සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

8/29/10

දුම්රියට ගොඩ වු මහල්ලා...


මා පලවේනි වෙදිකාවෙ තිබෙන දුම්රිය දෙසට වෙගයෙන් දිව ගියෙමි. දුම්රියට ගොඩවි අසුනක වාඩි ගත් නමුත් බොහො වෙලාවක් යන තුරු දුම්රිය තම ගමනාන්තය කරා පිටත් වුයෙ නැත. දුම්රිය අසුන් දුම්රිය මැදිරිය දිගෙ දෙපස බිත්තිවලට සවිකර ඇති හෙයින් මුලු මැදිරියෙම සිදුවෙන දැ ඉතා හොදින් නිරික්ෂනය කල හැක. මා මැදිරියෙ මැද්දෙහි වු දොරක් අසල හිද ගත්තෙය. ඉතා රුමත් තරුණ කතක් හා ඇවිත් මා වාඩිගෙන සිටි අසුනෙ කෙලවර වාඩිවුවාය. මා ඉදිරියෙන් වු ජනෙලය දෙසට දැස් යොමුකරද්දි මා දුටුවෙ සැරයටියක් අතින් ගත් ඉතාම දුර්වල  මහල්ලෙක් දුම්රිය දෙසට වෙදිකාව ඔස්සෙ අවිදගෙන එන ආකාරයයි. මහල්ලා ඇද සිටි සරම, කමිසය ඉතාම අපිරිසිදුය. ඔහුට දුම්රියට ගොඩ වීමට අවශ්‍යතාවය තිබුනත් එයට ගොඩ විමට  අවශ්‍ය ශක්තිය නැතිබව මට වැටහිණි. අපගෙ මැදිරියෙහි වු සියල්ලන්ගෙම දැස් ඔහු වෙත යොමුවි තිබිණි. කිපදෙනෙක් පිළිකුලෙන් යුතුවද, තවත් කිපදෙනෙක් අනුකම්පාවෙන්ද ඔහු දෙස බලා සිටිනු දක්නට ලැබිණි. මා ඉදිරියට ගොස් ඔහු හට මැදිරියට ගොඩ විමට උදව් කරුවෙමි. මා නැවත සිටි තැනම ඉදගත් නමුත් ඔහු දෙස අවධානයෙන් බැලුවෙමි. ඔහුගෙ කමිසයෙ බොත්තම් කිපයක් නැත. කමිසය තුලට යමක් ඔබාගෙන සිටියි. ඔහුගෙ වයස හැත්තැවක් පමණය. දරුවෙක් මල්ලෙක් නොමැතිව ගමනක් බිමනක් යන මහල්ලා දෙස බැලු බොහො අය සිතුවෙ මොහු සිඟන්නෙ කියා නමුත් ඔහු සිඟා කැවෙත් නැත. ඔහු අසුනක් වෙත ගමන් කරද්දි අසුනෙහි සිටි අය සියල්ල ඇත් මැත් වි ඔහු හට ඉඳගැනිමට ඉඩ සලසා දුනි. අසුනෙ සිටි අය දැන් තෙරපි තෙරපි ඔහු දෙස පිළිකුලෙන් යුතුව බලා සිටියි, මහල්ලා සුවසෙ ඉදගෙන සිටියි. ඔහු කටින් පෙරි කමිසයට වැක්කෙරෙන ඔජස තම කමිසයෙ කෙලවරෙන්ම පිස දමා නැවත හිස ඔසවයි. කකුලෙහි තිබු තුවාලය දෙසද බලයි.

" සියා කොහෙද යන්නෙ "
" හුණුපිටියට "

තවත් බොහො ප්‍රශ්න මා තුල තිබුණත් අසන්නට මා ඇසුවෙ නැත. දිනක් මා මෙවැනිම වයසක කෙනෙකු බසයක මුණ ගැසි " දරුමුණුබුරන් නැද්ද ආච්චි මෙවගෙ ගමනක් තනියම ආවෙ " යන්න අසද්දි එ වයසක අම්මාගෙ ඇසින් කදුලු ගැලු ආකාරය මට මෙ මොහොතෙ සිහිවිය. මා එසෙ ඇසුවෙ ඇය ව දුටුවිට මට අධික ලෙස කෙන්ති ගිය හෙයිනි. ඔහුගෙ කමිසයෙහි උඩ සාක්කුවෙ තිබු මුදල් අතට ගෙන ගණන් කර නැවත සාකුවටම දම ගෙන ඔහු වට පිට බලයි. ඔහුගෙ ගමනාන්තය තෙක්ම ඔහු කලෙ වටපිට බැලිම සහ මුවෙන් පෙරෙනා ඔජස් පිහ දැමිම පමණි. දුම්රිය මැදිරියෙහි සිටි මිනිසුන් මහල්ලා දෙස වරින් වර ඉතා ඔනැ කමකින් බලනු දක්නට ලැබිනි. දුම්රියෙන් බැසිම සදහා ඔහුට පදික වෙදිකාව මත සිටි තරුණ කෙනෙකු උදව් කරන ලදි.

මා නැවතත් කල්පනා ලොකයෙ තුල කිදා බැස්සෙමි. මගෙ සිතට නැගුණ පැණයන් කිපයකි.

දරුවෙක් මල්ලෙක් නැද්ද
දරුවන්ව නිවැරදිව හදා වඩා පොෂනය කර නැද්ද
මොහු මෙතරම් මහලු වන තුරු කුමන ආකාරයෙ දිවි පෙවතක් ගත කලාද

මෙවැනි දැ ගැන කල්පනා කිරිම අවශය නැත. මාගෙ මැහැල්ලිය මා ගෙදර එන තුරු බලා සිටි, ඇය සුරක්ෂිතය. ඉතින් මා තවදුරටත් භාහිර දැ ගැන වද විය යුතු නැත.

දුම්රියෙහි වු මිනිසුන් ඉතාම විනොදයෙන් කාලය ගත කරනවා මම දුටුවෙමි. මිනිසුන් වෙදනාවෙන් මිරිකි අසහනය , අතෘප්තිය මුහුනෙහි සිරකරගෙන තමන්ගෙ නිවස වෙත ඇදෙනවා මා දුටුවෙමි. අපි සැවොම නිවෙස් බලා ගමන් කරන්නෙමු. නිවස තුල නිවන තිබෙනා බව සැවොම දන්නා හෙයින් ගමනාන්තය ලඟාවෙත්ම බොහො දෙනෙකුගෙ මුහුනෙහි  මද සිනහවක් නැගෙයි.

තරුණ වයසෙදි කල හැකි සියල්ලු දැ කර වයසට ගිය පසු පන්සල්, පල්ලි වල පදිංචි වනවාද,
නැතිනම් තරුණ වයස බොහොම සිමාවන් තුල නිදහසෙ ගත කරමින් වයසට ගිය පසු දුක් වෙනවාද
යන්න මා මගෙ ගමනාන්තය තෙක්ම මාගෙන්ම විමසන ලදි. දුම්රිය ගමනාන්තයට ලඟාවෙන විට රාත්‍රි දහයත් පසුවිය. නිවස දෙස පිය මැන්නෙමි. කාමරය තුල තිබු ඇඳ දකින විට, නොනවත්වා දවස් එකහමාරක් වෙහෙසු දැස්වලට නිවනක් අවශය බව මට දැනුනි.

25 අදහස් දැක්වීම්:

ගීත් (සහෘදයා) said... [Reply to comment]

අද දුවලා පැනලා චන්ඩිපාට් දාලා සද්දේ දාගෙන හිටියට වයසට ගියහම බල්ලෝ පූසෝ වගේ පැත්තකට වෙලා ඉන්න වෙන කාලයක් එනවා නේද? අපිත් මෙහෙම හිටියට එදාට කෝම වෙයිද කවුද දන්නේ නේද? මම නම් කියන්නේ එදාට කාටවත් සෙකන්ඩ් වෙන්නේ නැතිව ඉන්න අද හොද ශක්තිමත් ස්ථාවරයක් ඇති කර ගත්තනම් හරි කියලා. ජීවිතේ කාලයාට ඕන විදිහට විදිහට වෙනස් කරන්නට ගගක් වගේ ගලාගෙන යන්නට නොදී ජීවිතේ අපිට ඕන විදිහට වෙනස් කර ගත්තානම් අනාගතය එතරම් අදුරැ වෙන එකක් නැහැ නේද?

Shadow/හේමලයා said... [Reply to comment]

උත්තරයක් නැති ප්‍රශ්නයක්.......

wath said... [Reply to comment]

වයසට ගියහම මොන සෙන් පවුඩර්ද? අනික දරුවන් කොයිතරම් සැලකුවත් කී දේ නාහන වයසක මිනිසුනුත් ඉන්න බව අමතක කරන්න එපා...

පොඩි ළමයි නැති තැන නාකි දන ගානවලු...

60 පැන්නත් වදුරා බිම ගමන් නෑලු...

ඒ අතරේ අසඑණ අහිංසක දෙමාපියනුත් නැතිවම නොවේ... ඒත් මම දන්න කියන හැම කෙනොම තමන්ගේ වයසක දෙමාපියන්ට හොදට සලකන අය. ඒ නිසා මට හිතෙනව තැන තැන ඉන්න ගොඩක් වයසක අය එක්කො තමන්ගේ දරුවන් නැති අය. නැත්තම් කී දේ නාහන අය..

වැරදි ඇති තමයි. ඒ මම හිතන හැටි සහ මම දැක්ක විදිහ.

sansarasidu said... [Reply to comment]

මං දන්න එකම දේ මාත් දවසක වයසට යනවා කියන එක විතරයි...
එදාට සමහර විට මාත් ඔහොම යාවි...
එහෙමත් නැතිනම් වයසට යන්න කලියෙන්ම ජීවිතයෙන් සමුගනිවී...

අනාගතය ගැන කාටද කියන්ඩ පුළුවන්...

ජීවිතං අනියතං
මරණං නියතං

තිස්ස දොඩන්ගොඩ said... [Reply to comment]

"ගමනාන්තය ලඟාවෙත්ම බොහෝ දෙනෙකුගෙ මුහුනෙහි මද සිනහවක් නැගෙයි.."
හරිම සංවේදී සටහනක් මල්ලී...
ගමනාන්තය දක්වා මමද ගමන් කරමින් සිටිමි... මද සිනාවක් මුහුණේ ඇඳෙතැයි බලාපොරොත්තු වෙමි....

රවා said... [Reply to comment]

@ගීත් (සහෘදයා)

ගිතා මචන් අපි දෙයක් ශක්තිමත් කරන්න කරන්න එක ගොඩාක් ලොකු අනතුරකට මුහුණ පානවා. මගෙ අදහස අනුවනම්, වයසට ගියහම අපි දරුවන්ට සෙකන්ඩ් වෙන්න ඔනා. අපි දරුවො කියන දෙ ආහන්න ඔනා. මොකද මගෙ අම්මා මම කියන දෙ අහනවා. මගෙ අම්මා මම කියනදෙ අහන්නෙ. මම පොඩි කාලෙදි එයා කියපු දෙ අහපු හින්දා. කාටවත් සෙකන්ඩ් වෙන්නෙ නැහැ කියලා කියන්න එපා. උඹ උබෙ දරුවට සෙකන්ඩ් වෙයන්. හැබැයි උඹෙ දරුවා කොතනකදි වත් උබව සෙකන්ඩ් කරන්නෙ නම් නැතිවෙයි.

රවා said... [Reply to comment]

@Shadow/හේමලයා
උත්තරෙ හොයන්න හොයන්න , තව තව ප්‍රශ්න මතුවෙනවා.

රවා said... [Reply to comment]

@wath

මම දන්න ගොඩක් අය තමන්ගෙ දෙමව්පියන්ට සලකනවා, නමුත් මම දන්න සමහර අය එහෙම නැහැ. දෙමව්පියන්ට සලකනවා කියන්නෙ අක්කෙ කන්න බොන්න අදින්න දෙන එකනම් නෙමෙ. මම දන්න සමහර මිනිස්සු ඉන්නවා මනුස්සයින්ට පෙන්න දෙමව්පියන්ට සලකන.

රවා said... [Reply to comment]

@sansarasidu

සිතු දෙ නොම වෙයි නොසිතු දෙයක් වෙයි ලොව දම් කැරකෙනවා. කොහොමද දැනෙන්නෙ සනා ජිවිතය විඳිනවා නෙද දැන්. වැටහෙනවා නෙද අරුමය ලොකය කැරකෙන විදියෙ. හැම අත්දැකිමක්ම හිතට හයියක්.

රවා said... [Reply to comment]

@තිස්ස දොඩන්ගොඩ

තිස්ස අයියා. කාලෙකින් බය වෙන්න, දුක් වෙන්න දෙයක් නැහැනෙ. තිස්ස අයියව වැටෙද්දි අල්ලගන්න තිස්ස අක්කා ඉන්නවානෙ. එක මතක් වෙද්දි තමයි ඔයාගෙ මුහුනෙ ඔය හිනාව යන්නෙ.

Hasitha ජයසූරිය said... [Reply to comment]

අනේ මන්ද අයියෙ..හේමාලය කිව්ව වගේ උත්තර නැති ප්‍රශ්න තමා

අභීත said... [Reply to comment]

වයසට යන එක කාටත් පොදුයි.... ඒ කාලෙ වෙනකොට තමන්ගෙ වැඩ වෙන ආකාරයට යමක් කර ගත්තම කාටවත් බරක් නොවී ඉන්න පුළුවන් වේවි...

පිස්සා පලාමල්ල said... [Reply to comment]

ඌවා ප්‍රශ්න උත්තර හොයන්න අමාරු... එක එක හේතු ඇති...

මේ අපිට වයසට යද්දි මොනා වෙයිද කොහේ කොහොම මොන විදියට ඉන්න වෙයිද... ජීවිතේ දුකක් කියන්නේ....

මාරයාගේ හෝරාව said... [Reply to comment]

උඹ ලියපන්..මම කල්පනා කරන්නම්...

කුෂාන් ඇස්. වන්නිආරච්චි said... [Reply to comment]

මාරයා හරි මාරයා. උඹ ලියපං අපි කල්පනා කරන්නං.

තීර්ථ යාත්‍රිකයා said... [Reply to comment]

හැමදාමත් වගේ හිතන්න ගොඩක් දේවල් ඉතුරු කරලා තියෙන්නේ. රවා උඹට මචන් සංවේදී දේවල් ලියන්න මාර හැකියාවක් තියෙන්නේ

ස්වප්නා said... [Reply to comment]

මම කැමති: මාගෙ මැහැල්ලිය මා ගෙදර එන තුරු බලා සිටි, ඇය සුරක්ෂිතය

බිඟුවා...! said... [Reply to comment]

ම්ම්ම්...

කාලය අපිට නවත්වන්න බෑ වගේ තමයි රවා

රවා said... [Reply to comment]

@Hasitha ජයසූරිය , අභිත , පිස්සා පලමල්ල, මාරයා, කුෂාන් ස්තුති සටහනක් දැම්මට කස්ටියට.

රවා said... [Reply to comment]

@තීර්ථ යාත්‍රිකයා

කාලෙකින් මට එන්න බැරි වුනා ඔයාගෙ බ්ලොග් එක පැත්තෙ. ස්තුති ඇවිල්ලා ගියාට.

රවා said... [Reply to comment]

@ස්වප්නා
ස්තුති ඇවිල්ල කියවලා බලලා සටහනක් දැම්මට.

රවා said... [Reply to comment]

@බිඟුවා...!
කාලය ගැන නම් කතා කරන්න එපා. හරි.. මට තරහා යනවා.

වැහි කිරිල්ලී said... [Reply to comment]

ස‍න්වේදී සටහනක්.ජීවිතේ ගැන හිතන්න ට නව මානයක්

රවා said... [Reply to comment]

@වැහි කිරිල්ලී
වැහි කිරිල්ලිව අදමයි දැක්කෙ.. ස්තුති ඇවිල්ල සටහන්ක් දාලා ගියාට.

LishWish said... [Reply to comment]

වෙලාවකා හිතෙනවා අපි මොකටද මේ තරම් මහන්සි වෙලා ජීවත් වෙන්නේ කියලා සැප සම්පත් ළං කරගෙන. ඒ වගේම මට හිතෙනවා එහෙම ජීවත් වෙන්නෙ නැතුව මොකටද කියලත්..! ඔය ගැටලු දෙකම මට හරිම තදට දැනුනා උඹේ මේ පෝස්ට් එක කියවනකොට..! මම දන්නේ නැහැ මට වයසට යනකොට මොනව වෙයිද කියලා ඒත් මට පොඩි බලාපොරොත්තුවක් තියෙනවා කවදා හරි මගේ අතීතය දිකා බලලා සැහැල්ලුවෙන් හුස්ම හෙලන්න පුලුවන් වේවි කියලා..!

කස්ටිය