සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

8/7/10

මෙ ජිවිතෙත් අපි බලන එක ෆිල්ම් එකක් තමයි බන්..


කලකින් හමුවු මිතුරා සමඟ මා පන්සල පැත්තට ඇවිදගෙන ගියෙමු. ඔහු බොහොම විනොදකාමී පුද්ගලයෙක් වුවත් අද දින උදාසීන වි සිටියෙය. අපි දෙදෙනා සාකච්චා කලෙ පසුගිය අවුරුදු කිපය තුල අපගෙ ජිවීත වල සිදුවුණ වෙනස්කම් පිලිබදවයි. පංසල ඉදිරියෙ තිබෙන වෙල්යාය මැද්දෙන වැටුණු පාර කෙරවල ඇති බොක්කුව කෙනෙකු හා සංවාදයෙ යෙදි සිටිමට ඉතා අගනා තැනකි. අපි දෙදෙනා එතනට සේන්දු වුණෙමු. බොක්කුව මත ඉදගත් විගසම

" ඉතින් කියපන් විස්තර කොහොමද ජිවිතෙ ?  "

"වැඩැක් නැහැ බන් කතා කරලා පිස්සු හැදෙන වැඩ වෙන්නෙ "

"ඇයි එහෙම කියන්නෙ, මොකද වුණෙ,  මට තෙරුනා උඹ මොනවහරි හිතෙ හංගන්න ඉන්නෙ කියලා එකයි මම උඹව ගෙදරින් තල්ලු කරගෙන මෙතනට අරන් ආවෙ කියපන් කියපන්, මොකද වුනෙ, ගෙදර මුකුත් කතා කරන්න බැහැනෙ බන්, අම්මා කන බිත්තියෙ තියන් ඉන්නෙ, එදා සිද්ධියෙන් පස්සෙ "

"මචන් බලපන් අපි එක පන්තියෙ හැමදාම හිටියෙ, මම මෙ ටිකෙ පට්ටා සික් එකකින් ඉන්නෙ. එත් මෙ කෙල්ලෙක් හින්දා. එක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙ මම නිකන් මෙ ටිකෙ උදාසින වෙලා වගෙ."

"ඇයි මොකද වුණෙ ?"

"මම ඉස්කොලෙ දි ටොක් කරපු කෙල්ලව උඹට මතකද.."

ඔහු පාසල් කාලයෙදි මගෙ පන්තියෙහි වු මිතුරියකට කැමැත්තෙන් සිටියෙය. අපි සැවොම එය දැනගතිමු. ඔහු අධ්‍යාපනය සාර්ථකව ගෙන ගිය කෙනෙකු වු බැවින් පාසල් වියෙදි ප්‍රේම සම්භන්දතා තහනම් වු නිසා ඔහු ඇයගෙන් ඇත්විය.

"ඔව් නදිශානෙ.. රුවනා නෙ මැද්දෙන් පැනලා කැවෙ, අනික උඹ එකිගෙන් ඇහැව්වෙත් නැහැනෙ. ඔහෙ පිස්සා වගෙ හිටියෙ
එ කෙල්ල උඹ අහානකන්නෙ හිටියෙ, එකි උඹට කැමති කියලා කිපදෙනෙක්ම දන්නවා
ඇයි දැන් මොකද වුණෙ "

" එකි බැන්දා බන්, බැන්දෙත් වයස 35 ක් විතර එකෙක්, එකිගෙ සල්ලි වලට තමයි ඌ එකිව බැන්දෙ, මගෙ අතින් ලොකු වැරැද්දක් වුණා වගෙ දැනෙනවා බන්"

"නැහැ.. ඉතින් ඉස්කොලෙන් පස්සෙ එකිව හම්බ වුණෙ නැද්ද.. උඹ මෙහෙ තාපසයා වගෙ හිටියනෙ , අපරාදෙ "

"ඔව් බන් කරුමෙ කියන්නෙ, ඔච්චර සෙනග වෙඩින් එකට ඇවිල්ලා ඉද්දි එකිගෙ වෙඩින් එකෙ තැන්කින් කාර්ඩ් ටික ගෙන්න ගියෙත් මගෙ කාර් එකෙන් "

"නැහැ, පිස්සු හැදෙනවා බන් උඹ කියන කතා අහපු හාම "

"මට හැමතිස්සෙම දැනෙනවා, එකිගෙන් මම ඇහැවුවානම් මෙහෙම වෙන්නෙ නැහැ කියලා. එක දැනෙද්දි මට ටිකක් හිතට අමාරුයි "

" දැන් උඹට එක වෙනස් කරන්න බැහැනෙ, දැන් කරන්න දෙයක් නැහැ "

" කොහොමද රවා , එකි දන්නවා මම එකිට කැමැත්තෙන් හිටියා කියලා. අපි ඉස්කොලෙත් එකට හිටියෙ . ඉස්කොලෙන් පස්සෙ හම්බ වුනෙ නැහැ. මමත් එහෙම්මම හිටියා ලගදි කොච්චියෙදි හම්බ වුණා. ඉට පස්සෙ වෙඩින් එක කිව්වා. මම වෙඩින් එකට ගියා. එතනදි එකිට උදව් කරන්න උනෙත් මට .මෙක චිත්‍රපටියක එහෙම උනා නම් අපි මොන බැනිල්ලක් බැනිනවද, බැන බැන හිනා වෙනවද..?  මෙ මොනවද බන් මෙ මොඩ ආතල් නෙ , එහෙම වෙනවද කවදාවත් කිය කිය අපි හින්දි චිත්‍රපටි බලද්දි කොච්චර හිනා වෙනවද.. එත් බන් මෙ වගෙ කරුමයක්.."

"එහෙම තමයි බන් ජිවිතෙ කියන්නෙත් එක චිත්‍රපටියක් අපි හැමදාම බලන.. උඹ දන්නවානෙ මගෙ ජිවිත කතාව, මම මෙහෙම ඉන්නෙ ඇයි , ඇයි මම මෙහෙම මට කර ගන්නෙ කියලා, එක තමයි බන් ජිවිතෙ, ඇණ ගත්තහම තමයි ධර්මය මතක් වෙන්නෙ. කොහොම වුණත් හැමදෙම හොදින් විසදෙනවා, එක නියතයි. මම දන්න විදියට උඹ කාටවත් අපරාධයක් කරලා නැහැ. උඹ එහෙම කරන්නෙත් නැති බව විස්වාසයි. ඉතින් උඹට වරදින්නෙත් නැහැ බන් "

මගෙ මිතුරාගෙ මුහුණෙහිවු හැගිම දෙස බලද්දි මට වැටහි ගියෙ ඔහු එ නිසා දුකකින් ඉන්නා බවක් නොවෙ. කිසියම් රහසක් ඇත ඔහු නොකියන. මා එය හාරා ඇවිස්සිමට නොගියෙමි.

39 අදහස් දැක්වීම්:

Shadow/හේමලයා said... [Reply to comment]

ජීවිතය කියන්නේ තීරණ.....හොඳ හෝ නරක......නමුත් ආයෙමත් හැරිලා බලනකොට සමහර ඒවා වෙනස් විදිතට ගත්තානම් හොඳයි නේද කියලා හිතෙනවා....නමුත් කාටද හරියටම කියන්න පුලුවන්...Butterfly Effect ෆිල්ම් එකේදි ඒකෙ වීරය අතීතයට යනව...තම්න් අතින් වුනු අතපසුවීම් වෙනස් කරනවා...නමුත් ප්‍රතිඵලය භයානකයි....අතීත්යේ සමනලයෙක් තටුගහන තරම් සුලු සංසිද්දියක් වෙනස්වීම පවා වර්තමානය / අනාගතය මුලුමනින්ම් වෙනස් කරනවා...ඒක හින්දා අතීත තීරණ ගැන පසුතැවීම ඇත්තටම ඒවා මත තමා අපේ වර්තමානය රැඳී තියෙන්නේ......

කතන්දරකාරයා said... [Reply to comment]

ගට නැත්නම් පත කුඩාය!

indi said... [Reply to comment]

බොහොම පොදු වේදනාත්මක සමුගැනීමක්/////

Ansh Lucky Sri Jay said... [Reply to comment]

චිත්‍රපටි වල වෙන දේවල් සමහර විට ඉඳ හිට සැබෑවට අත්දකින්න පුලුවන් තමයි රවා...
:(

දුමී said... [Reply to comment]

සිරා දුක් සීන් එකක් . . . මට උගේ හිතේ දුක තේරෙනවා . . . !

Dinush said... [Reply to comment]

වේදනාත්මක සමුගනීම් අතරින් තවත් එකක් රවා.ආදරය කරද්දි දුක වේදනාව සතුට කදුල මේ ඔක්කොම උරුමයි,නමුත් ඔය කතාකාරය නම් හිතේ තිබුනු දේ නොකිය ඉදල කයර තියෙන්නෙ ලොකු වැරැද්දක්.දන් ඉතින් හැම දේම වෙලා ඉවරනෙ.කරන්න තියෙන්නෙ අයෙම ඔයවගේදේවල් නොවෙන්න වගබලාගන්න එකයි...

තක්ෂිල said... [Reply to comment]

ඡිවිතයට එක්කෙනෙක්ට බොක්කෙන්මtalk කරන්න පුළුවන්. එත් එකත් නිකං අපිට මරියානා ආගාධයේ ඇතුලට ගිහින් එනවා වගේ අපි හැමදාම ඡිවිතය ගෙනියන්න යන්නේ කාටත් කරදරයක් නැතුවයි.හැබැයි මේ සමාඡයේ එහෙම දෙවල් සිද්ද වුනේ බොහොම ඉස්සර දැං අලුත් වෙන්න වෙන්න හැමදේම වෙනස් වෙනවා.ඔයාගේ love එකටත් වෙන්න ඇත්තේ එකයි.කවුරු හිතන්නේ තමන් ගැන විතරයි.ටිකදෙනෙක් තමයි හැමකෙනෙක් ගැනම හිතලා වැඩ කරන්නේ. ඒකියලා අපි එහෙම වෙන්න හොද නැ.ආ..ඔයාට වෙච්ච දේම තමයි මගේ යාළුවාටත් වුනේ හැබැයි ඔයා හිතන්න එපා මං එක කොපි කලා කියලා.තව දේයක් කෙල්ලෙක් කරපු එ වැරැද්දට ඔයා ඔයාගේ ඡිවිතයෙන් පලිගන්න හදන්න එපා.

චමිල said... [Reply to comment]

ජීවිතේ කියන්නෙ ෆිල්ම් එකක් වගේ තමයි මල්ලි. එක එක සීන්ස් වල එක එක විදිහට කට්ටිය රඟපානවා. ගොඩක් වෙලාවට ලොකු තේරුම් නැහැ. මේකේ පිටපත ලියන්නෙ කවුද, එඩිට් කරන්නෙ කවුද, කියන එක තමයි ප්‍රශ්නෙ.
Irreversible චිත්‍රපටයෙ වගේ අපිට මේක රිවස් කරලා හරිම සුන්දර මොහොතකින් නවත්තලා දාන්න පුලුවන්නන්....

sansarasidu said... [Reply to comment]

රවා, උඹේ මිත්‍රයා ආදරය කියා ගන්න බැරි වුණ එක ගැන ලතවෙනව. ඒත් තව කොච්චර අය ඉන්නවද ආදරෙයි කියල කියපු එක ගැන දුක්වෙන ?
මට හිතෙන්නෙ මාත් අයිති වෙන්නෙ ඒ ගොඩට. මං කහ කිරිල්ලිට ආදරෙයි කියල නොකිය හිටියා නම් හොඳයි කියල දැන් හිතන මමම එහෙම නොකියා හිටියා නම් අද ඉන්නේ උඹේ මිත්‍රයා ඉන්න තැන. එතකොට මං ලතවෙන්නෙ ඇයි මට එයාට ආදරය කියා ගන්න බැරිවුණෙ කියල. ජීවිතේ මහ පුදුම දෙයක් මචං. අර කතාව නං සම්පූර්ණ ඇත්ත. අපි චිත්‍රපටි බලල හිනාවෙනව මේවා ඇත්ත ජීවිතේ වෙන්න පුළුවන් දේවල් ද කියල.. ඒත් සැබෑ ජීවිතේ සමහර ජවනිකා චිත්‍රපටිවල අපි කලින් නරඹල තියෙන දේවල්ම නේද? මාත් ඒ අත්දැකීම විඳපු නිසා මටත් ඒක තදින්ම දැනෙනවා.

පිස්සා පලාමල්ල said... [Reply to comment]

ඔය හුඟක් ෆිල්ම් වල සීන් වලට අපි හිනා උනාට ඒවා සැබෑ ජීවිතයට අරුම නැහ. ලඟදි ආපු සිංහල ෆිල් එකක් ගැන ඊයෙ ඔය වගේම මායි යාලුවෙකුයි කතා කලා... මොන තරම් සමීපද කියලා අපේ ජීවිත වලට...


දුකයි උබේ යාලුව ගැන....

හෙළයා said... [Reply to comment]

ඔයිට වඩා අපි දුක්වෙන්න ඕනෙ අපි මේ ලෝකෙ ඉපදුන එක ගැන. ඒත් මේකයි, කරපු දේවල්, නොකල දේවල් ඒ කාලෙදි කලයුතු හා නොකල යුතුව තිබුණ දේවල් කියලා අපිට හිතන්න වෙනවා. ඒවා වුනා. ඒක නිසා අපි අද යම් වෙනසක් අත්විඳිනවා. ඒක හොඳ වෙන්නත් පුළුවන්, නරකක වෙන්නත් පුළුවන්. ඒත් ඒ හැමදෙයින්ම අපි තුල ඉන්න කෙනෙක් ඉලිප්පිලා එන්නේ නැද්ද ?. ඒකෙන් තවත් කාටවත් හොඳක් වෙන්නේ නැද්ද?.
අපිට ප්‍රශ්ණ එනකොට අපි ටිකක් සංවේදීව අනිත් අය ගැනත් හිතනවා නේද?. ඉස්සෙල්ලට වඩා.
ආදරේ කරන කාලෙදි ආදරේ අහිමි වුන කෙනෙක් දිහා බලන විදිහටමද අපිටත් ඒ අත්දැකීමට මුහුණ දෙන්න වුනොත් ඒ වගේ කෙනෙක් දිහා බලන්නේ..?

නෑ.. See the bright side. Enjoy little things.

හොඳ පෝස්ට් එකක් රවා සහෝ. කතා කරන්න දෙයක් තියනවා

දුකා said... [Reply to comment]

නියාම් පෝස්ට් එක රවා මලයෝ . . .

හැබැයි මිනිස් හිත ක්‍රියා කරන හැටි ගැන මීට වඩා හොඳට උඹට ලියන්න පුලුවන් . .

ඊලග පාර මේ වගේ එකක් ලියන කොට උඹ එහෙම ලියයි කියලා මම හිතනවා

රවා said... [Reply to comment]

@Shadow/හේමලයා

ස්තුති සටහනට අයියෙ, මමත් නිතරම කල්පනා කරන දෙයක්, අපි කරණ සුළු වැරද්දකින් මුළු පරම්පරාවක්ම දුක් විදිනවා. මෙවගෙ දෙවල් ඔනැතරම් මෙවෙනකොටත් අපි කරලා ඇති යන්න.

රවා said... [Reply to comment]

@කතන්දරකාරයා

ස්තුති කතන්දර අයියා සටහනට, කාලෙකින් ආවෙ මෙ පැත්තෙ. ඔයාගෙ බ්ලොග් එක පැත්තෙත් ගියා මෙ ලගදි.

ගට යි, පතයි දෙකම ප්‍රමාණයට තිබුණාහම ජිවත් වෙන්න ලෙහෙසියි යන්න නිතරම දැනෙන දෙයක්. එක වැරදිද හරිද කියලා කියන්න නම් මම දන්නෙ නැහැ.

රවා said... [Reply to comment]

@indi

මට මතක හැටියට මෙ අයියා තමයි මට autograph කියන චිත්‍රපටිය ගැන කියලා දුන්නෙ. මෙක පොදු වෙන්නෙ එක කුලකයකට විතරයි.
කමක් නැහැ එත් පොදුනෙ. නෙද ...?

රවා said... [Reply to comment]

@Ansh Lucky Sri Jay

එත් සමහර චිත්‍රපටිවල සිද්ද වෙන්නෙ ඇත්තටම වුණු දෙවල් නෙද අක්කෙ.. මෙතනදි අපි දෙන්නම දුක් වුනෙ නැහැ. සතුටු වුණා, මෙ චිත්‍රපටි කතාව නිසා.

රවා said... [Reply to comment]

@දුමී

දුමි අයියා, ඔයා ෆුල් ෆන් එකෙ ඉන්න කෙනෙක් බව මට දැනෙනවා, ඔයාලා වඩිය ෆිට් වෙන්නෙ නැහැනෙ.
ස්තුති සටහනට.

රවා said... [Reply to comment]

@Dinush

කො මුකුත් ලියන්නෙ නැද්ද..?


නැහැ කතා කාරයා එ කල දෙ හරි යන්න මට වැටහෙනවා. අපි අපෙ ඇතුලෙත් පොඩ්ඩක් තියාගන්න ඔනා, වයසක් නැහැනෙ. අනික උඹලා විඳවපු තරම් අපි විඳවලත් නැහැ. එක නිසා එ මට්ටමට එන්න කලින් මෙ ෆන් එක ගන්න ඔනා

රවා said... [Reply to comment]

@තක්ෂිල

තක්ෂිල මිනිස්සු බොහොම සරල වෙන්න වෙන්න, හිත්වල තියන බර, ගතෙ අනවශ්‍ය වෙහෙස අඩුවෙනවා, තව කෙනෙක් කරපු වැරැද්දකට මම මගෙන් පළිගන්නෙ නැහැ, මම කරපු වැරැද්දකට මම දඩුවම් විඳිනවා, එක හිතෙ පතුලටම දැනෙන කම් දඩුවම් විඳිනවා, එක සංසාර පුරුද්දක් වෙනකම් දඬුවම් විදිනවා, එක බොහොම සතුටින් කරන්නෙ, ආයෙ කවදාවත් එවගෙ වැරැද්දක් නොවෙන්න.

රවා said... [Reply to comment]

@චමිල

අයියාව දැක්කෙ ගොඩක් කාලෙකින්, මම ආවෙත් ගොඩාක් කාලෙකින්.

ඔය ඔයා කියන විස්තරෙ මම හැමදාම කරන දෙයක්, එකයි මම මෙ බ්ලොග් එකට අතිතයෙන් ගඟ ගලා බසි කියලා කියන්නෙ.

රවා said... [Reply to comment]

@sansarasidu

සනා මට සමාවෙයන් මම දැනෙනවා, මට උඹව අමතක වුණා කියලා, මොකද වුනෙ එදයින් පස්සෙ ආපහු මම උබෙ බ්ලොග් එක පැත්තෙ ආවෙ නැහැ.
ඉඩක් ලද වාහාම එපැත්තට එන්නම්. ස්තුති සටහනට,
මෙ ජිවිතෙත් එක චිත්‍රපටියක්, අපි තමයි එකෙ ප්‍රධාන නළුවන්, මගෙ වටෙ ඉන්න මිනිස්සු හොදට රඟපානවා , එත් ප්‍රදාන නලූවා මම වෙලා නිකම්ම බලන් ඉන්නවා වගෙ දැනෙන්නෙ... හා ... හා..

රවා said... [Reply to comment]

@පිස්සා පලාමල්ල

එක වැටහෙද්දි අපි දුක් වෙනවා, හින්දි වල තියන ජොක් වලට හිනා වුණානෙ කියලා එ දුක අස්සෙත් හිනා වෙනවා, හරිම ලස්සන දෙයක්

රවා said... [Reply to comment]

@හෙළයා

මම දැම්මා ඔයගෙ බ්ලොග් එකෙ සටහනක් දැක්ක ගමන්. සරල දෙවල් වලින් සැනසෙන හින්දා තමයි මෙච්චර සන්තොෂෙන් ඉන්නෙ,
හරි අපි වෙලාවක සෙට් වෙලා කතාකරමු.

රවා said... [Reply to comment]

@දුකා

මෙක ගැන වැඩිය මගෙ අදහස් සියුම්ව ඇතුල් කරන්න ගියෙ නැහැ, මොකද මම මම හිතන තරම් අවංක කෙනෙක් නෙමෙ කියන එක මම දන්න හින්දා, මු මගෙ ලඟම යහලුවෙක්.

ස්වප්නා said... [Reply to comment]

අයියෝ.... මේ ඇත්තම කතාවක්ද? හයියෝ.. ඔයාගෙ යාළුව නං මහ ගොන් මැට්ටෙක්.. ෂික්.. මගෙ මූඩ් එකත් කෑවා උදේ පාන්දර :(
කතන්දරකාරයාත් සමග 1000% ක් එකගයි.

රවා said... [Reply to comment]

ස්වප්නා

එහෙම කියන්න එපා, එයා කෙල්ලගෙ අධ්‍යාපනය කඩා කප්පල් වෙයි කියලා හිතලා නම් යොජනා නොකර හිටියෙ...

එ කෙල්ලගෙ වෙඩින් එකට ගිහින් එතනදි හැසිරෙන්න තරම් ගතක් තියන්නෙ. එක ලෙහෙසි කෙනෙකුට කරන්න පුළුවන් දෙයකුත් නෙමෙ.
බොහොම වෙගයෙන් සියල්ල සිදුවෙලා.

ස්වප්නා said... [Reply to comment]

අනේ මන්දා. ඉවසීමෙන් සැනසීම නොලැබෙන අවස්ථානුත් තියනවා :(. බඹා කෙටූ හැටියටලුනෙ වෙන්නෙ

රවා said... [Reply to comment]

@ස්වප්නා

ඉවසීමෙන් සැනසිමට වඩා දෙයක් හැමතිස්සෙම හම්බ වෙනවා, සමහර වෙලාවට සැනසීමට වඩා වැඩි දෙයක්, එක නිසා සැනසීම හැමතිස්සෙම බලාපොරොත්තු වෙන්න බැහැ.

ඉලංදාරියා said... [Reply to comment]

පුලුවන් තරම් යාලුවත් එක්ක මොනවා හරි කතාකරන්න ..පුලුවන් හැම වෙලාවෙම...
අමතක කරන්න ඔනේ සිදුවිම හිත හිත අමතක කරන්න අමාරුයි.....නොහිතා ඉන්නතරමට මතකයෙන් ඇත් වෙනවා..සමහර වෙලාවට ...කාර් එකේ යදි මොනවා හරි ඇය කියන්න ඇති...ඔබට නොකියා යාලුවා එක හිතේ තියාගෙන ඉන්න වා වෙන්න ඇති....මගේ පලමු අදරෙත් ලගදි කාසද බැන්දා...මටතෙරෙනවා ඔය දුක........?

රවා said... [Reply to comment]

@ඉලංදාරියා

යහලුව ගොඩාක් සංවෙදී කෙනෙකුත් නෙමෙ. උ මෙච්චර දුකක් විඳින්නෙ නැහැනෙ ඉස්කොලෙ කාලෙ එකිගෙන් ඇහැව්වානම්. මෙක එක අතහැරලා දම්මා කියලා අපි හිතුවෙ.

මැණික් said... [Reply to comment]

අනේ මංදා මොනවා කියන්නද කියලා. ලැබීම තමයි නේද?
මැණික්(සුළඟ)

ජීවිතේමල් said... [Reply to comment]

චිත්‍රපටි වල තියෙන්නෙ සුරංගනා කතා නෙමෙයි මල්ලි... සුරංගනා කතා වල තියෙන්නෙ සුරංගනා කතා... .. නේද ? හැම ජීවිතේකම තව කෙනෙකුට අදහනන් බැරි අවුල් වියවුල් පසුතැවීම් දුක් වීම් තියනව... ඒවා එකිනෙකාට වෙනස් වෙන්නෙ එකිනෙකා ඒවා ට ප්‍රතික්‍රියා කරන විදියට. අපේ හැම ජීවිතයකම ඒ අරුමය තියනව.. ඒක තමයි මනුස්ස කම... පුහුදුන් මනුස්ස ජීවිතය මිටින් ගුලි කරන් එන දුක, විරහව, පසුතැවීම....

රවා said... [Reply to comment]

@මැණික්
මැණික් ලැබීම් තමයි, ලැබීම් අතර නොලැබීම්, නොලැබීම් අතර ලැබීමක්, දෙකම එකට.

රවා said... [Reply to comment]

@ජීවිතේමල්

පුදුම ලොකයක්, පුදුම මිනිස්සු, හැමොගෙම ගඟ කොහොමත් පහලට ගලනවා.

Hipo said... [Reply to comment]

ජීවිතේ හැටි..නොසිතන දේවල් නම් කොච්චර වෙනවද.. පව්...

කරුමක්කාරයා said... [Reply to comment]

ජීවිතෙ කෙනෙක් අපිට ඔනෙ කියල හිතෙන්නෙ අපිට ලංකරගන්න බැරි තරම් ඈත් වෙනව කියල දැනෙනෙකොට එතක්ම් අපිට එහෙම දැනෙන්නෙ නැ බන්... ඔව ෆිල්ම් නෙමෙ කියල තේරෙන්නෙ අපිටම උනාම.. තව ලියපන් මච්න්... කමෙන්ට් එකක් දාන්න පරක්කු උනාට සමා වෙයන්...

බිඟුවා...! said... [Reply to comment]

ආදරය සුන්දර වරදක්...
හැමෝම කරන්න ඕනෑ වරදක්ම තමයි..
විඳින්න විඳවන්න ජීවිතේ...
මේක කරන්නම ඕනෑ...

අනික බන් මූදේ ඉන්නේ එක මාළුවද බන්

වැහි කිරිල්ලී said... [Reply to comment]

ජීවිතේ කියන්නේ ගලා ගෙන යන දෙයක්.සිද්ධ වුණ දෙයක් එහෙම නොවුණ නම් කියලා හිතනවා ඇරෙන්න ගත වුණ ජීවිතේ ආයේ ලබාගන්නේ කොහොමද?

LishWish said... [Reply to comment]

ලගදි කොච්චියෙදි හම්බ වුණා. ඉට පස්සෙ වෙඩින් එක කිව්වා. මම වෙඩින් එකට ගියා. එතනදි එකිට උදව් කරන්න උනෙත් මට .මෙක චිත්‍රපටියක එහෙම උනා නම් අපි මොන බැනිල්ලක් බැනිනවද, බැන බැන හිනා වෙනවද..? මෙ මොනවද බන් මෙ මොඩ ආතල් නෙ , එහෙම වෙනවද කවදාවත් කිය කිය අපි හින්දි චිත්‍රපටි බලද්දි කොච්චර හිනා වෙනවද.. එත් බන් මෙ වගෙ කරුමයක්.."
මේ සිද්දිය ගන මම මුකුත් නොකිය ඉන්නම් මම මේ වැඩේ හිතේ දුකින් උන්නත් දැන් ඇයට ඒ කර දෙන්න වෙලා තියෙන නිසා..!

කස්ටිය