සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

2/6/10

විවාහයට පෙර... සහ පසු....

සුදු .... බත් කැවද... ක්ලාස් එනවද... ඔන්න ඔහොම තමයි කසාද බඳින්න ඉස්සර. ඉතාම සුමිහිරි වචන වලින් දෙපැත්තට විඳ ගන්නවා.
පුදුම ආකර්ශනයක්, ස්භාවධර්මයා විසින් මවන ලද අපුරු දෙයක්. නාගෙන සෙන්ට් ,පවුඩර් උලාගෙන ඉතින් මගුල් ගෙදරක් යනවා වගෙ දෙන්නා ලැස්තිවෙන්නෙ, දෙන්නව හම්බෙන්න යන්න.
කොහොම උනත් කෙල්ල ලස්සන නම් කොල්ලා බලන්නෙ කොහොම හරි එල්ලිලා ඉදලා කසාඳ බදින්න. කොල්ලා බුද්ධිමත් නම් නම් කෙල්ලත් එහෙම්ම මයි. සමහරු සල්ලි දැකලා.
සමහරු දුෂ්ටයො මැද්දෙන් දුවලා ගිහින් සටන් කරලා දිනා ගන්න දෙවල්, සමහරු හැමොගෙම ආශිර්වාදය මැද්දෙන්. කොහොම හරි තම අරමුනට යනවා.
තවත් සමහරු අරමුන කරදර වැඩියි කියලා හිතුන ගමන් වෙන බස් එකක් එනකන් ඉන්නවා.

ඉතින් එහෙම එල්ලිලා ඉන්න කොල්ලා නොකරන දෙයක් නැහැ. සමහරු තමුන්ගෙ දෙමවුපියන් පවා පහතට දාලා වැඩ කරනවා. එයාලා හින්දි චිත්‍රපටි වලින් තමයි
එ කැලි ටික කොපි කරන්නෙ. හැම තිස්සෙම වචන පාවිච්චි කරන්නෙ පරිස්සමෙන් සුදුගෙ හිත රිදෙයි කියලා. ඔය අතරෙදි ලුණුයි බතුයි කමුකො රත්තරන් කියලත් කියනවා.
සමහරු නම් ඔය එවා මෙවා මුකුත් ගනන් ගන්නෙ නැතුව වා නම් වා පො නම් පො තියරියෙනුත් තමුන්ගෙ ආදර කතාව ගෙනියනවා.

ආදරය කරන කාලෙ මුනගැහෙන්නෙ ටික වෙලාවකට විතරයි. එ වෙලාවෙත් එ දෙන්න කෘතිමව හදා ගත්තු දෙන්නෙක්. මුකුත් නැහැ බලලා තියන චිත්‍රපටි කැලි ඔක්කොම එකතැන
දිග හැරලා,නන්නත්තාර වෙලා කොල්ල ගෙදර යන්නෙ. දෙමවුපියො දාඩිය මහන්සියෙන් හම්බකරලා දෙන තුට්ටු දෙක වියදම් කරන්නෙ තමුන්ගෙ ආදරය වෙනුවෙන්.
තමුන්ව අවුරුදු 18 ක් 20 ක් රැක බලාගත්තු දෙමවුපියන්ගෙ විස්වාසය බිදිනවා මෙ දවස් 18 හිනස්සපු කොල්ලා නිසා. මෙ අතර සමහරු මෙ දෙයට දෙමවුපිය ආශිර්වාදයත් ලබාගන්නවා.
කොහොම හරි සුවද විලවුන් මැද්දෙන්, පවුඩර් ටින් වලින්, චිත්‍රපටි කැලි වලින් විවහයට ගෙනියනවා ආදර කතාව.

ඔන්න කසඳ බැන්දා... දැන් තමයි වැඩෙ..... මධූසමය .. මෙතනදි තමයි දෙන්න දෙන්නව අදුන ගන්නෙ. මෙ පුසා වගෙ හිටපු එකා සිංහයෙක්ද නරියෙක්ද නැත්තම් ඇත්තටම පුසෙක්ද කියලා කියලා කෙල්ලට දැනගන්න හම්බ වෙන්නෙ . එ වගෙම තමයි අනිත්
පැත්තත්. මම කතා බහා කරපු සමහර අයියලා අක්කලා අවුරුදු 8 ක් 9 ක් ආශ්‍රය කරලා කසද බැදලා තියන්නෙ. එ අය වහෙන් ඔරො කියන දෙවල් ආහපු හාම එයාල ගැන පුදුමත් හිතෙනවා.
බැන්දට පස්සෙ ඉතින් දෙන්න එකට. හැම තිස්සෙම ගැටෙනවා. කසාදෙට කලින් හංගන් හිටපු රුපෙ හිමිටම දිග හැරෙනවා. දෙන්නගෙම. මෙ අතර සමහරු එකිනෙකා අතර හොද සම්බන්දතාවයක්
ගෙනියන්න සාකච්චා කරනවා, තමුන්ගෙ රැචි අරුචි කම් ගැන. ආදරය කරන කාලෙ මුලික කෙනා රුචි දෙවල් තමයි දෙන්නගෙම රුචි දෙවල්. නමුත් දැන් එහෙම නෙමෙයි. ටිකක් නිදහස හොයන්න ඔනා.
මම ආස දෙවලුත් තියන්වා. ලිංගික ජිවිතෙත් එතනමයි. වෙනසක් නැහැ. මිනිස්සු කියන සත්තු ජාතිය හැම තිස්සෙම වෙනස් වෙන්න කැමතියි. අදහස් ගැටිම් මෙ හැම දෙයක්ම එලියට එනවා. මෙ කාලෙ
වෙද්දි. දරුවො ඉන්නව නම් එ දිහැ බලලා හිත හදාගෙන එ දෙවල් ඔක්කොම හිතින් යටපත් කරගෙන ඉන්න ගොඩක් ගැහැනු අය දිරි ගන්නවා. ගොඩක් පිරිමි අය එහෙම නෙම. මෙ අතර සමහරු තමුන්ගෙ
සහකරු හො සහකාරියගෙ අදහස් නිතර නිතර අසා දැනගනිමින් ලස්සනට මෙ දෙ ගෙනියනවා. හැබැයි එ  ඉතාම සුලු පිරිසක්. බොහො දෙනා ට විවහා ජිවිතය කියන්නෙ ලොකු බරක්. නමුත් එ ගොඩක් දෙනා
කතා කරන්නෙ යාන්ත්‍රිකව. මෙ හැම දෙකට ම හැමදෙනාම මුහුන දෙනවා. හැබැයි සමහරු කතා බහ කරලා එක අරමුනක් දෙන්නා තුලම ඇති කරගන්නවා ඇතිවන ගැටුම් මග හරින්න. සමහර අය එකිනකා කෙරෙහි
ස්භාවයෙන්ම ඇලිලා.

කොහොම කොහොම හරි ගැටුම් මැද්දෙන්, සොදුරු සිදුවිම් අතරින්, කටුක අත්දැකිම් මැද්දෙන් ගඟ ගලා බසිනවා. මම අහලා තියනවා
විවාහයට පෙර ඇතිවන ආදරය මලක් වගෙ එක පිපිලා පර වෙන දෙයක්
නමුත් විවාහට පස්සෙ ඇතිවන ආදරය හරියට ගහක මුලක් වගෙ, එකෙන් තමයි පවුල කියන ගස පොෂනය, දරා ගැනිම සිද්දවෙන්නෙ"
කියලා.මෙක මම මුලින් දැක්කෙ දෙමළ චිත්‍රපටියක.

අපි කොච්චර උඩට ඉගෙන ගත්තත් , මොන උපාධිය කලත් ලොකයෙ ස්භාවය, ලොකයෙ පැවත්ම සිදුවන යාන්ත්‍රනයට විරුද්දව යන්න ගියොත් අපිව වැටෙනවා.
ස්භාවධර්මය විසින් ගැහැනු, පිරිමි වෙනසක් ඇත්කරලා, අපුර්ව ආකර්ෂනයක් ඇති කරලා ලස්සනට ජිවත් වෙන්න ඔනා සියලුම දෙවල් ඇතිකරලා දිලා තියනවා.
සරලව ස්භාවධර්මයට එකගව ජිවත් වෙන හැම මිනිසෙකුම සුන්දරව ජිවිතය ගෙවනවා. ගොඩක් පවුල් සංකිර්ණ ජිවිත රටාවන් හට හුරු වෙලා තමුන්ගෙ ජිවිතය තමුන්ගෙ
දරුවන්ගෙ ජිවිතත් සංකිර්න කරලා.  කෙනෙක් එක පැත්තකට යද්දි තවත් කෙනෙක් අනිත් පැත්තට යන්න උත්සාහ කරද්දි ගැටුම් ගොඩයි. බුද්ධිය තියන නම්‍යශිලි දෙන්නෙක් නම් මෙදෙ කතා
කරලා හදා ගන්නවා. නමුත් බොහො දෙනෙක් තමුන්ගෙ මතය හරියි කියන තැන ඉදගෙන දැඩි තිර්ණ ගන්නවා.

අපි පටන් ගන්නෙ ඉතාම සොදුරු මිහිරි දෙයක් මෙ කරන්න යන්නෙ කියලා. නමුත් බොහොම වැදගත්ව, ගෞරවය, ආදරය, ඉවසිම පෙරටු කොටගෙන යථාර්තවදිව තමුන්ගෙ ආදර වන්තිය දිහැ බලලා, එකිනෙකා අතර මානා අවබොධයෙන්, සංයමයෙන්, දෙමාපියන්වත් එකතු කරගෙන, ඔහුන්ගෙත් ආශිර්වාදය, ගුරුහරු කම් ලබාගෙන විවහා දිවියට පිවිසෙන මිනිසුන් හට කවදත් වරදින්නෙ නැහැ.
එක මම දැකපු වටිනාම සත්‍යයක්. මෙ දෙවල් කියන මම තවම විවහා වෙන්න හිතලවත් නැහැ. අවුරුදු 24 ක් උනාට තවම අම්මත් එක්ක අම්මගෙ උනුහුමට තුරුල් වෙලා නිදාගන්නෙ. සමාජයෙ ඇවිදලා,
කතා කරලා, කතා අහලා, හොරෙන් අහන් ඉදලා, ඇත ඉදන් බලන් ඉදලා ගත්තු දෙවල් මෙ ලියලා තියන්නෙ.

ඉතින් මොකද කියන්නෙ. ඇත්ත කතා කරලා, ඇත්තට මුණ දිලා ගැටුම්, ජිවිතය සුන්දර කරගන්නවද.....? 

5 අදහස් දැක්වීම්:

Anonymous said... [Reply to comment]

good, DUMINDU

.::පිස්සා::. said... [Reply to comment]

අනේ මන්දා බං....
බැදලාම තමයි බලන්න ඕනේ...
ඕක මහා මඤඤං දෙයක් වෙන්න ඕනේ, මට හිතෙන්නේ...

දිlee said... [Reply to comment]

අනෙ මන්ද බO ,අපිට ඔය දෙකටම තව වයස තියෙනවා

මධු වීරකෝන් said... [Reply to comment]

ආටිකල් එකනම් නියමයි....

කදුළුබිංදු said... [Reply to comment]

විවාහ වෙන එකත් හරියට අමු අඹ කනව වගේ වැඩක් කියල කියමනක් තියෙනවනෙ.අනිත් අය කනව දකිද්දි කටට කෙළ උනනව.කන්න ගත්තම දත් හිරි වැටෙනව.ඔයා අමු අඹ කාල නැත්නම්...හරියට පුංචි එවුන් උරන බීම පැකට් එකක් උරනව වගෙයි කියල හිතන්නකො.මුල හරිය රසයි.අන්තිමට පහු පහු වෙද්දි වතුරම විතරයි.අත්දැකීම් වලට අනුව නම් මල්ලි කියල තියෙන100% ක්ම ඇත්ත.මමත් ඉතින් දත්ටික හිරිවැටීගෙන අමු අඹ කන කෙනෙක් තමා.හැබැයි කියාගන්න බැරි තෘප්තියකුත් තියෙනව මලේ.

කස්ටිය