සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

1/22/10

මා දුටු අපුරු චරිතයක්.....

අප වටා විවිධ තරාතිරම් වල පුද්ගලයින් ගැවසෙ. ඔහුන් විවිධ කාර්යන්වල නිරත වෙමින් තම ජිවන ගමන ඉදිරියට දියත් කරති. මෙ අතරින් මා දුටු චරිතයක් ගැන මා මෙහි සටහන් කරමි. ඔහු නමින් වේනුර වෙ. ඉතාම විනොදකාමි කට හැකර චරිතයකි. කිවයුතු දෙ කිවයුතු තැනදි කෙලින්ම කියන අතර නොකිවයුතු දෙද එලෙසම පවසයි. වටාපිටාවෙ ඉන්නවුන් විනොද කිරිමට ඔහු එසෙ වචන ගලපා කතා කරයි. අන් අයගෙ සිනාවක් දැකිම ඔහුට සතුට දනවන අතර එ සදහා ඔහු තමුන්ව පවා පහතට හෙලමින් කතා කරයි. ඔහුගෙ බිරිද මැද පෙරදිග රැකියාවකට ගොසින් මාස 5 ක් පමණය. මා මැතකදි ඔහුගෙ නිවසට ගියෙමි. කුඩා දියණියන් දෙදෙනෙකු තනිව බලා කියා ගනිමින් කූලි රැකියාවක නිරත වෙන ඔහු සතියට නොබොන දවසක් දෙකක්ද ඇත. මා එහිදි ඔහු හා කතා කරමින් සිටින විටදි ඔහුගෙ බාල දියණිය එතනට පැමිනියාය. ඇය පළතුරක් ගිලදමමින් පියාගෙ ඇගෙ දැවටිනි.

"පෙනවානෙ මෙ මැෂින් මෙක ඔෆ් කරන්න බැහැ. නැගිට්ට වෙලා වෙ ඉදන් ස්ටාර්ඩ් එකෙ, කුරුබැට්ටියක් තරම් උස නැති උනාට මෙකි දවසකට ඔය අල්ලපු කැලැවෙ තියන ඔක්කොම ගෙනල්ලා පාඩම් කරන මෙසෙ උඩ තියන් කනවා"
එසෙ කියමින් ඇයව තුරුල් කරගත් ඔහු දැරියගෙ ඉණෙහි තිබු තුවාලයකට බෙහෙත් දැම්මෙය. ඔහුගෙ නිවසට ඇත්තෙ කාමර දෙකකි. මෙ කතාව යන අතරතුරෙදි ඔහුගෙ කටින් තම බිරිද කෙරෙහි තිබෙන ආදරය සෙනෙහසද පිටවිය.
කොච්චර ගහ බැන ගත්තත් මල්ලි හැන්දැවට ඉන්න බැහැ. අපෙ එක්කෙනාව මතක් වෙද්දි. මෙච්චර වඳ දෙන මාත් එක්ක මෙකි හිටියනෙ.
 මොහු හා සම්බන්ද සුවිශෙෂ කතා රැසක් ද ඇත. මා මෙහි එකක් දෙකක් සටහන් තබමි. දිනක් වැඩ අවසන් වු පසු යන්තම් පදම් වි මොහු මොටර් බයිසිකලයෙ නිවසට පැමිනෙමින් තිබුනි. මෙ අතර තුර ගමෙ පිටර් මාමා ද තම පාපැදියෙන් හන්දියට ගමන් කරමින් තිබුනි. පරිසරය ඝන අන්දකාර අතර වැහිබින්දු කිපයකින්ද පොලව වැටිනි. කන්දෙ පහලට වෙනුර පැමිනෙමින් තිබුනු අතර පිටර් මාමා බයිසිකලයෙන් කන්ද ඉහලට පැමිනෙමින් තිබුනෙය. සයිකලය හා මොටර් සයිකලය ගැටිනි. පිටර් මාමා උඩින් විසිවි වැටි අමාරුවෙන් කෙදිරි ගාමින් සිටියෙය. පැතිර ගිය අන්දකාරය නිසා පිටර් මාමා හට කිසිවකු හැදිනිමට නොහැකි විනි. නමුත් මෙම අපුරු මිනිසා

" පිටර් මම වේනුර "

ලෙස පවසා දුවගොස් තිබුනි. පිටර් මාමා හට තුවාල කිසිවක් නොතිබුනු අතර සති කිපයක් තෙල් බැන්දෙය. එ සියලු වියදම් දැරුවෙ වෙනුර විසිනි. ඔහු එම අවස්ථාවෙදි ඔහුගෙ නම නොකියා දිව ගියෙ නම් ඔහු හට කිසි වියදමක් නැත.



තවත් දවසක ඔහු බිරිද සමග අමනාපයෙන් මත් පැන් බී වහලෙ තිබු සියලුම උලු ඉවත්කර ඔහුගෙ අක්කගෙ නිවසට පැමින
අක්කෙ මම නියම වැඩක් කළා. අරකිට කිව්වා කිව්වා රට යන්න එපා කියලා අහන්නෙ නැහැ. මම වහලේ තිබුනු උලු ඔක්කොම අයින් කරා.
 එම අවස්ථාවෙදි ඔහුගෙ අක්කාත් සමග ඔහු නිවසට ගිය පසුව ඔහුට අක්කාගෙන් ලැබුනු කම්මුල් පාරවල් කිපයකට පසුව නැවත වාහලයට උලුටික ගියෙ ඉබෙමය.

ඉතා දුප්පත් ජිවිතයක් මෙතරම් සතුටෙන් ඉන්නෙ කෙසෙද යන්න මා හට නිතරම නැගුනු පැනයකි. මොහුගෙ කාර්යන් නිසා ගමෙ බොහො දෙනෙකු සිනා වෙයි. එවා මතක් කරනවිට මෙ මිනිසා තුලද නැගෙන සිනාහව විස්තර කල නොහැකිය. මොහු හට ලිවිමට කියවිමට බැරි බව මා දැනගත් පසු මා හට යම් දුකක්ද ඇතිවිනි. නමුත් මොහු ලග සිටිනා විට අනිත් මිනිසුන් සතුටෙන් ඉපිලයයි. එ මිනිසුන්ගෙ මුව සිනාහ වෙන් පිරි ඉතිරියයි. දවසක් මගෙ මිතුරෙකු ඔහු හට " උබට කියවන්න , ලියන්න බැහැ නෙ" කියා කියන විටදි ඔහුගෙ මුහුනෙ තිබු අඳුර මා නැති කළෙ " වෙනුරයියෙ උබට කියන්න ලියන්න බැරි ඉස්කොලයක් දැකලවත් නැති හින්දනෙ. මෙච්චර ඉගෙන ගත්තු මට සිංහල ලියන්නම බැහැනෙ." (මාගෙ අත් අකුරු කිසිවෙකුටත් සෙවිමට නොහැකිය. මටද නොහැකිය). එවිට ඔහු " ඇයි බං එතකොට උබ ඔච්චර විභාග පාස් උනෙ පොල් ගාලද " යනුවෙන් අසද්දිත් අප හැමගෙ මුව සිනාවෙන් පිරි ඉතිරි ගියෙය. සමහරෙකුට අනුව ඔහු කට හැකරයෙකි, සමහරෙකුට ඔහු වාචාලයෙකු. නමුත් ඔහු නිසා සියලුම දෙනා සිනාවෙති.  ලියන්න, කියන්න නොදත් මිනිසා තම වචන හසුරවන ආකාරය යොදා ගනිමින් මිනිසුන්ව සිනාහා ගස්වා ඔහුද සිනාහා වෙ.මත්පැන් බිවද, කුණුහරප කිවද තම දරුවන් තමන්ට හැකි පමන බලාකියා ගන්නා ඔහු අඬනවා මම කිසිදිනෙක දැක නැත.

4 අදහස් දැක්වීම්:

LishWish said... [Reply to comment]

තමංගේ ලෝකේ ඇතුලේ හැකි පමණින් රජවෙන්න ට උත්සහ දරන කෙනෙක් ගැන මේ වගේ ලිපියක් දැක්කම මට මතක් වෙන චරිත කීපයක් ම තියෙනවා. ඒ මිනිස්සු බොහෝම දුප්පත් ඒත් හවසට නාල කරලා බොහෝම සුව පහසුවෙන් ඉස්තෝප්පුවට වෙලා කා එක්ක හරි කදේ දාගෙන ඉන්නවා. අපි මාසේ පුරාවටම වැඩ කරල ඒ මනුස්සය ගන්නවා වගේ හත් අට ගුණයක පඩිත් අරන් ඒත් අපි අතේ ඉතුරු වෙන ඉස්පාසුව මංචාඩියක් වත් බර නැතිවෙන තරං.
හරි අපුරු ලියමනක් මල්ලි.

.::පිස්සා::. said... [Reply to comment]

වෙනුරයා ජොලි පොරක් වගේ තමයි, උඹ කියන හැටියෙන් නම්...
ඇත්තටම මිනිහාට අත් 2යි, කකුල් 2යි තියාගෙන මොන එහෙකට ගෑනි රට යැව්වාද? මිනිහා ඔය මෝඩ ජෝක් කෑලි දදා ආතල් ගන්න අතරේ, ගෑනි රට ගියේ නැත්නම් වෙන්නේ ළමයින්ට පොළවේ පස් කන්න..

Siribiris said... [Reply to comment]

සමහර වෙලාවට අපට නොපෙනෙන පැත්තකුත් ඔය දුප්පත් අයගෙ ඇති.

අනිත් අයට කරදරයක් වෙන්නෙ නැතිනම්, අතපය වෙහෙසන මිනිස්සු හැන්දෑවට පොඩි අඩියක් ගැනීම ලොකු වරදක්ද?

ගෑණිට, ලමයින්ට කන්න දෙන්න බැරි කමක්, කතාවෙ හැටියට පේන්න නෑ. ඒකනෙ, රට යන්න එපා කියලා රංඩුකලේ. ඔය දුප්පත්න්ටත් අපට වගේම තමන්ගේ කියල ගෙයක් දොරක් හදාගන්න ආසාව තියනවා, රට නොගිහින් ඔය හම්බවෙන සොච්චම් පඩියෙන් ඒක කරන්නෙ කොහොමද?

රවා කොලුවො, කතා ටික නම් මසුරං. පොත්පත් වලින් ඉගෙනගන්න බැරි ගොඩක් දේවල් මේකෙ තියනවා.

අනේවාසික said... [Reply to comment]

මේ මිනිසාට අකුරු උගන්නපං. හොඳ ලේඛකයෙක් වේවි.

http://anewasika.blogspot.com/

කස්ටිය