සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

1/16/10

මහගම සේකර කලාකරුවානන්............

මෙම ගිතය මගෙ හිත තුලට තදින්ම කාවැදුනු ගිතයක්. මා හට මහගම සෙකරයන් මුන ගැසුනෙ 11 වසර සාහිත්‍ය පාඩමෙදි " ගම අමතකයි " පද්‍ය පන්තිය තුලිනි. එතනින් නොනැවතුන මම ඔහුගෙ බොහො කලා නිර්මාණයන් රස වින්දෙමි. තුං මං හන්දිය, මනො මන්දිර, ව්‍යංග්‍යා, සක්වාලිහිනි,හෙට ඉරක් පායයි,මක් නිසාද යත්, මුදු පුත්තු,නොමියෙමි, ප්‍රබුද්ධ,නොපළ ගීත,හංස ගිතය... මෙ ආදි ලියු , නොලියු කලා කෘතින් රැසක් දැයට දායද කරමින් මහා ප්‍රතිභාවක් පෙන් වු එ සංවේදි හදවතානන් අපෙන් සමුගෙන වසර 34 ක් ඉක්ම ගොසින්ය. නමුත් කල කි දැ තවමත් අප අතර, අප හදවත් තුල තවම උනුසුම්ය..




තවත් විටෙඑක මහගම සේකරයින් මෙසෙ ලිවා.
උපන් දිනෙ සිට නැත අත් හරින්නේ
හෙමින් හෙමින් පස්සෙන් ලුහුබඳින්නේ
හොරෙන් ඇවිත් මොකටද ඉගි කරන්නේ
වරෙන් උබතමයි මම මෙ හොයන්නේ

වළේ වැටුන කළ නැත ගොඩ අදින්නේ
කුලේ සැවොම වළ වටකර නටන්නේ
වලේ දමා පස් තදකර අඬන්නේ
මලේ එවිට හිනැහෙන්නට වරෙන්නේ

නොකා නොබි වස්තුව සරි කරන්නේ
සදාකල්ම ලොව ඉන්නයි බලන්නේ
හොරා වගෙ උඹ විත් අත වනන්නේ
එදා තමයි කාගෙත් ඇස් ඇරෙන්නේ
මරණය පද්‍ය පන්තිය.. ව්‍යංග්‍යා

එ මහගම සේකරයන් මරණය දුටු ආකාරයයි. සැබැවින්ම ගැමි සුවඳ තම නිර්මාණයන්ට මුසුකල මෙම කලා කරුවානන් සමාජයෙ සිටි මිනිසුන් හා ඔව්නගෙ සිතුවිලි තුලට කිදා බැස එකල සිදුවු සමාජ පරිවර්තනය හා ගැටිම් මැනවින් විස්තර කලේය. තුං මං හන්දිය, මනොමන්දිර, ගම අමතකයි තුලින් මෙ බව අපහට වටහාගත හැකිය.
සිදාදියෙන් ආපහු මගෙ
ගමට යන්න ආසයි මට
එත් ගමට යන්නට දැන්
පාර මතක නැත්තෙ
ඉතිරිව ඇති සුලු වස්තුව
රැකගෙන ආපහු එන්නට
ඈත ඉදන් අත වනලා
අම්මෙ මට ගමට එන්න
පාර කියාපන්නෙ..
ගම අමතකයි... සක්වාළිහිණි

සමාජය තුල සිදුවු විපරියාසය තුලින් ගම ගිලිවු ආකාරය ව්‍යංගයෙන් පවසන කවියා ඉහත පද්‍ය පන්තිය තුලින් තම හදවත තුල තිබු පසුතැවිමක් රසිකයාහට රසවිදිමට සලසයි.

මා යන මග කටු පඳුරින්
දෙපය බිඳී ගලන ලෙයින්
කටු මඟහැර නිසිමඟ දැන
ඔබෙ ගමන නිම කොට ඔබ
අප සොයනා පහන් තරුව
මට පළමුව දැකගත හොත්
එ වෙනුවෙන් ඔබෙ පයට
ආසිරි මල් පිබිදෙනු ඇත්.

එ මල් තුල මා දකින්න.....
මගෙ කවියෙන් ඔබ දකින්න... සක්වාළිහිණි

මහගම සෙකරයානන් තුල තිබු සියුම හැකියාවන් , ප්‍රතිභාවන් එතුමාගෙ කවි, ගිත, කෙටිකතා, නවකතා තුලින් අප හට දැකියහැක.

එසෙ වුව සොහොයුරෙනි!
ඔබ ගැන ම මා ලියන එ කවිය
ඔබගෙන් බොහො දෙනෙකුට
අද දින නො වැටෙහෙන බව දනිමි

ලොකය මීට වඩා යහපත් වන
අනාගතෙ යම් දවසක
ඔබ එය මීට වඩා ආදරෙයෙන්
කියවන බව ද දනිමි.....

මහගම සේකර නැමති සරල, සුන්දර කලා කරුවානන් අප අතරින් නික්ම ගියෙ 1976 ජනවාරි මස 14 වන දිනයෙදිය. එතුමා අවසන් වශයෙන් රසිකයාට තිලින කල " ප්‍රබුද්ධ " මිනිස්සමාජයෙ එවකට තිබු පුහු ආටොපයන් හා  නිරර්ථක විෂමචාර වලට පහරදි කලාකරුවෙකු තුල තිබෙනා සැබැ අව්‍යාජ හැගිම් බුදු දහම තුලින් දක්නට සලස්වයි..

පාසලෙ නිරර්ථක ලෙස ඇවිදමින් සිටි මට මහගම සෙකරයන් පෙන්වු දැ අමිලය. එතුමා ගෙ නිර්මාණ තුලින් ජිවිතය දකින්නවුන් හට ඉතිරිවෙන අවංක, අව්‍යාජ බව නිසා ඇතිවෙන හිතෙ සතුටද රැගෙන මම එසේ එ කලාකරුවානන් පිළිබද මතකය අවදි කෙලෙමි........








5 අදහස් දැක්වීම්:

Ravin Caldera said... [Reply to comment]

මනහර සටහනක්...මගේ ප්‍රියතම සාහිත්‍යධරයා මහගම සේකරන්. මා සිතන්නේ ඔහු ස්වකිය නිර්මාණ සඳහා දේශිය විදේශිය කාව්‍ය සාහිත්‍යයන් ආභාශ කර ගන්නට ඇති. මන්ද පසුගිය දවස්වල මා ඇමරිකන් කවි රචනාවන් අධ්‍යනය කළ (විනෝදයට වගේ). එයින් ගම්‍ය වු කරුණක් වූයේ මහගම සේකරයන්ගේ කව්‍ය රචනාවන් ඒවා හා සම තැන්හි තැබිය හැකි, එමෙන් ම සමාන සම්බන්ධතා ඇති ලක්ෂණය යුත් ස්වභාවය යි. ස්තූතියි!

රවා said... [Reply to comment]

@Ravin Caldera
ස්තුති ඔබට සටහනක් තැබිම පිලිබදව. ඉතාම සතුටට කාරනයක් මහගම සේකර ඔබෙත් ප්‍රියතම සාහිත්‍යධරයා විම්.

දුකා said... [Reply to comment]
This comment has been removed by the author.
දුකා said... [Reply to comment]

අම්මට සිරි . . .පිස්සු හැදෙනවා බං . .මේක මාරම මාර ලිපියක් . . .මට මේ ලිපිය මිස් වුනේ කොහොමද කියලා හිතා ගන්න වත් බෑ බං . . අනේ සමාවෙන් මේක බලන්න ප්‍රමාද වුනාට . . . නියමයි මචං . . . නියම පෝස්ට් එක . . . මේ ලිපිය ගැන කොහොම ස්තූති කරන්නද කියලා මට නම් තේරෙන්නේ නෑ . .

රවා said... [Reply to comment]

dhukaa thankx. i wrote this in january 14 but some technicle bugs screwed around this. post publish in january 16... this title wasnt on the syndicator.

කස්ටිය