සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

2/19/10

රවාගෙ පළමු එකපාර්ෂවික ආදරය...

ඔන්න ඉතින් මමත් මගෙ කථාවත් දිග හරිනවා. මිනිස්සු උනහම ලොකු පොඩි කියලා නැහැනෙ හැගිම් වලට.මම එතකොට තුන වසරෙ හිටියෙ. අපෙ පාසල මිශ්‍ර පාසලක්. කෙල්ලොත් එක්ක ගහ මරාගන්නවා, එකට කනවා බොනවා, එකට සෙල්ලම් කරනවා. ඩෙස් බංකු හදලා තිබුනෙ කොල්ලො දෙන්න ඉස්සරහා කෙල්ලො දෙන්න, එහෙම්. කොල්ලො කෙල්ලො කිව්වට මනුස්ස පැටවු. අපි කෙල්ලන්ගෙ පොත් හොරකම් කරනවා. ඉතින් වලි. මට ඉංග්‍රිසි බැරිවෙන්නත් එක හෙතුවක් තමයි මම තුනෙදි මගෙ යහලුවා උන කොසලාගෙ පොත හොරකම් කරලා, පිටකවරෙත් ගලොලා මගෙ නම් ගහ ගත්තා. අපි පාසල ඇරිලා යන්නෙ "ස්කුල් වැන්" එකෙ. අපි පොඩි හින්දා අපිව 1 අරින්නෙ. ලොකු පැත්ත 2 කට ඉතින් පැය භාගයක් අපි ඉස්කොලෙ ඉස්සරහා තියන වතුසුදු මල්පදුරක් ගාව බැග තියලා සෙල්ලම් කර කර ඉන්නවා. එයත් මම ගිය වැන් එකෙම තමයි යන්නෙ. මම ගිය දහම් පාසලට තමයි එන්නෙ. ඉතින් එයාටත් මටත් කතා බහ කරන්න තියන, ගැටෙන්න තියන වෙලාව වැඩියි. එයගෙ නම නදා කියලා කියමුකො.


දවසක් ඉස්කොලෙ ඇරිලා ඉද්දි නදා ඇවිත් මට කියනව " රවා මට අර නෙල්ලි ගෙඩි ටිකක් කඩලා දෙන්න" කියලා. එතකොට 93 දි නෙ ආමිර් කාන් ගෙ චිත්‍රපටි තමයි ආසම(ආමිර් කාන් කියලා කියගන්නත් බැහැ, ඇමරිකාන් කියලා කියන්නෙ). නෙල්ලි ගහ තිබුනෙ ලොකු පැත්තෙ. බයයි. එ වුනත් දැන් ඉතින් නළුවානෙ. මමත් පැන්න ලොකු පැත්තට නෙල්ලි ගහ දිගෙ බඩ ගැවා. ටිකක් වෙලා යනකොට නෙල්ලි ගෙඩි වලින් සාක්කු දෙක පුරොගෙන බහින්න හදද්දිම ලොකු අයියා කෙනෙක් ඇවිල්ල " අර සර් මල්ලිට එන්න කියනව " පපුව ඩිග් ඩිග්. මොනා කරන්නද දිව්වා මල් ගහ ලගට. එ ත් අර දුෂ්ට අයියා ඇවිල්ලා මාව අල්ලගෙන සර් ගාවට එක්කන් ගියා. නොන්ඩි 7 යි පොඩි උනාට ලොකු හැගිම් හිතෙ. දන ගහගෙන ටිකක් වෙලා ඉන්න උනාට මොකද කඩා ගත්තු නෙල්ලි ටික නදාට දෙන්න පුළුවන් උනා. එක තමයි පළවැනි මිෂන් එක. එ වැන් එකෙ අපෙ අයියත් යනව. අයියට ආරංචි උනා මම දනගහ ගෙන හිටියා කියලා. මම නෙල්ලි කන්නෙ නැහැ.නමුත් කරන්න දෙයක් නැහැ. දැනට ආදරෙනෙ කියලා කියමුකො.

දහම් පාසල, ළමා ලොවම සරු කරවන නවතොතැන්නක්. ගොඩක් මගෙ වැඩ තියන්නෙ දහම් පාසලෙ. නදාත් එක්ක තිබුනු ගනුදෙනු වැඩි හරියක් එතන. අපි කොල්ලො පොඩි උනාට ලොකු හිත්. මල් කඩන්නෙ නැහැ. ලැජ්ජයි. අයියත් මල් කඩන්නෙ නැහැ ලැජ්ජයිලු. ඉතින් මාත් එහෙමම තමයි. නදා කඩන් එන මල් ටික තමයි මගෙත්. කාටත් හොරෙන් මල් ටිකක් දෙනවා. මල් පෙන්නලා ලොකු සාදුගෙන් ලකුණු ගන්නවා. සමහර වෙලාවට එයාටත් වැඩිය මගෙ ලකුණු වැඩියි.එයා හරිම ලස්සන චාම් කෙනෙක්, එවගෙ චාම් කෙනෙක් තමයි ජිවිතයට ඉන්න ඔනා. හිමිට කතාකරන්නෙ හිමිට ඇවිදින්නෙ. දකිද්දිත් හිත නිවෙන තරම් රුපයක් එයාට තිබුනෙ.

මෙහෙම යනකොට අයියට තෙරුනා මම නදාට ටිකක් වැඩියි ලංවෙනවා කියලා. අයියා ඔච්චම් කරන්න ගත්තහම මට ගොඩක් දුක හිතුනා.  පොඩි කාලෙ අපි දකින්නෙ අපෙ අම්මායි තාත්තායි. දෙන්නා ඉන්න විදියට අපිත් ඉන්න ඔනා කියලා හිතුන. මම කැමති වුනෙ නැහැ එයාට කවුරුත් මුකුත් කියනවට. අයියා එහෙම කියනවා කියලා දැනගත්තොත් එයාට එක ලොකු ලැජ්ජාවක් නෙද කියන හැගිම මගෙ හිතට දැනුනා. මම හිමිට එයාව මග හරින්න ගත්තා.හිතෙ තිබුන සොදුරු සිතුවිල්ල ටිකෙන් ටික හංග ගත්තා. දහම් පාසෙලෙන් එයා අස්වෙලා වෙන දහම් පාසලකට ගියා. එයාට ගොඩක් දෙපල තියනවා. අනික එයා ඉගෙනගන්නත් දක්ෂයි. පොඩි උනාට හැමොගෙන්ම බැණුම් මට, මොකද පන්තියෙ 35 වැනිය , ඉගෙන ගන්නෙත් නැහැ.අපි පුංචි කාලෙ අපි හැමදෙම ඉගෙන ගන්නෙ අපෙ වටාපිටාවෙන්, ඉස්කොලො කියන්නෙ විකාරයක්. අම්මලා තාත්තලා බලෙන් අන්දලා ඉස්කොලෙ අරින්නෙ. මම ගොඩක් දෙවල් ඉගෙනගන්නෙ ලොකු එවුන්ගෙ කථාවලට ඇහුන්කන් දිලා. ගොඩක් වෙලාවට තාත්තගෙන් ගුටිකනව ලොකු අය කථාකරන දෙවල් හොරෙන් අහන් ඉදලා.
කොහොම උනත් එයාගෙයි මගෙයි අතර තිබුන සම්භන්දෙට ආදරයක් කියලා කියන්න බැහැ. නමුත් එක මට අදටත් තෙරෙන්නෙ නැහැ. කොහොම උනත් එයා අපෙ ඉස්කොලෙ එහා පන්තියෙ හිටියෙ. ඉස්කොලෙම ලකුණු වලින් , ඉගනිම අතින් එයා මට වැඩිය ගොඩක් ඉස්සරහින් හිටියෙ ශිෂත්වය සමත් ලකුනු ලිස්ට් එකෙ හිටපු උඩින්ම දෙවැනියට තිබුනු එයාගෙ නම්. මගෙ එක යටින්ම තිබුන නම. හැමොම පුදුම උනා මම පාස් කියපුවාහම. තාත්තා එක බලන්න ගියෙත් නැහැ. කවුද අදුරන කෙනෙක් තමයි කියලා තිබුනෙ තාත්තාගෙ නමත් තිබුනා කියලා. මගෙ නමෙ අන්තිමට තාත්තාගෙ නම තියන්නෙ. අයියට ලැජ්ජාවෙ බැහැ. අන්තිමට මගෙ නම තියන්නෙ කියලා .එයත් එදා මාත් එක්ක කතා කරා " ඔයත් පාස්නෙ " කියලා.එයත් එක්ක කතා කරන්න තිබුනු ආසාව ටිකෙන් ටික  යට ගහා ගත්තත් හිතෙ මෙ වෙනකොට එයත් එක්ක ගොඩක් දුර ගිහින්. මගෙ හිත හැමදාම මතක් කරන දෙයක් එයා.

මම හිතන් හිටියෙ ඉස්කොලෙ අන්තිම දවස විභාගෙ ලිව්වට පස්සෙ එයාට මම හිතෙ තියන දෙ කියනවා කියලා. එක මගෙ හිතට ආවෙ 9 වසරෙදි විතර.මම එයාගෙන් ගොඩක් ඇත් උනා. එයාව දැක්කත් වැඩිය කතාබහා කරන්න ගියෙ නැහැ. එයා ගොඩක් ඉගෙන ගන්න දක්ෂ කෙනෙක්නෙ. ඉතින් අපි කොහෙද. සාමාන්‍ය පෙළ මගෙ තිබුනෙ විද්‍යාව, ගණිතය, සමාජ අධ්‍යනය විතරක් හොදින් පාස් වෙලා තිබුනා. එයාල එහෙම නෙමෙයි. ඔක්කොම කුඩෙ කුඩු. එයා ජිව විද්‍යාව කරන්න ගියා. මම ගණිතය කරන්න ගියා. මෙ වෙනකොටත් මගෙ හිතෙ එයා ගැන සිහින තියනවා. නමුත් ලං වෙන්නෙ නැහැ. මොකද පොඩි කාලෙ තාත්තා අම්මා අයියට බනින්නෙ " ඉගෙන ගන්න කාලෙ ඔව්වා බැහැ, දෙකක් කරන්න බැහැ, පිස්සු විකාර වලින් ඔලුව පුරොගෙන එපා තොව මරනවා "කියලා. හරි ඔය අස්සෙදි එ නදා හිටපු පන්තියෙ කොල්ලෙක් හිටියා වු මගෙ දුෂ්ටයා උනා. නදා අදටත් වුත් එක්ක ඇවිදිනවා කරනවා මට පෙනෙනව. අවුරුදු 10 ක් 12 හිතෙ පැසව පැසව තිබුණු හැගිම් ඔක්කොම නැති වෙලා ගියා. වෙදනාවෙන් මිරිකුනෙත් නැහැ. මොකද එ වෙනකොට වෙන කෙනෙක් මට ලංවෙමින් හිටිය හින්දා.

අදටත් නදා දන්නෙ නැහැ මම එයා ගැන එච්චර සිහින මැවුවා කියලා. දෙවැනි ආදර කථාව නම් නපුරු හිනයක් එක ගැන පස්සෙ කියන්නම්. දැන් මෙ කථාවෙ සාරාංශය.

නදාත් එක්ක මගෙ තිබුනු බැදිමට නමක් දෙන්න මට බැහැ. නමුත් එයාගෙ පැත්තෙන් එකට යහලුවා කියන දෙ කියන්න පුලුවන්. නමුත් එක වැරදි හැගිමක් නෙමෙයි. මට ඔනා උනෙ එයාගෙ අත් දෙකෙන් අල්ලන් ඇවිදින්න, ඉන්න  විතරයි. එක තමයි මම එදා චිත්‍රපටි වලින් දැක්කෙ ආදරය කියලා එකයි. ස්භාවයෙන්ම තිබුන ආකර්ෂනයට චුටි තල්ලුවක් තමයි එ චිත්‍රපටි වලින් හම්බවුනෙ. ලොකු වෙද්දි කාමය ,රාගය වගෙ හැගිම් හිතට දැනුනත් එයත් එක්ක ටික වෙලාවක් තුරුල් කරගෙන ඉන්න විතරයි සිහින මැවුවෙ. හිතට ලොකු අමාරුවක් දැනුනෙ නැහැ, මොකද ගණිතය හා තවත් කෙනෙක් මෙ වෙනකොට හිතට ලං වුනා. අන්තිම අන්තිම වෙනකොට හිනාවෙන්ම එයාට සමුදුන්නා. මාස කිපයකට පෙර එයා මාව හම්බ උනා ස්ටෙෂන් එකෙදි මාත් එක්ක කතා කරා ටික වෙලාවක්. එයා දන්නෙත් නැහැ මගෙ හිතෙ එහෙම හැගිමක් තිබුනදවත් කියලා. එච්චරටම මාව අමතක වෙලා. එයාට අමතක වෙලත් ඇති නෙල්ලි කඩලා දුන්න හැටි. කමක් නැහැ. අපි මිනිස්සුනෙ අපිට වටෙ පෙන්න තියන්නෙ මොකද්ද එක මතකයි . අනිත් හැමදෙම අමතක වෙනවා. අන්තිමට මගෙ පේරාදෙණි කැම්පස් එකෙ හිටපු යහලුවෙක් කිව්ව කවියක් මතක් වෙනවා

ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය
මෙය කිවු එකාගෙ කට කෑවත් මදිය
ඉවසපු නැති එකා ලග බඩු හත අටය
ඉවසපු නිසා මම තවමත් තනිකඩයා
මට මෙ දෙවල් හොදට මතක... එක මම හැමදාම මතක් කර කර රසවිදින හින්දයි. එකයි මම මගෙ බ්ලොග් එක අතිතයෙන් ගඟ ගලා බසි කියලා නම තිබ්බෙ. මහගම සේකර මහත්තයටත් ගොඩක් ආදරෙයි, ලැදියි.

26 අදහස් දැක්වීම්:

dumasrc said... [Reply to comment]

ගොඩක් ලස්සනයි ඇහැට කදුලක් අවා මෙක කියවලා මම මෙ වගේ අත්දැකිමක් දැනටමත් විදිනවා එක මාර සුන්දරයි ඇත්තටම සුන්දරයි දුක උනත්

$han said... [Reply to comment]

රවා අයියේ දැන්නම් කියවන්න වෙලාවක් නෑ..ඔයා දණ ගාන තැනට එනකම් කියෙව්වා...ඉතුරු ටික ‍රැට කියවලා ප්‍රතිචාරයක් දාන්නම් :)

කරුමක්කාරයා said... [Reply to comment]

මචන් ජීවිතේ ගොඩක් සුන්දරයි.. අපි ආස කරන දේම අපිට නොලැබුනත් ඒක අපි හදවතින්ම විදිනවා. ඒකයි ජීවිතේ පැවැත්ම... අතීතය තමයි අපේ අනාගතේට පාර කියන්නෙ..මන් කියන්නේ උබේ අතීතයෙන් ගඟ ගලා බසින්නේ ඒ අහින්සක සුන්දරත්වය දෝතින්ම දරාගෙන... ආයිමත් කියන්නම් ජීවිතේ සුන්දරයි...

දසුන් මධුසංඛ වානගුරු said... [Reply to comment]

කරුමක්කාරයා හරි.ආදරේ වෙලාවකට හිත නිවනවා.තවත් වෙලාවකට හිත ගිනිතියනවා.රවා කිව්ව දෙයක් මතකද ''ආදරයේ දී ඕන මගුලක් ඔට්ටුයි'' ඒක මතක තියා ගනින්
ජය !

දසුන් මධුසංඛ වානගුරු said... [Reply to comment]

කරුමක්කාරයා හරි.ආදරේ වෙලාවකට හිත නිවනවා.තවත් වෙලාවකට හිත ගිනිතියනවා.රවා කිව්ව දෙයක් මතකද ''ආදරයේ දී ඕන මගුලක් ඔට්ටුයි'' ඒක මතක තියා ගනින්
ජය !

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය said... [Reply to comment]

හදේ තෙරපෙන ආදර හැගුම්
අපේ හිතට හොරෙන් දාලා ගිහින්
සිතින් පමණක් පැතු පෙම
සැබැවින්ම සුන්දරයි හැමදාටම

රවා සුබ ගමන්...

දසුන් මධුසංඛ වානගුරු said... [Reply to comment]

කරුමක්කාරයා හරි.ආදරේ වෙලාවකට හිත නිවනවා.තවත් වෙලාවකට හිත ගිනිතියනවා.රවා කිව්ව දෙයක් මතකද ''ආදරයේ දී ඕන මගුලක් ඔට්ටුයි'' ඒක මතක තියා ගනින්
ජය !

නුවන් said... [Reply to comment]

මමත් හුගක් ආසාවෙන් කියෙව්වා මේ සටහන.
අපි හැමෝගේම පුංචි කාළේ, පුංචි හිත් වල තියෙන අහිංසක හැගීමක්.

ස්තුතියි අත්දැකීම බෙදාගත්තාට.

RanDil said... [Reply to comment]

ඔබේ හැඟීම සඟවන්නේ නැතිව බෙදා ගත්තාට ස්තුතියි. ඒ ගැන කියා ගන්න තිබෙන ඉක්මන් කම නිසාද මන්දා මුල් හරිය ටිකක් විතර පැහැදිලි මදි වගේ.

මං කිව්වේ මේ හරිය,
'මට ඉංග්‍රිසි බැරිවෙන්නත් එක හෙතුවක් තමයි මම තුනෙදි මගෙ කොසලාගෙ පොත හොරකම් කරලා, පිටකවරෙත් ගලොලා මගෙ නම් ගහ ගත්තා. අපි පාසල ඇරිලා යන්නෙ "ස්කුල් වැන්" එකෙ.'

නදා = ‍කොසලා ද?

නැත්නම් නර්මදා ද?

:-)

- නිල් අහස - said... [Reply to comment]

ආදරය තවදා කොහොම හිතට එනවද කියන්න අපි කවුරුවත් දන්නෙනෑ. සමහර වෙලාවට කල්පයක් බලන් හිටියත්, ආදරේ අපට පේන තෙක් මානයකට වත් එන්නනෙ නෑ. තව සමහර වෙලාවකට දෙන්නා තුන්දෙනෙකුට එක පාර ආදරේ හිතෙනවා.

කොහොම උනත් රවා ඔයාගේ කතාව ලස්සනයි.
සුභ පැතුම්...

චතුරංග රූපසිංහ said... [Reply to comment]

ලස්සනයි දිගටම ලියන්න

Indika said... [Reply to comment]

මල්ලි,

මේක අපි හෑමෝගෙම කතාව. උම්බෙ විතරක් නෙමේ!
පුලුවන්නම් බලන්න Autograph කියන Tamil/Malayalam film එක. අපි හෑමෝටම පොදු ඔය වගේම ලස්සන කතාවක්. භාශාව නෙතේරුනාට කතාව ඉවර වෙනකොට ඈස් තෙමිල තියෙයි!

ජීවිතේමල් said... [Reply to comment]

කතාව හරි ලස්සනයි.. සංවේදියි.... අපේ ජීවිතයේ ඒක පාර්ශ්වික ආදර කතා තරම් හිතට කාවැදුනු, සිතුවිලි වල හීන වල ජීවත් වෙන ආදර කතා සැබැ ආදර ජීවිතයෙ තියෙන්නෙ අඩුවෙන්. මොකෝ සැබෑ ජීවිතයෙ ගැටීම් ඇලීම් වැඩියි. එත් ඒක පාර්ශ්වික ආදරයක තියෙන්නෙ හිතෙන් ගොඩ නගන , නිසංසල ලස්සන මාලිගාවල්....

බිඟුවා...! said... [Reply to comment]

බලපන්කෝ රවා ඒකෙත් හැටි.
මට ඔහොම කතාවක් නෑනේ...

මගේ නෝනා සටස් ගලා මගෙන් ඇහුවනේ කැමතිද කියලා....
මම උඩ ගියා...
ඒකත් එකම කතාවක් බං.

ඉවසපු නැති එකා ලග බඩු හත අටය

නැතත් එකක් හරි ඉඳීවි බං...


/බිඟුවා...!

රවා said... [Reply to comment]

dumasrc
මචං උබ කටහරි ආදරෙනම් එ බව කියපන්. නැත්නම් උබටම අමතක වෙවි උබ ආදරෙ කරා කියලා මට වගෙ.

$han
කියවන්න දිගටම ඉන්න. තව සෙල්ලම් ගොඩක් හදවත ඇතුලෙ හිර කරගෙන ඉන්නෙ. එවත් එලියට එයි.

කරුමක්කාරයා
මෙ හදවත තමයි බන් ප්‍රශ්නෙ. මෙක නැත්නම් අද මම ලක්ෂ ගානක් හම්බ කරගෙන. මගෙ තියන පරිසරයත් එක්ක මම තියපු ගොඩක් පියවර ආපසු ගත්තා බුද්ධිය කරන්න කිව්වට හදවත එපා කරන්න කියපු හින්දා..උබ නම් මාව මුල ඉදන්ම දන්න කෙනෙක්නෙ...

දසුන් මධුසංඛ වානගුරු
මම එක කිව්වෙ මම දන්නෙ නැහැ කියන බ්ලොග් එකෙදි, මම විස්වාස කරන දෙයක්. මා ලග ඉන්න කෙනෙකුට හිතුනොත් කවදහරි මාගෙන් තවත් වැඩක් නැහැ එයාට යන්න ඔනා කියලා මට කොච්චර දුකක් දැනුනත් මම එයාට යන්න දෙනවා කදුලු හිතෙ හිරකරන් හිනාව මුහුනෙ ඔබාගෙන , මම එහෙම කරලා තියනවා, ආපහු උනොත් එකත් කරනවා. අයෙ දෙකක් නැහැ.

නුවන්
මෙ උබද නුවන්.. හැමදෙටම ,හැම කරදරයකදිම මගෙ ලගින් හිටපු යහලුවද.. එහෙම නොවුනත් කමක් නැහැ ඔයා කියෙව්වනෙ. ස්තුති...

RanDil
මගෙ නම ඔයාට හොයගන්න අමාරු නැහැ. නදා ත් රවා ත් එකම ආකරයෙ නම් දෙකක්. නම් වලින් වැඩක් නැහැ සිද්දියයි හදවතට දැනුන දෙයි වැදගත් එහෙම නෙද රන්දිල්...

- නිල් අහස -
මිනිස්සුන්ගෙ හැගිම තෙරුම් ගන්න හැම විටම හරිම අමාරුයි. එ උනත් හරි ලස්සනයි

චතුරංග රූපසිංහ
ස්තුති ..ඔයාට කියෙව්වට.

Indika
ඔනන චිත්‍රපටිය ටොරන්ට් එක අරන් දැම්ම. ලස්සනා බලපු දෙවල් තියනවා නම් කියන්න. අපිටත් බලන්න.

ජීවිතේමල්
ඔයානම් මෙ කතාවෙ මුල් ටික දන්න වනෙ. නැද්ද. මම ඔයා ලියපු එකකට සටහනක් දැම්මා.

බිඟුවා...!
බිගුවො උබ කතාවක් නැහැ කිව්වට උබෙ තමයි වාසනාවන්තම කතාව තියන්නෙ. අපෙ කතා ඔක්කොම දුකින් පිරිලා. මක් කරන්නද බන් සංසාරෙ එකතු කරගත්තු පිං පව් අනුව තමයි හැමදෙම තිරණය වන්නෙ.

රවා said... [Reply to comment]

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය
ස්තුති යහලුවා ඔයාට ඔයාගෙ නමෙ හැමදෙයක්ම ලස්සනයි, සුන්දරයි. කවියත් ලස්සනයි.

මධු වීරකෝන් said... [Reply to comment]

දුක හිතුනා කතාවට ගොඩක්...
මොනා කරන්නද...
ආදරේදී ඕන දෙයක් ඔට්ටුයි කියන එකට මමත් එකගයි...

හෙලයා said... [Reply to comment]

ජීවිතේ එහෙම තමයි නේද මචං .?
වදින්නම ලියලා තියෙනවා.

රවා said... [Reply to comment]

මධූ ට
ඇයි ඔයාට දුක.මටනෙ දුක හිතෙන්න ඔනා... හික්..හික් හරි හරි ..සංවේදි වැඩිනම් වෙදනාවත් වැඩියි.. කමක් නැහැ. ජිවිතෙ ගැන නෙ මෙ ඔක්කොම.

රවා said... [Reply to comment]

හෙලයා ට
මක් කරන්න්ද බන් එහෙම තමයි. කරා කියන්න බැරුව ගියා. ඉතින් බකන් නෙලාගෙන ඉන්නවා. හරි හරි තැන්ක්ස්.. කියෙවුවට.

බිඟුවා...! said... [Reply to comment]

ඒ කියමනත් හරි රවා...
:)

/බිඟුවා...!

hashan said... [Reply to comment]

Nice post rava

And also thank you 4 add our site in your blogroll.

රවා said... [Reply to comment]

thanks hashan. i not political blog writer but some political blog i wrote for my own satisfaction.

නෙලාන් said... [Reply to comment]

අඩන්න ඕන මචං කිරි එරෙන්න. මම කියන්නෙ ලව් වලදි. සමහර විටදි ඒ ගෑණු ළමයත් කැමැත්තෙන් ඉන්න ඇති.වෙනදෙයක් වෙන්න කියන්න තිබුනෙ.

probodha said... [Reply to comment]

ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය
මෙය කිවු එකාගෙ කට කෑවත් මදිය
ඉවසපු නැති එකා ලග බඩු හත අටය
ඉවසපු නිසා මම තවමත් තනිකඩයා
itz write bro

තීර්ථ යාත්‍රිකයා said... [Reply to comment]

හැමදාමත් වගේ ආසාවෙන් කියෙව්වා.. රවෝ.... බ්ලොග් එක කියවද්දි අලුතින් දේවල් හිතන්න පෙළඹෙනවා

කස්ටිය