සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

12/26/10

වතුරටද මෙ දෙවල් හේදුනෙ........

එදා මම ටිවි එකෙ මිනිස්සු අඬනවා දකිද්දි මට මෙහෙට වෙලා ඉන්න බැරුව ගියා.  තාත්තායි මමයි අස්සෙන් අස්සෙන් දාගෙන අපි අපෙ ගාල්ලෙ හිටපු හිතවතෙකුගෙ ගෙදරට යන්න ගියෙ. නමුත් අපිට ගාල්ලට යන්න බැරුව ගියා. ඉට පස්සෙ කහව අදුනන කෙනෙක්ව හොයාගෙන ගියෙ. එ මනුස්සයා කහව ජිවත් වුණෙ. එ මනුස්සයගෙ පවුලටම කිසිම කරදරයක් වෙලා තිබුනෙ නැහැ. ගෙවල් දොරවල් නැහැ. මනුස්සයො අසරණ වෙලා එ මිනිස්සුන්ගෙ ඇස් වලල කඳුලූ තිබුනෙත් නැහැ අපිව දකිද්දි එ මනුස්සයා ඇවිල්ලා තාත්තාව බදාගත්තා. මටත් බදාගන්න කවුරු හරි එකෙක් ඉන්නවද කියලා මම වටපිට බැලුවා. කවුරුවත් නැහැ. මට තාම මතකයි පාලම් යටින් මිනි ගහගෙන යනවා. වතුරට කිසිම වෙනසක් තිබුනෙ නැහැ

අපි එද්දි මම දැක්කා සුදු මිනිහෙක් මගෙ මිනිහෙක්ව බදාගෙන.. මගෙ මිනිහගෙ ඇස් වල කදුලු.නටබුන් ගෙය, කඩන් වැටුනු තාප්ප, මගෙ මිනිහා ඇදන් හිටපු අපිරිසිඳු සරම් කොටය.. සුදු මිනිහාගෙ සුදු ඇදුම , තොප්පිය, හැමදෙටම දුක් වෙන මම එදා දුක් වුණෙ මගෙ මිනිහව මට බදාගන්න බැරුව ගියා කියලා. ඌ ගෙ හිත හැදෙන්න වචනයක් දෙන්න බැරුව ගියා කියලා. කොහෙදො හිටපු සුද්දෙක් ඇවිල්ලා මගෙ එකාව බදාගෙන උගෙ හිත හදනවා. . එ දවස් කිපය පුදුම දවස් කිපයක්. මිනිස්සුන්ට කරදර කරන්න බැරි හින්දා අපි එදාම ආපහු ආවා.මිනිස්සු තමන් එක් රැස්කරගත්තු දෙ ගැන හිතාගෙන කොච්චර උඩ ගියත් එයාලට ආපහු පොළවට එන්න ක්ෂනයකින්. ස්භාවධර්මයට අද මිනිස්සු අභියොග කරනවා. අපි මිනිස්සු පුදුම ආත්ම විස්වාසයකින් ජිවත් වෙන්නෙ. නමුත් පුංචි වතුර පාරකට අපි හරි ලොකුයි කියලා හිතන් ඉන්න මිනිස්සුන්ට එදා කරන්න පුළුවන් උන දෙ.

එදා මිනිස්සු අනිත් මිනිස්සුන්ගෙ දරුවන්ව හොරකම් කරා. වස්තුව හොරකම් කරා. මරලා අනිත් මිනිස්සුන්ගෙ දෙවලුත් ගන්න ඇති. වතුර පහර එච්චර ලොකු දෙයක් කරෙ නැහැ නෙද.
මට මතකයි මීට අවුරුදු දෙකකට විතර කලින් සිරස විමර්ෂන එකෙ සුනාමි දවසෙ අතුරුදහන් වුණු දරුවෙකුගෙ තාත්තා කෙනෙක් කතා කරලා " මට මගෙ දරුවා ජිවත් වෙන බව විස්වාසයි, මට මගෙ දරුවාව හොයලා දෙන්න කියලා ඇඬුවා. මගෙ මනුස්සයෙක් මගෙ ඉස්සරහා අඬනවා මගෙ දරුවාව හොයලා දෙන්න කියලා. මම එ අඬන එක බලාගෙන ඉදගෙන බත් කනවා.

අපි මොන බයිලෙ ගැහැව්වත් අපි දන්නවා අපි අතර ඉන්න කිපදෙනෙක් එ සල්ලි වලිනුත් කොටසක් හොරකම් කරා කියලා. එ අයට සුනාමිය වෙස් වලාගත් ආශිර්වාදයක් වුණා. අපිමයි හොරුන්ට මහත්තයා කියලා කතා කරන්නෙ. අපි උන්ගෙන් මොකක් හරි දෙයක් බලාගෙන එහෙම කතා කරන්නෙ.

සමහර අයට මිට හාත්පසින්ම වෙනස් විදියකට ජිවිතයට ආශිර්වාදයක් ගෙනාවා සුනාමිය. තනිකඩව සිටි නාවික සෙබලෙකු සුනාමියට හසුවු තරුණියක්ගෙ ජිවිතය බෙරාගෙන පසුව තරුණියට තමන්ගෙ ජිවිතය බිලි දිලා :D කියලා මම පත්තර කැල්ලක දැක්කා. කොහොම උනත් දහස් ගණනක් වෙන්වෙන තැනකදි හදවත් දෙකක් එකතු විම පුදුම දෙයක්.

සමහර බස් ඩ්‍රයිවර්ලා දෙවිවරු වුනා. රුපියල් 10 හොරකම් කරද්දි තමන්ට කැගගහා බනින මිනිස්සුන්ගෙ ජිවිත පාන්දර 3.30 හෙ ඉදන් බස් එක එලවන ඩ්‍රයිවර් බෙරගත්තා. කොටි ගනන් හොරකම් කරන අසික්කිත හොරුන්ට ' සර් සර් ' කිය කියා කත් අදින මිනිස්සු රුපියල් 3 හොරකම් කරන කොන්දොස්තරට මොන මොන දෙවල් කියලා බනිනවද.

සමහර මිනිස්සු තමන්ගෙ ජිවිතය ගැන නොහිතා අනිත් මිනිස්සුන්ගෙ ජිවිත බෙරගන්න යන්න ඇති. පත්තරවල ගිය කතාවලට වැඩිය ගොඩක් කතා තියෙන්න ඇති. හොද මිනිස්සු ගොඩාක් හැමතැනම ඉන්නවා. එයාලා බොහොම නිශ්ශබ්දව ජිවත් වෙනවා.. කරදරයකදි යක්කු ටික පැනලා නටද්දි එ මිනිස්සු බොහොම රහසින් එකිනෙකාට උදව්කරගන්නවා.

සමහරුන්ගෙ ජිවිතය වතුරෙන් විනාස වුණා...
වතුරෙන් ජිවිතය බෙරාගත් මිනිස්සුන්ගෙ ජිවිත මිනිස්සුන්ගෙන් විනාස වුණා.

ලක්ෂයක් ඉන්න තැන එකෙක් දෙන්නෙක් පිස්සු කෙලිද්දි බොහොම තර්කානුකුලව , විශ්ලේෂනය කරන ආචාරියලා මහාචාරියලා ටොක්ස් දෙනවා එහෙම තමයි සමාජ ව්‍යාප්තිය අරක මෙක කියලා. ඉස්සරාහ ඉන්න ගෙදර ගැනි එකිගෙ දරුවව ගඟට විසික්කරනකම් බලන් ඉදලා පස්සෙ දරු කැක්කුම ගැන කතා කරනවා. තමන්ගෙ ඉස්සරහා ඉන්න මනුස්සයගෙ පපුවෙ ගැස්ම ගැන අදුන ගන්න බැරි මිනිස්සුන්ගෙ ගොඩාක් දෙවල් වතුරට හෙදුනා දො මන්දා.

සුනාමි අවා ගියා. හැමදෙම ගෙනාව, හැම දෙම ගෙනිච්චා. සුනාමි දවස මුලු ලංකාවටම අපුරු දවසක්. එදා හැමදෙම තිබුනා. හැමදෙම හෙදුනා. වතුර පාර ඇවිල්ලා ගියා. මිනිස්සු නියමෙට රැඟුවා, නැටුවා. සමහරු hero ලා වුණා.  සමහරු  zero ලා වුණා.
විශ්ලේෂකයන්, ඇමතියලා, මහත්වරුන් මොන මොන ඉලක්කම් අරන් පෙන්නුවත්, මොන මොන නිති රිති ආවත් හැමදාම සිදුවන දෙ වුනා.

පසුව ලියමි
සුනාමි හිතෙ අමාරුව :D

18 අදහස් දැක්වීම්:

ගීත් (සහෘදයා) said... [Reply to comment]

සියල්ල සිදුවිය යුතු හා සිදුවන විදිහට සිදුවන අතර හිතාගෙන හිටියට වෙනස් කල හැකියි කියා කිසිත් වෙනස් කල නොහැකිය. ස්වභාවධර්මයා මිනිසාට වඩා ඉදිරියෙනි.

ළමයා said... [Reply to comment]

කියන්න දෙයක් නෑ රවා අයියා. මේ සියලු කතා ස්ථිර කරමි කියනාව ඇරෙන්න.

සුනාමියෙන් අපි අතරින් වෙන් වුන හැමටම නිවන්සුව ප්‍රාර්ථනා කරමු..!

charmi said... [Reply to comment]

//නමුත් පුංචි වතුර පාරකට අපි හරි ලොකුයි කියලා හිතන් ඉන්න මිනිස්සුන්ට එදා කරන්න පුළුවන් උන දෙ.//

මේක තමා ඇත්ත. නමුත් මිනිස්සු වෙනස් කරන්න ඒ වතුර පාරට බැරි උනා. දෙවියො/යක්කු/නක්ෂත්‍ර/ඉරණම මේ සේරම මනස්ගාත කියලා ඒ වතුර පාර ඔප්පුකරලා පෙන්නුවා. නමුත් අද ඒ සේරමත් එක්ක ඔයා කියපු ලොකුකමුත් අපූරුවට තියාගෙන ආපහු වතුර පාරක් එනකම් ඉන්නවා. සමහරවිට මේක පරිණාමයට අදාල දෙයක් වෙන්න ඇති.

දුමී said... [Reply to comment]

සුනාමිය එනකොට මම ඩුබායි වල හිටියේ. ඔෆිස් එකේදි උදේට කන්න ගිය වෙලාවෙදි තමයි බී.බී.සී නිවුස් වලට දැක්කෙ මුහුද ගොඩ ගලනවා කියලා. ඉස්සෙල්ලාම ඔය "සුනාමි" කියන වචනය පාවිච්චි කලේ නෑ.. ඒ ගොල්ලො කිව්වෙ "Tidal Wave" කියලා. අනික ඒ වෙනකොට වාර්ථා වෙලා තිබුනේ නැගෙනහිර පැත්තේ මිනිස්සුඑ 25 - 30 ක් විතර මැරිලා කියලා විතරයි.

පස්සෙ පස්සෙ තමයි මේ ගණන 10යේ ගුණාකාර වලින් වැඩි වෙන්න ගත්තෙ. අපි ඔක්කොම වැඩ නවත්තලා බී.බී.සී එකේ දිග ඇරෙන රූප දිහා අදහාගන්නවත් බැරි විදිහට බලාගෙන හිටියා. කොහොමත් ලංකාවට ඒ වෙලාවෙ කෝල් එකක් දී ගන්නවත් පුළුවං කමක් තිබුනේ නෑ.. ඔක්කොම ටෙලිෆෝන් ලයින් අවුට් ඔෆ් ඔර්ඩර් ගිහිල්ල තිබුනේ.

පහු වෙනිදා තවත් දුක් බර ආරංචියක් අපිට දැන ගන්න ලැබුනා. මම වැඩ කල "JKCS" එකේ හිටපු ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් වුනු "විජිත" එයාගේ මුළු පවුලත් එක්කම සුනාමියට අහුවෙලා තිබුනා. විජිතත්, එයාගේ ආදරණීය බිරිඳත්, මල් වගේ ලස්සන කොළු පැටව් දෙන්නෙකුත් මහා වතුර විසින් බිළි අරං තිබුනා. ඒ ලස්සන පවුලෙන් මේ ලෝකෙට ඉතුරු උනේ එයාලගෙ 13 හැවිරිදි ඩුව විතරයි. ඒකත් මහා දුක හිතෙන විදිහට.

ඒ දුව කියපු විදිහට, පළවෙනි රැල්ල එනකොට ඒ ගොල්ලො ඉඳල තියේන්න් හික්කඩුවට මෙහා ගාලු පාරෙ තැනක. අඩි කීපයක් උඩින් රැල්ල අවාහම ඒ ගොල්ලො වෑන් එකෙන් බැහැලා පොඩි එවුන්ව වෑන් එකේ වහලෙ උඩින් තියලා වතුරෙන් බේරෙන්න. එතකොට තමයි දෙවනි රැල්ල ඇවිල්ල තියෙන්නෙ. කට්ටියව සී සී කඩ ගහ ගෙන ගිහිල්ලා ඒ රැල්ලට. බේරිච්ච දුවයි අම්මයි දෙන්නම ලෑල්ලක එල්ලිලා ඉඳල තියෙන්නෙ. දෙන්නගෙම බරට ලෑල්ල වතුර යටට යනවා කියලා දැන ගෙන ඒ අම්ම දුවවා ඉඹලා ලැල්ල අතඇරලා....ඒ පවුලේ කිසි කෙනෙක්ගේ මිනී වත් හම්බ උනේ නෑ..

දුමී said... [Reply to comment]

මේ තියෙන්නෙ ඒ ගොල්ලො ගැන විස්තරයක් සහ ඒ ගොල්ලන්ගෙ පින්තූර..

http://www.lmd.lk/2005/February/disaster2004find.htm

රවා said... [Reply to comment]

@ගීත් (සහෘදයා)

"පරිසරය මිනිසා විසින් වියන ලද දැලක් නොව ඔහු එහි නුල් පොටක් පමණි". මෙක රතු ඉන්දියානු නායක සියැටල් මහත්තයාගෙ කතාවක්.

රවා said... [Reply to comment]

@ළමයා
එයාලට අපි නිවන් සුව පතමු.

රවා said... [Reply to comment]

@charmi
සමහර මිනිස්සු ටිකක් දඟලලා ටිකක් බලය, ධනය එකතු කරගන්නවා. ඉට පස්සෙ හිස ටිකක් කෙලින් කරගෙන ඇවිදිනවා. එදා එ වතුර පාරට හොදගෙන යන්න බැරි දෙවලුත් ලංකාවෙ තිබුනා. අරගෙන යන්න පුළුවන් දෙවල් අරන් ගියා

රවා said... [Reply to comment]

@දුමී

මෙ වගෙ සිද්ධි එ වෙලාවෙ ගොඩක් තියෙන්න ඇති දුමි අයියා. මොකද දුවලගෙ ජිවිතෙ බෙරගන්න බිලි වුණ අම්මලා වගෙම.. නංගිලගෙ චෙන් කඩාගෙන නංගිලාව වතුරට දැම්ම අයියලත් ඉඳලලු. නංගිලා කැගහනවා දැකලා වතුරට පැනලා බෙරගත්තු අයියලත් ඉදලා. හැම ජාතියකම මිනිස්සු ඉදලා එදා.. එක තමයි මම කිව්වෙ හැමොම හිටියා කියලා..
පුදුමයි.. පොඩි එකිගෙ වාසනාවද අවාසනාවද කියලා හිතාගන්න බැහැ..කාට අරි කෙනෙකුට කියන්න පුළුවන් ජිවිතෙ බෙරුනා නෙ කොච්චර ලොකු දෙයක්ද එක කියල.. එත් එහෙම ජිවත් වෙන එකත්.......

``` Outsider``` said... [Reply to comment]

"ලක්ෂයක් ඉන්න තැන එකෙක් දෙන්නෙක් පිස්සු කෙලිද්දි බොහොම තර්කානුකුලව , විශ්ලේෂනය කරන ආචාරියලා මහාචාරියලා ටොක්ස් දෙනවා එහෙම තමයි සමාජ ව්‍යාප්තිය අරක මෙක කියලා. ඉස්සරාහ ඉන්න ගෙදර ගැනි එකිගෙ දරුවව ගඟට විසික්කරනකම් බලන් ඉදලා පස්සෙ දරු කැක්කුම ගැන කතා කරනවා. තමන්ගෙ ඉස්සරහා ඉන්න මනුස්සයගෙ පපුවෙ ගැස්ම ගැන අදුන ගන්න බැරි මිනිස්සුන්ගෙ ගොඩාක් දෙවල් වතුරට හෙදුනා දො මන්දා."

ඒක ඇත්ත සහෝදරය. මිනිස්සු අඵතෙන්ම මනුෂ්‍යත්වය ආරම්භ කරන්න ඕනි දැන්නම්. නැත්නම් හැමදේම වතුරට ගහගෙන යමින් තිබෙනව.

රවා said... [Reply to comment]

ස්තුතියි මිත්‍රයා සටහනක් දැමිම සම්භන්දව :D

හරී said... [Reply to comment]

දුක හිතෙන කතාවක්...

රවා said... [Reply to comment]

හරි ඔයා හරි වැරදි හරි..

මෙවට ඇයි අපි දුක ගන්නෙ.මෙවා ඔක්කොම අපෙ ඇස් ඉදිරිපිටදිම වගෙ සිදුවෙලා ඉවරයි.

මැණික් said... [Reply to comment]

සුනාමිය මිනිසුන්ට බොහෝ පාඩම් කියා දුන්නත් ඒ සියල්ල ඉතා කෙටි කලකින් අමතක වීම මනුෂ්‍ය ස්වභාවයද?
මැණික්(සුළඟ)

රවා said... [Reply to comment]

මැනික් අක්කෙ මිනිස්සුන්ට දෙවල් අමතක වෙනවා. එක මිනිස්ස්සුන්ගෙ ස්භාවය නෙද හැබැයි.. මෙ වගෙ දෙවල් මිනිස්සුන්ට අමතක වෙන එක ප්‍රශ්නයක් :D

Lishan Puwakowita said... [Reply to comment]

මම ඔය සුනාමියෙන් පස්සේ සතියකට විතර පස්සේ විකාශය වුනු වැඩසටහනක දැක්කා.., එන මනුස්සයෙක් කියනවා මුහුදෙන් අපි ගත්තු දේවල් මුහුද ඈවිත් අරන් ගියා කියලා වෑලපෙනවා..!
මේ කතාව මොන තරම් දුරට ඈත්තට ළඟද කියලා මම තාම කල්පනා කරනවා.., ඒ මතකය අලුත් උනා මේ සටහන දෑක්කම..!

පහත ලිවීම
උඹට සුභ අලුත් අවුරුද්දක් වේවා මල්ලියේ..!

ක්ෂිතිජ විජේමාන්න | viththi said... [Reply to comment]

අවුරුදු ගාණක් මහන්සිවෙලා හදපු දේවල් , ජීවිත එක නිමේෂයෙන් විනාශ වුණා.සුනාමිය අපිට හැදෙන්න අවස්තාවක් දුන්නා කියලා මට හිතෙනවා.මිනිස්සුන්ගේ මනුස්සකම ඔක්කොමට වඩා ලොකු දෙයක් කියලා එදා කට්ටිය තේරුම් ගන්න ඇති.රුපියල් සතවලට වඩා මිනිස්සු වටින බව සමහරුන්ට ඉගෙන ගන්න පුලුවන් වුණා.තවත් අය බොර දියේ මාලු බැවා. සුනාමිය ස්වාභවධර්මයේ තවත් ආශ්චර්යක්

සිතුවිලි නිහඬයි said... [Reply to comment]

සුනාමියට මුහුණ දුන්න අයයි දන්නේ ජිවිතයේ තියන වටිනාකම...හැබැහින් අත්දැකපු ඒ දේ අයේනම් වෙන්න එපා කියලයි මගේ පැතුම.....එකතු කරපු සබ්බ සකලමනාවම අතහැරලා හිගන්නෝ වගේ ඇදිවත පිටින් පාර දිගේ දුවපු හැටි සැරින් සැරේ මනසේ මැවෙන්නේ අනේ ආයේ නම් සුනාමි එන්න එපා කියන හැඟීමත් එක්කයි........

කස්ටිය