැ. එ දවස්වල මාත් එක්ක මෙ අයියා එහාට මෙහාට යන්නෙ. මම තමයි මුගෙ යහලුවා වුණෙ. එ අයියා දවසක් තනියම දඹුල්ලට යනවා කියලා මට අඩගැහුවා. මමත් ගියා. දඹුල්ලට ගිහින් එලවලු අරන් එද්දි පාන්දර 2, 3 ට විතර. අපි දෙන්නා ඉස්සරාහා ගොලයො එලවලු උඩ.. පිටිපස්සෙ. එද්දි මට සම්පූර්ණ විස්තරය කියනවා.

"මචන් මෙහෙම හැමොම මට කියනවා මෙ කෙල්ල බැදලා ඉන්නෙ කියලා ඇහැව්ව හම කෙල්ල නැහැම කියනවා, කෙල්ල කියනවා නම් මාව කසඳ බදින්න කියලා , මම අද වුණත් ලැහැස්ති මෙ කෙල්ලව ගෙදර ගෙන්න, අම්මා කෙස් එක ඇද්දත් පස්සෙ එයා කැමති කරගන්න මට පුළුවන්, මෙ කෙල්ල වචනයක් දෙන්නෙ නැහැනෙ බන්. ලං වුන වෙලාවෙ පොඩි එකියක් වගෙ පපුවට තුරුල් වෙලා ඉන්නවා මිසක්. "

" චමිත් අයියා, බලාගෙන අපිට වැඩිය ලොකු උගෙ ජිවිත දිහැ බලහන්, ගමෙ කොච්චර ඉන්නවාද, ලව් කරලා, වහබිලා, චාටර් වෙලා, අනාත නාත වෙලා, නන්නත්තාර වෙලා.කෙල්ලන් ව විස්වාස කරලා තිර්ණ ගන්න ගියොත් අපිට වරදින්නෙ අපි දන්නෙම නැතිව "

එදා චමිත් අයියාට කියපු දෙ පස්සෙ කාලෙක මටත් අමතක වුණා.

ඉට ටික දවසකට පස්සෙ චමිත් අයියා ගමෙන් අතුරුදහන් වුණා. මට ආරංචි වුණෙ චමිත් අයියා ඉතාලි ගියා කියලා. නමුත් කාටවත් නොකියා එහෙම යන කෙනෙක් නෙමෙ. නමුත් එහෙම ගිහින් තිබුනා. මම ඉට පස්සෙ යහලුවා ගැන හොයන එක නතර කරා. නමුත් ඉට ගොඩාක් දවසකට පස්සෙ සිදුවුන සිදුවිම දැන ගත්තා.

මේ අයියත් එක්ක සම්බන්දකම පවත්වගෙන ඉන්න කාලෙදිත් තරු අක්කා බැඳලා ඉදලා තියන්නෙ. බැඳලා රට ගිහිල්ලා. පවුලෙ අඟහිගකම් නිසා බැන්දයි කියලා හිතන්න බැහැ. මෙ අයියාගෙන් ඉල්ලුවා නම් මෙ අයියා ඔන තරම් සල්ලි හොයලා ගෙනත් දෙනවා.

 මම දැක්කා එ අක්කා එදා චමිත් අයියාගෙ පපුවට හේත්තු වෙලා හිටපු හැටි. අක්කාගෙ මුහුනෙ බියක් තිබුනත් මම හිතුවෙ අඳුනන කෙනෙක් දැක්කොත් කියන හේතුව නිස ඇතිවු බියක් කියලා.
චමිත් අයියා සියලුම විස්තර හොයලා කසාඳ සහතිකයත් හොයාගෙන එ දෙන්නගෙ. එකෙ කොපියකුත් අරගෙන. චමිත් අයියා ගමෙන් අතුරුදහන් වෙලා කරලා තිබුනෙ ඉතාලි යන්න ක්‍රමයක් හොයන එක, විවිධ තැන්වල මාස කිපයක් නැවතිලා ඉදලා, එයාගෙ තාත්තගෙනුත් සල්ලි ඉල්ලගෙන ඉතාලි යන්න වීසා, ඔක්කොම හදලා යන්න දවසකට කලින් එ අක්කට එයාලා හම්බ වෙන තැනට එන්න කියලා. චමිත් අයියා එදා එ අක්කාගෙ කසාද සහතිකෙ පිටපත සාක්කුවෙ දාගෙන ගිහින් තියන්නෙ.

එතනදි අයියා එයාගෙන් ඇහැව්වලු.. එයත් එක්ක ටිකක් ආදරෙන් තුරුල් කරන් ඉඳලා අන්තිමට යන්න එද්දි ඇහැව්වලු.

" මට ඇත්ත කියන්න සුදු .. ඔයා බැඳලද ඉන්නෙ..?.."
" නැහැ..."

මෙ අයියා දෙතුන් පාරක් ඇහැව්වලු. එ හැම සැරෙම නැහැ කියලා තියන්නෙ.

අන්තිමට චමිත් අයියා සාක්කුවෙන් අරන් කසාද සහතිකය පෙන්නද්දි එක්කා මුහුණ වහගෙන ඇඬුවලු.

"මම හෙට ඉතාලි යනවා, ඔයාට ස්තුති.. මෙහෙම මගෙ ජිවිතෙ හැදුවට.. ඔයා මෙහෙම නොකරන්න මම කවදාවත් ඉතාලිය යන්නෙ දඟලන්නෙ නැහැ. ඔයත් ඉතාලියට එයිනෙ කවදා හරි එහෙදි හම්බවෙමු.. හැබැයි මෙහෙම නෙමෙ. "

මෙ සිද්දිය වෙන තැන මට ඉන්න බැරි වුණා. නමුත් මම ඔහුගෙ සම වයසෙ යහලුවෙක් නොවන හින්දා ගොඩාක් ඔහුගෙ හිතෙ සම වයසෙ යහලුවන් හට නොපෙන්වු තැන් මම දැක්කා. එක හින්දා මම හිතනවා එතනදි එයාගෙ ඇස් දෙකෙන් කඳුලු බින්දුවක් දෙකක් ආවත්, එයාගෙ මුහුනෙ හිර කරගෙන ඉන්න ඇති.

චමිත් අයියා මට එදා දඹුල්ල ගිහින් එද්දි මට කිව්වා
"මල්ලි මට ඔනා තරන් අවස්ථා හම්බවෙලා තියන එ කෙල්ලත් එක්ක එකට ඉන්න, නමුත් මම කවදාවත් එහෙම එ කෙල්ලගෙ ගෞරවයට කැලලක් වෙන විදියට හැසිරුනෙ නැහැ. මටත් නංගිකෙනෙක් ඉන්නවානෙ බන්. අපිටත් කොතනක හරි සැනසීමක් තියෙයි නෙ බන්.. "

එ දෙන්නම අද ඉතාලියෙ ඉන්නවා. ගවු ගානක් දුරින්. මගෙ යහලුවා මගෙන් ඈත් වුන ගමන් මම  ඌ ගැන හොයන එක නතර කරා. නමුත් සිද්දියෙ සුල මුල දැනගත්තු ගමන් මම යහලුවට සමාව දුන්නා අපිට නොකියා ගියාට.

සමහර ගැහැණු පුදුමාකාරයි. මෙතනදි තරු අක්කා කරපු වැඩෙ හරිද වැරදිද කියලා කියන්න මම දන්නෙ නැහැ. හැබැයි එ අක්කා බයවෙන්න ඇති, චමිත් අයියාවද, තමුන්ගෙ පවුලෙ මූල්‍යමය ආරක්ෂාවද, කියන දෙයින්,  තමුන්ගෙ පවුල මූල්‍යමය  ආරක්ෂාව කියන දෙ තොර ගන්න ඇති. චමිත් අයියගෙන් හම්බවුණු ආදරෙ නැති කරගන්නට බය වෙන්න ඇති. එක හින්දා තරු අක්කා මෙහෙම රැවටීමක් කරෙ. කොහොම හරි මෙ අයියා හරි ධෛර්යවන්තයි. මිනිස්සු හරිම පුදුම මිනිස්සු..

කවුරුත් කාවවත් රවට්ටන්නෙ නැහැ රවට්ටන්නත් බැහැ...

මම දැකලා තියනවා facebook එකෙ කරන රැවටිම් ගැන. මිනිස්සු හිතන්නෙ තවකෙනෙක් රැවටුනා කියලා.. නමුත් ඇත්තටම රැවටිම කියන දෙත් රැවටිමක්. හිත.

6/8/10

දර කපන්නා හා මම

11 වසරෙදි අපිට ඉංග්‍රිසි පාඩමක් තිබුනා දර කපන්නා. මේ කථාව මෙහෙමයි දිග හැරෙන්නෙ.  දර කපන්නෙක් ඉන්නවා මේ මනුස්සය හැමදාම උදේට කැලයට ගිහිල්ලා පැය කිපයක් දර ටිකක් කපලා එක අරන් ගිහිල්ලා විකුණලා සල්ලි ටිකක් එකතුකරගෙන ඇවිල්ලා හවස් වරුවම විවේකයෙන් ගත කරනවා. මේක දකිනවා ගමට එන ජර්මන් ජාතික සුද්දෙක්. එයා දර කපන්නගෙ ලඟට ගිහින් අහනවා. " ඇයි ඔයා මෙහෙම චුට්ටක් වැඩ කරන්නෙ. ඔයාට පුලුවන්නෙ දවසම දර කපන්න "

"ඇයි මහත්තයො දවසම දර කපන්නෙ .."

" ඔයාට එතකොට සල්ලි ටිකක් වැඩිපුර එකතු කරගන්නනෙ. "

"සල්ලි ටිකක් වැඩිපුර එකතු කරගෙන....."

" ඔයාට පුලුවන් තමුන්ගෙම කියලා වාහනයක් අරගෙන එකෙ දර ගොඩාක් අරන් ගිහින් විකුනලා සල්ලි එකතු කරගන්න " ජර්මන් ජාතිකයා පිළිතුර දුන්නා.

"ඔයාට පුළුවන්නෙ ඉතින් සල්ලි හොදට එකතු කරගෙනම හොදට සතුටෙන් , විවේකයෙන් ලස්සනට ජිවත් වෙන්න.."

" මහත්තයො මම දැන් සතුටෙන් සුවෙන් ඉන්නෙ, මගෙ හිතෙ ලොකු සතුටක්, නිදහසක් තියනවා. මම මගෙම රටාවකට ජිවත් වෙන්නෙ. මට මගෙ තරමට ඇති වෙන්න සල්ලි තියනවා. මම හැමදාම එතරමට තමයි සල්ලි එකතු කර ගන්නෙ. මහත්තයා කියන විදියට ගියොත් මගෙ මේ තියනදෙත් නැතිවෙනවා. මීට වඩා දෙයක් ඇති කරගන්න මේ තියන සතුට , සැනසීම නැති කරගන්න මම කැමති නැහැ මහත්තයො. වැදගත්ම දෙ ලද දෙයින් සතුටු විම."
පාඩම මෙතනින් ඉවරයි.

මේ පාඩම කියලා දුන්නට පස්සෙ ඉංග්‍රිසි ගුරුතුමිය පන්තියෙන් ප්‍රශ්නයක් ඇහැව්වා.
" දර කපන්නත් එක්ක එකඟ වෙන අය අතඋස්සන්න "
මම අත ඉස්සුවා. මම හිතුවෙ තව කිපදෙනෙක් අත උස්සයි කියලා.වටේට බලලා මම පිටි පස්සත් බැලුවා. එකෙක් වත් නැහැ. මටත් මාර අප්සට් එක..

" එතකොට ජර්මන් ජාතිකයත් එක්ක එකඟ වෙන අය...? "
මෙන්න යකො පන්තියෙ ගොඩාක් උන් අත ඉස්සුවා. මට කැගැස්සුනා. පපුවේ ඩිග් ඩිග් සද්දේ මටම ඇහෙන්න ගත්තා. හරි රවා උඹ ඇදගෙනනේ නෑවේ. දැන් පටන්ගනින් පැනලා නාන්න.

"ඇයි ඔයාලා ජර්මන් ජාතිකයත් එක්ක එකඟවෙන්නෙ.."

එතකොට පොලිමට උත්තර එනවා.. පන්තියෙ හිටපු ස්ප්‍රිත්තුවත් එකම එක පැත්තක මම තව පැත්තක.
"දරුවා ට උගන්වන්න ඔනා, ලෙඩක් දුකක් හැදෙද්දි වියදම් කරන්න ඔනා, වාහනයක් තියෙද්දි පහසුයිනෙ, ගෙයක් දොරක් හොදට හදාගන්න ඔනා

" රවා ඇයි ඔයා දර කපන්නත් එක්කලා එකඟවෙන්නෙ.. "
"මිස්.. ඔය යන රටාවට ගියොත් මැරිලා ගියහැකි සැනසිමෙන්... මෙ මනුස්සයා මහන්සිවෙන කෙනෙක්, මෙ මනුස්සයට ලොකු ලෙඩ හැද්දෙන්න විදියක් නැහැ. හැබැයි මිස් තණ්හාව ඇති කරගෙන දුවන්න ගියොත් මෙ මනුස්සයා ලෙඩක් හදාගන්න පුළුවන්. මෙ වගෙ ජිවිතයක් ගත කරන කෙනෙක් දරුණු ලෙඩ දුකකට පත් වෙනවා කියන දෙ හිතන්න අමාරුයි. මම නම් දැනුත් කියන්නෙ. මෙ මනුස්සයා හරි කියලා "

එතකොටම මෙන්න ඔබ්ජෙක්ෂන්කාරයෝ කෑගහනවා. මම ගණන් ගත්තෙ නැහැ. මගෙ හේතු ටික කියලා මම ඉදගත්තා. මම එක කියලා ඉවර වෙද්දිම මිස්ගෙ මුහුණෙ ගිය හිනාව මතකයි මට තාමත්. මිස් එතනින් එහාට මෙගැන කතා කරන්න ගියෙ නැහැ.

එදා හිටපු තැන හරි කියලා, අදත් දැනෙනවා. මම දැකලා තියනවා මිනිස්සු රැ 10.00 ට ඇවිල්ලා ආපහු පාන්දර 3 ට නැගිටලා 4 බස් එකෙ වැඩට යනවා. මමත් එහෙම කාලයක් කට්ටක් කැවා. දැන් නම් ලක්ෂයක් දුන්නත් එහෙම කට්ටක් කන්නෙ නැහැ.

" පුතා  මෙහෙමයි අපි ජිවත්වෙන්න ඕනා, තාත්තගෙ පඩිය මේච්චරයි, අපි දෙන්නා අම්මට උදව් කරන්න ඕනා, ඔයා හොදට පොත පත කියවන්න ඕනා, දැනුම , බුද්ධිය ගතිගුණ පිහිටන්නෙ එතකොට" තමුන්ගෙ දරුවව ලගට අරන් එයාව මෙහෙයවන අම්මලා තාත්තලා කියෙන් කීදෙනාද ඉන්නෙ.

දරුවන්ව,  රටේ සභ්‍යයත්වය, සංස්කෘතිය නැතිකරනවා කියලා ටිවි චැනල් වලටයි, අරවටයි මෙවටයි බනින මිනිස්සුන්ව මම දැකලා තියනවා. එයාලා ජිවත්වෙන හැටිත් දැකලා තියනවා. නමුත් අම්මයි තාත්තායි තමයි දරුවගෙ සියල්ලම තිරණය කරන්නෙ. තමුන්ට තියන දෙයින් සතුටු වෙන්නෙ නැතිව තණ්හාව ආශාව ඔස්සෙ දුවලා හැති වැටෙද්දි දරුවත් තමුන්ගෙන් ඈතට දුවලා ඉවරයි. මම හොදට දැකලා තියන දෙයක් තමයි " මා ගාව තියන දෙට වැඩිය අර දෙ හොදයි කියලා හිතලා එ දෙ පස්සෙන් දුවපු කෙනෙකුට  කවදාවත් හොද දෙයක් හම්බ වෙලා නැහැ. "

5/21/10

දෙවියන්ගෙන් ඉල්ලන හැමදෙම දෙවියො අපිට දෙන්නෙ නැහැ....

ඉස්සර පොඩි කාලෙ අපි ක්‍රිකට් ගහනවා. ගමෙ සෙට් එකෙන් උසෙන්, ශරිර ශක්තියෙන්, වයසෙන් අඩුම එකා තමයි මම. හැබැයි ශක්තියෙන් අඩු උනාට අත කරකවලා බොලා දාන්න පුළුවන්. අනිත් වුන් දමලා ගහන සෙට් එක. එහෙම බොලා දාන්න පුළුවන් අය එක අතක ඇගිලි තරම් වත් හිටියෙ නැහැ ගමෙ. වයස 12, 13 වෙද්දි මටත් ඔන්න හම්බ වෙනවා පන්දු වාරයක් දෙකක් දමන්න. හැබැයි ඉතින් මෙ වෙලාව පිතිකරුවන්ගෙ පැත්තෙ කස්ටියට ඉතින් රජ මගුල්. අපෙ පැත්තෙ උන් අකමැත්තෙන් මට දෙන්නෙ. මොකද අත කරකවලා බොලා දාන්න පුළුවන් කිපදෙනාගෙන් කෙනෙක් නෙ.. එක හින්දා අනිවා උන්ට මට බොලා දාන්න දෙන්න වෙනවා. ඔන්න පලවෙනි පන්දුව දැම්මා. උඩින් ගිහින් වැටට එහා පැත්තෙ 6 ක්. අපෙ උන්ගෙ මුනවල් රතු වෙද්දි, මට හරි සන්තොශයි. බොලයක් දැම්මනෙ..ක්‍රිෂාන්තය ඌ මට වැඩිය දෙගුණයක් විතර උස එකෙක් වැරදි නැකතක ඉපදිලා අලියෙක් වගෙ ඉන්න එකෙක්, ඌ තමයි බැටා මෙ වෙලාවෙ. දෙවැනි බොලෙටත් මෙකා 6 ගැහැව්වා. දැන් නම් මාවත් රතු වුනා. තුන් වැනි බොලෙටත් මෙකා ගහපි හයක්, අනිත් වුන් මට බනිනවා, ලැජ්ජාව ඔන්න දැන් දෙවියන්ව සිහිවෙනවා



"අනෙ දෙවියනෙ මෙකාව ඉලග බොලෙන් අවුට් කරන්න මම දෙවියන්ට ඉල්ලන දෙයක් දෙනවා "


බොරුවට ටෙනිස් බොලෙට කෙල ගාලා කලිසමෙ අතුල්ලගෙන ඉඹලා දැම්ම බොලෙ. මෙන්න මෙකා එකටත් ගහපි හයක්.

" මොකද්ද දෙවියනෙ කරන්නෙ.. වස ලැජ්ජාව මු බොල හයට ගැහැවුවොත්.. හැබැයි දෙයියනෙ මු මෙකටත් හයක් ගැහැවුවොත් අපහු නම් කවදාවත් වඳින්නෙ නැහැ.. අයෙ ඉතින් මම හිතුවොත් හිතුවාම තමයි "

මෙහෙම හිතින් හිතලා දැම්මා ඉලග බොලෙත්.. ගම කැවා මෙකටත් ගහපි හයක්..
දැන් මගෙ ඇස් දෙකෙන් කඳුලු පනින්න ඔන්න මෙන්න, අනිත් වුන් මගෙ අම්මට තාත්තට බනිනවා. මට කලින් දාපු එකා දමලා ගහන එකෙක් වු ලකුනු තුනයි දිලා තිබුනෙ.. බොලා හතරයි හයෙ එවා හතරයි.

"මෙකෙන් අරුව අවුට් වුණෙ නැත්තම් දෙවියෙක් කියලා එකෙක් නැහැ මෙ ලොකෙ.. අයෙ ඉතින් තොට බැරිනම් හදිස්සියකදි මට උදවු කරන්න තොගෙන් වැඩැක් නැහැ."

එ බොලෙටත් ගැහැවුවා ක්‍රිෂාන්තයා හයක්... එකෙක් හූ කියනවා තව එකෙක් උඩ පනිනවා, මගෙ ඇස් දෙකෙ කඳුලු පනින්න ඔන්න මෙන්න. මට තෙරුනා. වැඩෙ හරියන්නෙ නැහැ දෙවියො ගැන බලන් ඉදලා මම ම මොකක් හරි කරන්න ඔනා කියලා, හිතට හයිය ගත්තා

 " කමක් නැහැ මෙකටත් හයක් ගැහැව්වට.. මම white දාන්නෙත් නැහැ no බොල් දාන්නෙත් නැහැ , අත කරකවලා වෙනදා විදියටම දාන්නවා කියලා. මම එ බොලෙත් දැම්මා එකටත් හයක් ගැහැව්වා.. 

නමුත් හිතට ටිකක් සතුටුයි මොකද මම බලාපොරොත්තු උන දෙ කරා. ගොඩක් අය හිතන් හිටියට හයෙ එවා 6ක් එක දිගට ගැහැව්වෙ යුවරාජ් , එංගලන්තෙ ෆ්ලිංටොෆ්ට කියලා මම දන්න විදියට ක්‍රිෂාන්තය රවාට ගැහැවුවෙ.. එදා මම හැප්පුනෙ මට වැඩිය ගොඩක් ශරිර ශක්තියෙන් වැඩි කෙනෙක් එක්ක. දෙවියන්ගෙන් එදයින් පස්සෙ මම කිසිම දෙයක් ඉල්ලුවෙ නැහැ,

 " අනෙ දෙවියනෙ විභාගෙ පාස් කරලා දෙන්න "
" අනෙ දෙවියනෙ මට අර කෙල්ලව යලු කරලා දෙන්න, මට හොද ජොබ් එකක් දෙන්න, මගෙ රට යන වැඩෙ හරිගස්සලා දෙන්න "  මෙවගෙ දෙවල් ඉල්ලලා වැද වැටෙනවා මම දැකලා තියනවා ඇස් දෙකෙන්ම.

පොඩි කාලෙ අම්මව දැක්කහම " අනෙ දෙවියනෙ අම්මාව සනිප කරලා දෙන්න"
මොන්ටිසොරි යද්දි " අනෙ දෙවියනෙ වැහැලා වෙලට උඩින් වතුර දාන්න මට මොන්ටිසොරි යන්න බැරි වෙන්න "
ඉස්කොලෙ යද්දි " අනෙ දෙවියනෙ මට උණ ගැනෙන්න ඉස්කොලෙ යන්න බැරි වෙන්න"
රොබින්හුඩ් ව වට කරලා මරද්දි  " අනෙ දෙවියනෙ හර්න් ගෙනල්ලා මොකක් හරි බයිලයක් කරලා රොබින්ව බෙරලා මැරියන් ලඟට ගිහින් දාන්න "
කිසිම දෙයක් දෙවියො ඇහැව්වෙ නැහැ.

 උසස් පෙළ කාලෙදි භෞතික විද්‍යාව කරන කාලෙනෙ, දෙයියො කිව්වාහම හිනා වෙන්නෙ කොතනින්ද කියලා දන්නවානෙ... වයසක අයත් එක්කලා තර්ක කරා 

"ආ බාන්න අත්තෙ උබෙ දෙයියට කියපන් මෙච්චර විනාශයක් කරන ප්‍රභාකරන්ව මරන්න කියලා, අකුණක් ගහලා හරි කමක් නැහැ "

ආත්තව ඇඹරුවෙ එහෙමයි..



අයියලත් එක්ක කතරගම ගිහිල්ලා ඔහෙ එ මෙ අත බලන් හිටියා අනිත් වුන් දෙවියන්ගෙන් එව්වා මෙව්වා ඉල්ලද්දි.. එ මැතකදි.
නමුත් මම දැන් නම් පිළිගන්නවා අපිට හැමදෙම බුද්ධියෙන් තර්කයෙන් , ඉන්ද්‍රියන්ගෙන් අල්ලන්න බැරි දෙවල් ලොකෙ තියනවා කියලා,

මගෙ අම්මා හැමදාම මට කියන්නෙ

 " දෙවියන්ට, බුදුන්ට  බය වෙයන් ... උඹලා උගත් වැඩියි.. මම හොඩි පොතවත් නොකියවපු එකි.. මම දෙවියන්ට බයයි "

කෙනෙක් අද මට කිව්වා

 " දෙවියන්ගෙන් ඉල්ලන හැමදෙම දෙවියො අපිට දෙන්නෙ නැහැ...මම එක තෙරුම්ගත්තා ... ඔයත් තෙරුම් ගන්න..."

මම දෙයියන්ගෙ අවුරුදු ගණනාවක්ම මුකුත් ඉල්ලපු නැති එක එයා දන්නෙ නැහැ.
දෙවියො ගොඩාක් කාලයක් මම ඉල්ලපු කිසි දෙයක් දුන්නෙ නැහැ. ඉතින් මම ඉල්ලන එක එදයින් පස්සෙ නතර කරා. මට මනුස්සයෙක් ගෙන් යමක් ඉල්ලන එක ඉට වැඩිය නම්බුයි කියලා මම අදටත් හිතන් ඉන්නෙ. මනුස්සයෙ අසරණ වෙනවා බලන් ඉද්දි මම මැද්දට පැනලා එයාලව බෙරගන්න උත්සහා කරනවා. එ වගෙම තමයි මාව අසරණ වුණ යම් යම් තැන්වලදි  කකුල් දෙකෙ දෙවිවරු කිපදෙනෙක් ඉස්සරහට පැනලා මාව ගොඩට ඇදලා ගත්තු හැටි මතක් වෙද්දි හරිම සතුටුයි, මොකද අනිත් හැමොම දෙවියන්ව හොයද්දි මම දෙවියන්ව ඇස් දෙකෙන්ම දැක්කනෙ කියලා. අපි දෙයියොත් එක්ක සූදූ කෙලිද්දි දෙයියො අපිත් එක්ක සූදූ කෙලිනවා. හිනා යනවා එවා මතක් වෙද්දි.

මම එතනින් ඉගන ගත්ත වටිනාම දෙ තමයි

දෙනවා නම් දෙයක් මනුස්සයෙකුට, ඇස් දෙකට පෙන්න ඉන්න සතෙකුට මිසක්  දෙවියන්ට මගෙන් මුකුත් නැහැ කියලා හිතාගෙන හිටියෙ.... එත් අමතක වුනා දෙන්න මුකුත් දෙයියො දිලත් නැහැ... හා.. හා...

5/18/10

අත්දැකීම් ඇසුරෙන් ශක්තිමත් වීම..

අප ජිවත්විමෙදි අපට හසුවන දැනෙන දැ අප විවිධාකරයෙන් විග්‍රහා කිරිමට කුඩා කල සිටම පුරුදු වි සිටිමු. අප වටා ගොඩ නැගෙන සිද්ධින් අනුව අපගෙ සිත කය වචනයහි හැසිරිම තිරණය කරයි. බොහො මිනිසුන් තමුන් ඇසුරු කරන පරිසරය මත රදා පවතින අතර මින් ස්වායත්තව හැසිරෙන මිනිසුන්ද ඉතාම කලාතුරකින් අප හට හමුවෙ. මෙලෙස පරිසරයෙන් ස්වායත්තව හැසිරිමෙදි ඔහු හො ඇය මගින් සමාජයට ලැබෙන දායකත්වයද අපුරු ගති ලක්ෂන වලින් සමන්විතවෙ. මිනිසුන් අතර ව්‍යවහාරයෙ පවතින " රෑ වැටුනු වලෙ දවල් වැටෙන්න එපා " යන්නද බොහො මිනිසුන් තමන්ගෙ මාර්ගය හසුරවීමට යොදා ගනී. තමුන්ගෙ සැම සියලු දෑ තමුන්ගෙ අත්දැකිම්, පරිසරය මගින් ව්‍යුත්පන්න වන දෑ බව බොහො මිනිසුන්හට සමාජයත් සමග ගැටිමෙදි අමතක වි යයි. මිනිසෙක් තවත් මිනිසෙක් දෙස බලනා ආකරය ඔහුව විග්‍රහා කරනා ආකාරය ද එකිනෙකා කෙරෙහි බලපවත්වන බැඳිමද මත පදනම් වෙ.




බොහොම අතලොස්සක් අධ්‍යාපනය ඔස්සෙ තම මග මෙහෙයවා ඉන් යම් ස්ථාවරත්වයක් ලඟා කර ගනී. බොහොමයක් තම මග අස්ථාවර පවත්වා ගනි. මෙයට " රොලෙ තමයි මෙ ටිකෙ යන්නෙ" ඔහුන් අතර භාවිතාවන ප්‍රසිද්ධ කියමනකි. කෙසෙ වෙතත් මින් තවත් කොටසක් , ඉතාම අතලොස්සක් ලැබෙන අත්දැකිම් සමග ගැටීමෙදි ඇතිවන තත්වයන් ඔස්සෙ තම මග මෙහෙයවනුයෙ සමාජයෙ නිති විරොධි ක්‍රියවන් උදෙසාය. අප කිසියම් කෙනෙකුගෙ ආරක්ෂක වළල්ල තවත් කෙනෙකු අක්‍රමණය කිරිමට සැරෙසෙන විට ඇතිවන තත්වය දෙස මදකට සිත යොමුකරමු. මෙහිද එක රාමුවකදි ප්‍රචන්ඩත්වය ඉස්මතු වනු ඇත, තවත් රමුවකදි පසු බැසිම දක්නට ලැබෙනු ඇත, තවත් රාමුවකදි යටත් වීම ද දකින්න පුළුවන්. ඉහත අවස්ථ කිපයෙදි තමුන් ගන්නා ක්‍රියාමර්ගය බොහො විට රදා පවතිනුයෙ තමාගෙ මනසෙ ඇති බුද්ධිමත් භාවය මතය. මිනිසාගෙ පෞර්ෂත්වය ද බුද්ධිය මත රදා පවතින සාධකයකි. මෙවා සියුම් ව එකිනෙක මත රදා පවතින බැවින් වෙන් කර විග්‍රහා කිරිම අපහසුය. කෙනෙකුට ලැබෙන ඉහත සදහන් අවස්තාවට නැවතත් ඇතිවුවහොත් ඔහු ගන්න ක්‍රියාමර්ගය බොහොවිට කලින් ගන්නා ක්‍රියාමාර්ගයට වඩා ප්‍රචන්ඩත්වය දෙසට යොමු වු එකක් වනු ඇත. මිනිස් මනස ස්භාවයෙන්ම අගතිය කෙරෙහි නැඹුරු වීමෙ ප්‍රවනතාවයක් දක්නට ලැබෙයි.  තමගෙ ගමන් මග සැකෙසෙන ආකාරය තිර්ණය කිමෙදි මෙය ඉතාම වැදගත් සංසිද්ධියකි. 


 අප සැවොම ජිවත් විමෙදි ගන්නා තිරණ , ක්‍රියා පිළිවෙත් තුල දක්නට ලැබෙනා සැකිල්ල මෙතුල දක්නට ලැබෙ. ඔබට , ඔබගෙ පවුලට, ඔබගෙ රැකියාවට යම් තර්ජනයක් එල්ලවිමෙදි ඔබ තුල ඉහත සදහන් ආකාරවලින් එකකින් ඔබව හසුරවනු ඇත. ඔබ එසෙ හැසිරිමෙදි ඔබ තුල පිටින් ඇතිවන ප්‍රවාහය කෙරෙහි ඇතිකරන ප්‍රතිරොධය බොහොවිට ඔබගෙ ශක්තිමත් විම ලෙස කෙනෙකුට අර්ථ දැක්විය හැක. හොදින් හො නරකින් තම අරමුණකෙරෙහි යැමට ඔබ වෙහෙසෙනු ඇත. අත්දැකිම් තුලින් ශක්තිමත් විම යනු සිතෙ දැඩි බවට ලඟා කරවිම යැයි කිසිවෙකු හට වැටහිමට පුළුවන. නමුත් එබ්‍රහම් ලින්කන් චරිතය ගැන සැලකු විට එය නිවැරදි නොවන දෙයකි. නමුත් කඩුවෙල වසන්ත, මොරටු සමන් සැලකූ විට එය නිවැරදිය. ලින්කන් යනු ලැබෙන සියලු දෑ තුලින් බුද්ධිය තියුණු කරගෙන හදවතෙ හැඩය එසෙම පවත්වාගත්තෙකි. කඩුවෙල වසන්ත යනු ලැබෙන දැ මගින් තම හදවතෙ හැඩය වෙනස් කරගෙන එතුල තම හැකියාවන් දියුණු කරගත් කෙනෙකි. තමුනට ලැබෙන අත්දැකිම්වල කටුක ස්භාවය නිසා තම හදවතෙ ඇති තෙතමනය නැතිකර ගැනිම මා බොහො මුල්‍යමය අතින් සාර්ථක ජිවිත වලින් දකින්නෙමි. නමුත් පසුව ඔහුන් නැවත තමාගෙ මුලය සොයනු නියතය.  අද සමාජයෙ මා දකිනා බොහො තැන් වලදි මිනිසුන් අනවශ්‍ය සිද්ධින් උදෙසා එකිනෙකාට විරුද්ධව ප්‍රචන්ඩත්වය මුදාහැර ඇත. බොහො මිනිසුන් ශක්තිය බලය පෙන්විමට ප්‍රචන්ඩත්වය යොදාගනි. අත්දැකිම් ඇසුරෙන්  තමන්ගෙ මාර්ගය සදාගන්නා ආකරය වැදගත්ය. මුදල් සොයනා මිනිසුන් හට මුදල් ලබාගැනිමට සමාජයෙ ඔනැ තරම් ක්‍රම ඇත. ආගම ධර්මය , හෘදසාක්ෂිය මෙවා යම් යම් සීමාවන් තුල තබා ගෙන කටයුතු කිරිමෙන් බොහො තැන් හිදි රැවුලත් කැදත් දෙකම බෙරාගත හැකිය. නමුත් සියල්ලම රැකගත නොහැක. වඩාත්ම සුදුසු දෙ නම් සැම විටම " මගෙ මනස හැසිරෙන්නෙ කොහොමද " යන්න සැම විටම විමසීමයි. කටුක අත්දැකිම් ඇති තැන හදවත් කලුගලක් කර ගැනිම ගඟ දිගෙ පහලට පිහිනීමකි... නමුත් අපට අවශ්‍ය ගඟ හරහා පිහිනීමයි හො එගොඩ විමයි. 

4/30/10

සෙනෙහසේ මහල් නිවස...


පැළලී ගසා වසා ගනිමින්..
පැලැස්තර අලවා මසා ගනිමින්
මිනිස් දෑසට නොගට්ටවා
ගලෙන් ගල එකතු කර බඳිනා..
මහල් නිවසේදී...........
සැනසීම සොයන්නෙමී මම..

හද තුල කැකෑරෙන
එකිනෙකා පරයමින් දගලන
තරඟ බිම කුහක කම
සුන්දර දෑස් තුලින් මම
නොදුටුවෙමි මම පෙර දිනක..

නිවසක් තනන්නෙමි මම
සැනසීමට වනන්නෙමි අත
දෑස ගැටෙනා මයිමෙ ඉදන්
නුඹ වනන්නෙද මට අත..

මිනිසුන් වසා ගත්තද ඇස
නුඹෙ හද ඇසින් බලන කල
මෙ නැගෙන්නෙ බිත්ති සතරක් බව
වැටහෙවිද කෙදිනක හො නුඹට..

හද තුල තනාගත් පැලක
නුඹත් මමත් ජිවය ලදීමි පෙර දිනක...

එදා අප වටා සිටි අය
නොඅමතන්නෙය අද
එදා අප හට දුන් බත් පිඩ
මටද අමතක වීය මිතුරිය

සැනසුමෙන් හෙලු සුසුමන්
පිටාර ගැලු සන්තොෂයන්
නුඹට අමතක වුවාද
මටද අමතක වුයෙ කවදාද...........

4/27/10

සඳගලතැන්නෙ පාමුල සීතල වතුරෙ ......


ආ මග වැරදියි
යන මං නොපෙනෙයි
තනිවී දෙවිඳුන් නැති දෙවොලෙ..

කවුරු යදින්නද
කවුරු පතන්නද
හිරු සඳු වත් නැති
මිහි මඩලෙ ...

සඳගල තැන්නෙ පාමුල සීතල වතුරෙ
නුඹෙ සෙවනැළි පාවෙයි නිල් දිය රැලි අතරෙ...
දම් අඳුරෙන් මං කඩ ලඟ
ගොම්මන් අදුරෙ
දියඹුං  හඩ නැහැ දැන්
එය සිහිනෙකි මිහිරෙ...

හඩා දොඩා කිවත් දුක
කවුරුද ඇසුවෙ
ප්‍රාර්ථනා ගඟ උතුරා
කදුලැලි ගැලුවෙ..

මන්දාරම් අහස වැසු
මිහිදුම සලුවෙ ...

කින්ද සොදුරු ජිවන
මග හිරිකඩ හෙලූවෙ..

සදගල තැන්නෙ පාමුල සීතල වතුරෙ ..\\


ගායනය අමරසිරි පිරිස් මහතා සමග ශශිකා නිසංසලා මෙනවිය..

මෙතනින් බාගත කරගන්න

මෙම සින්දුව අන්තර්ජාලයට එකතුකරන ලද්දෙ  amila90210 නැමති අය විසින්ය. ඔහුට හො ඇයට ස්තුතිය පිළිගන්වමි.

4/21/10

සෙවීම, ලබා ගැනීම හා පරිසරය ......




අපි හැමදාම වෙහෙසෙමු. අපෙගෙ සැම සතුටක්, දුකක් පාසාම අප හඹා යැම, අයිතිකර ගැනිම් නැවත නැවතත් ඇති කරගන්නෙමු.. මිට වසර කිපයකට කලින් මා මෙම ඉහත එකතුකරන ලද චිත්‍රපටය නැරඹුවෙමි. මුළු චිත්‍රපටය පුරාම දිවෙනුයෙ අපුර්ව කතන්දරයකි.. පැවැත්ම, විනාශ විම, ඇති විම.. සැකිල්ල කොට ගත් මෙම අපුරු Apocalypto චිත්‍රපටය හොලිවුඩ් හි සුපිරි තරුවක් වන මෙල් ගිබ්සන් මහතාගෙ අපුරු නිර්මාණයකි. Braveheart, We were soldiers, Forever Young, The passion of the christ, ඔහු දායකත්වය දුන් නිර්මාණ අතර මා වඩාත් හිත ගත් නිර්මාණ කිපයකි. මෙම කොටසෙන් ඉතාම වැදගත් පාඩමක් ඔහු මිනිසුන් හට පෙන්වා දි ඇත.

සෙවිම, ලබා ගැනිම , එකතු කිරිම, ගොඩ ගැසිම අපි හැමදෙනා යම් යම් ප්‍රමාණයන්ගෙන් කරන්නෙමු. වඩාත් වැදගත් දෙ නම් එකතු කරගත් දෙ රැගෙන යනුවෙ කොහාටද යන්නයි. අද අපගෙ ලොකය දියුණුවෙ හිමිපෙත්තටම නැග ඇති බව බොහො දෙනා ප්‍රකාශ කරයි. ඉතාම ලස්සන වචන ටිකක් උපයොගි කර ගනිමින් මිනිසුන් පරිසරයට කරන විනාශය මහත්ය. අනාගතයෙදි විද්‍යාවෙන් , තාක්ෂනයෙන් බොහො ප්‍රශ්නවලට පිළිතුරු ලැබුනත් මිනිසුන්ගෙ පැවැත්මට අභියොග කරන ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනිමට ලොව උගත්තුන්ට නොහැකි වන බව මම විස්වාස කරන්නෙමි. මිනිසුන් විද්‍යාවෙන් සොයාගන්නා බොහො දැ ඔවුනටද අමතක වෙ.  සුර්යා ඇතිවිම, ග්‍රහ මණ්ඩල ඇති විම, ජිවය ඇතිවිම, විකසනය මෙ ආදි සියලු දැ මිනිසුන් විසින් ඇති කරගත් දැනුම් සම්බාරයට පසු ගිය වසර පන්සියතුල එකතු විය. ස්භාවධර්මයට මිනිසුන් විසින් කරන ලද ඇගිලි ගැසීම් නිසා ඇතිවි ඇති අනතුරුදායක තත්වය පිළිබද පුංචි හො වැටහිමක් කියවන ඔබට ඇතැයි මම සිතන්නෙමි.

 ඇමරිකානු ජනධිපති හට යැවු සංදෙශයෙ රතු ඉන්දියනූ ජාතික නායක සියැටල් විසින් මෙසෙ පවසා තිබෙ..

" පරිසරය යනු මිනිසා විසින් වියන ලද දැලක් නොව ඔහු එහි නූල් පොටක් පමණි." .

ඔහු විසින් කරන ලද කතාව මෙතනින් ශ්‍රවණය කල හැකිය.


මා නිතරම මෙනෙහි කරනා ඉතා වැදගත් සිතුවිල්ලක් අවසන් වශයෙන් සටහන් කර තබන්නෙමී.

" මම නෙමෙ මෙතනට ඉස්සල්ලාම ආවෙ..,
    මම නෙමෙ මෙතනින් අන්තිමට යන්නෙ..
මට ඉස්සලා මෙතනට අපු අය හිටියා..
    මට පස්සෙත් මෙතනින් යන අයත් ඉදිවි..."

මෙහිදි මම වැඩි යමක් ප්‍රකාශ නොකරමි. ඉහත මුල් රුප දසුනෙ ඇති දෙ පිළිබදව ඔබගෙ අදහස මා දැන ගැනිමට අපමණ කැමැත්තෙන් සිටින්නෙමි.

4/19/10

සදාකාලික ආදරයක් තියනවද.....


"ඔයාට පුළුවන්ද හැමදාම මෙ වගෙ ඉන්න..."

"මොනවගෙද ?"

"මෙ වගෙ..."

"මම එහෙම වෙන්න ඔනද ?"

"අපි දෙන්නා අහසයි පොලවයි වගෙ නෙද...?"

"එ කියන්නෙ"

"කවදාවත් එකට යන්නෙ නැති අදහස් අපි දෙන්නගෙම තියන්නෙ "
" එක හින්දද අහසයි පොළවයි කිව්වෙ "

"කොච්චර කරත් අපි දෙන්නා ව එකට ගලප ගන්න බැහැනෙ.."

" හරි ඔයා මට කියන්න අහසයි පොළවයි අතර මොනවද තියන්නෙ.."

"ගස් කොලන් , මෙ හැම දෙයක්ම අහසයි පොළවයි අතර තියන්නෙ.. අහසයි පොලවයි කවදාවත් එකතු කරන්න බැහැ නෙ.. "

" කෙල්ලෙ උඹ හොදට බැලුවොත් පෙනෙවි.. ඔය පොඩි පොඩි තැන් දෙක තුනකදි ඇරෙන්න, අනිත් හැම තැනදිම අහසයි පොළවයි එකතු වෙලා මෙ හැමදෙම ජිවත් කරනවා"

"සදාකාලික ආදරයක් තියනවද ..?"

" ඔයා එහෙම හිතන් ඉන්නවානම් ඉන්න. මම එක දන්නෙ නැහැ, නමුත් ඉතින් එ වගෙ දෙයක් ඔයා මගෙන් බලාපොරොත්තු වෙනවා නම් ඉතින් ඔයාට සොරි තමයි කියන්න වෙන්නෙ. හැබැයි මම එකක් කියන්නම්. මට අත දිග තියන මායිමෙ ඔයා ඉන්නකම් මගෙ හිත ඇතුලෙ ඔයා ගැන තියන හැගීම් එහෙමම තියයෙයි.. මගෙන් ඔයා ඇත් වෙලා ගියහම ත් එහෙම්මම තියෙයි..නමුත් ඔයගෙ ලස්සන නැතුව යනවා කවද හරි.. එ වෙද්දිත් ඔයගෙ වටෙ මාව බැඳලා තියාගන්න තරම් ඔයගෙ ලස්සනක් මම දැක්කොත් මම වෙනස් නැතුව ඉන්න උත්සහා කරන්නම්, කෙල්ලෙ උඹ ගැලපෙන දෙ හොයාගෙන ගියොත් උඹට හම්බ වෙන්නෙ  උඹට නොගැලපෙන දෙවල් විතරමයි. කිසි දෙයක් ගලප ගන්න උත්සහා කරන්න එපා, එ දෙවල් එහෙන් මම තිබිච්චි දෙන්, උඹට පුළුවන්නම් පොඩ්ඩක් වෙනස් වෙයන් එතකොට අනිත් මිනිස්සුත් වෙනස් වෙයි.. "

4/13/10

මේ අවුරුදු කාලෙ... සිනහා වෙයන්.. රාළෙ..

 ඔන්න අවුරුදු ඇවිල්ලා.. මෙන්න මෙ කාලෙදි මම ආසවෙන් අහන සින්දුව.
ලයනල් රන්වල මහතාගෙ අපුරු නිර්මාණයක්
රස විදින්න.



හැමොටම සුභ අලුත් අවුරුද්දක් වෙවා කියලා පතනවා...

ස්තුතිය
youtube එකෙ ඉන්න වරක මඳුල (WarakaMadula) ඉන්න කෙනාට. එයා ගෙ චැනල් එකෙන් මෙක අරගත්තෙ..

4/8/10

මිට අවුරුදු 6 කට කලින් අප්‍රියල් මාසයෙ වුන සිදුවිමක්..


මම හැන්දැවෙ ඉර බැස යාම නැරඹිමට පුරුදු වි සිටියෙමි.මම පුරුද්දකට මෙන් සතියක ට වතාවක් කිලොමිටර් 7 ක් පමණ බයිසිකලය පැදගොස් වෙරලෙ තිබු පොල් කොටයක් මත හේත්තු කොට එම පොල් කොටය මතම හිදගෙන බැස යන හිරු දෙස බලා  සිටින්නෙමි. මගෙ අපොස උසස්පෙළ විභග ගණිතය ප්‍රශ්න පත්‍රය නියමිත දිනට සති දෙකකට කලින් ඉරිදා දිනයකදි මම බයිසිකලය ගෙන වෙරළට ගියෙමි.. මා පොල් කොටය මත බලා හිදිනා විට කාරයක්  පැමින මා සිටි තැනට මදක් ඇතින් නතර කර ඉන් මුලු පවුලම බිමට බැස වෙරලට ඇවිදින්නට විය. අම්මා තාත්තා දුවලා දෙන්නාත් සමග වෙරළෙ ඇවිදින්නට විය. මම නැවතත් මුහුදෙ ගිලියන හිරු දෙස බලා කල්පනා ලොකයෙ අතරමං විය.  පසු ගිය සතියෙ අවසන් වරට පැමිණ ගිය පසු මගෙ ලොකයට හිරු කල කාර්යභාරය මෙනෙහි කරමින් සිතෙන් ස්තුති කරන්නට විමි.

වඳිමින් සවස නල  හැසිරෙන   දිගතු   වල
සොබමින් සුනිල මිණිනිල් නුඹ තුරු විපුල
පතසන් අවරගිරි නැටියෙන් වැටෙන  කල
විළිකුන්  සුරත්   පල   වැනිවෙ   රිවි මඩල..

සැලළිහිණි සංදේශය ලියු රාහුල හිමියන් බැස යන හිරු දෙස බැලුවෙ එසෙය. එම කවිය මා ඉගෙන ගත්තෙ සාමන්‍ය පෙළ සමයේ හිස් කාලච්ඡෙදයකදි පන්තියට පැමිනි උප විදුහල්පතිතුමාගෙන්ය. මා හට එම කවිය උගන්වපු කෙනාත් උගන්වපු විදියත් මා වෙරලෙ දි මතක් කල බව අදටත් මා හට මතකය. එදින හිරු තැඹිලි හො රතු පැහැයෙන් නොවිය. වලාකුලුත් මුහුදත් දෙකම එ මොහොතෙදි හිරුට කිසියම් අරියාදුවක් කර ඇති බවක් මා හට දැනිනි. මා මගෙ ලොකයෙ  එක කෙලවරක රැඳි මනසින් අතරමං වි හිරු රැස් රස විඳිමින් ඉන්නා අතරතුරෙ දි " පුතා..." යන හඩින් මා පියවි සිහියට රැගෙන ආවෙය.
ඔහුගෙ මුහුන මන්තර කාරයෙකුගෙ මෙන් රැවුලෙන් පිරිතිබිණි. ඝන ඇහිබැමි . ඇතුලට එබි තිබු කම්මුල, තැනින් තැන සුදු පැහැ ගැන් වුන රැවුල් කොට මෙ සියල්ල එකතු කර විට ඔහුගෙ වයස ට වඩා පරිනත පෙනුමක් ඔහු හට ලැබි තිබුන බව මට දැනුනි. ඔහුගෙ මුහුනෙ සියල්ල ම එක වර නිරික්ෂනය කොට තප්පර කිපයක් තුලදි මා ඔහු ගැන භාහිර කරුණු වලින් නිගමනය කර ඔහු දෙස බලා සිටින්නට විය...

"පුතා තනියම , බයිසිකලේ ද ආවෙ..?"
ඔහුගෙ කටහඬෙහි ගැඹුරක් සමග කිසියම් ශොකී ස්වරයක් මා හට දැනුණි

" ඔව් අංකල් "
" අංකල් පවුලෙ කට්ටියත් එක්ක වැල්ලට ආවද ...? "
" ඔව් පුතා "
" පුතා මොකද තනියම , බර කල්පනාවක වගෙ.. මොකක් හරි අවුලක්ද "

මම ඔහුගෙ පවුල දෙස හොදින් බැලීය. ඔහුගෙ ලොකු දියණිය.. මගෙ පාසලෙ ඉගෙන ගන්න නංගි කෙනෙක් බව වැටහිනි. මා ඇය දෙස හොඳින් බැලු විට ඇය මා සමග සිනාහා විය.

" එහෙම දෙයක් නැහැ අංකල් මම නිකන් මෙතනට සතියකට වතාවක් විතර එනවා.."
" ඔයා වයසින් බොහොම පොඩි කෙනෙක්, මට ඔයාව පෙන්නු වෙ මගෙ ලොකු දුව , දුව ඔයගෙ ඉස්කොලෙ ඉගෙන ගන්නෙ.. එයා මට කිව්වා ඔයා ගැන. ඔයා වගෙ කෙනෙක් මෙහෙම ඉන්නවා දැක්ක හම ඔයාට මුකුත් ප්‍රශ්නයක් නැහැ කියලා කියන්න ඔයාට බැහැ මොකද්ද අවුල පුතා.."

"මුකුත් නැහැ අංකල්"

" හරි පුතාට මම කතාවක් කියන්නම් . මම උසස් පෙල කාලෙ ගැහැණු ලමයෙක් එක්ක හාද වුනා. එයායි, මායි තමයි පන්තියෙන් හොදටම ලකුණු ගත්තෙ, එයා එක උනොත් මම දෙක, මම එක උනොත් එයා දෙක.. අපි දෙන්නා අතරෙ පොඩි කාලෙ ඉදන් තරගෙ.. එක හින්දා ලොකු වෙනකම් අපි දෙන්නා එක පන්තියෙ හිටියත් තරහයි. කොහොමෙන් කොහොම හරි ලොකු වෙද්දි එ ඔක්කොම නැති වෙලා අපි දෙන්නා අතර ආදරෙකට හැරුනා. මෙහෙම ඉන්න අතරෙදි මට වැඩි දුර ඉගෙන ගන්න යන්න සිද්දි වුනා. එයාත් විභාගෙ සමත් වුනත් වැඩි දුර ඉගෙන ගත්තෙ නැහැ. එයා ජොබ් එකකට ගියා. එයාගෙයි මගෙ අතර තිබුන බැඳිම ටික ටික අඩු වෙලා ගියා. මම ඉගෙන ගද්දි කැම්පස් එකෙ.. මෙයාව හම්බ උනා.. අපි දෙන්නා බැන්දා.. දෙන්නටම හොද රස්සා තියනවා.. අපි කට්ටියම සතුටින් දැන් ඉන්නෙ.. අපි පවුලෙ කට්ටිය අද මෙතනට ආවෙ ටිකක් කට්ටියම එක්කලා ඇවිදලා ටිකක් විනොද වෙලා යන්න.. පුතා මොකටද  ආවෙ.."

"මමත් ආවෙ ඔහෙ ටිකක් ඉදලා , කල්පනා කරලා ඉර බහිනවා බලලාම යන්න. මගෙත් හිතෙ ලොකු දුකක් තියනව එ ඔක්කොම මෙතනට ආපු හාම අමතක වෙනවා.."

"මම දන්නවා, හැබැයි පුතා හොදට විභාගෙ කරගන්න ඔනා , මම අහවල් බැංකුවෙ මැනෙජර්.. පුතාගෙ මුහුන දැක්කා හම මම හිතුවා ඔයාත් කරදරෙකින් ඉන්නෙ කියලා, ලොකු දුව මන් ලඟට ඇවිල්ලා කිව්වා. ඔයා ගැන. ඉස්කොලෙ ගොඩක් ගුරුවරු ඔයා දිහැ බලන් ඉන්නවා. විභාගෙ පටන්  ගත්තා නෙද..? ලිව්වද..?"

" නැහැ  අංකල් තව සති දෙකකින් .."

" පුතා මොනවා හරි කනවද..? "

" නැහැ අංකල් මම යනවා, මම ගොඩක් දුර බයිසිකලෙන් යන්න ඔනා"

" පුතා දුකෙන් ඉන්න වෙලාවට දුකෙන් ඉන්න.. හැබැයි සතුටෙන් ඉන්නෙ වෙලාවට සම්පුර්ණ සතුටෙන් ඉන්න, මගෙ ගෙවල් තියන්නෙ අහවල් පාරෙ අහවල් තැන, පුතාට උදව්වක් ඔනා නම් කියන්න.. බය වෙන්න එපා.. "

මම බයිසිකලයෙහි නැගි ආපසු එන්න පිටත් වුනෙමි.
එදින රාත්‍රියෙහි මා ඇඳෙහි එමෙ අත පෙරලි පෙරලි කල්පනා කලෙමි. නින්දක් පෙන තෙක් මානයක නොවිය.. ආගන්තුකයෙක් එකවර පැමිණ " ජිවිතය මෙහෙමත් විදපන් පුතා " කියා ඔහු අතුරුදහන් වි ගොසින්ය. ඉන් පසු අද වනතුරුත් මා හට ඔහු හමු නොවීය. ඔහුගෙ මුහුන, හඬ, පවුලෙ තිබුනු සමගිය, සතුට මෙ සියල්ල මා හට අදත් මතකය.. එ මිනිසා නොවන්න මම විභාගය නොලියනු ඇත.. මා ඔහුගෙ නම වත් නොදන්නා බව මම දනිමි..

මිනිසුන් බොහො තැන් වලදි තමුනගෙ හැම ජයකදිම තමුන් එයට වගකිව යුතු බවත්, තමුන් ගෙ හැම වැටිමකදිම එහි වගකිම අනුන් හට පටවන බව දකිමි. මා මගෙ කෙටි කාලයෙ දි ලබා ගත් දැ.. හා අත්හල දැ බොහොමයකි.. එවා ලබා ගැනිමට මා මහන්සි නොවිය.. එවා නැති කර ගැනිමට ද මා මහන්සි නොවීය. එවා නැති වන බව දැන දැනම එවා රැක ගැනිමට උත්සහයක්ද නොවීය. අතහැරිම මාගෙ හොදම මිතුරෙකි.... මාගෙ සියල්ල අන් අය නිසා ඇතිවු එවාය. මා මහන්සියෙන් ලබා ගත් දෙයක් නැත. මා කිසිවෙකට මහන්සි නොවන කෙනෙකි. මා මා හැර අන් සියල්ලටම ආදරය කරන්නෙ මෙ නිසාවෙනි.. වසර 6 කට පෙර සිදුවු සිදුවිමෙ මතකය මිහිරිය..

3/31/10

ඔයාට මාව මතක් වෙන්නෙ නැද්ද.......

මම ලෙඩ ඇඳෙ වැතිර උඩුබැල්ලෙන් නිදන්නට විමි. වහලයෙ එල්ලා ඇති මදුරු දැලද කවුළුවෙන් හමා ආ සුලං රොද ද එකතුවි තාලයට නටන්නට විය.. එය බොහොම සෙමින් කරන ලද නැටුමකි. වහලයෙ දිරච්චි පරාලද එවායෙ බැඳි ඇති මකුණු දැල් දබොහො කාලයකින් එවා හට සැලකිල්ලක් නොලද බව පවසයි. කාමරයෙ දකුනෙන් හා උතුරෙන් පිහිටි කවුළු තුලින් ඇතුල් වන වාතය කාමරය තුල ඔබ මොබ සැරි සරන්නට විණි. ඇඳට දෙපසින් වුයෙ සුදු හුණු  ගැ බිත්තිය හා දොරය. බිත්තියෙහි ගසන ලද ඇණයක මාගෙ පාසල් බැගය එල්ලා තිබිණි. මෙ සියල්ලම අතරින් මා හට සිහි වුයෙ අවසන් වරට ඇය හා මුණ ගැසුනු දිනයයි.

එදා ඇ හැද සිටියෙ ලා රොස පාට ඇදුමකි. ඇය ඇද සිටි ඇදුමෙන් ඇ තුල වු සරල බව ඉස්මතු විණි. ඉන් මා තුල ඇ පිළිබද ඇතිවු ගෞරවය, ආදරය වැඩි විය. එදා අපි දෙදෙනා හමුවු මොහොතෙදි පටන් බොහො වෙලාවක් දෙදෙනා නිහඩව පරිසරයෙ සිදුවු දැ දෙස බලමින් එ මෙ අත ඇස් යොමුකරමින් එකිනෙකා දෙස ද වරින් වර බලමින් පදික වෙදිකාවෙ ඉදිරියට ඇවිදගෙන බස් නැවතුම් පොළවෙත පියවර මැන්නෙය

" අපි ඈත් වෙනවා නෙද. .? " නිහඬ බව බිඳිමින් ඇය මා වෙත බැලුවාය.

" ඔයාට ඇත් වෙන්න ඔනාද..? "

" නැහැ.... එත්.. " මුවට ආ වදන් ගිලගත් ඇය ඈතින් එන වහනයක් දෙස බැලුවාය.

" හැම දෙයක්ම සිද්ද වෙන්නෙ අපි දෙන්නව ඈත් කෙරෙන විදියට.. ඇයි ඔයා මට කොල් එකක් වත් දෙන්නෙ නැත්තෙ..."

"ඔයාගෙ කට හඬ අහන්න ඔනැ නැහැ මට.. එක තෙරුමක් නැති දෙයක්.. ඔයාව මෙහෙම හම්බ වෙලා ඔයාගෙ මුහුන දිහැ බලන් කතාකරද්දි තරම් සතුටක් දැනෙන්නෙ නැහැ මට වෙන දෙයකින්. අපි මෙහෙම හම්බ වෙලා කතා කරන එක හොදයි...මට ඔයාට මෙකෙන් කතා කරලා මගෙ හැගිම් කියනවට වැඩිය මෙහෙම කියන එක මට හොදයි..මම මට ආදරෙයි.. මම හැමතිස්සෙම තමුන්ගෙ සතුට ගැන විතරයි හිතන්නෙ.. අනික මම හිතනවා අපි දෙන්නා අතර මෙ තියන හැම දෙකම වටිනාකම, සුන්දර බව තියන්නෙ මෙ දුරස් බව හින්දා කියලා.. එක එහෙම්මම තිබිච්ච දෙන්.... ඔයා මාව හැමතිස්සෙම මතක් කරනවා නෙද.. මට එක දැනෙනවා ..."

"ඇයි දීප්ත..... ඔයාට මාව මතක් වෙන්නෙ නැද්ද...."

" නිශා....... මම... මතක් කරන්නෙ අමතක වෙන දෙවල්...."

ඇගෙ මුවෙහි මතුවු හිනාව තවමත් මට ගෙන දෙන්නෙ මහත් වු සුවයකි. එහි හඬක් තිබුනෙත් නැත. ඇගෙ සිනහවහි තිබු ආලොකය යට වඩා විශාල යමක් මා හට දැනිනි. නමුත් එ දැනුණු දෙ විස්තර කිරිමට මා හට නොහැකිය.. එය මගෙ සිමාවන්ගෙන් ඔබ්බෙහි පිහිටි හැගිමකි. පපුවට මහා බරක් දැනුනි. ඇගෙ එ මන්දහාසය මා හට දරා ගත නොහැකි දෙයක් බව මට වැටහුණෙ එදාය...

3/26/10

බැඳිම්......


බොහො මිනිසුන් සමාජයෙ ජිවත් විමෙදි ඇතිකරගන්න සම්බන්දතා. මෙය විවිධ ආකාරයෙන් අර්ථදක්වාගත හැක. මිනිසුන් සැමවිටකදිම, සැම දැනුමකදිම කරනුයෙ යම්කිසි අර්ථදැක්විමක් ඔස්සෙ ඉදිරියට යැමයි. සමාජයෙ, පරිසරයෙ ඇති සංකිර්ණත්වය නිසා එකිනෙක අතර ඇති සම්බන්දතාවයන් වෙන් කර ගලවා ගැනිමට අපහසු වුවත් මිනිසුන් මුල සිටම කරනුයෙ ගලවා වෙන්කොට විශ්ලෙෂනාත්මකව එ පිළිබද කරුණු කාරනා එක් රැස් කිරිමයි. මිනිසා බැඳිම් වලින් පිරි පුන් සත්වයෙකි. බැඳිම් වලින් නිදහස් විමට ඔහුට නොහැකිය. බැඳිම් වලින් ඇතිවන වෙදනාවන් විවිධාකාරය. විටෙක එය සුඛ වෙදනාවක් වන අතර සමහර විටෙක එය දුකකි. බැදිම් වලින් ඇතිවන දුක හෙතුකොටගෙන එයින් නිදහස් වන ආකාරය හා තමුන්ගෙ ආධ්‍යාත්මික දියුණුව සලසා ගන්නා ආකාරය බුදුදහමෙ මැනෙවින් විස්තර කරයි.  බැදිම් පුළුල් විෂයක් උවද මා හැම විටම ප්‍රකාශ කරන ආකාරයට හැගිම් බැඳිම් සම්බන්දව කටයුතු කිරිමෙදි තර්කයෙන් පමණක් එය හැසිරවිම එතරම් යොග්‍ය නොවෙ.

මා මෙහිදි බැඳිම් ගැන වැඩියමක් සටහන් කරනවා ට වඩා එහි ප්‍රතිපල නිසා ඇතිවන දුක්ඛ දොමනස්සයන් ගැන කතා කිරිම යෙහෙකැයි මම සිතමි. අප ඇසුරු කරන සමාජයෙ මිනිසුන් අතර දෙවර්ගයක් මම දකිමි.
1. බැඳිම් වලට ආදරය කරන මිනිසුන්..
2. බැඳිම් වලට ආදරය නොකරන මිනිසුන්..
මෙම දෙවර්ගයෙම මිනිසුන් සැමවිටම බැඳිම් වලින් ජිවත් වන මිනිසුන් වන අතර කොටසක් ඉන් ලැබෙන වේදනාවන් දෙවර්ගයම විඳිමින් ජිවිතය ගෙවා දමයි. අනිත් කොටස සුඛ වේදනාවන් පමණක් ඇසුරු කර දුක් වෙදනාවන් ගෙන් පලා යැම සිදුකරයි.

1. බැඳිම් වලට ආදරෙ කරන මිනිසුන්.....
බැඳිම් බොහො විට සොය සොයා ඇවිදමින් කාලය ගත කරයි. විවිධ හෙතුන් නිසා බැඳිම් ඇතිකරගනි. ව්‍යාපාර, විනොදාශ්වාදය, ආධ්‍යාත්මික, රාජ්‍ය කටයුතු, රාජකාරි කටයුතු මෙ ආදි වශයෙන් බොහො කරුණු කාරනා හෙතු කොට ගෙන බැදිම් ඇතිකරගන්නා අතර එ වයෙන් ලැබෙන වෙදනාවන්ද පිළිගනි. සුවයක් ලැබුනු විට හදවතින්ම සතුටු වි ජිවත් වෙයි, දුකක්, අලාභයක් ලැබුණු විටදි එයත් හදවතින්ම වැලදෙගෙන දුක් වෙයි.


2. බැඳිම් වලට ආදරය නොකරන මිනිසුන්..
මෙ මිනිසුන් වුවත් බැදිම් වලට ආදරය කරන මිනිසුන් වර්ගයකි.. නමුත් මෙ අය ආදරය කරනුයෙ සුවයන් දෙන බැදිම් වලට පමණි. ගැටෙන ලැබෙන දෙ සුවයක් විනම් එම බැදිම් ආදරෙන් පිළිගනි. ලැබෙන දෙ දුකක් නම් ප්‍රතික්ෂප කර එයින් මිදෙයි. නමුත් මෙ අය බැඳිමකින් ලැබුණු දුකක් නිසා බැදිම් වලට බිය වෙ.

මගෙ අදහසට අනුව අපි බැඳිම් ඇතිකරගත යුතුය. ඉන් ලැබෙන වෙදනාව හො සතුට ගැන නොසිතා අපි එකිනෙකා අතර බැඳිම් ඇති කරගත යුතුය. අපි එකිනෙකා හට ලං විය යුතුය. අපි මනුසයෙක් විනොදයෙන් ඉන්න විට ඔහු ලඟට ගොස් කා බී ප්‍රිති වී නටා ගයා එන්නා සෙම ඔහුගෙ දුකකදි ඔහු ලඟට ගොස් අපිත් කඳුලු හෙලා අපෙ කඳුලු පිස දා ගන්නා ගමන් ඔහුගෙ කඳුලුද පිස දැමිය යුතුය. මෙය දුටු විගස කිසිවෙකුට සිනහා නැගෙනු ඇත.

ඔබ ඔබෙ මිතුරෙකුගෙ සාදයකදි ඔහු අසලට ගොස් " මිත්‍රයා මට අවංකවම සතුටුයි " කියා රැගෙන ගිය තැගි බොග දි හිස් අතින් නැවත පැමිනෙන්නෙ නැත. ඔබ අලුයම තෙක් ඔහු සමග නටයි. ගයයි ප්‍රිතිවෙයි.. එම මිතුරාගෙ මව හො පියා නැතිවි ඉලඟ දිනයෙදි නැවතත් ඔබ එම නිවසට යයි. " මචං මට හරි කණගාටුවක් දැනුනා අහපු ගමන් මචන් "... " මචං මට හෙට පාන්දර පහට යන්න ඔනා " යැයි කියා රාත්‍රි 9.30 ට පමණ ආපසු නිවස බලා පිටත් වෙයි. මෙයයි බොහො බැඳිම් වල සැබැ ස්වරුපය.

බැඳිම් ගැන කරුණු කාරනා පැහැදිලි කිරිමෙදි බොහොදෙනා බුදුන්ගෙ වචනද වෙනස් කරයි. බුදුන්වහන්සෙ බැඳිම් වලින් මිදෙන්න කරුණු කාරනා ප්‍රකාශ කල බව ඇත්තකි. බුදුන් වහන්සෙ කිවු කරුණු තමුන්ගෙ වාසියට හරව නොගන්න මෙන් ඉල්ලමි. ටිකක් ඉංග්‍රිසි හා ගණිතය ඉගෙනගත් පමණින් හැමදෙම තර්කයට යොද නොගන්නා ලෙසත් තමාව තබා කල්පනා කරන ලෙසත් ඔබගෙන් ඉල්ලමි. බැදිම් යනු සියල්ලයි.. කෙනෙකුගෙ දුකක් , කදුලක් සතුටක් දුටු විට යන මග ලඟට ගොස සනසා පියා තුටු කිරිමට ඔබ වැය කරන කාලය අපතෙ නොයන ලද්දක් බව වටහා ගන්න. තමුන්ගෙ එක කුසෙන් උපන් සහොදරයාට දක්වන ලබැදියාවත් ඔබ ගමන් කරන දුම්රියෙ අසුනට පොරකන කෙනාට ලබා දිමෙන් ගැටුම් වෙදනාවන් අඩු වෙන බව වටහා ගන්න.

තව දුරටත් ලිවිමෙදි බැඳිම් නිසා වෙදනාවන් ඇති නොවන බවත් වෙදනාව ඇති වෙන්නෙ හිතෙ තියන ආත්මාර්ථය නිසා බවමට වැටෙහෙයි. එම කුහක කම, ආත්මාර්ථය, ගර්වය මගෙ සිත්තුලත් එ ආකාරයෙන්ම තිබුනත් එය අනිත් අය ඉදිරියෙ ඉස්මතු නොකිරිමට මම උත්සහා කරමි, වෙර දරමි. දෙයක් ලැබිමෙදි සිතට දැනෙන සැනසිම එය නැතිවිමෙදි ඇතිවන සිතුවිලි මෙහෙයවිම් තුලින්ම ලබා ගැනිමට හැකිවිම බුදු දහමෙ හරයන් ගිහි ජිවිත වල අර්ථාන්විත බාවය ඉහල නැංවිමට යොදා ගැනිම බැඳිම් වල වටිනාකම හා සුන්දරබව වටහාගත හැකිය.

කෙනෙකුගෙ දුකක් කදුලක් ඉදිරියෙ උණු නොවන සිත් නිසා අද සමාජයෙ මිනිස්කමට නොවටිනා ගැටලු රැසක් පැණ නැගි ඇත. යන්ත්‍ර මෙන් නිතියට වැඩකරණ මිනිසුන් නිසා සමාජය සැමවිටම පහලට ගමන් කරයි. මෙ සියල්ලටම හේතුවකි බැඳිම් නියම ආකාරයෙන් වටහා නොගැනිමය.. වේදනාවත් අපේය..., සතුටත් අපේය.., මෙ සියල්ල අපේම දෙවල්ය...

3/21/10

පුතයි ..... අම්මායි ... මමයි......

පුතා.........

හයිය කම්බි කූරු අතර
නුඹ සිර කාරියක් වෙවි
එ ගැන දැන සිටියානම්
දිය යට මම සැඟව යාවි

කරපු වරද හදන්න බැහැ
එපා අම්මෙ පසු තැවෙන්න
මම අම්මාගෙ චුටි පුතා
සසරෙදි යලි මුන ගැසෙන්න...
(ස්වර්ණවාහිණියෙ ප්‍රචාරය කල කවි යුගලයකි....)


අම්මා.........

දුප්පත් කම නිසා දැම්මා කලු ගඟට
කම්පා වෙලා කඳුලක් ආවෙ ඇහැට
නුඹ පොඩි පුතා මගෙ හදවත එළිය කල
දුප්පත් කම නැති ලොවක හමුවෙමු පුතුනෙ හෙට

මෙතුවක් කලක් නුඹ රැකුමට ගත් වෙහෙස
කිසිවෙකු නොදුටුවෙහි පුතුනෙ නුඹ විතර
සමාව දියන් පුතුනෙ.... දුරුවල හදට
ආයෙත් වරෙන් සංසාරෙ මගෙ ලයට

නුඹෙ අයියා ඉරිදා පොළෙ බඩු වික්කා
නොනා මහත්වරු ඇවිදින් බඩු ගත්තා
අකුරක් ලියනවද නෙඇසු එම ඇත්තා
නුඹ ගිය පසුව අයියව දරුවට ගත්තා

සමාවෙයන් පුතුනෙ මට
නුඹව දැම්මා ගලන ගඟට
රැස් කල ගත් එ පව හට
නිවනක් නැහැ පුතුනෙ මට...

මම........

අමිල පුතා අප අතරින් නික්ම ගොසින්
සුනිල් දිය දහර කලු ගඟ ගලා බසින්
සසල සිත පතුල නිසලයි ඔබෙ ඇසින්
අචල අමිල සැතපෙයි මෙ කසල මතින්

අමතක කරමි නුඹ සිටි වග හෙටින් පසු..
ආයෙත් එකතු කරගමි මගෙ සිත කැඩුනු
අරුනොදයෙ ලා රතුවට පායන හිරු...
දෙස බල බලා සොයනෙමි නුඹ හමුවෙන තුරු...

කලු ගඟත් නිසලයි.... අපිත් නිසලයි....අමිලත් නිසලයි....
මිලඟ අමිල ව හම්බ වෙන්නෙ කවදද... තව අමිල කෙනෙක් හම්බ නොවෙයිද...
හැබැයි මම දකින ඇසින් නම් අමිලලා ඔනා තරම් ඉන්නවා සමාජයෙ....

3/16/10

ආදරෙ දුන්න හම............

අපි අපෙ වටෙ ඉන්න මිනිස්සුන්ට සලකන්නෙ කොහොමද එ මිනිස්සුත් අපිට එ වගෙ සලකනවා. කොච්චර නපුරු කෙනෙකුට උනත් ආදරෙන් මල්ලි, නංගි කියලා කතා කරොත් එ පැත්තෙනුත් ටික දවසකින් අයියෙ තමයි අහන්න හම්බ වෙන්නෙ. දැන් මම මෙ කියන්න හදන කථාවත් මෙ වගෙ දෙයක්.. අපි ජිවිතෙ ඉගෙන ගන්න දෙවල්..

අපෙ ගෙවල් පැත්තෙ ඉන්න පොඩි උන් මාව දකිද්දි බය වෙලා දුවනවා.  හිනා වෙද්දි පෙනෙන බුලත් කහට තියන ඉස්සරාහ දත් හතරයි, මුණෙ තැන් තැන් වල වැවිච්ච රැවුල් ගස් ටිකයි දැක්කහම මට උනත් දුවන්න හිතෙනවා. ඉතින් මුකුත් නැහැ වටෙ පිටෙ ගෙවල් වල ඉන්න මිනිස්සුන්ටත් හරිම ලෙසියි.. පොඩි ලමයව කන්න දෙන්නෙත්, නාවන්නෙත් හැම වැඩක්ම කරගන්නෙ, මගෙ නම් මතක් කරලා..." ඔන්න පුතෙ රවා මමා එනවා, ඉක්මනට එන්න බයියන් කන්න " , " මොන්ටිසොරි ගිහිල්ල ඇඬුවොත් රවා මාම ගිලියි"..  පාරෙ යන්න ලැජ්ජාවෙ බැහැ.. වැටවල් වල එල්ලිලා ඉන්න පොඩි උන් දුවලා ගිහිල්ලා පිටිපස්සෙ හැංගෙනවා. ඔය යකෙකුට වත් බය නැහැ කියලා ඉන්න පොඩි උනුත් බය වෙනවා.... කමක් නැහැ පොඩි එකෙක් වත් හැදෙනවානෙ කියලා හිතන් මම උන් ව බය කරනව.



 " මගෙ දත් රතු වෙලා තියන්නෙ අම්මලා තාත්තලා කියනදෙ අහන්නෙ නැති ලමයින් ව ගිලල. මෙයා නම් හොදට කියන දෙ අහනවා වගෙ "
ඉතින් මෙහෙම කිව්වහම මම එ ගෙදරින් යන කම් ඌ ඉතින් සුවච කිකරු පැටියා... හැබැයි මුන්ට ටිකක් තෙරෙන වයසට ආපුහාම ඉන්න ඔනෙ නැහැ. ගල් වලිනුත් ගහලා දුවයි.

අපෙ ගෙවල් පැත්තට අලුතෙන් ආව පවුලක් අම්මයි ,තාත්තයි, පුතයි, දුවයි..දුවට අවුරුදු 8 යි.. අපි සෙල්ලම් කරන තැන ට ඉස්සරහා ගෙදර.. හරිම හිත හොද , අහිංසක පවුලක්. තාත්තා මට රවා මල්ලි කියලා කථා කරන්නෙ, පුතා මට රවා අයියෙ කියලා කථා කරන්නෙ. හැබැයි මෙ පුංචි පැංචී නම් ටිකක් නෙමෙයි හොදටම දරුණුයි. කොච්චර දරුණු කෙනෙක්ද කියතොත් මට හිතාගන්නවත් බැරුව ගියා පුංචි කෙනෙක් මෙච්චර නපුරු වෙන්නෙ කොහොමද කියලා. එයගෙ දෙමව්පියො හරිම අහිංසක, නිවිච්චි , සංසුන් ගති පැවතුම් තියන්නෙ, අයියත්(පුතා) එහෙමයි, මෙ නංගි පැංචා විතරක් නපුරු ගති පැවතුම්. ටිකක් කල් ඉද්දි මට තෙරුනා ලමයගෙ පුංචිම වයසෙ මොකාක් හරි ලොකු මානසික පිඩනයක ඉදලා තියනවා කියලා. මම ඉතින් එ අයියගෙන් නිකමට ඇහැව්වා. අවුරුදු දෙකෙ තුනෙ කාලෙදි පැංචිට මොකක් හරි ලෙඩක් දුකක් හැදුනද ටිකක් බරපතල කියලා.
එ අයියත් පුදුම වෙලා කිව්වා
    " ඔව් මල්ලි මෙයා ගොඩාක් පුංචි කාලෙ මෙයාට හුස්ම ගන්න බැරි පපුවෙ අමාරුවක් හැදුනා, ඉස්පිරිතාලෙ මාස ගානක් ඉදලා ඔපරෙෂන් කරලා තමයි ඔහොම ඉන්නෙ. "..
මම ගත් කටටම කිව්වා
     " බය වෙන්න එපා අයියෙ පැංචිට අවුරුදු 16, 17 වෙද්දි ඔය දරුණු ගතිය මග හැරිලා යයි " .

මමත් පටන් ගත්ත හිමිට කිට්ටු කරන්න.. මුලින්ම මට එ ගෙවල් පැත්තෙවත් එන්න දුන්නෙ නැහැ. කොටුවක් අරන් ගහලා එලෙව්වා. පස්සෙ පස්සෙ මම වතුර ටිකක් ඉල්ලන මුවවෙන්, ටික ටික ලං වුනා. ඉතින් සෙල්ලම් කරන්න ටික වෙලාවකට කලින් ගිහිල්ලා කවියක් දෙකක් තාලෙට ගයන්න පුරුදු කරලා සෙල්ලම් කරන්න යනවා. යද්දි මෙ පොඩි එකී කැගහනවා
"යන්න එපා.. මම තාත්තව එවන්නෙ නැහැ සෙල්ලම් කරන්න, ආපහු අනිත් දවසෙ එන්න එපා  අපෙ ගෙවල් පැත්ත පළාතෙ "

මෙ ලඟදි කොල්ලෙක් මොනවහරි කියලා, මෙ පැංචි ගහලා පැන්සලෙන් ඇනලා, තුවාල කරලා. අම්මට ඉස්කොලෙට අඬගහල කියලා තියනවා.

 මෙ දරුව දක්ෂයි, බුද්ධිමට්ටමත් හොදයි, කවිත් තාලෙට ගායනා කරනවා, පුංචි ගණන්නුත් හොදට හදනවා,චිත්‍රත් අඳිනවා හොදට.  එයා මට එවා ගෙනත් පෙන්නනවා. මම ලස්සනයි කියද්දි මෙයා කියනවා " බොරු කියන්න එපා මට නම් මෙවා කැතයි ". එයා මොන දෙ කලත් සැහෙන්නෙ නැහැ. මට මෙක මීට වඩා හොදට කරන්න තිබුනානෙ කියන හැගිම එයා මට පෙන්නනවා.

ඉතින් මෙ ලඟදි දවසක මම හැන්දැවෙ එයාලගෙ ගෙවල් පැත්තෙ ගිහිල්ලා එ කට්ටියත් එක්ක කතාවක් දාගෙන ඉදලා පැංචිගෙ පොත් පත් ටිකත් බලලා එන්න හදපුවහම මෙ පැංචි අඬන්න ගත්තා.
"රවා අයියට යන්න දෙන්න එපා " කියලා හයියෙන් මම ලඟට දුවගෙන ඇවිල්ල ඉනෙන් බදාගත්ත. මට දැන් කඳුලු පනින්නත් ඔන්න මෙන්න. මමත් ඉතින් හිමිට දන ගහලා කිව්වා.
"පැංචියෙ මම ගියොත් නෙ ආපහු එන්නෙ, අපෙ අම්මත් බය වෙලා මාව හොයනවා ඇති. මම ගිහිල්ලා එන්නම්, අම්මට කියලා හරිද, අපි චිත්‍ර අදිමු, පාටකරමු , මම ඔයාට කවිත් කියලා දෙන්නම් කියලා.. ඉතින් එ එයාගෙ තාත්තත් ඇවිල්ල කෙල්ලව තුරුල් කරගෙන ඉද්දි මම එන්න ආවා. මුකුත් නැහැ වැට පාස් උනා විතරයි මගෙ ඇස් දෙකට කඳුලු ඇවිල්ලා..


පුංචි දරුවො.. ආදරෙ හොයනවා හොයනවා හම්බ වුන තැන එකතු කරගන්නවා. මම පුංචි කාලෙ කිපදෙනෙකුට  "තාත්තෙ" කියලා තියනවා. දෙන්නෙකුට " අම්මෙ" කියලා තියනවා. එ අම්මාවයි තාත්තවයි දකින්න නැතුව. පුංචි දරුවෙකුට ලොකු පිඩනයක් හම්බ වුනාහම එ දරුවා එක පෙන්නනෙ එක එක ලක්ෂන වලින් එක මගෙ ජිවිතෙනුත් මම දකිනවා. ආදරෙ අඩුවෙන් හම්බ උනු මිනිස්සු දන්නවා එකෙ තියන වටිනාකම. එක හින්දා එ මිනිස්සු තමුන්ට හම්බ වුන් පොඩි දෙයත් බෙදලා දානවා. එක බෙදන්න, බෙදන්න එයාලගෙ හිත් වල තියන දෙ අඩු වෙන්නෙ නැහැ වැඩි වෙනවා මිසක්. හරිම පුදුම ගණිතයක්, මම ඉගෙන ගත්තු දෙවල් වලින් නම් පැහැදිළි කරන්න බැහැ මෙක. හදවතින්ම ආදරෙ දුන්න හම හදවතෙ තියන ආදරෙ වැඩි වෙනවා. හරිම පුදුම දෙයක් නෙද..

3/10/10

මගෙ හදගත් මියුරු ගීතයක්........

මම අද චිත්‍රපටි ගිතයක් තමයි ලිපියට අරමුණු කරන්නෙ. මෙම චිත්‍රපටිය නයකන් 1987 දි තිරගත උනා. මම මෙක බැලුවෙ 2005 දි, ලස්සන චිත්‍රපටියක්. Tamil god father කියලත් කියනවා. කමල් හසන් ප්‍රධාන නළුවා.



දක්ෂින ප්‍රදෙශයෙ ඉදන්...
ථෙරොද රථයක නැගි ආ..
මුව පොව්වට..
කවුද ගැහැව්වෙ..
කවුද ගැහැව්වෙ..

පුරපස සඳ අවපසට නොයාවී....
ඉතින් අඬ අඬ ඇයි තැවෙන්නෙ...
ඔබ ඇඩුවොත් මනසට දරන්න නොහැකිවෙවි..
ඔබ ඇඩුවොත් මනසට දරන්න නොහැකිවෙවි..

මම අහපු ලස්සනම දුක්බර දමිළ ගීතයක්.. මෙහි තෙරුම මට මතක හැටියට මම ලිව්වෙ.. එක වැරදිනම් එය නිවැරදි කරන්න....

මෙම චිත්‍රපටිය මනිරත්නම් කියන විශිෂ්ට චිත්‍රපටි අධ්‍යක්ෂකතුමාගෙ අධ්‍යක්ෂනයක්. ලොකයෙ බිහිවු හොදම චිත්‍රපටි 100 ඇතුලෙ තිබෙන චිත්‍රපටියක ගිතයක්. ඉතාම දුක් බර ගිතයක්.....

3/5/10

ප්‍රාර්ථනා..............

ජිවිතෙ දුෂ්කරම කාලෙදි...අමාරුවෙන් ඇවිදිද්දි මගෙ ලඟ හිටියා යහලුවෙක්. එයාගෙ නම නුවන් සමිර සිල්වා. එ යහලුවා මට කරපු කියපු දැ මට තෙරුම් යන්න ටිකක් කල් ගියා. එ යහලුවට මට ස්තුති කරන්න බැරුව ගියා. නමුත් මෙ ලඟදි දවසක එයා මට කතා කලා. එ වෙලාවෙ මුනට මුන නොබලා උනත් මම කිව්වා... යහලුවා  උබ වගෙ යහලුවෙක් මට ඉන්න එක මගෙ තියන ලොකු වාසනවාක් කියලා. නුවන් එයගෙ කරදරයක් මාත් එක්ක කියලා නැහැ කවදාවත්, නමුත් එයාගෙ තියන කරදර ඔක්කොම එයගෙ මුහුනෙන් කියවන්න පුළුවන්. මගෙ යහලුවා ගොඩයන්න ඔනා.

එ වගෙම තමයි මට ඉගෙන ගන්න උදව් කරපු යහලුවා. අඛිල රංගන.. එයා කොළඹට පන්ති එනවා. මම තාත්තාගෙන් සල්ලි ඉල්ලන්න බැරි හින්දා එන්නෙ නැහැ. එයා එක එක සර් ලගෙ ප්‍රශ්න අරන් එනවා. අපි දෙන්නම අදටත් හොදම යහලුවො, එයාට ත් පුංචි පුංචි කරදර තියනවා.. බ්ලොග් එකෙ ඉන්න යහලුවොත් යම් යම් කරදර වලින් ඉන්නෙ. හිත් වෙදනාවෙන් ඉන්න අයත්, සුඛ වෙදනා වෙන් ඉන්න අයටත් එක්කලා ම මගෙ හිතෙ කවි තුනක් ඇදුනා.එ හැම කරදරයක් ම නැති වෙන්න කියලා කවි ටික කියවලා කොහොමද කියලා කියන්න..............


අහස් කුසෙන් වැහි වැටුනා පොළොව දනී..
නුඹෙ   හිතින්   හෙලූ  කඳුලු   දෑස       දනී..
පායා  එන   සදවත   ලොව    එළිය     දුනී..
වැහැපන්  හෙටත්  වැහැපන්  මල් වලාවනී..

රිදුන   කෙනෙකුගෙ   සිත    පාරන්න     එපා
දැවෙන කෙනෙකු හට දුක් ගිනි දෙන්න  එපා
වැටුනු කෙනෙකු දෙස නොබලා යන්න  එපා
තබන   අඩිය    ආපස්සට    ගන්න          එපා

දුකෙන්  පෙළෙන  හද   සිත්  සුව පත් වෙවා
දැසින්  වැටෙන   කඳුලැලි   බිඳු   මල් වෙවා
ඔබෙ දහා දියෙන් එ මල් පොදි තෙත් වෙවා
ජිවන    සුවඳ   දස   අත    සිත   පැතිරෙව්වා

පින්තුරයෙ:- දවසක් පන්සල ඉස්සරහ ඉන්නකොට තිබුන ලස්සන හැන්ඳැවක්.. මගෙ LG ෆොන් එකෙ ලියාගත්ත

3/3/10

ලැබිම් නොලැබිම් අතර දොලනය වන ජිවිතය..

 
හරිම පුදුම මිනිස්සු, හරිම පුදුම සිද්ධින්... මෙ හැමොම අපි අතර ජිවත් වෙනවා. සමහර විටදි පාරෙ තොටෙදි මෙ අයව දකිනවත් ඇති. රෙදි කැලි වලින් වහන් ඉන්න සුන්දර කුණු ගොඩවල් අස්සෙ තියන ලස්සන හැගිම් ඔක්කොම වචන කරලා මෙ සින්ඩියෙ හැංගිලා ඉන්න ලස්සන මිනිස්සු ටිකක්. මෙ මිනිස්සුන්ගෙ කතා වලින් ඉගෙනගන්න තියනවා ගොඩක් දෙවල්. ලැබිම් නොලැබිම් හෙතුකොටගෙන ඇතිවන හැගිම් අකුරු කරලා මෙ ටික දෙනා. හරිම ලස්සනයි. එ අයගෙ හදවත් ඇතුලෙ හොල්මන් කරන්න හම්බෙන එක වාසනාවක්. මොකද මෙ මගෙ මිනිස්සු, මගෙ රටෙ මිනිස්සු.. නෙ කවදා හරි දවසක මම පාරෙ යද්දි ලොරි කාරයෙක් මාව යට කරන් ගියත් මෙතනින් කෙනෙක් තමයි මාව ඉස්පිරිතාලෙකට හරි ගිහින් දාන්නෙ. එ අස්සෙ කිපදෙනෙක් තමුන්ගෙ දැනුමෙන් ලිපි පළකරනවා. කිපදෙනෙක් තමුන්ගෙ දෙශපාලනය කරනවා. ලොකුකම්, පොඩිකම්, සුන්දර, සිංහල සිතුවිලි අතරින් සිංඩිය ඉස්සරහට යනවා, තමුන්ගෙ දරුවන් එකතු කරගෙන.

අපි හැමොටම අපි ජිවිතෙ බලාපොරොත්තුවන දෙවල් සියල්ලම ලැබෙන්නෙ නැහැ. එක හැමොටම පොදු දෙයක්. සමහර සංවෙදි හදවත් ඇති මිනිස්සුන්ට මෙ දෙ දරා ගැනිමට අමාරුයි. එයාලා තමුන්ගෙ තියන ආතතිය, පිඩනය විවිධාකාරව පිට කරනවා. කවි ලියනවා, සින්දු කියනවා, තරහා අරන් හතර පස් දෙනෙකුට ගහනවා.,කොහොම උනත් තමුන්ගෙ මනස සියුම්ව විශ්ලෙෂණය කරන්නත් තමුන්ට පුළුවන් වෙන්න ඔනා. මෙතන හැමොම කඩ්ඩ ටිකක් හරි දන්නවානෙ. google එකෙ අනුමාන වචන ටිකක් ගහල හෙව්වොත් ඔනතරම් ලිපි හොයාගත්ත හැකියි. ලොකය පැවැත්ම සිදුවන ආකාරයට අපිට බැහැ කොච්චර උත්සහාකරත් හැමොවම සතුටින් තියන්න. හැබැයි උත්සහාකරන්න පුළුවන්. තමුන්ගෙ හදවතෙ තියන දුක හංගන් තවකෙනෙක් වෙනුවෙන් හිනා වෙද්දි.. එකෙනාගෙ හද හිනාවෙනවා දැකලා අපිටත් අවංකව හිනා වෙන්න පුලුවන්.

ලැබිම් නොලැබිම් අතර හැමදෙම ඉස්සරහට යනවා. ලොකයම ඉස්සරහට යනවා. අපි දෙයකට දෙන වටිනාකම මුදල් වලින් මනින්න ගොඩක් අය පුරුදු වෙලා. ලොක ආර්ථික රටාවත් එක්ක ආර්ථීක විද්‍යාව ඉගෙනගත්තු ගොඩක් මිනිස්සු එය අර්ථදක්වනවා " සීමිත ප්‍රභවයන් අසීමිත ආශාවන් සදහා යොදා ගැනිම ". නමුත් එතනම අපි වැටිලා. අපි ගාව තියන ගොඩක් දෙවල් වලට කවදාවත් මිලක් නියම කරන්න බැරි බව ගොඩක් අයට තවම වැටහිලා නැති නිසා එ අය ගොඩක් වෙහෙසෙනවා. අපිට හැමදෙම විද්‍යාවෙන් ගණිතයෙන් පැහැදිලි කරන්න බැරි බව වටහා ගන්න ඔනා. ලැබිමකදි සතුටු වන අපි නොලැබිමකදි දුක් වෙන්න හැටි පැහැදිලි කරන්න අපි ගාව තිබෙන දැනුම් සම්බාරය මදි මම හිතන්නෙ. අපි ජිවත්වෙන හැම විටකදිම අපිට දෙයක් ලැබෙන බවත්, එ මොහොතෙදිම යම් දෙයක් අහිමි වන බවත් මම හිතනවා.. සමහරු අහිමි උනු දෙය කල්පනා කරලා දුක් වෙනව, සමහරු හිමි උන දෙය සිහිකර කර සතුටු වෙනවා. මම හිතන්නෙ හැම තිස්සෙම මට දෙයක් අහිමි වෙන්නෙ මගෙම වැරැද්දෙන් කියලා. යමක් මට අවශ්‍යනම් මම එකට සුදුසු වෙන්න ඔනා. ඉට පස්සෙ ඉබෙම එ දෙ මං ලගට එනවා කියලා මට හිතෙනවා. හොදට සියුම් ව කල්පනා කරලා බලද්දි මගෙ තියන ලැබිම් හා නොලැබිම් මගෙ ම අතින් සිද්ද උනු වැරදිම් හෙතුකොටගෙන ලැබුනු , නොලැබුනු දෙවල්. මම හිතෙන විදියට කිපදෙනෙකුට ඇරෙන්න අනිත් හැමොටමත් එ දෙ ඇත්තයි කියලා මට හිතෙනවා. මම කරපු කියපු දෙ අමතක වෙනවා. නමුත් ගොඩක් දැ මතක හිටිනවා.

මට අවශ්‍ය දෙ මොකද්ද එක ලබාගන්න මමයි මහන්සි වෙන්න ඔනා, රස්සවක්, සෙනෙහසක්,  ඔනැම සජිවි ,අජිවි දෙයක් කිසි ප්‍රශ්නයක් නැහැ. මමයි මහන්සිවෙන්න ඔනා. අතිතයෙන් ගත්තු අත්දැකිම් එක්කලා ඉස්සරහට යන්න ඔනා. මට මම අසමත් වෙයි කියන බය කවදාවත් දැනිලා නැහැ. එක හින්දා කවදාවත් අසමත් වෙනවට බයෙ මහන්සි උනෙ නැහැ.මිනිස්සු මට බනි, මට හිනා වෙයි, මිනිස්සු මං ගැන මෙහෙම හිතයි , අරෙහෙම හිතයි.. කවදාවත් එහෙම හැගිම් හිතට අරන් වැඩකරලා නැහැ.. හැබැයි මම බය මගෙ හදවතට විතරයි... බුද්ධිය(යන්තම් තියනව) පාවිච්චි කරන්නෙ ගණන් ඉස්සරහ විතරයි... ලැබිමක් උනත් නොලැබිමක් උනත් හිතෙ සතුට පුරව ගන්න ඔනා. නැව ගිලුනත් බැන් චුන් කියන්නෙ..

හොදට බලන්න අපෙ වටෙ ඉන්න මිනිස්සු දිහැ. ඔයගෙ බොස්.. ලොක්කා දිහැ බලන්න, ඔයගෙ අසල ඉන්න සගයා දිහැ බලන්න, ඔයගෙ කන්තොරුව අතුගාන සෙවකයා දිහැ බලන්න.  එ අයටත් ලැබිම් , නොලැබිම් තියනවා. ලොක්කගෙ නොලැබිම් හොද කිකරු බිරිදක්, කිකරු දරුවන් නැතිවිම වෙන්න පුලුවන් නමුත් එ දෙ අර අතුගාන මනුස්සයට තියනවා වෙන්න පුලුවන්. ඔයාගෙ නොලැබිම හදවතෙ තියන දුක කරදර, සෙනෙහස, ආදරය බෙදාගන්න කෙනෙක් නැතිවිම වෙන්න පුළුවන් නමුත් එක ඔයගෙ යහලුවට තියෙන්න පුළුවන්. නමුත් සගයගෙ හදවතෙ නැති තරම සෙනෙහසක් ආදරයක් ඔයගෙ හදවතෙ තියෙන්න පුළුවන්. කොහොම උනත් අපි හැම අතින්ම වාසනාවන්තයි. කෙනෙක් සැරයටියෙන් තමුන්ගෙ ගමන යද්දි තවත් කෙනෙක් ත්‍රිවිල් එකෙන් යන්ගමන් අරයගෙ සැරයැටියට පයින් ගහගෙන යනවා.. කොහොම උනත් අපි හැමොම අන්තිමට එතනට යන්නෙ. අපිට ජිවත්වෙන්න තියන්නෙ බොහොම කෙටි කාලයයි. එ කාලය තුල නොලැබිම් ගැන කතා කරන අතරම ලැබිම්, හිතෙ සතුට ගැනත් කතා කරමු. තමුන්ට ලැබෙන දෙට වඩා තමුන්ගෙන් වටෙ ඉන්න මිනිස්සුන්ට ලැබෙන දෙ ගැනත් කතාකරමු. එක තවත් කෙනෙකුට එ දෙ ලබා ගන්න අත්වැලක් වෙවි...      

3/2/10

මගෙ ගඟත් ගලා බසියි......

හිතෙ තිබුන ලොකු බරක් ටිකක් සැහැල්ලු උනාට පස්සෙ හිතට දැනෙන සනිපය දැන් දැනෙන්න පටන් අරගෙන. ගොඩක් හිතෙ තිබුන බර අයින් කරලා ටිකක් සැහැල්ලු වෙලා. ලැප් එක ලග දැවටෙන්න පටන් ගත්තා.ගඟ තමයි  මගෙ පරම දෙ, මම හැමදෙයක්ම ගඟට දාලා තමයි ගන්නෙ. ගඟ ගැන කවි දෙකක් හැදුනා අද  දහවල් මගෙ අතින්. කොහොමද කියලා බලන්න.

කඳු මුදුනින් බැස ගෙන එන දිය පහර
යයි ඇදි ඇදී පහළට නිල් ජල දහර
මුණ ගැසි ගැසී බාධක මහා ගල් පහර
අවසානයෙහි හමුවී සමුදුරු මහර

ගිම්හානයෙ වියලී ඉරි තලා යන
වසන්තයෙ පෙණ ඉතිරී සිනා සෙන
දිගන්තයෙ හමන සුළං පොද රැගෙන
ගලා බසිමි මම එය හද තුල රැගෙන

2/24/10

රවාගෙ ව්‍යාපාරය විනාශකරන කුමන්ත්‍රන......

ඔන්න නියම සිද්දියක්, ලංකාවටම එකයි. මම දැනට කරන්නෙ වාගාවකුයි, පොල් එකතු කරලා කොප්පරා කරලා විකුනන එකයි. ඔක ඔයිට වැඩිය වැදගත් විදියට කඩ්ඩෙන් වචන දෙකක් තුනක් ඔබලා කිව්වැ හැකි. නමුත් මොකටද බොරුවට අපි ගැමියොනෙ, එ අපෙ ගැම්ම. ගැමි කම.. හික්,, හික්.... ඔන්න මාස කිපයකට කලින් පටන් ගත්තු දෙ. ලස්සනට සැපයුම් කරුවො කිපදෙනෙක් වත් එකතු කරගෙන, වැඩ කරන්නත් අපෙ යහලුවො තුන්දෙනා එකතු කරගෙන , විකුනන තැන් කිපයකුත් හදාගෙන ලස්සනට ඇදීගෙන ආවා ව්‍යාපාරය. මිනිස්සුන්ට දෙන්න තියන කොටස එයාලට දිලා අවංක කමකින් මෙක කරගෙන ආවා. එතකොටම ඔන්න කන්දක් හමබවෙනවා මෙ ගලන ගඟට.

" ඔක නවත්තපන් "
"හේතුව "
" ඔක නවත්තපන් මගෙ නෙ තැන "
" හරි හරි මම මෙතන ඉද්දි ඔයාට ඔයාගෙ ගෙම ගහගෙන යන්න බැහැනෙ නෙද...?"

තාත්තාගෙන බකට් එකක්. හෙතුව ටිකක් හිතා ගන්න අමාරු ඇති කස්ටියට.. හෙතුව මට ලියන්න අමාරු නැහැ. මම එයා කරන වැරදි දැක නිහඩව ඉන්න එක නිසා එයාට මාව මුන ගැහෙද්දි ලැජ්ජාවක් දැනෙනවා ඇති. මම මෙ ව්‍යාපාරයට අත ගැහැව්වෙ, මගෙ අයියගෙ බලවත් ඉල්ලීම පිට නැත්තන්ම් එ පැත්තෙ පස් පාගන්නවත් නෙමෙ හිටියෙ. අද මම පහුගිය මාස ටිකෙ මම කරපුවාගෙ සාරංශයක් හදලා බැලුවා. මට ගොඩාක් සතුටු හිතුනා මෙච්චර පොඩි වයසෙදි, මෙච්චර ලොකු මුදලක් එක්ක , මෙච්චර නිවැරදිව ලස්සනට මෙක කරලනෙ කියලා, මම වැඩිය උනන්දුවෙකුත් නෙම, එ කියන්නෙ බත් බෙදලා දුන්නොත් කනවා, නැත්නම් ඔහෙ බඩිගින්නෙ ඉන්නවා. තාත්තා මෙහෙම කරද්දි මනසට ටිකක් දැනෙනවා. එකට බ්ලොග් එකෙ සෙට් එක මොනවා කියයිද කියලා බලන්න මම මෙ පොස්ට් එක දාන්නෙ. කොහොම උනත් වයසින් වැඩි කෙනෙක් එක්කලා හැප්පිලා දිනපු පොඩි එකෙක් නැහැ. දිනුවත් , පැරදුනත් පොඩි එකා පරාදයි. එක හින්දා පොල් ටික එතනින් අයින් කරගෙන ආවා. දැන් මොකද මාව විස්වාස කරගෙන ඉන්න මිනිස්සුන්ට කියන්නෙ.

" මල්ලි කොහොමද ඉලග සතියෙ සෙනසුරාදා අපෙ වත්තෙ පොල් ටික කඩනවා, දැන් කියද පොල්..? "

ඇත්ත කියලා අයින් උනාම මිනිස්සු හිතනවා.

" මුට කිසිවැඩක් හරියට කරන්න බැහැ" කියලා.
දැන් මන් කල්පනා ලොකෙ ක ඉන්නෙ. මගෙ යහලුවො දෙන්නත් ටිකක් ගැටගහ ගත්තෙ මෙකෙන්. මමත් රොල් ගැහැවුවෙ පොල් එකෙන්. වගාව ෆිට් එකටනෙ.

මම පොල් කරා කිව්වට ඔය මාලු පොල්, එ කියන්නෙ ඔයාල ඔය 30 ට, 40 ට ගන්න පොල්ම තමයි මම ත් 20 ත්, 24 ත් අතර මිලකට අරගෙන කොප්පර කරලා විකිනුවෙ. එකෙනුත් තිස්දාහක් තාත්තා අතරමැදියෙක් වෙලා ගැහැව්වා. මම මුකුත් නොකියා හිටියෙ එ පාඩුව මාස දෙක තුනකින් අල්ල ගත්ත හැකිනෙ කියලා. අනෙ මන්දා මෙ මනුස්සය ට මොනා වෙලාද කියලා, වෙන එවුන් තාත්තලගෙන් හොරකම් කරන්නෙ, මෙයා මගෙන්. මම තාත්තගෙන කවදාවත් හොරකම් කරලා නැහැ. අයියයි, මල්ලි දෙන්නම කරලා තියනවා. මට අවස්තා හම්බ උනත් ... අනෙ මන්දා මෙ මනුස්සයා මැරුනට පස්සෙ කොහෙ යන්න හිතෙ තියන් ඉන්නවද කියලා....

කවුරුත් කාගැනවත් වැරදි වැටහිමක් ගන්න ඔනා නැහැ. මෙ කතාවෙනුත් වැදගත් දෙයක් තියනවා ගන්න..
මෙ ලොකෙ සමහර මිනිස්සු ඉන්නවා එ මනුසයින්ට බාධක කම් කටොලු හම්බ උනාට ගනන් ගන්නෙ නැහැ,  කඩාගෙන බිදගෙන ඉස්සරහාට යනවා. තමුන්ගෙ මිනිසුන්වත් අමතක කරගෙන හො රැගෙන. වලි දාගෙන, බැනගෙන, හයියෙන් ඉස්සරහට දුවලා ගිහින් පස්ස බලපුවාහම තමුන් තනිවෙලා කියලා දැනෙනවා, නමුත් එ මනුස්සයෙගෙ හිතෙ තියන මානය හින්දා එක පිළිගන්නෙ නැහැ.
මම ඉතින් ගඟ ගලනවා වගෙ හිමිටනෙ වැඩ. එක හින්දා තිරණය කලා කන්ද මගහැරලා වටෙන් ගිහින් ගමන යන්න. මොකටද බොරුවට බොරු මිනිස්සුත් එක්ක පැටලිලා, ගහ මරාගෙන මටත් අයිතියක් තියනවා කියලා කැගහගෙන හිස් කෙනෙක් වෙන්නෙ. හිමිට වාගාවට වැඩිපුර අවධානයක් දක්වනවා, නමුත් එතනදිත් හිත් වෙදනාව විතරයි ඉතුරු වෙන්නෙ. අපෙන් 200 ට කිලො එකක් අරන් ගිහිල්ලා 400 ට විකුනනවා. අපි මාස දෙකක් ක් තුනක් මහන්සිවෙලා අව්වෙ කරවෙලා ගන්න ගෙඩි ටික, එකෙක් වරුවකින් විකුනලා අපි ගන්න 200 ම ගන්නවා. අපිම එක විකුනන්න ගියොත් ඌට මොකද වෙන්නෙ... කියලත් අපි හිතනවා.  මෙ අස්සෙ අපෙ දෙශපාලුවො රට දියුනු කරනවාලු.

හරි හරි කොහොම උනත් සිද්ධිය පුදගලිකයි, එ වුනාට ආකෘතිය පොදු එකක්.

තවත් මනුස්සෙයෙක් තමුන්ව තරහා ගස්සන්න කරන ක්‍රියාවලින් තමුන් වැටුනොත් එක තමුන්ගෙ දුර්වල කමක්. මිනිස්සු කොච්චර බැන්නත්,බලපැම් එල්ල කලත් කෙලින් ඉන්න පුළුවන්න නම එක වටිනවා. මෙ සිද්ධියට ටිකක් නෙමෙ හොදටම දුක හිතුවා.  මෙකෙ දුක ඩ්බල් උනෙ මාගෙ හදපු අම්මා කියපු කථාවක් හින්දා අද දවල්..." පුතා අපිට බැහැ උබත් එක්ක හැමදාම ඉන්න, අපිට වෙලාව ආපුහාම යන්න වෙනවා. උබ දැන් ඔයා කාගෙවත් දෙවල් පස්සෙන් යන්නෙ නැතුව උබෙ දෙයක් බලාගනින්, ආපහු කැම්පස් යමන් ගිහිල්ලා එ ටික කරගෙන රස්සාවක් හොයාගනින්.." 


කස්ටිය මොකද හිතන්නෙ සිද්දිය ගැන , ඔයාලා නිතිමය පැත්තට යනවාද..? නැත්තම් කලින් සිද්දියෙදි මම වගෙ බකන්නෙලා ගෙන ඉන්නවද...?

2/21/10

තවත් ගැහැනියකගෙ කථාවක්...


මම මෙ කතාව අහැව්වෙ දෙරණ රුපවාහිණියෙ යන සිත් මල්යාය කියන වැඩසටහනෙදි. එකට ආපු ඩොක්ටර් මනො වෛද්‍යවරයෙක් මිගොමුව ඉස්පිරිතාලෙ වැඩ කරන්නෙ. මෙ ඩොක්ටර් කියන ආකාරයට කතාව මෙහෙමයි.

එයා ලගට ආවලු කසාද බැදපු ජොඩුවක්. නොනයි මහත්තයයි. නොනා මොකක් හරි කියලා මහත්තයව එක්කන් ඇවිල්ලා තියන්නෙ. නොනගෙ මුහුනෙ අදුර ඩොක්ටර් ට තෙරිලා ඩොක්ටර් එයාගෙ කතාවට අහැවුන් කන් දුන්නලු. තමුන්ගෙ මහත්තයට අසිමිතව ආදරය කරන ගැහැනු කෙනෙක්, කසාද බැදලා අවුරුදු 15 ක් වයස 10 යක් ලමයෙකුත් ඉන්න ගැහැනු කෙනෙක්, තමුන්ගෙ සැමියගෙ අනියම් සම්භන්දතාවයක් ගැහැනු කෙනාගෙ ඇස්දෙකටම දැකලා. මෙක ඩොක්ටර්ට කියපු ගමන් ගැහැනු කෙනාට ඇඩුනලු. ඩොක්ටර් දෙන්නත් එක්කම කතා කරාලු . එ වෙලාවෙ පිරිමි කෙනා එක පිළිඅරන් නැහැ.එයාට තරහා ගිහිල්ලා. නමුත් දෙන්න අතර සිද්ද වුන බහින්බස් විමකදි ඩොක්ටර් ට තෙරිලා ගැහැනු කෙනා කියන්නෙ ඇත්තක් කියලා. ගැහැනු කෙනාත්, පිරිමි කෙනාත් රැකියාවල නිරත වෙන දෙන්නෙක්. ගැහැනු කෙනා තමුන්ගෙ කදුලු දොස්තර ඉස්සරහා තබද්දි පිරිමි කෙනාත් ටිකක් තමුන්ගෙ තරහා අඩු කරගෙන දොස්තර ඉස්සරා පිළිගත්තලු තමුන්ට අනියම් සම්භන්දයක් තියනවා කියලා. ටිකක් කතාබහ කරද්දි දොස්තර පැහැදිලි කරලා දුන්නලු මනුස්සයට මෙක හින්දා තමුන්ගෙ බිරිදට ඇතිවන මානසික පිඩනය, පිළිබදව එයින් ඇය මානසික රොගියෙකු වුවද විය හැකි බව. "  ඔයාල දෙන්නම කල්පනා කරන්න ඔනා දරුවා ගැන"  කියල. ඔයාලා දෙන්නාම කතා කරගන්න මෙක හොදින් විසදෙන විදියට කියලා පුංචි පුංචි උපදෙස් ටිකකුත් දුන්නලු දෙවැනි දවසෙදි හම්බ වෙන්න කියලා.

දෙවැනි දවසෙදි ගැහැනු කෙනා අඬ අඬ කියනවලු "ඩොක්ටර් එයා කියනවා එයාට එක නතර කරන්න බැහැ" කියලා. මටත් එයා නැතුව බැහැ ඩොක්ටර්. මගෙ දරු පැටියට වෙන්නෙ මොකද්ද. මෙ ආකාරය තමුගෙ තියන දුක දොස්තර ඉස්සරාහ කියලා අඬුවලු. එදා දොස්තර ගාවට මහත්තයා ඇවිල්ලා තිබුනෙ නැහැලු. "ඔයාත් එක්ක විතරක් කතාකරලා මෙ ප්‍රශ්නෙ විසදගන්න බැහැනෙ. මහත්තයාව ඉලග දවසෙ අනිවාර්යෙන්ම එක්කන් එන්න. බලන්න ඔයාගෙ මහත්තය ඔයාට දුකක් දෙන්නෙ නෙද,  ඔයා හිත හදාගෙන එ සම්බන්දෙ පිළිගන්න ඔනා, නැත්නම් එතනින් අයින් වෙන්න ඔනා නෙද ඔය දෙකෙන් එකක් නෙද වෙන්න ඔනා. එයා එ සම්භන්දෙ දිගටම කරනවානම් ඔයා මෙහෙම දුක් විදින එකෙ තෙරුමක් නැහැ නෙද, ඔයා මානසික රොගයක මුලික ලක්ෂන පෙන්නන කෙනෙක්. ඉතින් මෙ ආකාරයට තවත් දුක් වින්දොත් ඔයා මානසික ලෙඩෙක් වෙනවා. ඔයා තිරණය කරන්න ඔනා. එක්කො ඔයා එ සම්භන්දෙ පිළිගන්න ඔනා ඔයාගෙ හිතින්, නැත්නම් ඔයා එයාගෙන් අයින් වෙන්න ඔනා. ඔයාලගෙ ප්‍රශ්නෙ දරුවටත් ගොඩක් බලපායි. එවා ගැන ඔයාගෙ මහත්තයත් කල්පනා කරන්න ඔනා නෙද ඉලග දවසෙ එද්දි ඔයාගෙ මහත්තයව අනිවාර්යෙන්ම එක්කන් එන්න. ඔයා එයත් එක්ක දිගටම මෙ සම්බන්දෙ පිළිඅරන් ඉන්නවද නැත්නම් එයාගෙන් අයින් වෙනවද කියලා තිරණය කරලා එන්න ඔනා." කියලා ගැහැනු කෙනාගෙ හිත හැදුවලු.

තුන්වැනි දවසෙදි මහත්තයයි නොනයි දෙන්නම දොස්තර ඉස්සරහ ඉද්දි
ගැහැනු කෙනා කිව්වලු " ඩොක්ටර් මට බැහැ මෙයා නැතුව ජිවත් වෙන්න අපි ආදරෙ කරලා කසාද බැන්දෙ, මට බැහැ මෙයයි, අපෙ දරුවයි නැතුව ඉන්න"

දොස්තර මහත්තයගෙන් ඇහැව්වලු " ඔයාට එ සම්භන්දෙ අත්හරින්න බැරිද මෙ දරුවයි , මෙච්චර ආදරෙ කරන ගැහැනියයි වෙනුවෙන්". මනුස්සය "බැහැ ඩොක්ටර් එයාව අත්හරින්න බැහැ මට, මට එයත් ඔනා". එ ගැහැනු කෙනා ගෙ කදුලු වලින් උනුවෙලා නැහැ පිරිමිකෙනාගෙ හදවත.  ඉතින් එ ගැහැනු කෙනාගෙ හිත හදන්න දොස්තරට ටික දවසක් එයාලා දෙන්නත් එක්ක කතා කරන්න සිද්ද උනාලු.

ඉලග දවසෙදි ගැහැනු කෙනා ගෙ එක ඉල්ලිමක් තිබුනලු "  ඩොක්ටර් ඉස්සරහා මම මෙ ඔයාගෙන් ඉල්ලන්නෙ මටයි, මගෙ දරුවටයි සතියකට එක දවසක් ඔයත් එක්ක ඉන්න ඔනා, අපි කොහෙහරි ගෙදරින් පිට යන්න ඔනා, පුතාට මෙ දෙවල් දැනගන්න දෙන්න හොද නැහැ නෙද". පිරිමි කෙනා එකට එකග වුනාලු. මෙහෙම ගැහැනු කෙනාගෙ හිත ටිකක හැදෙද්දි එක දවසක් එ ගැහැනු කෙනාගෙ කටින් ප්‍රශ්නයක් පිටවුනලු දොස්තරයි, එයාගෙ මහත්තයයි දෙන්නම නිහඩ වෙන.

" ඩොක්ටර් මම මෙ දෙවල් ඉවසගෙන විද දරා ගත්තා මගෙ දරුවා වෙනුවෙන් නමුත් ඩොක්ටර් ඉස්සරහා මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා. ඔයා එකට උත්තරයක් මට දෙන්න ඔනා. මමත් වෙන පිරිමි කෙනෙක් එක්ක සම්බන්දයක් පටන්ගන්නවා. ඔයාට, ඔයාගෙ තත්වෙට ගැලපෙයිද එක ...? ඔයා කැමතිද එකට..?

මෙතනින් එ දොස්තර කතාව ඉවර කරා. එ වෙනකොට නිල්මිණී තෙන්නකොන් (වැඩසටහන මෙහෙයවුවෙ එයා) ඇස් දෙකෙන් කදුලු බින්දු කිපයක් කඩාගෙන වැටුනා.
මෙවා අහාල දැකලා අමතක කරන්න හොද නැහැ. අපිත් තව කල් තියනවා කියලා නිහඩව ඉන්න එපා. මෙක කියවන ඔයාලගෙ අදහස් මට වටිනවා. මම එකෙන් ඉගෙනගන්නවා. සමහර පිරිමි,ගැහැනු අය ඉන්නවා ජිවිතෙ කෙටියි ජොලියෙන් ඉන්න ඔනා කියලා හැමදෙම කරන, තවත් කෙනෙක්ගෙ හැගිම් අමතක කරලා ජිවත් වෙන එ අය තමුන්ගෙ රාමුවට කොටුවෙලා ඉන්න අය.මෙ අය වෙනුවෙන් අපිත් කතාකරන්න ඔනා. මොකද කවද හරි අපිත් එතනට එයිද..? නැද්ද..? කියලා කවුරුත් දන්නෙ නැහැනෙ...මම හරිද.

2/19/10

රවාගෙ පළමු එකපාර්ෂවික ආදරය...

ඔන්න ඉතින් මමත් මගෙ කථාවත් දිග හරිනවා. මිනිස්සු උනහම ලොකු පොඩි කියලා නැහැනෙ හැගිම් වලට.මම එතකොට තුන වසරෙ හිටියෙ. අපෙ පාසල මිශ්‍ර පාසලක්. කෙල්ලොත් එක්ක ගහ මරාගන්නවා, එකට කනවා බොනවා, එකට සෙල්ලම් කරනවා. ඩෙස් බංකු හදලා තිබුනෙ කොල්ලො දෙන්න ඉස්සරහා කෙල්ලො දෙන්න, එහෙම්. කොල්ලො කෙල්ලො කිව්වට මනුස්ස පැටවු. අපි කෙල්ලන්ගෙ පොත් හොරකම් කරනවා. ඉතින් වලි. මට ඉංග්‍රිසි බැරිවෙන්නත් එක හෙතුවක් තමයි මම තුනෙදි මගෙ යහලුවා උන කොසලාගෙ පොත හොරකම් කරලා, පිටකවරෙත් ගලොලා මගෙ නම් ගහ ගත්තා. අපි පාසල ඇරිලා යන්නෙ "ස්කුල් වැන්" එකෙ. අපි පොඩි හින්දා අපිව 1 අරින්නෙ. ලොකු පැත්ත 2 කට ඉතින් පැය භාගයක් අපි ඉස්කොලෙ ඉස්සරහා තියන වතුසුදු මල්පදුරක් ගාව බැග තියලා සෙල්ලම් කර කර ඉන්නවා. එයත් මම ගිය වැන් එකෙම තමයි යන්නෙ. මම ගිය දහම් පාසලට තමයි එන්නෙ. ඉතින් එයාටත් මටත් කතා බහ කරන්න තියන, ගැටෙන්න තියන වෙලාව වැඩියි. එයගෙ නම නදා කියලා කියමුකො.


දවසක් ඉස්කොලෙ ඇරිලා ඉද්දි නදා ඇවිත් මට කියනව " රවා මට අර නෙල්ලි ගෙඩි ටිකක් කඩලා දෙන්න" කියලා. එතකොට 93 දි නෙ ආමිර් කාන් ගෙ චිත්‍රපටි තමයි ආසම(ආමිර් කාන් කියලා කියගන්නත් බැහැ, ඇමරිකාන් කියලා කියන්නෙ). නෙල්ලි ගහ තිබුනෙ ලොකු පැත්තෙ. බයයි. එ වුනත් දැන් ඉතින් නළුවානෙ. මමත් පැන්න ලොකු පැත්තට නෙල්ලි ගහ දිගෙ බඩ ගැවා. ටිකක් වෙලා යනකොට නෙල්ලි ගෙඩි වලින් සාක්කු දෙක පුරොගෙන බහින්න හදද්දිම ලොකු අයියා කෙනෙක් ඇවිල්ල " අර සර් මල්ලිට එන්න කියනව " පපුව ඩිග් ඩිග්. මොනා කරන්නද දිව්වා මල් ගහ ලගට. එ ත් අර දුෂ්ට අයියා ඇවිල්ලා මාව අල්ලගෙන සර් ගාවට එක්කන් ගියා. නොන්ඩි 7 යි පොඩි උනාට ලොකු හැගිම් හිතෙ. දන ගහගෙන ටිකක් වෙලා ඉන්න උනාට මොකද කඩා ගත්තු නෙල්ලි ටික නදාට දෙන්න පුළුවන් උනා. එක තමයි පළවැනි මිෂන් එක. එ වැන් එකෙ අපෙ අයියත් යනව. අයියට ආරංචි උනා මම දනගහ ගෙන හිටියා කියලා. මම නෙල්ලි කන්නෙ නැහැ.නමුත් කරන්න දෙයක් නැහැ. දැනට ආදරෙනෙ කියලා කියමුකො.

දහම් පාසල, ළමා ලොවම සරු කරවන නවතොතැන්නක්. ගොඩක් මගෙ වැඩ තියන්නෙ දහම් පාසලෙ. නදාත් එක්ක තිබුනු ගනුදෙනු වැඩි හරියක් එතන. අපි කොල්ලො පොඩි උනාට ලොකු හිත්. මල් කඩන්නෙ නැහැ. ලැජ්ජයි. අයියත් මල් කඩන්නෙ නැහැ ලැජ්ජයිලු. ඉතින් මාත් එහෙමම තමයි. නදා කඩන් එන මල් ටික තමයි මගෙත්. කාටත් හොරෙන් මල් ටිකක් දෙනවා. මල් පෙන්නලා ලොකු සාදුගෙන් ලකුණු ගන්නවා. සමහර වෙලාවට එයාටත් වැඩිය මගෙ ලකුණු වැඩියි.එයා හරිම ලස්සන චාම් කෙනෙක්, එවගෙ චාම් කෙනෙක් තමයි ජිවිතයට ඉන්න ඔනා. හිමිට කතාකරන්නෙ හිමිට ඇවිදින්නෙ. දකිද්දිත් හිත නිවෙන තරම් රුපයක් එයාට තිබුනෙ.

මෙහෙම යනකොට අයියට තෙරුනා මම නදාට ටිකක් වැඩියි ලංවෙනවා කියලා. අයියා ඔච්චම් කරන්න ගත්තහම මට ගොඩක් දුක හිතුනා.  පොඩි කාලෙ අපි දකින්නෙ අපෙ අම්මායි තාත්තායි. දෙන්නා ඉන්න විදියට අපිත් ඉන්න ඔනා කියලා හිතුන. මම කැමති වුනෙ නැහැ එයාට කවුරුත් මුකුත් කියනවට. අයියා එහෙම කියනවා කියලා දැනගත්තොත් එයාට එක ලොකු ලැජ්ජාවක් නෙද කියන හැගිම මගෙ හිතට දැනුනා. මම හිමිට එයාව මග හරින්න ගත්තා.හිතෙ තිබුන සොදුරු සිතුවිල්ල ටිකෙන් ටික හංග ගත්තා. දහම් පාසෙලෙන් එයා අස්වෙලා වෙන දහම් පාසලකට ගියා. එයාට ගොඩක් දෙපල තියනවා. අනික එයා ඉගෙනගන්නත් දක්ෂයි. පොඩි උනාට හැමොගෙන්ම බැණුම් මට, මොකද පන්තියෙ 35 වැනිය , ඉගෙන ගන්නෙත් නැහැ.අපි පුංචි කාලෙ අපි හැමදෙම ඉගෙන ගන්නෙ අපෙ වටාපිටාවෙන්, ඉස්කොලො කියන්නෙ විකාරයක්. අම්මලා තාත්තලා බලෙන් අන්දලා ඉස්කොලෙ අරින්නෙ. මම ගොඩක් දෙවල් ඉගෙනගන්නෙ ලොකු එවුන්ගෙ කථාවලට ඇහුන්කන් දිලා. ගොඩක් වෙලාවට තාත්තගෙන් ගුටිකනව ලොකු අය කථාකරන දෙවල් හොරෙන් අහන් ඉදලා.
කොහොම උනත් එයාගෙයි මගෙයි අතර තිබුන සම්භන්දෙට ආදරයක් කියලා කියන්න බැහැ. නමුත් එක මට අදටත් තෙරෙන්නෙ නැහැ. කොහොම උනත් එයා අපෙ ඉස්කොලෙ එහා පන්තියෙ හිටියෙ. ඉස්කොලෙම ලකුණු වලින් , ඉගනිම අතින් එයා මට වැඩිය ගොඩක් ඉස්සරහින් හිටියෙ ශිෂත්වය සමත් ලකුනු ලිස්ට් එකෙ හිටපු උඩින්ම දෙවැනියට තිබුනු එයාගෙ නම්. මගෙ එක යටින්ම තිබුන නම. හැමොම පුදුම උනා මම පාස් කියපුවාහම. තාත්තා එක බලන්න ගියෙත් නැහැ. කවුද අදුරන කෙනෙක් තමයි කියලා තිබුනෙ තාත්තාගෙ නමත් තිබුනා කියලා. මගෙ නමෙ අන්තිමට තාත්තාගෙ නම තියන්නෙ. අයියට ලැජ්ජාවෙ බැහැ. අන්තිමට මගෙ නම තියන්නෙ කියලා .එයත් එදා මාත් එක්ක කතා කරා " ඔයත් පාස්නෙ " කියලා.එයත් එක්ක කතා කරන්න තිබුනු ආසාව ටිකෙන් ටික  යට ගහා ගත්තත් හිතෙ මෙ වෙනකොට එයත් එක්ක ගොඩක් දුර ගිහින්. මගෙ හිත හැමදාම මතක් කරන දෙයක් එයා.

මම හිතන් හිටියෙ ඉස්කොලෙ අන්තිම දවස විභාගෙ ලිව්වට පස්සෙ එයාට මම හිතෙ තියන දෙ කියනවා කියලා. එක මගෙ හිතට ආවෙ 9 වසරෙදි විතර.මම එයාගෙන් ගොඩක් ඇත් උනා. එයාව දැක්කත් වැඩිය කතාබහා කරන්න ගියෙ නැහැ. එයා ගොඩක් ඉගෙන ගන්න දක්ෂ කෙනෙක්නෙ. ඉතින් අපි කොහෙද. සාමාන්‍ය පෙළ මගෙ තිබුනෙ විද්‍යාව, ගණිතය, සමාජ අධ්‍යනය විතරක් හොදින් පාස් වෙලා තිබුනා. එයාල එහෙම නෙමෙයි. ඔක්කොම කුඩෙ කුඩු. එයා ජිව විද්‍යාව කරන්න ගියා. මම ගණිතය කරන්න ගියා. මෙ වෙනකොටත් මගෙ හිතෙ එයා ගැන සිහින තියනවා. නමුත් ලං වෙන්නෙ නැහැ. මොකද පොඩි කාලෙ තාත්තා අම්මා අයියට බනින්නෙ " ඉගෙන ගන්න කාලෙ ඔව්වා බැහැ, දෙකක් කරන්න බැහැ, පිස්සු විකාර වලින් ඔලුව පුරොගෙන එපා තොව මරනවා "කියලා. හරි ඔය අස්සෙදි එ නදා හිටපු පන්තියෙ කොල්ලෙක් හිටියා වු මගෙ දුෂ්ටයා උනා. නදා අදටත් වුත් එක්ක ඇවිදිනවා කරනවා මට පෙනෙනව. අවුරුදු 10 ක් 12 හිතෙ පැසව පැසව තිබුණු හැගිම් ඔක්කොම නැති වෙලා ගියා. වෙදනාවෙන් මිරිකුනෙත් නැහැ. මොකද එ වෙනකොට වෙන කෙනෙක් මට ලංවෙමින් හිටිය හින්දා.

අදටත් නදා දන්නෙ නැහැ මම එයා ගැන එච්චර සිහින මැවුවා කියලා. දෙවැනි ආදර කථාව නම් නපුරු හිනයක් එක ගැන පස්සෙ කියන්නම්. දැන් මෙ කථාවෙ සාරාංශය.

නදාත් එක්ක මගෙ තිබුනු බැදිමට නමක් දෙන්න මට බැහැ. නමුත් එයාගෙ පැත්තෙන් එකට යහලුවා කියන දෙ කියන්න පුලුවන්. නමුත් එක වැරදි හැගිමක් නෙමෙයි. මට ඔනා උනෙ එයාගෙ අත් දෙකෙන් අල්ලන් ඇවිදින්න, ඉන්න  විතරයි. එක තමයි මම එදා චිත්‍රපටි වලින් දැක්කෙ ආදරය කියලා එකයි. ස්භාවයෙන්ම තිබුන ආකර්ෂනයට චුටි තල්ලුවක් තමයි එ චිත්‍රපටි වලින් හම්බවුනෙ. ලොකු වෙද්දි කාමය ,රාගය වගෙ හැගිම් හිතට දැනුනත් එයත් එක්ක ටික වෙලාවක් තුරුල් කරගෙන ඉන්න විතරයි සිහින මැවුවෙ. හිතට ලොකු අමාරුවක් දැනුනෙ නැහැ, මොකද ගණිතය හා තවත් කෙනෙක් මෙ වෙනකොට හිතට ලං වුනා. අන්තිම අන්තිම වෙනකොට හිනාවෙන්ම එයාට සමුදුන්නා. මාස කිපයකට පෙර එයා මාව හම්බ උනා ස්ටෙෂන් එකෙදි මාත් එක්ක කතා කරා ටික වෙලාවක්. එයා දන්නෙත් නැහැ මගෙ හිතෙ එහෙම හැගිමක් තිබුනදවත් කියලා. එච්චරටම මාව අමතක වෙලා. එයාට අමතක වෙලත් ඇති නෙල්ලි කඩලා දුන්න හැටි. කමක් නැහැ. අපි මිනිස්සුනෙ අපිට වටෙ පෙන්න තියන්නෙ මොකද්ද එක මතකයි . අනිත් හැමදෙම අමතක වෙනවා. අන්තිමට මගෙ පේරාදෙණි කැම්පස් එකෙ හිටපු යහලුවෙක් කිව්ව කවියක් මතක් වෙනවා

ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය
මෙය කිවු එකාගෙ කට කෑවත් මදිය
ඉවසපු නැති එකා ලග බඩු හත අටය
ඉවසපු නිසා මම තවමත් තනිකඩයා
මට මෙ දෙවල් හොදට මතක... එක මම හැමදාම මතක් කර කර රසවිදින හින්දයි. එකයි මම මගෙ බ්ලොග් එක අතිතයෙන් ගඟ ගලා බසි කියලා නම තිබ්බෙ. මහගම සේකර මහත්තයටත් ගොඩක් ආදරෙයි, ලැදියි.

කස්ටිය