සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

3/16/10

ආදරෙ දුන්න හම............

අපි අපෙ වටෙ ඉන්න මිනිස්සුන්ට සලකන්නෙ කොහොමද එ මිනිස්සුත් අපිට එ වගෙ සලකනවා. කොච්චර නපුරු කෙනෙකුට උනත් ආදරෙන් මල්ලි, නංගි කියලා කතා කරොත් එ පැත්තෙනුත් ටික දවසකින් අයියෙ තමයි අහන්න හම්බ වෙන්නෙ. දැන් මම මෙ කියන්න හදන කථාවත් මෙ වගෙ දෙයක්.. අපි ජිවිතෙ ඉගෙන ගන්න දෙවල්..

අපෙ ගෙවල් පැත්තෙ ඉන්න පොඩි උන් මාව දකිද්දි බය වෙලා දුවනවා.  හිනා වෙද්දි පෙනෙන බුලත් කහට තියන ඉස්සරාහ දත් හතරයි, මුණෙ තැන් තැන් වල වැවිච්ච රැවුල් ගස් ටිකයි දැක්කහම මට උනත් දුවන්න හිතෙනවා. ඉතින් මුකුත් නැහැ වටෙ පිටෙ ගෙවල් වල ඉන්න මිනිස්සුන්ටත් හරිම ලෙසියි.. පොඩි ලමයව කන්න දෙන්නෙත්, නාවන්නෙත් හැම වැඩක්ම කරගන්නෙ, මගෙ නම් මතක් කරලා..." ඔන්න පුතෙ රවා මමා එනවා, ඉක්මනට එන්න බයියන් කන්න " , " මොන්ටිසොරි ගිහිල්ල ඇඬුවොත් රවා මාම ගිලියි"..  පාරෙ යන්න ලැජ්ජාවෙ බැහැ.. වැටවල් වල එල්ලිලා ඉන්න පොඩි උන් දුවලා ගිහිල්ලා පිටිපස්සෙ හැංගෙනවා. ඔය යකෙකුට වත් බය නැහැ කියලා ඉන්න පොඩි උනුත් බය වෙනවා.... කමක් නැහැ පොඩි එකෙක් වත් හැදෙනවානෙ කියලා හිතන් මම උන් ව බය කරනව.



 " මගෙ දත් රතු වෙලා තියන්නෙ අම්මලා තාත්තලා කියනදෙ අහන්නෙ නැති ලමයින් ව ගිලල. මෙයා නම් හොදට කියන දෙ අහනවා වගෙ "
ඉතින් මෙහෙම කිව්වහම මම එ ගෙදරින් යන කම් ඌ ඉතින් සුවච කිකරු පැටියා... හැබැයි මුන්ට ටිකක් තෙරෙන වයසට ආපුහාම ඉන්න ඔනෙ නැහැ. ගල් වලිනුත් ගහලා දුවයි.

අපෙ ගෙවල් පැත්තට අලුතෙන් ආව පවුලක් අම්මයි ,තාත්තයි, පුතයි, දුවයි..දුවට අවුරුදු 8 යි.. අපි සෙල්ලම් කරන තැන ට ඉස්සරහා ගෙදර.. හරිම හිත හොද , අහිංසක පවුලක්. තාත්තා මට රවා මල්ලි කියලා කථා කරන්නෙ, පුතා මට රවා අයියෙ කියලා කථා කරන්නෙ. හැබැයි මෙ පුංචි පැංචී නම් ටිකක් නෙමෙයි හොදටම දරුණුයි. කොච්චර දරුණු කෙනෙක්ද කියතොත් මට හිතාගන්නවත් බැරුව ගියා පුංචි කෙනෙක් මෙච්චර නපුරු වෙන්නෙ කොහොමද කියලා. එයගෙ දෙමව්පියො හරිම අහිංසක, නිවිච්චි , සංසුන් ගති පැවතුම් තියන්නෙ, අයියත්(පුතා) එහෙමයි, මෙ නංගි පැංචා විතරක් නපුරු ගති පැවතුම්. ටිකක් කල් ඉද්දි මට තෙරුනා ලමයගෙ පුංචිම වයසෙ මොකාක් හරි ලොකු මානසික පිඩනයක ඉදලා තියනවා කියලා. මම ඉතින් එ අයියගෙන් නිකමට ඇහැව්වා. අවුරුදු දෙකෙ තුනෙ කාලෙදි පැංචිට මොකක් හරි ලෙඩක් දුකක් හැදුනද ටිකක් බරපතල කියලා.
එ අයියත් පුදුම වෙලා කිව්වා
    " ඔව් මල්ලි මෙයා ගොඩාක් පුංචි කාලෙ මෙයාට හුස්ම ගන්න බැරි පපුවෙ අමාරුවක් හැදුනා, ඉස්පිරිතාලෙ මාස ගානක් ඉදලා ඔපරෙෂන් කරලා තමයි ඔහොම ඉන්නෙ. "..
මම ගත් කටටම කිව්වා
     " බය වෙන්න එපා අයියෙ පැංචිට අවුරුදු 16, 17 වෙද්දි ඔය දරුණු ගතිය මග හැරිලා යයි " .

මමත් පටන් ගත්ත හිමිට කිට්ටු කරන්න.. මුලින්ම මට එ ගෙවල් පැත්තෙවත් එන්න දුන්නෙ නැහැ. කොටුවක් අරන් ගහලා එලෙව්වා. පස්සෙ පස්සෙ මම වතුර ටිකක් ඉල්ලන මුවවෙන්, ටික ටික ලං වුනා. ඉතින් සෙල්ලම් කරන්න ටික වෙලාවකට කලින් ගිහිල්ලා කවියක් දෙකක් තාලෙට ගයන්න පුරුදු කරලා සෙල්ලම් කරන්න යනවා. යද්දි මෙ පොඩි එකී කැගහනවා
"යන්න එපා.. මම තාත්තව එවන්නෙ නැහැ සෙල්ලම් කරන්න, ආපහු අනිත් දවසෙ එන්න එපා  අපෙ ගෙවල් පැත්ත පළාතෙ "

මෙ ලඟදි කොල්ලෙක් මොනවහරි කියලා, මෙ පැංචි ගහලා පැන්සලෙන් ඇනලා, තුවාල කරලා. අම්මට ඉස්කොලෙට අඬගහල කියලා තියනවා.

 මෙ දරුව දක්ෂයි, බුද්ධිමට්ටමත් හොදයි, කවිත් තාලෙට ගායනා කරනවා, පුංචි ගණන්නුත් හොදට හදනවා,චිත්‍රත් අඳිනවා හොදට.  එයා මට එවා ගෙනත් පෙන්නනවා. මම ලස්සනයි කියද්දි මෙයා කියනවා " බොරු කියන්න එපා මට නම් මෙවා කැතයි ". එයා මොන දෙ කලත් සැහෙන්නෙ නැහැ. මට මෙක මීට වඩා හොදට කරන්න තිබුනානෙ කියන හැගිම එයා මට පෙන්නනවා.

ඉතින් මෙ ලඟදි දවසක මම හැන්දැවෙ එයාලගෙ ගෙවල් පැත්තෙ ගිහිල්ලා එ කට්ටියත් එක්ක කතාවක් දාගෙන ඉදලා පැංචිගෙ පොත් පත් ටිකත් බලලා එන්න හදපුවහම මෙ පැංචි අඬන්න ගත්තා.
"රවා අයියට යන්න දෙන්න එපා " කියලා හයියෙන් මම ලඟට දුවගෙන ඇවිල්ල ඉනෙන් බදාගත්ත. මට දැන් කඳුලු පනින්නත් ඔන්න මෙන්න. මමත් ඉතින් හිමිට දන ගහලා කිව්වා.
"පැංචියෙ මම ගියොත් නෙ ආපහු එන්නෙ, අපෙ අම්මත් බය වෙලා මාව හොයනවා ඇති. මම ගිහිල්ලා එන්නම්, අම්මට කියලා හරිද, අපි චිත්‍ර අදිමු, පාටකරමු , මම ඔයාට කවිත් කියලා දෙන්නම් කියලා.. ඉතින් එ එයාගෙ තාත්තත් ඇවිල්ල කෙල්ලව තුරුල් කරගෙන ඉද්දි මම එන්න ආවා. මුකුත් නැහැ වැට පාස් උනා විතරයි මගෙ ඇස් දෙකට කඳුලු ඇවිල්ලා..


පුංචි දරුවො.. ආදරෙ හොයනවා හොයනවා හම්බ වුන තැන එකතු කරගන්නවා. මම පුංචි කාලෙ කිපදෙනෙකුට  "තාත්තෙ" කියලා තියනවා. දෙන්නෙකුට " අම්මෙ" කියලා තියනවා. එ අම්මාවයි තාත්තවයි දකින්න නැතුව. පුංචි දරුවෙකුට ලොකු පිඩනයක් හම්බ වුනාහම එ දරුවා එක පෙන්නනෙ එක එක ලක්ෂන වලින් එක මගෙ ජිවිතෙනුත් මම දකිනවා. ආදරෙ අඩුවෙන් හම්බ උනු මිනිස්සු දන්නවා එකෙ තියන වටිනාකම. එක හින්දා එ මිනිස්සු තමුන්ට හම්බ වුන් පොඩි දෙයත් බෙදලා දානවා. එක බෙදන්න, බෙදන්න එයාලගෙ හිත් වල තියන දෙ අඩු වෙන්නෙ නැහැ වැඩි වෙනවා මිසක්. හරිම පුදුම ගණිතයක්, මම ඉගෙන ගත්තු දෙවල් වලින් නම් පැහැදිළි කරන්න බැහැ මෙක. හදවතින්ම ආදරෙ දුන්න හම හදවතෙ තියන ආදරෙ වැඩි වෙනවා. හරිම පුදුම දෙයක් නෙද..

56 අදහස් දැක්වීම්:

මාරයාගේ හෝරාව said... [Reply to comment]

පොඩි එවුන්ට ආදරෙ කරනවා කියන එක ගැන නම් කථා කරන්න එපා රවා.
අන්තිමට උන් අපේ හිත විතරක් නෙවෙයි, ආදරෙ විතරක් නෙවෙයි, හැම දේම මංකොල්ල කනවා.
හැම දේම..

නරකම දේ තමයි උන් ලොකු වෙන එක..

nimanthi said... [Reply to comment]

හනේ අම්මේ ලමයි මේ අපේ රවාට එච්චරටම බයයිද..ඒක වෙන්න ඇති අපිටත් කියන්නේ බය වෙනවකෝ හලෝ කියලා නේද? හිතන් ඇති අපි බය වෙයි..
ඒක නම් ඇත්තමයි මල්ලි.. අපි කොයි තරම් නපුරු ලමයෙකුට උනත්..,ආදරෙන් කතා කරලා තේරුම් ගන්න හැදුවොත් ඒ ලමයා අපිට හදා ගන්නත් පුලුවන්..සතෙකුට උනත් මේක පොදුයි නේද..මම හිතන දෙයක් කියන්නද..?ඔයා බලන්නකෝ උකුස්සාගේ සිහින නවා තැන කියන මගේ පෝස්ට් එක මම හෙට එතන ලියලා තියන්නම්.

තිස්ස දොඩන්ගොඩ said... [Reply to comment]
This comment has been removed by the author.
තිස්ස දොඩන්ගොඩ said... [Reply to comment]

මදෑ රෑවෙනකල් නිදි මරලා ඔලුව එකලාසයක් කරගෙන ඔ‍ෆිස් වැඩට බැස්සා... එක්කන් ගියේ නැද්ද මාව ගෙදර, මේ රවා...
එපා වෙනවා බං පොඩි උන් ගැන ඇහුවහම... මෙහේ Shopping Malls වලට ගිහින් මං පොඩි උන් දිහා බලං ඉන්නවා...
ලංකාවේ ඉන්න කාලේ මගේ පොඩි උන්, මං වැඩ ඇරිලා ගෙදර ගියහම, වෙලාවකට මගේ අත් කෑලි ගැලවෙන ගානටම හපනවා... ඒ උන් ආදරේ පිටකරන හැටි...
ඉක්මනටම උඹටත් ඔය දොරේ ගලන ආදරේ බෙදාගන්න තමුන්ගේම උදවිය ලැබේවායැයි හදවතින්ම පතනවා මල්ලියේ...

දිල් said... [Reply to comment]

රවා ගෙ කතාවට මම 100% එකගයි. පොඩි අය ආදරේ හුගාක් හොයනවා. මාත් මගෙ පොඩි කාලෙදි ආදරේ හුගාක් හෙව්වා. පොඩි අය හරි කැමතියි අපි එයාලට අවධානය දෙනවට....එයාලට මිතුරු උනාම ඕනෙම දෙයක් කරනවා..

මම කලින් හෝමාගම ඈතින් නෑයෝ වෙන කෙනෙක්ගෙ ගෙදර නැවතිලා උන්නා. ඊට පස්සෙ මගෙ ඔෆීස් එකට දුර නිසා අවුරුදු 2කට පස්සෙ එතැනින් ආවා. මම එන දවසෙ ඒ ගෙදර පොඩිම දුව අඩන එක නවත්තගන්න බැරුව ගියා....

මොකද එයා එක්ක මම ඒ තරම්ම කිට්ටුයි. අන්තීමට මට බොරුවක් කියන්න උනා. මම ඉන්දියා යනවා කියලා. එයා සැරෙන් සැරේට හීනෙන් අඩන්න ගත්තලු. මාව හොයලා. .....

දැන් උනත් මම එහෙ ගියාම එයා මා ලගමයි. බෙල්ල බදාගෙන ඉන්නවා. ගෙදර කේළම් ඔක්කොම මට කියනවා..ඒ එයා මාව එයගෙ හිතට ලං කරගෙන ඉන්න නිසා

ළමා ලෝකය අපි දකිනවට වඩා ගොඩාක් වෙනස්...ගොඩාක් වෙනස්

wath said... [Reply to comment]

මාත් එක්ක නම් පොඩිවුන් යාළුවෙන්න වැඩි වෙලාවක් යන්නෙ නැහැ....

"නරකම දේ පොඩිවුන් ලොකු වෙන එක " සහතික ඇත්ත.

- නිල් අහස - said... [Reply to comment]

ආදරය..ආදරය...ආදරය...............
අනේ..මේ..ආදරයට, හැමෝම මොන තරම්, ආදරෙයිද..ලෝබයිද.
ලොකු, පොඩි, තරුණ, මහලු..හැමෝම එක විදියට ආදරයට කැමතියි.

ආදරයත්..හරියට අයිස් ක්‍රිම් වගේ.
මොකද අයිස් ක්‍රීම් වලටත්, වයස් බේදයක් නෑනේ.

මම නම් ඔය දෙකටම..සෑහෙන්න පෙරේතයි...රවා.

දිල් said... [Reply to comment]

නිල් අහසට /

ඔයා විතරක් නෙමේ..ඇයි මම....මාත් හරිම පෙරේතයි

රවා said... [Reply to comment]

මාරයියට....
ක්‍රමයක් නැද්ද මුන්ව පොඩි උන් කරලම තියන්න..මළ වදෙ එකෙක් ඉන්නවා... ප්‍රශ්නම අහනවා.. මන් දන්නෙ නැති එවා අහද්දි මම කියන්නෙ.." මම පොඩි උනාහම කියලා දෙන්නම් පැටියො කියලා..

නිමන්ති අක්කාට...
ඔය බය නැති පොඩි උන්ව බය කරගන්න හැටි මම දන්නවා....නිමන්ති අක්ක උනත් මට ලොකු නැහැ... හරිද.... හැන්දැ ජාම නිමන්ති අක්ක ඉස්සරා හිනා වුනා නම් ඇති බය වෙලා දුවන්න... මම බය නැහැ කියලා කියන මිනිස්සු ඇත්තටම බයයි...

රවා said... [Reply to comment]

තිස්ස අයියා
ඔන්න තිස්ස අයියා කිව්ව කතාවක් තමුන්ගෙම අය කියලා.. මට නම් තමුන්ගෙ අනුන්ගෙ කියලා දැනෙන්නෙ නැහැ, එක කියලා දෙන්න මට කවුරුත් හිටියෙ නැහැ. එක හින්දා හැමදාම මෙ හිඟන්නා තනියම අම්මත් එක්ක, පාරෙ උනත් කවුරු හරි වයස කෙනෙක් යනවා දැක්කහම යන වාහනෙක නග්ග ගන්නවා..තිස්ස අයියා කිව්වෙ මගෙම කියලා දරුවෙක් ගැන වෙන්න ඔනා.....හරි හරි බලමු නෙද හිතෙ කෙනෙක් ඉන්නවා.. එයා මෙ ටිකෙ දුරින්... නමුත් ඔය තමුන්ගෙම කියනදෙ දැනුන දවසකට මම ගොඩාක් අත්මාර්ථකාමියෙක් වෙනවා නිසැකයි...

රවා said... [Reply to comment]

වත්, දිල්, නිල්..
මටනම් පොඩි උන් ලං වෙන්නෙ නැහැ.. උන් බයයි. හැබැයි ටික දවසක් යනවා, උන් හරියට යකෙකුට බය වෙලා වගෙ... හැබැයි ටික දවසකින් කරෙ එකයි , අතෙ එකයි උස්සන් ගස් පුච්චන්න යන්නෙ... මමත් තාම මනසින් ගොඩාක් පුංචි, පොඩි එකෙක්ව දැකල උ ත් එක්ක හුරතල් වෙද්දි උන්ගෙ අම්මා මට එව්වා මෙව්ව කියනවා. " නාකි හුරතලෙ කියලා.........

දිල් said... [Reply to comment]

තිස්ස අයියට දුක හිතෙන්න ඇති රවා...මතක් වෙන්න ඇති පොඩි එවුන්ව.....ඔය ඔක්කොම කරන්නේ, ඔයා එයාලගෙන් ඈත්වෙලා ඉන්නෙ ඒ අයගෙම අනාගතය වෙනුවෙන් නෙ. නේද තිස්ස අයියා ...........

රවා said... [Reply to comment]

තිස්ස අයියා මම කිව්ව එකට හිත රිදුනා නම් සොරි වෙන්න ඔනා... අපිත් සෙට් එකත් මගෙම අය වගෙ තමයි..දවසක ඔයගෙ දරුවො ටික බලන්න එන්නම්... හදගීපොතෙ පැටවු ටික.....

තිස්ස දොඩන්ගොඩ said... [Reply to comment]

@ රවා: ඇත්ත මල්ලියේ... කොච්චර එහෙම වුනත් අපි තමන්ගේ අයට ආදරයේ වැඩී මල්ලියේ...
එහෙම දෙයක් තමයි මම කිව්වේ... ඇයි දුරස් වෙලා... උඹට කරගන්න ඕනාම නම් අපි ගේමක් දෙමු... හැබැයි උඹ කෙලි ඉන්න ඕනෑ...
@දිල්: එව්වා ගැන නම් කතා කරලා වැඩක් නැත නංගියේ...අවුරුදි 38 විතර උපන්දා ඉඳන් ක් තමන්ගේම අය එක්ක එකට ඉඳලා වෙන් වෙන්න වෙන එක... මට ඒ වැඩේ හුරුම නැහැ... ඒ අතින් රවා මල්ලිගේ, අපේ මාරයාගේ හිත් ගොඩක් හයියයි....

LishWish said... [Reply to comment]

ඉස්සර මගේ හිතේ පොඩි බයක් තිබ්බා පොඩි උන්දැලාව අතට ගන්න. දැන්නං ඒක යනතම් ඇරිලා ගිහින්. මේ ළඟදී දුකා ලංකාවට ආපුවෙලාවේ සිය පවුල පිටින් අපේ ගෙදර ආවා. මට මේ සටහන් කියවන කොට ඔලුවට ආවේ දුකාගේ පොඩි එකාවම යි.
ඒ ඉරිසියාවක් ක්‍රෝධයක් නැති ආදරය මේ පැටවු කරදඬු උස්මහත් වෙන කොටත් තියෙනවා නම් මොන තරම් අගේද..?
මේ අහිමි කිරීම් වලට වග කියන්න ඕනේ මේ මුග්ධ සමාජය..!

මිස්සක said... [Reply to comment]

ආදරේ නොලැබුණත් ආදරේ දීලා හරි සතුටු වෙන්න පුළුවන්නේ...
පොඩ්ඩෝ හොඳයි තමයි දිගටම පොඩිවෙලාම ඉන්නවානම්. අමරණිය වෙන්න ඉන්ජෙක්ෂන් එකක්වත් හොයාගත්තානම් හරි...

ගයාන් තාරක said... [Reply to comment]

මං බයයයයයයයයයයයය උනා.
රවා පොඩි අය බය නොකර ඉන්නකෝ

මට ඕකෙ අනිත් පැත්ත. යන යන තැනින් බේරුමක් නෑ. හුරතල් කරාම තියල එන්න බෑ.

හැබයි එකදෙයක් ,ගොඩක් වෙලාවට පොඩි අයට ආදරේ කරන අය ගැන ඉවක් තියෙනවා කියල හිතෙනවා.

Raven said... [Reply to comment]

මාත් එක්කත් පොඩි උන් හරි ඉක්මනට එකතු වෙනවා. දැන් කාලෙ හුගක් අම්මල තාත්තලාට ළමයි හුරතල් කරන්නවත් වෙලාවක් නැහැ. එක්කො ඒ උදවිය දන්නෙ නැහැ. එහෙම උනාම අසරණ වෙන්නෙ පොඩි එවුන්.

සංවේදී සටහනක් රවා.

මාරයාගේ හෝරාව said... [Reply to comment]

රවා...
මම හැමදාම ට්‍රයි කරනවා රවාගේ ලිපියකට අංක 1ට ප්‍රතිචාරයක් දාන්න. ඔන්න අද තමයි පුළුවන් උනේ. මෙ සතුටටත් එක්ක ඔන්න තව වීදුරුවක් පිරෙව්වා.
හැමදාමත් වගේ මගේ අංක 1 වෙන්නේ නම් රවා තමයි.

තිස්ස අයියා...
මාරයාගේ හිත හයිය නෙවෙයි. හිත හංගන් ඉන්නේ..
එක අතකට බලාගෙන යන කොට එහෙම තමයි.. හිත දැන් යකඩයක් වෙලා.. වෙලා නෙවෙයි කලා.. ඒත් මම නෙවෙයි.. මම මගේම කියලා හිතාගෙන හිටපු මගේම අය
මාත් මගේ අය වෙනුවෙන් කියලා හිතාගෙන මැරීගෙන කරපු කාලයක් තිබුනා.. ඒත් ඒ කාලේ මම කල දෙයක් වැරදුනාම මගේ හිත හදන්න කවුරුවත්ම හිටියේ නැහැ. මම මගේ ජීවිතේට මෙ වෙනකල් නයක් වෙලා නැහැ ඒවගේම තමයි කිසිම ලාභයක් උදෙසා මම අසාධාරණ නීති විරෝධී දෙයක් දෙයක් කරලා නැහැ.
අම්මා තාත්තා උනත් වැරදියි නම් වැරදියි කියන්න තරම් මැදහත් කමක් මගේ තියෙනවා. නමුත් ඒ දේවල් මෝඩකම් සහ වැරදි ලෙස දකින අය නිසා මම තනි උනා. ඒ විතරක් නෙවෙයි මිනිහෙකුට ජීවිතයේ කවදාවත්ම මුහුණ පාන්න වෙන්නේ නැති සිදුවීම් මාලාවකට මම මුහුණ දුන්නා.මට මගේ කියලා හිටිය අය අප්‍රසන්න උනේ ඒ නිසයි. මම කවදාවත්ම මගේ අම්මාටවත් සහෝදරයාටවත් වෛර කරන්නේ නැහැ. ඒත් ඒ අයට සමාව දෙන්න මට විධියක් නැහැ. මට මාවම නැති කළ අය වෙනුවෙන් මම තව දුරටත් පෙනී ඉන්නේ නැහැ. මම කවදාවත් ඒ කථාව මෙ අවකාශයේ ලියන්නෙත් නැහැ.
ගෙදර ඉන්නකල් මම කලේ ඒ අය වෙනුවෙන්. මම ගෙදරින් එළියට බැස්සේ 2001 අවුරුද්දේ.. එදා ඉදලා මම මම වෙනුවෙන් මෙ වෙනකල් කිසිම දෙයක් කරගෙන නැහැ. ඉදිරියට කරන්නෙත් නැහැ.
මම බලාපොරොත්තුවලට බයයි. කිසිම දෙයක් ගැන අද මගේ කම්පාවක් නැහැ. මැරෙනකල් ඔහේ ජීවත් වෙනවා. බොහෝ දුරට එපාම උන වෙලාවක මම ජීවිතේ අවසන් කරගනීවී. දැන් අවුරුද්දක වෙලේ ඉදලා මම යන යන තැන ගෙනියන එකම දේ ඒ වෙනුවෙන් මම එකතු කල දේවල් අඩංගු කුප්පියක් විතරයි.
ඇත්ත මම හිතක් පපුවක් නැති එකෙක්.
මාරයා මැරිලා ඉවරයි..
ඌ ජීවත් වෙනවා නෙවෙයි..
ජීවත් වෙන උන්ට හිනා වෙනවා විතරයි...

චේජනා said... [Reply to comment]

රවා මල්ලි,
මට ලියන්න කමෙන්ට් එකක් නම් හිතට ආවෙ නෑ, පොඩිඋන් ගැන,
ඒත් ඉතින් මම ආව බව ලියල තියල යනව

තිස්ස දොඩන්ගොඩ said... [Reply to comment]

මොකද්ද යකෝ ඒ කියපු අමන කතාව...! උඹට එක කුප්පියක් තියනවා නම් මම කුප්පි දහයක් බොන්න ඕන මිනිහෙක්.... මගෙ සන්තකේට මට තිබ්බෙත් යාලුවෝ කියල කොටසක් විතරයි.... මගේ මරන දැන්වීම දැකලා උඹලා විහිලුවකට ගත්තට මටනම් ඔය කියපු කතාවට අම්මපා උඹට අතදිගහැරල එකක් දෙන්න හිතෙනවා... මම උඹ ආස්‍රය කරලා නැති එක ඇත්ත... ඒවුනාට මම උඹේ හතරෙන් පංගුවක් විතර දන්නවා.... මට ඒ ටික රටක් වටිනවා... ලඟට වෙලා ඉඳන් කන කාපු උන්ගෙන් උඹම කියපු විදිහට හිරේ නොවැටී, වෙඩි නොකා බේරිලා හිටපු මට උඹලගේ සංවේදී කම වචනයෙන් විස්තර කරන්න බෑ... මට ඒවා ඔය උඹේ යාව ජීව වගේ තමා... අයි යකෝ හදවතේ කරුණාවක් හංගන් හරි ඉන්න මිනිහෙක් අනෙක් උන්ට පහණක් වගේ නේද මේ කැලෑවේ... උඹට ඔහේ ඉන්න බැරිනම් මෙහේ වරෙන්... නිකන් අමන මරි වැඩ නොකර... ගහන්න හිතෙනවා අම්මපා ලැප් එක පොලවේ කියපු ගොං කතාවට... උඹ මට මල පන්නන්නද ඒක කිව්වේ ඇත්ත කියපන් ඉක්මනටම...

Chandika @ ..::E-KiCkS::.. said... [Reply to comment]

පොඩි උන් ගැනනම් කියන්න වචනත් නෑ.. විකාරයක් වෙලාවකට....ඒත් අනේ මන්දා මං උන්ට හරිම ආදරෙයි.... ලමයින්ට ආදරේ කරන්න කසාද බදින්නම ඔනයැ...

රවා said... [Reply to comment]

මාරයට....
අයියා මෙ අහපන්... උඹෙ කථාව කියපන්.. අපි කිපදෙනාගෙන් කෙනෙකුට කියපන්... හැමොටම කියන්න ඔනා නැහැ.. කියපු දවසට උඹට සැහැල්ලු නින්දක් ගන්න පුළුවන් වෙවි.. උබෙ හිතෙ තියන බරත් අඩු වෙවි.. අපි උඹෙන් වැඩියමක් ඉල්ලන්නෙ නැහැ. අපි උඹෙන් උඹ හම්බකරන දෙයින් කොටසක් ඉල්ලන්නෙ නැහැ.

උඹෙ කතාව කියපන්. එක පිරිමි කෙනෙකුට නොගැලපෙන දෙයක් කියලා හිතන්න එපා. පිරිමි කෙනෙක්ගෙ දුකක්, කරදරයක් තෙරුම් ගන්න ගැහැනු කෙනෙක්. ගැහැනු කෙනෙක්ගෙ දුකක් කරදරයක් තෙරුම් ගන්නෙ පිරිමි කෙනෙක්, ලොකෙ හැදිලා තියන්නෙ එහෙමයි..

උඹ අපෙන් කෙනෙකුට එ දෙ කියපන්... කාට උනත් කමක් නැහැ.. උබ බොහොම පොහොසත් කෙනෙක්.. එ කියලා ඉවර වෙලා..කුප්පිය ගනින් අතට...
කුප්පියෙ තියන අරක්කු ටිකෙන් කොටසක් රවා මල්ලියටත් තියපන්... කො උබෙන් රිප්ලයි එකක් නැහැනෙ.. උබත් එක්ක කථා කරන්න ආසයි.....

තිස්ස දොඩන්ගොඩ said... [Reply to comment]

මොකාද රවා මල්ලියේ මූට වැහිල තියන යකා... යකාද යකින්නද...?
උඹට වෙලා තියේනම් ගිහිල්ල හම්බ වෙයන් මූව...

මාරයාගේ හෝරාව said... [Reply to comment]

තිස්ස අයියා ඒක තමයි ඇත්ත..
බනින්න ඔනනං බනින්න..
ඒත් කියපු දේ අකුරකින්වත් වෙනසක් නැහැ.
ඔයත් දකින්න ඇති කීප දෙනෙක්ම කීපතැනකදීම කියලා තිබුනා මගේ බ්ලොග් එකේ නම වෙනස් කරන්න කියලා.
ඒත් මගේ බ්ලොග් එකේ නම දැම්මෙ මම ඔය කියපු කාරණාව උඩ.
මම බොහෝම ආදරයෙන් බලන් ඉන්නවා ඒ හෝරාව මා කරා ළගා වෙනකල්..
ඒක පරක්කු වැඩියි වගේ දැනුන වෙලාවක මමම ඉස්සර වෙන් තියෙන ඉඩ වැඩියි.
සමාවෙයන් මෙ ටික මෙහෙම අමුවටම කියලා දාන්න උන එකට.
ඒත් ඇත්ත තිත්තයි...

තිස්ස දොඩන්ගොඩ said... [Reply to comment]

අනේ අම්මපා බලපල්ලකෝ හැබෑටම... මොනව කිව්වත් හිත් වදිනවද කියල ඉතින්... අපිට උඹේ අලුත් යාලුවෝ විදිහට හරි මොකවත්ම කරන්න බැරිද ඉතින් ඒ කියන්නේ... අපිට උඹ දිහා බලා ඉන්න විතරක්ද කියන්නේ...?

විශ්මි said... [Reply to comment]

පුංචි පැටවු ගැන නම් ඉතින් කතා කරල ඉවරයක් කරන්න බැහැ රවා..... පොඩි එවුවො ආදරේ එකතු කරනව විතරක් නෙවෙයි... ආදරේ බෙදනව... යන යන තැන මටත් කොහෙන් හරි පොඩි එකෙක් එකතු වෙනව... බස් එහෙක ගියත් ගෙදරකට ගියත් එහෙමයි.... පොඩි එවුන් හරියට කාන්දම් වගේ.. ආදරයක් දැනෙන තැනකට ඇදෙනව.... සංවේදී සටහනක්.....

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය said... [Reply to comment]

මම කල්පනා කරනවා වේලාවක මේ බ්ලොග් ලියන අය ඇත්තටටම හෑබම මිනිස්සු නේද කියලා හරිම නැවුම් අත්දැකීමක් මේ දේවල් එක්ක අපිට ජීවිතේ බෙදාගන්න පුලුවන්. දුක සතුට කියන්න කවුරු හරි ඉන්නවා. ඒකයි වැදගත්

රවා said... [Reply to comment]

lishwish අයියා..
මම දැන් ගන්නෙත් නැහැ. පොඩිම උන්.. මගෙ දෙවියනෙ.. පුංචි වැරැද්දක් වත් උනොත් මට මැරි මැරි ජිවත් වෙන්න නෙ වෙන්නෙ කියලා. මගෙ යහලුවගෙ බිරිද මට එයාගෙ දරුවව අතට ගෙනත් දුන්නා. ඉපදිලා දවස් දෙකයි.. මම එ නංගිගෙන් සමාව ඉල්ලුවා. මට එයාව අතට ගන්න බැහැ කියලා යහලුවා ඉස්සරහාම කිව්වා. මම එයාව ලොකු උනහම කරෙ තියන් යන්නම් කියලා කිව්වා.

රෙස් එකට වැටුනහම දුවනවා, දුවනවා. ගණන් 98, විද්‍යාව 97, ඉංග්‍රිසි 99........ අම්මාට අසනිපයි පුතෙ "#%$^#%^@$%!$#@"...

දක්ෂ machine ටිකක් බිහි කරනවා.. නිර්මාණශිලි මිනිස්සු වෙනුවට...

රවා said... [Reply to comment]

මිස්සක
උන්ව පොඩි කරන්න බෙහෙත් හොයනවට වැඩිය ලෙසියි.. අපි උන් ඉස්සරහා පොඩි වෙන එක...

ගයාන් තාරක...
තොත්ත බබෙක් කියලා ආරංචියි..ලිනක්ස් රහස් එහෙම දන්නවනම් බ්ලොග් එකෙ දාන්න...

රෙවන්
ඔව් අසරන වෙනවා.. නමුත් අන්තිමට අසරන වෙනවා දෙමව්පියො.. දරුවව කිසි තෙතමනයක් නැතුව හදලා.. උන් දෙමවුපියන්ට සලකන්නෙත් එකම හැන්දෙන්.

රවා said... [Reply to comment]

චේජනා අක්කට...

............ මොනවා..... ලමයෙක් ගැන ලියන්න මොනවත් හිතට ආවෙ නැහැ.....වහාම පුංචි පැටියෙක්ව පපුවට තුරුල් කරගෙනෙ ඇස් දෙක පියාගෙන තප්පර 120 විතර නිශ්ශබ්ද තැනකට වි ඉන්න... ඔයාට ගොඩාක් දෙවල් ගලාගෙන හිතට එයි..ඔයා එ වෙලාවෙ මහන්සි වෙලා ආතතියෙන් වෙන්නැති ඉන්නැත්තෙ එකයි ඔයාගෙ හිතට මුකුත් නාවෙ නැත්තම් ඔකට ගලාගෙන එන්නෙ...

චන්දික මල්ලි
ලමයින්ට කරන ආදරයෙ ගැන ගොඩාක් දෙවල් තියනවා.කියන්න දවසක සෙට් වෙලාම කථා කරමු...

විශ්මී
ස්තුති විශ්මි.. හැබැයි විශ්මි ප්‍රවෙසමෙන් යක්ශ පොඩි උනුත් ඉන්නවා.. ඔය අස්සෙ...

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය

අපි ලියන්නෙත් අපෙම දෙවල් යාලු..
අපි බෙදාගන්නෙ අපිවමයි..
අපි ඉන්නෙත් අපි අතරමයි යාලු
අපි මැරෙන්නෙත් මෙ අතරමයි..

රවා said... [Reply to comment]

තිස්ස අයියාට

අරු ගැන නම් කථා කරලා වැඩක් නැහැ... මම ලඟදි දවසක් යනවා. ඌව හොයාගෙන මහගම සෙකර පලාතට...

චේජනා said... [Reply to comment]

ඔයා හරි රවා, හුස්මක්වත් ගන්න හිතන්න බැරි තරම් කරදර දවසක අවසානයේ තමයි මම ඊයෙ හිටියෙ, අනික ඉතින් පොඩි දරුවෙක් අතට ගත්ත දවසක්වත් මතක නෑ දැන්..මෙහෙ පොඩි බබාල හම කළු නිසා අපිට බයයි, එහෙමත් පොඩි එකෙක් තමයි චුට්ටක් බලන්නෙවත්

රවා said... [Reply to comment]

බය වෙන්න එපා.. ඔයා ගාව අවශ්‍ය දෙවල් ඔක්කොම තියන්වා...හදවතෙ, වෙලාව ආපුහාම අත දිග ඇරලා දෙන්න තියන්නෙ..ජිවිතයත් හොයන්න ඔනා අක්කෙ.... බලාගෙන ජිවිතය ඔයාව හොයාගෙන එද්දි ඔයා කොහෙ හරි ගිහින් හිටියොත්.... දරුවෙකුව හුරතල් කරන්න ඉක්මනට...

``` Outsider``` said... [Reply to comment]

මමත් දන්න කාලෙ ඉඳන් පොඩි එවුන් බය කරන්න හැදුව ඒ වුණාට උන් මට බය වෙන්නෙම නැති නිසා වැඩේ අල්ලල දැම්ම.
කොහොම වුණත් රවාගෙ කතාව සම්පුර්ණයෙන්ම මටනම් පිළිගන්න පුඵවන් නිවැරැදියි කියල.

රවා said... [Reply to comment]

``` Outsider``` ට
පොඩි උනෙ නෙ බන්... අදරෙනෙ හොයන්නෙ... ටිකක් ඉතුරුවෙලා තියන එක ඔන්න ඔහෙ දිලා දැම්මා.....

sansarasidu said... [Reply to comment]

රවා,
පුංචි උන් දෙස රවා නොබලා...
ආදරය බෙදා දුන් නුඹ...

ඇත්තටම සොඳුරු මිනිසෙක් මැයි...
මේ සංවේදි සටහනට උඹට නොවක් තුති..

කියවපු මගෙ දෑසත් කඳුලෙන් බොඳ වුණා මචං..

රවා said... [Reply to comment]

තැන්ක්ස් සනා...අපි මෙහෙමයි දං කඩන්නෙ.. පොඩි උන්ට නම් ඉතින් ඔනා දෙයක්...
අපි ඔයගෙ එකට ඇවිලා හිනාවෙලා යන්නෙ... ගණුදෙනුව සම බර නැහැ.. හරි මම එකටත් මොනවා හරි කරන්නම්....

බිඟුවා...! said... [Reply to comment]

මට මේ කියවනකොට රවා මෙහෙම එකක් ඔළුවට ආවා.

මාව ඉස්සරලාම මොන්ටොසෝරි දාපු දවසේ මම හොඳටම ඇඩුවලු. තරහ වැඩි කමට මම අපේ පොඩි ටීචර්ගේ පස්ස පැත්ත හපලා.
එදා ටීචර්ට ඉඳ ගන්නත් බැරි වෙලා තිබුනලු. හරිම මුරණ්ඩු ලමයා මමලු. පොඩි ටීචර් වැඩිම ආදරේත් මටලු. ඔය කොහොම හරි අපි දෙන්නා ෆුල් පිට් එකේ ඉඳලා තියෙන්නේ.
මාව 1 වසරට දාන්න හදනකොට මම බෑ කියලා ආපහු ගිහිල්ලා පොඩි ටීචර් ගේ ගෙදර. මල කෙලි ගොඩයි. කොහොම හරි ටීචර් වැඩේ ගොඩ දාලා. පස්සේ ටීචර් කියලා එයාගේ ජීවිතේ හමබ් වෙච්ච නපුරුම හොඳම ලමයා මමලු. අදත් ඒ කතාව එහෙමම කියනවා.


මට නම එහෙම ලොකු මතකයක් නෑ. නමුත් ඇයට...


මේ කියමනේ ලොකු දෙයක් තියෙනවා කියලා අමතක කරන්න එපා ඔන්න...


/බිඟුවා...!

බිඟුවා...! said... [Reply to comment]

ආදරෙ දුන්න හම ද?

ආදරෙ දුන්නාම ද?

රවා said... [Reply to comment]

තිස්ස අයියට...

සොරි වෙන්න ඔනා... ඔයා අහපු දෙකට මට උත්තර දෙන්න බැරි උනානෙ... පුංචි පුංචි ප්‍රශ්න කිපයක් හින්දා කෙල්ලට ඈතට යන්න සිද්ද වුනා... මම ඉතින් කොහොමත් දන්නවනෙ... මොල් ගහෙ ඔතපු කෙස් ගහක් වගෙ තමයි.... බය වෙන්න දෙයක් නැහැ.. තිස්ස අයියා...මට දෙයක් අවශ්‍ය නම් මම එ දෙට සුදුසු වෙන්න ඔනා... එච්චරයි... තාම මම එ දෙට සුදුසු නැහැ... ඉතින් මම එ දෙවල් වලට එලවන්නෙ නැහැ...

රවා said... [Reply to comment]

බිඟුට...

මට නම එහෙම ලොකු මතකයක් නෑ. නමුත් ඇයට...

බිඟු ඔයා දවසක ඔයගෙ බ්ලොග් එකෙ මෙක දාන්න.. මගෙ ඉල්ලිමක් මෙක...ඔයා මෙ කිව්ව වචන 8 ඇතුලෙ සති ගණනක් කථා කලත් ඉවර වෙන්නෙ නැති තරම් දෙවල් තියනවා.... මගෙ දෙවියනෙ.. එත් කමක් නැහැ බිගු ගොඩාක් දෙවල් තියනවා... අපිට හිතන්න...දරුවා, ගුරුවරයා හා ස්භාවධර්මයෙ නියමයන් එක්ක මුසු වුනු අපුරු චමත්කාරය සිතුවමක් මගෙ හිතෙ මෙ ටිකට මැවුනා...

ඔයා අනිවාර්යෙන්ම ඔයගෙ බ්ලොග් එකෙ.. ඔයගෙ මොන්ටිසොරි කථාව මතක විදියට දාන්න.. රසවත් කරලා... මම එතනදි කියන්නම්.. ඔය වචන ටිකෙ තෙරුම මම හිතන ආකාරය....

madura said... [Reply to comment]

ළමයින්ගෙ මානසික වෙනස්කම් වලට වැඩි හරියක්ම බලපාන්නෙ ඒගොල්ලන්ගේ වටේ ඉන්න අය ඒ අය කොච්චර හොඳවුනත් ළමයාට ඕන දෙ ඒ අයගෙන් හම්බෙනවා අඩුවුන ගමන් ළමයා වෙනස් වෙනවා, ළමයි ලෝකය දකින්නේ තමන් දන්නා දේවල් වලින් ඒවාගෙ පිං පවු හොඳ නරක යන ඒවා ළමයාට තෙරුම්ගන්න අමාරු වචන ටිකක් වෙන තරමට ළමයා ඒවා ගැන සලකන්නෙ නෑ, හොඳම දේ තමා ඒ අයට උදාහරණ එක්ක ඕවා කියලා දීම හරියට ඔබ කළාවගේ වෙනත් අයත් කරන්න ඇති ඒත් ළමයාට ඕනා හැටියට කෙරිලා නෑ ළමයාගේ සිතේ තියෙන්නේ තමන් හා තමන් දන්නා දේ සියල්ල හරි කියලා තමන්ට වඩා වෙනස් අදහස් ඇත්තෝ ඉන්නා බව තමන්ට වඩා වෙනස් ළමයින් ඉන්නා බව ඒ අය හිතන්නේ නෑ. සෑම වැඩිහිටියෙක්ටම ඔය හැම දේම තේරෙන්නෙත් නෑ, 'ඇයි' කියන ප්‍රශ්නය සමහර ළමයි ගොඩක් අහනවා මේ ගැන ගොඩක් වැඩිහිටි අය තරහ අරන් ළමයාව පන්නගන්නවා. පැහැදිලි කරන්න අමාරු නම් දෙන්න ඕනා පිළිතුර මම දන්නේ නෑ කියන එක එහෙම කිව්වාම ළමයා උත්සාහය අත අරින්නෙ නෑ, මාත් ඔය පොඩි කාළේ නැති වෙන්න ප්‍රශ්න අහලා අපේ යාළු අයියා කෙනෙක්ව හොදටම හෙම්බත් කරලා තියෙනවා කවදාවත් එයා උත්තරයක් නොදී හිටියේ නෑ මාත් ඇහිල්ල අඩු කරෙත් නෑ අන්තිමේදී ඒකෙන්ම හොද දැනුමක් ලබාගත්තා. වැඩිහිටියො දක්වන ප්‍රතිචාර හොඳ වීම පමණක් මදි.. ඔබගේ ක්‍රියාව ගැන සතුටුයි

රවා said... [Reply to comment]

ස්තුති මධුර ආවට... ඔයා මධුර.86 නෙද... මම ඔයාව කාලයක් තිස්සෙ හොය හොය හිටියෙ....බ්ලොග් අතර..

madura said... [Reply to comment]

@රවා ඔව් මම x86 :P අතීතයෙන් ගඟ ගලාබසී මගෙත් සිත්ගත්ත ගීතයක්.

රවා said... [Reply to comment]

@මධුර.x86 එහෙනම් මෙතනටත් ගිහින් බලන්න...
http://mahagamasekera.blogspot.com

මම නෙමෙ කරන්නෙ... වෙන කෙනෙක්...

බිඟුවා...! said... [Reply to comment]

හරි රවා....
අපි දවසක සෙට් වෙමු ඒ කතාවට.
අපේ බිඟුලන්තයේ වැසියන් සීරුවෙන් තබා ගන්න ඕනේ..
දන්නවනේ අර කිහිප දෙනා.
මේක කොහොම ආමන්ත්‍රණය කරාවිද කියලා.
මං හිතනවා ඒකත් අර කලින් එකක් වාගේ පොඩි ෆන් එකක් ගන්න පුළුවන් වෙයි කියලා

/බිඟුවා...!

priyantha said... [Reply to comment]

මාර සිද්ධියක්නෙ. මම ඔයාගෙ ලිපි ටික ඔක්කොම බැලුව. ගොඩාක් හොදයි.www.priyanthabmv.wordpress.com

රවා said... [Reply to comment]

බිඟු ට... හරි මම සිරුවෙන් ඉන්නෙ...
ඔයා කතාව දාන්න....

ප්‍රියන්ත.... ස්තුති යහලුවා මෙ පැත්තෙ ආවට... ආපහු හම්බ වෙමු...

kanchana waduge said... [Reply to comment]

අපි ඉල්ලන ආදරේ අපිට කවදාවත් ලැබේන්නේ නැ.ඒ නිසා නේද අපිට චුට්ටක් හරි ආදරේ කරන පුද්ගලයා පසු පස යන්නේ.

kanchana waduge said... [Reply to comment]

අපි ඉල්ලන ආදරේ අපිට කවදාවත් ලැබේන්නේ නැ.ඒ නිසා නේද අපිට චුට්ටක් හරි ආදරේ කරන පුද්ගලයා පසු පස යන්නේ.

sansarasidu said... [Reply to comment]

මාතෘකාවට අදාළ නැති දෙයක් ලියනවට සමා වෙන්න..

අපේ සහෘදයෙකුට හරිම අවාසනාවන්ත සිද්ධියකට මුහුණපාන්නට සිදුවෙලා..
ආදරය, විරහව සහ කදුල ලියන චන්දික මලයට...
හැමොගෙම අවධානය මේකට යොමු වෙනවා නම් හොඳයැයි සිතනවා..
මේක බලලා ඔබේ අදහසත් ලියල එන්න..
http://love-hurt-tears.blogspot.com/2010/03/blog-post_6649.html

රවා said... [Reply to comment]

kanchana waduge

මොකද්ද බන් කරන්නෙ... ඔයා කාංචනා වඩුගෙද... කාංචන වඩුගෙද කියලා මම දන්නෙ නැහැ.. ඇයි තවත් කෙනෙක්ගෙ දෙයක් දැම්මෙ... අරු ගොඩක් සංවෙදි කෙනෙක්නෙ...

sansarasidu ට

දැන් ගිහිල්ලා ආවෙ.. මම පොඩි සටහනකුත් දැම්ම කාංචනාට...

බිඟුවා...! said... [Reply to comment]

uba kohomat hema welaawema siiruwenne..
hiks....

Kandulu Binduwa said... [Reply to comment]

හිතට වඩිනව ඔය ඒක ලියලා තියෙන විදියට..ඈත්තටම පුංචි පෑටව් හරියට ආදරේ හොයනවා..ඒ ගොල්ලනට ගොඩක්ල් ආදරේ අයට එගොල්ලොත් වෑඩිපුර අදරේ කරනවා.

රවා said... [Reply to comment]

ස්තුතියි නංගි..
කඳුලු බිංදුව...

කස්ටිය