සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

4/30/10

සෙනෙහසේ මහල් නිවස...


පැළලී ගසා වසා ගනිමින්..
පැලැස්තර අලවා මසා ගනිමින්
මිනිස් දෑසට නොගට්ටවා
ගලෙන් ගල එකතු කර බඳිනා..
මහල් නිවසේදී...........
සැනසීම සොයන්නෙමී මම..

හද තුල කැකෑරෙන
එකිනෙකා පරයමින් දගලන
තරඟ බිම කුහක කම
සුන්දර දෑස් තුලින් මම
නොදුටුවෙමි මම පෙර දිනක..

නිවසක් තනන්නෙමි මම
සැනසීමට වනන්නෙමි අත
දෑස ගැටෙනා මයිමෙ ඉදන්
නුඹ වනන්නෙද මට අත..

මිනිසුන් වසා ගත්තද ඇස
නුඹෙ හද ඇසින් බලන කල
මෙ නැගෙන්නෙ බිත්ති සතරක් බව
වැටහෙවිද කෙදිනක හො නුඹට..

හද තුල තනාගත් පැලක
නුඹත් මමත් ජිවය ලදීමි පෙර දිනක...

එදා අප වටා සිටි අය
නොඅමතන්නෙය අද
එදා අප හට දුන් බත් පිඩ
මටද අමතක වීය මිතුරිය

සැනසුමෙන් හෙලු සුසුමන්
පිටාර ගැලු සන්තොෂයන්
නුඹට අමතක වුවාද
මටද අමතක වුයෙ කවදාද...........

17 අදහස් දැක්වීම්:

මාරයාගේ හෝරාව said... [Reply to comment]

ගඩොල් මැටි වතුර සිමෙන්ති බදාමද..
යකඩ කූරූ ලිදඩු උළු වීදුරුද..
රැගෙන සැදූ මුත් භෞතික රුවක් සොඳ..
කුමට නොමැති නම් ඒ තුළ ජීවන සුවඳ..

Rachintha Jayawardhana said... [Reply to comment]

මට මුල කොටස විතරක් ඇති.මම "පට්ට" කියලා කියන්නම්! ඒ මුල ටික හොඳටම ඇති හිතට මත්වෙන්න!

Raven said... [Reply to comment]

මුචා කිවුව වගේ මුල් ටිකම පට්ට.
නියමයි මචන්. කොටසින් කොටස විඳින්න පුලුවන් නිර්මාණයක්.

විශ්මි said... [Reply to comment]

නියමයි රවා...... හොඳ නිර්මාණයක්.... කිවුවත් වගේ මුල පද ටික විතරක් තිබුණත් ඇති කියල හිතෙනවා...... ජය.....

දිල් said... [Reply to comment]

හරිම අපූරු නිර්මානයක් රවා, ඕනෙම ගෙයක් සුන්දර වෙන්න නම් ජීවන සුවඳ මුසු වෙන්න ඕනෙලුනෙ..

හිතට දැනෙන්න..හොඳ රහට ලියලා තියෙනවා රවා...නියමයි

චේජනා said... [Reply to comment]

ලස්සනට ලියවිල...මල්ලි,
ගොඩනැගිල්ලක් ගෙයක් වෙන්නෙ ආදරේ පිරුනම කියනව නෙ..

ගල්මල්-Coral said... [Reply to comment]

ලස්සන අදහසක් මල්ලි, නැවත නැවත කියවන්න හිත පෙරැත්ත කරන පද පෙලක්.

මෙ නිර්මාණය මතකයට ගෙනාවේ:

House is a home when filled with love, affection and care

House is a home made by a woman

``` Outsider``` said... [Reply to comment]

හොඳ ගලා යාමක්...

හසී said... [Reply to comment]

ලස්සන නිර්මාණයක් අයියේ..!

වැප් said... [Reply to comment]

එල මචං ලිවිල්ල

Jay said... [Reply to comment]

නියමයි...

මාරයාගේ හෝරාව said... [Reply to comment]

ආදරණීය රවා මළයා වෙතයි...
මලේ උඹගේ සැපදුක් කෙසේද..? මම නම් සුවෙන් සිටිමි.
තකහනියෙම මෙවන් ලිපියක් ලියන්නට සිදු උනේ අපේ අර දිල් කෙල්ල නිසාවෙනි..
අන්න ඒකී ඇඩූ කඳුළින් නොකා නොබී බලා ගත්තු අත බලා ගෙන ඉන්නවා.
හේතුව ඇහුවට කියන්නෙත් නෑ. හිටි හැටියේ ඊරියෙක් වගේ විලාප තිය තිය අඩනවා.බලා ඉන්ට අමාරුයි මලේ..
යන්තම් ඔන් අද තමයි වදෙන් පොරෙන් කාරණාව දැන ගත්තේ..
උඹ ඒකිත් එක්ක තරහා වෙලයි කියලා කියන්නේ..
අනේ මලේ පින් සිද්ධ වෙනවා ගෙහුන් ඒකිගේ හිත හැදෙන්න වචනයක් දෙකක් දොඩලා වරෙන්.
මටත් මෙ ඒකි හොටු පෙරාගෙන අඩනවා බලා ඉදලා බැරිම තැන තමයි මෙහෙම ලිපියක් ලියන්න හිතුවෙ...
මොනවා උනත් අහිංසක කෙලී නෙව..
හරි හමන් විදියට කෑමක් බීමක් ගන්නෙවත් නැතුවා වාගෙයි..
සරීර කූඩුව නිකං ඉඩෝරෙට අහුඋන පිදුරු ගහක් ගානයි.
කොහොමටත් වැඩිය ඇග පතක් තිබුන කෙල්ලෙක් නෙවී නෙව.
යන්තම් අමාරුවෙන් වගේ දවසට බත් පිගන් දෙක තුනක් ගිල දාලා හදා ගත්තු ඇග..දැන් හොදටම දිරා පත් වෙලා ගොහින්..
අනේ මලේ මෙ ලිපිය දුටු වහාම ගෙහුන් බලලා වරෙන්.
ආයේ ඉතින් වහ ටිකක් කාලා කැලේ රිංගුවොත් කාට කියලා කියන්නද..
ඉතින් මම නවතින්නම්.උඹට බුදු සරණයි..
මෙයට
හිතවත් සුදු අයියා..
මාරයා..

Hipo said... [Reply to comment]
This comment has been removed by the author.
Hipo said... [Reply to comment]

නියමයි රවා... හොඳ නිර්මානයක්

Anonymous said... [Reply to comment]

ඇත්තටම හරිම ලස්සන නිර්මාණයක්. හරිම රසවත්.

දුකා said... [Reply to comment]

අඩේ මේක මට කලින් කියවන්න බැරි උනා නෙව . .

සමහර තැන් වම පොඩි අවුලක් තියෙනවා කියලා මට නම් හිතුනා බොරු කියන්නේ මොකද ඒත් අදහස සේහෙන දුරකට පැහැදිලි . . .

රසික වික්‍රමනායක said... [Reply to comment]

ජීවිතේ අර්තය ඕක තමා සහෝදරයා. අපි නිකම් මායවල් තුල ජීවත් වෙනවා. ඒවා මායාවල් කියල දැන ගන්න කොට ඒ මායාවල් වලින් මිදෙන්න බැරි තරම් අපි එව්වට ඇබ්බැහි වෙලා. සාර්තක නිර්මානයක්..

කස්ටිය