සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

3/28/11

මුහුද දෙබෑ කරපු සහොදරයාගෙ එක කුස උපන් සහොදරියට රජයෙ රොහලකදි.......

මුහුද දෙබෑ කරන..අහස පොළොව සිඹින..
රටට සෙනෙහෙ පුදන..ලෙයින් මසින් සැදුන..

සැබෑ පියෙකි දරු දහසකි..
මුලු රටේම ලේ නෑයෙකි..
අපේ එකෙකි සිය දහසකි..මේ දරු හට මව් දහසකි..

‍යව්වනයේ මේ සගයා..

අපේ එකෙකි මේ මිනිසා.. මේ මිනිසා..
දුරකථනය නාද වුණා.
"
මල්ලි මම ඉස්පිරිතාලෙ ඉන්නෙ. මගෙ ටිකට් කපනවා තව ටිකකින් ඔයාට පුළුවන් මාව එක්කන් එන්න එන්න "
"
හරි මම එන්නම් "උදෙ 11.45 විතර වෙද්දි මම ඉස්පිරිතාලෙ ළග. 12.10 විතර වෙනකම් බැලුවා. අක්කා එළියට ආවෙ නැහැ. මම ඇතුළට ගියා. අක්කා තනියම ඇඳෙ ඉදගෙන බලන් ඉන්නවා.
"
ඇයි අමාලි අක්කෙ ටිකට් කැපුවෙ නැද්ද "
"
මල්ලි මම 11.00 කිව්වෙ මට ටිකට් කපන් යන්න ඔනා කියලා, කියද්දි මට ගොඩක් ඩොක්ට බැන්නා. රජයෙ දෙපළ කන්න එනවා, එයාගෙ කාලෙ කැවා කියලා. මට ගොඩක් ලැජ්ජා හිතුණා මල්ලි. මිනිස්සු ඉස්සරහා හයියෙන්. මගෙ බඩෙ අමාරුව අඩුයි , මම උදෙ 6 ඇඩ්මිට් වුණෙ මට බෙහෙත් පෙති වගයක් දුන්නා මට ටිකට් කපාගන්න ඔනා කිව්වට පස්සෙ. දිප්ත අයියා ත්‍රිකුණාමලෙ ඉදන් එනවා හවස එයත් එක්ක මම VOG කෙනෙක්ට පෙන්නනවා. මෙ බඩෙ අමාරුව දවස් දෙක තුනක ඉදන් තියන එකක්. මම අද උදෙ පාන්දර ඇවිල්ලා දිප්ත අයියගෙ අම්මත් එක්ක ඇවිල්ල ඇඩ් මිට් වුණෙ. ඔයාලට කියන්නවත් වෙලාවක් තිබුණෙ නැහැ. මගෙ ෆයිල් එක උඩින්ම තිබුණෙ ඩොක්ටර් මාත් එක්ක තරහට මගෙ ෆයිල් එක යටටම දැම්මා. පොඩ්ඩක් ගිහින් ඩොක්ටට කියන්න මල්ලි. "
මට ටිකක් තරහා ගිහින් මම ගියා දොස්තර ළගට. දොස්තර අක්කා කෙනෙක් වයස 27,28 ක් විතර. හරිම ලස්සන දොස්තර නොනා කෙනෙක්.

" ඩොක්ටර් අර අක්කා ඩිස්චාර්ජ් කරන් මට යන්න ඔනා. ඩොක්ටර්ට පුළුවන් ඉක්මනට එක කරලා දෙන්න. "

"
කාටද අරයටද, මම ලියනවා පොඩ්ඩක් ඉන්න "
මම ටිකට් එක ලියලා දෙනකම් පස්වරු 1.00 වෙනකම් බලන් හිටියා. ලෙඩ්ඩු බලන වෙලාව ඉවර වුණා. මම ඇතුළෙ ඉන්නකම් අක්කට මුකුත් කිව්වෙ නැහැ. මම වාට්ටුවෙන් එළියට ආවා. වාට්ටුවෙන් එළියට ඇවිල්ලා මම 2.15 වෙනකම් බලන් හිටියා. මගෙ ඉවසිම ටිකක් අඩු වුණා. මම ගත්තා අදුරන මගෙ යහළුවෙකුට, යහළුවාගෙ අයියා හලාවත හොස්පිටල් එකෙ වැඩකරන වෛද්‍යවරයෙක් මගෙ වෙලාවටම දොස්තර අයියත් මගෙ යහළුවත් එක්ක.

"
මම මාරවිල හොස්පිටල් එකෙ 4 වැනි වාට්ටුවෙ ඉන්නෙ, අක්කාව ඩිස්චාර්ජ් කර ගන්න ඔනා. මෙතන ඉන්න ඩොක්ටර් කෙල්ලෙක් අක්කට ටිකක් බැනලා දැන් මම 11.45 ඉදන් මෙතන මොනාද මෙක ඉවර කරගෙන ඉක්මනට යන්න කොහොමද "
"
මල්ලි ටිකක් ඔතන වාතවෙයන් නිතරම ඩෙස්ක් එක ළඟ හිටපන්, නිතරම අහපන්, කරදරයක් වෙයන්.. එවා කරන්න බැරි නම් අක්කාව එක්කන් ගෙදර වරෙ.. .. එච්චර කෙස් එකක් නැහැ. රොහල් පොලිස්සියට නොට් එකක් යවනවා ලෙඩා අතුරුදහන් කියලා එච්චරයි "
තාම අමාලි අක්කා එළියට ආවෙ නැහැ. මම ඇතුළට ගිහින් ඩොක්ටර් ගෙන් ඇහැව්වා.
"
ඩොක්ටර් තව කොච්චර වෙලාවක් යයිද "
"
ටිකක් ඉන්න, මම ලියලා තියන්නෙ මෙ මිසි ලෙඩ්ඩුන්ට බෙහෙත් දිලා එක දෙවි "
මම බලන් හිටියා මිසි බෙහෙත් දෙන හැටි. වයසක දුර්වල අම්මා කෙනෙක් බඩ ගාගෙන ට්‍රොලිය ගාවට ඇවිත් එයාගෙ බෙහෙත් අරන් යනවා. ට්‍රොළියෙ රොදා හතර දැක්ක ගමන් මගෙ ඇස් දෙකට කඳුළු නාපු ටික විතරයි.
රොහලෙන් එළියට එන විට 2.35 යි මම අමාලි අක්කත් එක්ක.
මට ලියන්න ඔනා වුණෙ මෙච්චරයි. මගෙන් දොස්තර නොනාටවත්, මාරවිල රොහල් බලධාරින්ටවත්, රජයටවත් මගෙන් කිසි චොදනාවක් නැහැ. අක්කාගෙ එක කුස උපන් සහොදරයා රුවන් නාලක සුමෙධ , කොමන්ඩො රෙජිමෙන්තුවෙ කොප්‍රල් කෙනෙක් . එයා කොමාන්ඩො එකට බැඳුනෙ සල්ලි නැතිව නෙමෙ. මගෙ තාත්තා ගාව සුමෙධ අයියා වැඩ කරෙ. යුද්දෙ තිබුණ කාලෙදි හමුදාවට බැඳෙන්න ඔනා කියලා සුමෙධ අයියාගෙ අම්මටයි තාත්තටයි සුමෙධ අයියා කියපුවාහම අම්මයි තාත්තායි කැමති වුණෙ නැහැ. මගෙ තාත්තා තමයි එයාලට කියලා කැමති කරගත්තෙ. සුමෙධ අයියට කකුල කලවට එක පාරක් වෙඩි වැදුණා. අපි පොඩියි අපිව හමුදාරොහළට එක්කන් ගියෙ නැහැ බලන්න. නමුත් ඉට පස්සෙත් සුමෙධ අයියා හොධවෙලා ආපහු යුද්දෙට ගියා. කොටින්ම කියනවා නම් අම්මලා තාත්තලාත් එක්ක තරහාවෙලා ගියේ. 98 මැයි 28 වැනිදා උදෙ පොලිසියෙ මහත්වරු දෙන්නෙක් ඇවිල්ලා රුවන් නාලක සුමෙධ පරන්තන් වලදි වෙඩි වැදිලා මැරිලා කියන ලියුම තාත්තාට දෙද්දි උදෙ පාන්දර 6, මම ඉස්කොලෙ යන්න ඇදුම දාගත්තා විතරයි. සුමෙධ අයියාගෙ මළකද දාපු පෙට්ටියෙ පියන ඇරපු ගමන් මෙ අද ඉස්පිරිතාලෙට ඇඩ් මිට් වුණ අක්කා සුමෙධ අයියාගෙ මළකද බදාගත්තා ඔළුව පැත්තෙන්. මල කඳෙ පපුව හා උදරයෙ එක පැත්තක තිබුණු පුළුන් මෙ අක්කාගෙ අතට දැනුණ හම මෙ අක්කා කැගහලා සිහිය නැති වුණා. මෙ අක්කගෙ තාත්තාත් නැති වුණා ඉට අවුරුද්දකට පස්සෙ. තමන්ගෙ එකම සහොදරයා මැරුණට පස්සෙත් මෙ අක්කා තමන්ගෙ පෙම්වතා කර ගත්තෙ නාවික හමුදාවෙ වැඩ කරන අයියා කෙනෙක්. එයා දැන් ත්‍රිකුණාමලෙ වැඩ කරන්නෙ.දුප්පත් අසරණ ලෙඩ්ඩු රජයෙ රොහල් වලට එන්නෙ. එයාලා දොස්තරලා මිසිලා තරම් ඩිග්‍රි,ඩිප්ලොමා කරපු උගත් මිනිස්සු නෙමෙ. එයාලා ජිවිතෙම අන්ත දුක්ඛිතව ගෙවලා තමයි ඔය රොහළට එන්නෙ. එයාලා පුද්ගලික රොහලකට යන්න සල්ලි හම්බ කරලා නැහැයි කියන්නෙ එයාලා ජිවිත කාලෙම වායුසමිකරනය කරපු කාමර ඇතුළෙ නිකන් ඉදලා නෙමෙ. මුලු ජිවිතෙම කාලෙම මහන්සි වුණ මිනිස්සුන්ගෙ අසරණකම් වලින් නිච විදියට මුලු ජාතියම වැඩ ගත්තා. ගොවියන්ගෙ අසරණ කමින් අපෙ මිනිස්සු හොදට ප්‍රයොජන ගත්තා හැමදාම. එළවළු ගොවියා අසරණ හින්දා හැමදාම අතරමැදි මුදලාලි තට්ටු උසට ගෙ හදාගෙන ඡන්දෙ ඉල්ලලා මන්ත්‍රි වුණා. කර්මාන්ත සලාවෙ වැඩ කරන මනුස්සයා තුට්ටුවට නිමිභාණ්ඩෙ හදලා දෙද්දි මහත්තයා එක රට අරිද්දි යකඩ ගොඩට සල්ලි දාපු මනුස්සයා පොහොසත් වුණා...... වගෙ තුට්ටුවට ජිවිතෙම මහන්සි වුණ මිනිස්සු තමයි අද රජයෙ රොහල් වලට ගාටන්නෙ, බඩ ගන්නෙ...... මහන්සි වෙලා, මහන්සි වෙලා ලෙඩ වෙලා.. මෙ මිනිස්සු මහන්සි වුණ හින්දා තමයි අද අපි කැම්පස් වල දොස්තර විභාග, ඉංජිනෙරු විභාග කරන්නෙ. අපිට බැරිනම් මෙ අපෙ මිනිස්සුන්ගෙ දුක බර අඩු කරන්න උදව් කරන්න තෙරුමක් තියනවද අපෙ නමට පිටිපස්සෙන් තියන MBBS SL , BSc, MSc කියන අකුරු වලින් . එයාලා ලෙඩ වෙලා අසරණ වෙලා රොහළට එද්දි අත අල්ලලා " මොකද අම්මෙ .. මොකද වුණෙ...".. රොගෙ හොයාගන්න බැරිම නම් ටක් ගාලා ඉක්මනට මොනවා හරි පෙති ටිකක් දිලා එයාගෙ හිතට දැනෙන්න දෙන්න එයා ජිවිත කාලෙම මහන්සිවෙලා ලෙඩ වුණ එක, එයාගෙ මහන්සිය අපතෙ ගියෙ නැහැ කියලා....
හොරෙන් කිරි පැකට් එක තමන්ගෙ වියදමෙන් ලෙඩ්ඩුන්ට අරන්දෙන දොස්තරලාව ඇයි මගෙ ඇස් දෙකට පෙන්නෙ නැත්තෙ ඇයි

26 අදහස් දැක්වීම්:

කරුමක්කාරයා said... [Reply to comment]

අපිට හැම වෙලාවෙම හැම කෙනෙක්ම එක විදියට සලකයි කියල බලාපොරොත්තු වෙන්න බැ මච්න්.. ඉස්පිරිතාල වල හොඳහැටි කරක් හගපු එකෙක් හැටියට මටත් ඔන තරම් ඔය වගෙ අත්දැකීම් තියෙනව. නමුත් සමහරු මිහිපිට දෙවියො වගේ කරන සේවය දැක්කාම අපිට ඇඟිල්ල දික්කරන්නත් අමාරුයි. උනුත් මිනිස්සු.. රජයේ රොහල් වල දවස් ගනන් උන් කට්ට කන හැටි මන් දැකල තියෙනව. අපිට MBBS SL , BSc, MSc නැති උනාට අහිංසක ජනතාවට ඒව නොදැනුනාට ඔය ඔක්කොම කැරකෙන්නෙ තමන්ගෙ කරුම මතම තමයි කියලයි මට දැනෙන්නෙ.

ස්තූතියි මච්න්.. උදෙන්ම ටිකක් ඇඬුව

පූසා said... [Reply to comment]

හැමෝම එහෙම නෑ. මොනවිදියේ ලෙඩෙක් ආවත් බොහොම කරුණාවෙන් සලකන දොස්තරලත් ඉන්නවා.

Hipo said... [Reply to comment]

ස්තුතියි රවා අපිත් එක්ක බෙදාගත්තාට... මගේ අක්කත් දොස්තර කෙනෙක්, එහෙම වෙලත් (අක්කා රට හිටි කාලෙක),මගේ අම්මට ගොඩාක් අසනිප වෙලා තියෙද්දි ඒක ගනන් ගන්නේ නැතිව හිටි දොස්තරලාත් හිටියා. අපිත් දන්න දන්න අය ගොඩ දෙනෙකුට කියලා තමා අම්මව වාට්ටුවට දාගත්තේ. ඒත් හැමොමත් එහෙම නෑ. සමහරු ඔය තැන් වලට ගියාම වෙනස් වෙනවා. මිනිස්කම අමතක වෙනවා. සමහර විට එයාලගෙ පැත්තේන් ඒට හෙතුවක් තියෙනවද නැද්ද ඉයලත් මම දන්නේ නෑ... ඒත් අපි එවා ඉවසගෙන ඉන්න වෙනවා :)

රත්ගමයා said... [Reply to comment]

එක එක විදිහේ දොස්තරලා ඉන්නව නේ රවා අයියෙ...අපිට මේක වෙනස් කරන්න බෑ

සෝරෝ said... [Reply to comment]

මේ වගේ දොස්තරලා අතලොස්සක් දෙනා නිසා මුළු දොස්තර සංහතියම බැනුම් අහනවා....

ස්වප්නා said... [Reply to comment]

දෙකක් කියල එන්නනෙ තිබ්බෙ.
ඩිග්‍රී එකක් ගත්තයි කියල ඔච්චර ඔලු ගෙඩිය ලොකු කර ගන්න දෙන්න හොඳ නෑ.
අපේ රටේ දොස්තරලගෙ තමයි ඔය ඔක්කොම විගඩම්. නර්ස් ලා ඇටෙන්ඩන්ට්ස්ලා උනත් බලන්නකො. කොච්චි වගේ සැර වෙලා ලෙඩ්ඩු බලන්නෙ.

..ChAnDiKa.. said... [Reply to comment]

මොනව කරන්නද බං. මේක අපේ රටේ හැටි. හොද දොස්තරලත් නැතුවම නෙමෙයි. මෙතන වැරුද්ද තියෙන්නෙ තමන්ගෙ රැකියාවත් එක්ක කීප දෙනෙක්ගෙ ඔලුව ඉදිමෙනවා. ඒකයි. අනේ මන්දා මේවා කවද කොහොම ඉවර වෙය්ද කියලා. ගොඩක් රාජ්‍ය ආයතන වල තත්වය ඕකනෙ. පොඩි එටකාට ගෙම්බර්. ලොකු මිනිහා කඩ්ඩෙන් වනපු ගමන් දෙකට නැමෙනවා.

``` Outsider``` said... [Reply to comment]

මේ රටේ අධ්‍යාපනයේ අරමුණු මනුෂ්‍යත්වයට සේවය කරන්න නෙවෙයි.
අනෙකාට වඩා ඉහළින් වැජඹෙන්න. ‍වැරැද්ද දොස්තරලාගේ නෙවෙයි. මිනිස්සුන්ගේ මානසිකත්වයයි.

නදී... said... [Reply to comment]

රජයේ රෝහලකින් හරියකට බෙහෙතක් හේතක් කරගන්න නම් අඩුමගානේ ඒකෙ වෑඩ කරන ඇටන්ඩන් කෙනෙක් වත් අදුරගන්න ඕනෙ.නෑත්තම් කවුරුත් ගනන් ගන්නෙ නෑ ලෙඩෙක්ව.ඔය අතරේ දෙවවරු වගේ අයත් නෑතුව නෙමේ,ඒත් අතලොස්සයි.

Ishan said... [Reply to comment]

සහෝ ඔය මාරවිල හොස්පිටල් එක ගැනනම් කථාකරල වැඩක් නෑ.ඔකේ මමත් අනන්තවත් කට්ට කාලතියෙනව.ඔකේ දොස්තරගෙ ඉදන් ඇටන්ඩ්න්ට වෙනකන් ඉන්න හැම එකාම ඔයවගේ තමා.මහ ජාරාවිදිහට මිනිස්සුන්ට සලකන්නෙ.

Dakshina said... [Reply to comment]

සහෝ, මමත් මගේ අම්මා අසනීප වුන වෙලාවල් කිහිපයකම මහනුවර රෝහලේ ඕනෑ තරම් ඉඳලා තියෙනවා. හැබැයි මේ වෙනකම් මටනම් මෙහෙම කතා කරන වෛද්‍යවරයෙක්/හෙදියක් හෝ සාත්තු සේවකයෙක්/සේවිකාවක් මහනුවර රෝහලෙන් හමුවෙලා නැහැ. කාර්යක්ෂමතාව 100% නැතත්, ඔවුන්ට උපරිමයෙන් සේවය කරන බවයි මම දැක්කේ. ඒ වගේම ඔය වගේ දෙයක් මම රෝහලේ ඉද්දී සිදුවුණා නම් තනතුර ගැන බලන්නේ නැතුව හොඳ දෙකක් අමතලයි මම එන්නේ.

මම කියන්නේ නෑ හැම රෝහලකම ඒ වගේ කියලා. අධ්‍යාපනයෙන් ටිකක් ඉහළට ගියාම, නම අගට අකුරු තුනක් හතරක් වැටුණම පොළවට අඟල් ගාණක් උඩින් යන කාලක්ණ්නි ඉන්නවා. උන්ට අමතක වෙනවා උන් මෙච්චර ඉගෙන ගත්තේ දුක් විඳින සාමාන්‍ය ජනතාවගේ සල්ලි වලින් කියලා.

prasanna86k said... [Reply to comment]

ඈත්තටම බං සමහරු දොස්තරලා හැසිරෙන්නේ උංට කවදාවත් ලෙඩක් හැදෙන්නේ නෑ වගේ...

රවා said... [Reply to comment]

මිතුරු මිතුරියන්ට කියන්න තියන වැදගත්ම දෙ.. මට එ වෙලාවෙ ගොඩක් තරහා ගියාට මම කතා කරන්න ගියෙ නැහැ.. එ ලස්සන දොස්තර නොනත් මට ටිකක් බය වෙලා හිටියෙ.
මට මෙ බ්ලොග් එකෙ ලියන්න ඔනා මෙච්චරයි.

MBBS SL , BSc, MSc... මෙ අකුරු හම්බෙන්නෙ පාඩම් කරලා ප්‍රශ්න පත්තර වලට උත්තර ලියලා විතරක් නම්.. අපෙ IT programming පැත්තෙ ඉන්න සහොදරයන්ට පුලුවන් Mr. Doctor කියලා software එකක් හදන්න.

ඇගෙ උෂ්නත්වය මෙච්චරයි, එහෙනම් පැරසිටමොල් මෙච්චරයි එහෙම නෙමෙ නෙද .. සමහර දොස්තරලා ඉන්නවා... එ අය දකිද්දිත් ලෙඩ ඔක්කොම හොඳ වෙලා යනවා :D:D

රවා said... [Reply to comment]

රජයෙ රොහල් වලට යන්නෙ දුප්පත්කමෙත් අසරණ කමෙත් අන්තයෙම ඉන්න මිනිස්සු.

ලෙඩා ඇඳෙ ඉද්දි බෙහෙත් ටික ලෙඩාගෙ අතට ගිහින් දුන්නොත් නයිටිංගෙල් බිත්තියෙන් පැනලා නර්ස්ට ගහයිද..

"වෘතතිය හැල්ලුවට ලක් කරන්න එපා" කියලා

නුගත් දුප්පත් කෙනෙක් ඉස්පිරිතාලෙට ඇතුල්වුණ ගමන් පැනොඩොල් පෙති දෙක්කක් දියන් බොරුවට. අඩුම තරමෙ අපි ඔයාගෙ ලෙඩෙ ගැන හොයනවා කියලා දැනෙන්න.

නුගත් දුප්පත් අසරණ අයට වෙන යන්න තැන් නැහැ.
එ අය කතා කරද්දි " බුදු දොස්තර මහත්තයො " කියලත් කියනවා ඇහිලා ඇති.

රවා said... [Reply to comment]

@``` Outsider```
මිත්‍රයා ඔයාට වැටහුන බව මට වැටහෙනවා. නමුත් මෙක මට වටහාගන්න බැහැනෙ පොඩි කාලෙ ඉදන් දහම්පාසල් වල, පාසලෙ උගන්නපු විකාර ඔලුවට ඔබාගෙන අපි ජාතියට සේවය කරන්න ඔනා... අපි ගොවියව නග්ගන්න ඔනා.... අපි වවන්න ඔනා.... අපි ධාර්මික වෙන්න ඔනා.. මෙ වගෙ පීචන් අදහස් ටිකක් ඔලුවෙ ඔබාගෙම ජිවත් වෙන මගෙ පුංචි මොලෙට මෙවා වැටහෙන්නෙ නැහැ :D:D:D:D

LishWish said... [Reply to comment]

උන්ට පඩි ගෙවන්නේත් අපේ සල්ලි වලින් කියලා අමතක වෙන්න ඇති මයේ හිතේ.., මම උඹ නම් ඔතන තත්ත්වේ බොහොම වෙනස් රවා.., කියන්න ඕනේ දේ ඒ වෙලාවේ කියන්නේ නැතුව ආපු එක ගැන මගේ බලවත් විරෝධය..

තනෝජා රාජපක්‍ෂ said... [Reply to comment]

උදේ ඇඩ්ම්ට් වෙච්ච ලෙඩා දවල්ට ගෙදර යන්න ඕනි කිව්වම තරහ එන එකනම් සාධාරණයි තමයි.. ඒත් එහෙම බනින්න අයිතියක් නැහැ.. ඔයා කියන විදියට එච්චරටම ලස්සන නම් අඩු ගානෙ පොඩි වචනයක් වත් කියලයි එන්න තිබ්බෙ මල්ලි ඔයාට...

මම ලොකු දූ හම්බවෙන්න ඉස්පිරිතාලෙට ඇතුල් වෙද්දි බැනුම් ඇහුවා.. කෑවා කියලා.. ඉතිං හත් දෙයියනේ මට දිවැස් තියේද මේ දවසෙ මේ වෙලාවට දරුවා ලැබෙනවා... ඔපරේට් කරන්න වුනොත් එහෙම.. ඔන්න ඔහේ මම නොකා ඉන්නවා කියල හිතන්න... ඊළඟට අමාරුවෙන් සිලි උරයක් හොයා ගෙන යන්න හැදුවා.. නර්ස් කෑ ගහනවා.. දැම්ම ගියාට වැඩක් නෑ.ත. ඕක ඇතුළට වෙලා උඩ බලාගෙන ඉන්න වෙයි.. තව ටිකක් ඉදල යන්න කියලා.. මගෙ අමාරුව එයායැ දන්නෙ.. අහළ පහළ හිටපු ගැහැණු අය මටයි පොඩි එකාටයි ඇඳුම් දෙකක් මගෙ බෑග් එකෙන් හොයාගෙන අර උරේට දැම්මා.... මම ඒකත් අරන් කඩාගෙන බිඳගෙන ලේබර් රූම් ගියා... වම් පැත්තට හැරිලා ඇලවෙන්න කියලා මිසී චෙක් කළා.. බයවෙලා ඇටෙන්ඩන්ට කෑ ගැහුවා... දරැව ඉන්න තැන හොද නෑ කියලා.. එයා අත් මේස් දා ගන්නත් කලින් ලොක්කියි.. තව ගොඩක් දේවලුයි එළියෙ.. ඔක්කොම එක පාර දැම්ම නේද කියල නර්ස්ට හිනා.. ඊට පස්සෙ දොස්තර මං ගැන හොඳ කියනවා.. අන්න එහෙම තමා.. දරැව ගැන හැඟීමක් තියෙන්න ඕන.. ආදරයක් තියෙන්න ඕන.. මේ දරැව ඉක්මනින් ගන්න ඕන කියල හිතන්න අනිත් අම්මල බලාන ඉන්නවා.. මට දැනුත් හිනා.. මට විනාඩි දහයකට විතර කලින් බැන්න අයමද මේ කියලා...

ඊළඟ පාරත් එහෙමමනෙ.. චූටි දූ හම්බවෙන්න ගියාම ඩොක්ටර්ට මාව චෙක් කරන්න උනෙත් නෑ.. වෙන හොස්පිට්ල් එකකින් දරුවෙකුත‍් එක්කම අම්මෙක් ගෙනාව.. අනිත් ළමයා තවම ඇතුළෙ... ඉතින් එයාල ඒ වැඩේට ගියා... මට අමාරුයි.. මිසී කෙනෙකුට කිවිවම අම්ම දැන්නෙ ආවෙ... ඩොක්ටර් බැලුවෙත් නැ නේද කිව්වා.. බැලුවෙ නෑ ඒ වුනාට මට යන්න ඕනි කියලා එදත් ගියා බලෙන්ම වගේ...

ඒත් මම එයාලට දොස් කියන්නෙ නෑ.. මට එදා ඒ විදියට එයාලගෙන් බැනුම් අහන්න ඉරණමේ ලියවිලා තියෙන්න ඇති  දිග වැඩිද මන්දා අනේ.......

රවා said... [Reply to comment]

@LishWish

ලිෂාන අයියා තරහා පිටකරගන්න බනින එක හොද නැහැ. දොස්තර කෙනෙක් මම පැයක් දෙකක් එතන ඉදලා එන කෙනා. නමුත් එ අක්කා එතන රස්සාව කරන්නෙ. මම එයාට බනින්න හොද නැහැ මොකද එ කෙල්ල එතන ඉදන් බැන බැන හරි ලෙඩ්ඩුන්ව බලනවා උදව් කරනවා

රවා said... [Reply to comment]

@තනෝජා රාජපක්‍ෂ
තනොජා අක්කෙ. දිග නැහැ බොහොම කෙටියි.
ඔයාට කරදරය වෙලා නැහැ දොස්තරලගෙන් :D:D:D:D

Chathura Wijekoon|චතුර විජේකෝන් said... [Reply to comment]

අද රටේ තත්වේ ඕක තමයි රවා. පොලිස් මහත්තුරුයි, අද්වකාත් මහත්තුරුයි, දොස්තර මහත්තුරුයි අතර ඒ හැටි වෙනසක් නෑ. උන් ඔක්කොම බලං ඉන්නෙ අපිව කන්න. මේ අතර උතුම් මිනිස්සුත් නැතුවා නොවේ... ඒත් හරිම අඩුයි. උන් හිතාන ඉන්නේ සියල්ල සිදු වෙන්න ඕනි උන්ට ඕනි විදිහට කියලා. මටත් මේ ගැන ලොකු කලකිරීමක් තියෙනවා සහෝ...

Lankapriya said... [Reply to comment]

හැමතැනම මුදල රජවෙලා. මනුස්සකම මුදලට ඉඩදීලා පස්ස දොරෙන් යන්න ගිහින්.. මිනිස්සුන් හදන්න ධර්මය දෙන්න තියෙන තැන වල ඉන්න උදවියත් මුදලටම යට වෙලා ඉන්න රටක එක අංශයක විතරක් දෙවි වරු ඉන්නේ කොහොමද ?

චතුවා (ළමයා) said... [Reply to comment]

හොරෙන් කිරි පැකට් එක තමන්ගෙ වියදමෙන් ලෙඩ්ඩුන්ට අරන්දෙන දොස්තර කෙනෙක් විදියට මම දන්න එකම කෙනෙක් ඉන්නවා. අක්කා කෙනෙක් මගේ. එයාගේ වියදමින්ම බෙහෙත් දෙන සායනයක් ගෙදරත් කරගෙන ගියා. දැන් නම් ඒක නෑ. ඔය රස්සාවෙදීම ඇති වුනු හිත් රිදීමක් නිසා ලඟදීම වි‍දේශගත වෙන්නයි ඉන්නෙ.

ඒ වුනාට ඔය රවා අයියා කියන විදියේ අය තමා දැන් වැඩිපුරම ඉන්නේ. වෛද්‍ය වුනාම මෙයාලා යන්නේ පොලොවේ පයගහලා නෙවෙයි..

සාතන් said... [Reply to comment]

ඔහොම උන් ඉන්නව... ඔක්කොටම කලින් උන්ව යවන්න ඕන මානසික රෝග වලට බෙහෙත් ගන්න...

පළවෙනි පාර‍ට ආවෙ... නිදහසේ කියවන්න ඕන.. දිගටම ලියන එකයි තියෙන්නෙ :)...

Kathandara said... [Reply to comment]

ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
නව අවුරුද්ද ජයවේවා පතමි මම

දාහක් හමාරක් තව ලිපි ලියවේවා
කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
සිංහල වියුණු අවකාශය බැබලේවා!

-කතන්දරකාරයා

කල්හාර දිසානායක said... [Reply to comment]

කාලකන්නි ........

මමත් අනන්තවත් ඔය වගේ අත්දැකීම්වලට මූණ දීලා තියනවා ......

ඕකට ඇත්තටම කරන්න පුලුවන් දෙයක් ඇත්තෙම නැද්ද ......

ඔහොම සිද්ධියක් උනාම නීත්‍යානුකූලව කරන්න පුලුවන් දෙයක් නැද්ද .......

හිම කුමාරි said... [Reply to comment]

ඔහොම කරන මිස්සුන්ටත් හරියනවනේ ඉතිං.. මොනාවුනත් කළකම් පලදෙනවමයි..
හැමෝම නොවෙන්න පුලුවන් ටික දෙනෙක් වුනත් මොකටද ඔහොම අයව තියාගන්නෙ කියන එකයි ගැටලුව..


අහම්බෙන් ගොඩවැදුනෙ..

කස්ටිය