සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

1/30/10

අපි හැමොම පරාදයි දො.......කියලත් හිතෙනවා

පහුගිය ටිකෙ මැතිවරණ පුවත්, මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා මෙ හැමොම දකින්න ඇති. නමුත් මෙ මැතිවරණ උනුසුමෙ සිදුවුන ඉතාම පහත්, නිහින ක්‍රියාවක් ගැන මම මෙ ලියන්න යන්නෙ. මේක දකින වැදගත් තැන්වල වැදගත් තනතුරු දරන අයෙකු සිටිනම් එ පිළිබදව වහාම පියවර ගන්න මෙන් ඉල්ලා සිටිනවා. කෙලින්ම කාරනාවට එන්නම්.

මෙ පිළිබඳව ස්වර්ණවාහිනියෙන් විතරයි පෙන්නලා තියන්නෙ කියලා මට කෙනෙකු පැවසුවා.

තමුන්ගෙ තාත්තා ව මැරිම අපගෙ දහම අනුව කෙතරම් විශාල පවක්ද කියන එක හැමොම දන්නවා. තමුන්ගෙ තාත්තාව මරපු කෙනෙක් ගැන මට අහන්න හම්බ උනා. එ වයඹ නාත්තන්ඩියට නුදුරු ගමකින්. පුතෙක්ව ඇතිදැඩි කරන්න තාත්තලා අම්මලා කොච්චර දුක් විඳිනවද. නමුත් එ පුතාම කවද හරි කඩුවකින් එ තාත්තාගෙ බෙල්ල කපලා දාලා මරනවා කියන්නෙ කොච්චර ලොකු පිරිහිමක්ද කියන එක මටනම් වටහා ගන්න ගොඩක් අමාරු දෙයක්. රවා මෙ ජිවිත කාලෙදිම ඇහැවුව දෙවල් අතුරින් වාඩාත්ම ... දෙ තමයි. මට වචන නැහැ එක ලියන්න.

මෙ පින්තුරෙ දිහැ බලන්න නමුත් දුර්වල හදවත් තියන අය බලන්න එපා.


වඩාත්ම වැදගත් දෙ තමයි මෙ දරුවා, තමුන්ගෙ තාත්තව මරපු දරුවා කලින් තමුන්ගෙ බිරිඳව, හමුදුරුනමක් මරලා දාලා තියනවා. නිතිය හරියට එ අවස්ථාවලදි ක්‍රියා කෙරෙ නම් අද අපිට මෙ දෙ අහන්න වෙන්නෙ නැහැ. දැන් එ දරුවා තාත්තව මරලා අම්මවත් මරන්න යනවලු. අම්මට කොල් කරලා තර්ජනය කරනවලු " අම්මෙ මම තොව මරනවා " කියලා. තාක්ෂණය කොච්චර දියුනු උනත් වැඩක් නැහැ. මෙ පිස්සු වැටුනු දරුවව අල්ලගන්න බැරි උනොත් අම්මව මරාදාන්න කලින්. බත් කාකා හිටපු තාත්තාට එකම කඩුපාහරකින් ගහලා මරා දාන්න හෙතු උන කරුන ඉඩමක්, හා මල්ලිට අම්මයි තාත්තයි පෙන්නපු ආදරය ලු. මම මෙ දෙවල් ඇස් දෙකෙන් දැකලා නෙමෙ ලියන්නෙ. නමුත් යමක් සිද්දවෙලා තියනවා. හාමුදුරුනමක්, තමුන්ගෙ බිරිඳ, තමුන්ගෙ තාත්තා. ලයිස්තුවෙ ඉලගට ඉන්නෙ අම්මා. දැන් තාත්තාව මරලා සතියක් දෙකක් වෙනවා. නමුත් පොලිසියෙන් තවම මිනිමරුවව අල්ලලා නැහැ. මෙ පිස්සු හැදුනු දරුවා තමුන්ගෙ අම්මව මරලා දැම්මොත් රවාට අනුව අපි හැමොම පරාදයි.
මෙච්චර දෙවල් රටෙ සිද්ද වෙද්දි රටෙ වැදගත් මාධ්‍ය මහින්ද මහත්තයගෙ ගුණ වයපු එක විතරයි කළෙ. නමුත් මෙ දරුවාව තමුන්ගෙ අම්මාව මරන තැනට පත්විම වැලැක්වුවොත් එ පොලිස් නිලදාරින්ට ලොකු පිනක් අත්වෙයි.
හරි අපි ටිකකට හිතමු පොලිස් නිලධාරින් මෙ මනුස්සයව අල්ලගත්තා කියල. ඉට පස්සෙ උසාවියෙ. ඉට පස්සෙ බන්ධනාගාරයෙ. පොඩි පොඩි අපරාධ කරලා අපු මිනිස්සු අතර මෙ මනුස්සයාට හම්බෙන්නෙ ලොකු තැනක්. මෙ මනුස්සයා කවද හරි එතනින් පිට වෙයි ලොකු අපරාධකරුවෙක් වෙලා, ජාලයකුත් හදාගෙන. හැබැයි මෙකෙ අනිත් පැත්තත් වෙන්න පුලුවන්. බන්ධනාගරෙ ඇතුලෙ එ තාත්තව මරපු දරුවව ගහලා මරන්නත් පුලුවන්.

රවා ගෙ අයියා කෙනෙකුත් ඉන්නවා බන්ධනාගාරෙ. එ අයියා තමුන්ගෙ බදින්න හිටපු ගැහැනු ලමයව දුෂනය කරපු තිරිසනාව මරලා හිරෙ ගියෙ. එ ගැහැණු ලමයව දුෂනය කරපු වෙලාවෙ අර තිරිසනාව අත්අඩංගුවට ගත්තා නම් එ අයියත් අද අපිත් එක්කලා ඉන්නවා. එ අයියා සිගරට්, අරක්කු තියා බුලත් විටක්වත් කාපු කෙනෙක් නෙමෙ. රවා ගෙ පුංචි මොලයට තෙරෙන විදියට නිතිය, අධිකරණය තියන්නෙ මිනිස්සුගෙ ආරක්ෂාව, පිහිට පතා. පොලිස්සිය තියන්නෙ නිති ආරක්ෂාකරන්න, නිති කඩන මිනිස්සුන්ව අධිකරනයට ඉදිරිපත් කරන්න.දඩුවම් දෙන්න. නමුත් මෙ දෙවල් ඔක්කොම සිද්දවෙන්නෙ නැහැ.

හැබැයි රුප පෙට්ටියෙ කොළඹ සිංගප්පුරුව වෙන රුප රාමු පෙළ දකිද්දි රවා ට රවාගෙ ඔලුව බිත්තියෙ ගහගෙන ගහගෙන යන්න හිතෙනවා, දුප්පත් අහිංසක මිනිස්සු කොච්චර රවට්ටනවද මුන්... කියලා. රවාගෙ පුංචි ඇස් දෙකට මෙ හැම දෙයක්ම පෙනෙද්දි කට පියාගෙන ඉන්න අමාරුයි.

මෙක දැකපු හැමොගෙන්ම රවා එක දෙයක් ඉල්ලන්න ඔනා. ඔයාලා හැමොම ජිවත්වෙන්න මොනවා හරි දෙයක් කරන මිනිස්සු. එ කරන දේවල් ඔයාල හිතුවෙ නැති උනාට තව ගොඩදෙනෙකුට බලපාන දෙවල්. එක හින්දා හරියට එක කරන්න.

සමහර වෙලාවට මම දුම්රියෙදි දැකලා තියනවා හිඟන දරුවන්ව පන්නන මිනිස්සුන්ව. මෙ ලමයි හැමදාම හිගාකන්නෙ නැහැ. හෙට කිණිස්සක් අරන් එන්නෙ. අනිද්දා එයගෙ අතට පිස්තොලෙකුත් හම්බ වෙයි.
එතනින් එහාට කල්පනා කරන්න රවාට අමාරුයි.

සමාජ විද්‍යා දන්න අය, ආර්ථික විද්‍යාව පිළිබද මාහාචාර්ය වරු ආචාර්ය වරු කොච්චර හිටියත් දුප්පත් මිනිස්සු එතනමයි, ගොඩක් දෙනා එතනින් පහලට වැටිලා. ඉංජිනෙරුවො, තාක්ෂනය පිළිබද දන්න කියන අය කොච්චර හිටියත් මුකුත් හදන්නෙ නැහැ. ඔක්කොම පිටින් ගෙනල්ලා සෙට් කරන එක විතරයි. හැබැයි එ මිනිස්සු හොද රැකියවක් කරන ගමන් හොද ජිවන මට්ටමක ඉන්නවා. එ මිනිස්සුන්ට උගන්නන බදු ගෙවපු මිනිස්සු තවමත් එතන.

තමුන්ගෙ තාත්තව මරපු දරුවා ගැන කල්පනා කරද්දි තමයි මට මෙවා ගොඩක් සිහි වුනෙ. අපි අපිටම කොච්චර බොරු කරගන්නවද කියලා වැටෙහෙයි ඔබට මෙ ඔස්සෙ ටිකක් කල්පනා කළොත්. අපි හැමොම පරාද වෙගෙන යනවා වගෙ හැගිමක් මට දැනෙනවා.  අපි ගොඩක් වෙලාවට කියවනවා ධනාත්මක චින්තනය ගැන. නමුත් මෙ දෙවල් අහලා දැකලා එවා නොවුනා වගෙ ඉන්න නම් බැහැ.

සුදුස්සන් සුදුසු තැන්වලට පත්වෙලා. නිතියෙහි, අධිකරණයෙ හි ඇති දුර්වල තැන් වලට නිති සංශොදනය වුනොත් ඔන්න තව අවුරුදු කිපයකින් රටට හොද කාලයක් උදාවෙවි කියලා මම ප්‍රර්ථනා කරනවා අන්තිමට.

1/22/10

මා දුටු අපුරු චරිතයක්.....

අප වටා විවිධ තරාතිරම් වල පුද්ගලයින් ගැවසෙ. ඔහුන් විවිධ කාර්යන්වල නිරත වෙමින් තම ජිවන ගමන ඉදිරියට දියත් කරති. මෙ අතරින් මා දුටු චරිතයක් ගැන මා මෙහි සටහන් කරමි. ඔහු නමින් වේනුර වෙ. ඉතාම විනොදකාමි කට හැකර චරිතයකි. කිවයුතු දෙ කිවයුතු තැනදි කෙලින්ම කියන අතර නොකිවයුතු දෙද එලෙසම පවසයි. වටාපිටාවෙ ඉන්නවුන් විනොද කිරිමට ඔහු එසෙ වචන ගලපා කතා කරයි. අන් අයගෙ සිනාවක් දැකිම ඔහුට සතුට දනවන අතර එ සදහා ඔහු තමුන්ව පවා පහතට හෙලමින් කතා කරයි. ඔහුගෙ බිරිද මැද පෙරදිග රැකියාවකට ගොසින් මාස 5 ක් පමණය. මා මැතකදි ඔහුගෙ නිවසට ගියෙමි. කුඩා දියණියන් දෙදෙනෙකු තනිව බලා කියා ගනිමින් කූලි රැකියාවක නිරත වෙන ඔහු සතියට නොබොන දවසක් දෙකක්ද ඇත. මා එහිදි ඔහු හා කතා කරමින් සිටින විටදි ඔහුගෙ බාල දියණිය එතනට පැමිනියාය. ඇය පළතුරක් ගිලදමමින් පියාගෙ ඇගෙ දැවටිනි.

"පෙනවානෙ මෙ මැෂින් මෙක ඔෆ් කරන්න බැහැ. නැගිට්ට වෙලා වෙ ඉදන් ස්ටාර්ඩ් එකෙ, කුරුබැට්ටියක් තරම් උස නැති උනාට මෙකි දවසකට ඔය අල්ලපු කැලැවෙ තියන ඔක්කොම ගෙනල්ලා පාඩම් කරන මෙසෙ උඩ තියන් කනවා"
එසෙ කියමින් ඇයව තුරුල් කරගත් ඔහු දැරියගෙ ඉණෙහි තිබු තුවාලයකට බෙහෙත් දැම්මෙය. ඔහුගෙ නිවසට ඇත්තෙ කාමර දෙකකි. මෙ කතාව යන අතරතුරෙදි ඔහුගෙ කටින් තම බිරිද කෙරෙහි තිබෙන ආදරය සෙනෙහසද පිටවිය.
කොච්චර ගහ බැන ගත්තත් මල්ලි හැන්දැවට ඉන්න බැහැ. අපෙ එක්කෙනාව මතක් වෙද්දි. මෙච්චර වඳ දෙන මාත් එක්ක මෙකි හිටියනෙ.
 මොහු හා සම්බන්ද සුවිශෙෂ කතා රැසක් ද ඇත. මා මෙහි එකක් දෙකක් සටහන් තබමි. දිනක් වැඩ අවසන් වු පසු යන්තම් පදම් වි මොහු මොටර් බයිසිකලයෙ නිවසට පැමිනෙමින් තිබුනි. මෙ අතර තුර ගමෙ පිටර් මාමා ද තම පාපැදියෙන් හන්දියට ගමන් කරමින් තිබුනි. පරිසරය ඝන අන්දකාර අතර වැහිබින්දු කිපයකින්ද පොලව වැටිනි. කන්දෙ පහලට වෙනුර පැමිනෙමින් තිබුනු අතර පිටර් මාමා බයිසිකලයෙන් කන්ද ඉහලට පැමිනෙමින් තිබුනෙය. සයිකලය හා මොටර් සයිකලය ගැටිනි. පිටර් මාමා උඩින් විසිවි වැටි අමාරුවෙන් කෙදිරි ගාමින් සිටියෙය. පැතිර ගිය අන්දකාරය නිසා පිටර් මාමා හට කිසිවකු හැදිනිමට නොහැකි විනි. නමුත් මෙම අපුරු මිනිසා

" පිටර් මම වේනුර "

ලෙස පවසා දුවගොස් තිබුනි. පිටර් මාමා හට තුවාල කිසිවක් නොතිබුනු අතර සති කිපයක් තෙල් බැන්දෙය. එ සියලු වියදම් දැරුවෙ වෙනුර විසිනි. ඔහු එම අවස්ථාවෙදි ඔහුගෙ නම නොකියා දිව ගියෙ නම් ඔහු හට කිසි වියදමක් නැත.



තවත් දවසක ඔහු බිරිද සමග අමනාපයෙන් මත් පැන් බී වහලෙ තිබු සියලුම උලු ඉවත්කර ඔහුගෙ අක්කගෙ නිවසට පැමින
අක්කෙ මම නියම වැඩක් කළා. අරකිට කිව්වා කිව්වා රට යන්න එපා කියලා අහන්නෙ නැහැ. මම වහලේ තිබුනු උලු ඔක්කොම අයින් කරා.
 එම අවස්ථාවෙදි ඔහුගෙ අක්කාත් සමග ඔහු නිවසට ගිය පසුව ඔහුට අක්කාගෙන් ලැබුනු කම්මුල් පාරවල් කිපයකට පසුව නැවත වාහලයට උලුටික ගියෙ ඉබෙමය.

ඉතා දුප්පත් ජිවිතයක් මෙතරම් සතුටෙන් ඉන්නෙ කෙසෙද යන්න මා හට නිතරම නැගුනු පැනයකි. මොහුගෙ කාර්යන් නිසා ගමෙ බොහො දෙනෙකු සිනා වෙයි. එවා මතක් කරනවිට මෙ මිනිසා තුලද නැගෙන සිනාහව විස්තර කල නොහැකිය. මොහු හට ලිවිමට කියවිමට බැරි බව මා දැනගත් පසු මා හට යම් දුකක්ද ඇතිවිනි. නමුත් මොහු ලග සිටිනා විට අනිත් මිනිසුන් සතුටෙන් ඉපිලයයි. එ මිනිසුන්ගෙ මුව සිනාහ වෙන් පිරි ඉතිරියයි. දවසක් මගෙ මිතුරෙකු ඔහු හට " උබට කියවන්න , ලියන්න බැහැ නෙ" කියා කියන විටදි ඔහුගෙ මුහුනෙ තිබු අඳුර මා නැති කළෙ " වෙනුරයියෙ උබට කියන්න ලියන්න බැරි ඉස්කොලයක් දැකලවත් නැති හින්දනෙ. මෙච්චර ඉගෙන ගත්තු මට සිංහල ලියන්නම බැහැනෙ." (මාගෙ අත් අකුරු කිසිවෙකුටත් සෙවිමට නොහැකිය. මටද නොහැකිය). එවිට ඔහු " ඇයි බං එතකොට උබ ඔච්චර විභාග පාස් උනෙ පොල් ගාලද " යනුවෙන් අසද්දිත් අප හැමගෙ මුව සිනාවෙන් පිරි ඉතිරි ගියෙය. සමහරෙකුට අනුව ඔහු කට හැකරයෙකි, සමහරෙකුට ඔහු වාචාලයෙකු. නමුත් ඔහු නිසා සියලුම දෙනා සිනාවෙති.  ලියන්න, කියන්න නොදත් මිනිසා තම වචන හසුරවන ආකාරය යොදා ගනිමින් මිනිසුන්ව සිනාහා ගස්වා ඔහුද සිනාහා වෙ.මත්පැන් බිවද, කුණුහරප කිවද තම දරුවන් තමන්ට හැකි පමන බලාකියා ගන්නා ඔහු අඬනවා මම කිසිදිනෙක දැක නැත.

1/16/10

මහගම සේකර කලාකරුවානන්............

මෙම ගිතය මගෙ හිත තුලට තදින්ම කාවැදුනු ගිතයක්. මා හට මහගම සෙකරයන් මුන ගැසුනෙ 11 වසර සාහිත්‍ය පාඩමෙදි " ගම අමතකයි " පද්‍ය පන්තිය තුලිනි. එතනින් නොනැවතුන මම ඔහුගෙ බොහො කලා නිර්මාණයන් රස වින්දෙමි. තුං මං හන්දිය, මනො මන්දිර, ව්‍යංග්‍යා, සක්වාලිහිනි,හෙට ඉරක් පායයි,මක් නිසාද යත්, මුදු පුත්තු,නොමියෙමි, ප්‍රබුද්ධ,නොපළ ගීත,හංස ගිතය... මෙ ආදි ලියු , නොලියු කලා කෘතින් රැසක් දැයට දායද කරමින් මහා ප්‍රතිභාවක් පෙන් වු එ සංවේදි හදවතානන් අපෙන් සමුගෙන වසර 34 ක් ඉක්ම ගොසින්ය. නමුත් කල කි දැ තවමත් අප අතර, අප හදවත් තුල තවම උනුසුම්ය..




තවත් විටෙඑක මහගම සේකරයින් මෙසෙ ලිවා.
උපන් දිනෙ සිට නැත අත් හරින්නේ
හෙමින් හෙමින් පස්සෙන් ලුහුබඳින්නේ
හොරෙන් ඇවිත් මොකටද ඉගි කරන්නේ
වරෙන් උබතමයි මම මෙ හොයන්නේ

වළේ වැටුන කළ නැත ගොඩ අදින්නේ
කුලේ සැවොම වළ වටකර නටන්නේ
වලේ දමා පස් තදකර අඬන්නේ
මලේ එවිට හිනැහෙන්නට වරෙන්නේ

නොකා නොබි වස්තුව සරි කරන්නේ
සදාකල්ම ලොව ඉන්නයි බලන්නේ
හොරා වගෙ උඹ විත් අත වනන්නේ
එදා තමයි කාගෙත් ඇස් ඇරෙන්නේ
මරණය පද්‍ය පන්තිය.. ව්‍යංග්‍යා

එ මහගම සේකරයන් මරණය දුටු ආකාරයයි. සැබැවින්ම ගැමි සුවඳ තම නිර්මාණයන්ට මුසුකල මෙම කලා කරුවානන් සමාජයෙ සිටි මිනිසුන් හා ඔව්නගෙ සිතුවිලි තුලට කිදා බැස එකල සිදුවු සමාජ පරිවර්තනය හා ගැටිම් මැනවින් විස්තර කලේය. තුං මං හන්දිය, මනොමන්දිර, ගම අමතකයි තුලින් මෙ බව අපහට වටහාගත හැකිය.
සිදාදියෙන් ආපහු මගෙ
ගමට යන්න ආසයි මට
එත් ගමට යන්නට දැන්
පාර මතක නැත්තෙ
ඉතිරිව ඇති සුලු වස්තුව
රැකගෙන ආපහු එන්නට
ඈත ඉදන් අත වනලා
අම්මෙ මට ගමට එන්න
පාර කියාපන්නෙ..
ගම අමතකයි... සක්වාළිහිණි

සමාජය තුල සිදුවු විපරියාසය තුලින් ගම ගිලිවු ආකාරය ව්‍යංගයෙන් පවසන කවියා ඉහත පද්‍ය පන්තිය තුලින් තම හදවත තුල තිබු පසුතැවිමක් රසිකයාහට රසවිදිමට සලසයි.

මා යන මග කටු පඳුරින්
දෙපය බිඳී ගලන ලෙයින්
කටු මඟහැර නිසිමඟ දැන
ඔබෙ ගමන නිම කොට ඔබ
අප සොයනා පහන් තරුව
මට පළමුව දැකගත හොත්
එ වෙනුවෙන් ඔබෙ පයට
ආසිරි මල් පිබිදෙනු ඇත්.

එ මල් තුල මා දකින්න.....
මගෙ කවියෙන් ඔබ දකින්න... සක්වාළිහිණි

මහගම සෙකරයානන් තුල තිබු සියුම හැකියාවන් , ප්‍රතිභාවන් එතුමාගෙ කවි, ගිත, කෙටිකතා, නවකතා තුලින් අප හට දැකියහැක.

එසෙ වුව සොහොයුරෙනි!
ඔබ ගැන ම මා ලියන එ කවිය
ඔබගෙන් බොහො දෙනෙකුට
අද දින නො වැටෙහෙන බව දනිමි

ලොකය මීට වඩා යහපත් වන
අනාගතෙ යම් දවසක
ඔබ එය මීට වඩා ආදරෙයෙන්
කියවන බව ද දනිමි.....

මහගම සේකර නැමති සරල, සුන්දර කලා කරුවානන් අප අතරින් නික්ම ගියෙ 1976 ජනවාරි මස 14 වන දිනයෙදිය. එතුමා අවසන් වශයෙන් රසිකයාට තිලින කල " ප්‍රබුද්ධ " මිනිස්සමාජයෙ එවකට තිබු පුහු ආටොපයන් හා  නිරර්ථක විෂමචාර වලට පහරදි කලාකරුවෙකු තුල තිබෙනා සැබැ අව්‍යාජ හැගිම් බුදු දහම තුලින් දක්නට සලස්වයි..

පාසලෙ නිරර්ථක ලෙස ඇවිදමින් සිටි මට මහගම සෙකරයන් පෙන්වු දැ අමිලය. එතුමා ගෙ නිර්මාණ තුලින් ජිවිතය දකින්නවුන් හට ඉතිරිවෙන අවංක, අව්‍යාජ බව නිසා ඇතිවෙන හිතෙ සතුටද රැගෙන මම එසේ එ කලාකරුවානන් පිළිබද මතකය අවදි කෙලෙමි........








1/13/10

දිය වෙන්නට පෙර හෙට උදයෙ හිම ජිවිතේ...



මෙ තියන්නෙ මම ආසම කරන සින්දුවක්. රුසියන් සින්දුවක් වගෙ.. හරිම ලස්සනයි. මම ජාතික රුපවාහිනියෙ විතරයි දැක්කෙ. youtube එකෙ තිබුනෙ.. සමහර කස්ටිය කලින් බලල, අහලා ඇති

1/12/10

පාසල් සමයේ ලස්සන සිදුවිමක්....

පාසල තුල සිදුවු සිදුවිම අතර මෙය මාගෙ මතකයෙන් කිසිදා ගිලිහි නොයන අතර මෙම සිදුවිම හා සම්බන්ද චරිතය අදත් මා අසලින්ම ගැවසෙ.



මගෙ මිතුරෙකු වු නිමල්( අන්වර්ථ නාමයකි) උසස් පෙල හදාරන සමයෙදි 11 වසර ඉගෙනුම ලැබු සිසුවියකට පෙම් බඳින්නට විය. එය සිසුවියට දැනගැනිමට සැලසුවෙ පෙම් පතකිනි. මගෙ මිතුරා නිමල්ගෙ ග්‍රහයින් නිච වී තිබුනු නිසා වෙන්දො එම සිසුවියගෙ හොදම මිතුරිය වුයෙ අප පාසලෙ උප විදුහල්පතිතුමාගෙ බාල දියණියයි. දියණිය තම මිතුරියහට දුන් උපදෙස වනුයෙ එම ලිපිය ගුරුවරියකට බාර දෙන ලෙසය. දවස් කිපයක් තමා ලග තබා ගැනිමෙන් අනතුරුව සිසුවිය එය ගුණවති ගුරුතුමිය හට බාර දුන්නෙ සම්පුර්ණ විස්තරයද සමගිනි.

ගුණවති ගුරුතුමිය එම සිසුවිය හා මිතුරියද කැටුව එම මොහොතෙම විද්‍යාගරයට පැමින අංශ ප්‍රධාන පද්මිණි ගුරුතුමියට හසුන සමගින් විස්තරය කෙටියෙන් ලබා දුනි. මෙ වන විටත් අප අතර මෙම ආරංචිය පැතිර ගොස් තිබු අතර අපෙ සගයා ද තරමක් නොසන්සුන්ව සිටියෙය. අප පන්ති තිබු විද්‍යාගාරය තෙමහල් ගොඩනැගිල්ලකි. එහි පළමු මහල රසායන විද්‍යගාරය හා ජිව විද්‍යාගරයයි. දෙවන මහළ භෞතික විද්‍යාගරයයි. තෙවන මහළ ගණිත පන්ති තිබු අතර ගොඩ නැගිල්ලෙ මැදින් තරප්පු පෙලිය විය. අප පන්තියෙ එලියට අවුත් පහල බැලිමෙන් ගොඩනැගිල්ල තුල සිදුවන දැ ගැන යම්තම් අවභොදයක් ගත හැක. තෙමහල් ගොඩනැගිල්ලට අසලින් තිබුනෙ දෙමහල් ගොඩනැගිල්ලකි එහි ජිව විද්‍යා පන්ති කිපයකි. ඉහල මාලයෙ පන්ති තුලින් බැලු විට එක එල්ලෙම භෞතික විද්‍යාගරය පෙනෙ. මෙ වන විටත් තරමක් උණුසුම් මුහුනුවරක් ගත් අතර විද්‍යාගුරුමණ්ඩලයෙ ගුරුවරියන් කිපදෙනෙකු ගුණවති ගුරුතුමියද සමගින් භෞතික විද්‍යාගරය ඇතුලට ගොසින් සාකච්චා කරයි. මෙ අතර අප ගැන්සියෙ එකා බැගින් පහලට ගමන් කරනුයෙ වතුර බොන මුවාවෙන් පහල සිදුවෙන විස්තර දැනගැනිම පිනිසය.

පලමු වෙඩි මුරය පත්තු විය.
වතුර බිමට ගිය මිතුරෙක් පැමිණ
" නිමල් අන්න උබට පද්මිණි මිස් එන්න කිව්වා physics lab එකට"
නිමල් ඔලුවෙ අත තියාගත් අතර අප කිපදෙනෙක් ඔහු වට කරගෙන
" අපිත් එනවා යන්.. බයවෙන්න එපා යකො අපි ඉන්නවා..."

මා තව කිපදෙනෙකුත්, ඔහුත් සමග පහල භෞතික විද්‍යාගාරයට ගියත් නිමල් ව පමණක් ඇතුලට ගන්නා ලදි. එහිදි නිමල් හට ගුණවති ගුරුතුමිය ඉදිරියෙ බනින ලද්දෙ පද්මිනි ගුරුතුමිය විසිනි. මෙය අර සිසුවියන් දෙදෙනාම දැක තිබුනි. එ අතර දෙමහල් ගොඩනැගිල්ලෙ සිටි ජිව විද්‍යා සිසුන් ද දැක තිබුනි. විද්‍යාගරය තුල පැයක පමණ නඩුවිභගයකින් අනතුරු විද්‍යාගරයෙ දොර විවෘත විය.  එම දොරෙ හිල් වලින් බලා, දොරට කන තබා සිටි සියල්ල ක්ෂනයකින් අතුරුදහන් වි පන්තිවල ඉදගෙන පොත පත කියවමින් සිටියෙය.පසුව අප නිමල්ගෙන් සිදුවු සියල්ල දැනගතිමු.

නිමල්ට මුලින්ම බැන්නත් නිමල් දුන් පෙම් හසුන කඩා කියවිමෙන් අනතුරුව ගුරුවරුන්ගෙ සිත් නිමල් කෙරෙහි දැක්වු හැසිරිම වෙනස් විය. එක් සංවෙදි ගුරුතුමියකගෙ ඇසින් කදුලු පිටවු බව ජිව විද්‍යා පන්තිවලින් ආරංචි විය. සියල්ල හමාර වු පසු පද්මිණි ගුරුතුමිය අනිත් ජුරියද කැටුව අප පන්තියට පැමින අප සියල්ලන් හා කතා කරන්නට විය. එහිදි නිමල්ට චොදනාවක් හො සිතරිදෙන යමක් නොවිය.
" නිමල් හොදට ඉගෙන ගන්න. ඔයා බැරි කෙනෙක් නෙමෙනෙ. අනිත් එක ඔයගෙ වාසනාවකට ගුණවති මිස්ට හම්බ උනෙ. එක වෙන කෙනෙකුගෙ අතට ගියනම් ප්‍රින්සිපල් ලග නතර වෙන්නෙ. කෙල්ල ලස්සන නම් කමක් නැහැ. මොකද්ද ඔයි ලැජ්ජා නැති වැඩෙ. හොදට ඉගෙන ගෙන ඉංජිනෙරුවෙක් වෙලා ගෙයක් දොරක් හදාගෙන වාහනයක් එහෙම අරගෙන එහාට මෙහට පද්දනකොට කුරටයක් අරන් එක එක අමුනගෙන ආවැහැකි.  තමුසෙ නරක ලමයෙකුත් නෙමෙ."

නිමල්ගෙ පෙම්හසුන කියවිමෙන් අනතුරුව නිමල් හොද ලමයෙකු ලෙස ගුරුවරු පිලිගන්න ලදි. එදා නිමල්ගෙ පෙම්හසුන තුල තිබු අන්තර්ගතය දන්නෙ එදා ජුරිමණ්ඩලයෙ සිටි ගුරුවරියන් කිපදෙනා සහ නිමල් පමනි.

මා මෙහිදි සදහන් කල යුතු කරුණු කිපයක් ඇත.
ළමයෙකුගෙ වැරැද්දක් දැක නිවැරදි කර ඇත. එය කල ආකරයද පුදුමය. අද සමාජයෙ මෙවැනි දේවල යම් ප්‍රමානයක් කෙලවර වන්නෙ සියදිවි නසාගැනිමෙනි. ගැහැණු ලමයාටත්, පිරිමි ලමයටත් බැන, පාසලෙන් අස්කර ජිවිතයම විනාශවන අවස්තාද නැතුව නොවෙ. මෙම ගුරුවරුන් කිපදෙනා හැසුරුනු ආකාරය නිසා නිමල්ගෙ ජිවිතයද වෙනස් විය. නිමල් ඉහලින් සමත් නොවුනද ප්‍රතිපල ඉදිරියෙන් තිබුනෙය. මෙම සිදුවිම විද්‍යා අංශය තුල පමනක් ප්‍රසිද්ධ රහසක් විය. දරුවෙකුට දැනෙන්න කතා කිරිමට පුදුමාකාර හැකියාවක් අප පාසලෙ එවකට සිටි ගුරුමණ්ඩලයට තිබුනි.
" තොපිට ඕනානම් ඉගෙන ගනිල්ලා මෙන්න" කියා ඔක්කොටම එකම පොල්ලෙන් දමා ගසා විෂය නිර්දෙශය ඉක්මනින් ඉවර කරෙද නැත. කෙසෙ වුවත් එම ගුරුවරියන්ගෙ ගතිපැවතුම මා හට විස්තර කළ නොහැක.


අප පුද්ගලික පන්ති නොගිය හෙයින් අන්තිම දවස දක්වා පාසල යැමෙ භාග්‍ය ලැබිනි. නිමල්ද අන්තිම දවසෙ පැමිණියෙය. එදා නිමල්ට පෙම්හසුන ලැබිණි. අප එය දැක්කෙමු.

" නංගි ඔයා ඉගෙන ගෙන ඉවර වෙනකම් මම ඔයා ගැන බලන් ඉන්නවා " 

සුදු කඩදාසි කොලයක එපමණය. නිමල් විභාගය ඉහලින් සමත් නොවුයෙ මන්ද යැයි මම නොදනිමි......


......අන්වර්ථ නාමයන් භවිතා කර ඇත්තෙය........

1/8/10

ලස්සන ගැහැණු ලමයෙක් දැක්කා..හෙට මගෙ උපන්දිනෙ...

අද මම ලස්සන ගැහැනු ලමයෙක් දැක්කා. වෙනදා මම එයාව දකින්නෙ එක එක වෛවාරන අදුම් ආයිත්තම් ඇදලා. නමුත් අද එයා ඇදන් හිටියෙ හරිම චාම් ඇදුමක්. දැක්කම කෙනෙක් ගෙ හිතට ආදරයක් ගෞරවයක්, සෙනෙහසක් ඇතිවන ඇදුමක්. මෙ හැමොම උපතින් ලස්සනයි.අතරමගදි එක එක දෙවල් පොරොගෙන සමහරු කරන විකාර දැක්කම පිස්සු හැදෙනවා. කොහොම උනත් ගැහැනු ලමයි තමුන් අදින ඇදුම ගැන සැලකිලිමත් වෙන්න ඔනා. තමුන් නිකම්ම නිකන් ගැහැනු කෙනෙක් නොව හොද දුවෙක්, හොද සහොදරියක්, හොද මිතුරියක්, හොද පෙම්වතියක්, හොද බිරිදක්, හොද අම්මාකෙනෙක්, හොද කිරිඅම්මා කෙනෙක් බව වටහාගෙන එ දෙ සදහා කැපවෙන්න ඔනා. තමුන් කරන රැකියාවට කැපවිම හොදයි. නමුත් වටිනාම දෙවල් මගහැරගෙන පුංචි දෙයක් පස්සෙන් ගිහින් අන්තිමට දරු මුනුපුරන්ගෙ හිනා හඩ මැද්දෙ අතරමං වෙන්නෙ....

ඔන්න ඉතින් රවාගෙ 24ත් ඉවරයි. හෙට 25 ලබනවා. පංසල පැත්තෙ යන්න ඔනා. එ අස්සෙ අපෙ කස්ටිය මට තැගි හොයනවා. මෙ ගොල්ල හැමදාම මට තැගි දෙනවා මං ලගම හිදන්. මං අමුතුවෙන් තැගි ඉල්ලන්නෙ නැහැ. අයියා 1 TB එකක usb hard disk එකක් එව්වා... අනිත් අය මොනවද ඔනා කියලා අහනවා. එයාලා මං ලග ඉදගෙන මාත් එක්ක හිනා වෙවි... යන ගමනත් මට ලොකු තැග්ගක්. බ්ලොග් එකෙ දන්න අදුනන කස්ටියට කියන්නෙ සුභපතලා විතරක් හරියන්නෙ නැහැ... ඔන්න...

1/7/10

මග හරිම දුෂ්කරය...

මග හරිම දුෂ්කරය..
කටු පඳුරු වලින් ගහණය...
වැලි පොළොව උනුසුම්ය...
දුෂ්කරය කියා ආපසු යා යුතුද..
ඉදිරියටම යන්නෙමි.
නව පරපුරක සිනා පොදි දකින්නට..

මහා වෙළඳුන් අතර මම
කුඩා වෙළෙන්දෙකුව..
මහා උන් පොහොසත් කරන්නට..
දුප්පතුන්ගෙ දහදිය මතින්..

ගසක් සිටුවන්නෙමි මම
පිපි මලක් දකින්නට
එ ගසින් එන පල වලින්
සතුන්ගෙ බඩගිනි නිවන්නට..

මුදල් යැයි කියා මිරිගුව පසුපසින්
බසින්නද මා තරඟ බිම මත..
තිරණය මගෙ පොඩි හිස මත
ඔබෙ අදහසද මට වටිනු ඇත...

1/6/10

මලගෙදර හා නිදිමැරිම.....

පලවෙනිදා කොහුලොරිය නිමන්න අපිත් එක්ක ලා ඔට්ටු උන බුද්දියගෙ තාත්තා දෙවැනිදා නැතිඋනා. දෙවැනිදා උදෙ 9 නැගිට්ට මම ආපහු නිදා ගත්තෙ හතර වැනිදා පාන්දර 3ට එත් පැය 4 ක් විතර, හැම දෙටම ලගින් ඉන්න එකා හින්දා දාලා එන්න හිත දුන්නෙම නැහැ. 4 වැනිදා මිනියත් ඉස්සුවා. ඇවිල්ල තමයි රැ නිදා ගත්තෙ එත් රැ 2 කට විතර නැගිටලා මල ගෙදර ගියා. දැන් මගෙ ඔලුව කකියනවා ටිකක්. කොහු දුමයි , නිදි මැරිල්ලයි හින්දා. එත් කට්ටියත් එක්ක කතා කරන්න ගිය දෙ කරන්න ඔනා.

මල ගෙදරක නිදි මැරිම අපෙ සම්ප්‍රදාය, එකට ඔන්න බුරු කුට්ටමකුත් එකතු උනා මිට අවුරදු 50 කට 60 කට කලින් මම හිතන්නෙ.කස්ටිය ගොඩයි බුරු පොලෙ සල්ලි තියනකම්. ඉට පස්සෙ 3 විතර වෙද්දි එකෙක් ඔක්කම දිනලා කටිටියම යනවා. පාන්දර වෙදිදි අපෙ කොල්ලො ටික විතරයි. පුංචි මලගෙයක්. වැඩිය කස්ටිය ආවෙ නැහැ. එ උනත් මට සතුටුයි නිදිමරන්න කට්ටිය හිටියා. සම්ප්‍රදාය ගෙනියන්න කස්ටිය හිටියා. මිට කලින් මම ලොකු මන්දිර කිපයක සිදුඋන මල ගෙවල් කිපයකට ගියා. හැන්දැවෙ 8-9 විතර වෙනක්ම් වාහන පොලිමයි.. එසෙ මෙසෙ වහන නොවෙයි. ලක්ෂ 30 - 40 වටින වහන.. මුකුත් නැහැ අයිතිකාර මහත්වරු මිනිය ඉස්සරා ඉදගෙන හයියෙන් හිනා වෙනවා. කෑගසමින් කතාව. 11 - 11:30 වෙදිදි කස්ටිය ඔක්කොම අතුරුදහන්.නමුත් බුද්දිකයා ගමෙ මල ගෙයක් උනාම එතන මොනවහරි දෙයක් කරලා දෙන හින්දා එතන කට්ටියම ඉන්නවා උගෙ උදව්වට.

1/4/10

මට රස්සාවක් හොයලා අපෙ තාත්තා..............

මම මිට දවස් කිපයකට පෙර මාගෙ තාත්තා විසින් දෙන ලද ලියුමක් කඩා බැලුවෙමි. එහි තිබුනෙ මා රජ‍යෙ ඉහල මණ්ඩලයක ඉහල තනතුරක් සදහා පුහුණු විමට මා තොරාගෙන ඇති බවය. මා මගෙ අධ්‍යන වැඩකටයුතු නොකරන අතර තුර යම් සුලු සුලු කාර්යන් කර මගෙ යහලුවන් තිදෙනා සමග පසුගිය මාස තුනක් තුල රුපියල් 80 000 හරි හම්බ කරගත්තෙය. තිදෙනා අතර බෙදිමෙන් මට රුපියල් 30000 ක් පමණ ලැබුනි. මෙම මුදල් රැස් කිරිම තුල තිබුනෙ මාගෙ හා මගෙ මිතුරන්ගෙ දාහඩියයි. මෙම මුදල මගෙ ජිවන රටාව අනුව ඉහටත් උඩින්ය. වඩාත්ම සතුට ගසක් සිටුවා පොෂනය කර එහි පල නෙලා විකීනිමයි. සමාජය සාධාරන උනි නම් අප තුන් දෙනාගෙ අදායම 120 000 ක් පමන වෙන්නට තිබුනි.
මෙ අතරතුර මා ව්‍යාපාර කටයුත්තකටද අතගැසුවෙය. මෙහිදි ද මාගෙ මුලික අරමුන වුයෙ ලාබය ට වඩා වෙලදපොල හා සැපයුම් කරුවන් ඇතිකර ගැනිමයි. එය තුලිනුත් යම් ලාබයක් ලැබුනද වාගාවෙන් තරම් සතුටක් නොලැබුනෙය. මෙ සියලු කරුනු නිසා ඉතාම සතුටෙන් සිටි මට ඉහත සදහන් කල ලිපියද ලැබුනි.

යහලුවන් සමග කතා කිරිමෙදි ඔහුනට එවැනි ලිපියක් නොලැබුනු බවත් දැනගන්නට ලැබුනි.මා මෙ ගැන තවදුරටත් කරුනු සොයා බැලිමෙදි අනාවරණය වුනු කරුනු අනුව මා හට මෙම ලිපිය ලැබි ඇත්තෙ මගෙ පියානන් පළාතෙ ප්‍රසිධ්ද, ප්‍රබුද්ධ,සත්ගුණවත් කැබිනට් නොවන ඇමතිවරයෙකු ලාවා කෙරුනු ඉල්ලිමකට අනුවය. මෙම අවස්තාව මම මගහැර ගත්තෙමි. මක් නිසාද මා හට සල්ලි හම්බ කිරිමට අවශ්‍යනම් එ සදහා බොහො මාර්ග තිබුනත් මා හට දෙශපාලුවෙක් ගෙ පන්දමක් අවශ්‍ය නැත. මා ඉගෙනගත් විෂය ද එයට අදාල නොවෙ. තම තමුන්ගෙ ගොල බාලයන් සුදුසුකම් රහිත පෙන්දන් රජයෙ ඉහල තැන් වලට රිංගා උන් යටතෙ උගතුන්ට කටයුතු කිරිම මට නම් මහා ලැජ්ජාවකට කරුනකි. එවැනි සුදුසුකම් රහිත පන්දමෙකු යටතෙ කටයුතු කිරිමට වඩා දාහඩිය මහන්සියෙන් බයිසිකලයක් පැදගෙන ගොස් මාලූ ගෙනල්ලා විකුනන ඇලඩින් මාමා(මාලු මාමා) කරන වැඩෙ කිරිම මට හිතට නියම සතුටක් දනවයි.

දවස් ගනනක් තිස්සෙ අගොස්තු, සැපතැම්බර් මාස වල ගිනි අවුවෙ උදලූ තල රැගෙන කල දෙ බොහොමත් වටිනබවත් එවැනි දෙවල් තවදුරටත් සිදුනොකරන මෙන් මම තත්තා හට කියුවෙමි. ගොඩක් හරි හම්බ කරනවට වාඩා ටිකක් හම්බකර එය පුහු ආටොපයන්ට වියදම් නොකර හරියට වියදම් කිරිම මා ඉටා ඉගෙන ගත්තෙ 11 වසරෙ දරකපන්නා ඉංග්‍රිසි පාඩමෙදිය. අවශ්‍යතාවයන්, ආසාවන් සංකිර්ණ වෙත්ම තරගයට බැස දිවිම නුවනට හුරු ක්‍රියවක් නොවෙ. රජය විසින් නොමිලේ අධ්‍යාපනය දුන් පසු නැවතත් ඉට සරිලන වැටුප් සහිත රස්සාවක් ලාබා දෙන එක රජයෙත් යුතුකම නොවෙ. රටෙ උගත් පිරිස ප්‍රායොගික ලොකයෙ අත්දැකිම් එකතු කරගත් පසු රැකියා අවස්තා ඇතිකල යුතුය. එයට ප්‍රාග්ධනය ලබාදිමට බොහො ආයතන ඇත. මෙහිදි යම් අනතුරුදායක බවක් තමුන් කරමත පැටෙවෙනු ඇත. රැකියාවක් කිරිමෙදි ඇතිවන ස්ථාවර භාවයට වඩා මෙහිදි ලැබෙන තෘප්තිය වැඩිය. තමුන් ගන්නා තිරණ වල නිවැරදි භාවය තමුන්ගෙ පැවැත්ම රදා පවතිනු ඇත.

1/2/10

වසරෙ මුල්ම දවස......... අමතක නොවන සිදුවිමක්... අසාර්ථක උත්සහයක්

ඔන්න ඉතින් ජනවාරි පළවෙනිදා නැගිට්ට ගමන් පටන් ගත්තා මගෙ කුඩා පරිමාන ව්‍යපාරය. එකෙ වැඩ කරලා ඉවර වෙද්දි මගෙ යහලුවො දෙන්නගෙන්(හැමදෙටම උදවු වෙන දෙන්නා,සුරෙශ් ,බුද්දික) එක්කෙනෙක් අඩගැහැවුවා එයගෙ ගෙදර දවල් කැමකට එන්න කියලා. මම ගෙදර ගිහින් පරිගණකය ඉස්සරහ ඉදගෙන ඉද්දි ඔන්න තවත් තුන් දෙනෙක් සෙට් උනා(අක්කිල,නිරො,බිත්තරයා). අප්පා.. මොකද කරන්නෙ අරු මට විතරයි කතාකරෙ මුන් තුන්දෙනා හලන්නත් බැහැ. රයිට්...කස්ටිය කතා උනා වැවෙ නාන්න යමු කියලා. එගමන් සුරෙශ් ගෙ ගෙදර යද්දි බුද්දිකයා එහෙ.මගෙන් බයික් එක ඉල්ලගෙන බුද්දි ගෙදර ගියා ටක් ගාලා එන්නම් කියලා.

දැන් පස් දෙනා ටිකක් චැට් එක දා ගෙන ඉද්දි පාරෙ ගින්දර පුරොපු කැන්ටර් එකක් යනවා ලා වට වෙගෙ දැක්කා. එගමන්ම පාරෙ හිටපු අපෙ එකෙක් කෑගැහුවා " එයි වරෙල්ලා කොහු ලොරියක් ගිනි අරන්...". කවදාවත් දැකලා නැහැ එවගෙ දෙයක්. මමයි සුරෙයි ඉස්සරහට ගිහිල්ල බලද්දි ලොරිය පාරෙ මැද්දෙ නතර කරලා උඩ ඉදන් ගින්දර ඇවිලෙනවා. එ අස්සෙ කැන්ටර් එක එලවන් ආපු එකා පරන අපෙ එකෙක්. මට අනිත් උන්ව අමතක වෙලා දුවගෙන ගියා කැන්ටර් එක ලගට. බලද්දි සුරෙශ් මට ඉස්සරයින් දුවනවා. බලන් ඉන්න බැහැ දැන් මනුස්සයො කිපදෙනෙක් අමාරුවෙ වැටිලා. කමක් නැහැ ඔන මගුලක් කියලා සීන් එකට එන්ටර් උනා. ලගටම ගිහින් පටන් ගත්තා ගිනි නිවිමෙ සංග්‍රාමය. ස්‍ර්විස් ස්ටෙෂන් එක් ඉස්සරහා කැන්ටර් එක නතර කරලා කිපදෙනෙක් වතුර අල්ලනවා. බකට් වලින් වතුර ගෙනල්ලා ගහනවා. එකම සීන් එක...මම එන්ටර් වෙද්දි සුරෙශ් බටයක් වතුර බටයක් අල්ලගෙන එතන. මමත් වතුර බටයක් ගත්තා ඉතින් එ මෙ අත අල්ලනවා. එක්කෙනෙක් ගිනිගන්න කොහු කැන්ටර් එකෙන් පෙරලනවා. පලාතම දුම් ව්ලින් පිරිලා. ටික වෙලාවක් යනකොට වතුර බටෙ අල්ලන් ඉන්න බැරි තත්වයක් උදා උනා දුම්වලින් මට මිටර් 1.5 එහා පැත්තෙ හිටපු සුරෙශ්ව පෙන්නෙ නැතුවගියා. මම ඉක්මනින් වතුර බටෙන් මගෙ ඇදුම තෙමාගෙන අදුමෙන් නහය ආවරනය කරගත්තා. පස්සෙ සුරෙශ් මට කිව්වා එයා එවෙලාවෙ මාව හෙව්වාලු රෙද්දක් තෙමන් ඇවිත්. දුම අඩු උනාට පස්සෙ මිනිස්සු කිපදෙනෙක්( 10 දෙනෙක් විතර ) ගින්න නිවන්න උත්සහා කරද්දි 50, 60 ක් විතර ඇතට වෙලා බලන් ඉන්නවාත් දැක්කා. සමහරු ඈතට වෙලා " අරක කරන්න... මෙක කරන්න" කියලා කෑගහනවා. ලග හිටපු එවුන් ගින්දරයි, දුමයි උහුලගන්න බැරුව එ මෙ අත දුවනවා.

බලුම වැඩෙ කියන්නෙ හුළග. කොච්චර වතුර ඇල්ලු වත් වැඩක් නැහැ කොහු වලට ගිනි ගන්නවා. එච්චර මෙ වෙනකොට විනාඩි 20 ක් විතර ඉවරයි කොහුටික උඩ හරිය සමපුර්නයෙන්ම ඉවරයි. පහලට අවිලීගෙන එන ක නවත්තන්න කරන්න පුලුවන් දෙවල් ඔක්කොම කරා. කට්ටිය කොහුටික ලි වලින් පෙරලන්න ගත්තා. පෙරලෙන කොහු පිච්චෙනවා ඉන්නබැහැ ලග මමත් වතුර බටෙ අතහැරලා පාරාලයක් හොයාගෙන වැඩෙට බැස්සා. එ අස්සෙ ටයර් එකක් පිපුරුවා. "ඩිසල් ටැංකිය යට කොහු ටිකක් ගිනි ඇවිලෙනවා" එකෙක් කෑගැහුවා. මම එතනින් එ ටික අරන් දැම්මා. මෙ වෙද්දි ලොරිය ඇතුලට එකෙක් නැග්ගා. ලොරිය ගස්ස ගස්ස ඉස්සරහට ගන්නවා. ඔන්න එතකොට බුද්දිකයා ආවා. උ හෙල්මට් එක්ත් ඔලුවෙ දාගෙන සීන් එකට එන්ටර් උනා. එ අස්සෙ පොලිස් මහත්වරුත් ආවා. මම වතුර බටෙ ඉල්ලගෙන එලවන කෙනාට රස්නෙ නොදැනෙන්න කියලා වතුර ඈත ඉදන් ඇල්ලුවා.කොහුටික පාරෙ දෙපැත්තෙ ගිනි ගන්නවා. මොනවා කලත් වැඩක් නැහැ කොහු ගොඩක් පිච්චුනා වහනෙත් එක්ක. කැන්ටර් එක සම්පුර්නයෙන්ම ඉවරයි. දෙපැත්තට වැටුන කොහු නිසා ටයර් කිපයක් පිපුරුවා. අපි පුලුවන් දෙවල් ඔක්කොම කරා නමුත් බැරුව ගියා. ඔන්න අන්තිමට ගිනිනිවන හමුදාව කරත්තෙත් තල්ලු කරන් ආවා. එයාලා එනකොට අපි ආපහු ඇවිල්ලා.

වැදගත්ම සිද්දි කිපයක් උනා එ අතරතුර.
සිද්දියෙ මැද හරියක් වෙනකොට ගොඩක් සෙනග එකතුවෙලා බලන් හිටියා තිහක් විතර වෙහෙසුනා ගින්න නිමන්න. අර බලන් හිටපු මිනිස්සු වතුර බාල්දිය ගානෙ ගෙනාවනම් වෙනසක් වෙන්න තිබුනා....

එ ලොරියෙ අයිතිකාර මමා එ අතරතුරෙ දි කැගැහැවුවා " අනේ ... බලන් ඉන්න එපා. .මොනවහරි කරන්න මල්ලිලා. අනේ.... මොනවහරි කරන්න" කියලා එ වෙලාවෙ මගෙ ඇස් දෙකට කදුලු පිරුනා. මනුස්සයෙක් අසරන වෙලා උදවු ඉල්ලනවා මට බලන් ඉන්න බැහැ. එ කියද්දිත් ඈතට වෙලා සෙට් එක්ක් හිටියා.

මෙ අතරතුර ගිනිගන්න තැනට මිටර් 20 විතර ඇතින් තියන සාප්පුවක මනුස්සයෙක් විදුරු වහගෙන ඇතුලට වෙලා අපි දිහැ බලාගෙනෙ හිනා වෙනවා දැක්කා. මට මාර තරහක් ගියෙ. හරි පුතෙ තොගෙ කඩෙ ගිනිගත්තොත් අපි එකෙක්වත් එන්නෙත් නැහැ.. එකෙකුට වතුරගහන්න දෙන්නෙත් නැහැ.......

එ අස්සෙ ඉවර වෙද්දි ගැහැණු කෙනෙක් අවිල්ලා කුරු,,කුරු ගානවා එයාගෙ ප්ලාස්ටික් බාල්දිය කැඩුනා කියලා. මෙතන ලක්ෂ ගානක් වටිනා වාහනයක් තව ලක්ෂ 2 ක විතර කොහුත් එක්කලා ගිනිගත්තා ඇස් දෙකෙන්ම දැක්කා. එයා රුපියල් 300 බකට් එකට කුරු කුරු ගානවා. අපි අහැව්වා " ඇන්ටි කොයි ගමෙ ඉදලද මෙහාට අවෙ " කියලා. එයත් මෙහෙම තමයිලු.

ඔය ඔක්කොම සිද්දි ඉවර වෙලා තමයි මරුම සිද්දිය උනෙ....
ඇග පුරාම අගුරු, දුම් සුවද.. අපි නාන්න වැවට යන්න සෙට් උනා. බයික් දෙකයි අපි 5 දෙනයි. මමයි බුද්දිකයි, බිත්තරයයි එක බයික් එකක.අක්කිලයයි ,නිරොවයි එකක. සුරෙශ් යන්නෙ නැහැ. අරුන් දෙන්නටම හෙල්මට් තියනවා මට නැහැ. එතනින් ම යන්න යද්දි පොලිස් බාප්පා කෙනෙක් " නවත්තපිය බල්ලො ... බැහු තොපි තුන් දෙනා..." අපි නතර කරා. දැන් මට තමයි ෂොට් එක වදින්නෙ.. අරු ලගට එද්දිම මාව සීතල වෙලා ගියා.. එතකොටම බුද්දිකයා...." මොකද්ද අයියො මෙච්චර වෙලා ගින්න නිවන්න උදව් කරලා කරලා නාගන්න වැවට යන්නෙ" දගකාර ලෙස කියාපු ගමන් අතත් හදාගෙන ආපු මනුස්සයට මතක් උනා මාව. " යකො සර් ඉන්නවා තොපි තුන්දෙනා යනව දැක්කනම් තුන්දෙනාම ඉවරයි. අපිත් ඉවරයි. පයින් යමල්ලා කියලා ඇරියා. මම එතනින් පයින් යද්දි සර් මන් දිහැ හිනා වෙලා බැලුවා. එයා දැකලා. අපි තුන්දෙනා එනවා. අපි හොදවැඩකට අත්ගහලා තිබුන නිසා බෙරුනා..........

පලවෙනිදා හිතට දැනුනා යමක් කලා කියලා අවුරුදු කිපයකට පස්සෙ...

ඔයාලට මොකද හිතෙන්නෙ..අවුරුදෙ පලවෙනිදා මට සිද්ද් උන වැඩෙ ගැන....

1/1/10

සුභ නව වසරක් වෙවා..........

ඔන්න ඉතින් 2009 ත් ඉවරයි. තව ටික දවසකින් මගෙ 25 ත් පටන්ගන්නවා. හැමොටම මම හිතින් ප්‍රාර්ථනා කරනවා ඔයලගෙ හිත්වල තියන දෙවල්,අරමුණු මෙ අවුරුද්දෙදි සාර්ථක වෙන්න කියලා.

කස්ටිය