සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

3/31/10

ඔයාට මාව මතක් වෙන්නෙ නැද්ද.......

මම ලෙඩ ඇඳෙ වැතිර උඩුබැල්ලෙන් නිදන්නට විමි. වහලයෙ එල්ලා ඇති මදුරු දැලද කවුළුවෙන් හමා ආ සුලං රොද ද එකතුවි තාලයට නටන්නට විය.. එය බොහොම සෙමින් කරන ලද නැටුමකි. වහලයෙ දිරච්චි පරාලද එවායෙ බැඳි ඇති මකුණු දැල් දබොහො කාලයකින් එවා හට සැලකිල්ලක් නොලද බව පවසයි. කාමරයෙ දකුනෙන් හා උතුරෙන් පිහිටි කවුළු තුලින් ඇතුල් වන වාතය කාමරය තුල ඔබ මොබ සැරි සරන්නට විණි. ඇඳට දෙපසින් වුයෙ සුදු හුණු  ගැ බිත්තිය හා දොරය. බිත්තියෙහි ගසන ලද ඇණයක මාගෙ පාසල් බැගය එල්ලා තිබිණි. මෙ සියල්ලම අතරින් මා හට සිහි වුයෙ අවසන් වරට ඇය හා මුණ ගැසුනු දිනයයි.

එදා ඇ හැද සිටියෙ ලා රොස පාට ඇදුමකි. ඇය ඇද සිටි ඇදුමෙන් ඇ තුල වු සරල බව ඉස්මතු විණි. ඉන් මා තුල ඇ පිළිබද ඇතිවු ගෞරවය, ආදරය වැඩි විය. එදා අපි දෙදෙනා හමුවු මොහොතෙදි පටන් බොහො වෙලාවක් දෙදෙනා නිහඩව පරිසරයෙ සිදුවු දැ දෙස බලමින් එ මෙ අත ඇස් යොමුකරමින් එකිනෙකා දෙස ද වරින් වර බලමින් පදික වෙදිකාවෙ ඉදිරියට ඇවිදගෙන බස් නැවතුම් පොළවෙත පියවර මැන්නෙය

" අපි ඈත් වෙනවා නෙද. .? " නිහඬ බව බිඳිමින් ඇය මා වෙත බැලුවාය.

" ඔයාට ඇත් වෙන්න ඔනාද..? "

" නැහැ.... එත්.. " මුවට ආ වදන් ගිලගත් ඇය ඈතින් එන වහනයක් දෙස බැලුවාය.

" හැම දෙයක්ම සිද්ද වෙන්නෙ අපි දෙන්නව ඈත් කෙරෙන විදියට.. ඇයි ඔයා මට කොල් එකක් වත් දෙන්නෙ නැත්තෙ..."

"ඔයාගෙ කට හඬ අහන්න ඔනැ නැහැ මට.. එක තෙරුමක් නැති දෙයක්.. ඔයාව මෙහෙම හම්බ වෙලා ඔයාගෙ මුහුන දිහැ බලන් කතාකරද්දි තරම් සතුටක් දැනෙන්නෙ නැහැ මට වෙන දෙයකින්. අපි මෙහෙම හම්බ වෙලා කතා කරන එක හොදයි...මට ඔයාට මෙකෙන් කතා කරලා මගෙ හැගිම් කියනවට වැඩිය මෙහෙම කියන එක මට හොදයි..මම මට ආදරෙයි.. මම හැමතිස්සෙම තමුන්ගෙ සතුට ගැන විතරයි හිතන්නෙ.. අනික මම හිතනවා අපි දෙන්නා අතර මෙ තියන හැම දෙකම වටිනාකම, සුන්දර බව තියන්නෙ මෙ දුරස් බව හින්දා කියලා.. එක එහෙම්මම තිබිච්ච දෙන්.... ඔයා මාව හැමතිස්සෙම මතක් කරනවා නෙද.. මට එක දැනෙනවා ..."

"ඇයි දීප්ත..... ඔයාට මාව මතක් වෙන්නෙ නැද්ද...."

" නිශා....... මම... මතක් කරන්නෙ අමතක වෙන දෙවල්...."

ඇගෙ මුවෙහි මතුවු හිනාව තවමත් මට ගෙන දෙන්නෙ මහත් වු සුවයකි. එහි හඬක් තිබුනෙත් නැත. ඇගෙ සිනහවහි තිබු ආලොකය යට වඩා විශාල යමක් මා හට දැනිනි. නමුත් එ දැනුණු දෙ විස්තර කිරිමට මා හට නොහැකිය.. එය මගෙ සිමාවන්ගෙන් ඔබ්බෙහි පිහිටි හැගිමකි. පපුවට මහා බරක් දැනුනි. ඇගෙ එ මන්දහාසය මා හට දරා ගත නොහැකි දෙයක් බව මට වැටහුණෙ එදාය...

44 අදහස් දැක්වීම්:

wath said... [Reply to comment]

ම් ම් මේක කියවල මට මතක් වුනේ ලූෂන් බුලත්සිංහල මහත්තයා කීව කතාවක්........

හැබෑ පෙම්වතුන්
කිසිදා එක් නොවේ
එක් වූ කිසිවකුත්
හැබෑ පෙම්වතුන් ලෙස
ජීවත් නොවේ
වෙන් වී ගියවුන්
සදාකල් පෙම්වතුන් ලෙසට
ජීවත් වෙයි

යම් තරමකට දුරස්බව අපේ බැඳීම් ශක්තිමත් කරනව ඒක ඈත්ත........

sansarasidu said... [Reply to comment]

රවා, මගේ අදහස් පස්සේ කියන්නං ..

මාරයාගේ හෝරාව said... [Reply to comment]

වත්ගේ උපුටනයම නැවත වතාවක් කීමට කැමැත්තෙමි...

මාරයාගේ හෝරාව said... [Reply to comment]

සුභ උපන් දිනක් වෙවා..!

දිල් said... [Reply to comment]

ආදරය කරන තරමටම හිතේ ඇතිවෙන බලාපොරොත්තු කන්දට නැගගන්න පුලුවන්නම්.අපි දිණුම්...ඒත් එහෙම වෙන්නෙ නැති උනාම........

``` Outsider``` said... [Reply to comment]

හොඳ අදහසක් රවා.
ආදරය හිමි කරගැනීමේ ආශාවක් නෙවෙයි.

``` Outsider``` said... [Reply to comment]

උපන් දිනේට මමත් ඉත සිතින් සුභ පතනව!

රවා said... [Reply to comment]

wath ට

ඔව්.. එක හැමදාම ඔනාවට වඩා ලං කර ගත්තහමත් බැඳිමෙ වටිනාකම කාලයයි, පාලනයයි මත තියන දෙයක්.. ලූෂන් බුලත්සිංහ මහතාගෙ කවිය මමත් කියවලා තියනවා...

රවා said... [Reply to comment]

සනා..
හරි මචං

මාරbro...
thankx bro... same to you machan...

රවා said... [Reply to comment]

දිල් අක්කා
හැබැයි අක්කා අවබොදයක් නැතුව ගියොත් කන්ද මුදුනට ගියහම කිසි සතුටක් නැහැ කොච්ච්ර දෙවල් තිබුනත් ,හැබැයි එ වගෙම තමයි අවබොදයක් ඇතුව බලාපොරොත්තු කන්ද පාමුල හිටියත් වෙදනාවක් නැහැ...ඇත්තටම මම දැන් ඉන්නෙ..ඔය කියන තැනක. බලාපොරොත්තු ඔක්කොම බිඳිලා යයිද කියලා බයක් තිබුනා, නමුත් දැන් එ බයත් නැති වෙලා..මුලින් මම මගෙ දිණුමක් කියලා හිතපු දෙවල් අද මාවම පරාද කරලා..දිල් අක්කා කවුරුත් මොනවත් කරන්නෙත් නැහැ.. කාටවත් මුකුත් කරන්නත් බැහැ..මාගෙ ලොකයෙ.. මමයි මිනිහත්, මමයි බල්ලත්.. මමයි දෙයියත්... ඔයාගෙ ලොකයෙත් එහෙම්මමයි...

රවා said... [Reply to comment]

``` Outsider``` ට
තැන්ක්ස් යහලුවා උපන්දිනෙට සුභපැතුවට..
same to you machan...

චේජනා said... [Reply to comment]

රවා, මේක දැක්කම මට මතක් උනේ...
'පරසතු මල්' චිත්‍රපටයේ අවසානය..
කෙළින්ම සම්බන්ධයක් නම් පේන්නෙ නෑ..
ඒත් මොකක්දෝ සම්බන්ධයක් තියෙනව..

රවා said... [Reply to comment]

චෙජනා අක්කට
හැමදෙම එකිනෙකට සම්බන්දයි අක්කා. 11 වසර සිංහල පොතෙ පලවැනි පාඩම දි සියැටල් කියලා දුන්නා. මෙය මිනිසා විසින් වියන ලද දැලක් නොව මිනිස්සා එහි නූල් පොටක් පමණයි කියලා.. ඇත්ත. අපි එහි පුංචි කොටසක් විතරයි. තවත් ලස්සන කරමු මෙ පුංචි අවකාශය...

Raven said... [Reply to comment]

සමහරු මතක උත්කර්ෂයට නගනවා. තවත් සමහරු වාරණය කරගන්නවා. තමන්ට රිසි ලෙස සකසා ගන්නවා. කොහොම උනත් මතකයන් උනත් අඩු වැඩි වශයෙන් අපේ සිතැඟි සහ ආශාවන් විසින් පාලනය කරනව කියලයි මම හිතන්නෙ.

විශ්මි said... [Reply to comment]

අවබෝධය මත පිහිටා ඇතිකරගන්න බැඳීම් වලට දුරස් බව හෝ ළඟ බව බලපෑමක් ඇති කරන්නෙ නෑ කියලයි මට හිතෙන්නෙ.....

- නිල් අහස - said... [Reply to comment]

Wath ගේ අදහසට මාත් එකඟයි.
ලූෂන් බුලත්සිංහලයන් බෑඳිම් ගැන දීපු ඒ අදහස මොන තරම්..සත්‍යක්ද...

රවාගේ අදහසුත් ඒකටම ගැලපෙනවා.
වෙනස් විදිහට හිතන හැම දේකම, අපුරු සුන්දරත්වයක් තියෙනවා.

තිස්ස දොඩන්ගොඩ said... [Reply to comment]

මේ කොටසට තමයි මම ආසම...
"නිශා...මම... මතක් කරන්නෙ අමතක වෙන දෙවල්...." හරිම නිර්මාණශීලියි... කට පාඩං කරගන්න හිතෙනවා... සම්පූර්ණ කොටසම මට කියන්නත් පුලුවන්...

ඉමක් කොනක් නෙපෙනෙන සිතුවිලි සයුරේ...
නොදුවන ඉමක් ඇත්දෝ ඔබ සිත සොයුරේ...

උඹේ හිත හරි පුදුම දිවිල්ලක් දුවන්නේ මල්ලියේ....

රවා said... [Reply to comment]

රාවෙන්..
ඔව් මචන් ඇත්තටම වෙදනාවෙන් මිදෙන්න සොදුරු මතකයන් මෙනෙහි කරනවා. මතකයන් තමයි බොහො වෙලාවට ගොඩක් දෙවල් පාලනය කරන්නෙ..

විශ්මි..
දුර ලඟ කියනදෙ ප්‍රශ්නයක් නෙමෙයි විශ්මි. ඉවසීම නැති වෙලා.. නෙද..අද ආදරවන්තයි අතරෙ...බලන්න බොහොම ප්‍රශ්න ඇති වෙලා තියනවා...

නිල් අහස..
මම ගොඩාක් වෙලාවට හරි උනත් වැරදි උනත් අනිත් මනුස්සයට වැඩිය වියුක්තව හිතන්න බලන්නෙ..

රවා said... [Reply to comment]

තිස්ස අයියා..
පුංචි කාලෙ ඉදන් ඔලුව හැමතිස්සෙම එහෙ මෙහෙ දුවනවා(මගෙ වටෙ ඉන්න මිනිස්සුන්ගෙ හිත්වල).. හැමතැනම.. ගණන් හදන්න ගත්තට පස්සෙ ගොඩාක් වෙලාවක් එකතැන තියාගන්න පුළුවන් උනා....

ඔයා කට පාඩම් කරගන්න ඔනා කියපු කොටස තනිකරම මගෙ අදහසක් එක මම කොහෙන්වත් අරගත්තු එකක් නෙමෙයි. ඉට වඩා ලොකු අදහස් මම දැකලා තියනවා....බය නැතුව තිස්ස අක්කට දමලා ගහන්න.. ඔනාම වෙලාවක... තිස්ස අක්කා ඇඹරි ඇඹරි ටෙලිෆොන් එක කන්න ගනී....හික්..හික්...හික්...

nimanthi said... [Reply to comment]

'මම මතක් කරන්නේ අමතක වෙන දේවල්' හ්ම්ම්ම් මගේ හිතත් වැඩියෙන්ම ඇදිලා ගියේ ඒ වචන කීපයට.
මතක තියන දෙයක් අලුතෙන් මතක් කරන්න දෙයක් නැහැනෙ.
ඒක නම් හරිම ලස්සන අදහසක් මල්ලී

තිස්ස දොඩන්ගොඩ said... [Reply to comment]

පිස්සු පූසා...මොකද්ද බං ඒ නම..."තිස්ස අක්කා..."...? හෙහ් හෙහ් හෙහ්....

රවා said... [Reply to comment]

තිස්ස පූසා.. හා.. හා.. හා..
තිස්ස අයියා..
තිස්ස අක්කා..
ඇයි ... මොකද තිස්ස අයියගෙ අක්කා.. තිස්ස අක්කා නෙමෙද...?

රවා said... [Reply to comment]

නිමන්ති අක්කා..

මගෙ වැඩක්නෙ... ඔක මට කලින් ලොකෙ කවුරු හරි කියන්න ඇති.. එ වුනාට මට කිව්වෙ මගෙ හිත ඔය වගෙ පුංචි පුංචි දෙවල් තියනවා බෙදාගන්න.. ඔයාලත් එක්ක...

බිඟුවා...! said... [Reply to comment]

ආදරය සුන්දර වරදකී,
කිසිදා සමාවක් නම් නැතී.....

මේක නම් ඇත්තම ඇත්ත...

ලස්සන නිර්මාණය
(ඇත්ත කතාවක්ද දන්නේ නෑ ඔහොම කිව්වට...)

තව එකක්,
ආදරය විවාහයෙන් කෙලවර වෙනවද???
නැත්නම් විවාහය ආදරයෙන් කෙලවර වෙනවද???

/බිඟුවා...!

රවා said... [Reply to comment]

බිඟු...
ඔකෙ ගොඩාක් දෙවල් ඇත්ත....
ඇත්ත ජිවිතෙදි සිද්ධ උනු දෙයක්...
මම මීට අවුරුදු දෙකකට විතර කලින් ගොඩාක් දුකෙන් හිටියෙ.. නැමුත් දැන් නම් මොනවා උනත් දුකක් ,සතුටක් දැන්නෙ නැහැ.. ආදරය සම්බන්දව..

අයියා.. ආදරය හා විවාහය ගැන මගෙ අදහස මම හදා ගත්තෙ දෙමළ දෙබසකින්.. එකෙ තාත්තා පුතාට කියනවා..

"පුතා විවාහය කලින් ආදරය කියන දෙ ගහක මලක් වගෙ පුතා... නමුත් මතක තියාගන්න විවාහයට පස්සෙ ආදරය කියන්නෙ.. හරියට ගහක මුලක් වගෙ.. එ මුල හින්දා තමයි ඔයගෙ පවුල කියන ගස පවතින්නෙ.. එක තමයි ඔයාගෙ මුලු පවුලම දරන්නෙ.."

ඉතින් බිඟු අයියා... ආදරය හා විවාහය ගැන මගෙ හිතෙ තියන අදහස ඔයාට පැහැදිලි ඇති..

මිස්සක said... [Reply to comment]

හොඳයි.
ඒථ් එක්වීමක් නැත්නම් ලෝකයේ පැවැත්මකුත් නෑනෙ.

Chandika @ ..::E-KiCkS::.. said... [Reply to comment]

රවා අය්යා. ඔයා මට ආයෙ මේල් එකක් දානවද? ඔයා එවපු එක මට හම්බ වුනේ නෑ.. මං අදයි ගෙදර ආවෙ....

හුටපටයා said... [Reply to comment]

ආදරේ කරන දෙන්නෙක් හැමවෙලේම Call කරන එකම නෙමේ ආදරේ. ඒ නිසා Call කරන් නෑ කියලා රන්ඩු වෙන එකට මාත් මාර අකමැතියි.

රවා said... [Reply to comment]

මිස්සක මල්ලි
වෙන්විමක් ගැන නෙමෙයි..කතා කරන්නෙ.. අසීමිත බැඳිම් ඇතුලෙ සීමිත ස්පර්ශයන් තුලින් ඇතිවෙන සුන්දර බව පිළිබදවයි.. ඇත් විමයි, ලංවිම ලොකෙ තියන සුන්දර නියමයක් එක හැමොටම පොදුයි...

චන්දික..
හරි මම දාන්නම්..මම ඔයාට මෙල් එක දාන්නෙ ඔයා මගෙ Follower කෙනෙක් උනගමන් මගෙ google friend connect එක හරහා ඔයාට msg එකක් දාන තැනින්..

හුටපටයා
call නම් මොනාද බන් අපිට වෙලා තියන දෙවල් වලට.. හාහ්.. හාහ්..

කරුමක්කාරයා said... [Reply to comment]

හරිම අපූරුයි ලොක්කා... මාව සෑහෙන්න අතරමන් කලා උඹෙ කතාව

sansarasidu said... [Reply to comment]

සමාවෙයන් රවා....
මගේ අදහස පස්සෙ කියන්නම් කිව්වට ගොඩාක් පරක්කු වුණා නෙව...

ප්‍රේමය...
මේ ලොකේ හරි අර්ථකථනයක් දෙන්න අමාරුම වචන වලින් එකක්....
මට මතක් වෙන්නෙ චන්දන ලියනාරච්චි මහත්මයාගේ ගීතයක්...

ප්‍රේමය ලොව හැම තැනම ඇති
හැම දෙනටම හමු වෙලා ඇති
එනමුදු ප්‍රේමය කිමැයි කියා හඳුනාගත් කිසි කෙනෙකු නැති...

එක එක්කෙනා දකින් විදිහ වෙනස් කියල උඹට අමුතුවෙන් කියන්න ඕන නෑනෙ..
දාගෙන ඉන්න කණ්ණාඩි දෙක අනුව දකින විදිහත් වෙනස්...
කෙනෙක් ප්‍රේමය / ආදරය කියල හිතන්නේ
නිතරම දකින එකට....
තුරුලු වෙලා ඉන්න එකට...
නිතරම කතා කරන එකට...
නිතරම සිප වැළඳ ගන්න එකට..
අනෙක් කෙනාගෙන් ඒවා නොලැබෙනකොට එයා තමන්ට ආදරේ නෑ කියල හිතනවා...
මං නම් හිතන්නෙ ඒවා ආදරයෙ යම් යම් කොටස් කියල විතරයි..

" නිශා....... මම... මතක් කරන්නෙ අමතක වෙන දෙවල්...."
මේ තමයි මමත් කැමතිම කොටස...
ඇත්ත අපි මතක් කරගන්න ඕන අමතක වෙන දේවල්...
නිතරම මතකයෙ තියෙන දෙයක් ආයේ ආයේ මතක් කරන්න ඕන ද ?

sansarasidu said... [Reply to comment]

හරිම අපූරු නිර්මාණයක් රවා...
උඹත් මට හිතන්න ගොඩක් දේවල් ඉතුරු කළා...

රවා said... [Reply to comment]

කරුමක්කාරයා
කාලෙකින් දැක්කෙ..ස්තුති ආවට. කියෙව්වට..

රවා said... [Reply to comment]

සනා... ස්තුති යහලුවා ආවට. ඇවිල්ලා අදහසක් තියලා ගියාට.. ඔයා කියනදෙ ඇත්ත.

දුකා said... [Reply to comment]

ගොඩක් දෙනෙක් වගේ මමත් ආසම කොටස " නිශා....... මම... මතක් කරන්නෙ අමතක වෙන දෙවල්...."

සත්‍ය සිදුවීමක පිලිබිඹුවක් තියෙන නිසාඩෝ මන්දා හරිම හැඟීමබරයි . . .

ඒ වගේම උඹේ ලිවීමේ හැකියාවත් උපරිමයි . . . .

වේදනාව මේ වගේ අකුරු වලට ඇමුනුවාම නිකම්ම දියවෙලා යනවා කියන එක මාර සත්‍යක් නේද බං . . ?

සමාවෙන්න ප්‍රමාද වුනාට

වැප් said... [Reply to comment]

යකෝ මට මෙයිල් එඩ්ර්ස් දීපිය ...

රවා said... [Reply to comment]

දුකා අයියා...
ස්තුති දිරිමත් කිරිමට.. එහෙම තමයි.. දුක බෙදාගත්තහම අඩුවෙනවා...

වැපා..
දැම්මා.. ගිහිල්ලා බලහන්

වැප් said... [Reply to comment]

හා හා මං උබ කිව්ව විදහට කොලා ... බලාපන් ඇව්ත්ද කියලා

වැප් said... [Reply to comment]
This comment has been removed by the author.
වැප් said... [Reply to comment]
This comment has been removed by the author.
සෝරෝ said... [Reply to comment]

ආද‍රය හැම කෙනාටම වේදනාවක් විත‍රයි වගේ මට පේන විදියට..
ඇයි කාටත් ආද‍රය නිසා වේදනාවක් ඇතිවෙන්නෙ..?

එක් පාර්ශවයකට වඩා අනෙක් පාර්ශවය වැඩියෙන් ආද‍රේ ක‍රන නිසාද..?

නැත්නම්,

භාහිර ප‍රිස‍රයේ බලපෑම නිසාද..?

එහෙමත් නැත්නම්,

මේ දෙකම නැතුව වෙන මොකක් හ‍රි නිසාද..?

කොහොම උනත් උඹේ ලිවීමේ හැකියාව නම් උප‍රිමයි..
මගේ හිත නම් ඇදිල ගියේ උඹ කතාවට පිවිසුන හැටියට..

එළ කිරි මචං.. ඔහොමම යමු ඉස්ස‍රහට.. අපි ඉන්නව උඹ එක්ක..

- සෝරෝ

රවා said... [Reply to comment]

සොරො
මචන් ආදරෙ කරද්දි වෙදනාව දැනෙන්නෙ ඇයි ද කියලා නම් මම දන්නෙ නැහැ..හැබැයි මම එ වෙදනාවත් බොහොම සතුටින් උපෙක්ෂාවෙන් විඳිනවා. ඔය ප්‍රශ්නෙට පිළිතුර බුදුහාමුදුරුවොත් දිලා තියනවා. විවිධ ක්‍රම වලට.. මම තනියමම වටහාගත් දවසකට උඹෙ එකෙ අනිවා ලියනවා...

මුචලින්ද said... [Reply to comment]

මැක්සා යකෝ!

රවා said... [Reply to comment]

ස්තුති මුචා...

කස්ටිය