සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

3/21/10

පුතයි ..... අම්මායි ... මමයි......

පුතා.........

හයිය කම්බි කූරු අතර
නුඹ සිර කාරියක් වෙවි
එ ගැන දැන සිටියානම්
දිය යට මම සැඟව යාවි

කරපු වරද හදන්න බැහැ
එපා අම්මෙ පසු තැවෙන්න
මම අම්මාගෙ චුටි පුතා
සසරෙදි යලි මුන ගැසෙන්න...
(ස්වර්ණවාහිණියෙ ප්‍රචාරය කල කවි යුගලයකි....)


අම්මා.........

දුප්පත් කම නිසා දැම්මා කලු ගඟට
කම්පා වෙලා කඳුලක් ආවෙ ඇහැට
නුඹ පොඩි පුතා මගෙ හදවත එළිය කල
දුප්පත් කම නැති ලොවක හමුවෙමු පුතුනෙ හෙට

මෙතුවක් කලක් නුඹ රැකුමට ගත් වෙහෙස
කිසිවෙකු නොදුටුවෙහි පුතුනෙ නුඹ විතර
සමාව දියන් පුතුනෙ.... දුරුවල හදට
ආයෙත් වරෙන් සංසාරෙ මගෙ ලයට

නුඹෙ අයියා ඉරිදා පොළෙ බඩු වික්කා
නොනා මහත්වරු ඇවිදින් බඩු ගත්තා
අකුරක් ලියනවද නෙඇසු එම ඇත්තා
නුඹ ගිය පසුව අයියව දරුවට ගත්තා

සමාවෙයන් පුතුනෙ මට
නුඹව දැම්මා ගලන ගඟට
රැස් කල ගත් එ පව හට
නිවනක් නැහැ පුතුනෙ මට...

මම........

අමිල පුතා අප අතරින් නික්ම ගොසින්
සුනිල් දිය දහර කලු ගඟ ගලා බසින්
සසල සිත පතුල නිසලයි ඔබෙ ඇසින්
අචල අමිල සැතපෙයි මෙ කසල මතින්

අමතක කරමි නුඹ සිටි වග හෙටින් පසු..
ආයෙත් එකතු කරගමි මගෙ සිත කැඩුනු
අරුනොදයෙ ලා රතුවට පායන හිරු...
දෙස බල බලා සොයනෙමි නුඹ හමුවෙන තුරු...

කලු ගඟත් නිසලයි.... අපිත් නිසලයි....අමිලත් නිසලයි....
මිලඟ අමිල ව හම්බ වෙන්නෙ කවදද... තව අමිල කෙනෙක් හම්බ නොවෙයිද...
හැබැයි මම දකින ඇසින් නම් අමිලලා ඔනා තරම් ඉන්නවා සමාජයෙ....

39 අදහස් දැක්වීම්:

sansarasidu said... [Reply to comment]

ඇත්ත මචං හෙට වෙනකොට අපිට අමිලව අමතකම වෙලා යාවි...
ඒත් තව තවත් අමිලල බිහි නොවි තියේවි ද ?
තවත් එවැනි ගැහැණුන් (මට ඔවුන් උතුම් මවි පදවියෙන් පිදුම් දීමට නොසිතේ) බිහි නොවේවි ද ? හෙට....
උඹේ හිතේ තියෙන සංවේදිකමට මගෙ ආචාරය පිළිගනින් මිත්‍රයා...
මං මේ ගැන මිට වඩා කියන්න යන්නෙ නැත්තෙ මේ මාතෘකාව සිත ඒ තරමටම ඔද්දල් කරන නිසා...

දිල් said... [Reply to comment]

ලියන්න හුගාක් දේවල් හිතට ආවත් ලියාගන්න බෑ රවා. යමක් උනාට පස්සෙ රෙදි උස්සන කෑගහන්න කට්ටිය ඕන තරම් උන්නත් ඒ දරුවො බඩගින්නේ ඉද්දි කන්න දෙන්න හැදුවෙ කවුද ?

මම හිතන්නේ අම්මට වඩා අමිලව මරපු එකේ ශාපය එන්නේ අමිලව හදපු තාත්තට. ඒ මනුස්සයට කියන්න ඕන දේවල් මේ වගේ තැනක ලියන්න බැරි නිසා සද්ද නැතුව ඉන්නවා...

අපි අනිත් අසරණ අම්මලටවත් කියමු කොයිතරම් අමාරු උනත් අමිල පුතාට උන දේ නම් එයාලගෙ දරුවන්ට වෙන්න දෙන්න එපා කියලා......

අමිල පුතේ....මේ ලෝකේ ඔයා හිතනවට වඩා කුරිරුයි. පුතා මේ ලෝකේ උන්නේ යන්තම අවුරුදු 3ක් විතරයි. ඒ අවුරුදු 3දිත් ඔයා මොනතරම් දුක ගොන්නක් විදින්න ඇතිද පුතේ ........ඔයාගෙ ඔය පුංචි බඩ ගෙඩියට මොන තරම් බඩ ගින්නක් දැනෙන්න ඇතිද ? ඔයා ආයේ උපදින්න ඕනෙ....ඒත් මේ රටේ නම් නෙමෙ පුතේ.....වෙන කොහේ හරි....ලෝකෙ ලස්සන දකින්න පුළුවන් තැනක...පුතාට නිවන් සුව !

බිඟුවා...! said... [Reply to comment]

මම මුකුත් කියන්නේ නෑ රවා.
හිතට ගලන අදහස් අකුරු කලොත් මේ පිටුත් මදි පුරවන්න.
අනික මාවත් එපා වෙයි ලියපු අකුරු දැකලා..

මම මුනිවත රකින්න තීරණය කළෙමි.

/බිඟුවා...!

බිඟුවා...! said... [Reply to comment]

හැබැයි රවා දිල් කියන කතාවේ ඇත්තකුත් තියෙනවා.
නමුත් මේ රටේ උපදින්න එපා කියල එකත මම එකඟ නෑ.
මෙච්චර ලස්සන රටකට කොහොමද ඔයා එපා කියන්නේ.
මොකද ඔය කියන අනිත් රටවල මෙහෙම වෙන්නේම නැද්ද?

/බිඟුවා...!

Raven said... [Reply to comment]

එක අතකට මේව ගැන කතාකරන එක, හිතන එක මට එපා වෙලා තියෙන්නෙ මචන්. මොකක් හරි දෙයක් උන ගමන් අපිට දැනෙනවා අපි කෑගහනවා දගලනවා. අපි අපේ සංවේදී බව කියනව.
මොනවද බන් වෙනස් උනේ. මෙහෙම දේවල් ඉස්සරත් උනා ඉස්සරහටත් වෙනව. අපි ඒ වගත් දන්නවා. අපි එදාටත් කියවයි,කෑගහයි දගලයි. ඒ වෙද්දි අපිට අමිලව අමතක වෙලත් තියෙයි.

කාටවත් වරදක් කියන්න බැහැ මචන් බයයි. මෙතන කවුරු කොහොම හිතුවද කියල අපි අපිම විනිශ්චයන්ට එළඹෙනව.ඒ ඒ අයව අපි හිතින් එල්ලුම් ගස් යවනව. ඒත් ඒ අවස්ථාව අනුව ඒ පුද්ගලය සාධාරණ වෙන්න ඇති නේද බන්. අම්ම, තාත්ත, දරුව උනත්.

"අමතක කරමි නුඹ සිටි වග හෙටින් පසු..
ආයෙත් එකතු කරගමි මගෙ සිත කැඩුනු"

රවා said... [Reply to comment]

රාවෙන්ට
උබ මගෙ වයසෙ උනාට මට වැඩිය ගොඩාක් ඉස්සරයින් ඉන්න එකෙක්.. උබ හැම තිස්සෙම මට උගන්නනවා.. උබ හරි බන්.. මට බුද්ධියට මෙ දෙ තෙරුම් ගත්තට ... හදවත තෙරුම්ගන්නෙ නැහැනෙ බන්...කගෙ හරි කරදරයක් දැක්කාම කෑගහනවා " යමන්... යමන් ගිහිල්ලා ඇන ගනින් කියලා "

දිල් said... [Reply to comment]

බිගුවට /

රට ලස්සන උනාට වැඩක් නෑ ඒ රටේ මෞස්සකම් දන්නේ නැති අම්මලා තාත්තල අමිල පුතාට ආයේමත් සැරයක් හම්බ වෙනවානම් බිගූ..ඒකයි මම එහෙම කිව්වෙ...

මේ සිද්ධිය තවත් එක සිද්ධියක් වෙලා හැමෝටම අමතක වේවී. මේ වෙද්දිත් අමිල පුතව හුගාක් අය විකුනන් කාල ඇති. වැඩිය ඕනෙ නෑ බලන්න පත්තර දිහා...

කතාකරලා අමතක කරලා දාන රටක් වැඩක් නෑ

රවා said... [Reply to comment]

sansarasidu ට...
මචන් එ ගැහැනි දිහැ වෛරයෙන් බලන්න එපා.. උබට කරන්න පුළුවන් දෙයක් තියනවා.. මනුස්සයෙක් ගෙ දුකක් දැක්ක හම ලඟට ගිහිල්ලා උව උස්සන බලපන්... උබ ඉන්නෙ මොරටුවෙනෙ.. ඔතනදි උබට බැනුන් අහන්න, ලැජ්ජා විදින්න සිද්ද වෙයි.. කමක් නැහැ කරපන් පුළුවන් විදියට.. මොරටුවෙ ස්ටෙශන් එකෙ පඩි පෙල ලඟ ඉන්නවා මනුස්සයෙ කිපදෙනෙක් නිදාගෙන කඩලා බිස්කට් පැකට් එකක් දිපන්... එකෙන් කොහොමද තවත් අමිල කෙනෙක් ව බිහි කරන එක නතර කරන්නෙ.. කියලා හිතන්න එපා.... කරපන්.අපිම පටන් ගමු..ආපි දෙන්නව එතනදි මුණ ගැසෙයි...

තිස්ස දොඩන්ගොඩ said... [Reply to comment]

මල්ලියේ... උඹට අසනීපයි කියලා වත් කීවා... බේතක් හේතක් කරගත්තද...? අලුත් වැස්සට උඹ තෙමෙන්නෑති... අර චූටි කෙලි පැටික්කිත් හොඳින් ඉන්නවද...?

රවා උඹ හරියටම හරි... මමත් එහෙමයි..අතට අහුවෙන පලමු අවස්තාවේ ඉඳම්ම බලනවා යමක් කරන්න...

රවා said... [Reply to comment]

දිල් අක්කා...ට
අක්කා ගොඩාක් මානසික හැගිම් පාරාසයක ගැටුනු කෙනෙක් හින්දා අක්කාට මට වඩා මෙ දෙ ගැන සාධාරනව හිතන්න පුළුවන්.. නමුත් ඔයාගෙ තියන සංවෙදි බව හින්දා ඔයා ටිකක් එක පැත්තකට බර වෙලා... සමාජය කුරිරුයි.. එන්න එපා මෙ පැත්තට කියලා දරුවට කියනවා... අක්කා .. එ අම්මා වගෙම තව අම්මා කෙනෙක් ඉන්නවා...පෙරෙදා රැ එලි වෙනකම් මගෙ පපුව අත ගගා, එක එක බම් ජාතියි, ස්ප්‍ර ගගහා රැ නිදි නැතිව හදවතින් කෑගසපු..එ මගෙ අම්මා..වැදු නෙමෙ... හැදු.... අම්මලා ජාති ගොඩක් ඉන්නවා.. එ අතරින් අපෙ අම්මාත් කෙනෙක්.. මම නම් කියන්නෙ අමිල මෙතනදිම ආපහු ඉපදෙයි කියලා.. නමුත් දැනගන්න ක්‍රමයක් නැති එක තමයි ප්‍රශ්නෙ...

රවා said... [Reply to comment]

තිස්ස අයියා...
දැන් එකට තමයි මෙ ගෙදර යුද්දෙ...බෙහෙත් ගනින් බෙහෙත් ගනින්.. කියලා...චුටි කෙළි පැටික්කි ගැන කියලා වැඩක් නැහැ තිස්ස අයියා... උන් ඔහොම තමයි...අමිල ගැන දුකෙන් හිටියෙ...ඉදලා ඉදලා හිත හදාගෙන පොස්ට් එක දැම්මෙ.. මොකද විභාගෙ යාන්තම් ගොඩද..? උඩින්ම ගොඩද...?

තිස්ස දොඩන්ගොඩ said... [Reply to comment]

ගොඩ මල්ලියේ... ජූනි 01 තමයි ප්‍රතිපල ලැබෙන්නේ... උඹට පපුවේ මහන්සියද මලයෝ...? හප්පා මම අවු 13 විතර මාර පරිප්පුවක් කෑවා... ව්‍යයාම වලින්ම තමයි ගොඩ ගියේ...හැබැයි පු‍තෝ නිදිමැරිල්ල නම් අරහං... ලොකු කොල්ලත් සෑහෙන්න වි‍ඳෙව්වා ඕකෙන්...

රවා said... [Reply to comment]

ඔව් සෙම ගතියත් එක්ක එන්නෙ... හැබැයි ඇමොක්සිලින් බිපු ගමන් හරියනවා.. නමුත් මාස කිපයකට පස්සෙ ආපහු එනවා...මම තාම විඳවනවා... ලොකු කොල්ලා කිව්වෙ අපිට ඔයාලගෙ ගෙදර ආපුහාම හුරතල් කරන්න කොල්ලෙක් නැද්ද උන් ඔක්කොම අපිට වැඩිය ලොකුයිද....?

තිස්ස දොඩන්ගොඩ said... [Reply to comment]

නිදාගනින් මලේ... අහැරලා ඉන්න එපා... ලෙඩ තියන දවස් වලට.....

හහ් හහ් හහ් ඉන්නවා ඉන්නවා... උඹටම ගැලපෙන එකෙක් ඉන්නවා හුරතල් කරන්න පුලුවන්.....

Chandika @ ..::E-KiCkS::.. said... [Reply to comment]

මේ ගැන මොකුත් කියන්න මටත් හිතක් නෑ රවා අයියා. ඒත් මට තාම හිතාගන්න බැරි තමන් වදපු දරැවෙක්ට මේ වගේ දෙයක් කරන්න අම්මා කෙනෙකුට පුලුවන්ද කියලයි....මට තාම ඒක අදහගන්න බෑ...දෙමාපියන්ගෙ වැරදි වලට අසරණ පුංචි දරැවො පලි නෑ.....

sansarasidu said... [Reply to comment]

රවාට,
මචං උඹ හිතන විදිහට මං ඒ ගැහැණු කෙනා දිහා වෛරයෙන් බැලුවා නෙමෙයි... මට කාටවත් වෛර කරන්න බෑ.. මගේ හිත එච්චර දරුණු කරගන්න මං කොච්චර උත්සහ කරත් මට බැරි වෙයි... මොක ද මං ඒ තරමටම සංවේදි මිනිහෙක් හින්දා.... කන්න ගත්ත බත් පත පවා තව කෙනෙකුට දෙන ජාතියෙ මිනිහෙක් බං මමත්.. අනිත් අය මොනව කිව්වත් ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි.. මං කව්රුවත් කියන දේවල් ගැන එච්චර හිතන කෙනෙක් නෙමෙයි.. කාට හරි උදවිවක් ඕන නම්, එයා මොන තරාතිරමක කෙනෙක් වුණත් මේ සනාත් එතන ඇති..

වැප් said... [Reply to comment]

මේව්වා කවුරු කවුරුත් වග කියන්න ඔනා ...

විශේෂයේ මධ්‍ය ... වැරදි පුර්වාදර්ශ ඉලිප්පීම මත දෙවෙනි එකත් සිදුද උනා ...

විශ්මි said... [Reply to comment]

රවා... තිස්ස අයියට කිවුව වගේම මට කියන්න තියෙන්නෙ මේ ගැන හිතලම හිතට මහන්සියි කියල... කාට දොස් කිවුවත් වැඩක් වෙන්නෙ නෑ..... දිගින් දිගටම වෙන දේවල් ඇහුවම දැක්කම අපිත් ටික ටික අසංවේදී වේගෙන යනවද කියලත් හිතෙනව.... අමිලගෙ මරණය ගැන අහල ඊලඟ ප්‍රවෘත්තියට ඇහුවෙ අත දරුවෙක්ගෙ මරණයක්..... අමිලගෙ මරණය තරම් අර දරුවගෙ මරණය හිතට ලොකු කම්පනයක් ගෙනාවෙ නෑ.... එක දිගටම අහන්න ලැබුනෙ පොඩි එවුන්ගෙ මරණ.... ඒවට එක එක්කෙනා එක එක විග්‍රහ දෙනව.. මානසික ප්‍රශ්නලු, ආර්ථික ප්‍රශ්නලු, පවුල් ප්‍රශ්නලු... හේතුව මොකක් වුනත් මේ යන සමාජ ක්‍රමයට ජීවිත බිලිවෙන එක නතර කරන්න අමාරුයි රවා..... අපිට උත්සහ කරන්න පුළුවන්... ඒත් ඒ උත්සහයත් එක්කම අපිත් මේ සමාජය ඇතුලෙ දියවෙලා යන එක වළක්වන්න බැහැ...

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය said... [Reply to comment]

ඔයාලා ලියලා තියෙන ඔක්කොම හරි.
ඒත් මේකේ වැරදි කාරයො මං හිතන්නේ මේ කෲර සමාජය අපිත් මේකට වගකියන්න ඕන සමාජයයි හදන්න ඕන මිනිස්සුන්ට වටිනාකමක් දෙන්න ඕන ආකල්ප වර්ධනයක් කරන්න ඕන නැත්නම් මේ දේ හෙටත් සිද්ධවේවි...

මාරයාගේ හෝරාව said... [Reply to comment]

අමිලගේ කතාව ගැන මම මුකුත්ම කියන්න යන්නේ නැහැ. ඔය කතාවෙ ආරම්භයවත් අවසානයවත් නොවෙන නිසා,
ඉදිරියටත් තව තවත් අමිලලාගේ කතා අහන්න ලැඛෙවි.
අපි බලන්න ඔන ඒක එහෙම නොවෙන්න අපෙන් කෙරෙන්න ඔන මොනවාද කියලයි.
අමිලගේ අම්මට දොස් කියන්න මම ඉක්මන් වෙන්නෙත් නැහැ.
සාධාරණ නැතත් මොනවා හරි ඇයටත් හේතු ඇති, නැති වෙන්නත් පුළුවන්..
මෙ සංසාර ගමනේ අපේ වෙලා ඉපදුනාට හැම කෙනාම අපට හිතැත්තෝ නෙවෙ.
රවා දහම් පාසලේ උගන්වනවානේ..
අමුතුවෙන් මම බණ කියන්න ඔන නැහැ. අපේ වෛරක්කාරයොත් අපිත් එක්කම එකට උපදිනවා.
අම්මා වෙන්නත් පුළුවන් දරුවෙක් වෙන්නත් පුළුවන්.
මරන්න හේතු ඇතා නැතා පෙර වෛරයම ඉස්මත් වෙන්නත් පුළුවන්..

ආ මම නම් පාවිච්චිය ඉතින් පිරිටන් තමා. දෙකක් ගැහැවුවා නිදා ගත්තා, නැගිටින කොට සර්ව රෝගෝ විනස්සතු..

කොහොමටත් ඉතින් අර සමහන් එක්ක කිරි බොන ළමයට වගේ සුමිහිරි පානෙත් එක්ක දිවි ගෙවන අපිට ලෙඩෙට හේතුවත් ඒක, ලෙඩ හොද වෙන්න හේතුවත් ඒකම තමයි..

- නිල් අහස - said... [Reply to comment]

මේ සංවේදි කතාව සමහර විට අමිල පුතාගේ අවසන් කටයුතු සිදුවන අද දවසෙන් පස්සේ, හැමෝටම අමතක වී යාවි.

මට මේ අම්මා මැන තාම මොනවත් කියන්න බෑ.
හේතු වලින් සාධාරනය කරන්න බැරි තරම් වරදක් ඇය අතින් සිදුව තිබුනත්, එහෙම කරන්නත් ඇයට කවර හෝ හේතුවක් තියෙන්න ඇති.

වරද කොතැනද නොසොයා...
එම වරදට වහ වහා පිලියම් නොකොට..
සිදුවු වරද පමනක්ම හුවා දක්වන සමාජයක, අමිලලා කොතෙක් නම්, අප දැනුවත්ව හා නොදැනුවත්ව ඉදිරියේදි .. අපට අහිමි වේවිද...

අමිල පුතුණි....ඔබට මොක් සුව පතමි...

රවා said... [Reply to comment]

Chandika ට
කාගෙ වැරදිද මල්ලි...දවසක මගෙ දරුවත් කලුගඟෙ පාවෙලා ආවොත් දුප්පත් පැලක ඉන්න දරුණු උන මිනිසෙක්ගෙ අතකින්...රස්සාවක් හොයලා හොයලා අන්තිමට ලෙසි ක්‍රම වලින් සල්ලි උපයන්න පුරුදු උන මිනිස්සු ටිකක් අපි අතර ඉන්නවා.. එ වගෙ කෙනෙක් ගෙ අතන් මගෙ දරුවා ගඟට වැටුනොත්. එ දාට මම මොකද කරන්නෙ... කියන දෙ මගෙ හිතෙන් ඇහෙන ප්‍රශ්නයක්.. මෙය සිදුවිමෙ සම්භාවිතාවය ඉතාම සුලු උවත්(කැස්බෑවා විය සිදුරෙන් හඳ දකිනවා වගෙ) එතනත් කල්පනා කරන්න ඔනා...ද...? නැත්ද...?

රවා said... [Reply to comment]

සනා
සොරි බන් උබට හිතට මම කියපු දෙ වැරදියට ගියානම්... උඹ වරහන් ඇතුලෙ දාලා තිබුන දෙ හින්දා යි මම එහෙම කිව්වෙ...

වැපා...
කාගෙත් වැරදි තමයි බන්.. හැමොම එක හින්දා ටිකක් මෙක ගැන කතා කරලා කවුරු හරි පුළුවන් කෙනෙක් ඉස්සරහාට ඇවිල්ලා මෙ ගැන දිගටම ගෙනියන්න ඔනා...

අෂාන් රවීන් said... [Reply to comment]

පුතාලා වෙනුවෙන් අම්මලා දිවිපුදපු කාලයක් ගැන ඉතිහාසයේ තියනවාද? දරුදුක අන් හැම දුකටම වැඩියි කියපු කතාව බොරුකරන්න උත්සහ දරන තවත් එක් කාන්තාවක්, ජීවිතේ ජීවත් කරවන්න බැරුව ගඟදියට දරුවව බාරදුන් එක් මවක්,මව් සෙනෙහසට ලියැවුනු කව් ගී වෙනස් කරාවිද අද සමාජය! ඇය නිසාවෙන්.....

රවා said... [Reply to comment]

මචන් ආෂාන් පුතාලා, වෙනුවෙන් දිවිදුන් අම්මලා ඉතිහසයෙ ඇති මචං එයාලා ගැන ලියවිලා නැතුව ඇති.. මොකද ඉතිහාසය ලියපු අය ගැන මගෙ පැහැදිමක් නැහැ.. එයාලා එයාලගෙ විස්තර ලියලා තියන්නෙ... දිපවංශය... මහාවංශය..බෞද්ධ මුලාශ්‍ර වල තියන කරුණු එකිනෙකට පරස්පර වෙන තැන් තියනවා..

රවා said... [Reply to comment]

විශ්මී ට

ඔයාල දෙන්නම (රාවෙන්) ලස්සනට එ දෙ කියලා දෙනවා.. එපැත්ත මට පෙනවා විශ්මි.. එත් ඉන්න හිතෙන්නෙ නැහැ.. දැන් මම අදුරන දෙශපාලනෙ ඉන්න මිනිස්සු ඉන්නව. එ මිනිස්සුත් එක්ක කතාකරා අපෙ පලාතෙ ඉන්න පැල්පත් වාසින් ට අපි එකතු වෙලා යමක් කරමු කියලා.. හිතෙ කොනක තියනවා එකත් ඔයා කිව්වා වගෙ දියවෙලා යයි කියලා, නමුත් හිතෙ ධෛර්යයත් ටිකක් තියනවා කස්ටිය සෙට් උනොත් යමක් කරන්න පුළුවන් කියලා...

දුකා said... [Reply to comment]

මේ සිදුවීම ගැන මට එක එක වර්ගයේ වෙනස් වෙනස් හැඟීම් එනෙන . . .

ඒත් මේකට උඹ කිව්ව වගේ ඒ අම්මට විතරක් වැරදි කියන්න බෑ. අපි හැමෝම මේ සිදුවීම වෙච්චි උනු උනුවෙම නෙමෙයි පුලු පුලුවන් හැම වෙලාවෙම කතා බහ කරලා අපිට කරන්න පුලුවන් දෙයක් තියෙනවද කියලා බලමු

රවා said... [Reply to comment]

නිල් අහසට...
එහෙම කියන්න එපා... හැමොටම අමතක නොවෙවි.. කිපදෙනෙක් හො ඉදිවි මතක තියන.. තවත් අමිලලා කිදෙනෙක් බිහිවෙවිද කට්ටියටම මෙක මතක හිටින්න...තවත් ලමයෙක් ව දලා නෙද...?

මාරයා...ට
ඔව් අයියා නමුත් මෙක කොච්චර වටහලා දෙන්න හැදුවත් මු වටහා ගන්නෙ නැහැනෙ...

රවා said... [Reply to comment]

දුකා අයියා...
රයිට් දුකා අයියා.. මම හිතනවා මෙච්චර දෙයක් වුනාට පස්සෙ බලයෙ ඉන්න හදවත් තියන කිපදෙනෙකුගෙ හො ඇස් ඇරිලා..එයාලා ප්‍රාදෙශිය මට්ටමෙන් සංවිධානය වෙලා යමක් කරන්න පටන් ගනි කියලා...

nimanthi said... [Reply to comment]

මේ ගැන දැන් කතා කරලා වැඩක් නැහැ..
ඔව් ඇත්තටම මේ වගේ දේවල් මීට පස්සෙ නොවෙන්න තම තමන්ට පුලු පුලුවන් විදියටවත් කරන්න දෙයක් තමා දැන් හිතන්න තියන්නේ.

රවා said... [Reply to comment]

ඔව් අක්කෙ.. මෙතන අපිට හදන්න බැහැ හැබැයි පුංචි උත්සහයක් වත් කරන්න ඔනා නෙද....

කරුමක්කාරයා said... [Reply to comment]

මෙතන අවුල මෙක නෙමේ. මේ වගේ දේවල් සිය දහස් වාරයක් වෙන්න ඇති. ඒත් ඔය කෑ ගහන එකෙක්වත් ඇහැක්වත් ඇරල බලල නෑ. දැන් නම් කෑ ගහන්න ඕන තරම් පොරවල් ඉන්නවා..මිනිස්සුන්ව අමු අමුවෙ හූරන් කද්දි, සොච්චම් පඩි දෙද්දි ඒව කතා කරන්න බල්ලෙක්වත් නැ.
ට්ව් එකේ පෙන්නුවාම අනේ පට්ට සංවේදි...ඉකි ගගහ අඩන්නෙ..කාලකන්නි හැත්ත.. අනිත් එක මේ ජන මාධ්‍ය.. පහුගිය සතියටම උන්ට තිබ්බ එකම news එක තමා මේක. කතාවටනම් ස්දාචාරාත්මන ජන මාධ්‍ය, කාට කියන්නද මේව

``` Outsider``` said... [Reply to comment]

මේ රටේ භාගෙට භාගයක් ඉන්නෙ අමිලල තමයි. මේක එක ගැහැණියකගෙ කතාවක්‍ නොවෙයි. එක දරුවෙකුගෙ කතාවකුත් නෙවෙයි. ඇයත් ඔහුත් එක හරස්කඩක් පමණයි. නොමැරී මැරී ජීවත් වෙන බො‍හෝ දෙනෙක්ගේ සාම්පල් එකක් විතරයි. මේකත් එක්ක නීතියට කරන්න කිසිම දෙයක් නෑ කියලයි මම හිතන්නෙ. සමාජයට හදවතක් නැති වෙද්දි නීතිය හදවත කියන්නෙ කුමක්ද කියාවත් නොදැන ඉන්න පුඵවන්.

රවා said... [Reply to comment]

මචන් කරුමා...
මටත් ගොඩාක් ලොකු තරහාක් තියනවා... හිතෙ දුකට වැඩිය තරහායි ආවෙ..දුකයි තරහයි දෙකම හිර කරගෙන හිටියෙ... මිනිස්සු හරිම බලු විදියට බන් හැසිරෙන්නෙ... දැන් අනිත් දරුවො තුන්දෙනාව හදාගන්න අරගන්න යනවලු.. මොන කැත වැඩක්ද බන්....ඇයි බන් මිනිස්සු එකතුවෙලා මෙ දුක් විදින අය වෙනුවෙන් සංවිධානාත්මක වැඩ පිළිවලකට අත ගහන්නෙ නැත්තෙ.. මිනිස්සු එක සිද්ධියක් විතරයි කියලා හිත හදාගත්තා...මෙහෙම ගියහම වැරදි ආදර්ශ ගන්නෙ අම්මලා... තමුන්ගෙ අනිත් දරුවොවත් සැප විදි කියලා අලුත උපන් දරුවා මුහුදට විසික් කරයි... මචන් මම ට්‍රනින් කරපු තැන ලොක්කා කාර් එකෙ ඇවිල්ලා නවකතා පොතක් බලන ගමන් ඔය පොඩ්ඩක් වැඩ කරලා මාසෙකට 1 යි 20 විතර ගන්නවා...නමුත් එතන අවුරුදු 12 ක් යකඩත් එක්ක පොර බදපු මනුස්සයාට මාසෙට 16 යි.. හැමතැනම එහෙමයි බන්....

රවා said... [Reply to comment]

``` Outsider``` ට

මචං මෙ රට මෙහෙම වත් පණ ඇද ඇද දුවන්නෙ හදවත් තියන මිනිස්සුත් මෙකෙ ඇතුලෙ ඉන්න හින්දයි මචන්... මම බලන් ඉන්නෙ හදවතක් තියන මනුස්සයෙකුට බලය හම්බවෙලා එ මනුස්සයා තමුන්ගෙ මිනිස්සු වෙනුවෙන් වැඩක් කරන්න එනකම්... එදාට අපිත් එයාට පුළුවන් විදියට උදව්කරන්න ඔනා.. මෙ යන විදියට ගියොත් මටත් පුංචි බලයක් හම්බෙයි කියන බලාපොරොත්තුවත් තියනවා...

මිස්සක said... [Reply to comment]

මමත් ඔය ප්‍රශ්ණේ ගැන බැලුවේ රවා සහෝදරයා බලපු කෝණෙන්. ඇත්ත.
ලස්සනට ලියවිලා තියෙනවා.

රවා said... [Reply to comment]

මට ටිකක් තරහයි , දුකයි මෙකට...

රසික වික්රමනායක said... [Reply to comment]

අපේ කාලෙ දරු සෙනෙහස ගඟේ යාම කනගාටුදායක සිදුවීමක්.. ඒත් ඒ අම්මා ඒ තත්වෙට පත් උනේ ඇයි කියල නොසොයා බැණ බැණ සිටීමෙන් මේ දේවල් නැවත නැවත සිදු වෙන්න ඉඩකඩ සැකසෙනවා..
එහෙම ඒ ගැන කවුරුත් හෙව්වද කියල මටනම් සැකයි..
මෙම නිර්මාණය ඉදිරිපත් කල ඔබට මගේ ශීර්ශ ප්රණාමය..!

රවා said... [Reply to comment]

රසික අයියා.. මෙතනදි තවම කවුරුවත් ඉදිරිපත් වෙලා නැහැ වගෙ මට දැනෙනවා.. ජාතිය ගොඩ නැගිමෙ අමාත්‍යංශය කියලා දෙයක් තියනවා එතනින් පටන් ගන්න ඔනා එකමුතු විම... මම දැකලා තියනවා ජාතික රුපවාහිණිය, අයි, ටි, එන් එක පාවිච්චි කරලා මිනිස්සුන්ගෙ මොල වල්... ඉතාම කෙටි කාලයකදි වෙනස් කරනවා... ඉතින් එ වගෙ ක්‍රම වෙදයක් යොදාගත්තොත් සාර්ථක බව වැඩි සංවිධානත්මක වැඩසටහනක් කරන්න පුළුවන් වෙවි.. එයට එ බලය තියන මනුස්සයට අලුතෙන් හදවතක් බද්ද කරන්න වෙයි... එච්චරයි...

කස්ටිය