සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

1/12/10

පාසල් සමයේ ලස්සන සිදුවිමක්....

පාසල තුල සිදුවු සිදුවිම අතර මෙය මාගෙ මතකයෙන් කිසිදා ගිලිහි නොයන අතර මෙම සිදුවිම හා සම්බන්ද චරිතය අදත් මා අසලින්ම ගැවසෙ.



මගෙ මිතුරෙකු වු නිමල්( අන්වර්ථ නාමයකි) උසස් පෙල හදාරන සමයෙදි 11 වසර ඉගෙනුම ලැබු සිසුවියකට පෙම් බඳින්නට විය. එය සිසුවියට දැනගැනිමට සැලසුවෙ පෙම් පතකිනි. මගෙ මිතුරා නිමල්ගෙ ග්‍රහයින් නිච වී තිබුනු නිසා වෙන්දො එම සිසුවියගෙ හොදම මිතුරිය වුයෙ අප පාසලෙ උප විදුහල්පතිතුමාගෙ බාල දියණියයි. දියණිය තම මිතුරියහට දුන් උපදෙස වනුයෙ එම ලිපිය ගුරුවරියකට බාර දෙන ලෙසය. දවස් කිපයක් තමා ලග තබා ගැනිමෙන් අනතුරුව සිසුවිය එය ගුණවති ගුරුතුමිය හට බාර දුන්නෙ සම්පුර්ණ විස්තරයද සමගිනි.

ගුණවති ගුරුතුමිය එම සිසුවිය හා මිතුරියද කැටුව එම මොහොතෙම විද්‍යාගරයට පැමින අංශ ප්‍රධාන පද්මිණි ගුරුතුමියට හසුන සමගින් විස්තරය කෙටියෙන් ලබා දුනි. මෙ වන විටත් අප අතර මෙම ආරංචිය පැතිර ගොස් තිබු අතර අපෙ සගයා ද තරමක් නොසන්සුන්ව සිටියෙය. අප පන්ති තිබු විද්‍යාගාරය තෙමහල් ගොඩනැගිල්ලකි. එහි පළමු මහල රසායන විද්‍යගාරය හා ජිව විද්‍යාගරයයි. දෙවන මහළ භෞතික විද්‍යාගරයයි. තෙවන මහළ ගණිත පන්ති තිබු අතර ගොඩ නැගිල්ලෙ මැදින් තරප්පු පෙලිය විය. අප පන්තියෙ එලියට අවුත් පහල බැලිමෙන් ගොඩනැගිල්ල තුල සිදුවන දැ ගැන යම්තම් අවභොදයක් ගත හැක. තෙමහල් ගොඩනැගිල්ලට අසලින් තිබුනෙ දෙමහල් ගොඩනැගිල්ලකි එහි ජිව විද්‍යා පන්ති කිපයකි. ඉහල මාලයෙ පන්ති තුලින් බැලු විට එක එල්ලෙම භෞතික විද්‍යාගරය පෙනෙ. මෙ වන විටත් තරමක් උණුසුම් මුහුනුවරක් ගත් අතර විද්‍යාගුරුමණ්ඩලයෙ ගුරුවරියන් කිපදෙනෙකු ගුණවති ගුරුතුමියද සමගින් භෞතික විද්‍යාගරය ඇතුලට ගොසින් සාකච්චා කරයි. මෙ අතර අප ගැන්සියෙ එකා බැගින් පහලට ගමන් කරනුයෙ වතුර බොන මුවාවෙන් පහල සිදුවෙන විස්තර දැනගැනිම පිනිසය.

පලමු වෙඩි මුරය පත්තු විය.
වතුර බිමට ගිය මිතුරෙක් පැමිණ
" නිමල් අන්න උබට පද්මිණි මිස් එන්න කිව්වා physics lab එකට"
නිමල් ඔලුවෙ අත තියාගත් අතර අප කිපදෙනෙක් ඔහු වට කරගෙන
" අපිත් එනවා යන්.. බයවෙන්න එපා යකො අපි ඉන්නවා..."

මා තව කිපදෙනෙකුත්, ඔහුත් සමග පහල භෞතික විද්‍යාගාරයට ගියත් නිමල් ව පමණක් ඇතුලට ගන්නා ලදි. එහිදි නිමල් හට ගුණවති ගුරුතුමිය ඉදිරියෙ බනින ලද්දෙ පද්මිනි ගුරුතුමිය විසිනි. මෙය අර සිසුවියන් දෙදෙනාම දැක තිබුනි. එ අතර දෙමහල් ගොඩනැගිල්ලෙ සිටි ජිව විද්‍යා සිසුන් ද දැක තිබුනි. විද්‍යාගරය තුල පැයක පමණ නඩුවිභගයකින් අනතුරු විද්‍යාගරයෙ දොර විවෘත විය.  එම දොරෙ හිල් වලින් බලා, දොරට කන තබා සිටි සියල්ල ක්ෂනයකින් අතුරුදහන් වි පන්තිවල ඉදගෙන පොත පත කියවමින් සිටියෙය.පසුව අප නිමල්ගෙන් සිදුවු සියල්ල දැනගතිමු.

නිමල්ට මුලින්ම බැන්නත් නිමල් දුන් පෙම් හසුන කඩා කියවිමෙන් අනතුරුව ගුරුවරුන්ගෙ සිත් නිමල් කෙරෙහි දැක්වු හැසිරිම වෙනස් විය. එක් සංවෙදි ගුරුතුමියකගෙ ඇසින් කදුලු පිටවු බව ජිව විද්‍යා පන්තිවලින් ආරංචි විය. සියල්ල හමාර වු පසු පද්මිණි ගුරුතුමිය අනිත් ජුරියද කැටුව අප පන්තියට පැමින අප සියල්ලන් හා කතා කරන්නට විය. එහිදි නිමල්ට චොදනාවක් හො සිතරිදෙන යමක් නොවිය.
" නිමල් හොදට ඉගෙන ගන්න. ඔයා බැරි කෙනෙක් නෙමෙනෙ. අනිත් එක ඔයගෙ වාසනාවකට ගුණවති මිස්ට හම්බ උනෙ. එක වෙන කෙනෙකුගෙ අතට ගියනම් ප්‍රින්සිපල් ලග නතර වෙන්නෙ. කෙල්ල ලස්සන නම් කමක් නැහැ. මොකද්ද ඔයි ලැජ්ජා නැති වැඩෙ. හොදට ඉගෙන ගෙන ඉංජිනෙරුවෙක් වෙලා ගෙයක් දොරක් හදාගෙන වාහනයක් එහෙම අරගෙන එහාට මෙහට පද්දනකොට කුරටයක් අරන් එක එක අමුනගෙන ආවැහැකි.  තමුසෙ නරක ලමයෙකුත් නෙමෙ."

නිමල්ගෙ පෙම්හසුන කියවිමෙන් අනතුරුව නිමල් හොද ලමයෙකු ලෙස ගුරුවරු පිලිගන්න ලදි. එදා නිමල්ගෙ පෙම්හසුන තුල තිබු අන්තර්ගතය දන්නෙ එදා ජුරිමණ්ඩලයෙ සිටි ගුරුවරියන් කිපදෙනා සහ නිමල් පමනි.

මා මෙහිදි සදහන් කල යුතු කරුණු කිපයක් ඇත.
ළමයෙකුගෙ වැරැද්දක් දැක නිවැරදි කර ඇත. එය කල ආකරයද පුදුමය. අද සමාජයෙ මෙවැනි දේවල යම් ප්‍රමානයක් කෙලවර වන්නෙ සියදිවි නසාගැනිමෙනි. ගැහැණු ලමයාටත්, පිරිමි ලමයටත් බැන, පාසලෙන් අස්කර ජිවිතයම විනාශවන අවස්තාද නැතුව නොවෙ. මෙම ගුරුවරුන් කිපදෙනා හැසුරුනු ආකාරය නිසා නිමල්ගෙ ජිවිතයද වෙනස් විය. නිමල් ඉහලින් සමත් නොවුනද ප්‍රතිපල ඉදිරියෙන් තිබුනෙය. මෙම සිදුවිම විද්‍යා අංශය තුල පමනක් ප්‍රසිද්ධ රහසක් විය. දරුවෙකුට දැනෙන්න කතා කිරිමට පුදුමාකාර හැකියාවක් අප පාසලෙ එවකට සිටි ගුරුමණ්ඩලයට තිබුනි.
" තොපිට ඕනානම් ඉගෙන ගනිල්ලා මෙන්න" කියා ඔක්කොටම එකම පොල්ලෙන් දමා ගසා විෂය නිර්දෙශය ඉක්මනින් ඉවර කරෙද නැත. කෙසෙ වුවත් එම ගුරුවරියන්ගෙ ගතිපැවතුම මා හට විස්තර කළ නොහැක.


අප පුද්ගලික පන්ති නොගිය හෙයින් අන්තිම දවස දක්වා පාසල යැමෙ භාග්‍ය ලැබිනි. නිමල්ද අන්තිම දවසෙ පැමිණියෙය. එදා නිමල්ට පෙම්හසුන ලැබිණි. අප එය දැක්කෙමු.

" නංගි ඔයා ඉගෙන ගෙන ඉවර වෙනකම් මම ඔයා ගැන බලන් ඉන්නවා " 

සුදු කඩදාසි කොලයක එපමණය. නිමල් විභාගය ඉහලින් සමත් නොවුයෙ මන්ද යැයි මම නොදනිමි......


......අන්වර්ථ නාමයන් භවිතා කර ඇත්තෙය........

19 අදහස් දැක්වීම්:

Anonymous said... [Reply to comment]

සමහර ගුරුවරු ඉතාම බුද්ධිමත්. නිවැරදි විදියට ඕනෙම දෙයක් විසඳනවා. ළමයින්ව තේරුම් ගන්නවා. ඕක ඔය විදියට නොවුනනම් ඒ ළමයගෙ ජීවිතේ ඔයිට වඩා වෙනස් වෙන්න තිබ්බ.
(මම මෙහෙම කියන්නෙ මගෙ පාසල් කාලෙ අද්දැකීමකින්... එදා ඒ සිද්ධිය ගුරුවරු විසඳුවෙ ගොඩක් නරක විදියට.පොඩි දෙයක් ලොකු කරගෙන බොරුවට දැඟලුව...)

Bardo said... [Reply to comment]

Sri Lankan teachers are sexually frustrated sadists.

Sam said... [Reply to comment]

එළ කොල්ලෙක්..

ගලා said... [Reply to comment]

එවැනි ගුරුවරු සිටීමත් වාසනාවක්.මගෙ හොඳම යහළුවන් තුන්දෙනෙක් වැරදි මාර්ගයේ ගියේ අප 11 වසර පන්තිවල සිටියදි ගුරුවරුන් ගත් වැරදි තීරණයක් නිසාය.ඔවුන් තිදෙනාම සා.පෙ. අසමත් විය.මම කොළඹ පාසලකට ආවේය.ඔවුන් හමුවන සෑම විටදීම මට එම ගුරුවරුන් පිළිබඳ කළකීරීමක් ඇතිවෙයි.

දුකා said... [Reply to comment]

machan . . mekata mata kiyanna godak dewal tiyenawa . .apsse welaawaka comemnt karannam . ..

budhajeewa said... [Reply to comment]

ඒ ගුරුවරයගෙන් කවුද උපදෙස් ඉල්ලුවේ? ගුරුවරයෙක් නෙවෙයි කවුරු උනත් තමුන්ගෙ සීමාව දැනගන්න ඕන. අපේ කාලකණ්නි සංස්කෘතියට අනුව ඕව මහ ආනන්තර්ය පාපකර්ම නෙ, ඒක නිසා වෙන්න ඇති.

ගුරුවරු කියන්නේ විෂය කාරණා උගන්වන්න ඉන්න වෘත්තිකයො ටිකක් මිස, අපි කරන්න ඕන මොකක්ද කොහොමද කරන්න ඕන කියන්න සම්පූර්ණ බලය තියන පිරිසක් නෙවෙයි. මේ කාලකණ්නි ලොකු කරගත්තම එනවා කරේ නගින්න!

දුකා said... [Reply to comment]

සුපුන් මල්ලී ඔහොම තරහා ගන්න එපා කොල්ලෝ . . . එයාලට ත් අපි ගැන උපදෙස් දෙන්න අයිතියක් තියෙනවා . . ඒකනේ අපි එයාලට ගුරුමෑණියෝ . . ගුරු පියාණෝ කියන්නේ . . ඒ කියන්නේ ගුරු දෙමාපියන් කියන එක කියලයි මගේ හැඟීම . . .

දෙමපියන්ට වගේම එයාලටත් අපි ගැන කැක්කුමක් තියෙනවා . ..

රවා . . ඒ ගුරුවරු ටික නම් හරිම ශ්‍රේෂ්ඨයි මම හිතන්නේ . . . (කාවින්දි ගේ ගුරුවරිය මතකයි නේ)

මගේ පාසැල් සමයේත් ඔය වගේ සිදුවීමක සිහිවටනයක් තියෙනවා . .වෙලාවක ඒක ගැන ලියන්නම් . . . ඇත්තෙන්ම ඔය වගේ ජීවිතාවබෝධයක් තියෙන ගුරුවරු දැන්නම් හිඟයිද මංදා . . . මම කාලෙකට කලින් ලිව්වා පෝස්ට් එකක් "එයාට අපි ටීචර් කියලයි අමතන්නේ. . . ." කියලා වෙලාවක ඒකත් බලන්න . .. (http://dukaa.blogspot.com/2009/07/blog-post_05.html)

budhajeewa said... [Reply to comment]

@දුකා: එයාලට මොකක්ද අපි ගැන තියන "අයිතිය"? ඒ කියන්නේ එයාල කියන විදියටම අන්ධයො වගේ අපි වැඩ කරන්න ඕන කියලද? මම සම්බන්ධයෙං නං, හීනෙං තමයි! :/

"ගුරු මෑණියෝ, ගුරු පියවරු" කතා වැඩක් නෑ. එයාල එයාගෙ වැඩේ හරියට කරනවනං, අපි අපේ වැඩේ හරියට කරනවනං, කවුරුත් මොකටද කාටවත් නැමෙන්නේ?

පෞද්ගලිකව හිතවත් කමක් තියනවනම් ඒ මට්ටමින් යම් ප්‍රශ්නයක් කතා කරන එක වෙනම දෙයක්. නමුත් අපේ බහුතරයක් එව්වො හිතං ඉන්නේ ගුරුවරයෙක් උනු පළියට සිසුන්ගෙ පෞද්ගලිකත්වයට ඇඟිලි ගහන්නත් ඒ අයට ලයිෂන් හම්බවෙනවා කියලා. මට පේන විදියට මෙතනත් වෙලා තියෙන්නෙ ඒ ඊනියා "බලය" අර සිසුවා මත ක්‍රියාවට යෙදවීම!

දුකා said... [Reply to comment]

aen mandaa malayooo . .. podi un ohoma taraha aragena kohomada ikmanata naaak iwei ban . . coool down coool down . . . . . hik hik . . .

budhajeewa said... [Reply to comment]

@දුකා: නෑ නෑ, මට තරහ යන්නෙ නැතෝ, හෙහෙ! :D

malee_msg said... [Reply to comment]

ම‍ට නම් හිතෙන්නේ එදා නිමල්ට ඒ විදියේ උපදෙස් ලැබෙන්න ඇත්තේ එයා ලියලා තිබුන දේ නිසයි..!

රවා said... [Reply to comment]

@indik
ඔයා කියන එක ඇත්ත සමහර ගුරුවරු ගැන කියන්න මගෙ හිතෙ වචන මදි..

@Bardo
your idea isnt always truth. some teachers are amazing charecters.

@ධනංජය
ඇත්තටම වු එල කොල්ලෙක්. දැන් ජොබ් එකක් කරනවා. ලගදි බදිනවා කියලා ආරංචියි. ලගදි හම්බ උනා. මාව ගෙදරටම ගෙනත් දැම්මා..

@ගලා
මගෙ වාසනාවට මගෙ හොදම කාලයෙ මෙ ගුරුවරු ටික හම්බ උනෙ... එකයි මම හොදටම උ පෙ සමත් උනෙ.

@දුකා
මම කියෙව්වා ඔයාගෙ ලිපිය අයියෙ. මගෙ ඇග හිරිවැටුනා. මිස් එහෙම කැගහලා පොලිස්සියට බනින අවස්ථාව. මෙවා කියවද්දි මම එ අවස්තාවට මම දන්න රුප ගලපගෙන හිතින් මවා ගන්නවා. මතක් වෙද්දිත් ආසයි එ ගුරුවරු ගැන.

@Supun Budhajeewa
මල්ලියො ඔයා ඔහොම ගියොත් ලොකු අමාරුවක වැටෙනවා. මම අද මෙතන ඉන්නෙ මගෙ ගුරුවරු ටික නිසයි. මම මගෙ දෙමවුපියන්ට වඩා ගුරුවරුන්ට ලැදියි. එකට ලොකු හෙතුවක් තියනවා. ඉස්කොලෙදි ඔයාවගෙ කතා කරපු එකෙකුට ලෙ පනිනකන් ගහලා හොදටම ඇඩුවා මම. ඔයා නෙට් එකෙ හින්දා බෙරුනෙ...

@malee_msg
මලි ගැහැනු කෙනෙක්ගෙ හිතක් තෙරුම් ගන්න අමාරුයි. එ ගුරුවරු ටික මෙවගෙ දෙවල් සම්බදව ගත්තු ක්‍රියාමාර්ග හරිම පුදුමයි. මෙ ගුරුවරු හරිම පුදුම අම්මලා ටිකක්. හරිම වාසනාවන්ත කොල්ලො ටිකක් අපි. එ අයත් අපිත් අයත් එක්කලා හැමදෙටම ඉස්සරහට ආවා. අපෙ හැම වැඩකදිම, වැරැද්දකදිම, අපිව පාසලෙ අනිත්තැන් වලින් බෙරගෙන ලැබ් එකට එක්ක ගිහින් පාසල නිමා වන තුරුම බැන්නා.
අපෙ සෙට් එකෙ එකයි විභාගෙ ෆෙල් උනෙ.අනිත් හැමොම විෂයන් තුනම පාස්.

budhajeewa said... [Reply to comment]

@රවා:
[said]මල්ලියො ඔයා ඔහොම ගියොත් ලොකු අමාරුවක වැටෙනවා.[/said]
කොහොම ගියොත්ද ලොකු අමාරුවක වැටෙන්නේ?

[said]මම අද මෙතන ඉන්නෙ මගෙ ගුරුවරු ටික නිසයි.[/said]
මම නං අද මෙහෙම ඉන්නේ මම කරපු දේවල් නිසයි. ගුරුවරු එයාලගෙ රාජකාරිය කළා, ඒක හරි. නමුත් ගුරුවරු මොන විදියට උත්සාහ කළත් මම ගණන් ගන්නේ නැත්නම් මට ඉස්සරහකට යන්න බෑ නෙ?

[said]මම මගෙ දෙමවුපියන්ට වඩා ගුරුවරුන්ට ලැදියි.[/said]
ඔයා ඔයාගෙ දෙමව්පියන්ටත් වඩා නගර සභාවේ පිරිසිදු කිරීම් රැකියාව කරන අයටත් ලැදිද? මට නම් ගුරු වෘත්තියේ සහ එම රැකියාවේ වෙනසක් නැහැ, මොකද දෙගොල්ලෝම කරන්නේ අතිශයින් වැදගත් රාජකාරි නිසා.

[said]එකට ලොකු හෙතුවක් තියනවා.[/said]
ඒක දැනගැනීම මට වැදගත් වෙයිද නැද්ද?

[said]ඉස්කොලෙදි ඔයාවගෙ කතා කරපු එකෙකුට ලෙ පනිනකන් ගහලා හොදටම ඇඩුවා මම.[/said]
මතවාදයකට මතවාදයන්ගෙන් පිළිතුරු දීමටත්, තමන්ගේ මතවාද අනුන් පිට නොපැටවීමටත්, තමන්ගේ මතවාද නොඉවසන්නන් මත ඔවන් ප්‍රහාර එල්ළ නොකිරීමටත් අපේ අධ්‍යාපනයේ නො උගැන්වීම හෝ ඒවා පිළිබඳ අවශ්‍ය තරම් අවධානය යොමු නොවීම වරදක්.

[said]ඔයා නෙට් එකෙ හින්දා බෙරුනෙ...[/said]
ඒ කියන්නේ අන්තර්ජාලය හරහා නැතිව, ඔයාගේ මූණටම මේ අදහස කීවානම් ඒක මට ප්‍රහාරයකට ලක්වීමට හේතුවක්?

රවා said... [Reply to comment]

Supun Budhajeewa
අයියො මල්ලියො මට සමාවෙන්න.. මම වැරදියි වෙන්නැති. එදා මම එ ලමයට ගැහැවුවෙ මගෙ නුගත්කම හින්දා. දැන් මම දන්නවා ඔයාට කවදාවත් වරදින්නෙ නැති විත්තිය. ඇත්තටම මට ගොඩක් තැන්වලදි වැරදුනා එහෙම හිතපු හින්දා. ඔයාවගෙ හිතන්න පුලුවන්නම මම අද කොතනද කියලා හිතන්නත් අමාරුයි. නමුත් මම එතනම ඉන්නවා..ස්තුති ඔයාට මගෙ කරපු මොඩකම කියලා දුන්නට.

budhajeewa said... [Reply to comment]

@රවා: අහිතක් හිතන්නේ නැත්නම්, මට ඔබේ අවසන් පිළිතුර පෙනුනේ සංවාදය දිගටම කරගෙන යාමට ඇති නොකැමැත්ත නිසා මා වෙතද ව්‍යංගාර්ථයෙන් වාග් ප්‍රහාරයක් එල්ළ කරමින් ඉදිරිපත් කරන ලද්දක් ලෙසයි.

මන්දා මට හිතුනු හැටි.

කොහොම වෙතත් මේ ගැටළුව මෙතැන සාකච්ඡා කිරීමෙන් අපිට හෝ සමාජයට කිසිදු යහපතක් නොවන නිසා හිත් අපි අමනාප කර ගැනීමකින් තොරව මෙය නැවැත්වීම ප්‍රායෝගික බව මමත් හිතනවා.

අපි මෙතැන කොහොම කතා කළත්, කාර්යයේ නියුතු වෙන්නා හෙවත් ගුරුවරයා අතෙයි වැඩක් තියෙන්නේ.

කොහොම වෙතත් මගේ හිතේ තිබුනු අදහස් කිහිපයක්ම ප්‍රකාශ කරන්නට අවැසි නිමිත්තක් නිර්මාණය කිරීම පිළිබඳ ස්තුතියි!

රවා said... [Reply to comment]

නැහැ මල්ලි එහෙම දෙයක් නෙමෙ මම ආසයි ඔයා වගෙ කෙනෙක් අදුනගන්න. මම ඔයාට වරදින්නෙ නැහැ කිව්වෙ කින්ඩියට නෙමෙ. මොකද ඔයා හිතන පතන විදිය අනුව වැරදිමකට ඉඩක් නැහැ. එ ඔයා හැදුන වැඩුන පරිසරයෙන් ලැබුනු දෙ නිසා වෙන්න ඇති. මට නම් ගොඩක් තැන් වලදි වැරදුනා., ආපසු හැරුනා, එකයි මම එහෙම කිව්වෙ.. නැතුව ඔයාට එල්ල කරන්න නෙමෙ. කොහොමත් මම මෙ ගැන වාද කරන්නෙ නැහැ. මොකද මෙවා තර්කයට අසු වෙන කරුනු නෙමෙ... මම හරිද..

ඉෂාන් තිළිණ සෝමසිරි (Ishan Thilina Somasiri) said... [Reply to comment]

දෙවිවරු වගේ ගුරුවරුත් ඉන්නවා. ඒ කතාව අනිත් පැත්තටත් එහෙමම තමා

රවා said... [Reply to comment]

ඉශාන් හරි මගෙ වාසනාවට මට හම්බ උනෙ එ වගෙ ගුරුවරු ටිකක්...

budhajeewa said... [Reply to comment]

@රවා: ඔවු, තර්ක කිරීමෙන් කිසි දෙයක් හරි මාර්ගයට ගන්න බෑ, මොකද එතනදී වෙන්නේ දෙපාර්ශවයම තමන් නිවැරදි බව පමණක් ඔප්පු කිරීමට යාම නිසයි.

නමුත් මම හිතනවා මෙතැන තර්ක කිරීමකට වඩා දෙයක් සිද්ද වුනා කියලා. ඒවා කොහොම අපි මෙතන කතා කළත් වැඩක් නෑ, හරි හෝ වැරදි ඒවා ක්‍රියාවට යෙදවිය යුතුද නැතිද කියලා තීරණය කරන අය මේවා නොදකිනා තාක් කල්.

කස්ටිය